Friday 3 February 2017

ආ...බාන්න......!




යටියන
හක්මන
කිරින්ද
කඹුරුපිටිය

මුරුතෙන් ගිහින්
පුහුල්වැල්ල පහු කොලාම
වම් පැත්තට යටියන
දකුනු පැත්තට කිරින්ද

යටියන පහුකොරාන ගිහින්
වෙලේ බේකරිය පහු වෙනවත් එක්කම
හැරුනාම දකුනට
සං ගාලා ගියෑකි
කඹුරුපිටියට

ඔය කොහේ ගියත්
එකම තොග මුදලාලි හැම තැනම
එයාගේ බෝර්ඩ් එක දාලා
එකතු කරනව නෙව
ගම්මිරිස්, කුරුඳු, කරුංකා, ගොරකා
සමග
පොල් කටු ඇඟුරු...!
ඒ මදිවට
ඩයමන්ඩ් රෝලෙන් තලලා
දුන් ගහපු සබර ශීට්...!


මතක ඇති කාලෙකින් 
වීදුරු පාත් කොරන්
ඒ සී ඕෆ් කරන්
වම් පැත්තේ ගස් 
දකුනු පැත්තේ ගස් එක්ක 
එකතු වෙලා හදන හෙවනේ
යන්න තරං
පින් කලේ කොහොමෙයි මම

ඒත් වැඩක් නෑ අර දූෂිත පාලකයා
මේ ලස්සන පරිසරය හරහා
පාරක් රේල්
ඒ මදිවට හයි වේ එකක්
හදනව නෙව තාමත්
එලෙව්වයි කිව්වට
පැන්ෂන් ඇරියයි කිව්වට
'බොරු වෙන්ටෑ
නැත්තං කොහෙමෙයි
මේ ලස්සන පරිසරේ
චීන්නු ඇවිදින්නේ උන්ගේ
අම්මගේ බූදලේ වගේ
ඒ මදිවට ඉංදියන් කාරයොන්ගෙ ටාටා
පාර පුරා
අයින් කොලොත් හෙලේ..!

මොනාද මහත්තයෝ...!

ඒ තොග කඩේ මුදලාලි...!

ගම්මිරිස්....!

ආ...බාන්න......!



33 comments:

  1. හක්මන කඹුරුපිටි යටියන කිරින්ද
    එක්වෙන ගම්බිරිස් විකුණන ගමන්ද
    නික්මෙන හිරු රැසට එඩිතර වෙමින්ද
    ලක්වෙන තුරු වියන අදදින කොයින්ද........

    මුලින්ම ගම්බිරිස් කැඩුවා. දැන් විකුණන්න යනවා. ඒ අතරේ හරි අපූරුවට එකින් එක අකුරු කරණවා. අපූරුයි චෙෆාකි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අද ඉඳන් සිදාදියේ....!
      දුකේ බෑ අප්පා....!!

      Delete
    2. සෙනේ බැඳුනු ගම්මැද්දට තාම තියේ
      පිනේ තාම ඒ හිත්වල මැකී නොයේ
      තැනේ ලෙසට හුරුවෙනු මේ සිදාදියේ
      අනේ ඉතින් නුඹ නාඩන් චෙෆාකියේ.....

      ජයවේවා!!!

      Delete
  2. ටාටා ද චීන්නු ද
    පාරෙ හිටියම මොකෝ
    ඔහේගෙ ගම්මිරිස් විකුණගන්න
    තොග කඩේ මුදලාලි
    තාම ඉන්නකොට

    අපුරුයි චෙෆා, ඊගාවට ගම්මිරිස් කිරන හැටිද සල්ලි බෙදන හැටිද තියෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. වික්කානේ ගම්මිරිස්....අද ඉඳන් ඉතිං අඳින කරුමාන්තෙට බහින්න වෙනවා..කෝ ඉතිං අපිට කියලා නිදහසක් තියෙනවයැ...මීටර් අඩි අඟල් එක්කත් හැප්පෙන්න එපැයි...!!

      Delete
  3. හි හී මරු චෙෆාකි මේකනම්...එදිනෙදා ජීවිතේ සිදුවීම් මෙහෙම අකුරු කරන එක.මතුපිටට වඩා යටිපෙල නියමයි

    ReplyDelete
    Replies
    1. යටිපෙල තමයි ස්ටිමියුලේට් කරන්නේ මෙහෙම ලියන්න කියලා....!!
      තැන්කූ සඳවතී....!
      :)

      Delete
  4. ඔහෙත් අපෙ ගම් පලාතෙම නොවැ චෙෆ් බලන් යද්දි....මාත් උපන්ගම නම් ඔය ඉසව්වෙම තමා....
    අගේ ඇති සටහන...දැන් හයිවේ එක අපේ ගමටත් උඩින් යනවා නෙව

    ReplyDelete
    Replies
    1. එක ඇඩ්‍රස් එකක් තියෙනෝනං මරු..ඒ උනාට මගේ ගායට ඔහේලගේ උපන්ගම පැත්තේ කරක්ගහනවා හැම සතියේම....ඒ උනාට මගේ උපන්ගම ඒ පලාතේ නෙවෙයි..ඒ උනාට මම වැඩියෙන්ම ආදරේ ඔය කිව්ව පැතිවලට තමයි...තාමත් ගම ඒ විදියටම තියෙනව එහේ....අද ඉඳන් ආපහු කොළඹ ඉතිං....!
      :(

      Delete
    2. ගමේ සුන්දරත්වය තව කී කාලයක් රැඳෙයි ද මන්දා....

