Tuesday, 9 August 2016

කේරළ පොරොටා, චිකන් මසාලා නවක වදය



Ruwi OK Centre
1992 ජූනි මස 12 වෙනිදා, සීබ් (මස්කට් ) එයාපොර්ට් එකෙන් ගොඩ බට මා කිලෝමීටර 40ක දුර ගෙවා කෙලින්ම රුවී වල ඕකේ සෙන්ටර් එක ගාව තියෙන තට්ටු හතේ බිල්ඩිමේ හතර වෙන තට්ටුවෙ තිබිච්ච අල් හට්මි ඉන්ජිනිරියන් ඇන්ඩ් කන්සල්ටන්සි ඔෆීසියට ගොඩ වැදුනේ සුට්ටං එලිවේටර් එකක නැගිලා...ඒක උඩට එනකොට හෙල්ලිච්ච හෙල්ලිල්ලට වඩා මගේ හිත හෙල්ලුනා ඔෆිස් කට්ට දැක්කම...හපොයි කිය උනා මගේ සරුවාංගෙටම...

මීට සතියකට කලියෙන් මම දහරාන් ගුවන් තොටුපොලෙන් ලංකාවට ගොඩ බෑමෙන් පසු සිදුවූ දේවල් මෙතන කෙටියෙන් ලියා ඇත...මට සිහි වූයෙ මා දහරාන් නගරයේ සේවය කල සමාගම තිබූ මහල් ගොඩනැගිල්ලත්, එහි දහ වන මහලේ මා සේවය් කල ඔෆීසියේ තිබූ සොෆිස්ටිකේෂන් එකත්ය...කාමර තුනක කුඩා අපාර්ට්මන්ට් එකක එහෙන් මෙහෙන් ඔෆිස් මේස පුටු අහුරා තිබූ මේ නව ඔෆීසිය මට හිරිගඩු ගෙනාවේ සුලු කාලයකට පමනි..ප්‍රධාන ඉන්ජිනේරුවා වූ අශෝක් දාස් මහතා බටහිර බෙන්ගාල ජාතික දෙකන් දිග (බුදු සාධු වගේ) පැහැපත් සොඳුරු මනුස්සයෙක් වීමයි එයට හේතුව.

Asok Das-Chief Engineer Al Hatmy Engineering

ආ ගිය තොරතුරු කතා කොට, අශෝක් දාස් මට සජී සමග මාගේ තාවකාලික නවාතැන, ඒ කියන්නේ මගේ ප්‍රිය බිරින්දෑත් දරු දෙදෙනාත් එනතුරා මා හට එන කල බැචුල ඇකම්ඩෙෂන් එක, වෙත ගොස් වෙහෙස නිවා ගෙන එන ලෙසත්, ඔහු පහුවෙනිදාම කල්කටා වෙත නිවාඩු පිණිස යන බැවින්, මට කලියෙන් මෙහි සේවය කල ආකිටෙක්ට් මහතා බාගෙට දමා ගිය රජයේ තට්ටු බිල්ඩිමක ඉතිරි වැඩ කටයුතු නිමා කොට ඔහු ආපසු පැමිනෙන විට ටෙන්ඩර් කිරීමට පිළියෙල කර තබන්නයැයි කී විට මා පැවසුවේ, නැත මට විඩාවක් නොමැත, ඔබ යෑමට කලියෙන් මට කිරීමට ඇති වැඩ ප්‍රමානය ගැන විස්තර කරන්නයැයි කී නිසා හැන්දෑ වෙනකන් ඔහු සමග ගැවසීමටත් අලුත් රටේ වැඩ කරනාකාරයේ දිග පළල යහමින් දැනගැනීමටත් හැකි විය...

කොළඹ සිට සීබ් ගුවන් තොටුපොලට ඇති පැය තුනහමාරක ගුවන් කාලයත්, පැය එක හමාරක් වූ කාලයේ වෙනසත් ජෙට් ලැග් නොගෙනා නිසා මා හට එතරම්ම මහන්සියක් නොදැනුනේ මා 31 වෙනි වියේ පසු වූ නිසාම විය යුතුය..දැන් නම් කොළඹ සිට හයිවේ එකේ මාතර පැත්තට යනවිට ගැලනිගමදීම නින්ද යයි...

Ruwi Civic Centre

සවස පහමාරට පමන රුවී නගරයේ තවත් ලෑන්ඩ්මාර්ක් එකක් වන ජෙනෙට්කෝ බිල්ඩිමේ තුන්වෙනි මහලේ තිබූ මාගේ තාවකලික නවාතැනට යනවිට (එය කාමර තුනකින්, සාලයකින් සහ මනාවට පිරිපුන් මුලුතැන්ගෙයකින් සමන්විත අපාර්ට්මන්ට් පොඩ්ඩක් විය )මාගේ ෆ්ලැට් සඟයන් වූ නන්දි නම් බටහිර බෙන්ගාලි ජාතික ආකියෙකුත්, පෝල් ථෙවකාන්තන් නම් යාපනයෙන් පැමිණි සිටි ශ්‍රී ලාංකික ස්ට්‍රක්චරල් ඉන්ජිනේරුවාත් මූණ කට සෝදා සරම් වලට ෂොර්ට් වලට බැස සිටියෝය.

