Thursday 28 January 2016

සතුටු කඳුලු...!




2004 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ රාමාදාන් පටන් ගත්ත දිනේ අද වගේ මතක ෆාස්ටින් පටන් ගත්ත නිසා නෙවී...ඕමාන් වල ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් කොමියුනිකේෂන් මිනිස්ටර් අපේ ඔෆිස් එකටම ඇවිත්, මස්කට් සහ සලාලා එයාර්පෝර්ට් දෙකේ අපි පිලියෙල කරපු ටෙක්නිකල් ඇන්ඩ් ෆිනෑන්ෂල් ප්‍රොපෝසල් එක අරන් ගිය දවස නිසා...

එතකොට අපි 21 දෙනෙක්ගෙ පොඩි ඔෆිස් එකක්..නම ලාසන්, ඒ ඇන්ඩ් සී ඊ...එදා ඉඳන් මම මාර කට්ටක් කෑවා 420 දෙනෙක්ගෙන් සමන්විත ඔෆීසියක් ගොඩනගන්න...

2012 දෙසැම්බර් වෙනකොට ඔක්කෝම ඩිසයින් වැඩ ටික ඉවර කලත් අපි ස‍යිට් එකේ වැඩ පටන් අරන් එතකොටත් අවුරුදු හයක් වෙලා...

අද මට ආපු අප්ඩේට් ඩොකුයුමන්ට්ස් වලින් ඔය පල්ලෙහායින් තියෙන පිංතූර ටික හැමෝටම බලාගන්න මගේ බ්ලොග් එකේ දාන්න හිතුනේ, මීට ටික වෙලාවකට කලින් තට්ටු තිහක හතලිස් හතකටත් උඩ කනුවක් හයි කරන ගමන්උඩ ඉඳන් ලොකු පුතා බල කර නිසා...

Zaina & Brian with HH Sayyid Fahd Bin Mahmoud Al Said
මේ සතියේ මුල ඕමාන් උප අගමැති (ඒ කියන්නේ සුල්තාන් ගාවට ඉන්න කෙනා රජ පවුලේ)Zaid Fahd Bin Mahmoud Al Said  තුමා සහ කැබිනට් මන්ඩල සාමාජිකයන් රැසක් VVIP විසිට් එකක් දැම්මා තවමත් වැඩ නිමවෙමින් පවතින මස්කට් ටර්මිනල් බිල්ඩින් එක ගැන සෝදිසි කරන්න. ඔය උඩ පින්තූරේ වම් පැත්තෙන් ඉන්නේ එච් එච් ( ඒකියන්නේ හිස් හයිනස්) සයිඩ් ෆහඩ්..ඔමාන් වල ඩෙපියුටි ප්‍රයිමිනිස්ටර්..දකුනු පැත්තේ ඉන්නෙ සයිනා (Zaina Al Harthy), ටයි කෝට් දාගෙන ඉන්නේ බ්‍රයන් (Brian Paton)...සයිනා විශ්ව විද්‍යාලයෙන් ආර්කිටෙක්චර්  කෝස් එක ඉවර කරන්නත් කලියෙන් අපි ලඟට ආවා ට්‍රේනී කෙනෙක් හැටියට..අද සයීනා එක්ස්පීරියන්ස් තියෙන එයාපොර්ට් ආර්කිටෙක්ට් කෙනෙක්...(සතුටු කඳුලු...)
බ්‍රයන්ව මම හොයාගත්තේ ක්ව්ලාලම්පූර් එයාර්පොර්ට් එක කරපු කන්ට්‍රැක්ටර් ගාව ඉඳලා...බ්‍රයනුයි, චමින්දයි, සන්හාරුයි විතරයි ප්‍රොජෙක්ට් එකේ කන්ස්ට්‍රක්ෂන් ඉවර කරනකන් ඕමාන් වල නවතින්න කැමති උනේ....

chaminda & Zaina
උඩින් තියෙන පින්තුරේ වම් පැත්තේ ඉඳන් දෙවෙනියට ඉන්නේ චමින්ද, තරුන ආකිටෙක්ට් කෙනක් උනාට එයාර්පොර්ට් එක්ස්පර්ට් කෙනෙක්...සම්පූර්ණ නම සහ වෘතික නාමය නම් වරලත් වාස්තු විද්‍යාඥ චමින්ද මුනසිංහ. දකුනු පැත්තේ ඉඳන් දෙවෙනියට ඉන්නේ සයීනා...

වැඩ නිමවෙමින් පවතින මස්කට් එයාර්පෝර්ට් ටර්මිනල් බ්ල්ඩින්ග් එකේ පින්තූර තමයි පල්ලෙහායින් තියෙන්නේ...( සතුටු කඳුලු...)


Pier-arrival Level
Grade Level Concourse 

Arrival Lounge
Baggage Claim Area
Jet Bridge Interior
Pier Departure Level
Walkalator - Arrival Level
Satellite Lounge-ceiling 
Lower Level Access
Hard & Soft Landscaping-Car Park Area

බොහොම ලඟ දවසක අපේ හැලපෙට මේ එයාර්පොර්ට් එකෙන් ලංකාවට එන්න ලැබේවි....

තෙල් බැරල් එක ඩොලර් 26ට බැහැලා නිසා ඕමාන්වලත් ගොඩාක් ප්‍රොජෙක්ට්ස් මේ දවස්වල ඇනහිටලා..ඒත් VVIP විසිට් එකෙන් පස්සේ මේ වැඩේ කෙරිලා තියෙන ලස්සන දැකලා ඉක්මනටම මේ එයාර්පෝර්ට් එක නිමා කරන්නය කියලා තීරණ දීලා සුලතාන්වරයා... (සතුටු කඳුලු...)



සයීනා, චමින්ද සහ බ්‍රයන් ඇතුලු ලාසන් ආර්කිටෙක්ට් ටීම් එකට මගේ සුභපැතුම්......(සතුටු කඳුලු...)



114 comments:

  1. ජයවේවා ලොක්කා!

    ReplyDelete
    Replies
    1. ජයවේවා කියනෙක සතුටෙන් බාරගතිමි...නමුත් ලොක්කා කීම මටනම් නොවටී...!ඒත් ඉතින් ආදරෙන් කියනෝ නං ඔන්න ඔහේ කමක් නෑ සරස...!

      Delete
  2. ඔන්න අපෙනුත් සුභ පැතුම්, චෙෆාකිටත් එක්කම ...!

    තමන්ගෙ උත්සාහයෙන් පියවරෙන් පියවර දියුණු වෙනකොට , තමන්ට පැවරුනු වගකීමක් නිසියාකාරව ඉ‍ටු කරන්න හැකි වෙනකොට දැනෙන සතුට අසීමිතයි.

