|
Ruwi OK Centre |
1992 ජූනි මස 12 වෙනිදා, සීබ් (මස්කට් ) එයාපොර්ට් එකෙන් ගොඩ බට මා කිලෝමීටර 40ක දුර ගෙවා කෙලින්ම රුවී වල ඕකේ සෙන්ටර් එක ගාව තියෙන තට්ටු හතේ බිල්ඩිමේ හතර වෙන තට්ටුවෙ තිබිච්ච අල් හට්මි ඉන්ජිනිරියන් ඇන්ඩ් කන්සල්ටන්සි ඔෆීසියට ගොඩ වැදුනේ සුට්ටං එලිවේටර් එකක නැගිලා...ඒක උඩට එනකොට හෙල්ලිච්ච හෙල්ලිල්ලට වඩා මගේ හිත හෙල්ලුනා ඔෆිස් කට්ට දැක්කම...හපොයි කිය උනා මගේ සරුවාංගෙටම...
මීට සතියකට කලියෙන් මම දහරාන් ගුවන් තොටුපොලෙන් ලංකාවට ගොඩ බෑමෙන් පසු සිදුවූ දේවල්
මෙතන කෙටියෙන් ලියා ඇත...මට සිහි වූයෙ මා දහරාන් නගරයේ සේවය කල සමාගම තිබූ මහල් ගොඩනැගිල්ලත්, එහි දහ වන මහලේ මා සේවය් කල ඔෆීසියේ තිබූ සොෆිස්ටිකේෂන් එකත්ය...කාමර තුනක කුඩා අපාර්ට්මන්ට් එකක එහෙන් මෙහෙන් ඔෆිස් මේස පුටු අහුරා තිබූ මේ නව ඔෆීසිය මට හිරිගඩු ගෙනාවේ සුලු කාලයකට පමනි..ප්‍රධාන ඉන්ජිනේරුවා වූ අශෝක් දාස් මහතා බටහිර බෙන්ගාල ජාතික දෙකන් දිග (බුදු සාධු වගේ) පැහැපත් සොඳුරු මනුස්සයෙක් වීමයි එයට හේතුව.
|
Asok Das-Chief Engineer Al Hatmy Engineering |
ආ ගිය තොරතුරු කතා කොට, අශෝක් දාස් මට සජී සමග මාගේ තාවකාලික නවාතැන, ඒ කියන්නේ මගේ ප්‍රිය බිරින්දෑත් දරු දෙදෙනාත් එනතුරා මා හට එන කල බැචුල ඇකම්ඩෙෂන් එක, වෙත ගොස් වෙහෙස නිවා ගෙන එන ලෙසත්, ඔහු පහුවෙනිදාම කල්කටා වෙත නිවාඩු පිණිස යන බැවින්, මට කලියෙන් මෙහි සේවය කල ආකිටෙක්ට් මහතා බාගෙට දමා ගිය රජයේ තට්ටු බිල්ඩිමක ඉතිරි වැඩ කටයුතු නිමා කොට ඔහු ආපසු පැමිනෙන විට ටෙන්ඩර් කිරීමට පිළියෙල කර තබන්නයැයි කී විට මා පැවසුවේ, නැත මට විඩාවක් නොමැත, ඔබ යෑමට කලියෙන් මට කිරීමට ඇති වැඩ ප්‍රමානය ගැන විස්තර කරන්නයැයි කී නිසා හැන්දෑ වෙනකන් ඔහු සමග ගැවසීමටත් අලුත් රටේ වැඩ කරනාකාරයේ දිග පළල යහමින් දැනගැනීමටත් හැකි විය...
කොළඹ සිට සීබ් ගුවන් තොටුපොලට ඇති පැය තුනහමාරක ගුවන් කාලයත්, පැය එක හමාරක් වූ කාලයේ වෙනසත් ජෙට් ලැග් නොගෙනා නිසා මා හට එතරම්ම මහන්සියක් නොදැනුනේ මා 31 වෙනි වියේ පසු වූ නිසාම විය යුතුය..දැන් නම් කොළඹ සිට හයිවේ එකේ මාතර පැත්තට යනවිට ගැලනිගමදීම නින්ද යයි...
