අමරා ප්‍රේමා ශාන්ති
සමග
වීරකැටියේ අක්කා
දනේශ් සමග පියංගිකා
ඉනිමං තිය තිය
පෝර උර එල්ලාන
කඩමු අපි ගම්මිරිස්
වීදියේ කඩෙන් ගෙනා
දොලහේ පාලහේ ටෙන්ට් රෙද්දට
බිච්චිය අල්ලන්
විලුඹ පැලුනු කෙසඟ කකුල්
එක්ක පොර බැන්ද කරල් ගම්මිරිස්
ඇටේ ඇටේ ගොඩ ගහන්
වැහි ඇඳුරට ඔච්චං කරනා
ඉලංදාරී හැඟුමෙන්
වේලමු ගම්මිරිස්
කිරින්දේ තොග මුදලාලිට
කිලෝව එක්දාස් එකසීයට
මහත්තයා දුන්නට
අමරා ප්‍රේමා සමග වීරකැටියේ අක්කාට
දනේශ් පියංගිකාට
දවසටම කුලිය
හයසියයි උනකොට
හංදියේ දොස්තර මහත්තයා
සයිටම්ද නැත්තං මහත්තයාගේ
ලොකු බේබී වගේ ඒරොප්පෙන්ද
දොස්තර විභාගේ කොලේ කියනෙක
කොන්දේ අමාරුවට
මොනා හරි පෙත්තක් බාම් එකක්
දෙනවනං
මොකටෙයි බං අපිට....!!!
ඇත්තමයි චෙෆාකි. මේ අපූරු අදහස් කොහොම මතුවෙනවද ඔය හිතට. කවි සිතුවිල්ලක්වත් පහලවෙන්නෙ නෑ, මේ අපූරු සටහන් කියවද්දි.
ReplyDeleteඅපේ ගෙදර ගම්මිරිස් වැල් 4ක් තියෙනවා. ඒ හින්දා ගම්මිරිස්වලට යන වියදමෙන් ටිකක් අඩුවෙනවා.
ජයවේවා!!!
ඇත්ත කියන්නයි බිම වාඩිවෙන්නයි අවසර ගන්න ඕනැයැ දුමී..මේ සෙටිෆිකේට් ඇත්ත....!!!
Deleteඇත්ත උනත් මෙහෙම ගලපන එකයි මටත් තියෙන පුදුමේ... බොහොම සීරුවට මිනිස්සුන්ගේ හිතට දැනෙන්න ලියන එකනම් ලේසි වැඩක් නෙවෙයි Archi, මට නම්. විශිෂ්ටයි
ReplyDeleteසෙද්ද...!!
Delete:):)
Deleteහම්මේ.. රන් කඳක්..
ReplyDeleteඒ මහත්තයා නං..
අතිං ඇල්ලුවත් සනීපයි ..
ආයි බෙහෙත් බොන්න ඕනෙම නෑ..
ඒකට තිබොල්කැටියේ
දිස්පැන්සිරියේ මහගෑනී..
ලෙඩ බලන්නේ කොහොමද ගස් ගඳයිනේ කියල..
දවසක් මූණටම කියුව මගෙ.. නොදෝකොං..
.
.
.
හා..හා.. වීරකැටියේ අක්කේ..
ඒ වුනාට එයා ආණ්ඩුවෙ..
මේ මහත්තයා.. සයිටම්ලු.
එළ
Deleteමරු...!!
Deleteෂෝක් ..!!
Deleteඑල ද බ්‍රා
Delete+++++++++++++++
Deleteබොල
Deleteනියමයි
Deleteමොනව කියන්නද ඉතින් මේ සිතුවිලිනම් සුපිරියි. ඇත්තටම ඇයි චෙෆාකි ගම්මිරිස් ඔච්චර ගණන්
ReplyDeleteගම්මිරිස් වෙන්නැති ලෝකේ වැඩියෙන්ම පාවිච්චිවෙන ස්පයිස් ජාතිය...ඉතිං ඉල්ලුමේ හැටියට සැපයීම නැතිනිසා ගණන් ඇති. කරාබු නැටි ගම්මිරිස් වලට වඩා ලාභ වෙන්නේ ඒක නිසා වෙන්නැති...!
Deleteකුරුදු නෙමෙයිද ගණන් වැඩි
Deleteඅටම් අයියේ..දැන් කුරුඳු කිලෝවක් 2,100/- යි...ඉතින් කුරුඳු ගනන් ගම්මිරිස්වලට වඩා නේ...හේතුව කුරුඳු වගාව වියදං වැඩි කරුමාන්තයක් සුද්ධ කරන අය අඩු නිසා...ඔහේ දන්නවනේ
Deleteපැටි මහත්තයාලගේ ගනන්....!!
