අපි
දෙන්නා පොතේ හැටියටනම් මුන ගැහුනේ 1961 ජූලි මාසේ 9 වෙනිදා...
ඒත් ආච්චිනම් කිව්වේ එදා ඔයා උසාවි වැඩකට කල්මුනේ ගිහින් ආවේ දවස් තුනක් විතර පහු වෙලාය කියලා...
පටන් ගත්ත වෙලාවෙදිම මට තේරුන් කරලා දීලා තියෙන්නේ මම වැඩිය ගනන් ගන්න කෙනෙක් නෙවයිය කියලයි ඔයාට.
ඒකට අනිත් අයට වගේම මටත් ඔයා නම් ලොකු වීරයෙක් එදාත්..අදත්.....
ඒ
දවස්වල ඔයා නිදාගෙන ඉන්න කොට මම හිමීට ලඟට ගිහින් පපුවට කන යාන්තමට තියාගෙන අහගෙන ඉන්නවා පපුවේ ලබ් ඩග් වැඩද කියලා...
මට ඔයාව හොඳටම මතක 71 අප්‍රේල් කැරැල්ල කාලේ ලොකු දිගම දිග රැවුලකුත් වවාගෙන ඔයගේ බ්‍රෙන් ගන් එකත් අරන් අපිව අක්මීමනින් ගාලු කොටුවට ගෙනියන්න ඔයාගේ යාලුවොත් එක්ක ආපු දවස... එතකොට මට වයස අවුරුදුවලින්ම 10ක් නේ...
ඊට ඉස්සර මට තියෙන මතකය තමයි ඔයාගේ බයිසිකලේ, මට ඒක පදින්න දුන්නාට ඔයා ඒක අයියටවත් දුන්නද කියල මට නම් මතක නැහැ.
එහෙමද, නැත්නම් අයියා ඒ දවස්වල ඉඳන්ම පොර නිසා, මම වගේ පොල්ල යටින් දාලා යන්නයි, මිරිස් අඹරන්නයි එහෙම අකමැත්තෙන් හිටියද දන්නෙත් නෑ..
අප්‍රේල් කැරැල්ල අපිව වෙන් කලා..
ඔයා අපිව රත්නපුරේ දාලා අම්බලන්ගොඩ ගියා..අක්මීමන ඉන්න බැරි තරමට කරදර උනාය කියල තමයි ආරංචි උනේ නම්...
ඔයා
අම්බලන්ගොඩ ගියාට පස්සේ, අපි හරි අමාරුවෙන් දේවල් කරගත්තේ ඔයා නැතුව..
ඉඳලා
හිටලා ගෙදර ආවත්, ඔයාට අපි ගැන හොයන්න වෙලා තිබුනේ නැතිව ඇති.
එහෙම ආපු දවසක, මට තාම මතකයි, ගොඩවෙලේ පිටාර වතුරේ ඔරු පදින්න ගියාය කියලා, මාවයි අයියවයි, සේකරගේ වී මෝල ගාව ඉඳන් පාර දිගේ වේවැල් පාරවල් දිදී ගෙදර දැක්කුවා..ඔයා අර කාකි පාට දිග රේන් කෝට් එක ඇඳන් හිටියේ එදා...
හම්මෝ මතක් වෙනකොටත් ලැජ්ජාවයි...
තවත්
ඒවගේ මතක දෙයක් තමයි (මම කියන්නේ මේ ලැජ්ජාවේ පනයන ඒවා ) එක දවසක් සිල්වා මහත්තයා ඉංග්‍රිසි ටියුෂන් දෙන්න එන වෙලාවේ, මම කාමරේ හැංගිලා හිටියා කියලා වේවැලත් අරන් මගේ පස්සේ එලවලා, රබර් වත්තේ මැදදි අල්ලගෙන මාරයෙක් වගේ මගේ මුලු ඇඟ පුරාවටම තැලුව හැටි...මගේ මූණටත් වැදුනා මට තාම මතකයි අද වගේ...
