Tuesday 17 March 2015

Gentleman Farmer - මඩ නොගා ගත් ගොවියා සහ බිං ලිපේ කිරිබත්








ගිය සුමානේ අපි කුඹුරේ ගොයම් කපලා පෑගුවා.
අපි දෙන්නාට මාස දෙක තුනකට සෑහෙන්න කුරණි 12 පොඩි කුඹුරක් තමයි මම වැඩ කරන්නේ. ඉන්දික වගේ  අඳේට දීලා නෙමෙයි මමමයි මේකේ ගොවියා.

හැබැයි ජෙන්ට්ල්මන් ගොවියා.

කියන්නේ මඩට බහින්නේ නැතුව, කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳගෙන, බූට්ස් එහෙම දාලා (සර්පයෝ කයි කියන බයට අප්පා),  ගොඩ ඉඳගෙන කුලියට ගොයියො ටිකක් අරගෙන තමයි මේ වැඩේ කරන්නේ මොකෝ මේ නහින දෙහින කාලේ ඕවා කරන්න තරම් හයිය හත්තිය අපිට නැති නිසා නෙවෙයි මඩ ගාගත්තොත් හෝදලා අරගෙන රජ කරයි කියලා හිතේ තියෙන බයටම.


ගිය කන්නේටනම් දෙහිඅත්තකංඩියෙන් ජයම්පතීට කියලා බිත්තර වී ගෙන්නගෙන, කීරි සම්බා වැපුරුවේ, ඒත් වැස්ස නැතුව පාලු උනා. යංතම් වී ගෝනි දෙකයි ගොඩ ගන්න ඇහැක් උනේ
නිසාම මේපාර දික්වැල්ලෙන්ම හොයාගත්තා ඇට දිග රතු හාලක්, වපුරන්නේ නැතුව පැල හිටෙව්වා. මොනා උනත් මේ මොණර නැලැයක් නිසා බොහොම් අමාරුවෙන් තමයි බැත බේරගත්තේ. උන් සෑහෙන්න පාලු කරලා තිබුනා.
  එකෙක් නෙමෙයි මොනරු 17 දෙනෙක් ඉන්නවා උඩ බංගලාව ගාව තියෙන කජු ගහේ රෑට. න් තමයි උදේම පටන් අරන් හැන්දෑ වෙනකන් වී කරල් හූරන්නේ. කුරුඳු ගොබයක්වත් ඉතිරි කරන්නේ නැහැ, මොණරෙකුට ගලකින් ගහන්නවත් දෙන්නේ නෑ මේ ගමේ මිනිස්සු, කතරගම දෙයියන්ගේ වාහනේලුනේ.

මීට ඉස්සර කියන්නේ මම පොඩි කාලේ රත්නපුරේ ගොයම් කපලා මීහරක්ගෙන් කලාතයා, මුදුනා බැඳලා පාගන ගොයම් පෑගිල්ලාට වඩා වෙනස් දැන්.


ගොයම් කපන්න හැමදාම වත්තේ වැඩ කරන්න එන ගැහැනු අට දෙනයි මට ඇඹුල හදන්න උදව්වෙන්න පේමයි ඇර, සුදු අයියයි ධනරාජ්වයි කතා කරගත්තා ජයම්පතීටයි රාජටයි උදව්වට
සුදුමල්ලිගේ බූසිය ඉල්ලාගත්ත අත්ට්රැක්ටර් එකට හයිකරලා ගොයම් තලාගන්න. බූසිය කියන්නේ ඇග්රිමෙක් කොල මඩින යන්තරේට දන්දෙනිය පැත්තේ. වෙන එහෙකට නෙමෙයි.

මට ඕනි උනේ ඇඹුල හදන්න. උදේම නිල්වැල්ලේ ඉඳන් ගියා ඔක්කොම අඩුම කුඩුම අරන් දංදෙනියට. යනකොටත් ජයම්පතී බිං ලිප හාරනවා.
ජයම්පතිගේ බිං ලිප


කුරුඳු දර තමයි මමනම් පාවිචිච්කලේ




ඔය බිං ලිප දකුනේ පාවිච්චි කරන්නේ දොදොල් හැඳිගාන්න. තාච්චියේ හරි හට්ටියේ හරි වපසරියට ගැලපෙන්න පොලොවේ හාරා ගත්ත වලකට කානුවක් වගේ එක පැත්තට දිගට හාරගන්නවා දර ඇතුල්කරන්න. ඊට පස්සේ හට්ටිය පොලොව උඩ තියෙන ගැට්ට උඩ තියලා තැන් දෙකකින් විතර ගුල් දෙකක් හාරනවා ගිනි සහ දුම පිට වෙන්න

අලුත් මැටි හට්ට්ය මම ඊට ඉස්සරදා ඉඳන් වතුර දාලා පොඟෝලා තිබ්බේසුදු කැකුළු කිලෝ හතරක කිරි බතක් උයන එක ලේසි පාසු කෙලියක් නෙමෙයි මදිවට බිං ලිපේ.

කුරුඳු දර තමයි මමනම් පාවිචිච්කලේ මොකෝ කුරුඳු තැලුවේ එපිටින් මාසේ නිසා. කුරුඳු දර වලින් ඉව්වාම හරිම රසයි හොඳ රස්නෙකුත් එන නිසා ඉක්මනට බත ඉදෙනවා...


කිරි උතුර උතුර බත ඉදෙනකොට බලන් ඉන්න ආසයි. 



  සෑහෙන දාංගලයක් දාලා ජීවිතේටම හදපු ලොකුම කිරිබත හැදුවා. 


මමනම් කෑවේ මෙච්චරයි

හොඳට උම්බලකඩ දාල රතුළුුනු කට්ට සම්බෝලෙකුත් ගලේ තලලා උඩහ මුර ගේ ගාව දෙහි ගහෙන් එවෙලෙම කඩපු දෙහි ගෙඩියක් දාලා ගත්තාම කොහොමද දන්නවද..

..දිව්‍යලෝක රසයි....



මේ දවාලට හදපු කෑම එක. මේක ගමේ විදියට නැතුව ටවුමේ විදියට හදන්න හිතුනා මොකෝ ගමේ මිනිස්සු හැමදාමත් කන දේවල් දීලත් වැඩක්නැති නිසා. ඒකට මට නම් හරිම දුකයි ගස් යට වැටී නාස්ති වෙන කොස් ගෙඩියක් කිරට හදලා කරෝල ටිකක් හෝ මිරිස් දාලා බැදලා කොහිල ඇඹුලක් එක්ක දුන්නනන් මොකෑ වෙන්නේ...

දොලහ එක වෙනකොට දවල්ට කාලා ආයෙත් පටන් ගත්තා බූසියෙන් වැඩේ කරන්න.








