Tuesday 31 October 2017

ධීවරී

















ඊයේ හවහා වැල්ලේ පිපුන
වැටකෙයියා මල් ගාලම
ලැජ්ජ හිතිලා අහක බැලුවෙ
කොණ්ඩේ පුරා විසේ කරපු
සිප්පි කටුවේ හැඩ නොබලම
වැලි නාගෙන මා නලවන
කළුමිටි ඔය ඇඟ දැකලද..

විසේකාර කළුමිටි ඔබෙ
අනඟ රැගුම් සිහිනෙන් විත්
දෙකකුල් මැද හිරකරාන
නිදාගන්නේ කොහොමෙයි මං
ඒ හින්දම ඇඟපුරාම 
ගෑවුන වැලි තාමත් නැහැ පිස දැමුවේ..

හිරි අරින්න ගත පුරාම
අරන් එන්න පාන්දරම
කරිජ්ජ සුවඳෙන් ඉපිලෙන
මිටි කළු ඇඟ මහමූදෙන්...

25 comments:

  1. කොට මොඩල්‍ ය
    ළඟ පිකප්‍ ය
    වැලි අහුවුනොතින්
    හුටස් ය

    ReplyDelete
    Replies
    1. පිහිදාන්නැත්තේ ඒ හින්දය...!
      :)

      Delete
  2. තාමත් ඉන්නෙ වැලි පිටින්ද?

    ReplyDelete
    Replies
    1. පිහ දදා ඉන්නේ..ඇයි ....!!!!

      Delete
  3. වැටකෙයිය ගාල් අස්සෙ රිංගන්න ගියාම ඔහොම තමයි. හැක්..

    ReplyDelete
  4. හායි චෙෆාකි
    හැපි හලෝවීන් !

    ReplyDelete
  5. තාම ඉන්නෙ කෝට්ටෙගොඩ වගේ. කොළඹ එද්දී වැලි පිහිදාන් එන්න.

    ReplyDelete
  6. කවුරු හරි හොඳට හිතල මතල තමයි ඔහෙට 'නිල්වැල්ල' කියල නම දාල තියෙන්නේ.. :))))

    ReplyDelete
    Replies
    1. මම එවපු පනිවිඩේ හම්බුනැයි....?


      වැල කියනවට නිල්-වැල්ල හොඳා....:)

      Delete
    2. වට් පණිවුඩයක්? එහෙම එකක් හම්බ උනේ නෑ නොවැ.. :/

      Delete
    3. යේක මම තමයි එව්වේ අප්පා...

      Delete
  7. ධීවරී කියන්නේ ධීවරයගේ ගැහැනියටද නැත්තන් මාළු අල්ලන ගැහැනියටද

    ReplyDelete
    Replies
    1. මාළු අල්ලන ගැහැනියට....!

      Delete
  8. පවනෙ වැදිලා සුසුම් යාවෙන අහින්සකවූ ආදරී
    නැහැනෙ සැනසුම අරුණ එනතුරු සිහින නොදකින ආදරී
    පිරුනෙ ඔලුවම අවුල් වීලා බැලූ විට මේ ධීවරී
    බැහැනෙ පිළිතුර ලියාගන්නට කවිය අනගියි ධීවරී...

    ජයවේවා!!!

    ReplyDelete
  9. මේ සන්ස්කෘත කියවලා ඔලුව කොලොප්පන් කර ගන්න එක පැත්තකින් තියලා. මේ වේලෙන බ්ලොගය අප්ඩේට් වීම ගැන සතුටු වෙන්න හිතුවා.

    ReplyDelete
    Replies
    1. ආ....ඔලුවකුත් තියෙනවනේ....!!අනේ පරිස්සමින්..!!

      කොලොප්පන් කරගන්න එක සෞඛ්‍යයට අහිතකරයි කියලා කොහේද කව්ද කියල තියෙනව දැක්කා...!!
      :)
      :)

      Delete
  10. අනේ මන්දා...
    තේරුන්ගන්ට බැරියෝ ....
    මීයා වැලි කන සීන් එකක්ද ...??

    ReplyDelete
    Replies
    1. නෑ මෙයා..වැලි කොස් ඇට සීන් එකක්...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....