නන්දි අන්තිම කොනේ කොරිඩොරුවකිනුත් හැරීගියාට පසු හමුවෙන කාමරයකත්, එයට යාබද විශාල කාමරයක පෝලුත් ජීවත් වු අතර විසිත්ත කාමරය සහ මුලුතැන්ගෙය අසල තිබූ අමුත්තන්ගේ නිදන කාමරය මට වෙන්කොට තිබුනේය.. මා එයට පෙම්බැන්දේ එහි තිබූ පළල අලුමිනියම් ජනේල වලින් මට රුවී මිටියාවතේ හොඳම දසුන් කෙරවලක් නොමැතිව සපයා දීමත්, මාගේ ආදරණීය මුලුතැන්ගෙය මා අසලම ගැවසීමත් නිසා වියයුතුය.

Ruwi Valley seen from Yeti

මේ කාමරය තුලත්, මේ කුඩා නිවහන තුලත් ඉදිරි මාස තුනක කාලයේදි රසවත් සිදුවීම් නේක රාශියක් සිදුවූ බැව් මා දැන් සිහිකරන්නේ පුදුමාකර ආත්ම තෘප්තියකිනි.

එනමුදු, තවමත් උත්තර හොයාගැණීමට නොහැකි වූ එකම එක පුද්ගලයෙක් වටා සිදුවූ  සිදුවීම් ජාලයක් මා පසු පස එලවයි. එය ලියා තැබිය යුතුය යන්න මා පෙලයි. මාගේ මේ ලියවිල්ල ඔහුත් කියවන බවත්, මෙය කියවු විට ඔහු දැන් මා මෙන් ජීවිතය විඳ ඇති නිසාත්, ඔහේ ලියාගෙන යමි.

එයට පසුව පිවිසෙමු. මිනිසුන් ගැන කීමේදී මට මතක් වෙන්නේ මා සීබ් ගුවන් තොටුපොලෙන් එකතු කරගැනීමට පැමිනි සජී නම් කේරළ ඉන්ජිනේරුවා සමග රුවී නගරය වෙත පැමිනෙමින් සිටිද්දී වු කුඩා සිද්ධියකි. මා දහරාන් නගරයේ ජීවත්වූ මාස 13ක කාලය තුලදී වාහනයක් පාවිච්චි කරේවත්, කුලී රථයක නොගිය බවත්, ඔෆීසියෙ සිට නවාතැනට කුඩා බසයකින් ගෙන ඇරලූ බවත් පැවසිය යුතුය. සීබ් ගුවන් තොටුපොලින් මා එකතු කිරීමට සජී පැමිණි සිටියේ ඔහුගේ නවතම කාරයෙනි. බෑග් මලු එකතු කොට ඩිකියේ දමා මා ඔහුගෙ කාරයේ ඉදිරි අසුනේ වාඩිකරගත් සජී සීබ් සිට රුවී දක්වා වාහනය පදවමින් සිටින අතර අපට සමාන්තරව ධාවනය වන කුළී රථයේ සිටි ඕමානි ජාතික රියදුරා අතින් පයින් ඔහු හට මා පෙන්න පෙන්නා මොනවාද පවසයි. මේ හස්ත මුද්‍රාව මට නම් තේරුම් ගත නොහැක. අපෙන් ඔහු බලාපොරොත්තු වූ දේ නොලැබුනු මේ ඕමානි ජාතික ටැක්සි රියදුරා අපට ඉදිරියෙන් ගොස් පාර හරස් කර වේගය සෙමින් අඩුකරමින් අපහට වාහනය නවත්තන තැනට වැඩ සිද්ධ කලේය...මා හිතුවේ රටට ගොඩ බැස්ස හැටියේම මට කෙළවෙන්න යනවා යන්නය...ඔහුගේ රථයෙන් බැස ඇවිත් ඔහු උරිස් කරට ඔහුගෙ අත තියමින් පහලට අදින ස්වභාවයක් පෙන්වමින් අරාබි බසින් යමක් පවසයි. එවිට අරාබි බස හොඳින් හසුරන සජී,
 "සුක්‍රාන් ජසීලාන්" යැයි පවසා
 "අතුලා සීට් බෙල්ට් ප්ලීස්..සීට් බෙල්ට් ප්ලීස්.."යැයි පවසූ විට තමා මට තෙරුම් ගියේ මේ වයොවෘධ ටැක්සි රියදුරා මාගේ යහපත පතා තමගේ කාලය මෙසේ විඩංගු කල බැව්. සීට් බෙල්ට් එක දමාගත් මා ඔහුට ස්තූතිකරනාකාරයේ බැල්මක් හෙලූ පසුයි ඔහු ඉවත්ව ගියේ.

මේ ඕමානි ජාතික මිනිසා මෙසේ කලත්, එදාම හවස සිදුවූ තව සිදුවීමකින් තලා පෙලා දැමූ මගේ සිත තාමත් ඔද්දල්ය. අවුරුදු 24කට පසුත් ඔද්දල්ය..

තාවකාලික නවාතැන නිසා ඉවුම් පිහුම් කිරීමට අදහසක් නැත..නමුත් තාවකාලික බාවය කෙතරම් තාවකාලිකද යන්න දන්නේත් නැත...මැදපෙරදිග වීසා නීති රීති මා යන්තම් දැන්සිටි නිසා, මේ තාවකාලික නවාතැන සදාකාලික වුව වියහැක...සරම් ෂෝර්ට් වලට බැස සිටි නන්දි සහ පෝල් සමග ආගිය තොරතුරු කථා කරමින් සිටිනාතරතුර තමයි දොර සීනුව නාදවී දෙදෙනෙක් ගෙතුලට ආවේ..එයින් එක් අය මා හට ඕමානයට රැකියාව සඳහා ඒමට මග පාදා දුන් මා මිත්‍ර ලලිත්ය..අනෙකා කිසිදා දැක නැතත් ශ්‍රීලාංකිකයෙකු බැව් හිනාවෙන් සහ කථාවෙනුත් හඳුන්වා දීමෙනුත් පසක් විය...ඔහු පසුව මා බලා කියාගත් අදටත් මා මිත්‍ර අනුරයාය...