මේක ටිකක් වෙනස් වෙන්න ඕනේ නේද ශෙපෑකි. ගම්මිරිස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා සැපයීමත් තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි අපේ ගම්මිරිස් ප්‍රඩක්ට්ස් ඉහලම කොලිටියට ලංවෙන්නෙවත් නෑ.
Deleteචෙෆාකි ... ඔහේ දැන් දැන් අමුතු ඒවා නේ ලියන්නේ.
ReplyDeleteලියවෙන ඒවා නොව මේ..මක්කා කොරන්නෙයි ඉතිං...!!
Deleteකමක් නෑ නේ....?
එක් දාස් පන්සීයට
ReplyDeleteගම්මිරිස් විකුණල
'වනකෝලෙන්' බේත් ගන්නකොට
ඉස්පිරිතාලෙ ප්‍රයිවෙට් නිසා
ඩෙකා සයිටම් උනත්
මොකටෙයි බං අපිට.
නියමයි චෙෆා
ඕවා අමතකවෙලා යනෝ අපිට සුමානෙන් දෙකෙන්....තව ටොපි හම්බෙයි එතකොට සූප්පු කරන්න අපි කාටත්...!!
Deleteනියම අදහස... පද පෙළත් මරු..
ReplyDeleteපුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ....
හපොයි ඔව්..පොල් සම්බෝලෙකට ඇට පහක් හයක් කෙටුවම හොඳටෝම ඇති...!!
Deleteගම්මිරිස් ඇට ඇරියම ඉතුරුවෙන නැටි ටික පාරට දානවා නේද මිනිස්සුන්ට පෑගෙන්න.
ReplyDeleteඊයේ හවස ප්‍රේමා අමරා ශාන්ති වීරකැටියෙ අක්කා එක්ක ඕක කතා කලා...එහෙම දැම්මාම තව තව වැඩියෙන් හැදෙනවලු ඊලඟ වාරේ...මම නං කිව්වේ ඒ නැටි දිරන්නේ නැතුව ඇති ඒ නිසා ගස් මුල්වලට නොදා පෑගෙන්න පාරට දානව ඇති කියලා..මහත්තයාට පිස්සුය කියල තමයි උත්තරේ හම්බුනේ....:)
Deleteමහත්තයාට පිස්සු:D
Deleteඅපේ ගෙදරත් මූලික ආදායම් වලින් එකක් ගම්මිරිස්. ඒ හින්දා මාත් පොඩ්ඩක් ඔය ගම්මිරිස් බිස්නස් ගැන දන්නවා. ;)
Deleteඔය නැටි කතාව මම හිතන්නේ කාලයක් තිස්සේම කටින් කට ගිහින් වෙච්ච කතාවක් ඇත්තක් වෙලා. අපේ ගෙදරත් කවදත් පාරේ තමයි දාන්නේ නැටි.
අපේ ගෙදර ඈයෝ නම් ඉක්මණට වේලගන්න උතුරන වතුරට විනාඩි කිහිපයක් දාලා ගන්නවා. එයිට පස්සේ වේලා ගැනීම හරිම පහසුයි. සමහරවිට තෙත් කලාපේ හින්දා වැස්සත් අපිට වැඩියි නෙව. අමු ගම්මිරිස් වේලන්න දැම්මම සෑහෙන කාලයක් වේලෙන්න යනවා වගේ බරත් අඩුයි.
උතරපු වතුරේ විනාඩි හතක් තියලා මද පවනේ වේලන්න ඕනි..එතකොට හොඳ කොලිටි පෙපර් එන්නේ
Delete.නමුත් විකුනන්න ගියාම තොග ගන්න අය, ඒ කිව්වේ මට නං කිරින්දේ හරි කබුරුපිටියේ හරි, දෙන්නේ එකම මිල..ඉතිං තවත් කාලය නාස්ති නොකර අව්වෙම,වේලනව ගොඩාක් අය...!
ඇට ගලවන්නේ නැතුව කුඩු කරලා පැකට් කොරල විකිණුවා නම් ඔහේට ෆුඩ් සිටි එකේ වගේ නැටි ටිකත් කිලෝව සුපියල් දෙදාහ ගානේ වගේ දෙන්න තිබ්බ...
ReplyDeleteඑහෙමනම් අර මනුස්සයින්ට දවසේ කුළිය අට සීයක් දාහක් දෙන්නත් තිබ්බා...
එහෙනම් ඇඟේ අමාරුව ලොකුවට දැනෙන එකකුත් නැහැ...
