Bindhi by skamal nath |
හිරු
හෙට උදෑනැක්කේ
කොට්ටං ගහ අහලින්
එබිකං කොරාවි
මට
ගිය පාලොස්වකේ ඔච්චං කර පැනගිය
හඳ
හීං බෝවිටියා පඳුරු අස්සෙන් නියපොත්තක් මෙන් එබේවි ඊලඟ
පෝයට
අව්කූටෙන් බැට කෑ පොල් රුප්පාවෙන් මතුවෙන
රෑ තරු
කඩාවි ඇඟමැලි අහසේ හැම රෑකම
එනමුදු
අද හැන්දෑකරේ
කඩමන්ඩියේදී
ඇස ගැටුනු ඒ නලලේ ඇඳි
රතු තිලකය
හිමි නැති බැව්
දැනුනේ ඇයි
මට...!!
බින්දි..... හරි අපූරු නම... මේ නම දැක්ක ගමන් මට මතක් වෙන්නේ අර අභිමාන් එකේ සින්දුව... තෙරේ බින්දියාරේ....
ReplyDeletehttps://www.youtube.com/watch?v=hEyu3-V2qLc
sajan, bi.ndiyaa le legii terii ni.ndiyaa
Deleteමලක් උනේ ඇයි ඔබ මට
ReplyDeleteජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...
-බන්දු-
සමරසිංහ නෙවීනේ...ඉඳපිය ..හම්බෙයන්කෝ...!!
Delete:)
තුරුළේ වෙලී ඔහු හා යන අතර තුරේ
ReplyDeleteනළලේ තිලකෙ ඇගෙ ආඩම්බරෙන් පිරේ
ඇඟලේ වතුර වී දෙදෙනා දුටු අතරේ
කඳුලේ කතාවක් නොකියනු මා මිතුරේ......:)
ජයවේවා!!!
කවි කං හිරවෙලා කිව්වට ඔය තියෙන්නෙ දුමී...:)
Deleteබින්දි නං බ්ලොග් පැත්තෙ එන්නෙම නෑ. චාන්දි නං පෝයට එනවා... හැක්
ReplyDeleteඇයි තරු..එයාත් මේ දවස්වල වැහි නිසා නෑ...!!
Deleteමගේ පුංචි රෝස මලේ .... මමයි නුඹේ වියපත් බඹරා...නුඹ හීනෙන් වත් නොපතන කුමරා.....නුඹ හීනෙන් වත් නොපතන කුමරා.....!!!!
ReplyDeleteසරත් ලංකාප්‍රිය
මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවනං
Deleteආසයි මං කවුළු පියන් ඇරලා තියන්න..
තරහක් නෑ නෑවිත් ඉන්න...!!!
"හිමි" නැති නම් ඩේන්ජර් එක 50% කින් අඩුයිනෙ
ReplyDeleteඒ උනාට ෆුලි ඉන්ශුවර්ඩ් නේ...සෝ නෝ ඩේන්ජර්...!
Delete:)
එයාට හිමියෙක් නැතිවුනාට ඉතින් ......
Deleteකමක් නෑ, කන්ඩෙම් වුනත්.
තිලකෙ රතු හින්ද.
ReplyDeleteමීට පස්සෙ තිලකෙට කලු වෙන්න කියන්න. හැක්..
තිලකේ කලුනේ බං...පව් ඌ...!
Deleteඅයියේ ඔය කමල් නාත්ගෙ පේන්ටින් එකක් නේද.
ReplyDeleteඅයියා බීලද හිටියෙ නම ලියනකොට.
ඇයි අර skamal nath කියල ලියල තියෙන්නෙ
Skamal nath නේද නම පේන්ටර්ගේ...මමත් හිතුව ඇයි මේ කියලා...ආයෙත් බලන්නං...!
Deletehttps://fineartamerica.com/featured/bindi-skamal-nath.html
Deleteමෙන්න මෙතනින් ගත්තේ...SKamal Nath තමයි වෙබ්පේජ් එකේ හැටියට...😂😂😂
සමහරවිට වෙබ්පේජ් එකට ඩෝප් වෙන්නැති...😂😂
සොරි අයියා .
Deleteමම හිතුවෙ මෙන්න මූ කියල.
https://www.artflute.com/artists/view/kamal-nath
කමල් නාත් තමයි.. s සයිලන්ට්.. හැක්. ;)
Deleteනෝ වොරීස් ඇනෝ....!!
Delete@කමී...ඒව නං අපි නොදනී...!!!
බින්දී කියුවම මං හිතුවේ අර බ්ලොග් එක ලියපු ළමයායි කියල.. බැලින්නම් මේ තව පටලැවිල්ලක් නේ.. :)))))
ReplyDeleteමුලින්ම පර්දාව හිමි නැති උනා.. දැන් රතු තිලකයත් හිමි නැද්ද? (ඒ අර්ථයෙන්) අපොයි අපේ කොල්ලොන්ට ඔප්ෂන් ඇත්තෙම නැති වෙනවා ඉස්සරහට..
ඒ උනාට මේ අංකල් ට නම් මේ වෙන ප්‍රශ්ණයක් වෙන්ටෝනි.. හැක්.
කවිය මිස කවියා නොකියවන්න....!!
Deleteඑහෙම හොඳයි නේද අංකල්...!
අන්තිම පේළි දෙක තුනට එනකල් තේරුනා...
ReplyDeleteඒ මදැයි..!!
Deleteඔහොම යං...!
තිලකෙ ඇයි රතු
ReplyDeleteහොයල බලන්න ඕනි....!
Deleteහොයාගත්තොත් කියන්නං..!!