Friday 12 January 2018

මියැදුන ප්‍රේමය



Love is Dead by MB Henriksen

උපන්ගෙයි මියගිය
අප පෙම 
මිහිදන් කල සොහොනෙන්
 පිපිදුන මිනී මල
එබෙමින් පාලු පඳුරු අතරින් අරලිය
එළිය දෙන විට 
මේ හීතල සුසානයට
ඔබ සියුමැලි දෙතොලේ උණුසුම් මතකයන්
හාදු දේ 
මහද මල් වඩමට





39 comments:

  1. ඔන්න කාලෙකට පස්සෙ දැනෙන යමක් ලියල.

    ReplyDelete
    Replies
    1. පල පල යන්න.....!

      තැන්කූ ඒ උනාට...!

      :)

      Delete
  2. මේ කවිය තියුණු අවියක් වගේ Archi... මාරයි

    ReplyDelete
    Replies
    1. ඊට වඩා අවිහිංසක සිතිවිල්ලක් කියලා හිතාන අකුරු කලේ...කොහොමද අප්පා තියුනු අවියක් උනේ....!

      Delete
    2. නෑ නෑ මට කියන්න ඕනෙ උනෙ "so strong" කියන එක. ඒත් ඒකට හරිම වචනෙ මට ආවේ නැ

      Delete
    3. ඉතිං එහෙම කියන්නෙපැයි...😂

      Delete
  3. Replies
    1. මරු නම් මරු...😂
      තැන්කූ..!

      Delete
  4. මල් වඩම්
    කුමටද පෙම්වත
    පිපුනේ සොහොන් බිමක උනත්
    මිනී මලෙන් ලැබුනු
    දෙතොල් පහස මියැදුනේ නැ තවම....

    ReplyDelete
    Replies
    1. මේ තවත් මානයක්..ඒකත් මරු තමා...මං ලිව්වෙ වෙන දෙයක්නේ අප්පා....😂

      Delete
    2. චෙෆාකි, වෙනස් වෙනස් මාන වලට යන එක නේන්නම් ප්‍රේමයේ සුන්දරත්වය... :)

      Delete
    3. ඒකනේ එහි මිහිරත්වයත්...

      Delete
    4. මොකේද චෙෆාකි... මියැදුනු ප්‍රේමයේද.. මේකනේ චෙෆාකි.. දැන් ඔය හාදු දීලා උණුසුම් වෙන දෙතොල් සීතල වෙන එකනේ ප්‍රශ්නය.. මේ කාලේ මෙහෙ ආව නම් ඒක වෙන්නේ නැ... summer නේ... :D :D

      Delete
    5. 😂😂😂😂..46 සෙල්සියස් නේ....!

      Delete
    6. :O මට දැනුනේ නෑනේ ඒ තරම් උණුසුමක්...

      Delete
    7. තව ලංවෙලා බලන්නකෝ උනුසුමේ තරම...😀

      Delete
    8. අපොයි බැහැ... ලන් වෙලා පිච්චුනු අය හැම තැනම...:) :)

      චෙෆාකිට කියවන්න ලැබෙන්න නැතුව ඇති මම කියෙව්ව කොහේ හරි මේ සැරේ summer එකට මිනිස්සු බීච් යන එක අඩු වෙලා වැඩියෙන් shopping mole ඇතුලේ ඉන්න පෙළබිලා කියලා... කොහේ උනත් ආරක්ෂාකාරීව ඉන්න එකනේ වැදගත්,එහෙම නේද...

      Delete
  5. අමුතුම ගතියක් තියෙනවා මේකෙ නම්

    ReplyDelete
    Replies
    1. හැලපෙත් කිව්වෙ එහෙම තමා..යටිපෙල තේරුං ගන්නේ නෑනේ බං එකෙක්වත්...හයියෝ...!
      බූට් කේස් එකක් නෙවීනේ මේ...!

      Delete
  6. You cannot say that because there was no tangible thing to put into rest....when something vanishes at the very begining of the inception, this is how you feel my friend...!

    ReplyDelete
  7. ෆැන්ටා ඔරෙන්ජ්!!!!!!!!!! මේකට නම් පිස්සු හැදුනා මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. බටර් නයිෆ් එකෙන් ලිවර් එකට ඇන්නා වගේ. ලේ එන්නැති වුනාට රිදෙනවා.. සත්තයි!!

      Delete
    2. ෆ්‍රාන් ලා වැඩි උනාමත්, බාධක වැඩිවෙන තරමටත්, ප්‍රේමය මනරම් නේ මචෝ...මිහිරිතම වේදනාව නෙව ඉතිං ආදරේ...!!!