මොණරුන්ටයි, කුරුල්ලන්ටයි ගියාම ඉතින් අපිට ඉතිරි උනේ පොඩ්ඩයි...ඒත් මාර සංතෝසයි...



ඔක්කෝම වැඩ ටික ඉවර වෙලා ජයම්පතීට වී අව්වේ දාන්නය කියලා ඇවිත්......



 .........මෙන්න මෙතනට වෙලා,......
හොඳ හොට්වෝටර් ෂවර් එකක් එහෙම අරන්,
  කකුල් දෙක උඩ දාගෙන,
  VX ෂොට් එකක් දාලා,
 ඉඳිආප්ප ටිකක් කිරට හදපු අලුත් දැල්ලො හොද්දක් එක්ක ගිලලා,
 නිදාගත්තා මම නම්..
ඇයි 
ජෙන්ට්ල්මන් ෆාර්මර් නේ....











94 comments:

  1. දික්වෑල්ල දිහාට හොදම වී වරිගය තමා කෑකුලු.... ඔයා කොහොමත් ගොවිතෑනට දක්ශ බව අපි එදා ඉන්දලා දන්නවා නේ. ඒත් පොඩි අඩියක් ගහල එහෙම කුබුරට බෑස්සනම් තමා නියම සොමිය..... අසාඉ දක්කින්න ගොය් මහත්තයා....
    Sorry for my unicords.... i am still learning

    ReplyDelete
    Replies
    1. වස්සෝ..පුලුවන් තරං ලියපන් මචං. කමෙනට්ස් වලින් පටන් ගන්....මගේ පෝස්ට් වලට විතරක් නෙමෙයි කියවන හැම බ්ලොගකටම කමෙන්ට්ස් දමාපන්. ඉබේම උඹ හිංගල ලියන්නෙක් වෙනෝ උඹවත් දන්නැතුව...ඊටත් වඩා වටින දේ තමයි උඹට රත්තරන් යාලුවෝ සෙට් එකක් හම්බවෙනවා අගේ කොරන්න බැරි...බොරු නම් කරලා බලපන්කෝ...

      Delete
    2. ඒක හබෑවක් බොලේ...... තාම දනගානවා නොවෑ. සමා වෙන්න ඔනේ.
      මමත් පටන් ගත්තා පුන්චි වගාවක් අපේ බෑල්කනියේ, අන්දොමයි එකට අර පිටි මකුනොද මොකුන්ද අවානේ. පින්තුර කෑල්ලක් දාන්නම් කො පස්සෙ වෙලාවක. කොහොම උනත් ඔය ගල් වගෙ බීම නම් බොන්නත් ආසෑවෙ බෑ.......ඔයත් එක්ක.බොක් බලලා cඔම්මෙන්ට් දන්න කීවට මොකෝ මම සිරාගෙ කමරේ පත්තෙ එහෙම යනවා සමහර දවස් වලට, අනිත් එවටත් ඔලුව දනවා ඉදල හිටල, ඒත් cඔම්මෙන්ට් දන්න දන්නෙ නෑ.... දෑන්තමා සොමිය අහුවුනේ...දෙන්නම්කො ඈට්ටි හල්ලෙන්න...

      Delete
    3. මචෝ පිටිමකුනාට එකම බේත ලයිෆ්බෝයි වගේ සැර සබන් වතුර ස්ප්‍රේ කිරීම. හෑන්ඩ් ස්ප්‍රේ එකකින් කරන්න පුලුවන්. හැබැයි පුතෝ අර හෑන්ඩ් වොෂ් පාවිච්චි කරන්න එපා ඩූඩ් වගේ..සබන් කැටයක් ගන් ලුලූ එකෙන්. අත්දුටුවයි සත්තයි..

      Delete
    4. වස්සා මචං
      ගල් නං අපි එතන..

      කැඳවුම්කරු
      -ගල් බලකාය -

      Delete
    5. //කියවන හැම බ්ලොගකටම කමෙන්ට්ස් දමාපන්. //

      සමහරවෙලාවට ඊට වඩා ෆන් කියවන කමෙන්ට්වලට කමෙන්ට් දාන එක.

      ඒකෙ විශේෂඥයෙක් තමයි මට උඩින් ඉන්නෙ මෙතන

      Delete
    6. VX ෂොට් එකක් දාලා,
      ටයිපින් මිස්ටෙක් එකක් බව සලකන්න
      බ්‍රෑන්ඩ් එක ගල්

      විධායක අධ්‍යක්ෂක
      -ගල් බලකාය-

      Delete
  2. අප්පා දේශපාලනය නැති දෙයක් කියවන්න ලැබීමත් සතුටක්. ලබන කන්නයේ බාස්මතී ටිකක් ගැහුවා නම් නේද හොඳ? මොකද මොනර මසුත් තියන එකේ!

    ReplyDelete
    Replies
    1. බාස්මතී නෝ ලැයික් රයිගම්...ඕමාන් ඉන්නකන් ගිල්ලනේ...අනික මෙහාට එන්නේ පකිස්ථාන් බාස්මතී විතරයි..අර කැරපොතු ගඳ එනකොට උයන්න හිතෙන්නේ නෑ...ඉන්දියන් කොහිනූර් වගේ බ්‍රෑන්ඩ්ස් මෙහෙ නැහැනේ...
      මොණර මස් කනවා තියා ඒ ගැන කථා කිර්‍රිමත් ටැබූ දන්දෙනියේ..වත්ත සුද්ධ කරනකොට හම්බවෙන මොණර බිත්තර පවා එකතු කරලා කිකිලියන්ට දාලා රකිනවා නොවැ මේ පලාතේ ඇත්තෝ....

      Delete
  3. ඇත්තමයි බිං ලිපක් මම මුලින්ම දැක්කේ මේ පෝස්ට් එකෙන්..

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කේ මේ පාර ගොයම් කපන්න ගිහින් තමයි...

      Delete
  4. දැන් නම් හිතට අමාරුයි අප්පා. හැම එක්කෙනාම ගම ගැන ගමේ කෑම, ඒ කාලේ වගේ දේවල් ගැන කියනකොට නිවාඩු නො ආපු මම ගැන දැනෙන දුක වචන නෑ වගේ. එක්කෝ නිල්වැල්ල අපේ පැත්තට එන්න ඕනේ. නැත්නම් මම ලංකාවට එන්න සනීප වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මම කොච්චර කිව්වද බූරුට ලංකාවට එන්න සනීප වෙන්නම ඕනි නැහැය කියලා...ඇවිත් බලන්නකෝ ඔයා සනීප වෙන්නේ නැද්ද කියලා..

