Sunday 18 March 2018

පෙළ - කූඹියෝ










පායනා කාලෙදී
එකමුතුව
කඹුරමු ....එකාසේ පෙළ ගැසී
බිත්තියෙන් වෙන්වී
අප පෙළගස්සවනා උන්වෙනුවෙන්ම...


වස්සානයේදී
ඒ අප පෙළගැස්සවූ උන් විඳින්නාවූ
සැප කන්දරාව දැක
එකමුතුව එකාසේ පෙළගැසී
කරමු විප්ලව උන් හා කිපී
එනතුරා නැවතත්
පායනා කාලය....!


32 comments:

  1. සහතික ඇත්ත, අතින් අරන් කටින් තියගන්නා ලා0කික කූබි රොත්ත උදෙසා ලියාඇති වගයි

    ReplyDelete
  2. කූඹියෙකුට කකුල් කීයද?

    ReplyDelete
    Replies
    1. Ants are insects and therefore have six legs. All six of an ant's legs are attached to its thorax, which is the middle section of its abdomen. ... The body of an ant is made of three parts: the head, the thorax and the abdomen. The 6 legs are attached to the thorax - 3 on each side

      Delete
  3. සීනි වලට කූඹී වහලා බරියෝ බරියෝ
    අපේ කූඹී කියෙව්වාද චෙරියෝ චෙරියෝ

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙමි..ඔහේගේ මහප්‍රාන පෝස්ට් වලට කොමෙන්ට් දාන්නේ කොහොමෙයි ඉතිං අපි බයියෝ වෙච්චි...හුකෑස්..!
      ඒක කියෝලා මල පැනලා නොව මේ ලීවෙ...කෝම හරි ඔබ බටේ සහෝදරයාගේ පාඩම් බැලුව..ඉතිං ලිව්ව නේ මේක...හා ද...😂

      Delete
    2. හැමිනියන්....:)

      Delete
  4. Replies
    1. His poems are always very meaningful - to the elite few who understand. I just try to get a vague idea from others' comments, mostly a futile exercise.

      Delete
  5. ඇයි අර යක්කු ටික බිත්තියෙ එල්ලිල ඉන්නෙ. ඒ ෆොටෝ එක ඇන්ටි ක්ලොක්වයිස් අංශක අනූවක් හැරෙව්වනං හරිනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. අන්නේක...අංශක අනූවක් හරෝගන්න බැරිකමනේ පස්නේ ෆෙන්....!

      Delete
    2. /// අන්නේක...අංශක අනූවක් හරෝගන්න බැරිකමනේ පස්නේ ෆෙන්....!///
      කිව්වනම් "ෆොටෝ කඩේට" දාල හරවල දෙනවනේ... ;)

      Delete
    3. ඔටෝකැඩ් වලින් හරවන්න පුලුවන්කමක් තිබුණනං නොකර ඉඳී ලොක්කො.

      Delete
    4. @ ලොකු....පොටෝ එක නෙවෙයි අපේ ඔලුගෙඩිවල තියෙන අදහස්...එව්වා හරවන්න සොෆ්ට්වෙයාර් එකක් තාම ලියවිලා නෑ ගොයියෝ..!

      Delete
  6. අයිස් වෝල් එකක ස්කේටිං. ස්කැන්ඩිනේවියාවෙද?

    ReplyDelete
    Replies
    1. නෑනේ..කොළඹ කොටුවෙ කින්ග්ස්බරි හොටෙල් එකේ බිත්තියේ නේ...!!!

      Delete

  7. අපි අපිවම ආතල් එකක් වෙනුවෙන් රවටා ගන්නා හැඩකි

    ReplyDelete
  8. කවුදෝ කියනවා ඇහුණා කුඹින්ගෙන් පාඩම් ඉගෙන ගන්නලු.. ඉතින් කොහෙද තව.. හෙහ්..

    ReplyDelete
  9. පායනා කාලේදී කන්න දේ රැස්කරයි කූඹීයෝ ..............
    විචාරක දියණිය

    ReplyDelete
  10. වස්සානයේදී
    ඒ අප පෙළගැස්සවූ උන් විඳින්නාවූ
    සැප කන්දරාව දැක
    උන් ඉදිරියටම ගොස් කියමු
    "සිස්ටම් එක අවුල්"
    අත්පුඩි ගහයි උන් අපි එක්කම
    හිනා වෙවී අපි අපිටම
    පායනා කාලය ආ විට
    නැවත යමු කඹුරන්නට
    නැත්නම් කෝමද
    පොඩි එකාගෙ ස්කූල් පීස් ගෙවන්නෙ
    කැඩුනු සයිකලෙ හදන්නෙ
    වතුර ලයිට් බිල් ගෙවන්නෙ
    කරන උන් කරයි විප්ලවය
    මට තියෙනවනෙ පවුලක් කන්නට
    ඊළඟ පාරත් චාන්ස් එකක් ආපු ගමන් කියන්නම්
    "සිස්ටම් එක අවුල් අප්පා"
    රෑ දවල් මාන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ.
    සන්තෝසේ බැරුවා.

    ReplyDelete
  11. කෙමෙන්ට් වලට පන්ගු බෙරුවට උත්තර දිමට කෙමෙන්ට් කරුවන්ගෙ සහ ගල් බලකයෙ විරොදය...

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....