Friday 17 February 2017

හැලප එක්ක කොච්චි



1020 Way 2118


හැලප එක්ක 
කන්න ඇහැක්ද 
කොච්චි....!

හ්ම්......!

කොච්චි එක්කවත් 
කන්න ඇහැක්ද
හැලප...!

ඒත්..!

කාපු කෙනක් 
කිව්වොත්
හැලප එක්ක 
කැවා කියාලා
කොච්චි..!
කීයෙන් කී දෙනාද අප්පා
කොරන්නේ 
විශ්වාස...!!

රසම රසයි
අනර්ගයි
රස නහර පිනායයි
හේතුව...!

කිව්වත් විශ්වාස කොරයිද
කවුරුවත්..
ඒත් ...!
ඇත්තම
ඇත්තයි..!
සැටිෆිකේට්ම
ඇත්තයි..!
රසම රසයි
අනර්ගයි
රස නහර පිනායයි...!
පහුගිය සතියෙම
වින්දෙමි
විඳෙව්වෙමි..
ඒත්..!
ඇත්තම
ඇත්තයි
සැටිෆිකේට්ම
ඇත්තයි..
රසම රසයි
අනර්ගයි
රස නහර පිනායයි...!

හැලප හැදන්නේ කුරක්කන් පිටිවලින්නේද...?
ඒ උනාට යොදියේ...
හප්පේ කොච්චි වල තියෙන රාජකීය උශ්නේ....!
ඉස්කෝලෙ ගැන නෙවෙයි උනත්..!
සෙන්ට්‍රිග්‍රෙඩ් විස්සකදි උනත්..
දැනෙනවා නෙව රාජකීය උශ්නේ..!
කොහොමද දන්නවැයි..!
කොච්චියා සිංදු කියනකොට
අර රාජකීය මාතලන් වගේමයි නොව...!

බ්ලොග් ලියන අපේ කරුමේ කියන්නේ
අඩුම ගානේ හාමිනාගේ කොන්ද හරි සෙට් වෙනාවනේ
ඔය ඩොමෙස්ටික් සෙන්සර්ශිප් එකට..
නැද්ද කොච්චි..
හා..
නැද්ද 
හෑලපේ...!


ආයෙත් දොහක
හැලප සමග
කන්න
කොච්චි
පෙරන පෙරුම්
අනේ මේ අහිංසක ටිං ටිං...!
බොක්කෙන්ම
තැන්කූ වේවා බොලාට...!

SQU Cultural Centre





45 comments:

  1. සතියක්ම...???? නැගිටගන්න පුළුවන් උනැයි?

    ReplyDelete
    Replies
    1. හ්ම්.....නැගිටිමින් පවතිමි...!
      :)

      Delete
  2. මෙහෙම නෙමෙයි මේ ආතල් එක විග්‍රහ කරන්න ඕන ගද්‍යයයෙන්,. අපි බලාගෙන ඉන්නවා ඒ රසය ලබන්න...හරියට ලියපන් ශෙෆා. මාත් හිටපු රටක් නිසා ආසයි විස්තර අහන්න.

    ReplyDelete
    Replies
    1. ඉන්න අනේ පොඩ්ඩක්....වෙලා අරන් කොරන්න වැඩක්නේ බොස්...
      අනික..ගද්‍ය කේස්....ඔය ඩිප්ලොමැට්ලා කැමැති නැහැ නොව විස්තර වලට..ඉතින් ඊලඟ පෝස්ට් එක පින්තූරු සමග ගද්‍යයෙන් වේවි හොඳේ...ඉවසන්න මිස්ටර් පෙරේරා..ඉවසන්න..ප්ලීස්...!

      Delete
    2. ඉවසමි...ඉවසමි....

      Delete
  3. පාට පාට ලෝ...කයක්...
    අමුතුම ආලෝ....කයක්...

