Friday 8 December 2017

පෙරදා මහ රෑ..



Painting by Marta Nael















හඳ උනත්
හෙමිහිට
එබෙමින්
ඝන වළා
අතරින්
අනේ හරියට
ඔච්චම් කලා
අපි ආදරෙන්
වෙලෙන කොට...

තරු මැද්දෙ උන්නට
ඔබ දෙතොල්
සිඹින විට
මා දෙතොල්
හදපුරා ඉතිරුණ
සෙනෙහසින්
නෙත් කොණින්
මං දැක්කා
හඳත්
රතු උනා
විළියෙන්...


ඒ තැබු
සොඳුරුම
හාදු පොදි
තාම මං රකිනවා
ආදරෙන්
හරි ආදරෙන්
ඔව්

ඔබ නමින්....

19 comments:

  1. සිහිනෙන් ගෑ සුවඳක්සේ
    සිහින් හැඟුමක් ඉතිරිකර
    උදැසන ඇස් හැරි විට
    ඔබ යන්න ගිහින්...

    සරත් ලංකාප්‍රිය

    ReplyDelete
    Replies
    1. මල් පෙති අග පිනි කඳුලක්‌ රඳවා
      සුසුමක්‌ වාගේ ඉන් පිටවී
      ඔබගෙන් වෙන් වෙන්නම්
      අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
      ඔබගෙන් වෙන් වී මම යන්නම්....

      - සේකර -

      Delete
  2. ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
    හද දියව ගලා යයී රැළි ලමින් සැලි සැලී
    මෙවන් සුව පෙර නොවිදී තුන් සිතම සලිත වේ
    සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...

    ReplyDelete
    Replies
    1. නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
      මද පවන් රැළි නැගී සැලෙන විට කැළඹිලා
      මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
      සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

      Delete
  3. දැන් රැල්ල සින්දු කමෙන්ට් කරන එකද ...? ඊස් ඇට් දහ අතේ කල්පනා කරමින්... සින්දුවක් මතක් කරගෙන ආයෙ එන්නම්

    ReplyDelete
    Replies
    1. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
      වළා රොදක සැඟවිලා
      අපේ මියුරු පෙම් කතා
      අසා... සිටිනවා
      අසා... සිටිනවා

      Delete
    2. හම්මේ රැල්ල කිව්වම බයේ බෑ සහෝදරී...😉

      "කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ හැපී

      කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි

      නිවාලන්න මා ඔබේ සිසිලසින්"

      Delete
  4. හංගගෙන ඔය
    රකින හාදු පොඩි
    වේයො කාවො
    කාවි
    හොරෙන්.

    ReplyDelete
    Replies
    1. එව්වට බේත් තියෙනව..!!

      Delete
  5. සඳක් හිනා හඬ නගන්නෙ නිතර මුකුළු වෙමින්
    ඉඩක් ලැබුණු විට විඳිනෙමි සුන්දර ඔය පෙමින්
    රැයක් පුරා මතක සිහින සිහිවෙයි නුඹ නමින්
    හෙටක් උදාවූ විට මම එන්නෙමි පියඹමින්......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ හෙට හරි ඈතයි දුමී....!!

      Delete
  6. ඔබ සුසුස්ම් පවන් සලයි
    මගේ කොපුල් පුරා වෙලෙයි
    ඔබේ සෙනෙහස ගොඩගලයි
    උණුසුමට මාව තෙමෙයි
    විචාරක දියණිය

    ReplyDelete
  7. දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
    යෞවනේ අපට විය විරහී හද ගිලන් වෙලා

    ගහ කොළද මල් පිපේ
    ඇල දොල නිල කඩා හැලේ
    පෙර දාක මිරිගු සයුරේ
    ඒ රුවට රැවටුනේ

    නන්නාඳුනන ලෙසේ
    මග තොට යලිත් හමු වෙලා
    මහ මෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා

    *********************************************

    ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්
    සිරියහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ
    මම සස්වාමිකයි ස්වාමි..

    මල් මකරන්ද දෝතට අරන්
    නෙතේ කදුලැලි දරන්
    මම මඟ බලා සිටියා...

    නෙතු ඝණදුරට තරුවක් වෙලා ඔබ ‍එතැයි සිතා...
    සිල් බිදලන්න නොහැකි නිසා මම මග බලා සිටියා...

    මේඝ දුක් හද රැදුනා සඳ එළිය නිවුනා
    අඳුර මැද තනිවී පහන් දොරකට
    සවන් දොර හැරුනා
    තරු ඇසත් පිපුණා...
    සඳ ලබන්නී මා... සරා සඳ ලඟ මා...

    ********************************************************


    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා...

    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා...

    සීත පිනි වඳුල සඟවන් මෝදූ වී නිශා නුබ ගැබ අඳුර මකාවා
    නීල විල් දියේ උපදින කොඳ මලක සුමුදු ජලපෙති කොපුල් තලවා
    අරැණු දොරකඩින් නැගඑන උදා හිරැ කිරණ හදවත පුබුදු කරාවා
    නොබා කරළියට දිවයන හදට පණ පොවන උල්පත නුඹේ සිනාවා...

    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා...

    ****************

    තව මතක් උනොත් දාන්නම්....

    ReplyDelete
  8. අයියෝ මොනාද අප්පා..!! දෙයක් කිව්වහම තේරුම් ගන්නකෝ..!! හැමදාම නොතේරෙන කවි ලියල අපේ මොළ කන්නෙ? ලියහනකෝ හදපු කෑමක් හරි දාපන්කො හදපු ලොකු බිල්ඩිමක පින්තූර ටිකක් විස්තරයක් එක්ක. අපිට ඕන විදිහට වැඩ නොකලොත් ලබන සැරේ සම්මාන දෙන එකෙන් හලනව හරිය.
    🙃

    ReplyDelete
  9. මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    දුන්නෙ කිස් එකයි හැබැයි ඒක මුල් එකයි
    මං දුන්නා තව එකක් දැන් දෙකයි

    එපා යන්න- තවත් දෙන්න
    ඇඟේ ඇලි ඇලි ඈ යලි යලි පවසයි...
    එපා යන්න- තවත් දෙන්න
    ඇඟේ ඇලි ඇලි ඈ යලි යලි පවසයි...

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....