Thursday 5 January 2017

කෙහෙරැළි





කිතුල් රෑන වගේ වෙන්න ඉස්සරවෙලා.....!

පීදිච්ච හැටියෙම වගේ දැක්කනම් අම්මපා...!

හකුරු උනු කරන්න තෙලිජ්ජ කෙසේ වෙතත්..
පැහෙන්න ඉඩ ඇරලා
පෙරනවා ඇත්තටම රා... !

ඒත් අනුන්ගේ කිතුලක
හැරපට බඳින්න ඇහැක මුන් එක්ක...!

46 comments:

  1. 100ක්ම පබ්ලිශ් කරලා නෙව...හ්ම්...!

    ReplyDelete
  2. ඔහ් නිමිත්තට ලියපු නියම නිසනසක් ඈ.

    ReplyDelete
  3. කිතුල් රා ....
    මඤ්ඤොක්කා ද පලහා
    චිලි පේස්ට් දමලා
    සියය සමරමු දාහ පතලා

    ReplyDelete
    Replies
    1. චිලී පේස්ට්...??
      මට නං හෝ මිරිස් ටිකක් රතුලූනු එක්ක තලලා දෙහි චුට්ටක් දාල ගත්තම මසුරං....!!

      Delete
    2. නෑ මං කිව්වෙ , ඉඳල හිටලා චිලී පේස්ට් එක්කත් ට්‍රයි කොරල බලන්ඩ ඕනේ.
      හැමදාම කන කට්ට සම්බෝලේ වගේ නෙවෙයි හිටන්

      Delete
    3. යස් බොස්..ඒකනං ඇත්ත....!
      :)

      Delete
    4. හුඟක්දෙනා මංඤොක්කා සහ කොච්චි සම්බෝල වර්ණනා කරනවා.

      Delete
  4. උයන විටදි කෑමක තව රහගුණ තිබියන්
    අඳින කරන හැම දේකම ලස්සන රැඳියන්
    මවන මවන සිතුවිලි හැම හිතේම නොතියන්
    පිරෙන මොහොතෙ සියයට තුටු පාටිත් ලැබියන්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට දුමී,මැවෙන සිතුවිලි හිතේම තියාගන්න වෙනෝ මට....!

      Delete
  5. අනුන් මැදපු කිතුලක රා ඩිංගිත්තක් හොරාට බොන තරම් සතුටක් ඇද්ද මේලොවේ........ෂාාා ........
    සියය දෙසියක් වේවා.......

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා....ඊටත් රහයි අනුන්ගේ කිතුලක මලක් තමුන් තලාගෙන රා ඩිංගක් තොල ගාන එක....:)

      Delete
  6. 100 ට සුබ පැතුම්, අනුන්ගේ කිතුල් වලට කෙළ හලන්නේ මොකද, තව සුට්ටක් ඉවසල ඉඳල ගෙදර ගහක්ම හැර ගහමු...

    ReplyDelete
    Replies
    1. තැන්කූ...!
      හැම උදේම බලනවා...වෝටර්ස් එඩ්ජ් එකේ ගස් දෙක නං පීදෙන්න ඔන්න මෙන්න..."

      Delete
  7. රා.... සුරා..... රාග ගිනි.....

    රාග ගිනි ජලවෙ...
    ප්‍රෙමයේ උනුසුම් සුසුමේ...
    වෙනස ඔබෙනි දැනුනේ...
    අයාලේ ගිය ජීවිතේ...
    ඔබෙනි ඵල ගැණුනේ...

    https://www.youtube.com/watch?v=lUA02gSJPRE

    ReplyDelete
    Replies
    1. ඔයාට හිතෙන හිතෙන ඒවා ලියන්න හොඳයි..අපි ලිව්වම තමා ඉතිං රාග ගිනි....!!

      Delete
  8. මොකක්ද අප්පා මේ අන්ඩරදෙමලේ

    ReplyDelete
  9. වවමු‍කො ලේක් ෆ්‍රන්ට් එකේ කිතුල ගස් ටිකකුත්. එතකොට බැරියැ පෙරාගන්න.