      Delete
    3. අපිත් එක්කම නැතිවෙලා යාවි ඒ සුන්දරත්වය...!!
      අපිත් ඉතිං ගම අත ඇරලා ආවනේ එක කාලයකදී, ආපහු දැන් ගියාට....!!!

      Delete
  5. ඇයි ඔය පැත්තේ තියෙනවා නේද කාන්තාරයේ ක්ෂේම භූමියක් වගේ තැනක්... අර අග්ග මහා පන්ඩිත අලහප්පෙරුමලාගේ ඩලස් හිමිගේ අසපුව ප්‍රදේශය... ආන් දියුණු වෙන මිනිස්සු.. ඔහේලා මක්කුන්ද...?

    ReplyDelete
    Replies
    1. අපි ඒකට කියන්නේ හැතැක්ම බාගේ ඩලස් හයිවේ එක කියලා...රාජපස්ස ආංඩුවේ චන්ඩි කමට හොඳම උදාහරනයක් මාතේ රදම්පොල හංදිය ව්‍යාපෘතිය....!!

      Delete
    2. එහෙව් වේසිගේ පුතෙක් ටී වී එකේ පොර ටෝක් දෙන කොට ඇඬෙනවා අප්පා...

      Delete
    3. මාතා....මටත් ඇඬෙනවා බං........

      Delete
    4. සාලේ මැද්දේ බෙට්ට තිබ්බා වාගේ ඒ පරණ ගේ

      Delete
  6. ගම්මිරිස් වැලකට පලදාව කොච්චරද කියන ගාන හැදුවැයි?

    ReplyDelete
    Replies
    1. හොයලා බැලුවම නං එක වැලකින් අවුරුද්දකට කිලෝඑකක් පලදාව තියෙන්න ඕනි...වැස්ස අව්ව පෝර දැමීම වගේ දේවල් නිසා එච්චර ගන්න අමාරුයි..ඒ උනාට තේ, කුරුඳු වගේ වියදං වැඩි වගාවක් නෙවී නිසා පාඩු නෑ...!

      Delete
  7. ඉස්සර ලොරිවල ගම්බිරිස් කරුංකා හෙම පටෝගෙන නුවර ගියා...
    වැහැ

    ReplyDelete
  8. අපිට තේරෙනවා නැති බැරි කමට ගම්බ්රිස් ටිකක් විකුණගෙන ජිවත් වෙන්න ඔයා විදින දුක

    ReplyDelete
  9. මමත් හරිම කැමති පැත්තක්. අපේ පොඩි නංගි ඉන්නේ ඔය පැත්තේ. වගාවට නොකෙරුවත් වත්තේ තැනින් තැන ගම්මිරිස් වැල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ආවාම අපුව බලන්නත් එන්න...!!

      Delete
  10. මදැයි මමත් ගම්බිරිස් චුට්ටක් ඉල්ලගන්න හිටිය.

    ReplyDelete
    Replies
    1. ඔහේගේ කොටහ විකුනුවෙ නෑ...!!

      Delete
  11. ඒ පාර පිට පිටම ගම්මිරිස්

    ReplyDelete
    Replies
    1. ගම්මිරිස් එපිසෝඩ්ස් ඉවරයි...ආයෙත් මාස අටකින් ඊලඟ කන්නෙට....!!
      :)

      Delete
  12. මං ආව පහුගිය දොහක කඹුරුපිටියට.. එනින් ගමන ආවේ ලේනබටුව වැව හම්බෙන පාරෙන් අකුරැහි පැත්තට ඇවිත්.. ඔය කියන ගස් යට සිසිල නොසෑහෙන්න වින්දා..

    ගම්මිරිස් නං හෙන අහංකාරයි නෙව!

    ReplyDelete
  13. ගල්නෑව - බුල්නෑව ගස් කැන්පි එක ඇති පාරෙ ගිහින් තියනවද?

    ReplyDelete
    Replies
    1. ගිය මාස දෙකට දෙපාරක් ගියා.. පාර සවුත්තුයි බුල්නෑව ගල්නෑව හරියේ.. තව ඒ වගේ තැනක් තියෙනවා මහියංගන- කදුරුවෙල පාරෙත්.. සුපිරි!

      Delete
  14. සීරියස් කතාවක් ඇඟට නොදැනෙන්න වගේ ලියලනේ මේ කවියා

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....