|
Ruwi Civic Centre |
සවස පහමාරට පමන රුවී නගරයේ තවත් ලෑන්ඩ්මාර්ක් එකක් වන ජෙනෙට්කෝ බිල්ඩිමේ තුන්වෙනි මහලේ තිබූ මාගේ තාවකලික නවාතැනට යනවිට (එය කාමර තුනකින්, සාලයකින් සහ මනාවට පිරිපුන් මුලුතැන්ගෙයකින් සමන්විත අපාර්ට්මන්ට් පොඩ්ඩක් විය )මාගේ ෆ්ලැට් සඟයන් වූ නන්දි නම් බටහිර බෙන්ගාලි ජාතික ආකියෙකුත්, පෝල් ථෙවකාන්තන් නම් යාපනයෙන් පැමිණි සිටි ශ්‍රී ලාංකික ස්ට්‍රක්චරල් ඉන්ජිනේරුවාත් මූණ කට සෝදා සරම් වලට ෂොර්ට් වලට බැස සිටියෝය.
නන්දි අන්තිම කොනේ කොරිඩොරුවකිනුත් හැරීගියාට පසු හමුවෙන කාමරයකත්, එයට යාබද විශාල කාමරයක පෝලුත් ජීවත් වු අතර විසිත්ත කාමරය සහ මුලුතැන්ගෙය අසල තිබූ අමුත්තන්ගේ නිදන කාමරය මට වෙන්කොට තිබුනේය.. මා එයට පෙම්බැන්දේ එහි තිබූ පළල අලුමිනියම් ජනේල වලින් මට රුවී මිටියාවතේ හොඳම දසුන් කෙරවලක් නොමැතිව සපයා දීමත්, මාගේ ආදරණීය මුලුතැන්ගෙය මා අසලම ගැවසීමත් නිසා වියයුතුය.
|
Ruwi Valley seen from Yeti |
මේ කාමරය තුලත්, මේ කුඩා නිවහන තුලත් ඉදිරි මාස තුනක කාලයේදි රසවත් සිදුවීම් නේක රාශියක් සිදුවූ බැව් මා දැන් සිහිකරන්නේ පුදුමාකර ආත්ම තෘප්තියකිනි.
එනමුදු, තවමත් උත්තර හොයාගැණීමට නොහැකි වූ එකම එක පුද්ගලයෙක් වටා සිදුවූ සිදුවීම් ජාලයක් මා පසු පස එලවයි. එය ලියා තැබිය යුතුය යන්න මා පෙලයි. මාගේ මේ ලියවිල්ල ඔහුත් කියවන බවත්, මෙය කියවු විට ඔහු දැන් මා මෙන් ජීවිතය විඳ ඇති නිසාත්, ඔහේ ලියාගෙන යමි.
එයට පසුව පිවිසෙමු. මිනිසුන් ගැන කීමේදී මට මතක් වෙන්නේ මා සීබ් ගුවන් තොටුපොලෙන් එකතු කරගැනීමට පැමිනි සජී නම් කේරළ ඉන්ජිනේරුවා සමග රුවී නගරය වෙත පැමිනෙමින් සිටිද්දී වු කුඩා සිද්ධියකි. මා දහරාන් නගරයේ ජීවත්වූ මාස 13ක කාලය තුලදී වාහනයක් පාවිච්චි කරේවත්, කුලී රථයක නොගිය බවත්, ඔෆීසියෙ සිට නවාතැනට කුඩා බසයකින් ගෙන ඇරලූ බවත් පැවසිය යුතුය. සීබ් ගුවන් තොටුපොලින් මා එකතු කිරීමට සජී පැමිණි සිටියේ ඔහුගේ නවතම කාරයෙනි. බෑග් මලු එකතු කොට ඩිකියේ දමා මා ඔහුගෙ කාරයේ ඉදිරි අසුනේ වාඩිකරගත් සජී සීබ් සිට රුවී දක්වා වාහනය පදවමින් සිටින අතර අපට සමාන්තරව ධාවනය වන කුළී රථයේ සිටි ඕමානි ජාතික රියදුරා අතින් පයින් ඔහු හට මා පෙන්න පෙන්නා මොනවාද පවසයි. මේ හස්ත මුද්‍රාව මට නම් තේරුම් ගත නොහැක. අපෙන් ඔහු බලාපොරොත්තු වූ දේ නොලැබුනු මේ ඕමානි ජාතික ටැක්සි රියදුරා අපට ඉදිරියෙන් ගොස් පාර හරස් කර වේගය සෙමින් අඩුකරමින් අපහට වාහනය නවත්තන තැනට වැඩ සිද්ධ කලේය...