Sunday 23 August 2015

හිමි අහිමි



වෙන්දේසියේ
 විකුණුන අපේ හදවත්
ඇයි
 සතිපොලේදි
 ආයෙත් මෙසේ හමු උනේ..




85 comments:

  1. මම මේ කරන්නේ අපේ සින්දු ඇනෝ ගේ ජොබ් එකද මන්දා.

    මේ කෙටි, හරවත් රසවත්, නිර්මාණය දැකපු ගමන්, මගේ හිතට ආවේ. ඉතා සංවේදී හැඟීම් සමුදායක්, තියුණු ලාලිත්‍යමය හඬකින්, විරහ වේදනාව මොනවට මතු කෙරෙන ආකාරයට, අසහාය ගායිකා නිරංජලා සරෝජිනී විසින් ගායනා කල ගීතයක්.

    ඔබ ඇදී යයි ඈත අහසේ සරුංගලයක් සේ
    බිම බලාගාමී නිසොල්මන්වී පුරුදු ලෙස දුක සේ.

    https://www.youtube.com/watch?v=l9K8RntXN_0

    ReplyDelete
    Replies
    1. හෙක්..හෙක්...

      Delete
    2. කෙලින්ම මාළු කතාව කියන්න හදලා මෙහෙම ලිව්වේ. එහෙම ලිව්වනම් මෙතන තියන සාහිත්‍යය නැතිවෙනවා.

      Delete
    3. ඔබ ඇදී යයි ඈත අහසේ සරුංගලයක් සේ
      බිම බලාගමි නිසොල්මන් වී පුරුදු ලෙස දුක සේ

      යළිත් ලංවනු බැරි දුරක් වී දුරස් වුදා නැතිද දැනුනේ
      පවන් රැල්ලෙහි ලෙලෙන පහනම පවන් රැලේලෙම නොවෙද නිවුනේ

      සිතින් අමතක කරනු යෙහෙකිද විලේ ලෑ ලුණු අහුර විලසේ
      දුකින් උතුරන වතුර සැලියම සිහිල් වෙයි ලිප නිවුන දවසේ

      ගී පද - ප්‍රේම කිර්ති ද අල්විස්
      සංගීතය - වික්ටර් රත්නායක
      ගායනය - නිරංජලා සරෝජනී

      Delete
    4. ඔබ දෙපා දොවා බැතියෙන් …

      - මීට ඉවාන් -

      Delete
    5. ඔබ දෙපා රුවා බැතියෙන්..

      -මීට ඉවාන්-

      Delete
  2. ෆොටෝ එක ටිකක් ලොකුවට දාන්නකෝ අනේ.
    මං ආසයි ඔයාගේ මේ කෙටි කවි වගේ ඒවට. ඒවා කෙටි නෑ ඇත්තටම කියන්න ඕනේ ඔක්කොම කියලා තියෙනවා හිතන්නයි ගොඩක් තියෙන්නේ අපිට. ලස්සනයි..

    අර මැක්කා ගැන වගේ මේක කියවද්දී මහින්ද මහත්තයවත් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තය රනිල් සර්ගේ අත මිරික මිරික කිව්වෙ මේක තමයි එදා දිවුරුම් දුන්නදා...ලයිව් ටෙලිකාස්ට් කලාලුනේ..
      ඇන්ඩ්‍රොයිඩ් පෝස්ට් එකක් නිසා (I am on the go )
      පොටෝ සයිස් එක කචල් ඇති..ගොඩ බිමකට ආවම චෙක් කොරලා බලන්නං මෙයා...

      Delete
    2. //මං ආසයි ඔයාගේ මේ කෙටි කවි වගේ ඒවට. //

      අම්මප කියපිය :D

      Delete
    3. ඒකනේ මලේ අපහාස කරන එකෙත් සීමාවක් තියෙන්නෙ ඕනි..