      Delete
    2. මමත් නම් රිස්ක් කරලා හරි එන්න ආසයි චෙපෑකි. ඒත් දැන් මම පොඩි ළමයෙක් නෙමෙයිනේ. මගේ දොස්තරලා කියන ඒවා මම කරන්න ඕනේ. සෙල්ලම් කරලා වගකීම් නොගෙන හිටපු කාල ඕනෙතරම් තිබුනා. මෙහේ ඕනේ පිස්සුවක් නැටුවත් මට අවුලක් නෑ. ඒත් ලංකාවේ තවම මගේ ගෙදර මිනිස්සු, මගේ හිතවතුන් ජීවත් වෙනවා. ඒ අයට කරදරයක් නොවෙන්න හැසිරෙන එක තමයි දැන් මගේ එකම බලාපොරොත්තුව. පසුගිය කාලේ කකුල කඩාගත්තමත් මට වඩා වද වින්දේ ඒ අය. දැන් තියෙන තත්වේ ඊට වඩා ක්‍රිටිකල් නේ. මැරෙනවා නම් මැරෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගෙන් ඈත රටක මිසක් ඒ මිනිසුන්ට වදයක් නොවෙන්න කියලා මම හීනෙන් පවා හිතන දෙයක්.
      ඉස්සර වගේ වගකීමෙන් තොර දේවල් කරද්දි දැන් දහපාරක් හිතනවා. අප්‍රියෙල් වල ටිකට් එකක් දාලා තිබිලත් කැන්සල් කලා අන්තිම හෙල්ත් ඉසූස් හින්දා.
      නැත්නම් ඔහේගේ නිල්වැල්ල අපි කෑලි කෑලි සුපවයිස් කරන්න හිටියේ.

      Delete
  5. ඒ අර බිං ලිප නං මරු..... හි හි....

    දවල් කෑම එක නං වැඩක් නෑ... අර උදේ කෑම එක නං ම‌ෙර් මරු.... හිටපියකෝ... අද හදනව කිරිබත්...

    ReplyDelete
    Replies
    1. කොහොමද කිරි බත හොඳට ආවද..? මැටි මුට්ටියක හදන්න, එතකොට හොඳට අර මුට්ටි රහයි රොස් වෙච්ච රහයි දෙක එකතු වෙලා එන නියම කිරිබත් ටේස්ට් එක එනවා...

      Delete
    2. හිරු මිස්

      දාන්ඩ ප්ලේන්ටියක් .. !!!

      Delete
    3. මොන මැටි මුට්ටිද අනේ... මෙහෙත් ඉන්නෙ රොස් වෙච්ච කිරිබත් කන්න ආස අය... හි හි.. ( කොහොමත් ඉතිං ඕක මගේ අතිං රොස් වෙනවනෙ.. හි හි..)

      මේක උඩ ඉඳලා පහලටම ඒ පාර කෑම පෝස්ට් එකක් වෙලානෙ.. මදෑ අර බූරු මැරෙන්නෙ නැතුව බේරුන... කෑම කිව්වොත් උන්දැ එතන.. හි හි..

      ඔය වගේම ලස්සන පරිසරයකට මූණ දාලා තමයි අපි දෙන්න මේ දවස්වල තාවකාලිකව පදිංචි වෙලා ඉන්න අපේ මාමගෙ ගේ හදල තියෙන්නෙත්.. එන එන හැම එකාම ලෑස්ති වෙන්නෙ බෝතලයක් ගේන්න... හි හි... ( ඒ උනාට ඉතිං හදපු අයට මේවා කරදරයි කියල වහලා දලා ගිහින් තිබ්බෙ..අපි වගේ වැද්දන්ටනෙ මේ පරිසරය වටින්නෙ.. නැද්ද මං අහන්නෙ..)

      Delete
    4. සිගරට් 5කුත් අරන් එන්න

      Delete
    5. බෝතල් අවුලක් නෑ... සිගරට් තහනං... හි හි

      Delete
    6. අයි අයියෝ...මාල්බරෝ ලයිට්ස් නැතුව කිසිම දෙයක් රස විදින්න බෑනේ හිරු...ඕවට තමයි කියන්නේ අර වැලමිටෙන් ඇල්ලලා එන්නකෝ කියනවා කියන්නේ...

      Delete
  6. කියල වැඩක් නෑ... ඔන්න ජීවිත... අපේ කුඹුරු ටිකත් අපි අඳේට දෙන්නෙ නෑ. චෙෆාකිගෙ "ජෙන්ටල්මං" ක්‍රමේට තමයි කරන්නෙ. හැබැයි අපේ තාත්ත. මේ පාර වැඩකලේ "යකඩමරං". කොච්චර කිව්වත් අලුත් හාලේ බත් වල තියන "කිරි රස" කඩේ හාල් වල නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ජීවිතේ ලබාගන්න වෙච්ච මහන්සියත් සුලුපටු නෑ සජ්ජෝ...ඉන්න ගමන් නිවාඩු පාඩු වෙලාවක ගොඩබහින්නකො දංදෙනිය පැත්තටත්...ලඟපාත නොවැ ඉන්නේ...!

      Delete
  7. කෝ ඉතිං මොඩ් ගොවියා පේන්න නෑනෙ පින්තූරු වල?
    මේ වගේ තනියෙන් කාපු බීපු දේවල් ප්‍රසිද්ධ කරනවද මං අහන්නෙ අපිට ඊලිසියා හිතෙන්න.

    ReplyDelete
    Replies
    1. මද්දු...(මධු කියන එක නාකයි )...පිංතූරු ගන්න එකාව වැටෙන්නේ නෑනේ මේ ෆෝන් එකේ, කැඩිලාද කොහෙද..?
      ඔච්චරම ඉලිසියා නම් වීකෙන්ඩ් එකක බිං ලිපක් එහෙම හාරගෙන හදන්නකෝ කිරිබතක්..කවුරු එපා කියනවද?

      Delete
  8. ශක් ...ගෙදරනම් මාර ගති හාන්සි පුටුවෙ දිගා වෙලා ගල් ශොට් එකක් ගහන්න කියාපු තැන. චෙෆාකි, සුවදැල් හරි හීනටි හරි ඉහින්නකො පොඩ්ඩක් තිබුනත් ඇතිනෙ. බිං ලිපක් ගැනනම් අහල තිබුනෙ නෑ.
    මේ වගේ ලයිෆ් එකට මම පට්ට ලැයික්.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 156ක් වයසයි ඔය ගෙදරට..ඒකෙ රෙස්ටොරේෂන් එක ගැන වෙලාවක වෙනම ලියන්න හිතන් ඉන්නේ...
      හීනටි, සුවඳැල් වගේ ප්‍රබේද වල බිත්තර වී හොයාගන්න බැහැනේ...බට අත ෆාර්ම් එකෙන් හරි ගොවිජනසේවා එකෙන් හරි විපරම් කරලා බලන්න ඕනි...

      Delete
  9. යකෝ කොච්චර හිතවතෙකුට උනත් ඉරිසියා කරන්න වෙනව මෙහෙම දේ දැක්කම.