    ReplyDelete
    Replies
    1. සතුටටත් වඩා වචනෙන් කියන්න බැරි හැඟීම් නම් අපමනයි...
      ස්කෙචස් ඩ්‍රෝවින්ග්ස් වෙලා..ඩ්‍රෝවින්ග්ස් ගොඩනැගිලි වෙනකොට තමයි හිතෙන්නේ බුදු අම්මේ ආකිටෙක්චර් සිලෙක්ට් උනේ නැත්නම් මම ඉවරය කියන එක....

      Delete
  3. පිරිසිදුකම නියමෙට තියනවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් විදේශිකයින් ඕමාන් වලට ගොඩබැස්සට පස්සේ අත්විඳින පලමු දේ තමයි... රුවන්... පිරිසිදුකම...(ඉන්දියන් ලෙබරස්ලාට පින්සිද්ධ වෙන්න හැබැයි...)

      Delete
  4. සුභ පැතුම් චෙෆාකි. ලාංකිකයෙකුගේ හැකියාවන් සහ ගැන ආඩ්මබරයි.

    ඩබීටිස් හැදෙන්න පෙර ඔය මස්කට් සහ බූන්දි තමයි මගේ ප්‍රියතම කෑම (දුක් කඳුළු) හැක්

    ReplyDelete
    Replies
    1. මෙවන් ජාතික යෝජනාක්‍රම (National Projects) තනි පුද්ගලයෙක්ගේ හැකියාවක් නම් නෙවෙයි...පොලිටිකල් ලීඩර්ස්ලාගේ ඉඳන් පාර සුද්ධ කරන කම්කරුවා දක්වා විහිදෙන එක අරමුනක, ජාතියකට වැදගත් කමක් ඇති, දෙයක් කිරීමට ඉඩ කඩ සලසා දීම විතරයි මෙතන තියෙන්නේ..අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ නේ..!
      පැනි බූන්දි කෙසේ වෙතත් මස්කට් නම් මම තාමත් කනෝ....!

      Delete
    2. //ඔක්කොම වැසියෝ නේ..!//

      1977 මැතිවරණයේදී බොරැල්ල රැස්වීමකදී එම්.එච් මොහොමඩ් මහතා ක්ලා යැයි කියන ප්‍රකාශයක්. "මම්ම පත්කලොත් පොරැල්ල වේශියන්ගේ ලමයි හම්බුවෙන තැන් ලෝකු කරනවා"

      Delete
    3. එයාම නේද අර ඉස්සරහටත් කොරනවා පස්සටත් කොරනවා කීවේ....!

      Delete
  5. Nice work. Well done.

    ReplyDelete
    Replies
    1. Team Work..guided by a benign visionary dictator...
      Thanks Ano...

      Delete
  6. මම අදයි දන්නෙ ඕමාන් රජවරු ඔය පටිය සහ පිහිය සාමාන්‍ය නිළ ඇඳුම විදිහට පාවිච්චිඋ කරනව කියල. අනික් රටවලනම් ඕක ස#න්ස්කෘතික උත්සව දාට විතරනෙ දාන්නෙ.

    චෙෆා, ඇඬෙනව කියල විතරයි විස්තරේ ගැන සහ අනික් පින්තූර ගැන කෙටියෙන්ම කියන්න තීන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉන්දික.....රජවරු..ඒ කියන්නේ රෝයල් ෆැමිලි එකේ අය විතරක් නෙවී...හැම ඕමනි කෙනෙක්ම කන්ජර් එක (කිනිස්ස ) අඳිනවා සෙරමෝනියල් ඩ්‍රෙස් එකේ පාර්ට් එකක් හැටියට....යේමනි කන්ජර් එකට වඩා කොට වෙනස් හැඩයක් තියෙන්නේ ඕමානි කන්ජර් එකේ...පින්තූරේ සයිඩ් ෆහඩ් වටේට ඉන්න මිනිස්ටර්ලා ඔක්කොම කන්ජර් ඇඳන් ඉන්නේ ඒකයි...මිනිස්ටර්ලා ඔක්කොම රජ පවුලේ නෙවී...
      ඇඩෙන්න ඇයි ඉන්දික...ඉන්ටීරියර් ස්පේසස් හරි නෑද..?

      Delete
  7. ජයසිංහ නම් මස්කට් air -port එකේ concept design එක කරලා ලාසන් office එක වැහෙනකම්ම් වැඩ කළා .නම නැතිඋනාට එයා නම් හිතෙන් හොඳටම සතුටු වෙනවා. airport එක නිමවෙනවා දැකලා . මගේ මහත්තයට ඒ අවස්ථාව ලබා දුන්නට chef-architect ට thank වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. සඳකැන් නෝනා දැන් ලියන්නේ නැත්තේ මොකෝ?

      Delete
    2. එයාටත් බුකි රෝගේ බෝ වෙලා කමියෝ...!

      Delete
    3. වෙලාවකට බුකිය හොදා මීට වැඩිය

      Delete
  8. මගෙනුත් උනුසුම් සුබ පැතුම් බොසා

    ReplyDelete
    Replies
    1. ගල් සහ මල් මචෝ...ස්තුතියි බ්‍රෝ...

      Delete
  9. හරියටකරලා හරියට ඉවරවෙන වැඩක සතුට.....
    සුභපැතුම්....

    ReplyDelete
    Replies
    1. What the hell are you building there at somnas man?

      Delete
    2. ඌ ඒක නතර කරනවලු...
      ඔන්න වැඩක හැටි...

      Delete
  10. වරේවා.... ගල් වැලි සිමෙන්තිත් එක්ක තියෙන සතුට කියන්නෙ ඉතින් පොඩි දරුවෙක් ලොකු කරගන්නවා වගේ බලා හදා ගන්න එපැයි..
    හරිම සන්තෝසයි..
    ඇතුලෙන් පෙනෙන විදිහට හැඩැති නිර්මාණයක්..
    (තට්ටු තිහක් උඩ නේද?.... ඇඟ සීතල වෙනවා..)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්..පිටතින් පෙනෙන හැටි මීට ඉස්සර පෝස්ට් එකක දැම්මා....!
      ගල් වැලි සිමෙන්ති වලට වඩා මේ ප්‍රොජෙක්ට් එකේ පාවිචිචි උනේ ස්ටීල් ඇන්ඩ් ග්ලාස්....!

      Delete
  11. ලොකු අයියෙ... උඹල වැඩකරුවො කියල අපි දන්නවා.. හදවතින්ම සුභපැතුම්.. ලංකාවෙ මිනිස්සු හැටියට වගේම දන්න අඳුනන උදවිය විදිහට අපටත් බොහොම ආඩම්බරයි..

