Wednesday 1 October 2014

කොටියා (ඉත්තෑවා ) කාපිය...ඇනෝ නෙමෙයි...




ඊයේ රෑ එලිවෙන ජාමේ ඉඳන් චූටි (මගේ බලු හාමි ) බුරනවා මට නිදාගන්නවත් විදියක් නැති විදියට

මම හිතුවේ විදුලි කොට කොටා වැස්ස නිසා වෙන්නැති කියලා.
මොකෝ, චූටි ඉපදුනේ සහ අවුරුදු 10ක් විතර හැදුනේ ලේසියෙන් වහින්නේ නැති ඕමාන් වල. අපි දෙමහල්ලෝත් එක්ක මේ මනුස්සයෙක් වගේ ඉන්න බලුගැත්තරයාත් ප්ලේන් එහෙක නැගී මෙහේ ආවත් හරි, වැස්ස නම් පායන්නේ නැහැ. එතකොටයි අපි දැන ගත්තේ චූටි විදුලි කෙටීම සහ ඒත් එක්කම එන හෙන පුපුරන ගිගිරුම් හඬට පුදුමාකාර විදියට බයය කියලා.

අහසටයි, මර බයේ බුරන චූටිටයි ශාප කර කර රෑ එලිකරගත්තත්.. පහලට ඇවිත් ගෙවත්තේ ඇවිද්ද විට තමයි වෙලා තියෙන අපරාදේ දැක්කේ...

අනේ මම වස විස නොදා හදපු වට්ටක්කා වැලක තිබුන ලස්සන ලොකු ගෙඩි දෙකකටම කව්දෝ දිග දත් තියෙන කෙනෙක් දීලා නේද ගේමක්...


 
ටිකක් විපරම් කරලා බලනකොට අහු උනා දාලා ගිය මෙවලමක් මේ හොරතඩියාගේ...



 






 
මොනා කරන්නද....ඉතිරිවෙච්ච ටික කඩාගෙන ඇවිත් පොඩි රෙපයාර් එකක් දාලා ගත්තා...



පොඩි ගැටේ කාලේ ගත්ත එකක්...
ඕක තමයි කියන්නේ වස විස නොදා හදනකොට මැස්සෝ කුරුමිනියෝ නෙමෙයි..මේ කොළොම්තොටේ තඩි ඉත්තෑවොත් ඉන්නවා කියලා හිතාගෙන ඕන වවන්න...කරුමේ කියන්නේ පොටෝ එකක්වත් ගහගන්න බැරි උනා වැලේ තියෙනකොට..


  
 
අනිත් එක දැන් මොනාද මම කරන්නේ මේ වට්ටක්කා කිලෝ ගානක් තියාගෙන...






හැබැයි පුතෝ ආයේමත් ආවොත්..බඩු බනිස්ය...0.22 ක් කනේය...







මට ඇත්තටම හිතුනේ....වසක් විසක් නැතුව බව බෝගයක් කරගෙන ඉන්නකොට මේ ඉත්තෑවා පැන්නා වගේ නේද ඔය සමහර (සම හරක් කියන එක හොඳමදිද මන්දා) ඇනෝලා බ්ලොග් වලට පැනලා අසමජ්ජාති වැඩකරන්නේ...ඉත්තෑවටත් ටිකක් දීපන් කියලා කියයි, ඒ උනත් ඉතින් හරි හිතට අමාරුයි නේද වට්ටක්කා ගෙඩි දෙකටම වැඩේ දුන්නාම...

සජින් මහත්තයාටත් හිතෙන්න ඇති මේ ඉත්තෑවන් එලවන්න හොඳ වෙලාව දැන් කියලා..ඒක වෙන්න ඇති නෝනිස් දොස්තර මහත්තයටත් චටස් පටස් ගාලා දෙකක් ස්ලැප් කරලා තියෙන්න රෙසිග්නේෂන් දෙන්නම...
 