දැන් මෙය මාගලක් වීමට මාන බලයි....

කෙටියෙන් ලියා අහවර කිරීම ඇඟට හොඳය..

අප අතර ඇතිවූ දෙබස....මෙය සිදුවුයේ මාගේ කාමරය තුලය..නන්දි සහ පෝල් මෙයට සම්බන්ධ නැත..හහ්..

මම: මචං මම උයන්න හිතාගෙන නෙවෙයි ඉන්නේ, කෑම ගන්න තැනක් තියෙනවද?

ලලිත්: ආ ඔවු මචං, අතන බෑංක් එකට එහා රුවී හයි ස්ට්‍රීට් එකේ කේරළ රෙස්ටෝරන්ට් එක සෙට්
කරතෑකි..මාසෙකට රියාල් 23ට මෙස් ෆැසිලිටි එක තියෙනවා..යමං ගිහින් අදම රෙජිස්ටර් වෙමු...

අනුර....., මවිත වූ ආකාරයෙන් උඩ බිම බලනවා මිස කිසිත් නොකියයි..දැන හඳුනාගෙන විනාඩි දෙක තුන නිසා වෙන්ටැති..හහ්...

දනි පනි ගා ඇඳගත් මා ඔවුන් දෙදෙනා සමග රුවී මහාමාර්ගය පැන කේරළ රෙස්ටෝරන්ට් එකට ගොස් රියාල් 23ක් ගෙවා මාසයක් කෑමට රෙජිස්ටර් උනෙමි.

මා හිත දෙගිඩියාවෙන් පෙලෙයි. මේ කෑම මට කන්න පුලුවන් වෙයිද..? මොන වගේ කෑම දේවිද..? කමක් නෑ ඔන්න ඔහේ කියලා ආපහු ෆැල්ට් එකට යමු රෑ වෙලා ඇවිත් කනවාය කියා අපි ගිය පයින් ආයෙත් ආවේ, ලලිත් දුන් උපදෙස් අනුව ඇඳුම් බෑගයේ දමා ගෙන ලංකාවෙන් ගෙන ආ හැනපියර් බෝතලයට වග කීමටයි...


කේරළ පොරොටා
චිකන් මසාලා

ඒ සැන්ඳෑව සතුටින් ගෙවූ අපි වෙන්ව ගියේ මා කෑමට රෙජිස්තර වූ තැනින් රෑ කෑමත් කෑමෙන් පසුවයි. ඒ කෑමේ ආදීනව දැන්නුනේ පහුවෙනිදාය...ඇසිඩ් ගිල්ලා වැනි දැවිල්ලත්, ඔලුව පිටුපසින් නැගී එන වේදනාවත් මා හට ගැස්ට්‍රයිටීස්වල හොඳ එක වැළඳී ඇති බැව් කියා පායි...හැන්දෑවේ අනුරයා පමනක් මා සොයා ආවේ පසුව අපගේ ප්‍රියතම පානයක් වූ ඉන්දියන් රම් බෝතලයක්ද සමගයි.

රහමෙර පානය කිරීමට තරම් හිතක් තිබුනත් අමාශයක් නැති නිසා ඒ බැව් අනුරට කී විටයි මට තේරුම් ගියේ මාහට සිදුවූ දේ....අප අතර ඇතිවූ දෙබස...

මම: මාර ගැස්ට්‍රික් මචං..මට ඉන්දියන් කෑම හුරු නෑ..ඔක්කොටම වඩා අර පොරොටායි චිකන් මසාලා එකයි මාර කේස්නේ..

අනුරයා: උඹ සවුදි ඉන්නකොට කෑවේ ඉන්දියන් නෙවෙයිද...?

මම: නෑ බං මම උයාගෙන කෑවේ...?

අනුරයා: උඹට උයන්නත් පුලුවන්ද..?

මම: හ්ම්ම්...

අනුරයා: ඇයි බං උඹ ඉන්දියන් කෑම මෙස් ෆැසිලිටි එකට ගෙව්වේ..ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකෙත් මෙස් ෆැසිලිටි එක තියෙනවනේ..මමයි ලලිතුයි කන්නේත් ඒකෙන්මනේ..ගානත් එකයි...මම මාර අප්සෙට් එකේ හිටියේ උඹ ඇයි ලංකාවේ කෑම කන්නේ නැත්තේ කියලා...

මම: හෑ...ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකක් තියෙනවද..? කොහෙද..ඈතද..?

අනුරයා: ඈත නෙවෙයි රුවී හයි ස්ට්‍රීට් එකේම උඹ කන තැනට පොඩ්ඩක් එහායින්...සුනිල් කියලා ලංකාවේ ඉංජෙක් කරන්නේ රෙස්ටෝරන්ට් එක...

මම: ඒ කියන්නේ ලලිත් ඕනකමින්මද මට කේරළ ස්පොට් එක සෙට් කරලා තියෙන්නේ..?