    ReplyDelete
    Replies
    1. ආඩම්බර නේන්නං....ලංකාවේ ආකිටෙක්ට්ස්ලා, ඩ්‍රාෆ්ට්ස්මන්ලා 120ක්ම කර දුන්න වැඩක් මේක සජ්ජෝ...අපි සීනියර්ම ආකියෝ 10 දෙනෙක්ගෙන් තමයි ඩිසයින් ටීම් එක සමන්විත උනේ...ජයසිංහ තමයි ගොඩාක් බිල්ඩින් වල කන්සෙප්ට්ස් කලේ...ඇත්තටම ලොකුම ටාස්ක් එක උනේ, කොහොමද ආකියො ටීම් එකක් එක ඩිස‍යින් එකක් කරන්නේ කියන එක..ඒකට අපි ඩිසයින් ඩිස්කෂන්ස් කරා, ඒ කරන ගමන්ම ස්කෙචින් කරන එකත් ජයේ අතින් උනා...ඒ ස්කෙචස් ආයෙත් ඩිස්කස් උනා..මරු එක්සස්යිස් එකක් ඒක..සෑහෙන්න එන්ජෝයි කරපු ප්‍රොජෙක්ට් එකක් සජ්ජෝ...

      Delete
  12. සතුටු කඳුලු සතුටු කඳුලු. වෙන මොනව ද ඉතින්.

    ReplyDelete
    Replies
    1. සතුටු කඳුලු සතුටු කඳුලු...!!!!

      Delete
  13. සාමූහික ප්‍රයත්නයක ජයග්‍රහණය.

    මට මෙහෙම හිතුනා. ඒ කාලේ සමාධි පිළිමය, අවුකන පිළිමය, ගල් විහාරය වුනත් කරන්න ඇත්තේ, මේ ආකාරයට සාමූහික උත්සාහයකින් වෙන්න ඇති. ඔවුන්ට ඒ සතුට මෙලෙස සටහන් කරන්න අවස්ථාවක් ලැබුනානම්, මොනවා කියයිද?

    වෙන එකක් තියා, අපේ රටේ ඉංජිනේරුවන්, අපේ රටේ සල්ලි වලින් හදපු ගල්ඔය ව්‍යාපාරය ගැනත්, එවැනි සටහන් දකින්නට නැති තරම්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වල Like Button එකක් නැති පාඩුව ...

      Like Buttonනැති හින්දා, ඔබතුමාගේ ...

      // මට මෙහෙම හිතුනා. ඒ කාලේ සමාධි පිළිමය, අවුකන පිළිමය, ගල් විහාරය වුනත් කරන්න ඇත්තේ, මේ ආකාරයට සාමූහික උත්සාහයකින් වෙන්න ඇති. ඔවුන්ට ඒ සතුට මෙලෙස සටහන් කරන්න අවස්ථාවක් ලැබුනානම්, මොනවා කියයිද? //

      අපූරු සිතුවිල්ලට Like එක මෙහෙම දුන්නා...

      Delete
    2. විචා මෙවැනි නිර්මානයක් තනි මනුස්සයෙකුට තියා තනි සමාගමකටවත් කරන්න බැහැ...ඒක තේරුම් ගන්න බැරි කම පෙන්නපු හොඳම උදාහරනයක් තමයි විචාලගෙ අලුතෙන් හැදෙන ආරක්ෂක අමාථ්‍යාංශ මූලස්ථාන ගොඩනැගිලි සමූහය...මට ඒ යෝජනා ක්‍රමයට සහභාගි වෙන්නයි කියලා ආරාධනා කරන කොට සෑහෙන්න වැඩ වරද්දගෙන තිබුනේ..මම සහ මගේ ටීම් එක ඒවකට හිටපු ආරක්ෂක ලේකම් වර‍යාට කීවේ අපිට සති දෙකක් දෙන්න කරුණු කාරනා හොයල බලන්න ඊට පස්සේ අපි කියන්නං මොනාද කොහොමද කරන්න ඕනි කියලා..සති දෙකකට පස්සේ දැවන්ත මීටිමක, හැමෝම ලේකම් තුමාට බයේ ගැහි ගැහි ඉන්නකොට මම කිව්වා මාස පහකට කරුනාකරලා වැඩ නවත්තන්න, ඒ වෙනකොට අපි ප්‍රොජෙක්ට් එක රී ස්ට්‍රක්චර් කරලා දෙන්නන් කියලා...එතුමා කිසි කථාවක් නැතුව වැඩ නවත්තන්න කැමති උනා...එහෙමයි මේ වගේ වඩ කෙරෙන්නේ..කරන අය විතරක් ඉඳලා වැඩක් නෑ, ඒ අය කියන එක අහන නායකයොත් ඉන්න ඕනි..නැත්නම් දුටුගැමුනුට රුවන්වැලි සෑයේ මොඩ්ල් එකක් පෙන්නුවා වගේ වැඩනේ නිලධාරීන් කරන්නේ..
      වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සාමූහික ප්‍රයත්නයක් මිස තනි මිනිසෙකුගේ හෝ තනි සමාගමක වැඩක් නෙවී මේක...මා එම ප්‍රයත්නයට නායකත්වය දුන්නා පමනයි....

      Delete
    3. @chef-architect
      " මම කිව්වා මාස පහකට කරුනාකරලා වැඩ නවත්තන්න, ඒ වෙනකොට අපි ප්‍රොජෙක්ට් එක රී ස්ට්‍රක්චර් කරලා දෙන්නන් කියලා"

      මේ කොයි කාලෙද?

      Delete
    4. October 2011....as I remeber.....!

      Delete
  14. සුභ පැතුම්. හුඟක් ආඩම්බරයි. ඕමාන් පැත්තෙන් නම් කවදාවත් ගිහින් නැහැ. ඩුබායි හරහා තමා ඩිරෙක්ට් යන්නේ නැත්නම් යැවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔමාන් එයාර් හබ් එක හැටියට තමයි ප්‍රොජෙක්ට් එක කෙරිලා තියෙන්නේ...බටහිර රටවල් වලට දැනටමත් කොළඹින් හොඳ කනෙක්ෂන්ස් තියෙනවා මස්කට් හරහා...හීත්‍රෝ වලට ඩිරෙක්ට් ෆ්ල්යිට්ස් තියෙනවා කොලඹින් මස්කට් හරහා....ඊලඟ සැරේ ට්‍රයි කරලා බලන්න....එමිරේට්ස් වලට වඩා ලාබයි...

      Delete
  15. ලංකාවේ අය මේවට සම්බන්ධ වීම ඇත්තටම සතුටක්.
    සුබ පැතුම්.