      Delete
  3. ම්......බොහොම දිග කතාවක් වචන කීපයකින් කියලාද?

    ReplyDelete
    Replies
    1. හිත කකියනකොට කෙරෙන වැඩනේ බං.....දිග නැතත් කතාවක්නම් තමයි...

      Delete
    2. මා සිතට අහම්බෙන් !!

      Delete
  4. අකලට වට මහ වරුසාවක් සේ...
    අසුබ දිනක ආ සුභ පැතුමක් සේ...
    මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක...
    ඇයිදෝ යළි ආවේ...

    පෙරදා මෙන් හද මල් පිපුණාදෝ...
    සතු‍ටු කඳුලු නුවනත සිඳුනාදෝ...
    ආදර අතීත නටඹුන් අතරේ...
    මන්දිර මැව්වාදෝ...

    සොවක් නැතේ නොසිතනු මැන සංකා...
    ඔබෙන් ලබනු කුමටද අනුකම්පා...
    රජෙකුට හිමිවුන මා දැන් ‍රැජිනකි...
    සතුටයි කිරුළ අපේ...

    හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ...
    ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ...
    විමසන වදනට පිලිතුරු දෙන්නම්...
    ලඟකදි ලබන දිනේ...

    https://www.youtube.com/watch?v=KNTdxhs4a5A

    ReplyDelete
    Replies
    1. ඊට කලින් මේක අහල ඉන්න

      මේ සඳේම සෙවනැල්ලේ අප හමු වූයේ
      මේ සඳේම කඳුලැල්ලේ අප වෙන් වූයේ //

      සීත හිම වගේ හමන මාරුතේ //
      මේ වගේම සිහිලැල්ලේ අප තනි වූයේ
      මේ සඳේම ................

      දෑස බොඳ වෙලා දෙසිත ගොළු වෙලා //
      මේ වගේම රැයක එදා අප වෙන් වූයේ
      මේ සඳේම ...............

      https://www.youtube.com/watch?v=TsVPQ2rO-rI

      Delete
    2. සිංදු අහන්න වෙලාවක් නෑ මෙයා...
      බොරු....දෙකම ඇහුවා...
      වරෙන්කෝ මාව බලලා යන්න. බොසාට බොරුවක් කියලා සයිට් විසිට් එකක් දාගං...

      Delete
    3. //වරෙන්කෝ මාව බලලා යන්න. බොසාට බොරුවක් කියලා සයිට් විසිට් එකක් දාගං..//
      අනේ ඔව් මචෝ පලයන් බොසාට බොරුවක් කියලා ...පව් බන් ..හැක් හැක්

      Delete
    4. සුසුමේ සුවඳක් වෙලා
      සිහිනේ නොපෙනී ගියා
      වැරදී ලොවේ අප ආ නිසා
      දෛවේ දුන්නෙ මේ වේදනා..
      සුසුමේ සුවඳක් වෙලා
      සිහිනේ නොපෙනී ගියා...

      නෑ වරම් ළංවී හිඳින්නට
      ප්‍රාර්ථනා කෝ මෙදා
      මේ මොහොත පමණී ලැබෙන්නේ
      නාඬනූ ඒ නිසා...
      මා නැති හෙට දා සුව දේ සැප වේ
      නෑ මාගෙන් චෝදනා...

      සුසුමේ සුවඳක් වෙලා
      සිහිනේ නොපෙනී ගියා...

      කාට දෝ දුන් වේදනා දෝ
      ඈත සංසාරයේ
      මා හඹාගෙන මේ ලෙස ආවේ
      පාළු වී ජීවිතේ...
      බෝ දුර එක් වී ආවට වෙන් වී
      යා යුතුයි මේ ලෙසේ...

      ගී සංකල්පනාව : දයා ද අල්විස්
      තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
      ගායනය : රෝහණ බෝගොඩ

      Delete
    5. ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
      ඔබ ඈතක රඳවා කාට කියම් දෝ
      කෙලෙස කියන්න ද මං
      අප සිත් හඬන තරම්...