51 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. \\\කොළඹ හතත් දැන් ගං ගොඩේ වගේ\\\\
      ඒ ගැන නම් දන්නේ නෑ නෝනේ...රාජගිරියට නම් ඉත්තෑවෝ එනවා (කියලා දැනගත්තේ වවන්න ගිය නිසා).
      මාස දෙකක් විතර එලවලු ගන්න ඕනි උනේ නෑ පිටින්...දැන්නම් හැබැයි ආසයි පොලෙන් ගෙනත් මොනා හරි කන්න...ඉත්තෑවට පින්සිද්ධ වෙන්න මේ ඉරිදාට පොලේ යතෑකි..හෙක් හෙක්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. \\\ඇවිදින දරමිටියක් වගේ යන උන් දැක්කම ඇත්තමයි දුවල ගිහිං බදාගන්න හිතෙනවා, එතරම් කියුට්.\\\
      කුනුහරුප කියන්න එපා නෝනේ...දැක්ක නැද්ද උගේ කූරු වල සයිස් එක....හොඳට තියේවී බදා ගත්තොත්..ඌ නිකන් හොන්ඩා ෆිට් කාර් එකක් වගේ නේ..ෂේප් එක..

      Delete
    4. \\ඇවිදින දරමිටියක් වගේ යන උන් දැක්කම ඇත්තමයි දුවල ගිහිං බදාගන්න හිතෙනවා, එතරම් කියුට්.\\\
      ඉත්තෑවෙකුට ආදරෙයි කියූ හාවියක්, වේදනාවෙන් තොර ආදරයක් නැතැයි කිව්වාය.

      Delete
  2. ඔයැයි ටික ටික දේශපාලනය පැත්තට ඇදෙනවා නේද වට්ටක්කේ...

    ඇනෝ කියන්නෙත් මිනිස්සු නෙව බං.. අපේ ගෙවල් ගාවත් ඉන්නවා රෑට ඩිංගක් බීල ගෑනිට ලස්සන නං කිය කිය දෙගොඩහරියක් වෙනකං බෙරිහන් දෙන එකෙක්. හැම ගමේමත් ඔය වගේ උන් ඉන්නවා. ඉතිං බ්ලොග් වලට කියලත් වෙනසක් නැහැනේ ආයුබෝවන්ඩ.. එකම දේ සමාජයේ ගැටී ඉන්නා විදියටම මෙකෙත් ඉන්නට පුරුදු වීම.. බොට කෙන්ජා ගැන නං දුක හිතුනේ ඒකේ සතේකවත් වටිනාකමක් නෑ. මොකද කෙන්ජා ඔය දෙවල් සත අවුන්ස බාගයක් වත් හිතට ගන්නෑ දවසක් දෙකක් පහු උනාම.. හැක්.

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා ආයිබොවං...කෙන්ජා කමෙන්ට් ඔක්කෝම මකලා තිබ්බා....ඊට පස්සේ කට් ඇන්ඩ් පේස්ට් විතරක් කර කර හිටියා..ඌටත් ටිකක් හරි දැනිලා මයේ හිතේ...අර පැරාව මරාගෙන කනවා...පැරාට අද දාලා තිබුන කකාගේ කමෙන්ට් එකට කරලා තියෙන දේ දැක්කා නේ... අනේ මන්දා...අරූටත් කම්මැලි හිතුනේ ඔය වගේ දේවල් නිසා වෙන්ටැති කියලාත් හිතෙනවා සමහර වෙලවල්වලට...

      Delete
    2. වපුරන දේවල් දේවල් තමයි chef-architect කපන්න වෙන්නේ ඇනෝලට ඉඩදෙන අය ඒක පාවිච්චි කරන්නේ මත වාරණයක් නොකර අදහස දක්වන්ඩ අවස්තාවක් දෙන්ඩ විතරක් නෙමෙයි , විරුද්ධ මතදාරින්ව නිර්ධය විදිහට විවේචනය කරන්න , මඩ ගහන්ඩ , හිටිස් වැඩි කරගන්ඩ ඔන්න ඔය පටු අරමුනු වලින් , ඇරනෝ ඇරල තියන බිලොග් ඕන තරම් තියෙද්දි මොකද බිලොග් කිහිපයක විතරක් ඔහොම වෙන්නේ ( හිටිස් තියන කට්ටිය කියවන බිලොග් හන්දා කියල නං කියන්න එපා , මොකද ඊටවඩා මිනිස්සු කියවන බ්ලොග් තියනව )