    ReplyDelete
  16. ශ්‍රී ලාංකිකයෙක් වීම සතුටක් වෙන්නේ මෙන්න මේ වගේ ඒවා දකින කොට. සතුටු කඳුළු වගේම හීන් ආඩම්බරයකුත් ඇති වෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ආඩම්බර වෙන්නේ තව තව එයාර්පොර්ට් ප්‍රොජෙක්ට්ස් ආවොත් තමයි....හෙහ්...හෙහ්

      Delete
  17. මට ප්‍රශ්ණේ වෙල තිබුනේ ඕක නෙමෙයි.... අර බිත්තියේ එල්ලලා හියෙන ප්ලෑන කොහොමද ඇන්දේ කියන එකයි..

    ඕක හදන්න ඇත්තේ බාසුන්නැහෙලා නේ... හරියට අර රුවන්වැලිසෑය හැදුවා වගේ..

    ReplyDelete
    Replies
    1. හදන්න ඉස්සර වෙලා ඇන්දේ කොහොමද කියල නේ...
      ඒක මචෝ..පිරිමියෙක් කිරිබත් හදනවා වගේ...හිතලා බලපන්... එතකොට ඔලුවට ඕක එයි...

      බාසුන්නෙහේලාම 3200ක් හිටියනේ...ඒ මදිවට අපිත්....ලොකුයිනේ මචං...

      Delete
    2. සහෝදරයා.. මමත් MIA ප්‍රොජෙට් (MC3) එකේ FIT-OUT කරන COMPANY යක QS කෙනෙක් විදියට දැනට වැඩ කරනවා. දැන හදුනා ගන්න කැමතියි හැකිනම ඇමතුමක් දෙන්න. 93525590 (Muscat නම් ඉන්නේ )

      Delete
  18. චෙෆා ගැන ඉතිං ඒ කාලේ ඉදලම තියෙන්නේ ලොකු ආඩම්බරයක් නෙව. ලංකාව ලෝකයේ බබලවන කෙනෙක් නේ.. මටත් සතුටුයි ෆයිනල් ටච් පින්තුර ටික දැක්කම..

    ලොක්කා ඒක නෙමෙයි අර කටුනායක හැන්ගර් ගැන ලියනව කිව්වට ඊට පස්සේ ලිව්වේ නෑනේද??

    ජය වේවා.. වැඩියෙන් ගල් පෙවේවා.. හැක්..

    ReplyDelete
    Replies
    1. කටුනායක හැන්ගර් නෙමේ මචෝ ..අලුත් ටර්මිනල් එක ගැන...විස්තර ඔක්කෝම පොටෝ කෑලිත් එක්ක තියෙනවා...ඕවා ලියලා පාරේ බැහැලවත් යන්න බැරිවෙයි..මොකෝ යහපාලන මෙතඩ් එක තාම තේරුම්ගන්න බෑ..අරලිය කොල ගැන ලියල හිරේ විලංගුවෙ වැටුනොත් හිටං..කමිය පොටො එකක් ගහලා දවසක් පොලෝසියේ හිටියේ නිකන් නෙවී නේ....හපොයි බයයි දේශෝ...!

      Delete
    2. බය වෙන්න එපා ඉස්සරහට ඔයාව ඕන වේයි.. ඕන් අද මෙග පොලිස් පටන් ගත්තා....

      අර අළුත් පක්ෂෙට හෙම යනවා නෙමෙයි ඕන්... අර තට්ටු ගානක් උඩ ඉන්න අලි පැටියට සෙට් උනා නම් හරි.. අර කර්තකොලොම්බු අපිට කවන්නේ...

      Delete
    3. @ Maathalan...උඹ දන්නෝ නේ..අපි පක්ෂ වලට නෑනේ...අපි දැන් නාකිනේ බං..අපිව ගන්න එකක් නෑ ඔය මෙගාපොලිස් වලට....අඹ යාලුවා කීවොත් ඉතින් බෑ කියන්නත් බැරිවේවී....නැද්ද...!

      Delete
    4. රයිට් දැං තමා මතක් උනේ. ස්ටේජ් ටූ නේද?? බය වෙන්න එපා බං අයියේ. අපි උඹ ගැන බලාගන්නං.. මේ කීබෝඩ් එකයි නෙට් එකයි තියෙන කං ඕක මොකක්ද?? හැක්..

      Delete
  19. ලොකු මහත්තයා මගේ නම දැම්මේ මක්කද මේ පෝස්ට් එකේ...
    අනික අපිට තට්ටු 30 ය කියල අවමන් කොරනවා එහෙම නෙමෙයි, අපි ඇවිල්ල තට්ටු 47 ඉඳන් කෝල් කලේ...
    මට හිතෙන්නේ ඔයාට අර තට්ටු 30 ඉන්න අඹ බෝතලේ එක්ක මාව ටැපලුනා වෙන්න ඕනේ...
    මමත් මේ දවස් වල තට්ටු 47 නුත් උඩ මීටර් 30 ක ඉතර කණුවක් හයි කරගෙන යනවා. ආසාවට ඉල්ලගෙනමයි ඒ වැඩේ කරන්නේ...
    හයි කරලා ඉවර උනාම චෙෆ් ට ගෙදර ඉඳලම බලන්න පුළුවන් වෙයි...
    වැඩක් කරලා ඉවර වෙද්දී දැනෙන සතුට ගැන කියල වැඩක් නැහැ බොස්...

    සෞදි ඉඳල ආපහු ආවේ ආයේ ලංකාවෙන් පිටුවහල් කලත් කොහෙවත් රටකට රස්සාවකට යන්නේ නැහැ කියල හිතාගෙන...
    මොනවා හරි බලා කියා ගන්නවත් ඔය පැති වල යැවෙන්නේ නැති නිසා ඔය එයාර්පෝට් එක ඇස්දෙකෙන් බලන්න මටනම් මළාට ලැබෙන එකක් නැහැ...
    ඒකට කමක් නැහැ, චෙෆ් අපිට මෙහෙම හරි මේවා පෙන්නන එක ලොකු දෙයක්නේ...

    ///එතකොට අපි 21 දෙනෙක්ගෙ පොඩි ඔෆිස් එකක්..නම ලාසන්, ඒ ඇන්ඩ් සී ඊ...///
    ලොකු මහත්තයා නම වෙනස් කරගෙන වගේ, දැන් ඔයාගේ නම ඊබට් වගේ මොකක් හරිද...
    මමනම් දැනගෙන හිටියේ චෙෆ් ගේ නම A අකුරෙන් පටන් ගන්න නමක් කියලා...