      ඔබ නැවතුන තැන මගෙ හිත ඔබෙ ළග
      වෙනතක නැතේ ලැගුම්...
      කවුරු දකින්න ද කෙලෙස කියන්න ද
      අද මා හෙළන සුසුම්...

      ඉහට වහල සේ තරු පිරි අහසේ
      නිවහන වූ පොළව යි...
      හමු වූ තැන්වල ගස් වැල් වැලපෙයි
      නොහඬමු ඔබයි මමයි...

      ගී සංකල්පනාව : දයා ද අල්විස්
      තනුව සහ සංගීත නිර්මාණය : අර්නස්ට් සොයිසා
      ගායනය : ප්‍රියා සූරියසේන

      Delete
    6. හප්පේ මේ කමෙන්ටුව බොසා දකියි

      එයා බ්ලොග් බලනවා ...

      Delete
    7. එහෙනං අටයි හතර හමාරේ කමෙන්ට් කරන්ඩ එපා මචං ලොක්ක දකී

      Delete
    8. යද්දි සීනි පන්සීයක් වත් ඇරං පලයං.. :D

      Delete
    9. ඒක තමා මචං ඒ වෙලාවට කමෙන්ට් කරන්නේ නැත්තේ

      Delete
  5. රූකඩ මඩු යාග පොලේ
    කෝල නුඹේ සිතට ලොලේ...
    ආල පිරූ මා ගැන දැන්
    නැද්ද නිනව්වක්...!!!

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තේ....තාම සෝදිසියෙන් ඉන්නේ....!!!

      Delete
    2. මොකෝ නැත්තෙ ……

      හදවත පාරා සොඳුරු හැඟුම්
      හිරකරගෙන හිටියා ඇති දැන්
      හෙමිහිට ලං වී ආදරයෙන්
      කියන්න කාලය දැන් ඇවිදින්.……

      - ෆ්ලෑෂ් බෑක් -

      ආ එන්න එන්න .… අද අදිනවා ශනිදා වාසනාව අද අදිනවා !!!! :D

      Delete
  6. ඇදී ගියා සිත
    ඈත අතීතයට..

    ReplyDelete
    Replies
    1. අපිනම් ඉතින් මෑත අතීතය ගැන තමයි කම්පනාව....

      Delete
  7. Replies
    1. නාය යෑමක් කීවොත් ගොඩාක් කිට්ටුයි කමියො....!

      Delete
    2. // කඩාවැටීමක්? //

      උඹල හදපු බිල්ඩිමක් වාගෙ කියල හිතාගනිංකො :D

      Delete
  8. හොඳයි,දැන් අපට හයිකු කවියෙකුත් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. හයිකු....හපොයි ..පේලි තුනයි...පහේ දෙකයි..
      හතේ එකයි....
      එච්චර දේවල් බැහැ ගොයියෝ...

      Delete
    2. කෙසේ වෙතත් හැලපේ ගෙන් හොඳයි කියල අහගත්ත එකම මදෑ දුක් සංකා තුනී වෙන්න..!!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හැලප කඩේ
      ප්ලේන්ටිය ඇත
      ඉඟුරු නැත

      Delete
    5. ගෝලීප් පහක්.....

      Delete
    6. ඔව් එච්චරයි අඩුවට හිටියේ. දැන් ඒකත් හරිනේ.

      Delete
  9. කවියෙන් දැනුනු දේ කියන්න වචන ගලප ගන්න බෑ චෙෆ්.
    ඒත් එක්කම ඉස්සොරෝම මගෙ බ්ලොග් එකට ආවට ස්තුතී. මොකද අද හිට් කවුන්ටරෙ 5000 පැනලා.

    ReplyDelete
    Replies
    1. 5000ට ආසිරි පැතුමන්....
      ගලපන්න බැහැ නොව ඕවා...නොගැලපීමමයි හේතු කාරනාව....!

