ඊයේ හවහා වැල්ලේ පිපුන
වැටකෙයියා මල් ගාලම
ලැජ්ජ හිතිලා අහක බැලුවෙ
කොණ්ඩේ පුරා විසේ කරපු
සිප්පි කටුවේ හැඩ නොබලම
වැලි නාගෙන මා නලවන
කළුමිටි ඔය ඇඟ දැකලද..
විසේකාර කළුමිටි ඔබෙ
අනඟ රැගුම් සිහිනෙන් විත්
දෙකකුල් මැද හිරකරාන
නිදාගන්නේ කොහොමෙයි මං
ඒ හින්දම ඇඟපුරාම
ගෑවුන වැලි තාමත් නැහැ පිස දැමුවේ..
හිරි අරින්න ගත පුරාම
අරන් එන්න පාන්දරම
කරිජ්ජ සුවඳෙන් ඉපිලෙන
මිටි කළු ඇඟ මහමූදෙන්...
අරන් එන්න පාන්දරම
කරිජ්ජ සුවඳෙන් ඉපිලෙන
මිටි කළු ඇඟ මහමූදෙන්...
කොට මොඩල් ය
ReplyDeleteළඟ පිකප් ය
වැලි අහුවුනොතින්
හුටස් ය
පිහිදාන්නැත්තේ ඒ හින්දය...!
Delete:)
තාමත් ඉන්නෙ වැලි පිටින්ද?
ReplyDeleteපිහ දදා ඉන්නේ..ඇයි ....!!!!
Deleteවැටකෙයිය ගාල් අස්සෙ රිංගන්න ගියාම ඔහොම තමයි. හැක්..
ReplyDeleteහදන්න බෑ මෙයා....!
Deleteහායි චෙෆාකි
ReplyDeleteහැපි හලෝවීන් !
same to you my friend....!
Deleteතාම ඉන්නෙ කෝට්ටෙගොඩ වගේ. කොළඹ එද්දී වැලි පිහිදාන් එන්න.
ReplyDeleteකවුරු හරි හොඳට හිතල මතල තමයි ඔහෙට 'නිල්වැල්ල' කියල නම දාල තියෙන්නේ.. :))))
ReplyDeleteමම එවපු පනිවිඩේ හම්බුනැයි....?
Deleteවැල කියනවට නිල්-වැල්ල හොඳා....:)
වට් පණිවුඩයක්? එහෙම එකක් හම්බ උනේ නෑ නොවැ.. :/
Deleteයේක මම තමයි එව්වේ අප්පා...
Deleteධීවරී කියන්නේ ධීවරයගේ ගැහැනියටද නැත්තන් මාළු අල්ලන ගැහැනියටද
ReplyDeleteමාළු අල්ලන ගැහැනියට....!
DeleteGood catch?
ReplyDeleteAs always....!!!
Delete:)
++++++++++++++
ReplyDeleteතඩි වැටක්.....!!
Deleteපවනෙ වැදිලා සුසුම් යාවෙන අහින්සකවූ ආදරී
ReplyDeleteනැහැනෙ සැනසුම අරුණ එනතුරු සිහින නොදකින ආදරී
පිරුනෙ ඔලුවම අවුල් වීලා බැලූ විට මේ ධීවරී
බැහැනෙ පිළිතුර ලියාගන්නට කවිය අනගියි ධීවරී...
ජයවේවා!!!
Welcone back Dhumi....!
Deleteමේ සන්ස්කෘත කියවලා ඔලුව කොලොප්පන් කර ගන්න එක පැත්තකින් තියලා. මේ වේලෙන බ්ලොගය අප්ඩේට් වීම ගැන සතුටු වෙන්න හිතුවා.
ReplyDeleteආ....ඔලුවකුත් තියෙනවනේ....!!අනේ පරිස්සමින්..!!
Deleteකොලොප්පන් කරගන්න එක සෞඛ්‍යයට අහිතකරයි කියලා කොහේද කව්ද කියල තියෙනව දැක්කා...!!
:)
:)
අනේ මන්දා...
ReplyDeleteතේරුන්ගන්ට බැරියෝ ....
මීයා වැලි කන සීන් එකක්ද ...??
නෑ මෙයා..වැලි කොස් ඇට සීන් එකක්...!
Delete