      ඊටත් ලස්සන කාරනාව තමයි සමහක් බ්ලොග්වල එක් පාර්ශවයක ඇනෝ අදහස් පලකරල අනෙත් පාර්ශවයේ අදහස් ඉවත් කරන එක

      දැනට වඩා ඔය ඇනෝ වසන්ගතය තිබුන කාලේ කොච්චර නං බිලොග් වහල ගියාද ඔය ඇනෝ අපහාස විදගන්ඩ බැරුව , එතකොටනං ඔය දැන් ඇනෝලට බනින අයිල අක්කල වචනයක් කියුවේ නැ , මොකද ඒ අහිංසකයන්ට මේක ඇතුලේ යම්කිසි හිතවත් කමක් , බලයක් ගොඩ නැගිල නැනේ ,

      තමන් අනිත් උන්ට කෙලින්ඩ පාවිච්චි කරපු ආයුදේ තමන්ටයි තමන්ගේ හිතවතුන්ටයි විරුද්දව පාවිච්චි කරනකොට තමයි නාහෙන් අඩන්නේ , මොඩියුරේට් කරන්නේ , ඇනෝ වහන්නේ ,

      ඔය කාරනාව තේරුම් ගන්ඩ මටත් සැහෙන කාලයක් ගියා මම දැන් තීරනය කරල තියෙන්නේ පලකරන කිසිම කමෙන්ටුවක් ඉවත් නොකරන්ඩ ( මොකද අනිත් උන් එහෙම කරන්නේ නැනේ ) හැබැයි කවුරු හරි අයින් කරන්න කියුවොත් විතරක් අයින් කරන

      අපි ජීවත්වෙන සමාජයේ තියන සක්කිලි ගති ඒවාගේ දහස් ගුණයකින් බ්ලොග් ඇතුලේ තියන , මනුස්ස කං තියන නෝනල මහත්තුරු ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්

      අර කවුද කියුවා වාගේ ගල් හිතකුයි , කබර පිටකුයි නැතුව මේකේ ඉන්ඩ බැ

      ඔය දෙකට තවත් එකක් එකතු කරන්ඩ ඕන

      ඒ තමයි වේසා කටක්

      Delete
    3. @ අටම්...කමෙන්ට් අරින වහන එකේ ප්‍රධානම සහ ප්‍රයොගික ප්‍රශ්නය හැටියට මම දකින්නේ, හේන් රකිනවා වගේ තමන්ගේ බ්ලොග් එක රකින්න ලියන්නන්ට වෙලාවක් නොමැතිවීම...මගේ එකෙත් එකම එක සැරයක් ඔහොම වෙලා මාර විදියට මම බැනුම් ඇහුවා...මචං මොනා හරි ලියලා ඕකට කමෙන්ට් වැටෙන්නේ කොහොමද, කවුද කියලා බල බල ඉන්න කාටද පුලුවන්...
      එහෙම කියනකොට මට මතක් උනා කාලයක් (මීට අවුරුදු 30කට විතර කලින් හොඳේ) මට අහම්බෙන් වගේ හම්බුනා ගෑල්ලමයෙක් තැපැල් කන්තොරුවක වැඩ කරන...ඔෆීස් එකේ ඉන්ඩ විදියක් නැති උනා කෝල් එන්න පටන් අරන්..(ඒ දවස් වල මල කඩන්න වෙන මුකුත් නෑනේ..ඔෆ්ෆිචෙ ලෑන්ඩ් ෆොර්න් එක ඇරෙන්න..)
      අන්න ඒ වගේ උන්ට නම් ඉතින් බ්ලොග් රකින්න පුලුවන්...

      Delete
  3. අර 0.22 වැඩේ නම් මම අනුමත කොරන්නේ නෑ.. ඕක තමන්ටම පත්තු වෙන්න පුළුවන්. ඉස්සර අපි වවන කොටත් ඔහොමයි... අපේ ආච්චි අම්මා තමයි කියලා දුන්නේ. අපි කෑවා කියලා හිතාගෙන සැනසෙන්න කියලා. හැබයි ඉතින් යාළුවොත් එක්ක එන්න පටන් ගත්තොත් නම් මක්කා හරි කරන්න වෙනවා.. පස්සෙ මම කලේ වටේටම මඤ්ඤොක්කා වැව්වා.. අපරාදේ කියන්නේ ඊට පස්සෙ අනිත් ඒවට ගේම දුන්නේ නෑ. ඒත් ටික දවසකින් බඩු නැතිව ගියා. සුනන්දයා තමයි කිව්වේ ඉත්තෑවත් මිරිසට හදලා ගත්තාම පට්ට රහයි කියලා..