අනුරයා: ඒ වගේ නේ..ඌ උඹේ යාලුවෙක් කියලා නේද කිව්වේ...මේ ඒක නෙවෙයි තව එකක් තියෙනවා උඹට කියන්න...

මම: මොකක්ද..?

අනුරයා: ලලිත් මාර....!!!!!

මම: එපා එපා ඔයිට වඩා කියන්නෙපා..ඔය හොඳටම ඇති..!

දශක දෙකකටත් එහායින් සිදුවූ මේ සිදුවීම මට තාමත් ප්‍රහේලිකාවකි...ඇයි...ඇයි...???



නවක වදය හෙලා දකිමු...!



68 comments:

  1. රටරටවල ඉන්නකොට මම නම් පුලුවන් තරම් කන්නෙ ඒ ඒ රටවල කෑම.යකෝ පිටරටක ඉන්නකොටත් හැමදාම අල හොද්දයි, බෝංචි මාලුවයි බතයි ගිලින්නෙ අහවල් දේකටද? බඩට කෙලවුනත් කමක් නෑ කියල ඔය තියන ලෙබනන්, ජෝඩන්, ඇෆ්ගන් කෑම බුදින්ට තමයි මගේ පරම පිවිතුරු උත්සාහය. අඩුගානෙ ආපහු ගියදවසක කියන්ට හරි බැරිය අඩියක් ගහන වෙලාවක...

    අශෝක් දාස් ඇවිල්ල ලම්බකර්ණ ගෝත්‍රිකයෙක් වෙන්න ඕන.බුදු හාමුදුරුවොත් ඒ ගෝත්‍රයෙයි කියල කියනවනෙ. දීර්ඝ කර්ණ දේහ ලක්ෂණය පිහිටල තිබ්බනම් අනිවාර්යයෙන් අශෝක්ට බුදු හාමුදුරුවන්ගෙ අනික් දේහ ලක්ෂණත් එකක් දෙකක් හරි පිහිටල තියෙන්න ඇති. අර කියන්නෙ දිවෙන් මූණ වහගන්ට පුලුවන්ය කියල. එතකොට ඔය පුරුස නිමිත්ත ගැනත් කියනව අර මොකක්ද එකක් වගේය කියල. උඹට තිබ්බෙ අශෝක් ගොයියගෙං ඒ ගැන හෙමිහිට අහන්ට...හෙහ්,හෙහ්

    ReplyDelete
    Replies
    1. රවී, ගියපු ගමන් ඒ වගේ ගොරක වැඩ කලාට, ටිකෙන් ටික වෙනස් වෙලා හැඩ ගැහුනා...පොඩ්ඩක් මාලිනීස් කිචන් කියන වෙබ් පේජ් එකට ගිහින් බැලුවනං ඕං මගේ ඇරබික් රෙස්පීස් හොයා ගතෑකි...
      හැලපෙගෙන් අහන්නකෝ..තාමත් මම ෂවර්මා ගෙන්න ගන්නවා ඕමාන් වලින් කෑමට...කන්ටිනුවස් කුබූස් සප්ලයි එකකුත් සෙට් කරගෙන ඉන්නේ...හහ්...
      බුදු සාධුගේ ගුණ තිබුනට අසෝක් ගේ උස තිබුනේනං නැත..ඒනිසා අනිත් අංගයන් අපේ වගේම වෙන්නැති...!

      Delete
    2. මගේ යාළුවෙකුටත් තිබ්බ ඔය උණ.. ඒ ඒ රටවලට ගියාම එහෙ කෑම කන.. වතාවක් මියන්මාර් ගිහින් හොඳටම බඩගිනි වෙලා කඩේකට ගිහින් මම බොහොම අමාරුවෙන් කියල කියල චිකන් ප්‍රයිඩ් රයිස් එකක් දාගෙන කද්දී මූට ඕනේ උනා මියන්මාර් ක්‍රමේට හදපු මශ්රුම් සුප් එකක් බොන්න.. අනේ.. ටික වෙලාවකින් ගෙනත් තිබ්බා දැලි හෝදපු වතුර එකක් වගේ කලුපාට වතුර පුරවපු බෝල් එකක්.. ඒවා බොන්න ඕනේ නෑ සුප් එක විතරක් බොනවා කියල කියා කියා හිටිය.. ම්හු.. බිල ගෙවනකම් වෙන මොකුත් නම් ආවේ නෑ ටේබල් එකට.. පස්සේ බුවා බිලත්බ ගෙවල ඩගින්නෙම නැගිටලා එන්න හදලා අර තිබ්බ කොටුවකින් අර දැලි වතුර එක පොඩ්ඩක් කැලැත්තුවා.. එතකොට දැක්කේ මශ්රුම් කෑලි ඇතුලේ තිබිලා.. හැක්..

      Delete
  2. රවී අයිය කියනව වගේ මොකටද පිටරටවලත් ගිහිල්ල ලංකාවෙ කෑමම හොයන්නෙ. එහෙමනං ඉතිං බොන්නත් සංස්ථා බඩුම හොයන්න වෙයි. හැක්..