හපොයි මගේ ලමයි දෙන්නට කන්න දෙන්නේ මේ ගොවිතැන් වැඩ වලින් හම්බෙන දෙකයි පනහෙන්..අපායේ යන පව්කාර වැඩ කොරන්නේ කොහොමෙයි ලොකු පුතේ...!!
Deleteඅපේ ගමේ දොස්තර මහත්තයෙක් ඉන්නවා. හතර දිග්බාගෙන්ම ලෙඩ්ඩු එනවා බෙහෙත් ගන්න. හේතුව හොඳට කතා බහ කරලා ලෙඩ ගැන කියල දීලා, එයාට පුලුවන් නම් බෙහෙත් දීලා, නැත්නම් අහවල් දොස්තර ළඟට යන්න කියල උපෙදෙසුත් දෙනවා. දොස්තරකමට වඩා මනුස්සකම. ගමේ අයට දරන්න පුලුවන් මිලකට...
ReplyDeleteමූලික වෛද්‍ය උපාධිය විතරයි තියෙන්නෙ.. අපේ ගම්වල අයට නම් ඒකවත් වැදගත් කියල මං හිතන්නෙ නෑ. දොස්තර මහත්තයට හොඳට ලෙඩ තේරෙනවා කියලයි ගමේ අය කියන්නෙ...
ගමේම ගෙයක් දොරක් හදාගෙන හොඳට ජීවත් වෙනවා. ඇත්තටම ගම්වල මිනිස්සුන්ට මේ සිද්දවෙන දේවල් ගැන කිසිම අවබෝධයක් නැහැ. එදාවේල හොයාගන්න එක ගැන තමයි එයාල කරදර වෙන්නෙ.
එදාවේල සරිකරගන්න කරදර උනාට ගම්වල උදවියට සිදාදියේ අත්තොන්ට වඩා දැනුං තේරුං තියෙනවා, හේතුව පොලොව එක්ක නොව හැපෙන්නේ...ඉතිං සතා සීපාවවත් කරදරයක් කරගන්නේ නෑ...!
Deleteගම්මිරිස් කවි!!
ReplyDeleteනැතුවම බැරි ගම්මිරිස්.....
ReplyDeleteගම්මිරිස් වේලන්නට පෙර උනු වතුරේ බස්සලා ගන්නවා කියන කතාව ඇත්තද ශෙෆෝ...
අමු ගම්මිරිස් උඹ උයන පිහින වෙලාවට පාවිච්චි කරනවද...
විනාඩි හතක් නටන වතුරේ තියලා අරන් මදපවනේ වේලුවාම හොඳ කලු පාටට එනවා..නැත්තං කෙලින්ම අව්වේ වේලනවා..එතකොට ටිකක් පාට අඩුයි...!!
Deleteඅමු ගම්මිරිස් පාවිච්චි වෙන්නේ ෆ්‍රෙන්ච් කුසින් වලනේද???
///අමු ගම්මිරිස් පාවිච්චි වෙන්නේ ෆ්‍රෙන්ච් කුසින් වලනේ////
Deleteඔව්..ඔය සමහරක් සෝස්වලට ගන්නවා. ග්‍රීන් පෙපර් ඉන් බ්‍රයින්..පොඩි බෝතල් එනවනේ.
මචං...අමු ගම්මිරිස් පේස්ට් එකක් හදලා පාවිච්චි කරපන් අපේ කෑමවලට බලන්න. සම්බොලෙට එහෙම නැගලා යයි.
"අමු ගම්මිරිස් පේස්ට් එකක් හදලා පාවිච්චි කරපන් අපේ කෑමවලට බලන්න. සම්බොලෙට එහෙම නැගලා යයි."
Deleteමෙන්න කතාව... 100% ටෙස්ටඩ්.
ෆ්‍රෙන්ච් කුසින් විතරක් නෙමෙයි මෙඩිටෙරේනියන් කුසින් වලත් භාවිතා වෙනවා. ;)
P:S අපිවත් ඔහොම අමතක කරනවද මම අහන්නේ... :))
පොඩියට ෆියුශන් පාරක් දාලා බලන්න ඕනී..මඩ් ක්‍රෑබ්ස් හදන්න ඕනී ග්‍රීන් පෙපර් වලින් මැරිනේට් කරලා...!!
Deleteඑක ගම්මිරිස් පඳුරකින් කිලෝ කීයක්, අවුරුද්දකට කී වරක් ලැබෙනවද හිටන්?