ඊට
පස්සේ ඔයා ආයෙත් රත්නපුරේට ආවා..ඊට පස්සේ මට මරු..මොකෝ හැමදාම හැන්දෑවට, බ්‍රවුන් පාට කඩදාසි බෑග් එකක් පුරෝලා එලවලුයි මසුයි අරන් එනවනේ...මම ඒ දවස්වල මස් නැත්නම් බත් කන්නේ නෑලු..මේ ලඟදි අම්මා කා එක්කද කියනවා මම අහගෙන....
ඒ
දවස්වල ඔයාගේ බටා කොලේ පුරවන්න,
අලුතෙන් බැඳෙන අයගේ රිපොර්ට් ලියන්න,
තුවක්කු ලයිසන් වල රිපොර්ට් ලියන්න එහෙම ඔයා මාව අල්ලගන්නේ..ඒවා අදත් මට සෑහෙන්න උදව් උපකාර වෙනවා....
ඔය ඔක්කොමටම වඩා මට මතක, මහ රෑ දෙගොඩහරියක් වෙනකන් මම ඇහ ඇරිලා බලාගෙන ඉන්නවා ඔයා එනකන්, සාබි එකේ හතරැස් මස් බත් එකත් අරන්...
ඊට පස්සේ අපි දෙන්නා ඒක බෙදාගෙන කනවා...ඔයාට ගොඩාක් දවස්වල කන්න තියා කෙලින් ඉන්නවත් බැරිගානට වෙරි..ඒත් බත් එක අමතක නැතුව අරන් එනවා..
ඒකම මදැයි....
මට
මතකයි, මම කටුබැද්දේ ඉන්නකොට ඔයා ඇවිත්, හතරවෙනි තට්ටුවේ කොරිඩොර් එක දිගේ, මගේ කරට අත දාගෙන (හරියට යාලුවෙක් වගේ) කැන්ටිමට එක්කන් ගිහින් බත් අරන් දුන්න හැටි....
ගොඩාක්
අය ඔයා වගේ අය ගැන ලියනකොට ලොකු කථා ලියනවා..
ඒත් මට නම් ඔයා ගැන කියන්න එහෙම ලොකු කතාවක් නැහැ.
ගොඩාක් කාල වලදි ඔයා මම මොන පන්තියේද හිටියේ කියලවත් දැනගෙන හිටියේ නෑ මම දන්න විදියට...
ඒත් මට කන්න දුන්න එකම ඇති...
ඔයා ගොඩාක් මහන්සි වෙන්න ඇති අපි හතරදෙනෙක්ව කරගහගෙන යන්න...
ඒක මම නොදන්නවා නෙමෙයි...
දැන් මම ඔයා වගේ කියලා මට හිතෙන්නේ..කටහඬත් ඒවගේ...ඔයා උයන විදියටම බීෆ් කරි එක උයන්නත් පුලුවන්...
ඔයා වගේ දෙකක් දාගෙන...සිගරැට් එකක් ගහගෙන හීනියට සින්දුවක් අහලා ඉන්න එක තමයි මගෙත් ආසම වැඩේ..
ඒත් ඔයා වගේ මම ජීවිතේ හරියට මැනේජ් කරගෙන නෑ..
පිස්සෙක් වගේ එහේ මෙහෙ දුවනවා..
සමහර විට මගේම වැරැද්දත් වෙන්න බෑ..
ලෝකේ හැටි වෙන්න ඇති...
ඔයා
දිහා බලලා මට හැදෙන්න බැරි අපි දෙන්නා අන්ත දෙකක ජීවත් වෙන දෙන්නෙක්..එදාත් එහෙමයි අදත් එහෙමයි.....
මේ ඔක්කොම ලිව්වේ ඔයාට මම ගොඩාක් ආදරෙයි කියල කියන්න මිසක් තරහට නම් නෙවෙයි..
ඔයා දන්නවනේ මම කවදාවත් කා එක්කවත් තරහ වෙන කෙනෙක් නෙවෙයි කියලා....