    හොඳ වෙලාවට ඒ පැත්තට සැරට වහින්නෙ නැත්තෙ. නැත්තං අර රුවී වැලි දෙවෙනි ෆො‍ටෝඑකේ තියෙන බිල්ඩින් ටික දෙගොඩ තලා යන වතුරෙන් ලස්සනට හෝදගෙන යන හැටි බලාගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. මචෝ..අද වෙනකොට මගේ ප්‍රියතම ආහාරය තමයි චිකන් මසාලා සහ කේරළ පොරෝටා...චට්නි එකේ තියෙනවා ඕතෙන්ටික් පරෝටා එක...
      සංස්ථා බඩු නම් කවුරු හරි එනකොට අනිවාර්‍යයෙන්ම අරන් එනවා..ඔය විස්කි බිස්කි වලට වඩා සංස්ථා බඩු මාරු ඕයි...!
      මොකෝ සැරට වහින්නේ නැත්තේ..වැස්සාම ඔක්කොම හේදිලා යනවා..ඔය පේන බිල්ඩින් තොගේ මැදින් වාඩියක් (ඒ කියන්නේ ඩ්‍රයි රිවර් එකක්) තියෙනවා..ඒක පිරිලා උතුරලා ගියාම සෑහෙන අලාබ හානි වෙනවා...පොඩ්ඩක් ගූගල් කරා නම් හොයාගතෑකි විස්තර...!

      Delete
    2. වහිනකොට හැමදා නියං එකදා වැහි වළාවේ වගේ තමා. ඒ වෙලාවට රුවිවල ඔය කඳු මුදුන්වල තියෙන මහා ගල් පරුවත ගහගෙන යන්නෙ බැලුම්බෝල වගේ. ඉඳපන්කො ෂෙෆා 2007 ගෝනු හරියට එනකල්.

      Delete
    3. ගෝනු ගැන චුට්ටක් ටච් කලා එයාපොර්ට් පෝස්ට් එකක..ඒත් ගෝනු ගැන ලියන්න ඕනිතරම් දේවල් තියෙන නිසා ඒ කාල වකවානුවට එනකොට ලියවේවි...තැන්කූ හැලපේ මතක් කොලාට...ඔහේ එනවැයි....!

      Delete
    4. නිවාඩු ලැබුනෙ නෑ මචං. දෙතුන් දෙනෙක් යන්නම යන්න ලෑස්ති වෙලා ඉන්න නිසා ඒ වැඩ කරන්න තියෙනවා කියල මට ඉන්න කීවා. මාව දාල දරු පවුල ගියා තව මාස තුන හතරකින් නිවාඩු ලැබුනාම මම එන්නං.

      Delete
    5. හපොයි....ඉවසමු....!

      Delete
    6. ඒකත් එහෙමද.

      Delete
  3. ඒවා එහෙම තමා. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි කල්පනාවෙන් ඇසිය යුතුයි කියල අහලා තිබ්බට මදි , ඒ වගේ කරන්නත් ඕන...හොඳම දේ අලුත් තැන්කට ගිහාම් මුලින් උදව් ගත්තට ටික ටික තමන්ම ගවේශන්යේ යෙදිලා තොරතුරු හොයගෙන අනිත් අයත් පුලුවන් විදිහට දැනුවත් කරන එක.

    මේ කතාවේ ඔබ එහෙම කලා නම් ඔබට මුලින් පනිවිඩය දුන් යාලුව එක්කම ගිහින් අලුත්න් ඔබ සොයා ගත් තැන් වලින් කන්න තිබ්බනේ. එහෙමත් නැත්නම් ඔබට එයාටත් කියන්න තිබ්බා එහෙම තැනක් තිබෙන බව. නොදන්න කමටනේ එහෙම කරන්න ඇත්තේ හික්ස්...

    ReplyDelete
    Replies
    1. ගොඩ බැහැලා පැය හතරක් පහක් ඇතුලත වෙච්ච සංගෙඩියක් නෙව මේ ලිව්වේ හීන දකින්නී....දවස් තුන හතරක් විතර ඒ දුක විඳලා එයින් පස්සේ වලේ රොටි (ඇෆ්ගන් නාන්), චපාතී, චිකන් කඩායී, ෂවර්මා, කබ්සා එහෙම කටට බඩට හුරුකරගත්තනේ..කොච්චර හුරු පුරුදු උනාද කිව්වොත් 92 ඉඳන් අවුරුදුම 23ක් කෑව නෙව ඔය ජාති..තාමත් කනවා රස කර කර....!

      Delete
    2. මෙහෙ තියනවා අර්මේනියන් කාරයෙක් ගේ ෂවර්මා කඩයක් නියමයි.

      Delete
    3. රුවන්, සිරියන් ශවර්මා නං මාරයි...මම ආර්මේනියන් වර්ශන් එක රස විඳලා නෑ තාම...ඉස්තාන්බුලි කියලා ශවර්මා ජොයින්ට් එකක් තියෙනවා හැලපයාගෙ අල්කුවේර් රෙසිඩන්ට් එක පල්ලෙහා...බලමු හැලපේ මොකද කියන්නේ කියලා...

      Delete
    4. අපේ කොල්ල මේ පහුගිය මාසයක් විතර දිගටම වගේ රෑට කෑවෙ ඉස්තාන්බුලි එකේ ශවර්මා. දවල්ට අල් හූටි එකේ බිරියානි.

      Delete
  4. ඌ එහෙම කළේ ඇයි කියන එක මටත් ප්‍රහේළිකාවක්. හැබැයි මැද පෙරදිග ගැන දන්න එකෙක් හැටියට උඹට කරන්න තිබ්බේ හතරවටෙන්ම කාල බලල ටික දවසකින් හොඳ තැනට සෙට් වෙන එකයි.

