Gustav Klimt, Mother and Child |
කිරිකෝඩු හවඩි ඉඟ වට හැඩට
නුඹ සැරසුවා මව් දමා පංචායුධ ගෙල වටට
එනමුදු
මව් නිදිවැරූ යාමයන් එමට බැව්
නොදැන බෑඟිරි ගසනා මා පුතුනි
බිඳලනු කෙසේද
තනි මා,
තිඹිරි ගෙයින් පීදුන
ඒ ගතානුගතික ගෝත්‍රික වැට කඩොලු ගොන්නෙන්
මා පිය සබඳ වූ නුඹ මව්
එනමුදු
සෙව්වෙමි පීරා ගෝත්‍රය පුරා
ඔවුන් ළඟමය පිළිතුරත්.....!
මීදුම අස්සෙන් පිනි පිරුන මකුලුදැල් පාගාන
හිමිදිරි පාන්දර උඩකඳු බෑවුමෙන් ඒ මතුවෙන
කිරි අම්මාවරුන් පෙරහර
වඩින්නේ ම'පුතුනේ තුන්මහ පුරවන්නයි
තුන්මහකින්
ගෙයි මහ උලුවස්ස නොපැන්න පෙම්බර නුඹ මවගේ දෑසත්
කිරියා මුසු රසමසුවලින් පිරි තෙල්පහන් දහයක් දැල්වූ පැදුරත්
පාර කියන්නේ අප තිදෙනාටම
අලුත් ලෝකයකටමය ම'පුතුනේ....!
කිරිඅම්මාවරු අප අතැර පිටවෙන මොහොතේ මහ උලුවස්සෙන්
තුන්මස් හිරගෙය බිඳ දමමි මා මව් සෙනෙහසින්...!
ඈ අප........
ඔබගේත් මගේත්
මව් නිසාමැයි පුතුනේ...!
පිදුම - ලොකූටත් අංජුට සෙනෙහසින්
චෙෆෝ උබේ දරුවන් දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනව.
ReplyDelete🙏
ටික්කෝ, මටත් දරුවන් දෙන්නෙක් ඉන්නව තමා..ඒත් මේ ඒ දරුවන් ගැන නෙවෙයි...කොහොම උනත් සුබපැතුම ඔවුනට ලැබේවි..එයට ස්තුතියි...!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතුන් හතර පාරක් කියවන්න, එතකොට අන්කොයිල් වෙයි...😂
Deleteට්‍රිබියුට් ටු ඕල් මදර්ස්...
ReplyDeleteගම මතක් උනා... මහ දුරක් නෙමේ කොළඹින් කිලෝ මීරට් 8 යි..
හැබයි අපි පොඩි කාළේ පට්ට ගම...
කිලීමීටර් 8 මොකක්ද මාතේ...අරලියගහ මන්දිරෙත් තියෙන තැන කාලෙකදි ගමක් නෙව...අනික එතනත් හෙන ලිබරල් විදියට ඔය චාරිත්‍ර වාරිත්‍ර ඔය කරනව පෙන්නන්නේ...!
Deleteදෙහිවල සත්තු වත්ත "සත්තු වත්තක්" වෙන්න කලින් සත්තු හුවමාරු කරන තැනක් විදිහට පටන් ගත්තු තැනක්...
Deleteවතාවක් සත්තු වගයක් අරගෙන යන්න ඒ මධ්‍යස්ථානය කරන මනුස්සයා ගෝලයෝ සෙට් එකක් එක්ක කරත්ත වලින් කොළඹ වරාය දිහාට ගාලුපාර දිගේ ආවලු. ඒ වෙද්දී වෙලාව පාන්දර 05:30 ට විතර ඇතිලු... කොල්ලුපිටිය හන්දිය හරියේදී එක කරත්තයක් ඇදගෙන ආපු හරකෙක්ගේ ඇඟට කොටියෙක් පැන්නා කියල දෙහිවල සත්තු වත්තේ ආරම්භය ගැන ලියවුනු පොතේ තියෙනවා...
