Thursday 29 May 2014

බැටරි නැතත්….



 දෙවිසි වසකට පෙරාතුව
සොච්චම් පඩිපතෙන් ඉතිරිව
රියාල් දහයේ සාප්පුවෙන්
කැන්දන් ආ බිත්ති ඔරලෝසුව

දෙවිසි වසක් සැම උදයෙම
ඇයටත් පෙර මගෙ නෙතු හොරාගත් නුඹ
රටරටවල බිත්ති සරසා
මා පසුපස හෙවනැල්ල සේ.....

පරිසර අධිකාරියෙ මහතුන් කීවට
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සතියේ
නුඹව ගෙදරින් යවන්නට
සිත් නොදේ මා හට

නුඹටම…..

ඇති වෙනකන්
එපාවෙනකන්
බිත්ති තියෙනකන්
එල්ලන් ඉන්නන්
!
!
!
 බැටරි නැතත්….

29 comments:

  1. ඉතිං අපද්‍රව්‍යයක් නෙයෙමි නේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි දේශකයානෙනි...

      Delete
  2. ඔහේ අපේ නෝනලයි නෑ කෙනෙක්ද කොහෙද.. ගෙදර පරණ බඩු පුරවලා... ඉඳලා හිටලා මම දන් දෙනවා.. ඊට පස්සෙ ඉතින් කුණු බැණුම්... අවුලක් නෑ.. බත් එක ඉදුනාම කේන්තිය ඉවරයි... හැබයි මේකට නම් මමත් ආසයි..

    ReplyDelete
    Replies
    1. මම හෝඩර් කෙනෙක් නෙවෙයි උනාට පරන දේවල් විසිකරලා පුරුදු නෑනේ...මේක මාත් එක්ක ලොකු ගමනක්, දිගු කාලයක් ආපු භාන්ඩයක්...කන්ටේනරේ ආපු පෙට්ටි, ටික ටික වෙලා තියෙන වෙලාවට අස් කරනකොට හම්බවෙලා අපේ නෝනා ඇඳ ඉස්සරහා බිත්තියේ එල්ලලා තියෙනවා දැක්කම මෙහෙම හිතුනා මාතේ...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔරලෝසව බැටරි දැම්මාම වැඩ කරනවනේ. ඉතිං මක්කටැයි ඉවතලන්නේ. අනිත මේ දශක දෙකක මතකයක් නේ. පබැදුම කදිමයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නෝනා ඕක එල්ලුවේ නලින්...

      Delete
  5. ඔය වගේ මාත් එක්ක රටින් රට යන බිත්ති ඔරලෝසුවක් මටත් තියනවා,අවුරුදු තිස් ගාණක් වයස ඇති.මේ කතාව කියවද්දී මට ඒ ඔරලෝසුව මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒක මේ දවස් වල මෙහේ නේද?

      Delete
    2. ඔව් බං බැටරි බැහැලද දන්නෙත් නෑ ලඟදි සර්විස් කරන්නත් බැරිවුණා දුකේ බෑ.

      Delete
    3. සර්විස් පාරක් දාල එන්නද

      Delete
    4. මාත් එනවා සපෝට් එකට. අටමත් ඒවි..

      Delete
    5. හා දැන් බොලාගෙ ජොබ් එක ඒකද.

      Delete
    6. වැඩක් නෑ තල්ලු ස්ටාර්ට්

      Delete
  6. හ්ම්ම්... හොදයි ......
    මම නම් මචෝ ..පොඩ්ඩක් පරණ ...භාවිතයට නුසුදුසුයි නම් ...... රොබින් කුරුල්ලට අහවලා යන්න කිව්ව වගේ.....ඉවත දානව .....හෙක්...හෙක්...

    ReplyDelete
    Replies
    1. මේක ගොඩක් පරනයි....පාවිච්චියට..........තව ඒව තියෙනවා....ඒත් දාලා යන්න දුකයි....

      Delete
  7. උඹ නං ආකියෙක්ම (archiyek) තමා

    ReplyDelete
    Replies
    1. ඇයි මචෝ නට්ස් නිසාද ඈ........

      Delete
  8. වෙලාව බලන්න නම් ස්මාට් ෆෝන් එක තියෙන්නේ ..එත් ඔය වගේ බිත්ති ඔරලෝසු කොහෙද තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේක නං තියෙන්නේ මගේ නිදනකාමරයේ ඇඳ ඉස්සරහින් එල්ලලා...මාව උදෙන්ම ඇහැරවන්න කරපු උප්පරවැට්ටියක් අපේ නෝනාගේ.....මම ගත්තේ නම් මීට අවුරුදු 22 කට කලින් අල් කෝබාර් කියන දහරාන් ලඟ තියෙන නගරයක ලාබ බඩු විකුනන කඩයකින්....දැන් නං මේවා කොහේ තියෙනවද කියලා දන්නේම නෑ ....