    ReplyDelete
    Replies
    1. දන්න තරම කියන්නේ හැලපේ, අල්කෝබා වල මාස දහතුනක් හිටියට, හිරේ දාලා වගේ හිටියේ...අනික මට වයස 31යි ඕක වෙනකොට....ඒ මනුස්සයා මගේ හොඳට කරන්න ඇත්තේ කියලා හිත හදාගත්තා...කොහොමත් කැම්පස් ඉන්න කාලේ ඉඳන් ඒ මිත්‍රයා අපි වගේ ගමේ ගොඩේ සෙට් එක දිහා බැලුවේ මහ අමුතු තාලෙකට...මුන්ට මොකටද මේවා වගේ... බැල්මක් මත මතක විදියට...!

      Delete
  5. ස්පයිස්ලස්, අන්සෝල්ටි, හාර්ම්ලස් කමෙන්ට් එකක් මතක් වුනාම දාන්නම් පස්සෙ. දැනට හිතෙන ඒවා සෙන්සර්ඩ්

    ReplyDelete
    Replies
    1. ඔයා හරි නරක් වෙලා අර සම්මානේ හම්බුනාට පස්සේ...ඇයි මෙයා ඔහොම කරන්නේ...!

      Delete
    2. රෙස්පොන්සිබිලිටි ඈස් ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් හින්දද මංද නේ?

      Delete
  6. කෑම බීම සම්බන්ධ දේවල් එක සැරේ තීරණේ කරන්න හොඳ නෑ කියලා තේරුම් ගත්තා. අනික මිනිස්සු. මම ගොඩාක් වෙලාවට මුල් හමුවීම් වලින්ම හානේ හොඳ මිනිස්සු කියලා තේරණේට බහිනවා .. කෙල උනාට පස්සේ තම හිතෙන්නේ පොඩ්ඩක් ආශ්‍රය කරලා බලලා ම තීරණේ කරන්න තිබ්බා කියලා.
    මේ කතාවේ දෙවෙනි කොටසකුත් තියේද?
    තාම මස්කට්ද? මම නම් මස්කට් ඇවිත් තියෙනවා පස් හය පාරක්

    ReplyDelete
    Replies
    1. අවුරුදු 23ක් ඉඳලා ආපහු ගම රට ඇවිත් දැන් විශ්‍රාම සුවයෙන් බෙල්ල කඩාගෙන වැඩ කරනවා ලංකාවේ...!
      පුලු පුලුවන් වෙලාවට මතකෙට එන විදියට ලියාගෙන යන නිසා කොටස් තියෙන්න පුලුවන්, මොකද ඔය චරිත එක්ක සෑහෙන කාලයක් ජීවත් වෙච්ච නිසා..
      තැන්කූ දුකා මෙහේ ආවාට....!

      Delete
    2. මමත් 2000ඩි කටාර් ගිහින් පටන් ගත්තු මැද පෙරදිග ජීවිතේ තාම කාන්තාරේ. 2005දි ඩුබායි ආවා, 2008-2009දි අබු දාබි ආව ගමන් දැන් දිගටම අබුඩාබි.

      Delete
  7. අර සිද්ධිය නම් නවක වද කෑල්ලක් කියල හිත හදාගන්න පුළුවන් පස්සෙ ඒ වගේ දේවල් නොවුන නම්.ඔය ලියන අතරෙ රෙසිපියකුත් අපි තවත් මනාපයි ඕන්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මොන වගේ රෙසිපියක්ද ඕනේ..මාලිනිගේ කිචන් එක සර්ච් කලොත් ඇරබික් රයිස් එක ඇති..අටමට ගුරුමුශ්ටිය නැතුවම ඩෙමොන්ස්ට්‍රේට් කරලම කියලා දුන්නා..ඌ දාන් ඇරබික් රයිස් ඔස්තාද්.."

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හිස් වළං වල පින්තූරු කන්න‍ය ලිඛිතා...උයපු වෙලාවක් අඬගහන්න කියලා අටමාට කියන්නං..ඌ හිත හොඳ එකා බෙදලම දෙයි කාපිය කියලා....!

      Delete
    4. නැ නැ මං ඉල්ලං කන්නේ

      Delete
  8. මට මෙ කතාව ටිකක් ටියුබ් ලයිට්!
    කමක් නැහැ... මාත් අනික් අය වගේම තේරුනා වගේ ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම එහෙමයි

      Delete
    2. හැක්.. හැක්..

      Delete
    3. සා රස ඔහේ මේ කමෙන්ට් කාරයින්ට ඇමුයුනිශන් ලෝඩ් කරනවනේ..!

      Delete
  9. මම රට ඉන්න කාලෙත් ලංකාවේදී අපේ හොඳම යාළුවො හිත් රිදෙන විහිළු බයිට් කිරීම් වගේ සෑහෙන දේවල් කලා...
    මට ඒ ගොඩ වෙලාවට මතක් උනේ මක්සිම් ගෝර්කි ගේ "මිනිසුන් අතර" පොත...
    ලංකාවේදී කොච්චර කටු කාල තිබුනත් පොඩි සැලීමක් හිතට දැනෙනවා, ඒ අපිට නුහුරු නුපුරුදු පරිසරය නිසා වෙන්නත් ඇති...
    ඔය වගේ පිළිගැනීමක් චෙෆ්ට ලබා දෙන්නත් හේතුව එවැනිම හැඟීමක් වෙන්න පුළුවන්...