    හිටින් මැච් එක ඉවරවෙලා එන්න දෙන්න දොඹෙන්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත පූස්, මෙවට ඉරිසියා හිතෙන්නෙ නැත්තම් අපි රහත් වෙලා. හැබැයි ඉරිසියාව යයි අපිවත් ඔතනට එක්ක ගියොත්. ( එක්ක යන්න ඕනෙ නෑ , වරෙල්ල කියල කිවුවත් ඇති) ගල් බොතල් ටිකයි VX බෝතලේකුයි අරන් අපි එතන. ( VX දෙයියට පහන් පත්තු කරන්ඩ )

      Delete
    2. @ ඉන්දික ...කෙල උනා නේ මැච් එකට..අනේ හුකේ කිව්වලු...මම මේක පබ්ලිෂ් කරලා ගාලු ගියා මිටිමකට..ඉවර උනේ හවස හතරට..එතකොට කෙලවෙලා ඉවරයි...නොබලා හිටපු එකත් හොඳයි කියලා හිතුනා බං

      Delete
    3. @ මයිනහම් බාස්....හිටහං හිටහං..ලඟදීම ඇරේන්ජ් කරනවා ඩවුන් සවුත් වීකෙන්ඩ් ට්‍රිප් එකක්...හැබැයි බොරුවට ගල් බෑ....

      Delete
    4. අර මැච් එක ඉවර වෙනකොට වෙන මැච් එහෙකට සෙට් උනානෙ!

      ඔය වලේ ලිප මමත් මුලිම්ම දැක්කෙ ස්කවුටීන් කරත්දි. ඉන් පස්සෙ දෙතුන් අවුරුද්දක උඩදි මම දීපු කිරි දානෙ වෙලාවෙ. එදා ආව පානදුරේ පැත්තෙ ඩබලක්. උන් දෙන්න කිරිය හැදුවෙ ඔය වලේ ලිපේ. ඕක මාර දර පිරිමැහෙන ක්‍රමයක්. ඉස්සරම කාලෙ ලිප්බොක්කවලුත් ඔයිට කිට්ටුයි තමා. මට මතකයි අපේ අම්මලගෙ මහගෙයි කුස්සිය ඔහොම වළක් නෙමෙයි, නමුත් තුන්පැත්තම වැහිල, දර ඉස්සරහින් විතරයි.

      අපේ කුඹුර අඳේට දුන්නෙ කරන්න යන්න එකෙක් නැති නිසානෙ බං. ඒත් මම ඉස්සර ලංකවෙ ඉන්න කාලෙ ගොයං කපත්දි යනව. ගිහින් දවසක් ලැගල කුරුටු ඇඟේ ගාගෙන හවහ එනකොට හොඳ ගනං. පැට්‍රල් ගහල යනවටත් පාඩුයි කියල හාමිනේ බනිනව මොකද ගෝනි දෙකනෙ ඩිකියට අල්ලන්නෙ. ඒත් ඉතින් එව්ව මරු වැඩ තමා.

      මගෙත් ලොකු ආසාවක් තීනව බෙරගල සයිඩ් එකෙන් ඉඩමක් අරගෙන ඔහොම ෆාම් එකක් දාන්, ටුවරිස්ම් බිසිනස් එකකුත් කරන්න පැන්ෂන් යන කල එත්දි. ඉස්සෙල්ල එතකල් ජීවත් වෙන්න එපාය. බලමු!

      Delete
    5. @ ඉන්දික....මමත් පෙරුම් පුරල පුරල තමයි මේවා කලේ....මචෝ එක ඇඩ්වයිස් එකක් දෙන්නං..ආපහු එන එක මිනිමම් ත්‍රී ඉයර්ස් ට්‍රාන්ස්සිෂන් ප්ලෑන් එකක් කරගං..දඩබඩං ගාලා ආවොත් ආයෙ යන්න වෙනවා.. මම කලේ ඒක..මගේ වෙලාවට එයාර්පොර්ට් එක සම්පූර්ණ අනුග්‍රහය දුන්නා ඩ්‍රීම්ස් රියලයිසේෂ්න්ෂ් සම්බන්ධයෙන්...ලේසි පාසු කෙලියක් නෙමෙයි මචෝ ඒත් බැරිත් නැහැ...උඹ ගිය වඩුමඩුවටත් එහා තැනකට මම ඉස් ඉස්සෙල්ලාම ඕමාන්වල ගියේ...හරි දේ හරි වෙලාවේ කිරීමේ කරුමයක් මගේ තීනවා..ඒකත් තවත් සාධකයක්...උඹට ජයෙන් ජය ඉන්දිකයො

      Delete
  10. //මොණරෙකුට ගලකින් ගහන්නවත් දෙන්නේ නෑ මේ ගමේ මිනිස්සු, කතරගම දෙයියන්ගේ වාහනේලුනේ.//
    දෙයියන්ට වාහන දෙක තුනක් ඉතිරි කරල ඔන්න ඔහෙ අපි ගමු ඉතිරි ටික, හුලං තුවක්කුවෙන් සාත්තුවක් දෙමුද ?

    ReplyDelete
    Replies
    1. හපොයි මට ගමේ විසුමක් නැතිවෙනවා ඕවා කොරන්න ගියොත්...හුලං තුවක්කුවෙන් කොරන්න ඇහක් තව ජොලි දේවල් තීනවා....ඉවසපාං....තව ටික දොහක්...

      Delete
    2. මත්තල එයාර්පෝට්ටෙක හදන දවස් වල හිටියා මගෙ ගෝලයෙක් සුපිරි ඩයල් එක.පොරට ඉන්නෙ එක දෙවියයි.එයාවත් ඇණ ගහලා.ඒ නිසා බය නෑ. මොණරට වෙඩි තියනකොට කියන්නෙත්, මේ ඉන්නෙ වාහනේ නෙමෙයි.වාහනේ දැං ගමනක් ගිහිං.මූ මැරුවට කමක් නෑ කියලා දෙනවලු සොට් එක.හෙහ් හෙ...

      Delete
    3. මස් එච්චර රස නෑ මං හිතන්නෙ

      Delete
    4. ප්‍රාජේ මසට තුනපහ වදින්න හොරයි.මස් වලට ගෑරුප්පුවෙන් ඇනල සීසන් කලාම රසයි. අපි නිලාවැලි වලදි හැදුව ඒ විදිහට

      Delete
  11. දෙයියන්ට එක වාහනයක් මදිද? ඕන්නං බැකප් එකට තව එකෙක් ඉතුරු කරල අනික් පහළොවටම වැඩේ දීපං.ඔන්න බොගෙ ජීවිතේ ගැන මටත් ඉරිසියයි බං.