    ReplyDelete
    Replies
    1. මෙහෙම පරිවර්තනය කොරමු මාතා,
      මාතාගෙ බ්ලොගේ නමැති කොරටුවට ඇනෝ නමැති ඉත්තෑවෝ ආවා. කාලා සීලා ගියා. හැබැයි මාතා උන්ට ඔහේ කන්න දීලා හිත හදාගෙන සැනසුනා. පස්සේ ඉත්තෑවො රංචු පිටිං එන්න ගත්තා. ඒ පාර මාතා බ්ලොග් ලෝකෙ නවකයන් තනමින් මඤ්ඤොක්කා වැව්වා. (ඉත්තෑවො මඤ්ඤොක්කා කන්නෙ නැද්ද?). ඇනෝලත් රහයි කියලා කියමු වෙලාවකට, අැණේ නොවෙනකං.
      චෙෆාකි, දැං ඔය වෙඩි පාර වට්ටක්කෙකට වැදුනොත් හෙම, වට්ටක්කා මාලුව රෑට කාලා උදේට කොමෝඩ් එක කුඩ්වෙන්ඩ වෙඩි වදියි, බලාගෙන ඈ...

      Delete
    2. ඉත්තෑමස් නිල් පාටයි බං...පිලී ගඳකුත් එනවා, දැක්කම කන්න හිතෙන හත්තිලව්වක් නෙවෙයි...ඒත් මචෝ කරලා තිබිච්ච හදිය දැක්කාම අර රත්නපුරේ සාජන් කරපු වැඩේ කරන්න තරම් මල පනිනවා ඕං...
      වැඩේ කියන්නේ මාතේ මඤ්ඤොක්කයි බතලයි විතරයි දැන් ඉතිරිවෙලා තියෙන්නේ..එලවලුවල් අන්තිම පරිච්චේදය මේ දවස්වල...මූ ඒකටමනේ බං කෙලින්න එන්නේ...

      Delete
    3. @VV තුවක්කුව ගත්තේ බය කොරන්න මිසක් සත්තු මරන්න නෙමෙයි මචෝ...කොහොමත් ඔය .22 එකෙන් මරන්න පුලුවන් අර මීමින්නේක් හාවෙක් වගේ ලාමක ටිං ටිං කෙනෙක් තමයි....උඹට තේරුනා නේ ඇනෝලා සහ ඉත්තෑ කේස් එක...

      Delete
    4. ඉත්තැ මස් කනකොට කොල රහක් එනව එරමිනියාවාගේ ගඩාගෙඩි වැඩිපුරතියන කාලෙට

      එ උනාට නරකම මසක් නෙමෙයි

      Delete
    5. එකම එක දවසක් දැක්කා ඉත්තෑ මස්...නිකං නිල් පාටක් එක්ක පිලී ගඳක් වගේ ආවා..ඒ පාර මම ඒ මස් ටික මාරු කරගත්තා WB වලට....

      Delete
  4. කවුරුත් නෙවෙයි ඔය මෙච්චර කල් ඇනෝ ඇවිත් හැම තැනම වැනසුවේ ක්‍රිෂ් නෝනිස්.
    ඒක් දැනගෙනෙ තමයි සජින් කාරයා වැඩේ දුන්නෙ කන රත් වෙන්නම

    ReplyDelete
  5. ඉත්තෑවාට වෙඩි තියන්න තහනම් නේද? කොළඹ මිසක් දැන් ඉත්තෑවෝ ගම්වල කැලයේ නැතිව ඇති.
    අවවාදය තමයි බැරි වෙලාවකවත් ඩ්‍රයිව් කරන වෙලාවක ඉත්තෑවක් වාහනේට සෙට් වුනොත් ටයර් වලට අබ සරණයි. ඉස්සර කාලේ ඒ වගේ සිදුවීමකට මුහුණදීල මැරෙන්නේ නැතිව බේරුනේ යම්තමින්. ඒ විතරක් නෙමෙයි ටයර් ගේනකම් පාරේ පැය ගාණක් ඉන්නත් වුනා පට්ට වින්ටර් එකක.