ඔයාට දෙන්න කියල තෑග්ගක් හෙව්වට, ඕන කරන හැමදේම වගේ ඔයාට තියෙන නිසා දෙන්න පුලුවන් ලොකුම තෑග්ග තමයි...
මුලු ලෝකෙටම ඇහෙන්න මෙන්න මෙහෙම කියන එක....
අද
85ස් වෙනි වියට පා තබන ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන
මම,
කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිගේ දෙවෙනි පුතා...
සුබ
උපන් දිනයක් තාත්තේ...!!!!!!
තාත්තට සුබ උපන් දිනයක්. පුතාට ජයවේවා........
ReplyDeleteබොහෝම ස්තුතියි බංඩෝ...!
Deleteඔබට ජයවේවා...!!!
ඔහුට නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි
ReplyDeleteතැන්කූ වේවා...!
Deleteතාත්තේ ඔයාට ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගේ පිහිටයි..
ReplyDeleteචෙෆා උඔ දෙකක් දාපු වෙලාවට මම අහලා තියනවා උඔ කියන වාක්‍යයක් “මම කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිගේ දෙවෙනි පුතා..“
ඒ තුල උඔට වඩා වටිනාකමක් ලැබෙන්නෙ තාත්තට...
මෑන්ස් මට වඩා සෑහෙන වටිනා කෙනෙක්...ඇයි මං වගේ එකෙක් හදපු එකම සෑහෙන ඇචීව්මන්ට් එකක්නේ මචෝ...!
Deleteමචං...(සමාවෙන්න...අනිත් හැමෝටම අයියන්ඩි උඔට මෙහම කිව්වට...)
ReplyDeleteබැරිද දවසක අපිට එයාව මුන ගස්සන්න..
අටමයි මායි නම් මුන ගැහිලා තියෙනවා...
Deleteවල්ලා පට්ට චරිතයක්.. මගේ නම් බොක්කක්..
කතා බතා නැතුව විදුරැව අතේ තියාගෙන අහගෙන ඉන්න පුලවන් කතා සාගරයක් මේ තාත්තා ලග ඇති කියලා හිතෙනවා අයියන්ඩි..
Deleteකොස්පැලවින්නේ රණසිංහ රාලහාමි හම්බවෙන්න මටත් ආස හිතුනෙ චෙෆාකි එදා තාත්ත ගැන කියද්දි.
Deleteමට බුලත් හෙප්පුව දීලා කියුවා ,
Delete‘‘මම විට කාල කෙල ගැහුවහම අම්ම බයින හන්දා පාරට ගිහින් කෙල ගහන්නේ , ඔයාට බයින එකක් නැ මිදුලෙම කෙල ගැහුවට කමක් නැ ‘‘
මාත් ඉතින් එයත් පාරට කෙල ගහන එකේ මොකද කියල තාප්පෙට උඩින් ඇරල දැම්මා
හුටා පාරේ තණ කොලත් අම්මගෙලු
මෙන්ඩා, කම්මල: ඊලඟ සැරේ සප්තපාදී සෙට්වෙමු..එතකොට මෑන්ස්ව ගෙන්න ගන්න පුලුවන්.
Deleteඅටමෝ උඹ දන්නවනේ අපේ අම්මගේ මැද නම ලිට්ල් හිට්ලර්ය කියලා...
තාත්තාට සුබ උපන් දිනයක්, අපි මතක් කල බව කියන්න
ReplyDeleteකිව්වා..තැන්කූ කියන්නය කියලා කිව්වා ඉංජිනේරු මහත්තයට...!
Deleteඔබේ පියාණන්ට නිදුක් නිරෝගි සුවය,කායික මානසික සැනසීම සැලසේවා,දීර්ඝායු සුවයම සැලසේවා.
ReplyDeleteදෙවනි පුතණුවන්ටත් එසේම පතම්..
බොහොම ස්තුතියි මනෝ....!