    ReplyDelete
    Replies
    1. දෙය්යන්ගේ වාහනය ගැන නම් කතාකරන්න එපා මචෝ ගමේ විසුමක් වෙන්නෙ නැති වෙනවා මට..වැඩටවත් මිනිහෙක් හොයාගන්න බැරිවෙයි...
      මේ ජීවිතේ ඕනිම කෙනෙකුට හිත ඇත්නම් ලඟා කරගන්න පුලුවන්...ඔය උඹේ ඔෆිස් එක පිටිපස්සෙ තියෙන කම්පවුන්ඩ් එකේ කෙරවලේම විලා එකෙත් මම පොඩිපහේ ගොවිපොලක් කරලා පවුල් ගානක් ලංකාවේ එලවලු කෑවා ඒ දවස්වල..පොඩ්ඩක් අහලා බලපං ජයසිංහගෙන් (ඉස්කෝලේ චෙයාමන් මහත්තයාගෙන්)...

      Delete
  12. අඩේ කුරුණියක් කියන්නෙ කොච්චරක්ද අය්යණ්ඩි....
    අපි මෙහෙ ලාස් බුසල් නං කියනව ඒත් කුරුණි දන්නැතුවා....
    බිං ලිප දැම්ම එකම පිනක් ඈ
    අරකට උත්තරයක් දී හොදේ

    ReplyDelete
    Replies
    1. කුරුණිය කියන්නෙත් ලාහටමයි බං.

      Delete
    2. මෙන්න මේකයි චක්කරේ ආයිබොවන් මම දන්න තරමට..
      හුංඩු 12 = කුරුණි 1යි
      කුරුණි 7 = බුසල් 1යි

      සමහර පැතිවල ඕක මෙහෙම වෙනස් උනාලු
      හුංඩු 12 = කුරුණි 1යි
      කුරුණි 7 = බුසල් 1යි
      ඊලඟට
      කුරුණි 48 = අමුණු 1යි
      එක අමුනකට වී බෑග් 3යි නතනම් වී කිලෝ 144....
      මේවා ඔක්කොම වී වපුරන වපසරිය මනින මිනුම්...

      සාමන්‍යයෙන් එක කුරණියකට වී කිලෝ 3ක් විතර ප්‍රමානයක් තමයි අල්ලන්නේ..
      කාට හරි මේක ගැන දැනුමක් තියේ නම් මෙතන ලිව්වා නම් මරු...
      මේ විස්තර ටික මම අහගත්තේ ජයම්පතීගෙන්..එයා අහගත්තේ දෙහිඅත්තකංඩියේ ඉන්න එයාගේ තාත්තගෙන්...

      Delete
    3. අක්කරයකට බුසල් දොලහක්ද එතකොට? මට මතකයි අපි පොඩි කාලේ බුසල් දොලහේ අපේ ගේ ඉස්සරහා කුඹුර ගැන අප්පච්චි කියනවා.
      මමත් ලංකාවේ හිටියා නම් සුවර් එකටම මෙලහට ගොවියෙක් වෙලා. ලොටෝ එකක් ඇඳුනොත් ( මෙහේ තියෙනවා super enalotto ) මම ගන්නවා ටස්කන් වලින් වයින් යාඩ් එකකුයි ගෙයකුයි. ඒකේ මම වගා කරනවා. හවසට හොඳ ටස්කන් වයින් එකක් හෙම බීලා මගේ වයසක කාලේ ගෙවන හැටි ඉඳලා හිටලා මම හීනෙනුත් දකිනවා දැන්. බව් බබෙකුත් ගන්නවා මට තනියට. ආයේ ලංකාවෙ බීච් හවුස් එකක්. ඒ ආවම ඔය old vx man, jamson man, bacardi fans ල හෙම එක්ක කෑම හදලා කන්නත්, වයින් එකක් හෙම බොන්නත් හිතන් ඉන්නවා හවසට හවසට.

      මුන් මේ අගේ කරන හැටියට හරි නම් මගේ හීන ඉක්මණින් ඉටු වෙන්න ඕනේ එතකොට මට ඉක්මනින් රිටයර් වෙලා නිදහසේ ඉන්න පුළුවන් නේ.... ;)

      Delete
    4. බූරු බබාට ලොටෝ එකක් ඇදියන් දෙයියනේ!!!!!!!
      බීච් හවුස් එකේ ගල් බෝතලක් ගහල වැල්ලෙ දපල ඉන්න..හප්පා සනීප.

      Delete
  13. පෝස්ට් එකේ මොනවා කියලා තිබ්බත් කෑම එක තමයි උච්ඡස්ථානය. ඒකේ රහ හිතෙන් මැනගන්න එක. හිතෙන් කෙල ගිලින එක...

    ReplyDelete
    Replies
    1. රංගිව අවුස්සන එහෙම ලිව්වේ..ඇයි මට නිතරම අවලාද කියනවනේ ගම ගැන ගමේ කෑම ගැන මතක් කරනවාය කියලා...කෙලගිලින්න එපා අපිට බඩේ අමාරු හැදෙයි...

      Delete
    2. හරිම නරක මිනිස්සු. මට ලංකාවට එන්න විදිහක් නැති හින්දා මිසක් නැත්නම් බොලාගේ ඉඩමයි, කුඹුරයි, ගෙදරයි මම මෙලහට ගහෙන් ගහට චෙක් කරලා ගමේ මිනිස්සුත් යාළු කරගෙන.
      අපි ලුනුවත් නැති කෑම කන්නේ මේ දවස් වල. අඩි දහයක් ගිය ගමන් එලාම් වදිනවා. ඇඳට වෙලා කකා බිබී ඉන්නවා නම් හාට් එකත් බබා වගේ. ඊස්ටර් එකට දවස් දහයක් හරි ගෙදර එන්න හිටියේ ඒකටත් චොර වුනේ මටමයි. අහිංසකයන්ටමයි හැම වෙලේම ඔක්කොම වෙන්නේ. එහෙව් එකේ මුං මේවා අගේ කරන එක හරි කැතයි....! මම පව්!

      Delete
  14. අපේ නම් ජිවිතේ ඔහොම තමා පොඩ්ඩක් ඇත් වෙලා කියලා හිතුනත් දැනට ,වී පොඩ්ඩක් උනත් හිතේ සතුට තියෙනවා කුඹුරු වැඩ වලදි ,ඔය මොණරු වී බොනවා කියලා කියන්නෙ අපේ පැත්තෙ අනික මොනර බිත්තර හොද රසයි කියන්නෙ ,තව මොනර තෙල් තුවාල කැලලි,පොඩි ලමයි ගේ අත පය ඇද වෙලා උපදින අයට ගානවා මං දන්න තරමින් ...

    ReplyDelete
    Replies
    1. මොණරු ඉන්නකොට සර්පයෝ එන්නෙත් නැතිලු...ගමේ අය නම් කියන්නේ මොණරා කෑ ගහනකොට නයි බිත්තර පුපුරනවා කියලා...අපෝ ඌ කොච්චර ලස්සන උනත් උගේ සද්දේනම් හරිම කචල්...