    ReplyDelete
    Replies
    1. අර දකුනු හයිවේ එකේ තියෙන මොණර සයිනේජ් වගේ ඉත්තෑ සයිනේජ් දාන්න වෙයි වගේ....RDA එකට කියමු...

      Delete
  6. මේක වායු රයිෆලයක් නේද?..

    ReplyDelete
  7. චෙපාකි,මගෙ පොඩි කෑල්ලෙත් වට්ටක්ක වැල් දෙක තුනකම ගෙඩි හැදීගෙන ආවත් ගෙඩි පොඩි කාලෙම කුණුවෙලා වැටිල ගියා.නරක් වෙන්න නොදී ඔව්ව හදාගන්නෙ කොහොමද.

    ReplyDelete
    Replies
    1. ඒ පාර උඹ පොඩි කෑල්ලක් ගත්තද අයියේ...

      Delete
    2. එහෙනං,පෙන්නන්න වරෙන්කො වෙලාවක

      Delete
    3. ඇත්තටම මචං වැල් ගොඩාක් හිටවලා ගෙඩි දෙකයි ලොකු උනේ..අනිත්වා උඹ කිව්වා වගේ කුනුවෙලා වැටුනා...මට හිතෙන්නේ හිටවන්න ඕන කාලයක් ඇති...වැස්ස වැඩි උනාමත් එහෙම වෙනවා කියලයි මටනම් හිතුනේ..අනිත් එක ගොවියෝ..ඒ කියන්නේ කොමර්ෂල් ෆාර්මර්ස්, බෙහෙත් ජාති ගහනවත් ඇති කුනු නොවෙන්න...

      Delete
  8. වෙඩි තියන්න එපා චෙෆාකි. ඉත්තෑවා ඔයාට පින් දිදී යන්න ඇති, මේ කොළඹ රටේ මෙහෙම වට්ටක්කා කෑල්ලක් කෑවෙ කොයිතරම් කාලෙකින්ද. චෙෆාකි මහත්තයට පින්සිද්දවෙච්චාවෙ කියකියා. :D :D

    ReplyDelete
    Replies
    1. වෙඩි තියන්න තරම් හිත හදා ගන්න අමාරුයි....දැන්නම් තරහත් නිවිලා...
      හිනා කෙසේ වෙතත් ඉත්තෑ ගොයියා බඩ පිරෙනකන් කාලා නම් තියේ බස්සි...
      හිනා ගියේ මට ඔබතුමියගේ කොමෙන්ටුවට....

      Delete
  9. වවං කන උන්ව එළවලු මාකට් එකේ උන්ට පේන්නෙ උන්ව මරාගෙන කන්ඩ ආපු ඇනෝල වගේ වෙන්ඩ ඇති.
    චෙෆාකි තුවක්කුව පෙන්නුවෙ ඇනෝලට නේද ? පව් අපේ ආතල් බෝතල් ඇනෝත් බයවෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බෝතල් ඇනෝ කෝ...??? අර VV කිව්වා වගේ මඤ්ඤොක්කා වවන්න වෙන්නේ ඇනෝලට කන්න...වෙඩි තියන්න තහනම් නේ...

      Delete
  10. ඉතෑවෙකුට කිස් එකක් දීපු හාවට වෙච්චි දේ තමා පැරාට වෙලා තියෙන්නෙ.

    ඔය ඉත්තෑවො සෙට් එකක් නෙමේ මචං එකෙක් දෙන්නෙක් තමා ඉන්නෙ. ඕකුං ඉත්තෑව වගේ කළුවරේ ආවට දවල්ට හාවො වගෙත් එනව ඕන පදං. අනික මුං මේ දවස්වල මගේ, තව බ්ලොග් ලිවිල්ල අතෑරපු එකෙක්ගෙ, කෙන්ජිගේ වගේ පුද්ගලික ඇරියස් තීන දෙතුන්දෙනෙක්ගෙ වට්ටක්ක තමා පහුරුගාන්න එන්නෙ. උන්ගෙ ආසාවනෙ කියල අහක බලං ඉන්න එක හොඳා නිකං බල්ලො මරල පව් පුරෝගන්න නොයා.