Deleteඒක හරි අපූරු සටහනක් චෙෆාකි.. තාත්තල.. මං හිතන්නෙ කාලෙන් කාලෙට හීරෝ කැරැක්ටර් එක මාරු වෙන චරිත (අපේ හිතේ ඈ) ඒත් අන්තිම කාලෙ වෙද්දි(අපේ) තාත්තම තමයි පර්මනන්ට් හීරෝ..
ReplyDeleteඔබේ පියාට නිදුක් නිරෝගී සුපි සපිරි සුබම සුභ උපන් දිනයක් වේවා
අපි වයසට ගිහින් නැතිබැරි වෙනකොට තමයි තේරුම් යන්නේ එයාලගේ අගේ....
Deleteස්තුතියි මහේශ්...!
දීර්ගායු වේවා !!! නිදුක් නිරෝගී වේවා !!! මෙවන් පුතෙක් ලැබීම වාසනාවක් !
ReplyDeleteපුතාට ජයවේවා !!!
තැන්කූ....
Deleteහෙක් හෙක් හෙක්...!
අපූරු සමරු සටහනක් චෙෆාකි.
ReplyDeleteතාත්තට සුබ උපන්දිනයක් පතන්න මාත් එක්වෙනව.
ඒ වගේම තාත්තටත්, කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිගේ දෙවෙනි පුතාටත් නිදුක් නිරෝගී දීර්ඝායු පතනව.
තැන්කූ....ප්‍රසන්න....!
Deleteහ්ම්.................තාත්තගේ පුතා. පුතාගේ තාත්තා. මේ යථාර්ථවාදී මනුෂ්‍යයාට දීර්ඝායුෂ විතරක් ප්‍රාර්ථනා කරලා මදි. සිතේ සැනසීම ශාන්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනය කරන්න කැමතියි. මක්නිසාද යත්, අද ඉන්න මේ වගේ තාත්තලා බොහොමයක් තුළ ඒ සැනසීම නැහැ.
ReplyDeleteපුතාගේ දරුවන්ටත් මේ වගේම තම පියාව අගය කරන්න/සමරන්න ලැබේවා!
තාත්තගේ පුතා. පුතාගේ තාත්තා....!
Deleteතාත්තානම් සෑහෙන හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්....අම්මා ඉඳලා හිටලා අදින ලෙඩ උනත් මාර විදියට ශේප් කරගෙන ජීවත් වෙන කෙනෙක්...
බොහෝම ස්තුතියි විචා...!
This comment has been removed by the author.
ReplyDeleteජැන්ඩි පහට නොඇන්දාට
Deleteගෙදර චන්ඩි කම් කරාට
මගේ ලෝකෙ රජ්ජුරුවෝ
නුඹයි තාත්තේ ……
ඇත්ත ඇති සැටියෙන් කියන්න එපැයි උපේක්ෂා...සෑහෙන ඇරියස් තියෙන කෙනෙක් මම.....
Deleteචෙෆ්, ඔයා තාත්ත ගැන කියපු විදිහ මගෙ හිතට තදින්ම ඇල්ලුවා. මට මතක් වුනේ අපේ තාත්තත් මම චූටි කාලෙ මොනව හම්බුනත් ගෙට පහල ඉඳන්ම මට කතාකරගෙන ඇවිත් ගෙනාපු දේ මගෙ අතට දෙන විදිහ. මට හොඳට මතකයි එක දවසක් ගඟේ ගහගෙන ගියපු රේඩියෝ එකක් පීනල ගිහින් මට ගෙදරට ගෙනත් දීපු හැටි. ඒ මම ඒ වගේ දේවල් ගලවන්න, ඇතුලෙ තියෙන දේ බලන්න හරි ආස බව තාත්තා දන්න නිසා.
ReplyDeleteචෙෆ් ඔබේ තාත්තාට දීරගායුස ප්‍රාර්තනා කරනවා. ඒ වගේම බොහොම සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
මට නම් මතක කන්න දුන්න දෙයක් විතරයි කසුන්....මගේ කරුමේ....
Deleteස්තුතියි සුබපැතුමට...