      Delete
  8. ඔබේ හඳ මල් වඬමට
    නොමියෙන පෙමක හාදු වැහි
    වහින්නට නොනැවති
    පතමි අාසිරි.........

    ReplyDelete
    Replies
    1. සුදු සමනලී....ඔබටත් එසේම වේවා...!

      Delete
  9. තොල් පෙති ගාවලා බලමුද
    හිත හදුනනවද කියලා..
    මුහුණ බලාගෙන හිදිමුද
    අපි හදුනනනවද කියලා..
    අතගැලි අල්ලං ගනිමුද
    අපි හමුවෙනවද කියලා.....

    https://www.youtube.com/watch?v=WmosD-wpENk

    ReplyDelete
    Replies
    1. මේ තා එකක්

      ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
      හද දියව ගලා යයී රැළි ලමින් සැලි සැලී
      මෙවන් සුව පෙර නොවිදී තුන් සිතම සලිත වේ
      සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.

      ඒත් දුකට කරුණ නම් විකී හිරේට ගත්ත හාමිනේ ආන්ඩුවෙන් හිරේ දාලා...

      මේකද යකෝ යහපාලනේ කියන්නේ

      Delete
    2. ඔයා එක්ක බෑ මෙයා...!

      Delete
    3. ඔය පෙම්බර හිත මගෙම වෙන්න...(ගොරෝසු කටහඬකින්)..😂 👍

      Delete
  10. මල් වඩම් අනවශ්‍යයි.

    ReplyDelete
  11. පාළු සුසානේ ප්‍රේම පුරාණේ
    කඳුළු විලාපේ මා තමයි
    අප දෙදෙනාගේ එදා සෙනේ
    සැමරුම් කිසිදා මැකී නොයේ ..........
    මට අමතක් නෑ
    ඔබට මතක නෑ...........
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. "https://www.youtube.com/watch?v=KTZ3CjICtsg">පාළු සුසානේ ප්‍රේම පුරාණේ

      https://www.youtube.com/watch?v=aNEX3fopDzU ඇරඹුමම කඳුලක් වෙලා...

      Delete
    2. සැබෑ ප්‍රේමයක් එසේ මියයා යුතුද...එය එසේ විය හැකිද..? එහෙමත් කියනවනේ ඒ අස්සෙ...බලපං අරූ...!!!

      Delete
  12. සුසානෙක උනත් සෙනෙහසින් මලගිය
    අනන්තෙට එහා හරි සීරුවට දුරගිය
    හිතේ ගැඹුරුම තැනක රහසේම යටගිය
    ඔබේ ප්‍රේමයට මතු මතුත් පිපේවා රතු අරලිය....


    ගඟක් වුව ලස්සන තියෙන
    විටදී අතරමඟ විසල් ගල්පර
    පෙමක් නම් ඉතින් ඒ
    හැටිම ළෙංගතු සිත
    නොවක් බදා ඇවිත්
    විසුණු කෙරුවද ලය
    පවක් වෙන්නෑ තියා
    ගත්තාට හිතටම කර...

    ReplyDelete
    Replies
    1. යටිපෙල තේරුනායයි කියා සිතා දමන ලද කමෙන්ටුවකි...අනේ මන්දා ඉතින් ...

      Delete
    2. ඉස්සෙල්ලාම ඔය දරුවට සුබපැතුම් රුහුනු විශ්ව විද්‍යාලයෙන් ලැබුන කෙටිකතා සහ ගී පද සම්මාන යුගලයට...!

      ඔය යටිපෙලවල් නිකං පඩි පෙලවල් වගේ..උඩට පහලට ගමන් කරතෑකි..ඒ නිසා ඉතිං අනේ මන්දා තමා...!

      පව් පින් බලලා ආදරේ කරන්න තරං කාලයක් අපිට ඉතුරුවෙලා නැති කම තමා දරා ගන්න බැරි.. !

      ඔය දරුවගේ කවිය හැඩයි හැමදාම වගේ...!

      Delete
    3. සුබ පැතුමට ස්තූතියි ලොකු පුතේ... ආ ... නෑ ...ලොකු තාත්තේ ...හි හී

      ඔය ඉතින් ලියපු කෙනාමත් කියනවනම් අනේ මන්දා කියල මේ කමෙන්ට් කරන අසරණ අපි පවි

      කාලය කියන්නේ ඉතින් නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ... ඒ නිසා කාලයටම ඉඩදීල බලා නොසිටිනු..

      මේ කවියක් වගේ එකට ලස්සනයි කිව්වට ස්තූතියි

      Delete
    4. ඔබගේ අවවාදය පිළිගත්තෙමි...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....