www.reddit.com |
ඇයි ඇය මෙතරම්ම නපුරු
උනේ මා හට ?
පල වැල නෙලා, උහා පිහා බඩ ගින්දර නැසූ වරදටද
සලු පිළි ආභරණ යාන
වාහන හිසට සෙවනක් දුන් වරදටද
ඇයි ඇය මෙතරම්ම නපුරු
උනේ මා හට ?
මා සක්විති රජ කරවා
ඔබ මව් බිසව් තනතුරද
පැතුවේ
අග මෙහෙසියක් කිරුළට
හිමි කුමරෙක් එක්ටැම් ගෙයි කුමරියක්
ඉවසන්න බැරිවද, සැබෑ නොවෙන්නේද සිහිනේ
ඔහුගේ ලෙයින් කලලය
දස මස කුස දරා
ඔබගේ ලෙයින් ඉනූ
කුස පිරූ සෙනෙහස
සල්ලිය බාගයටම
තීන්දු කලේ
හෑල්ලු කලේ
ඔබමයි
↓
↓
↓
↓
↓
මව් බිසවුනි
නිමිත්ත:
මගේ නිර්මාන ශක්තියේ තියෙන දුර්වලතාවය කොපමනද යත්, මටවත් තේරෙන්නේ නැහැ ආයිබොවං මේකේ තේරුම...
අම්මලා ගැන ගුන ගායනා විතරද කරන්න පුලුවන් කියලයි මේ බැලුවේ...
මගේ නිර්මාන ශක්තියේ තියෙන දුර්වලතාවය කොපමනද යත්, මටවත් තේරෙන්නේ නැහැ ආයිබොවං මේකේ තේරුම...
අම්මලා ගැන ගුන ගායනා විතරද කරන්න පුලුවන් කියලයි මේ බැලුවේ...
සමාවෙන්න ඕන හිත් රිදුනානම්...
මොකද්ද මේ ..... කියන්නේ...
ReplyDelete(ඊ්ස් ඇට් නොතේරුම් කමට ඔළුව කසන ගමන්)
තෝරා දෙනුමැන හිතවත චෙප්...
ලමයි දරුකමට විකුණන එකද?
ReplyDeleteකියවලා.. කියවලා.. කියවලා..
ReplyDeleteබැරිම තැන..බලා ඉන්නවා
කවුරු හරි තේරුම කියා දෙනකං..
පිය රජ චෙෆාකී තුමණි.. :)
අග,මුල ගලපගැනීමට නොහැකිව විස්සෝපයට පත් මා -
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමී මැසි රැජිනියේ
ReplyDeleteඋඹට කල වාල් කම්
මදි වෙලාදෝ
නිදි යහනටත්
මා වැද්ද ගත්තේ
සයනයේ නුඹගේ රති රඟා
මා ළඟ නැහැනේ තන්හා
කිමදී වී මේ නුඹ මරඟනා
තවම නැහැනේ අප රඟා
මරපන් ඉතින් මා
දුකක් නැහැ ඉතින්
උඹමයි රැජින සදා
අපි නුඹේ වාලුන්
මරණය පෙනී පෙනී
රති කෙලියේ
නැත සැපක්
කමක් නැහැ
මරාපන් ඉතින්
අනේ
මොහොතක් ඉඳින් තව
සුව උපරිමය
ලබන්නන්ට
මියැදෙන්නට
මොහොතකට පෙර
මේ කතාව හරි නේද චෙෆාකි?
අනේ විසි විදියකින් විතර හිතල බැලුවා ගැලපෙන එකක් සෙට් උන් නෑ....
ReplyDeleteහිතන්න ලියපු කවිය මනරම් චෙෆ්
ජ ය වේ වා !!!
අවුලක් නෑ... මේකත් කියවහන් මචෝ.. කාළෙකට් ක්ලින් ලීවක්...
ReplyDeletehttp://maathalan.blogspot.com/2011/12/mom.html
This comment has been removed by the author.
ReplyDeleteදිගටම උත්සහ කරන්න මචන්.....
ReplyDeleteවෙලාවට පදම එයි......
මම සිතුවෙ සේරම කරල ...මව් තුමිය පුතුට සල්ලිකාර තැනකින් බන්දල දෙන අදහසක්....
කාලයත් එක්ක අවුලක් නැහැ පද පේලියේ ... මව් පදවියත් සල්ලි වලට යටවෙන කාලේ
ReplyDeleteඔන්න ඔාහොම නේ එන්න ඕන.. එන්න එන්න.. කෝ මේ සොමියා..
ReplyDeleteමේ පෝස්ට් එක අමතක කරපන්.
ReplyDeleteසීටී ප්‍රනාන්දුගේ මේ ගීතය සිසිර සේනාරතන්ගේ සංගීතය. චිත්‍රපටය' කවුද හරි' බවත් මෙතන කියවෙනවා. පද...කරුණරත්න අබේසේකරගේ. එකෝඩියන් එක ගහන්නේ වික්ටර් දළුගම (සංගීත අධ්‍යක්ෂකවරයෙක්ව සිටි. මොහු අමිතා වැදිසිංහගේ හස්බන්ඩ් ) බවත්, සහය ගායනය පුන්සිරි සොයිසා සහ රොම්ලස් පෙරේරා බවත් කියනවා. රඟපාන්නේ ඩොමී ජයවර්ධන, මාලණි ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු. බලපන් රොබින්ගේ ලස්සන. පොර තාමත් හැන්ඩියා.
මේ තියෙන්නේ උත්තරය!!!
කියපු එක තේරුනේ නැ. එත් මොකක්හරි ඇතුලේ ලොකු අර්ථයක් තියාගෙන ලිවුව එකක් කියල තේරුණා :)
ReplyDeleteකවිය සංකීර්ණයි...නමුත් කියවන් කියවන කියවන යද්දී ඔලුවට හිතට දැනෙන දෙයක් තියනව එක ඇතුලේ...
ReplyDelete