හැපි බෝර්ත් ඩේ එකක් තාත්තේ....
ReplyDeleteමම මාතලන්...
තාත්තේ මම බ්‍රා මෙන්ඩා..මමත් දවසක එනවා තාත්තා බලන්න
Deleteමාත් එනවා ..
Deleteමාතේ ..තාත්තා උඹට කියන්නේ මැනේජර් මහත්තයාය කියලා...කාටද ආඩම්බර ඈ....
Deleteලස්සන උපන් දින සුභපැතුමක්!
ReplyDeleteලස්සන කියන දේ නිර්වචනය කෙරෙන්නේ කොහොමද කියලා රසික දන්නවනේ...!
Deleteසුභ උපන්දිනයක් තාත්තේ. මගෙ තාත්තා හිටියනම් අද ඔය වයසමයි මචං.
ReplyDeleteඋඹ තාත්තා ගැන ලියපු සටහනට ගහන්න සටහනක් මම කියවලා නෑ මචෝ...
DeleteThanks Maathe.
Deleteතැන්කූ වේවා ඩූඩ්...!
Deleteඋපන්දින විස්මිත පැතුමක්..
ReplyDeleteවිස්මිත...?
Deleteමේ ඇත්ත ඇති සැටියෙන්....!
කොස්පැලවින්නේ රණසිංහ රාලහාමිට නිදුක් නිරෝගී සතුට සැනසුම පිරි උපන් දිනයක් වේවා!!!!!!!!!
ReplyDeleteතැන්කූ වේවා කම්මලේ...!
Deleteලෙඩේ හොඳ වෙලා වගේ නේ...!
හදවතට දැනෙන අපූරු මතක සටහනක් චෙෆාකි.පියාට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි.
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි හැලැපේ...!
Deleteතාත්තාට සුබ උපන්දිනයක් වේවා ...
ReplyDeleteඑයාට තියෙන්නෙ හොඳ ෆිට් බොඩියක් නේ ...
අනිවා මචං මෙයා වගේ ලෙඩෙක් නෙමෙයි
Deleteහොඳට මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්..අපි වගේ පුටු වල වාඩිවෙලා කොට කොට ඉන්නේ නෑනේ බං.....
Deleteඅඩෝ අටමා...මේ පොඩි හෙම්බිරිස්සාවක් හැදිලා යකෝ ඉන්නේ.....අවුරුද්දට සැරයයි හරිය...
රණසිංහ කතා සාගරය දිගුකල් වැජබේවා
ReplyDeleteඑසේම වේවා...!
Deleteදීර්ඝායු සමගින් සුභ උපන් දිනයක් වේවා තාත්තේ...!
ReplyDeleteමම ඉස්සර ඉඳලම හරි ආස දෙයක් තමයි වයසක අයගේ කතන්දර අහන එක, එයාල තරුණ කාලේ ජීවත් වෙච්ච හැටි. ජපනා බෝම්බ දාපු කතා, ගමේ ගොඩේ පරණ විස්තර එහෙම...
වෙලාවක මෙයාව හම්බ වෙලා ඒ වගේ පරණ විස්තර මොකවත් දැනගන්න බැරි වෙයිද දන්නේ නැහැ...
චෙෆාකි මේ පෝස්ට් එක ලියපු විදිහ එළ...
ඒත් ඉතින් ඔෆිස් එක මැද්දේ ඇස්දෙක හංගගෙන ඉන්න තමයි ලොකු ගේමක් දෙන්න උනේ...
අද වෙද්දී අපේ තාත්ත හිටියනම් අවුරුදු 69 යි මාස 8 ක් වෙනවා, එයා නැතිවෙලා අවුරුදු එකොළහමාරක් වෙලත් මට තාම එයාව හීනෙන් පේනවා...
පෙරේදා මම දැක්කා එයා මගේ පොඩි එකාව වඩාගෙන ඉන්නවා...
අදටත් මගේ ලෝකේ වීරයා එයා...