    මට ලංකාවේ ඉන්දැද්දී තිබ්බ ගැස්ට්‍රයිටිස් එහෙදි හොඳ උනා, මුල් මාසේ දෙක ඉන්දියන් කෑම කාල එපා වෙලා මම මගේ රූමො දෙන්නගේ අකමැත්ත පිට උයන්න ලෑස්ති උනා...
    වේලෙන් දෙකෙන් වැඩේ ගොඩ, ගෙවල් වලින් එද්දී ළුණු ගෙඩියක් කපල නැති උන් දෙන්න ටික දවසකින් මම පරක්කු වෙද්දී මට කන්නත් කෑම හදල දෙන මට්ටමට හැදුනා...
    හැබැයි අපි කොච්චර කලත් හැම බ්‍රහස්පතින්දා රෑම ගිහින් ඇරබික් ශවර්මා වලට වග කියනවා, දම්මාම් වල තිබ්බ ඒ ශවර්මා වල රහ මතක් වෙද්දීත් කෙළ උනනවා...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...හිත හොඳටම කලබල වෙච්ච තරුණ ඒත් මොලේ අඩු නිසාම වෙච්ච දෙයක් මේ සිදුවීම මට..මගෙයි වැරැද්ද හිතන්නෙ හොයන්නෙ බලන්නෙ නැතුව කිව්ව එක කරපු එක...යාලුවෝ ඔහොම කරනවද බං..!
      ශවර්මා දෙකෙන් දවස දුවපු මගේ ඇමරිකන් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා දහරාන් වලදි කෙන්ට් නෙල්සන් කියලා...!

      Delete
  10. ඕක සමහරක් ලංකාවේ මිනිස්සුන්ගේ ජම්ම ගතියක්. උන්ගේ සීනියර් කම පෙන්වන්ඩ කරන ජරා වැඩක්...

    ReplyDelete
    Replies
    1. මේකා වයසෙන් සීනියර්, ඕමාන්වලට සීනියර් හැබැයි මගේ බැච් එකේ...ඒකයි දුක..."

      Delete
  11. මාතෘකාව එහෙම දැම්මේ ඇයි කියල හිතුනේ පෝස්ට් එකත් කියවල කොමෙන්ට්ස් ටිකත් බාගෙට කියවගෙන එද්දී.. more you sweat on training; less you bleed in war කියල හිතල යාළුවා එහෙම කරන්න ඇති.. ඔය යාලුවා ගැන කියනකොට දැන් ලොකු වගකීමක් දරන ප්‍රොෆෙසර් කෙනෙක්ව මතක් වෙනවා මට..

    ReplyDelete
  12. කොයි හැටි වෙතත් වෙනිං රටකට ගියාපුවහම ඒ රටේ තියෙන දේට හුරුවෙන්න ඕනෑ. එතකොට එහෙ වසන්න ලේසියි. නැත්තං අපිට වෙනම සිංහල කොලනි හදන්න වෙනවා. අනගි ලියමනක්. ඔය දේශාටන විත්ති ටික දිගටම ලියන්න මහත්තයා.

    ReplyDelete
    Replies
    1. අලුතින් හදන්න දෙයක් නෑ සුරංග මල්ලි...කට්ටිය කොහොමත් කොලනි හදාගන්නවා...මෙහෙ ඔය සංගීත සාජ්ජයක් වගේ දෙයක් තියනකොට ඇන්ටිලා එකතු වෙලා ලයිව් ආප්ප, කොත්තු හදලා විකුණනවා...මිනිස්සු කොහේ ගියත් මිනිස්සුම තමයි...

      Delete
    2. සුරංග දැන් බදුලු ගිහින් වෙනස්වෙලා...වැද්දගල මානාන මතකත් නෑ...:)

      Delete
  13. මම ගියත් ඔතනදි ඕ ඩෑල් එකට අහුවෙනවා..හැබැයි මට නං ලේසියෙන් බඩ අමාරු නෑ.. ගැස්ටයිටිස්තුත් නෑ..අපරාදෙ ගැස්ටයිටිස් නැති වුනානං රියල් කේලරයෙක් වගේ ජීවත් වෙන්න තිබුනා එකෙන්ම කකා..

    මිනිස්සු ඉන්නවා මහ පුදුම විදියට විනෝද වෙන. මටත් අනන්තවත් සෙට් වෙලා තියෙනවා. සමහර දේවල් නිසා මගේ නං මුලු ජීවිතේම වෙනස් වුනා.. ඒත් මම දුක් වෙන්නේ නම් නෑ.. තේරුමක් නෑනෙව..

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි...පොඩි කාලේ වෙච්ච දේවල්නේ මේ...හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ අමිල....!

      Delete
  14. මම බොහොම සතුටුයි මං ඕනෙම කෙනෙක් ගේ ආගිය කථා අහන්න. මං නොදැකපු දේවල් හිතින් මවාගෙන අහං ඉන්න. ඉතිං ඉඩ තියෙන වෙලාවට ලියන්න Chef-Architect ඔබ ඇත්තටම චිත්ත රූප මවලා කතා කරන්න හරිම දක්ෂයෙක්..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මවල දෙනව කියලනං ලියල නෑ...ලිකිතා කොහොමද දන්නේ ශෙෆාට ඩෝන් යනව කියල...දන්න අඳුනන කෙනෙක්වත්ද අෆ්ෆා මේ...ගම නුවරද ඈ...?