    සියයට සුබ පැතුම් ! දාහකටත් ඉක්මනට යන්න ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. තැන්කූ....!
      වවන්න වෙලා නෑ අනේ...අපි වැවිච්චා හොයාගෙන යනවා ඉතින්....:)

      Delete
  10. Chef-Archi record එක record එකක් ලෙසින්ම තියලානේ.. ලියන්නට කම්මැලි Archi එක දවසේ Post දෙකක්මත් ලියලනේ... ඉතිං දාහක්ම ලියන්නට සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. එකක් ලිව්වා...!!
      අනික ලිය උනානේ නෝනේ..!!
      තැන්කූ...!!

      Delete
  11. අන්සතු කිතුල් හැරපට බැද නැගුම නොවෙයි

    ලොව්තුරු බුදුන් දෙසුවේ ඒ ලෙසට නොවෙයි

    සැන්දෑ කලට දම්පොත් පෙරලීම යෙහෙයි

    මල් කපනා පිහියේ මුවහත බොහොම සැරයි

    ReplyDelete
    Replies
    1. ඉතිං මංයෑ නගින්නේ
      ඔහේනේ...
      මල් කපනා පිහියෙන් නහින්නේ...!!
      :)

      Delete
    2. නියමයි අටම්පහුර

      Delete
  12. මට නං ඉතිං හොරෙන් රා ඩිංගක් බොන එක තරං තවත් සැපක් නෑ. සීයට උණුසුම් සුබ පැතුම්!! සමරමු නේද?

    ReplyDelete
    Replies
    1. අපි ගෙදරදි බොන්නේ වොඩ්කා..ඉතිං පිට යන්නම වෙනවා සා බොන්න...ඉතිං කම්පනා කරලා හරපටක් බැන්දා අනුන්ගේ කිතුලකට....!
      සමරමු ආවාම...කොල කෑලි ටික හම්බුනැයි ඔහේට එව්ව...?

      Delete
    2. කොළ කෑලි ටික ලැබුණා. කටයුතු කෙරෙමින් පවතිනවා. විස්තර දන්වන්නම්.

      Delete
  13. ඕකට කියන්නෙ ලොලිටා කම්ප්ලෙක්ස් කියල.හොඳ කරන්න ටිකක් අමාරුයි....:)

    ReplyDelete
    Replies
    1. ආ....ඔහේටත් හැදිලැයි ඒක..හුටා...!!

      Delete
  14. අපිට නම් රා එපා... හැබැයි පැණි, හකුරු එහෙම කියල වැඩක් නෑ...
    සියයට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. සා ටිකක් බීලා බලන්නකෝ දවසක...!

      Delete
  15. ඒ කියන්නේ මට වගේම උබටත් හිතිලා තියනවද (පොඩි ලස්සන ගැනු ළමයෙක් දැක්කහම ) අපි ඉපදුනා කල් වැඩිද කියලා
    100 කතාව මොක්කක්ද

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා ඕවා...!

      Delete
  16. 100 ට සුබ පැතුම්...
    -
    පොස්ට් එකනම ඉතින් අනේ මන්ද...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක ගනන් ගන්න එපා බොස්...!
      තැන්කූ..!

      Delete
  17. සීයාට සුබපැතුම් !!!! (සීයට සියට )
    රෑන කිතුල් මල පිටමැද හෙලන්නී
    සිහින් පබළු වැල් ගෙල වට බදින්නී
    කොල නැවුම් සිනා දැලක් හෙලන්නී
    ලදේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී.........

    ReplyDelete
    Replies
    1. එහෙමයි..එහෙමයි..
      තැන්කූ සින්දු..."

      Delete
  18. සීයත් එහෙනම් සීයක් ගැහුව නේහ්?

    ReplyDelete
    Replies
    1. සීයා ගැහුව නේන්නං...!

      Delete
  19. අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු

    මොනා උනත් 100 ට සුභ පැතුම් වෙව්වා

    ReplyDelete
    Replies
    1. රෝමාරස්ට විතරෙයි කුඩ නැතුව වැස්ස තෙමෙන්න හොඳ..?
      අපිටත් ඔය පින්න මීදුම එහෙම අගුන නෑ තාම....!
      :)
      තැන්කූ...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....