එයාගේ කතාව බ්ලොග් එකේ දාන්න දැන් අවුරුදු කීපෙක ඉඳලා හිතාගෙන හිටියත් තවම බැරි උනා...
ටික ටික හරි ඒක පටන් ගන්න ඕනේ...
අපේ ලමයින්ටත් අපිව මේ වගේ මතක, අගය හිටින විදියට ජීවත් වීම තමයි අපි කරන්න ඕනි....
Deleteලඟදිම හම්බවෙමු....කඩවත යන්න ඕනි ඊට ඉස්සරවෙලා තුවක්කු සුද්ධ කරගන්න...!
I know this one I found on the web will make even thaththa laugh:
ReplyDeleteGEORGE CARLIN’S VIEW ON AGING
Do you realize that the only time in our lives when we like to get old is when we’re kids? If you’re less than 10 years old, you’re so excited about aging that you think in fractions. “How old are you?” “I’m four and a half!”
You’re never thirty-six and a half. You’re four and a half, going on
five! That’s the key. You get into your teens, now they can’t hold you back. You jump to the next number, or even a few ahead. “How old are you?” “I’m gonna be 16!” You could be 13, but hey, you’re gonna be 16!
And then the greatest day of your life . . . you become 21. Even the words sound like a ceremony . . . YOU BECOME 21. . . YEAS!!!
But then you turn 30. Oooohh, what happened there? Makes you sound like bad milk. He TURNED, we had to throw him out. There’s no fun now, you’re just a sour-dumpling. What’s wrong? What’s changed?
You BECOME 21, you TURN 30, then you’re PUSHING 40.
Whoa! Put on the brakes, it’s all slipping away. Before you know it, you REACH 50 . . . and your dreams are gone.
But wait!!! You MAKE it to 60. You didn’t think you would!
So you BECOME 21, TURN 30, PUSH 40, REACH 50 and MAKE it to 60.
You’ve built up so much speed that you HIT 70! After that it’s a day-by-day thing; you HIT Wednesday! You get into your 80s and every day is a complete cycle; you HIT lunch; you TURN 4:30; you REACH bedtime.
And it doesn’t end there. Into the 90s, you start going backwards; “I was JUST 92.” Then a strange thing happens. If you make it over 100, you become a little kid again. “I’m 100 and a half!”
May you all make it to a healthy 100 and a half!!
This is nice. I have shared this with my kids....thanks Dude..
DeleteHey everyone thanks and loads of love from thaththa. I was with him whole day so didn't have time to reply you all but will do tomorrow when i am back in colombo.
ReplyDeleteMaathe had the chance of giving him a big hug and greetings with JW 50ml .....cheers....i read all the comments to him and the guy was in cloud nine..
Thank you all...you guys made his day....
මෙච්චර කාලයක් තාත්ත ඔබත් එක්ක සිටීම කොයිතරම් දෙයක් ද.. තව ගොඩක් කල් ඒ විදියට ඉන්න ලැබේවා..
ReplyDeleteස්තුතියි පැතුම්...!
Deleteවෙනස්ම විදිහට සුපිරිම ලිවිල්ලකින් සුබ පැතුමක්.......... තාත්තට මාත් සුබම සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා......! ඕ........ දීර්ඝායුෂ පතනවා..........
ReplyDeleteඅවංකවම ලිව්වා හිතේ තියෙන දේ.....!
Deleteබොහෝම ස්තුතියි...!
දීස්ඝායුෂ ලැබේවා තාත්තේ!
ReplyDelete...මම නොදුටු මදාවියා...
(පුතාගෙ ආටානාටිය රෑට කියවන්න එනකං...)
ලඟදිම හම්බවෙමු මචෝ....!
Deleteමහන්සියෙන් වැඩකල කෙනෙක් බව පේනව. එහෙම අයට දීර්ඝායුෂ තියනව. උඹේ තාත්තටත් දීර්ඝායුෂ පතන ගමන් සුබ උපන්දිනයක් ප්‍රාර්තනා කරනව.
ReplyDeleteතාමත් මහන්සි වෙන කෙනෙක් රාජ්...අපි වගේ නෙමෙයි....