    රාජගිරියට මෙහා නාවල ගැන පරන ගීත රචකයෙක් වෙච්චි සෝමපාල ලීලාන්නන්දගෙ කවියක තීනව, "කොළඹට ඒදන්ඩක දුරය මගේ ගම" කියල. හේතුව ඉස්සර පට්ට ගමක් වෙච්චි නාවල සහ කිරිමන්ඩල මාවතේ කොළඹ අතර තිබ්බෙ ඒ දන්ඩක්ලු. ඉතින් එහෙන් පහු බැහැපු උන් ඔහෙ ඇති තාම.

    ReplyDelete
    Replies
    1. කිස් එකක් නෙමෙයි...ඇත්තටම බල්ලා උගේ පස්සේ පන්නන්න ගිහින් අඟල් හයක විතර ඉත්තෑ කූරක් මූනේ ඇනගෙන මම බොහොම අමාරුවෙන් මහ පාන්දර ගලවලා දැම්මේ...

      සමහර ඇනෝ කථා හරි කචල් බං...මට හිතා ගන්න බැරි එහෙම කාට හරි වද දීලා කොහොමද ජොලියක් ගන්නේ කියලා..ඊට නරකද VX 200ක් ගහලා මඤ්ඤොක්කා කෑල්ලක් කෑවම...කැන්සර් වලටත් හොඳයිලුනේ...

      රාජගිරිය තාමත් (මහපාරෙන් අඩි දහයක් පහලොවක් එහාට ගියාම ) පට්ට ගමක් මචෝ... මගේ හද්දා පිටිසර ගම උන කොස්පැලවින්නටත් වඩා...අනිත් එක ගඟ අද්දර නිසාත් ගඟෙන් එගොඩ රෙසවේසමක් තියෙන නිසාත් කුරුල්ලන් සතුන් හරි හරියට ඉන්නවා...

      Delete
    2. ඉන්දික මහතා මේ පැරා නෙමෙයි.. චෙෆාකී...

      Delete
    3. මාත
      ඉන්දික කියන්නෙ පැරාගෙ බොග ගැන බං

      Delete
    4. මාතෙට ඩෝප් රාජ්....මමත් දැක්කා...නොදැක්කා හේ හිටියා....

      Delete
  11. අපේ පොල් පැල ගණනාවකට වැඩේ දුන්න ඉත්තෑවො. තව ගම්මිරිස් වැල් මුලින් කපල දානව. පුරුදු වුනාම දිගටම එනව. ඕකුන්ගෙ ගුල් දැකල නැද්ද.. පොලව අස්සට හාරල හදන්නෙ. අර කතාවකුත් තියන්නෙ ඉත්තැවගෙ ගෙට මොකාද රිංගුව වගෙ කියල. :)

    ඇනෝ කතා නම් ඉතින්.. වැඩි දෙනෙක් ආතල්. වාත වෙන්නෙ මං හිතන්නෙ ඉතාම ටික දෙනෙක්.

    ReplyDelete
    Replies
    1. වාත් වෙන්නේ පරණ සෙට් එක. උන්ට ලියන්න දෙයක් නෑ.. ලියන්නත් බෑ.. අනික හැරෙන්නත් බෑ අලුත් උන් එක්ක..

      Delete
  12. කෝ හත් ඉලව්වේ මගේ කමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. කොටියා (ඉත්තෑවා ) කාලා මයේ හිතේ.....!!!!!

      Delete
  13. ඉත්තැව කොලාවගෙ නෙමෙයි අර බත්කන හරක ලන්කාවට හිටි හොදම තානපතිගෙ සෙවය ලකාවට අහිමිකොලා.

    ReplyDelete
    Replies
    1. පාරේ බැහැලා යන්නේ කොහොමද අප්පා....!!!

      Delete
  14. ඔය වට්ටක්කේ මට පේන්නේ ලංකාව වගේ
    ඉත්තැවා තමයි මුස්ලිම් අන්තවාදේ
    තුවක්කුව බොදු බල සේනාව
    එතකොට චෙපාකි .....හේහ..හේ....

    ReplyDelete
    Replies
    1. වට්ටක්කයක් කොළඹ වවපු හරකා..හෙක්..හෙක්..