    21 දෙනෙක්ගේ ඔෆිසියක් කියන්නෙත් පොඩි එකක් නෙමෙයි, එයිටාමතරව 420 ක් කියන්නේ නම් සෙල්ලමක්ම නෙමෙයි...
    චෙෆ් ට අපි ආදරේ කල යුත්තේ ගෞරව කල යුත්තේ ඔබගේ ඒ හැකියාවන්ට...
    ඇත්තටම පට්ට වැඩක්. ගොඩක් සතුටුයි, එකක් මේක අපේ එකෙක්ගේ වැඩක් නිසා, අනික දන්නා අඳුනන හිත මිත්‍රයෙක්ගේ වැඩක් නිසා...
    අපේ මිනිස්සු මේ වගේ දේවල් කලා කියන එක මීට වඩා ලංකාවේ මිනිස්සු දැන ගන්න ඕනේ. අපේ උන් පත්තරේක දැම්මත් දාන්නේ තාත්ත පුතාව මැරුවා, අම්මයි ළමයි දෙන්නයි වස බීලා මැරුණා, ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා වගේ කාලකන්ණි දේවල්...
    ඒවා තහනම් කරලා අපේ මිනිස්සු කරන මේ වගේ හොඳ දේවල් පුළුවන් තරම් මිනිස්සු අතරට යවලා අපේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප වෙනස් කරවන්න ඕනේ බලෙන් හරි...

    ඩිසයින් ගැන බැලුවොත්, මම Jet Bridge Interior එකටනම් සුට්ටක් ඉතර බය උනා. අනිත් ඒවා නම් එළ...
    ඒක අමතක කරන්නකෝ, මට මෙතන තියෙන සමහර ෆොටෝ බලද්දී සප්තපාදි එකේ පුල් එක ගාව ඉඳන් ඉස්සරහ බලද්දී පේන කොරිඩෝව මතක් උනා, ඒ ඇයිද කියලයි මම මේ කප්පනා කලේ,හෙහ් හෙහ්...

    හෙට ඒ පැත්තේ යන්නත් ඕනේ, ඒ කිව්වේ සප්තපාදි නෙමෙයි, සත්නපුරේ...
    දරු පවුල එක්කගෙන එන්න එපැයි...
    කොළු පැටියා දකින්න නැතුව මාර පාළුවෙන් මේ දවස් ටිකේ හිටියේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹේ උස හැදුවා...!
      Jet Bridge ඉන්ටීරියර් එක පොඩ්ඩක් ගෝඩි තමයි...කාලයක් යනකොට හරි යාවි...අනික මචෝ ඔය ෆ්ලොර් ෆිනිෂ් එක පේන්නේ නැහැ ඔච්චරම...
      පර්මනන්ට් තීරණ ගන්න කාරි නෑ ඔය තරුණ වයසෙදි...සවුදිනම් මාත් ආයෙ යන්නේ නෑ..ඒකට පිටට ගිහින් තව එක්ස්පොෂර් එක ගන්න එක බොලාට හරි වැදගත්....
      අනේ මුනුබුරාව බලන්නත් ආසයි...චුටි මාමත් UK ගිහින්නේ සති දෙකකට..!

      Delete
    2. වෙන රටකට ඇවිදින්න යනඑක වෙනම කාරණයක්, රස්සාවක් කොරන්න රට යන්න හරි කම්මැලියි අප්පා...
      ඒත් ඉතින් කියන්නත් බැහැ, ෆීල්ඩ් එක තවත් ඩල් උනොත් වෙන මක්ක කරන්නද රට පනිනවා ඇරෙන්න...

      ඊයේ තමයි මමත් දැනගත්තේ චුටි මාම UK ගිහින්ය කියලා...
      ඔයා ඉතරක් නෙමෙයි මමත් හෙණ ආසාවෙන් ඉන්නේ පොඩි එකාව බලන්න, සති දෙකකට මෙහෙමනම් තනියෙන් රට රස්සාවකට එහෙම යන්න උනොත් කොහොමට තියෙයිද...
      සති අන්තෙක මුනුබුරාවත් අරගෙන එන්නම්කෝ...

      Delete
    3. ලොකු පුතා++++++++++++++++++
      //අපේ මිනිස්සු මේ වගේ දේවල් කලා කියන එක මීට වඩා ලංකාවේ මිනිස්සු දැන ගන්න ඕනේ. අපේ උන් පත්තරේක දැම්මත් දාන්නේ තාත්ත පුතාව මැරුවා, අම්මයි ළමයි දෙන්නයි වස බීලා මැරුණා, ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා වගේ කාලකන්ණි දේවල්...//

      Delete
  20. මමත් මේ විස්තරය පත්තරෙන් කියෙව්වා. හමුවෙන සමහර අය ලඟ ඔබ ගැන සුහද මතකයන් තවමත් තියෙනවා. අපේ බිල්ඩිමට අල්ලපු ගොඩනැගිල්ලේ දැන් තියෙන්නෙ වෙනත් කොම්පැණියක් නමුත් එතනින් පහළට හරවද්දී මට ඔබව සිහිවෙන එක වරදින්නෙ නෑ.ආර්ථික අර්බුදය හේතුවෙන් මෙය කල් යන ලකුණු තිබුණත් දැන් තත්වය ඊට වෙනස්වී ඇතිබව දැනගන්නට ලැබීම සතුටට කරුණක්.
    සලාලාවල අලුත් ගුවන් තොටුපොළට නම් යන්න ලැබුනා.දැන් තියෙන්නෙ මේ ගුවන් තොටුපොලෙන් ගුවන්ගත වෙන සිහිනයයි.එයත් සැබෑවක් වේවිද කියල බලාගෙන ඉමු.සටහන අපූරුයි සුබ පැතුම් චෙෆා!!

    ReplyDelete
    Replies
    1. ඔහෙට තමයි ඉස් ඉස්සෙලාම ඔය ටර්මිනල් එකෙන් පිටත් වෙන්න පුලුවන් වෙන්නේ...මමත් ලඟදි ඔය පැත්තේ නිවාඩුවකට එන්නයි හිතන් ඉන්නේ..අඩුමතරමේ ලුලූ එකටවත් ගිහින් කුබූස් ටිකක් අරන් එන්න..ඔහේ කොයි කාලෙයි ආයෙත් මේ පැත්තේ එන්නේ...!

      Delete
    2. ඔහේල ඇරබික් ෂවර්මා වලට මනාප නැතෙයි, අපිනම් ඒ දවස්වල දමාම් වල තිබ්බ කඩේක ෂවර්මා වලට වහ වැටිලා උන්නේ...
      ඉරාන් කාරයෝ ටිකක් කඩේ කලේ, සමහර දවස් වල හිටගෙන සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න ඕනේ වාඩිවෙන්න ඉඩක් ලැබෙනකල්...