ReplyDeleteඑක පඳුරකින් නේද....මේකයි..ගම්මිරිස් ඉතින් වැල් තමයි තියෙන්නේ, පඳුරු ගම්මිරිස් ජාතියකුත් මම රත්නපුරේ දැකලා තියෙනවා අපේ ගෙදර..නමුත් වානිජ වශයෙන් වවන්නේ වැල්, යැබැයි අඩි හයේ ආධාරක වල උස යන එක නවත්තන්න..මේ මගේ පලමුවෙනි කොමර්ශල් යීල්ඩ් එක...මම පැල 1500ක් හිටෙව්වේ..එතනින් අඩුමගනනේ දාහක්වත් ලොකුවෙන්න ඇති..තාම අස්වැන්න නෙලමින් පවතින්නේ..හෙට,අනිද්දා බලතෑකි කිරලා..කොහොමත් කිලෝ සීයකට වඩා ඇති...
Deleteමාස අටෙන් අටට තමයි අස්වැන්න නෙලන්නේ කුරුඳු වගේ...!
චෙෆාකි උයන අඳින මවන කෙනෙක් කිව්වට වගාකරන එකත් පටන් අරන්. කොහෙද ඔය වගාබිම තියෙන්නේ.
Delete@ දුමී...chefarchitect@gmail.com මෙන්න මේ ඇඩ්‍රස් එකට ඊමේල් එකක් ඒවන්න ඒතකොට මම ගොවිපොල තියෙන තැන කියන්නං...එහෙම හොඳයි නේද..?
Deleteඔන්න දුමී වෙනස් කොලා ඒක....!!
Deleteඔව් චෙෆාකි. වගාවට මාත් කැමතියි. ඉතින් මේ වගාබිම බලන්නත් කැමැත්තක් තියෙනවා.
Deleteඔව් දැන් නම් තේමා වැකිය ගැළපෙනවා.
http://timesofindia.indiatimes.com/home/science/Pop-some-pepper-to-boost-your-sex-life/articleshow/827762.cms
ReplyDeletehttp://www.wired.co.uk/article/pepper-robot-sex-banned
ඕව බලන්න බයිට් නෑ මෙයා අපිට...ඔෆිස් එකක නෙවෙයිනේ අපි ඉන්නේ...!
Deleteඑල ද බ්‍රා
ReplyDeleteඑහෙමයි...!
Deleteඉස්සර ගමේ ඉද්දි අපේ වත්තෙත් ගම්මිරිස් තිබුණා..අඹ ගස් වලට එහෙම ගිය වැල් වල ගම්මිරිස් කැඩුවෙ ඉණිමගේ නැගලා.....
ReplyDeleteඒත් ඉතින් ඔහොම ලියන්න කාටෙයි මතක් වෙන්නෙ ඕවා....අපූරුයි චෙෆ්...
සයිටමුයි ආණ්ඩුවයි ගැන මෙලෝ අදහසක් ඔලුවට එන්නෙ නෑ..ඕං
ඒවා ඔලුවට ගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ විසිරි...බත් ටිකක් කාලා නිදාගන්න මිනිස්සු අපි...සාධාරනෙන් කීයක් හරි හොයාගෙන ඉන්න එක කලාම හොඳටම ඇති...!
Deleteදැන් අඩි හයේ ආධාරක වල හිටවන්නේ...ඉතිං ගස් නොනැග පොඩි ඉනිමගක් පාවිච්චි කලාම ගොඩ...!
:)
බළලා මැටියෙන් උනත් මක්කා වෙනවැයි චෙපා රාජකාරිය කොරනවා නම්...
ReplyDeleteකොහොමත් ඕකුන් මැට්ටෝ තමයි බං...!!
Deleteහංදියේ දොස්තර මහත්තයා හොර දොස්තරෙක් නම් ?
ReplyDeleteකැස්සට හෙම්බිරිස්සාවට අපි පාමසියෙන් තනියෙම බෙහෙත් ගන්නවා වගේ ගමේ මිනිස්සු හංදියේ දොස්තර මහත්තයා ගාවට යන්නේ සිල්ලර ලෙඩවලට, අමාරුවක් උනාම කරාපිටියේ යනෝ, මොකෝ හැම ඩිපොවෙන්ම බස් දාලා තියෙනවා කරාපිටියට...!!
Deleteඉතිං හොර දොස්තරලාටත් මේ ක්‍රමයේ අහිංසක පැවැත්මක් තියෙනවා...!
දැන්නෙ ආර්කියෝ මෙවා කියවන්න ගත්තෙ හරියට , ඔහෙත් අමුතුම ඉට්ටයිල් එකකට නොවැ ලියන්නෙ හරි අපූරැයි
ReplyDelete