      Delete
    2. //කවියෙන් දැනුනු දේ කියන්න වචන ගලප ගන්න බෑ චෙෆ්.//

      එහෙනං අත් දෙක සාක්කුවෙ දාගෙන නිදාගනිං :D

      Delete
    3. ඇයි ඇඟිලි ගනින්නද බොල....? :D

      Delete
  10. පුංචි වදන් කීපයකින් හා සේයාරුවෙන් ලොකු කතාවක්.. වෙන්දේසි වෙනවා ආයි වෙනත් තැනකදි හමුවෙනවා. එතකොට මිලත් වෙනස් වෙලා අගයත් වෙනස් වෙලා ... මාරම මාාරයි.

    ReplyDelete
    Replies
    1. එක පාරයි නොව වෙන්දේසි වෙන්නේ...පොලේ එහෙමද....?

      Delete
    2. ආ එන්ඩෝ එන්ඩෝ ,,,

      අල පනායි …… ගෝව තිහායි.…

      ඉවර කරන්ඩ ඉවරකරන්ඩ..

      සර් මොනවද බැලුවේ , තෝරල ගන්ඩ සර්

      Delete
  11. ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙනවා. එක එක විදිහට ගළපගන්නත් පුළුවන් වගේ.

    ReplyDelete
    Replies
    1. තම තමන්ගේ දිග පලලින් ගලපගන්න ඕනි නිසානේ ඔය ආරට ලියන්න....

      Delete
  12. අැත්තට ම හයිකු අාර තමා මාත් දැක්කේ.....

    ReplyDelete
  13. Poetic SCUBA කිට් එකක් හොයාගන්න වෙයි මට නම්.

    (ආදර කැට්, බූසම් බඩී, ෂී අවුල්, පේපර් බ්‍රදර්, එයිට් එම් රාෆ්ට්, වගේ කලාකාමී ප්‍රාඥයෙක් කියල දුන්නෙ නැත්නම්)

    ReplyDelete
    Replies
    1. බූසම් බඩී... හැක හැක හැක.. අනිත්වනම් වන ෂොට් තේරුණා.. මේක තමයි අවුල් උනේ..

      Delete
    2. උඹ පොයෙටිකලි බ්ලයින්ඩ් ද ඔච්චරක් ප්‍රාජේ...

      Delete
    3. @Pra Jay... ඒ කිව්වේ අපේ 8MRaft වගේද?

      Delete
  14. මටත් ප්‍රා ජේ ට වගේ poetic Scuba කිට් එකක් හොයාගන්න වෙයි , නැත්තං කියල තියන අන්ඩ පාලයන්ගෙ කොමෙන්ට් වැටෙනකම් ඉන්න වෙයි.
    කියහල්ලකො ස්‍යංපෝෂිත චෙෆා අහවල් එකකට පොලේ ගිහින්ද ?

    ReplyDelete
    Replies
    1. වැද්දොත් ලුනු ගන්න හරි සිදාදියට ආවලු...ඉතින් අපට කුමන කතාද..!!

      Delete
    2. කම්මලයාට වැද්දා කීම හෙලා දකිමි . ඕ යේස්

      Delete
  15. මට බැහැ අයියෝ...
    කවුරුහරි එකෙක් මේකේ ගැටපද විවරණය කරලා දානකල් මම ගිහින් එන්නම්...

    ReplyDelete
    Replies
    1. අටම් තමයි ඔය වැඩේට හොඳම පොර...උගෙන් අහපං ලොකු පුතේ...ඌ කියල දෙයි...