      Delete
  15. ලබන කන්නේ වෙන කොට තව ගෑණු හත අටක් අඹුකමට ගන්ඩ ඕන මොකද මට කන්ඩ බොන්ඩ දෙන්ඩ වියදමක් යනව කියල යැ . අර පිස්සු රැවුලා තව ලියැද්දක් දෙකක් අස්වද්දල ඒකිලගේ බඩ පුරවන් නැතැ .

    නායක මොණරා

    ReplyDelete
    Replies
    1. කපනවා ඩෝ රැවුල..යනවා ඩෝ අංගොඩ..!!!
      අහුවෙයන්කෝ මට....!

      Delete
    2. The most creative comment so far..love this...

      Delete
  16. මගේම නොවුනත් මමත් මේ දවස්වල ඔය ආතල් එකම විඳිනවා.. මෙහෙත් දැන් ගොයම් කපන කාළේ.. ඇඹුල කෙසේ වෙතත්, ගල් අරක්කු නම් උදේ ඉඳන් වරදින්නේ නෑ.. ඒවත් මළ ජරාව.. මුන්ගේ වකුගඩු නරක් වෙන එක අහන්න දෙයක් නෑ..

    අවංකවම ඉරිසියයි.. මගේ සිහිනයත් කවදා හෝ ඔය වගේ ජීවිතයක් ගෙවන එක.. මම හැලපෙගෙ එකෙත් මේ ටික්ම කිව්වා..

    ReplyDelete
    Replies
    1. \\\මගේම නොවුනත් මමත් මේ දවස්වල ඔය ආතල් එකම විඳිනවා////

      ටිකක් සෙක්සි කථාවක් මචෝ මේක..හැක්...

      ඔය වගේ හිංදුවකුත් තිවුනා නේ ලඟදී...

      අදත් ගාලු ආවා බං..බටදූවට..දැන් ආපහු ආවේ..
      වරෙන් කොළඹ...

      Delete
  17. මොණර මාළු උඩ හැලියේ නොවෙද තියෙන්නේ...
    අපට මාළු අලකොලදෝ අදත් කුඩම්මේ..

    චෙෆාකිලා මොණර මාළු ආතල් ගන්න ගමං අපිටත් අලකොල ටිකක් හරි මෙහෙම බෙදන එක එළ ඈ..

    ReplyDelete
    Replies
    1. මොණරමාලු වගේද ආයිබෝං අලකොල..අපේ අම්මා වේල්ල අයිනේ තියෙන වෙලහබරල දලු කඩලා ඒවා අව්වේ වේලලා හොඳට කොච්චි දාලා හදන අලකොල මාලුව දිව්‍යලෝක රහයි....ඉස්සර සිරීපාදේ යනකොට බැඳගෙන යනවා කියන්නේ අලකොල මාලුවයි රතුකැකුලු බතුයි රත්නපුරේ ඇත්තෝ...

      Delete
    2. ඔය අලකොල කේස් එක රත්නපුරේ ස්පෙසල් ද? අපේ කිරි අම්මත් එහෙම එකක් හැදුවා. මම හිතන්නේ ඒක හෙන සැරට හදන්නේ. මේ ළඟ කාලෙකදිත් කවුරු හරි මට (මිරිස් නැතිව) හදලා දුන්නා. කෙසෙල් කොලේ දාලා බත් එක එක්ක මික්ස් වුනාමයි ඒකේ රහ මම හිතන්නේ.
      චෙපෑකි කාල තියේද මියණ දළු මම හිතන්නේ එක වගෙ රෙසිපි එකක්. මගේ ආසම කෑමක් ඒක නම්. මම ඉඳලා හිටලා කිරි ඇල්ල පාරෙන් ( සමන්දේවාලේ පාරෙන් ගෙදර යන්නෙත් මියණකොල හොයාගන්නමයි තවමත්. ඒකත් රත්නපුරේ ස්පෙසල් වෙන්න ඕනේ. කොළඹ එවුන් දැනගෙන හිටියේ නෑ මම ගෙනත් දෙනකම්.

      Delete
  18. ඔය මොණර කේස් එකනම් මෙහෙත් තියනවා.මෙහෙ අයනම් කියන්නේ යුද්දේ කාලේ බෝම්බ සද්දෙට බයවෙලා උන් මෙහෙ ඇවිත් කියලා.ඒත් ඕකේ ඇත්ත කතාව ටිකක් දරුණුයි.මොණර බිත්තර මෝරන්න(හැච් වෙන්න ) සාමාන්‍ය උශ්නත්වයට වඩා අන්ශක ගානක් වැඩි උශ්නත්වයක් ඕනේ.ඒකයි උන් මෙච්චර කාලෙකට අපි ඔය වේලෙනවා කියන පලාත්වලට සීමාවුනේ.ඒත් දැන් උන් ටික ටික බෝවෙවී පල්ලෙහාට එනවා කියන්නේ රටේ සාමාන්‍ය උශ්නත්වය ඉහළගිහින් කියන එකයි.මොනව උනත් මොණරමස් පරිස්සමෙන් කන්න ඕනේ කෑමක් කියලයි අහල තියෙන්නේ.ඉක්මනටම විශ වෙනවළු.මමත් මෙහේ ඉදන් එකෙක්ට වැඩක් දෙන්න ට්‍රයිකලා.ඒත් ඔය කියන විරෝධය නිසාම අකුලන් පැත්තකට වෙන්න වුනා.
    මොනවා උනත් දැන් බඩේ අමාරුවක් හැදිලා නැත්නම් අර කෙළගිලින කතාවත් බොරු හේනන්....

    ReplyDelete
    Replies
    1. ඔය පෙසන්ට්ස් ලා හන්ට් කලාම දවසක් දෙකක් එල්ලලා තීනවා සාමාන්‍යයෙන් හන්ටර්ස්ලා...ප්‍රධාන හේතුව උන් ඇවිදින තරමට උංගේ මස හරිම හයියයි..මස් පරක්කු වෙන්න පරක්කු වෙන්න බුරුල් වෙන නිසා..මම කිව්වේ වින්ටර් කන්ට්‍රීස් වල. අපේ තියෙන උශ්නත්වයත් එක්ක එල්ලල තිබ්බොත් ඉතින් බඩු බනිස්...
      මොණර මස් විස වෙනවා කියන් කථාවත් බඩේ අමාරු කේස් එක වගේ අපිව බයකරන්න කියපුවා වෙන්න ඇති කටුසු....