    මේ අය එක තැනකට උනා කියන්නෙ හිතාගන්න පුළුවන් ලාවට ලාවට.
    ජයවේවා..!!

    ReplyDelete
  4. කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
    ඊටත් වැඩියෙන් ලියන්න හරිම හපන්නු
    විනෝද මිහිරේ

    ReplyDelete
    Replies
    1. පැතිරේ විනෝද මිහිරේ...!

      Delete
  5. දවසක චෙෆා බ්ලොග් ලොව කීවා මතකයි
    හවසක හැලප කොච්චිය මුනගැසෙන බවයි
    රසයක තරම පින්තූරෙන් කියා දමයි
    දවසක ටවත් එන්නට බැරි එකට දුකයි......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි ඔයා ගැනත් කථා කොලා....:)

      Delete
    2. ...අම්බානකට දෙහි කැපුවාවත්ද ?

      Delete
    3. මතක නෑනේ....කාපු බීපු වේලාවට....:)

      Delete
  6. ජයින් ජයිම විවා පුතීලා...

    ReplyDelete
  7. මමනම් මීට වැඩිය පුලුල් විස්තර විචාරයක් බලා පොරොත්තු උනා.අනික ඉතින් ඔය කොච්චිගේ ගායන හැකියාව අපිට එහෙමත් බලා ගන්න මොකද වෙන්නේ වීඩියෝ කෑල්ලක් එහෙම දැම්මනම්.
    අනික චෙෆාකි කොච්චියි හැලැපයි විතරද කෑවේ කෝ නෙල්ලි ?

    ReplyDelete
    Replies
    1. ඩොමෙස්ටික් සෙන්සර්ශිප් නිසා ඔය ටික ඉතරයි ඕන් දෙන්න පුලුවන්..රාජ්‍ය රහස් හෙලිකොලා කියලා සිපිරිගෙයි ලගින්න බැහැ සඳා...!
      නෙල්ලි හොයාගන්න බැරි උනා නොව...!

      Delete
    2. දැන් ඔය කාගේ සෙන්සර් එකටද චෙෆාකිව අහුවෙන්නේ හැලප නෝනගෙද කොච්චි නෝනගෙද

      Delete
    3. හැලපෙටයි, කොච්චිටයි විතරයැ නෝනලා ඉන්නේ සඳා නෝනේ..අනික නෝනලා විතරක්යැ ඩොමෙස්ටික් සෙන්සර්ශිප් දාන්නේ..මේක මහ කරදර ලෝකයක් සඳා..!!

      Delete
    4. හයියෝ සංසාරෙක හැටි නේද ඉතින්

      Delete
    5. ම්..ම්..නෑ නෑ මට නෝ කේස්..

      Delete
    6. කේස් මගේ..
      නෝනා ගේ කොන්දේ අමාරුව තමා හෙණේට හිටියේ..

      Delete
  8. අම්මටහුඩු කට්ටිය ඉස්ටෙලා වගේ
    එල ද බ්‍රා ....

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩෝ..අවුරුදු තුනකට පස්සේ ගෙදර ගියා වගේ දැනුනේ..හෙමිහිට විස්තර ටිකක් ලියන්න ඕනි වෙලා හම්බුනාම...!

      Delete
    2. අඩියක් ගහලා අපිට විස්තර ටික කිවොත් තවත් වටිනවා

      Delete
  9. හුටා. හැලපයි කොච්චියි කන්න උයන එකෙක් සැට් වෙලාද? හැක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...ඕවට පින්කොරන්න ඕනි මෙයා...!

      Delete
  10. හැක්... හැලපයි කොච්චියි චෙෆෙකුට සෙට් උනා කියන්නෙ ඉතිං හොඳ හොද්දක් හදන්න ඇති.

    බොහොම මදි විස්තර. පින්තූර එක්ක සුපිරි විස්තරයක් ඉස්සරහට බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම මදි බවනම් දනිමි...ගමනේ විස්තරයක් ලියන්න හිතාගෙන ඉන්න නිසා මෙහෙම හොඳයි බොස්...!

