Tuesday, 2 August 2016
යාද පාත්‍රා
යාද පාත්‍රා
පාද යාත්‍රා
උගුල්ලමු දත්
හක්කේ දත්
සංජේ දත්
ආකේඩ් නිදහසේ
මන්දිරේ ප්‍රැන්ගිපානි
අහස උසට ප්‍රයිස්ඩ්
ජැකලීන්ගේ
ජැකාගේ
කෑමසූත්‍රයෙන් නිමවූ
කාපු බීපූ ආප්පයක් හෝ දෙකක්
කෙලෙව්වා නේද රටකට
නෑනේ...පහයාලනේ
බළල්ලුන්ගේ බෑවූ...
කෑව නේද ඒ කොස් ඇට
ඇටනැති වලුනැති
දරුපැටැව් නැති...
ලියාපං ඒලෙවල්
යමුද අපි ගෙවා ගන්න ඩිගිරිය
ලන්ඩොන් නෙවෙයි එඩෙක්සෙල් නෙවෙයි
අමුම අමු අපේම ඒලෙවල්...
ඒ පිහිටෙන් ගෙන්නාගත්තු
බදුරහිත මොන්ටෙරෝ ස්පෝර්ට්ස්
ෆෝර් ස්ටාර් ඩීසල් පුරෝගෙන
ඩිෆෙන්ඩර් ඉස්සරහාට නැතත්
කොන්දනමාගෙන
හැරමිටි ගහගෙන
දූපත් මානසිකත්වය පුරෝගත්
සේෆ්ටි බෙල්ට් දාගෙන
දූෂිත හයිවේ එකේ
කිරිහට්ටි පොල්පැණි
බලමාලු තියලා ඇඹුල්
රතුබත් එක්ක ගිලින්නට
යාද පාත්‍රා
පාද යාත්‍රා
රතු එලි
කොල එලි
ගව්ගානක් දුර
මහ චන්දේ පතාගෙන....!
එච්චරයි ඉතින්....නැද්ද හා...!
Subscribe to:
Post Comments (Atom)
ඩෝප් සීන් එකක්
ReplyDeleteසීරියල් විෂන් එකක්...!
Deleteපාට පාට සිහින
ReplyDeleteදේදුනු රොක් සංගීත
කණ් බීරි කරවන
කොකා එපාමයි..
කවි
පදම ඇති.
ජයවේවා..!!
හීනෙන් ඇවිදීම....පාද යාත්‍රා...;)
Deleteඋන් සැප වාහන වල එල්ලී යන මිනිස්සු පයින් යන පාද යත්‍රා.
ReplyDeleteඑදත් අදත් එහේමමයි...
Deleteමල් මල් මල්.. මල් මල් මල්.. මල් මල් හසරැලි පාලා... නිල් නිල් නිල්.. කැපුවත් නිල්.. නීල නෙතු හඩවාලා...
ReplyDeleteළඟ දුනුකේ මලකි
Deleteදුර මානෙල් මලකි
ජනතා සේවය සඳහා මොන තරම් නම් මහන්සියක් වෙනවද අප්පේ...
ReplyDeleteඅපි කුඹුර කොටන්නවත් ඔච්චර මහන්සි වෙන්නේ නෑ අෆ්ෆා...ට්‍රැක්ටර් තීනෝනේ...!
Deleteඑච්චරයි ඉතිං නැද්ද හා
Deleteලෝකෙන් වහං වී හැම ජඩ වැඩම කර....
ReplyDeleteබොරුවට සදාචාරේ ගැන කෑ මොර ගසති...
මහ ලොකු දෙයක් නෑ "ළමයට" කියන්නට...
විකිණෙන රූප දාගන් තොපෙ රෙදි අස්සේ....
-- රංචාගොඩ ළමයා --
චෝයි....!
Delete// නෑනේ...පහයාලනේ
ReplyDeleteබළල්ලුන්ගේ බෑවූ...
කෑව නේද ඒ කොස් ඇට
ඇටනැති වලුනැති
දරුපැටැව් නැති... //
දුකයි හෆ්ෆා!
පව් අෆ්ෆා..!
Deleteපොෂ් ආප්ප අනතුරු දායකයි
ReplyDeleteප්‍රවේශමෙන් පරිහරණය කරන්න.
මීට, ස්ථානාධිපති,
Deleteපොලිස් ස්ථානය,
ගොඩකවෙල...
චෙෆා සංචාරය කරන ගමංද කොමෙන්ට් රිප්ලයි කරන්නෙ. හැක්..
Deleteඔබතුමා බලන්න එන්න කලියෙන් කමෙන්ට් එක දැම්මේ...!
Deleteහා...!
ReplyDeleteඔය යසට තේරුම් අරන් තියෙන්නේ ප්‍රාජේ තුමා ....!
Deleteමට දේසපාලනේ, කවි, කෑම, බිල්ඩිං ගැන නොතේරුනාට බය තේරෙනව සීයේතුමා
Deleteඑදා ලිප්ටන් වටරවුමෙන් යන්න බැරුව හිරවෙච්ච බස්වල හිටිය මිනිස්සු කියපු කවි අතිශයින් වැඩිහිටියන්ට පමණයි.
ReplyDeleteඕවා ගානක් නැතුව අති බස් අජිත්ගේ සිංදු අහලාම...!
Deleteපළවෙනිදා ඇස්වාට්ටුව පැත්තෙන් ගිහිං වගේ.
ReplyDeleteනෑනේ...අදනං ගියා...කැලේ පැනලා හිටියේ අටමායි මායි සුමානයක්ම...."
Delete:d
ReplyDeleteමැසින් ගන් එකකින් ගහනවා වගේ ඔය නෙළලා තියෙන්නේ වටේටම...
ReplyDeleteලොක්කත් ලිප්ටන් වටරවුමේ කලේ මේකමනෙ. "අපි එතනෝල් ගෙනාවද"? "අපි කැසිනෝ දැම්මද?" , "කොමිස් ගැහැව්වෙ කවුද?" කියාගෙන අපෙන් අහලා.
Deleteඅපි සේරම එක අවන්හලක නැවතී
ReplyDeleteඅපේ සිතුම් මල් සිහින පැතුම් මල්
මිරිකාගෙන මධු බඳුනේ
තොල ගාමින් අඩ අඳුරේ
ගහ බැනගෙන රොස පරුසෙන
තලා පෙලා පාගාගෙන
ආදරයෙන් සිත සෙනේහයෙන් යළි
අපි සේරම ජීවිතයේ
මහගිරිදඹේ නගිනවා
අප යන මග ගිනි අව්වේ
හිරි පොද පිනි වැහියල්ලේ
සමනල සුරංගනා ලෝකේ
අරුණළු ප්‍රභාත දේදුන්නේ
ගමනේ කෙලවර දුටුවේ කවුරුද
මහගිරිදඹ තරණය කලෙ කවුරුද
සිතිජ ඉමේ නිල් සිහින ඉසව්වේ
සමනල තටු ගිලිහී
යන මග කෙලවරවී
සිහිනය මිය යනවා
අපි සේරම ජීවිතයේ
මහගිරිදඹේ නගිනවා................
ගායනය - සන්ධ්‍යා දීපානි,ජයශ්‍රී චන්ද්‍රජිත්,ජයලත් මනෝරත්න
නාට්‍යය - මහගිරිදඹ
අපේ ටොයි මාස්ටර්ලා දැන් මේකට පිළිතුරු ගීත තොගයක්ම ලියයි. පරිස්සමෙන්.
ReplyDelete