      Delete
  16. මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

    තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
    සංසාරේ හුරුපුරුදුයි කියල කියනවා
    කියල කියනවා
    මා ඔබත් එක්ක දිගට කතාවක්
    ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

    රස රහස් කියනවා විටකදි ඉගිත් කරනවා
    ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
    යමුද අහනවා
    සද හිරුත් එක්ක හොරෙන් කතාවක්
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

    වරදක් නැහැ කියනා කවුරුත් නොම එයි සිතෙනා
    සිප ගන්නට ළං වෙන්නට එන්න අහනවා
    එන්න අහනවා

    මා ඔබත් එක්ක සුහද කතාවක් .......

    ගායනය -කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. සිංදු පුතේ..උඹ මට ගුටි ගස්සවන්නද කල්පනාව...

      Delete
    2. // ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා //

      කිචිකවන්න වෙන්ටෑ :D

      Delete
  17. කතාවත් ලිව්වනම් මේකට පස්සේ.

    ReplyDelete
    Replies
    1. අනේ බුදු අජිත් මහත්තයෝ කතාව ලිව්වොත් රස්සාවත් නැතිවෙනවා...මෙහෙම හොඳා....

      Delete
  18. අප්පට උඩු....,....තෝ ගොසින් තිබෙන දුර......,.,
    වර්ණනා අවැසි නැත....සුප්ප හුත්තෝ.......

    ReplyDelete
    Replies
    1. ඒකනේ..යකූ කියන්නේ....

      Delete
  19. මෙලෝ රහක් නැති ඒවට මෙලෝ රහක් නැ කියපල්ලකො

    ReplyDelete
    Replies
    1. උඹ මාස්මෙලෝ කාලම නැද්ද....
      ඉතින් කියන්නකෝ අනේ....
      ඉඳපිය මම ලව් පූසාට කියල උඹව පහුරුගාවනව
      ...

      Delete
    2. ඌට කියල පහුරුගාගන්ඩ පෝලිමේ ඉන්ඩ ඕනැ :D පෝලිං පැන්නොත් කුඩ පාරවල් සපත්තු පාරවල් තමා .හැක්

      Delete
  20. හැන්දෑවට අරක්කු ඩිංගක් බඩට හලාගෙන ඇහැ පියාගත්තම දෙයියනේ කියල නින්ද යනව ආයිබෝං :D
    ඕවට මං දන්න එකම උත්තරේ !!!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ස්කයිප්....

      Delete
    2. දුක වැඩි නෙතේ - කඳුලැලි පිරේ

      Delete
    3. ඇයි අරව නැා ‍ෙතෙයි

      Delete
    4. ගොල් ලිප් එකකුත් පත්තු කරගත්තා නම් මචං උත්තරේ සම්පුර්නයි..

      Delete
  21. මිරිසුයි සීනියි වගේ...තියෙන එකම ගැලපීම නොගැලපීම උනතැන..??
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇයි බනිසුයි වඩෙයි.....

      Delete
    2. ආප්පයි බුලත්විටයි
      කොණ්ඩ කැවුමුයි මාළු හොදියි
      (මේ විදිහට කන එකෙක් නම් ඉන්නවා.)

      Delete
    3. බොල්ට් ඇණයි-කඩලයි
      බුලත් විටයි ඇපල් කන එකෙක්කුත් ඉන්නවා

      Delete
  22. මොකෝ මේ.... හදවත වෙන්දේසියේ දාන්නේ? ඇය් සතිපොලේ කවුරුහරි දැක්කද

    ReplyDelete
  23. මට නං විස්තර මදි ...
    අතිං දාගෙන කියවන්ඩ ඕනේ ...
    හැබැයි එතකොට මට ඕන එක තමයි කවිය ...... හැක හැක හැක

    ReplyDelete
  24. මට මතක් උනේ කපුගේ ගෙ සිංදුවක්.

    "නන්නාඳුනන ලෙසේ මඟ තොට යළිත් හමුවෙලා - මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා..."

    ReplyDelete
  25. මේ කවිය පිටුපස ලොකු කතාවක් තියනවා වගේ
    බිලා කතා කරන්න ඔනේ ප්‍රශ්නයක්

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....