chef-architect
උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
Saturday, 11 November 2017
ලතා - ඈ ලියූ කව - 4
ලතාවක්ව එතෙමි
වෙලෙමි
සියුම් සිප ගැනුමක්
කෙලවර
ඉසියුම් ප්රහර්ශයට
ඉඩදෙමි
එකී හිරිවැටුමෙන්ම
නැවතත් එතෙමි
වෙලෙමි !
Thursday, 2 November 2017
වැල් - ගැට
එතෙමි
වෙලෙමි
පැටලෙමි
නොගැලවෙන්නම
ගලවමි
ලිහමි
විසඳමි
අවුලක් නොවෙන්නම
යලිත්
එතෙමි
වෙලෙමි
පැටලෙමි
නොගැලවෙන්නම
:)
Tuesday, 31 October 2017
ධීවරී
ඊයේ හවහා වැල්ලේ පිපුන
වැටකෙයියා මල් ගාලම
ලැජ්ජ හිතිලා අහක බැලුවෙ
කොණ්ඩේ පුරා විසේ කරපු
සිප්පි කටුවේ හැඩ නොබලම
වැලි නාගෙන මා නලවන
කළුමිටි ඔය ඇඟ දැකලද..
විසේකාර කළුමිටි ඔබෙ
අනඟ රැගුම් සිහිනෙන් විත්
දෙකකුල් මැද හිරකරාන
නිදාගන්නේ කොහොමෙයි මං
ඒ හින්දම ඇඟපුරාම
ගෑවුන වැලි තාමත් නැහැ පිස දැමුවේ..
හිරි අරින්න ගත පුරාම
අරන් එන්න පාන්දරම
කරිජ්ජ සුවඳෙන් ඉපිලෙන
මිටි කළු ඇඟ මහමූදෙන්...
Friday, 13 October 2017
දියවන්නා blues
Diego Rivera
(Motherhood, Angelina and the Child Diego),
August 1916, oil on canvas,
සිඟිති දූ සුළැඟිල්ලේ එල්ලී
යන්නී පසුපස මව් හා උරනව
දියවන්නාව සූරා එන මද සුළඟෙන් නෑවී
සිඟිත්තී හඩන්නී
මන්ද ගෙදර නොයා මහමග නැවතුනේ යැයි අසමින් මව්ගෙන්...
රාජගිරියේදී ආ දස්කොන්ගේ ඇමතුමට
හිරිවැටුන මව්ගේ සියොලඟ
සනහාලන්නට
ඌබර් මාතලීට නාහෙන් අඬා
අඩක් වූ ගාස්තුව ගෙවා
අප්පච්චීගේ නිවහනට තව දුර නොවේදමැයි සිතමින්
දියවන්නා ඉවුරෙන් පාර පනින්නේ මව්...
දස්කොන්ගෙ දඬුමොනරය
කුමන තව්තිසාවෙකට ගෙනයන්නද
මව්
...
රාගයෙන් උද්දාමව
හදිසියේ ගත් තීරණ
මොන්ටිසෝරි දෝනිට කියාදෙන්නම ඕනි
ම
ද...
Saturday, 23 September 2017
දැන නොදැන
රාත්රිය මෙතරම්ම අඳුරු බැව්
රාත්රිය මෙතරම්ම රුදුරු බැව්
රාත්රිය මෙතරම්ම ගැඹුරු බැව්
ඒ මදිවට
රාත්රිය මෙතරම්ම සොඳුරු බැව්
කියා දුන්
සොඳුරියේ
කිම නිහඬ මේ රාත්රියේ
අදත් එදා මෙන්
බලා සිටිමි.....!
ඔබ නො එනා බැව්
දැන නොදැන..!
Monday, 18 September 2017
නල දත
photo courtesy ~- SSDS
දඟකාර ජෙට්බ්ලැක් අක්බඹරුන්ගෙන්
(ද )
කාන්තියෙන් දිදුලන තුරුණු දෙනෙතින්
(ද )
මල් පීදුන බෝරිච්චි අත් චීත්ත ගවුමෙන්
(ද)
පාට පාට කුඩයෙන්
(ද)
හැංගු
(
න)
|
|
|
|
|
|
|
නල දත
~~~~~~
Friday, 1 September 2017
තනිකම...!
තැටියේ ලා ගච්චාමි
රවුමට හයක්
රොටී
කෑමට එන්නේම නෑ
මගෙ පැලට
ඩොටී
කට්ට කරෝල බැදලා ඇත
කන්න
රොටී
ඩොටී
නැතුව කුමකට
මම කම්ද
රොටී
~~~~~~
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)