දැනුත් සත්තු නං ඉන්නව ඒ හරියේ සෑට...😂😂😂
Delete@ලොකු පුතා,
DeleteZoo Search in Ceylon (Sooriya Edotion) by Heinz Ranndow (1958 English, 1950 German)
ප්‍රශ්නෙකට තියෙන්නේ කාලය පැහැදිලි නැති එක. ඒත් හේගන්බෙක් ගේ සත්තු එකතු කරන ඔපරේශන් එක තිබුනේ 1920 ගණන්වල අග සිට 1939 දක්වා නිසා සිද්ධිය 1920 ගණන් කියලා හිතන්න පුලුවන්
ඒ කාලේනං ඔය නුගේගොඩ ඉඳන් ජුබිලිකනුව හංදියට එන හරියත් ගන කැලෑවලුනේ..කොටි නැතිවෙන්න විදියක් නෑ හිටං...
DeleteTribe of the milky mothers.
ReplyDeleteයේස් යේස් මයි ෆ්‍රෙන්ඩ්..😂
Deleteමේ ආදරණීය සිතුවිල්ල අපි දෙන්නා වෙත පිදීම ගැන ආදර ගෞරවනීය ස්තුතිය පුද කරනවා...
ReplyDeleteබොලා දෙන්න ඉතින් දරුවො වගේ වෙච්චි..ලොකු සීයා නෙව මං...!
Deleteහරි ම ලස්සන ලිවීමක් Archi. ඒ වගේම පිංතූරයත්.
ReplyDelete(හැබැයි ඔය "ගෝත්‍රික ගතානුගතික" ලංකාවේ චාරිත්‍ර වාර්ත්‍ර වල හරි අපුරු හේතු තියනවා. සමහර හේතු නවීණ විද්‍යාවෙන් ආයෙමත් සමාජගත වෙනවා. මට හිතෙන හැටි.)
මං ඉතිං නෑ කිව්වෙ නෑ නොව...😂
Deleteඔයවගේ එව්වා නං ඉතිං සාධාරනයි.හිත් හයිය කරගන්න නෙව ඔය දාන දෙන්නේ...ඒත් ඒ චාරිත්‍ර වල හැබෑ අගය දැන් යටගිහින්...!
ඒක ඇත්ත Archi
Deleteඅපූරුයි.. මාස තුනක් එතකොට නෙහ්.. තුන පහ වෙච්චි බව මම දන ගත්තෙත් ඊයේ පෙරේද.. වෙලාවක යන්නොනි කට්ටියම බලල එන්න.. :)
ReplyDeleteතවම මාස 3 ක් නැතෝ...
Deleteමේ ඉදිරිය බලා ලියවෙච්ච එකක්...
හපොයි ඔව්..!!!
Deleteහෆොයි මෙහෙම සීයා ලා.. :)
Deleteලොකු සීයා නිසා හෑව් ඉමියුනිටි..සෝ නෝ ඉශූස්...😂
Delete+++++
ReplyDeleteතැන්කූ ආවාට....වැටවල් ගහලා මදි මෙයා..මොනා හරි කුරුටු ගාලාම ගියානං තමා අගේ...නැද්ද..!
Deleteඅගෙයි.
ReplyDelete😂👍
Deleteඅනේ පව්...
ReplyDeleteපව් නෑ....පින්...😂
Deleteපින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ
Deleteමගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා තූඩු තනාලා
කොලේ කොලේ දමා කුඩා නිවස තනන්නේ
මගේ දයා බිරිද නිතර එය සරසන්නේ
රැලේ රැලේ පුඵන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
මෙදා මගේ නිවස ඇතා සතුට වඩාලා
උදාරවූ කිරිල්ලගේ දරුවෝ පිරීලා
එදා අනේ අපට ගලෙන් ගැසුව සියල්ලා
වැදා කියමි මගේ පුතුන් හෙම නොමරල්ලා
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැක ගන්ටා
සමා යදිමි දෙන්න පුතේ මෙතෙන රැදෙන්ටා.....
This comment has been removed by the author.
ReplyDeleteකිරි අම්මාවරු දනට වඩිනවා
Deleteකිරි සුවඳයි මුළු ගම්මානේ .........
අම්මා ඇයි ඒ දැනට නොයන්නේ ......
නොඅසන් පුතණුවනේ......
මා ....... සිත රිදෙන නිසා ....
විචාරක දියණිය
සබන් දෙන්නද?
Deleteමේක නම් මරු... පට්ට
ReplyDeleteහරිම ලස්සනයි chef-architect .
ReplyDelete