Wednesday 11 July 2018

ශූන්‍ය



බෙදන්නත් බැරි
එකතු කරන්නත්
අඩු කරන්නත්
ගුනාකාර හොයන්නත්
බැරි

සමීකරණ
නියමයන්
නොදන්නා

සමාන පාද
සමකෝණ
අංශක
වර්ගපල
නොමැති

අවකලන
අනුකලන
අනන්තය
සයින් කොස්
සිග්මා
ෆයි
< >
[ ]
වරහන් නොව
සමාන ලකුනක් වත්
නොදැක්ක

ගණිත පාඩම
ඔබ....!

හා...!

ගණිත පාඩම

ඔබ...!



28 comments:

  1. අපොයි හරිම බයානකයි.. එක සමානයි දෙක කියල ඔප්පු කරෙත් ඔබගෙන් බෙදුනු කෙනෙක්මයි!

    ReplyDelete
    Replies
    1. එකයි දෙකයි සමාන මොකටද කියලයි හෙව්වෙ.කොහේද ..ෆේල් මෙයා...👍

      Delete
  2. හොයන්න ඕන තැන
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොයන්නාටමලුනේ හම්බෙන්නෙත්...👍
      ජයහේ...!

      Delete
  3. Replies
    1. ඔය තියෙන්නේ උත්තරේ...ගොඩ ඉතින්...තැන්කූ...👍

      Delete
  4. නැවතීමේ තිතකින්
    ඉවර කරන්නත් බැරි
    වරහනක සඟවා
    වෙන් කරන්නත් බැරි
    කමාවකට පසු
    ඉස්සරහට යන්නත් බැරි

    ප්‍රශ්නාර්ථයකි
    නුඹ
    එනමුඳු
    හැමදාමත්
    විශ්මයාර්ථයට
    පසුවම යෙදෙන

    තිත් පෙලකි
    ඔව් ඒ ඔබ
    ( අ ) ශූන්‍ය
    එනමුඳු
    අනන්තයටම විහිදෙන


    ? ! ...........................

    ReplyDelete
    Replies
    1. කොමාව....කමාව කියන්නේ ගණිතෙට සම්බන්ධ දෙයක් නෙවෙයි සඳවතී...!

      Delete
    2. ඔව් පස්සෙ දැක්කා... ඒත් ඩිලීට් නොකර හිටියා...

      Delete
    3. දඩිබිඩි කමෙනට්ස්...කවද ඩිසිප්ලින් වෙයිද මේ ලමයි...!

      Delete
  5. ගණන් වලට අපි බයයි අප්පා...
    එතනින් නරකම එකා වෙන ශුන්‍යයට අපි ඉතීම් කොච්චරක්නම් කියල බය වෙන්න ඕනෙද...

    ReplyDelete
    Replies
    1. ඒ හින්දෑ වෙන්නැති මැටීරියල් ඉන්ජිනියරින් කරන්න ඇත්තේ...👍

      Delete
  6. Replies
    1. ඉන්දියන් කාරයෝ සීරෝ වෙනුවට කියන්නේ ජීරෝ කියළා. මුලින්ම බින්දුව නැතුව තමයි ගණන් හදලා තියෙන්නේ. පස්සේ එයාලට තේරිලා මොකක් හරි අඩුවක් තියෙනවා නේද කියළා. ඉන් පස්සේ තමයි බින්දුව හොයාගෙන තියෙන්නේ. මාතා ලව් සීරෝ කෝක් වලට වෙන්ටෑ

      Delete
  7. කෝණ ගොඩක අංශක හරියට හොයලා
    පේන සමීකරණය තව විසඳාලා
    දාන ප්‍රමේයන් හොඳ හැටි ගළපාලා
    ගාන හදන්නට එනු මා ලගටම දුවලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය විභාගේ ෆේල් වෙන්න හොඳ හේතුවක් දුමියෝ....😂

      Delete
  8. සයින්, කොස් තිබුණට ටෑන් අමතක වෙලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. නිකංයෑ ගනන් බෑ කියන්නේ..ටැංජන් එක කෝමත් අවුල් මල්ලී....😂

      Delete
  9. දයාබර ශූන්‍යය,

    සමහර මිනිසුන් ලඟ තාලය ඇත රසය ඇත භාවය නැත
    තවත් කොටසක් ලඟ තාලය ඇත භාවය ඇත රසය නැත,
    ඒ අතරේ ඉන්නවා රසය ඇත භාවය ඇත තාලය නැත,
    කොහෙද ඉන්නේ තාලය රසය භාවය ඇති මිනිසුන්,
    ඔබ දන්නවද..

    මේ අනන්තය.

    ReplyDelete
    Replies
    1. තාලය, රසය හෝ භාවය යනාදී තුනෑදුතු ගුනයන් මට නං පිහිටලා නෑ හිටං...😂😂😂

      Delete
    2. sure නේ හිටං කියලා....😂😂😂

      Delete
    3. හිටං ගැන තමා එහෙම කිව්වෙ...!

      Delete
  10. අපි ඉස්සරහට කවුරෝවත් එනවට අපි කැමති නෑ. හැබැයි පිටිපස්සෙන් එනවනම් අකමැත්තක් නෑ. විශේෂයෙන්ම පඩියේ ඉල්ලක්කම් පිටිපස්සට එනවට අකමැත්තක් නෑ.

    ReplyDelete
    Replies
    1. හැබැයි ජාත්‍යන්තරයට කතාකරන්නනං ඉස්සරහට අපි දෙන්නෙක් ඕනිමයි...!!!
      😂😂😂

      Delete
  11. +++++++++++++++++++XXXXXXXXXXXXXX----------------////////

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....