      Delete
    2. නැ නැ ......අරය ...අරය

      Delete
    3. රස්සාවත් නැති වෙන කථා කියන්න එපා අටම්.....!!!!

      Delete
  15. හෙක් හෙක් රාජගිරියේ ඉත්තෑවො නැත්තන් මොක්කුද ආයුබෝවන්ඩ ඉන්නේ, අසලවැසියෝනේ බලන් ගියාම, තාම මුගටියෝ ආවේ නැද්ද? තව ඔය පැත්තේ පිස්සු වන්දුරෙකුත් ඉන්නවා, ඇලට් එකේ ඉන්න.

    දැන් යන විදියට නම් වවාගෙන තමා කන්න වෙන්නේ අනිත් උනුත් ඒ දේම කරන කොට අපි වවන් කෑවම මොකද? අනේ ඔය කටු පඳුරට වෙඩි නම් තියන්න එපා, පොඩ්ඩක් පාඩු කරාට හරි අහිංසක සත්තු ජාතියක්, පොඩි කාලේ ඉඳන් ඔකුන්ගේ කුරු අහුලනවා මන් තියලා ගියපු මතක සටහන්.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සංතෝසයි ලඟපාත ඉන්නේ කියන එක...වඳුරෝ නම් කෑ ගහනවා ඇහෙනවා ඇලෙන් එහා පැත්තේ...එක දවසක් නම් වඳුරො රෑනක් ආවා හැබැයි මෙතන්දි ඇල අඩි 150ක් විතර පලල නිසා උන් මෙගොඩ එන එකක් නැහැ මයේ හිතේ...

      වෙඩි තියන්න හිත දෙන්නේ නැහැ..මම වැට තව ටිකක් ආරක්ෂා අන්දමට වෙනස් කලා..ඊට පස්සේ පොර ඇවිත් ආපහු හැරිලා යනවා වගාව පැත්තට යන්න බැරි නිසා..ඒකට නිදා ගන්න විදියක් නැහැ බලු තඩියා බුරන නිසා...

      අන්තිම අහිංසකයි අඩුගානේ දුවන්නේවත් නැහැ අපිව දැක්කාම..කරදරයක් කරන එකක් නහැ කියලා හිතනවා ඇති.

      Delete
  16. වෙඩි තියන්න එපා බං. ඉත්තෑවොත් ඉන්න එපැයි.(මම කියන්නෙ මතුපිට අර්ථය ගැන විතරයි)

    ReplyDelete
    Replies
    1. උඹ වවපු කාලේ වගේ නෙමයි බං දැන්...ගෙඩි දෙකයි හැදුනේ...දෙකෙන්ම ටික ටික කාලා...හේනක් වගේ වැව්වනම් උඹ කිව්වා වගේ උන්ටත් තියන්න තිබ්බා...මම වැට හැදුවා...දැන් එන්න බැහැ....
      ඇනෝලටත් දැන් හැම තැනම වගේ වැටවල් ගහලා...දැක්කද පැරා ගේ අද...? හප්පා...

      Delete
    2. පැරා එකක් දෙකක් වැටෙනකොටම වැට ගැහුවනං වැඩේ ගොඩ දාගන්න තිබ්බ. කොහෙද, ඉස්සර එකක් දෙකක් කමෙන්ට් වැටුන බ්ලොග් එකට කමෙන්ට් හෝ ගාල එනකොට චූන් උනාද මන්ද!!

      දැන් රට වටේම උන්ට මඩ ගහන්නෙ එතන.

      Delete
  17. බල්ලො හැම එකාම වගේ වැස්සට කැමති නෑ නේ... ගොරවන සද්දෙ උන්ට දරාගන්න බෑ මං හිතන්නෙ.. අපේ බලු තඩියත් ඉන්නෙ ඇඳ යට විදුලි කොටන කොට එහෙම.. ඇයි රතිඤ්ඤා.. අවුරදු කාලෙට අපි එයාගෙ කන් දෙක වහගෙන ඉන්නෙ... පුදුම දුකක් ඒ කාලෙට බල්ලො විඳින්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එක දැක්කාම මට චූටි කථාවක් මතක් උනා....ලියන්නම්...

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....