      Delete
  9. මට මතක් වුනේ මේ ළඟ කාලෙකදි මට වුන සිදුවීමක්.
    ඉස්සර අපි පොඩි කාලේ බට්ටෝ ඔරලෝසු කියලා බිත්තියේ එල්ලන පැයෙන් පැයට භාගෙට බෙල් එකක් වදින ඔරලෝසු තිබුනනේ. ඒවා බොහෝම කාලයකට කලින් අතුරුදහන් උනා.
    මේ ළඟදි මෙහේ පරණ බඩු විකුණන මාකට් එකකට ගිහින් ඒ වගේම ඔරලෝසුවක් දැක්ක ගමන් මට මීක් කියවෙලා ගිහින් දැන් ඒක ගන්නමයි හිත. ගාණ අහල බැලුවම 3000€ ක්ම. මට නේ හුස්ම ගන්නත් අමතක වුනා.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආව වෙලාවක ඔය පාර දිගට තියෙන ඇන්ටික් ෂොප් එකකට ගියාම බට්ටා ඔරලෝසු ලොරියක් පුරවන්න ගන්න පුලුවන් ඉයුරෝ 3000කට....නැත්තම් බලංගොඩ පැත්තේ තාම ඇති නෑදෑගෙවල්වල....ආසයි කිව්වොත් දේවි...

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ලස්සනයි, මේක කියවද්දී මට මතක් උනේ අපේ සීයාගේ පරණ වයින් කරන බිත්ති ඔරලෝසුව තමා මගේ කාමරේ තියෙන පරණම දෙ, එක මටත් වඩා පරණයි, පැය කාලෙන් කාලෙට සද්දේ දානවා එයා, හරියටම එංගලන්තේ බිග්බෙන් ඔරලෝසුවේ සද්දෙමයි එයාටත් තියෙන්නේ, ඊට පස්සේ පැය ගාන වදිනවා කාලේ හතරක සද්දේ දැම්මට පස්සේ, කාල බාගේ තුන්කාල පයට වෙන වෙනම සද්ද, එක මටනම් නිදාගත්තත් කරදරයක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ මහ ගෙදරත් තිබුනා සොමී කියන ජාතියේ වයින් කරන බට්ටා ඔරලෝසුවක්....ඕක තාත්තා තමයි පුටුවක් උඩ නැගලා වයින් කරන්නේ....හිටපු ගමන් රෑට වෙලාවට කෙලවෙනවා මොකෝ 12.45ටයි එකටයි වදින්නේ එක බෙල් එකයි..අම්මපා ඒකට මොනා උනාද දන්නේ නෑ..අම්මට කෝල් එකක් දීලා බලන්න ඕන...

      Delete
    2. සොමි&ෂෙෆා.....අපේ ගෙදර බොහෝම ඉස්සර තිබුනා අපේ සීයාගේ බිත්ති ඔරලෝසුවක්SETH THOMAS කියලා. SAINT THOMAS නෙමේ. 1970 ගනන්වල අපේ තාත්තා ඕක ඇන්ටික් බුවෙකුට නොවටිනා ගානකට විකුනලා. ඒක ඉතා වටිනා එකක් බව පස්සේ දැණගත්තා. ඒත් ඒක දැන් අතීතය පමණයි.

      Delete
  12. මේ වගේ සැන්ටිමැන්ටල් සිහිවටන මටනම් මුකුත් නෑ . ඒත් ඒ වගේ මතකවලට හා මේ වගේ කවිවලට මම ආසයි

    ReplyDelete
  13. මචෝ....ඔය ඔරලෝසුව උඹත් එක්ක කතා කරන එකක්. උඹව ඕක අවදියෙන් තියයි මතකයන් එක්ක. ඔන්න ඔහේ ඉන්න දීපන්.

    මට ලැබුනා ඕමාන් රජතුමාගේ මුහුණ තියෙන වටිනා අත් ඔරලෝසුවක් එයගේ 25වැනි රජ සංවත්සරයට. ඒක ලැබුනේ එක් කට්ටියකට විතරයි. මම වැඩ කරපු තැන අනුව මට එකක් ලැබුනා.

    ReplyDelete
  14. උඹ කිව්වාම මාත් කල්පනා කලේ අපේ මහගෙදර තියෙනවා ඔයවගේ බැටරි දාන ඔරලෝසුවක් මම හිතන්නේ හැත්තෑව දශකයේ ගත්ත එකක්. ඒත තාමත් වැඩ. වෙලාවත් හරි.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....