      Delete
    3. ඩෝන් තියනවා අරින්නැ කැඩෙනවට බයේ

      Delete
  15. සමහර මිනිස්සු බොහොම කුරිරු සතුටක් ලබනවා ඔය දේවල් කරලා...අලුත් මිත්‍රයින්ගෙන් ලැබෙන උණුසුම් පිළිගැනීම්, කවද කොතැනදී උනත් දෙපාරක් හිතල වැඩ කරන්න ඕනේ කියලයි මං නම් හිතන්නේ...

    කියවන කොට මේ විස්තර පැණි රහ උනාට විඳිනකොට සමහර වෙලාවට තිත්තයි...ඒත් ඒවම තමයි පසුකාලීනව සුන්දර මතක විදියට එකතු වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ලියනකොටත් සුන්දර රසයක් දැනෙන්නේ පොකුරු...තරුණ කාලේ නිසා එච්චරම කටුක ගතියක් දැනුනේ නෑ..මම කොහොමත් සෑහෙන අඩු මොලයක් තියෙන කෙනෙක්..ඉතින් ඔලුව දුවන්නේ විසි අවුරුද්දක් විතර පිටිපස්සෙන්...:)

      Delete
  16. එක එක රටවල කෑම කන එක ජොලි වැඩක්.. හැබැයි සමහර ඒවා අපිට කටේ තියන්න බෑ... මමත් මෙහෙ නිතර යන කඩේක මෙනු එකේ එක කොනක ඉඳන් තියෙන කෑම පිළිවෙලකට කාලා බලමින් ඉන්නේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. මමත් හරිම ආසා දෙයක් තමයි ඒ වැඩේ...ටික ටික පුරුදු උනාම ඕන තැනක ගිහින් ජීවත්වෙන්න ලේසියි...!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හැබෑටම ... ? ලිඛිතා කුමාරිත් දන්නවා එහෙනම් රහස.. ::D වෙල්කම් බැක්

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හයියෝ ලිඛිතාකුමාරි, 92 ජූනි 5වෙනිදා ලංකාවට ආවේ ඕමාන් ජොබ් කන්ෆර්මේශන් එකත් එක්ක..සතියකින් තමා ආයෙත් ගියේ..ඒක මට හොඳට මතකයි මොකෝ පොඩි ඈයෝ දෙන්නයි ගෙදර උන්දැයි මාස 13කට පස්සේ දැකලා සතියකින් යන්න උන නිසා....මීට සතියකට කලින් කිව්වොත් හරි..ජූනි 12යි දින 12යි ටැපලිලා...ඔයා ඔඩිට් ෆර්ම් එකක්ද වැඩ කරන්නේ, එහෙමත් නැත්තං හොටෙල් බුකින්ග් ප්‍රෝග්‍රෑම් කරන තැනකද හැබෑට..?
      හදන්නං වැරැද්ද...අහනව..ඔව්..හා..ඉතින්...!

      Delete
    2. //හයියෝ ලිඛිතාකුමාරි// දන්න අඳුනන කෙනෙක්වත්ද අෆ්ෆා මේ...ගම නුවරද ඈ...?// හෑ!!! මමනම් මොකුත් දැක්කෙත් නෑ.. දන්නෙත් නෑ..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හෝව් හෝව්..ඩෝන් ගිහින් තියෙන්නේ ෂෙෆාටද ලිඛිතාකුමාරිටද...? සැලකිල්ලෙන් කියවල වැරදි පෙන්නුවා..ඒ වැරැද්ද හැදුවා...ඉතින් කොහොමෙයි බයිට් වෙන්නේ...?
      අනිත් එක වෙටරන්ලට මොන නවක වදයද...!!!!

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. කට බොරු කිව්වත් ඇඟිලි බොරු කියන්නේ නෑ කියල ඕනනම් අපිට අලුත් උපහැරණයක් හදන්න පුළුවන්.. හෙහ් හෙහ් හෙහ්..

      Delete
    7. This comment has been removed by the author.

      Delete
  18. අපිනම් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල මෝව් නගරයේ පුහුණුවන අතරේ උද්ඝෝෂණ (බොරු අනේ, දුක්ගැනවිලි කළේ) කළා ඔය ජරාවකන්න බැහැ අපි දිනපතා කන්නේ බාස්මතී හාල් වල බත්, ටූනා, සියර් ෆිෂ්, ප්රෝන්ස්, ලොබ්ස්ටර්, කියලා. :D

    කියන පරක්කුවට මුම්බායි වලින්, ගුවනින් බඩු ගෙන්නලා දුනා.

    ReplyDelete
    Replies
    1. ඇයි මෝව් වල බඩු කලුද...?

      Delete
  19. Lalith has explained what happened...!
    This he sent on messenger today..thanks Lalith for your reaction....

    Lalith wrote...
    Machang, only today I read your blog after a long time and I was shocked to learn about what you wrote! And to see that you were made to believe that I purposely made you to eat from a Indian restaurant while I ate from a Sri Lankan place. For your information machang I have never gone to that Sri Lankan restaurant you mentioned (Sunil's) before you came to Oman. I always ate from the Indian place tha I introduced you too and I never thought about your gastric conditions when I did it. I don't know what else this Anura fellow told you about me! I never thought that he was a person with had such cruel intentions! Well I spent only a couple of months with him and wouldn't have known him better anyway. Anyway I just wanted to clarify the facts that,s all. No hard feelings.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....