Deleteතාත්තාට සතුටින් ඉන්න පුලුවන් මේ වගේ 'දැනෙනෙ' පුතෙක් හදපු පිනෙන්ම.නිරෝගිමත් සුවබර සැහැල්ලු සැඳෑවක් වේවා තාත්තෙ..
ReplyDeleteමොන එහෙකටද මංදා නහය බර උනා.මම යනවා ගෙදරට කෝල් එකක් ගන්න.
ජයවේවා..!!
මෑන්ස් නිතරම කියන කතාවක් තමයි ඕක....මගේ මූනිච්චාවට කියනවා කියලයි මම නම් හිතාගෙන ඉන්නේ....
Deleteඅපේ මාතේගේ හොඳ බොක්කක්.....
ස්තුතියි සුබ පැතුමට....
හොදටම පරක්කු උනා චෙෆ් ..... "තාත්තාට නිදුක් නිරෝගී සුව සපිරි සුභ උපන් දිනයක් පතනවා !!!
ReplyDeleteමේ වාගේ පොස්ට් වලදී නොදැනිම ඇස් දෙක තෙත් වෙනවා ...
ජයවේවා !!!
මහමෙර සේ සිටි පියාණනේ
බලා සිටින්නේ ඇයි ඔබ මා දෙස
නන්නාඳුනනා ආගන්තුකයෙකු සේ
වැටි වැටි ඇවිදින ළදරු වියේ
ඔබෙ සුළැඟිල්ලයි පිහිට වුණේ
මගතොට වැරදුන යෞවනයේ
නුවණැස පෑදූවේ
වියැලුණු නෙතු අග හිස් බැල්මේ
මුමුණන වදනත් ගොළුවෙන්නේ
සසරෙහි ඇවිදින දිගු ගමනේ
යළි පිය-පුතු වේදෝ
ගායනය - දුලිප් ජයකොඩි
පද රචනය - මෛත්‍රී පනාගොඩ
සංගීතය - ඉන්ද්‍රජිත් මිරිහාන
මං කියවල තියන c-a ගේ පෝස්ට්වලින් හොඳම හා පැහැදිලිම පෝස්ට් එක මේක.
ReplyDeleteමෙහි ඇති හැඟුම්බර සාර්ථකත්වයට අමතරව මට තේරුනේ මෙහි ඇති වෙනදාට වඩා උසස් literary quality එක
Even without the obvious emotional impact on the reader, only on a purely literary level too this is exceptionally well written.
I'm sorry that I didn't comment in time for you to convey my good wishes to Mr. Ranasinghe.
Anyway, belated wishes !
shukraan habibi...!
DeleteKospelawinne ranasingha ralahamita man kamathima eya wagema deweni puthek haduwata.
ReplyDeletedirgayusha labewa!
sthuthiyi...
Deleteකියන්න දෙයක් ගලපාගන්න බෑ චෙෆ්. ඒ ඇයි කිය දේ ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්.
ReplyDeleteඑයා ඔයාගේ ලෝකේ හැමදාම ඉඳීවි...ඉස්සරහට ඔයාටත් පුතෙක් දුවෙක් හෙම ලැබුනාම ඉතිරිය විඳගතෑකි...
Deleteතාත්තව අගය කරන්න පුළුවන් වීම ලොකු වාසනාවක් චෙෆා... මට මයෙ තාත්තව මතක් උනා.
ReplyDeleteඅලුත් එකක් නැතෙයි?
ReplyDeleteඋඹේ තාත්තාට සුභ උපන්දිනයක්.. ඒ වගේම ඒ ආදරණීය තාත්තා දීර්ඝායු වේවා.. නිදුක් නිරෝගී වේවා...
ReplyDeleteMata hithaganna ba mokakda liyanne kiyala. e tharamata hitha patalila.
ReplyDeleteහිත පටලගත්තේ ඔයාම නිසා මම මොනා කරන්නද..? ඔයාම හිතලා මට කියන්න...
Delete