      Delete
    2. චෙපෑකි, මම දන්න තරමින් නම් වල් ඌරෙක් හෙම මැරුවම අඩුම තරමින් මාසයක්වත් තියලා තමයි කෑමට ගන්නේ. කලින් මම වැඩ කලා ටස්කන් වල ෆාම් හවුස් (ගේම් හන්ට් යාඩ්) හොටෙල් එකක හෙක්ටෙයාර් 2300ක. එකේ මස් කෑමට ගත්තේ ඒ විදියට. මස් මෙලෙක් වෙන එක විතරක්ම නෙමෙයි ඒවයේ තව මොනා හරි හේතු තිබ්බා. අනික රශ්නේ කාලෙට කැලේ සත්තු මරන්නෙත් නෑ නේ මෙහේ. එකම දවසයි මැරුණ වල් ඌරාගේ හමේ කිනිතුල්ලෝ දැක්කේ. අපෝ....!
      වලි කුකුලෝ වටුවෝ හෙම නම් රෙඩ් වයින් වල සීසන් කරලා මිසක් උයන්නේ නෑ නේද? කොහොමත් මෙහේ නම් ඕනෙම ගේම් මීට් එකක් එහෙමයි. රෙඩි වයින් අන්ටිබයොටික් ප්‍රොසෙස් එකක් වෙනවා මම හිතන්නේ කැලෑ ගඳ යනවා ඇරෙන්න.

      Delete
    3. @ බුරු.....ගේම් රහ යන්න ඊජිප්ෂන්ස් කුකින්ග් වලදි විනාකිරියි කහයි මිශ්‍ර වතුරෙන් මස් හෝදනවා....රෙඩ් වයින් වල දැම්මා හා සමානයි.
      මමත් ඒකම කරන්වා ෆ්‍රී රේන්ජ් චිකන් හරි වල් ඌරා හරි උයන්න ඉස්සර වෙලා...

      Delete
  19. චැඃ චැඃ චැඃ ...................කලින් දන්නවානම් මමත් එනවනේ ගොයං කපන දවසේ සුවේච්චා සේවකයෙක් හැටියට. අපරාදේ අර අපේ එදා ගැට් - ටුගැදර් එකේදී ඔය දකුණු පළාතේ වචන වල තේරුම අහලා ජයග්‍රාහකයාට අර සුදුවා බෝතලයක් තෑගී දෙන්න තිබුණා.

    එහෙනං දිනපතා පානය ලෙස V & X රෙජිස්ටර් වෙලානේ.

    පෙරේතකොම වඩවන ලිපියක් ලෙස තරු පහක් දෙමි.

    ReplyDelete
    Replies
    1. ශුක්‍රන් ජසීලන් හබීබි.....තැන්කූම වේවා...තරු පහට....

      Delete
  20. අඩේ මේක දැන් මගෙ බ්ලොග් එක වගේ. කොහොමත් මගේ බ්ලොග් එක අප්ඩේට් නොවෙන හින්දා එහෙම හරි මට හිතෙන දේවල් කියන්න එපැයි.
    අනික මුං කෑම පෝස්ට් දන්නේ මට ඉරිසියා කරවන්න කියනකොට මම මොනවා කලහම මදිද?

    රත්නපුරේ පිරිමි උයන්න දන්නවා වගේ. (අපේ අප්පච්චිත් පොඩි කාලේ අපිට කෑම හදලා දෙනවා. ගමේ එකා වෙච්චි චෙපෑකිත් උයනවා.) ඒකට මම හරිම කැමතියි.

    අර ලිපේ කතාව මාත් දැක්කමයි. ඒක මරු..

    මොණරු කියන්නේ කැත සතෙක් වෙන්නේ කොහොමද? මම නම් එයාලට ආසයි. ඒත් කැලේ ඉන්න සත්තු ගෙවල් වලට එනවට නම් මම කැමතිම නෑ. මැස්සොයි, මදුරුවොයි සර්පයොයි නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ මට. මම චන්ඩියා වගේ මෙහේ ඉන්නෙත් ඒ හින්දම වෙන්න ඕනේ. :)

    කිරිබත් එකනම් සුපිරි පාටයි. ඒ වුනාට බත් පිඟාන කෙසේ වෙතත් කිරිබත් පෙන්නපු එක නම් හරි නරක වැඩක්. මම අන්තිමට කිරිබත් කෑවේ 2013. කිරිබත් කියන්නේ මම උදේ ඉඳන් රෑ වෙනකම් උනත් කන කෑමක් ලංකාවේ ඉන්නවා නම්. හදවතේ මැදම හරියෙන් දුකයි ඒකට නම්. උඹලා කෑවට කමක් නෑ අපිට කියන්න එපා.

    මාත් මොඩ් ගොවියෙක් වෙනවා හිටුකෝ.... බොලාට අගේ කරන්නත් එක්කම මම ටස්කන් වල කොහොම හරි වයින් යාඩ් එකකුයි පොඩි ගෙයකුයි ගන්නවා මැරෙන්න දවසකට ඉස්සෙල්ල හරි. උදේ ඉඳන් රෑ වෙනකම් පැල හිටවනවා මාත් ඊට පස්සේ. මම පොලව හාරන්න දන්නේ නෑ. උදැල්ලක්, පිහියක්, ගත්ත ගමන් ඇක්සිඩන්ට් කරගන්නවා කියලා මට කවුරුවත් ඒ වැඩ කියලා දුන්නෙත් නෑ. මොඩර්න් ෆාමර් වෙන්න ඒවා අවුලක් නෑ නේ නේ?
    හීන දකිනවා කියලා ඒවා ඉටුවෙන්නම ඕනේ නෑනේ. මම තාම හීන දකිනවා ඒක හින්දා ඉටු වෙන බලාපොරොත්තු නැතත්.

    ReplyDelete
    Replies
    1. අපිට අපේ මැවුම්කරු හෝ ස්වභාවය දීලා තියෙන වටිනාම ඇප් එක තමයි සිහින දැකීම.....සිහින් දැකීම කොතරම් අගේද කියලා තේරුම් යන්නේ වැරදිලා හරි සිහිනයක් මල් පල ගැන්වූ දවසටයි...සිහින් දැකීම සිහින උදාවීමට වඩා සොඳුරුය යන්නයි මගේ අත්දැකීම නම්....
      තව තවත් සිහින දකින්න....

      Delete
  21. ‍මේ බ්ලොග් එකට ආපු පළවෙනි පාර. ඒවගේම බිං ලිපක් දැකපු පළවෙනි පාර. අපෙත් ඔය දානයක් කාරිය තියෙන කොට විසාල ගල් උස්සං ඇවිත් එළියෙ ලිප් බදිනවා. බැලුවම මේ වැඩේ ලේසියි වගේ. අපූරු රසයක් වින්දා ඔබේ ලිපියෙන්. ජය ශ්‍රී මොඩ් ගොවියා..!