මා හිතුවේ රටට ගොඩ බැස්ස හැටියේම මට කෙළවෙන්න යනවා යන්නය...ඔහුගේ රථයෙන් බැස ඇවිත් ඔහු උරිස් කරට ඔහුගෙ අත තියමින් පහලට අදින ස්වභාවයක් පෙන්වමින් අරාබි බසින් යමක් පවසයි. එවිට අරාබි බස හොඳින් හසුරන සජී,
"සුක්‍රාන් ජසීලාන්" යැයි පවසා
"අතුලා සීට් බෙල්ට් ප්ලීස්..සීට් බෙල්ට් ප්ලීස්.."යැයි පවසූ විට තමා මට තෙරුම් ගියේ මේ වයොවෘධ ටැක්සි රියදුරා මාගේ යහපත පතා තමගේ කාලය මෙසේ විඩංගු කල බැව්. සීට් බෙල්ට් එක දමාගත් මා ඔහුට ස්තූතිකරනාකාරයේ බැල්මක් හෙලූ පසුයි ඔහු ඉවත්ව ගියේ.
මේ ඕමානි ජාතික මිනිසා මෙසේ කලත්, එදාම හවස සිදුවූ තව සිදුවීමකින් තලා පෙලා දැමූ මගේ සිත තාමත් ඔද්දල්ය. අවුරුදු 24කට පසුත් ඔද්දල්ය..
තාවකාලික නවාතැන නිසා ඉවුම් පිහුම් කිරීමට අදහසක් නැත..නමුත් තාවකාලික බාවය කෙතරම් තාවකාලිකද යන්න දන්නේත් නැත...මැදපෙරදිග වීසා නීති රීති මා යන්තම් දැන්සිටි නිසා, මේ තාවකාලික නවාතැන සදාකාලික වුව වියහැක...සරම් ෂෝර්ට් වලට බැස සිටි නන්දි සහ පෝල් සමග ආගිය තොරතුරු කථා කරමින් සිටිනාතරතුර තමයි දොර සීනුව නාදවී දෙදෙනෙක් ගෙතුලට ආවේ..එයින් එක් අය මා හට ඕමානයට රැකියාව සඳහා ඒමට මග පාදා දුන් මා මිත්‍ර ලලිත්ය..අනෙකා කිසිදා දැක නැතත් ශ්‍රීලාංකිකයෙකු බැව් හිනාවෙන් සහ කථාවෙනුත් හඳුන්වා දීමෙනුත් පසක් විය...ඔහු පසුව මා බලා කියාගත් අදටත් මා මිත්‍ර අනුරයාය...
දැන් මෙය මාගලක් වීමට මාන බලයි....
කෙටියෙන් ලියා අහවර කිරීම ඇඟට හොඳය..
අප අතර ඇතිවූ දෙබස....මෙය සිදුවුයේ මාගේ කාමරය තුලය..නන්දි සහ පෝල් මෙයට සම්බන්ධ නැත..හහ්..
මම: මචං මම උයන්න හිතාගෙන නෙවෙයි ඉන්නේ, කෑම ගන්න තැනක් තියෙනවද?
ලලිත්: ආ ඔවු මචං, අතන බෑංක් එකට එහා රුවී හයි ස්ට්‍රීට් එකේ කේරළ රෙස්ටෝරන්ට් එක සෙට්
කරතෑකි..මාසෙකට රියාල් 23ට මෙස් ෆැසිලිටි එක තියෙනවා..යමං ගිහින් අදම රෙජිස්ටර් වෙමු...
අනුර....., මවිත වූ ආකාරයෙන් උඩ බිම බලනවා මිස කිසිත් නොකියයි..දැන හඳුනාගෙන විනාඩි දෙක තුන නිසා වෙන්ටැති..හහ්...
දනි පනි ගා ඇඳගත් මා ඔවුන් දෙදෙනා සමග රුවී මහාමාර්ගය පැන කේරළ රෙස්ටෝරන්ට් එකට ගොස් රියාල් 23ක් ගෙවා මාසයක් කෑමට රෙජිස්ටර් උනෙමි.