      Delete
    3. මොනාද අහන්නේ..ඊයෙත් අරා එනකොට ෆ්‍රීස් කරලා ෂවර්මා ගෙන්න ගත්තා..කුබූස් පැකට් එක්කුත් ගෙන්න ගත්තා එග් ෂවර්මා හදාගන්න උදේ කෑමට...

      Delete
    4. නිවාඩුවකට නං ලඟකදි ලංකාවට එන්න අදහසක් නෑ චෙෆා.ඉවරවෙලාම එන්නයි හිතං ඉන්නෙ ඒ නිසා කොයි කාලෙ වේවිද හරියට කියන්න බෑ.නිවාඩුවකට මේ පැත්තෙ එනවනං ආදරෙන් පිළිගන්නවා.

      Delete
    5. ලොකු පුතා,
      මෙයා එග් ෂවර්මා කන්න රුසියෙක්.මටත් තැනක් කිව්වා මාත් එතැනින් ගෙන්නාගෙන එග් ෂවර්මා කෑවා ඇත්තටම රසයි.

      Delete
    6. මෙච්චර කියන්නෙ මොනවද කියල ගූගල් දෙයියන්ගෙන් ඇහුවා.. දැක්කම මෙහෙම නම් කෑවම කොහොම වෙයිද?එළවළු වැඩියෙන් දාල හාෆ්බොයිල් බිත්තර රොටියක් කොටා බාන්න ඕනෙ දොල දුක සන්සිඳින්න.. හෙහ් හෙහ්

      Delete
    7. gas... උඹට එග් ෂවර්මා කන්නම ඕනි නම් කියල දෙන්නං හදන හැටි..
      අර ප්‍රීමා එකේ ෆ්ලැට් බ්‍රෙඩ් පැකට් එකක් ගන්න..ඒකේ හයක් තියෙනෝ...හීනියට හොඳ ගෝවා කැල්ලක් ලියා ගන්න..ඒකට රටලූනු ටිකක් ලියලා, තක්කාලි ටිකක් චොප් කරලා, හීනියට ලියා ගත්ත අමුමිරිස් ටිකක් එකතු කරන්න සැල්ඩ් එකක්ට වගේ...
      ඊට පස්සේ ෆ්ලැට් බ්‍රෙඩ් එක පොඩ්ඩක් ගෑස් ලිපේ ගිනි දැල්ලට අල්ල රත් කරගෙන ඒකේ යහමින් මැයනීස් ගා ගන්න...
      දැන් බිත්තරයක් හොඳට බීට් කරගෙන රත් වෙච්ච තැටියකට බටර් ටිකක් දාලා බිත්තරේ ඔම්ලට් එකක් වගේ තුනියට හදාගෙන ෆ්ලැට් බ්‍රෙඩ් එක උඩත් දාලා අර සැලඩ් එකදාලා හොට් සෝස් තියේනම් දාලා රෝල් කරගත්තාම ඕල්මෝස්ට් එග් ෂවර්මා...
      මම නම ගොඩාක් දවසට උදේට් ඕකක් හදාගන්නවා...කාලා බලහන්කෝ...

      Delete
    8. අපි එන වෙලාවක හදල තියන්න.. හැක හැක හැක..

      Delete
    9. මේ තියෙන්නෙ... ඉස්කෝතුයි.දෙන්නං වැඩේ.. හෙහ් හෙහ්

      Delete
    10. ආහ්හ්.. පොඩි ප්‍රස්නයක්.ගෝවා එහෙම අමුවටද එතකොට තියෙන්නෙ??

      Delete
    11. මම කියන ඇරබික් ෂවර්මා කියන එක කුකුල් මස් එකක්, අර කෙලින් අතට තියෙන කුරක ගහලා කැරකෙන ගමන් බාබකිව් වගේ වෙන්න තියෙන මස් පත පිහියකින් හීනියට කපල අරගෙන ඔය කියපු විදිහෙම රොටියකට දාල ඔතල ඊට පස්සේ කොත්තු හදන තැටියක් වගේ එකක් උඩ තියල ඊට උඩින් තවත් රත් වෙච්ච බර යකඩ තහඩුවක් වගේ එකක් තියල තරමක් රත් වෙන්න ඇරලා කෑලි වලට කපලා කෑලි වෙන් නොවෙන විදිහට ලස්සනට තියන අයිතමයක්...
      ඒ එක්ක දෙන මැයනීස් එක පට්ට රහයි, ලංකාවේ බෝතල් වල දාල තියෙන ඒවා වගේ නෙමෙයි, මම හිතන්නේ උන් ඒවා වෙනම හදනවා වෙන්න ඕනේ. සුදු ළුෑණු රසකුත් පොඩ්ඩක් වෙන්න තියෙනවා...
      මම මේ කෙළ පෙරී පෙරී මේ ලියන්නේ... ;(

      මේ ලින්ක් එකේ තියෙන විදිහට තමයි මස් හදන්නේ...

      http://www.mamaslebanesekitchen.com/poultry/chicken-shawarma-recipe-garlic/#sthash.DD2oiyyO.dpbs

      Delete
  21. Jet Bridge Interior එකේ බිමට තියෙන්නෙ tile එකක්ද ? චෙෆා අනන්‍යතාව නිල් පාට ලයිට් එක තියනව.
    මේ නිර්මාණය සියසින් දැකගන්න වෙන්නෙ නැති එක ෂුවර් ඒක හින්ද මෙහෙමවත් අපිට මේක පෙන්නුව එක ලොකු දෙයක්.
    මෙච්චර ලොකු දෙයක් කරන්න පුළුවන් කෙනෙක්ගෙ යාළුවෙක් වීමත් සතුටක්. ජයවේවා චෙෆාකි (සතුටු කදුළු )

    ReplyDelete
    Replies
    1. \\ මේ නිර්මාණය සියසින් දැකගන්න වෙන්නෙ නැති එක ෂුවර් //

      එහෙම හිතන්න එපා මචං...ඉස්සරහට ගොඩාක් ෆ්ල්යිට්ස් මස්කට් පාවිච්චි කරාවි..එතකොට ඕක හරහා යැවෙනවා...ඕමාන් බජට් එයාලයින් එකකුත් පටන් ගන්නයි යන්නේ ලඟදීම...

