Thursday 25 January 2018

හෙටත් මට ආදරේ දෙන්න






ඉර හැරුන මේ ගොම්මනේ
හමුවෙන්න එන්නෙම් මා අඩ අඳුරේ
ඔද්දල් වූ....දුක් දැරූ හිත ඔබේ
සනසන්නෙම් දී හාදූ පෙරහරක්

වැගිරූ කඳුළු උඩුගං යාවී
තැලුනු පොඩිවුනු දෑස දිලිසේවී
අවුල්වුන කෙහෙරැළ් සැඳෑ සුළඟේ පාවී
හැඟවුන අප පෙම අපමනැයි අපටම කියාවී





කඳුළු ගඟෙන් එතෙර වී
ඈත දිදුලන සෙනහසේ මිටියාවතට
හාදු කන්දක් අරන් ඉතින් ඔබ එන්න
ඔබම රිදවූ හිතට ඒ හාදු දෙන්න
වැටෙන කඳුළක් ගානෙ සෙනෙහෙ තවරන්න
අද වාගෙම
හෙටත් මට ආදරේ දෙන්න

27 comments:

  1. වෙලාවට අන්තිම පදේට 'අද වාගේම' කියල කෑල්ලක් තිබුනේ.. එතකං හිතට ආවේම මඩ කොමෙන්ට් :)))

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං..නෝ මඩ....හරිය...😂

      Delete
  2. thwath syndi ekk http://sithuwilisatahan.com

    ReplyDelete
  3. කව් ද අනේ ඔයාගේ හිත රිද්දුවේ...

    ReplyDelete
    Replies
    1. මගේ නෙවෙයි මෙයා...මම රිද්දුවලු නේ..එයැයිගේ.....!

      Delete
  4. හරිම ලස්සනයි Archi, මට මේක දැනුනෙ duet එකක් වගෙ.

    ReplyDelete
    Replies
    1. Duet එකක් උනාට කමක් නෑනේද...?

      Delete
    2. ප්‍රේක්ෂක අදහස් ලැබෙන්නෙ ෆයිනල් ප්‍රඩක්ට් එක නිසා දැන් අපිට තියෙන්නෙ රසවිඳින්න නෙ Archi. :) :)

      Delete
    3. හොඳමයි...රස වින්දනං මටයි ආඩම්බර...👍

      Delete
  5. සීයට දැන් සීයට අනූවක් විතර ලියවෙන්නෙම ආදරේ ගැන නේ?

    ReplyDelete
    Replies
    1. සෙල්ලක්කාර වයසනේ, ඒකයි... :)

      Delete
    2. සෑහෙන්න වයසයි. සෙල්ලං ගොඩයි

      Delete
    3. වෑසට යනකොට කොල්ල වෙනව කියන්නෙ නිකං යැ.

      Delete
    4. සීයා බබා මං හිටි නිවසේ..
      සෙල්ලමටයි හිත මුළු දවසේ..
      පාඩම් වැරදිලා මේ පාරත්..
      පන්තියේ අන්තිමයා.. :D :D

      ඔක්කොටම මුල මේ බෝනික්කෝ.. හැක් හැක්..

      Delete
    5. @ලොකු...සෙල්ලක්කාරකමට වයසක් නෑ නේද..?

      Delete
    6. @ප්‍රාජේ...සීයා එදා ඉඳන්ම ඉතින් ආදරේ ගැනනේ ලිව්වේ...නැද්ද හා...😂

      Delete
    7. @ ප්‍රසන්න මුදලාලී...කොල්ලොන්ටත් වෑසට යතෑකි ඉතින් ඕනීම නං...!

      Delete
  6. ඔය හාදු පෙරහැරේ අලි ඇත්තුත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. නෑ..මහබබයි මායි...😂

      Delete
    2. ලී කෙලි තියෙනෝ

      Delete
  7. ආදරෙයි හාදුයි පිරිලා ඉතිරිලා.

    ReplyDelete
    Replies
    1. ඉතිං හොඳයිනේ බං..මං නං හරි කැමතියි ඒම වෙනවට...!

      Delete
  8. පැනයයි පිලිතුරයි දෙකම එකම කවියේ තියෙනවා වගේ මටනම් තේරෙන්නේ....එරන්දි කිව්වා හරි කියලා තමා මටත් හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔබ හරි....ඊලඟ ප්‍රශ්නය ගන්නවද...😂

      Delete
    2. මම හරිනම් ඉතින් ආයෙ මොකටද ඉතින් තව පුරස්න ... හි හී

      Delete
    3. හප්පා ඒක නාකි විහිලුවක්...ඒකයි නොතේරුනේ...ඔයා හරි නෙවෙයිනේ..සඳවතී නේ...!

      Delete
  9. හෙටත් මට ආදරේ දෙන්න එයිද ඉතින්

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....