    ReplyDelete
    Replies
    1. නෑනේ..... දිල්ෂාන් මගේ ඉස්සරවෙලා "අලිත් එක්ක සංවාද" කියන පෝස්ට් එකටත් කමෙන්ට් කරලා තිබ්බානේ..
      තැන්කූවේවා ආවාට...
      මීට පස්සේ බිං ලිපක් හදාගන්න ලොකු කෑමක් උයනකොට..

      Delete
  22. ජීවිතේ විඳින්න ආස හිතෙන ලිපි.... චෙෆාකි අපිට ටාර්ගට් හදල දෙනවා නෙහ්? ඒවා හොඳ වැඩ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒවා යුතුකම් මල්ලි....

      Delete
    2. ටාගට් , මොණරු මරන්ඩද? මාත් ඇහුව බං , ම්..හම් හරියන්නෑ.

      Delete
    3. මොණරු ටාගට් කරන්න තියා කම්මලේ..., ඔය පැත්තෙම මිනිහෙක් මට සද්දයක් දැම්මා අහස කලු කරන් එනකොට 'අද නං වහියි රිදෙන්න' කිව්ව කියලා.දෙයියන්ගෙ රටේ කට පරිස්සමෙන් කියන්නෙ...

      Delete
    4. හපෝ ඔය වගේ මනස්ගාත නම් වැහි වැහලා ඒ පැත්තේ...හැමදාම යනකොට තොවිල් තටු (පෙරේත තටු ) දෙක තුනක් පහු කරනවා පාර අයිනේ දාලා තියෙන...
      පොඩ්ඩක් ඇත්තං තෙල් මතුරනවා...විකාර...

      Delete
  23. ඉරිසියයි යකෝ.. ඔවගේ දවසට අපිටත් එන්න කියාහංකෝ.. ජෙන්ට පාර්මර් කාරයෝ.. හැක්. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් එහෙ ගියාම බං....

      Delete
  24. බිං ලිපක් නම් ඔය දැක්කමයි ... තරුණ කාලේදී හම්බ කරල නාකි වුනාම ගොවිතැනක් බතක් කරගෙන ඉන්නවා කියන හීනෙ හිතේ තියන් අපිත් ඔහේ මෙහෙට වෙලා වේලි වේලි ඉන්නවා .. හෙහ් හෙහ්

    තරුණ කාලේ ගොවිතැන් බත් කරගෙන ඉඳල නාකි වෙලා හම්බ කරන්න බෑනේ දැන් තියෙන සිස්ටම් එකේ හැටියට ..

    මොනවා වුනත් මේ වගේ දේවල් කරලා අපේ ඔය හීනෙ නිතර අප්ඩේට් කරන එක වටිනවා .. මොකද එතකොට අපි ට්‍රැක් පනින්න තියෙන චාන්ස් එක ටිකක් අඩු වෙනවා ...




    ReplyDelete
    Replies
    1. නාකිවෙන්නම ඕනි නැහැ ඕව කරන්න...හරි වෙලාවට, වේලපහින් හැමදේම කලානම් ඇති.

      Delete
  25. මගේ වයිපරේගෙ ගමේ ගියාම මමත් කූඔුරට බහිනවා..ඒ මඩ සුවදට පපුව පිරෙනවා..
    පිංතුර ටික එල ද බ්‍රා..
    අයියන්ඩි මාවත් ඇන්නපල දවසක VXෂෝට් එකක් දාන්න කකූල් දෙක උඩ තියන්..අපිත් ඉංගිරිසි බිම බොන්න ආසයි.
    බ්‍රෑන්ඩ් එක ගල්.

    ReplyDelete
    Replies
    1. නෝ වොරීස්මලේ..ලඟදීම ඉන්විටේශන් එයි..

      Delete
    2. රායිට්..ඇමරිකාවේ සුද්දියන්ට එක දවසක් හෙලුවෙන් ඉන්න කියලා මම එනවා අයියන්ඩි.

      Delete
  26. අඩෙ උබ නිතරම එනවද.සික් අපරාදෙ මට කොල් එකක් දෙන්න බැරි වුනානෙ.මම සති 2කට සැරයක් වත් තන්ගල්ලෙ ගිහින් එනව.

    ReplyDelete
    Replies
    1. කෝල් එකක් දීහං ආයෙත් එනකොට..25න් පස්සෙ මම පොල් කඩනවා..

      Delete
  27. මේ බ්ලොග් එක රස ගුලාවක් වෙලා . අපරාදේ මට පහුගිය දවස්වල සෙට්‌ වෙන්න බැරි වුනා. වලේ ලිප අදමනේ දැක්කේ . ඒක ගල් තුනේ ලිපට වඩා සෑහෙන පිරිමැසුම්දායක ලිපක්.

    ReplyDelete
    Replies
    1. ලූලා නැති වලට අර මොකාද එකා වගේ බොලා නිදි නිසා අපිවත් ඉතින් මොනා හරි කරන්න එපැයි,

      Delete
  28. බිම් ලිප වගේ තව ලොකු එකක් තියෙනවා කාණු ලිප කියලා.බාලදක්ශ වලට උගන්නනවත් එක්ක.අඩියකට ආසන්න ගැඹුරු කාණුවක් කපලා ඒකට ලම්භකව උඩ ඉඳන් කාණුවේ පතුලට ආනතව පොඩි කාණු කපනවා.පොඩි කාණුවක් කියන්නෙ එක ලිපක්.මේක ලිප් ජාලයක්.කල්දේරම් වලින් උයන හොඳම ක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ බිං ලිපේ ආරම්භය එය වෙන්නැති..

      Delete
  29. Mama inne Rathmale. Then a kiwwoth welawaka awith yanna enna puluwan

    ReplyDelete
  30. මේක කියෙව්වම ප්‍රශ්න ගොඩක් ආවා......ඔක්කොටම කලින් දැන ගන්න ඕන අර අන්තිමට තියන ගේ ද අර කිව්ව වනගත නිවහන

    ReplyDelete
    Replies
    1. හ්ම්..මෙහෙමයි..මම තනියම ඉන්න වෙලාවට ෆාර්ම් හවුස් එකේ ඉන්නේ..ඒක තමයි වනගත නිවහන...කස්ටිය මාව බලන්න ආවාම ඔය අන්තිමට තියෙන නිවහනට මාරුවෙනව මූද අද්දර තියෙන..මේ දෙක අතර දුර නම් කි.මී. 14ක් විතර හැබැයි මූදේ ඉඳන් රට ඇතුලට වෙන්න තියෙන නිසා වනගත නිවහනට තමා මගේ නං හිත...ඕක ලොකු කතාවක් විසිරි..ඔය රෙස්ටොරේශන් ප්‍රොජෙක්ට් එක ගැන ලියන්නං වෙලාවක..මම එච්චරම කැමති නෑ ඔය ආකිටෙක්චර් ගැන ලියන්න මෙයා...:)

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....