      Delete
  22. Jet Bridge Interior එකේ බිමට තියෙන්නෙ tile එකක්ද ? චෙෆා අනන්‍යතාව නිල් පාට ලයිට් එක තියනව.
    මේ නිර්මාණය සියසින් දැකගන්න වෙන්නෙ නැති එක ෂුවර් ඒක හින්ද මෙහෙමවත් අපිට මේක පෙන්නුව එක ලොකු දෙයක්.
    මෙච්චර ලොකු දෙයක් කරන්න පුළුවන් කෙනෙක්ගෙ යාළුවෙක් වීමත් සතුටක්. ජයවේවා චෙෆාකි (සතුටු කදුළු )

    ReplyDelete
  23. සුභ පැතුම් චෙෆාකි!

    Architect කෙනෙක් වෙන්න තිබුන අවස්ථාවකට පයින් ගහල වෙන පාරක ගියා වසර ගණනකට කලින්. මේ construction එක දැක්කම නම් හිතෙනවා එදා ගත්තේ නිවැරදි තීරණයක් කියල මොකද මේවගේ නිර්මාණාත්මක හැකියාවක් මට නෑ.

    ReplyDelete
    Replies
    1. හැකියාව ඇති නැති එක දැනගන්න ඒක උරගාල බලන්නම ඕනි උදය...මම ආකිටෙක්චර් නොකරානම් අනාතයි..ඇත්තටම...!

      Delete
  24. ලංකාවෙ නම තියල මේ වගේ වැඩක් කළාය කියන එක ලොකු ගෞරවයක්.
    අනික ඒක කරන්න මුල් වෙච්ච මනුස්සය අර අහවල් බ්ලොග් එක කරන කෙනාය කියල හරි (හම්බවෙලා නැති උනත්) අපිට කියන්න පුලුවන් වෙච්ච එකත් ලොකු දෙයක් (සතුටු කඳුලු...)

    අපි ඉතිං කවද්ද ඕව දකින්නෙ. මෙහෙම පින්තූර ටික හරි පෙන්නපු එකත් ලොකු දෙයක්.

    අර ලොකු පුතා ඇන්ටනාව දික් කරන්න තට්ටු 47 ක් නැග්ගෙ අහවල් කෙංගෙඩියටද. හැක්...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතන්ඩියට ඔය තියෙන්නේ අර කිතුලේ නැගැපු පුරුද්ද Praසන්ன..ඕක කොළඹ ආවය කියල අත අරින්න ඇහැකි දෙයක් නෙවී...!

      Delete
    2. දෙමළ න යන්නෝ ඒක ඇන්ටනාවක් නෙමෙයි බොල මීටර් 30 ඉතර උස කණුවක්, ටොන් 55 ක් බරයි...
      හදල ඉවර උනාම විස්තරයක් දාන්නම්...

      ලොකු අයියේ,
      කිතුලේ නැගිල්ල කෙසේ වෙතත් දැන්නම් පාරක ඇවිදින්නත් බැහැ හති...
      හොයිස්ට් එකේ උඩට නැග්ගත් යන්න පුළුවන් 43 ට ඉතරයි, ඉතුරු තට්ටු තුන නැගලා පිනකල් බේස් එකට යන්නේ මග දෙපාරක් ඉතර නතර වෙලා...
      නමට තට්ටු තුනයි, ඒ උනාට මීටර් 27.4 ක් නගින්න ඕනේ...
      හරියට බැලුවොත් තට්ටු නමයක දහයක උසක්...
      දැන් ඉතින් නැගහල්ලකෝ ඕක දවස ගානෙම...

      Delete
  25. සතුටු කඳුළු!!!

    මොකෝ අර උඩම පින්තුරේ හැමෝම සයින කෙල්ල දිහා කන්න වගේ බලන් ඉන්නේ.. ප්‍රසන්ටේෂන් එකක් වත් කරනවද උන්දා?

    වැඩේ ගැන නම් කියලා වැඩක් නෑ.. කවද හරි ඒ පැත්තේ යන්න උනොත් කියතැකි බය නැතුව ළමයින්ට.. පුතේ අර අප්පච්චිගේ බ්ලොග් වල ඉන්න චෙෆාකි සීය තමයි මේ වැඩේ මහා මොලකරු කියල.. කාටද ආඩම්බර?

    හැබැට කාලෙකින් හම්බුනේ වත් නෑ නේද? නැද්ද එහෙම අදහසක් එහෙම?

    ReplyDelete
    Replies
    1. සයීනයි බ්‍රයනුයි තමයි ප්‍රසන්ටේෂන් එක කරල තියෙන්නේ..සයීනා ඇරබික් වලින් බ්‍රයන් ඉන්ගිරිසියෙන්.....

      ගිහිල්ලම බලන්නකෝ....!

      මේ දැන් ටිකකට කලින් මාතයට කිව්වේ සෙට් වෙමුය කියලා..!

      මමනම් දැන් සුමානයක්ම වනගත වෙලා ගොවිතැනක බතක් කොරාන ඉන්නේ..එමුකො මෙහේ..හෙටනම් ඔහේලටත් නිවාඩු නේ..

      Delete
  26. Zaina ඕමානි දැරිවියක්ද

    ReplyDelete
    Replies
    1. එහෙමයි...සයීනා සුල්තාන් කබූස් යුනිවර්සිටි එකේ ආර්කිටෙක්චර් ඩිග්‍රිය කරපු ඕමානි දැරිවියක්...දැන් ලස්සන බබාල දෙන්නෙක්ගේ අම්මෙක්...

      Delete
  27. එයාර් පෝට් එකක වැඩ කරනව කියන්නෙ අමුතුම අත්දැකීමක් චෙෆ්..මමත් දෝහා අලුත් එයාපෝට් එකේ වැඩකලා අවුරුද්දක් විතර. අපේ ජොබ් එකේ හැටියට නිතර දෙවේලෙ සයිට් යන්න ඕන නැතිවුනත් මම පුලුවන් හැමවෙලාවෙම ගියා වැඩ කෙරෙන හැටි බලන්න තියෙන ආසාව හින්ද.....:)

    මගේ සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මස්කට් සලාලා ප්‍රොජෙක්ට් දෙක අවුරුදු අටක්ම කොලා මචෝ....හම්මේ හති....
      තැන්කූ වේවා....

      Delete
  28. ජයවේවා ලොකු අය්යේ ...!!!!!

    පොළොවට බරක් නැතී ලෝකෙට වැඩක් ඇතී 
    නොනැමෙන හිසක් ඇතී උණුවන හදක් ඇතී 
    මඳ සුළඟට නැමී මාරුතයට නොම සැළී 
    මලක සුවඳ දිදී පුතුණේ ඉගෙනුම වටී 

    ගී පද - සෝමතිලක දිසානායක 

    ReplyDelete
    Replies
    1. ජයෙන් ජයම වේවා සින්දු ඇනෝ මල්ලියාටත්...!