මා හිත දෙගිඩියාවෙන් පෙලෙයි. මේ කෑම මට කන්න පුලුවන් වෙයිද..? මොන වගේ කෑම දේවිද..? කමක් නෑ ඔන්න ඔහේ කියලා ආපහු ෆැල්ට් එකට යමු රෑ වෙලා ඇවිත් කනවාය කියා අපි ගිය පයින් ආයෙත් ආවේ, ලලිත් දුන් උපදෙස් අනුව ඇඳුම් බෑගයේ දමා ගෙන ලංකාවෙන් ගෙන ආ හැනපියර් බෝතලයට වග කීමටයි...
|
කේරළ පොරොටා |
|
චිකන් මසාලා |
ඒ සැන්ඳෑව සතුටින් ගෙවූ අපි වෙන්ව ගියේ මා කෑමට රෙජිස්තර වූ තැනින් රෑ කෑමත් කෑමෙන් පසුවයි. ඒ කෑමේ ආදීනව දැන්නුනේ පහුවෙනිදාය...ඇසිඩ් ගිල්ලා වැනි දැවිල්ලත්, ඔලුව පිටුපසින් නැගී එන වේදනාවත් මා හට ගැස්ට්‍රයිටීස්වල හොඳ එක වැළඳී ඇති බැව් කියා පායි...හැන්දෑවේ අනුරයා පමනක් මා සොයා ආවේ පසුව අපගේ ප්‍රියතම පානයක් වූ ඉන්දියන් රම් බෝතලයක්ද සමගයි.
රහමෙර පානය කිරීමට තරම් හිතක් තිබුනත් අමාශයක් නැති නිසා ඒ බැව් අනුරට කී විටයි මට තේරුම් ගියේ මාහට සිදුවූ දේ....අප අතර ඇතිවූ දෙබස...
මම: මාර ගැස්ට්‍රික් මචං..මට ඉන්දියන් කෑම හුරු නෑ..ඔක්කොටම වඩා අර පොරොටායි චිකන් මසාලා එකයි මාර කේස්නේ..
අනුරයා: උඹ සවුදි ඉන්නකොට කෑවේ ඉන්දියන් නෙවෙයිද...?
මම: නෑ බං මම උයාගෙන කෑවේ...?
අනුරයා: උඹට උයන්නත් පුලුවන්ද..?
මම: හ්ම්ම්...
අනුරයා: ඇයි බං උඹ ඉන්දියන් කෑම මෙස් ෆැසිලිටි එකට ගෙව්වේ..ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකෙත් මෙස් ෆැසිලිටි එක තියෙනවනේ..මමයි ලලිතුයි කන්නේත් ඒකෙන්මනේ..ගානත් එකයි...මම මාර අප්සෙට් එකේ හිටියේ උඹ ඇයි ලංකාවේ කෑම කන්නේ නැත්තේ කියලා...
මම: හෑ...ශ්‍රීලන්කන් රෙස්ටෝරන්ට් එකක් තියෙනවද..? කොහෙද..ඈතද..?
අනුරයා: ඈත නෙවෙයි රුවී හයි ස්ට්‍රීට් එකේම උඹ කන තැනට පොඩ්ඩක් එහායින්...සුනිල් කියලා ලංකාවේ ඉංජෙක් කරන්නේ රෙස්ටෝරන්ට් එක...
මම: ඒ කියන්නේ ලලිත් ඕනකමින්මද මට කේරළ ස්පොට් එක සෙට් කරලා තියෙන්නේ..?
අනුරයා: ඒ වගේ නේ..ඌ උඹේ යාලුවෙක් කියලා නේද කිව්වේ...මේ ඒක නෙවෙයි තව එකක් තියෙනවා උඹට කියන්න...
මම: මොකක්ද..?
අනුරයා: ලලිත් මාර....!!!!!
මම: එපා එපා ඔයිට වඩා කියන්නෙපා..ඔය හොඳටම ඇති..!
දශක දෙකකටත් එහායින් සිදුවූ මේ සිදුවීම මට තාමත් ප්‍රහේලිකාවකි...ඇයි...ඇයි...???
නවක වදය හෙලා දකිමු...!