Thursday 22 June 2017

ඈ ලියූ කව - 3




ඉඳ හිටෙක
ලියවෙන කවක
තවරන්නම ද
ගෙන ගියේ
සුවඳ

දන් දුන්නේ
මා
නොපතාම බුදු බව
පතා තව දවසක
නුඹෙ එකම හිනාවක්

පේවෙලා
ඇදහූ ඔය හිත
නිවනට පාර කීදා
ඇසටු ගස යට
පැතුවේද බුදු බව


සත්තයි
මේ ඇත්තම
කතාවක්.!

24 comments:

  1. කවි සිත අවදිකළ ඈ නම් හරිම විස්මිත මාගමක්.

    ReplyDelete
    Replies
    1. මාගමක් නං බැරියෑ..සමාගමක් වෙච්චි...හෙහ්...!

      Delete
  2. Replies
    1. ඈත් කවි වගේම ලස්සනයි....!

      Delete
  3. සත්තයි
    ඇගේ අගෙයි
    කව

    ReplyDelete
    Replies
    1. කව ගොඩයි මෙයා...ඉතින් හොඳයි අගෙයි...!

      Delete
  4. Replies
    1. මම කියන්නං විසිරි එහෙම කිව්වය කියලා ඈට...!

      Delete
  5. දැවටි දැවටී
    නිරන්තර සිතුවිල්ලක
    තාමත් ඉන්න අපූරුව
    සත්තමයි
    හිමි වෙලා අහිමි වුන නුඹ....

    ඉතින්
    අහිමි නුඹ
    ඇවිත් සිහිනෙක හිද
    තවරලා සුසුමක සුව
    යන නිසාමයි
    මෙ'කවි තව හැඩ...

    ReplyDelete
    Replies
    1. හඳ කාලෙට..( ඒ කිව්වේ සොඳුරු හඳ නෙවෙයි හොඳේ...) මගෙත් ඔලුව කචල් යනවා සඳා...!

      Delete
    2. ශානි ලස්සන කවියක්....

      Delete
    3. ස්තූතී එරන්දි... මම මේ ආකිගේ ඈ ගැන වැරදි පාරක ගිහින් ලියාපු එකක් නෙව

      Delete
  6. මේ කවිය ලක්ෂනයි
    එච්චරයි
    මීට චන්ද්‍රිකා බන්ඩාරනායක

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ ඇනෝ..සම්පුර්ණ නමෙන් එන්න ඕන...මෙන්න මෙහෙම
      චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ගුණතිලක කියලා....
      මේ දවස්වල මොනාද කරන්නේ...?

      Delete
  7. හිනා මතකය සුන්දරයි
    ගෙනා කඳුලක් දුක්බරයි
    මනා සසරක් පින්බරයි
    හිනා වම නෙත තෙත් කරයි....

    චෙෆාකිගේ කවි ලස්සනයි. ඒත් තේරුම් ගන්න වෙලා යනෝ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ ව්‍යායාමය, ඒ කියන්නේ ඈ ලියු කවි පේලි ලියන්නේ අපේ ගෙදර උන්දෑ මට උදේ ඉඳන් රෑවෙනකන් කියන කරන දේවල් ඈ කවි වලින් කිව්වනං ලිව්වනං මේං මෙහෙම කියවෙයි ලියවෙයි කියලා හිතාන...
      කොහේද ඒ ඇත්ති කොච්චර බිසීද කියනවනං මගේ බ්ලොග් එකේ ලින්ක් එකක් ඇරියත්, ස්ක්‍රීන් එකේ පෙන්නුවත් බලන එකක්යැ දුමී....ලජ්ජයිලු...!
      ජයවේවා...!

      Delete
    2. //අපේ ගෙදර උන්දෑ මට උදේ ඉඳන් රෑවෙනකන් කියන කරන දේවල් ඈ කවි වලින් කිව්වනං ලිව්වනං මේං මෙහෙම කියවෙයි ලියවෙයි// සේහ්.. මේක කලින් ලියන්න එපැයි.. අපි මේ තුන්වෙනි පාර්ශවයක් හිතේ තියාගෙන කියෝලා පිස්සු නටනවා..
      ආයෙම කවි තුනම කියවන්න ඕනි..

      Delete
    3. ඕකනේ කියන්නේ...මම වගේ තමයි අනිත් අයත් කියලා හිතන එක නවත්තගත්තා නං කිසිම කේස් එකක් නෑනේ...හෙහෙහ්...!

      Delete
    4. ඒකනේ කමී බලන්න ආකි අපේ ෆැන්ටසිය කෑවනේ මේ ඈ කවුද කියලා වමාරලා... හය්යූ

      Delete
    5. https://chef-archiect.blogspot.com/2017/06/blog-post_23.html

      Delete
  8. Radiant Love....
    හොඳ වෙලාවට තණකොළ පෙත්තා ගින්දර ට පැනීමේ තියරිය නැතුව කවියේ සිට අවසාන කමෙන්ටුව දක්වා කියවගෙන ආවේ...... නැත්තන් ඉතිං අහගන්න වෙන්නේ "සෙද්ද" කියලා තමයි :) :)








    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....