      Delete
  29. ආඩම්බරයි මිත්‍රයා... අපේ දක්ෂයන්ගෙන් පිටරටවල් වැඩ ගනිද්දී අපේ රටවල් දවසින් දවස වලට යන එක ගැනනම් කනගාටුයි. ඒකට වගකියන්න ඕන ඉතින් රටේ තීන්දු තීරණ ගන්න පත්වෙලා ඉන්න කකුල් හතරේ එවුන්.

    ReplyDelete
    Replies
    1. උන්ටම බැනලා වැඩක් නෑ අම්බලන්ගොඩ..අපිත් වග කියන්න ඕනා වෘත්තිකයන් හැටියට...!

      Delete
  30. Replies
    1. අර ඉයන් එව්ව ලින්ක් එකෙන් සිංහල දා ගන්...!

      Delete
    2. ඉයන්ට පිං සිද්ද වෙන්න සිංහල හදා ගත්තා. අපේ පැක්ට්‍රි වල ඉන්න අයි ටි මැනේචෙර්ස්ලා දන්නේ නැහැ බන් එහම දෙයක් වත් කරලා දෙන්න..
      මම දැන් ආවෙ හෙට පාන්දර අයාමත් යන්න ඕනේ හිමිහිට උබට දිග කෙමෙන්ට් එකක් දාන්නම් එතකන් උබට ජයවේවා

      Delete
  31. Oman wala draftsman job ekak hoya ganne kohomada kiyala kiyanna puluwandia tharaha nathiwa

    ReplyDelete
    Replies
    1. jayakan2@hotmail.com ඇඩ්ඩරස් එකට ඊමේල් කරන්න සීවී එකක්...chefarchitect@gmail.com වලටත් කොපි කරලා...ජයසිංහ මහත්තයා උදව්වක් කරයි..!

      Delete
    2. bohoma sthuthi

      Delete
  32. ලංකාවෙ වැඩ්ඩො ටික පිටරට පටවල පිටරටිං කොණ්ඩෙ බැඳපු චීන්නු ගෙන්නල ලංකාව කාල විනාස කරනව
    ඒව මතක් වෙද්දිත් දුකයි.

    ලස්සන ටර්මිනල් එක ෂෙෆාකි. ඇත්තටම මේ වගේ බිග් ටයිප් ප්‍රොජෙක්ට් එකක් කරපුවම මාර හැපි ඇති හිතෙනව..
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අපිව බලෙන් පිට රට පැටෙව්වේ නැහෙනේ මහේෂ් නැති බැරි කම නිසා ගියා මිසක්...ආවාට පස්සේත් අපිට රෙකග්නිෂන් එකක් තියෙන නිසා රටට කරන්න පුලුවන් හරිය හෙමි හෙමීට කරනවා...!

      හෙට අනිද්දා ලංකාවටත් ඔය වගේම ලස්සන් ටර්මිනල් එකක් ලැබෙනවා..කරුමේ තියෙන්නේ ආංඩු මාරු වෙනකොට ඩිසයින් වෙනස් වෙන නිසා ප්‍රොජෙක්ට් රියලයිසේෂන් කල් යනෝ...!

      Delete
  33. හරිම සන්තෝෂයි මචන්. මේ මැද පෙරදිග පොඩි ප්‍රොජෙක්ට් එකක් ගොඩ දා ගන්න අපි නාන නෑම දැක්කාම උඹලා ලබල තියෙන්නේ විජයග්‍රහණයක් . දවසක මස්කට් ගිහින්ම බලන්න වටිනවා . ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. තව ටිකක් කල් යනෝ ටර්මිනල් එක කොමිෂන් කරන්න..ඒකට ටවර් එකයි රනවේස් දෙකයි දැනටමත් වැඩ...
      කටාර් හමඩ් ඉන්ටර්නැෂනල් එකට වඩා හියුමන් ස්කේල් එකේ ටර්මිනල් එකක් මස්කට්...වෙලාවක ගිහිල්ලා බලන්න මචං....

      Delete
  34. ෂහ්… මේ තියෙන්නෙ රෙෂ්පට් එකට කිරි ටොයිය වාගෙ..ඕ යේස්

    ආඩම්බරයි ලොකු සෑර් එකෙන්ම..වැඩේ ඉවරවෙද්දි කෝමද සතුට මං අහන්නෙ..

    ReplyDelete
  35. මෙව්ව මෙහෙම කරන්න පුලුවන් අයට රට යන්ට චාන්සෙක ලැබෙන එක ලොකු දෙයක්.

    තමුන්නැහැත් ලංකාවෙ උන්නනං මෙලහකට ගෙවල් ප්ලෑන් අඳින එක එපෑ කරන්න. සංතෝෂයි

    ReplyDelete
    Replies
    1. \\\ තමුන්නැහැත් ලංකාවෙ උන්නනං මෙලහකට ගෙවල් ප්ලෑන් අඳින එක එපෑ කරන්න. සංතෝෂයි ..///
      ම්හුහ්....!
      ඊටාමතරව තව තව දේවල් නිර්මානය කරමින් පවතිනවා...!

      Delete
  36. සුබ පැතුම් චෙෆ්... ඕකටත් එක්ක ලංකාවෙ වැඩ නම්.

    ReplyDelete
  37. ඔබ අපිට, ලංකාවට ආඩම්බරයක්.

    ReplyDelete
  38. ඇයි බං අපේ උං කරන මේවගේ දේවලට අර බලු වැඩ වලට දෙන ප්‍රසිද්ධිය ප්‍රචාරය නැත්තේ?

    ReplyDelete
    Replies
    1. අන්න කතාව ඩුඩ් අයියන්ඩි

      Delete
    2. දෙයියො දනී මං නොදනී කීවලු ඩූඩ්...!

      Delete
  39. සුබ පතනවා එක හිතින්ම.....
    Bye bye

    ReplyDelete
  40. බොන කවියක්වත් ලියමුද

    ReplyDelete
    Replies
    1. රාගම නාසා එකේ බයිට් කාලා වෙච්ච අප්පිරියාව නිසා බොන්න බෑනේ..ඉතින් කොහොමෙයි බොන කයියක්වත් ලියන්නේ...!

      Delete
    2. බිව්වෙ නෑ කියලා ලෝකේ විනාසේ වෙන්නෙ නෑ.බීලා ලෙඩක් හදා ගත්තම තේරෙයි

      Delete
    3. Ano....බොන්නේ නෑ කියලනේ කිව්වේ....! ඊමේල් එකක් එව්වොත් කියන්නං විස්තරේ...!

      Delete
  41. Replies
    1. Thanks Bro...! M
      May I know, where you are located in Scotland please?

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....