      Delete
    2. නෙලුම් යායේදී සෙට් වෙමු

      Delete
  11. මේ ළඟදි සින්දු කියලා පොලීසිත් ගියා... ප්‍රථම වතාවට ලංකාවෙදි...

    ReplyDelete
    Replies
    1. හුටා...ඒ මොකෝ...!
      අර පොලෝසියේ ලොකු මහත්තයත් සිංදු කියනෝනේ....!
      ඔහේ ඊට හොඳට කියන්න ඇති නැත්තං ඉතිං දෙන්නා එක්ක යුග ගීයක් කියන්නැති...!
      :) :)

      Delete
    2. හිටපු හොටෙල් එකක සද්දේ වැඩියි කියලා වෝනින් එකක් ආවා... මම හෙමීට මාරු උනා.. අනික් උන් මායිම් කලේ නෑ.. වැඩේ කොන්ටිනියු කලා... ඒ පාර පොලිසියෙන් ආවා... ඒ ආවම ඔක්කෝම ගියා... නැත්නම් හොඳ නෑ නේ..

      Delete
  12. ඊලඟ පෝස්ටුව කියවන්න බලන් ඉන්නවා... කොච්චිගෙ ගීයක් අහන්නත් ඕනේ....

    ReplyDelete
    Replies
    1. කොච්චි ගීත අහන්නනං ඕමාන්ම යන්න වෙනෝ නිර්මාණි...!!

      Delete
  13. කවි පෙළ උපරිමව රස වින්ද බව කියන්නට කියා හැලපි කීවාය.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ආයෙත් ආප්පයක් කෑමේ පින පිහිටලා තියෙනව කියන එක නං ඉතිං හොඳයි....!
      අපි ඉතිං ඔහේ එනකං බලං ඉන්නවා මෙහේ...!

      Delete
    2. මේ පාරත් මම එනවා හැලපියියේ

      Delete
  14. :) හොඳටෝම ගැලපෙනවා හැලප, කොච්චි එක්ක Chef-Archi :) :)

    ReplyDelete
  15. මදි මදි. හොඳටෝ.....ම මදි.

    මෙගා ටෙලියක් වගේ උබෙන් කොච්චියාගෙන් මිස්ට හැලපේ ගෙන් නන් ස්ටොප් බලාපොරොත්තු උනෙමි.

    මේ අප්සට් එකට හෙට උදේ මම බොනවාය.. 🥃 z...

    ReplyDelete
    Replies
    1. මාර සැටිස් ආතර් අයියේ ඔහේට බොන්න නිමිත්තක් උන එක ගැන..මේකයි වැඩේ..ඕපාදූප ලියවෙනෝනේ ලීවොත්, ඉතින් ශේප් එකක් දැම්මා..චියර්ස් කිව්වා එහෙනං...!

      Delete
  16. අම්මාපා...හොඳ වෙලාවට අර හැලපයාගේ ඩ්‍රයිවර් කලින් ආවෙ... නැත්නම් ඔහේලා මාව ගහලා පන්නනවා මගේ සිංදු වල වර්ෂන් මාරු උනා නම්.. අර මම යන්න කලින් අපි කිව්ව
    "තේ පැන් දින දින වැඩි වැඩියෙන්"
    එක බොහොම සංයමයෙන් තමා කිව්වෙ ...
    ඇයි බොල කටට එන්නෙම
     "තේ පැන් සාදයි තම්බි කඩේ"  කියලා..

    කොහොම උනත් මට ඔහේ එක්ක තව වෙලාව ගත කරන්න බැරි උන එක ගැන පට්ට කණගාටුවක් තියෙන්නෙ... බලමු ඉදිරියට

    ReplyDelete
  17. මාව හලලා ඔහෙලා ආතල් ගත්තා නේද 😢

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....