photo-chef-archi Location- Lighthouse, Galle |
රළ බිඳෙන හැඩ ලස්සනයි නේද...?
රළ බිඳෙන හැඩ ලස්සනයි....
කොහොමද වාස දේස..?
ඔහේ ඉන්නවා....
කොහෙද ගම...?
ඉපදුනේ නම් දෙය්යන්නේ ගම...හැදුනේ වැඩුනේ පල්ලේහා කොස්පැලවින්නේ...
මොකෝ උනේ...?
ලොකු හුළඟක් ආවා විතරයි මතක....ඊට පස්සේ එහාට මෙහාට කරලා මොරටු ගෙනාවා….
කවද්ද ආවේ..?
අපි දෙන්නාම එක දවසෙනේ ආවේ...
මොරටුවටද නැත්නම් මෙහාටද...?
මෙහාට...
වහීද..?
නෑ අද වහින්නේ නෑ...
කොහොමද දන්නේ...?
තාම අපිව වැරෙන්ඩා එකට ගත්තේ නැති නිසා...
රළ බිඳෙන හැඩ ලස්සනයි නේද...?
රළ බිඳෙන හැඩ ලස්සනයි....
නිමිත්ත - මල්
පිශ්ශු බම්ප් වෙනවා... බඩ්ඩක් කියන්නද අයියෙ? කොමර්ශල් ඇඩ් එකක ස්ක්‍රිප්ට් එකකට කියාපු අයිඩියාව... මම එක ලඟ තුන් පාරක් විතර කියෙව්වා.. මුහුදෙ සද්දෙ ඇහුනා..පාලුවක් වගේ හැඟීමක් දැනුනා.. ඇයි දන්නෑ..
ReplyDeleteජයෙන් ජය වේවා..!!!!!
සිරාවටම ෂෙෆාකි... ඇනිමේෂන් පාරක් දාල ගත්ත නං මරු...
Delete@ගස්..මගෙ ඇහ ට්‍රේන් වෙලා තියෙන විදිය තමයි ඔය..හහ් හහ් හා
Deleteසජ්ජො වෙලාවක මම දාන්නම් අපි කරපු ඇනිමේෂන් ක්ලිප් එකක්..
Deleteදාන්න දාන්න..
Deleteමෙයාටත් එකක් හදලාදෙන්න ගල්දෙකක් කතාකරනවාවාගේ
Deletestitchmech කියලා හදන්න
Deleteආකි කියන්නෙ ඉතිං පෙට්ටියෙන් එලියෙ ඉන්න පුරුදු මිනිස්සු(?) කොට්ඨාසයක් නෙව.. ඇනිමේශන් දාලා ඒව ගැන අයියගෙ දර්ශනය විස්තර කරලා අමුතු පෝස්ටුවක් දාමු ඈ.. ඉවසිල්ලක් නෑ..
Deleteකියන්න දෙයක් නෑ.. අදහස නම් සුපිරියි..
ReplyDeleteමොනා හරි කිව්වානම් තමයි දිනේශ් වටින්නේ...!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteරළ බිඳෙන හැඩත් ලස්සනයි මේකෙ ඉකෝ වෙවී ඇහෙන රළ බිඳෙන හඩත් ලස්සනයි. අපූරු නිර්මාණයක්
Deleteඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට්...
Deleteඔනමටෝපියා ... Onomatopoeia ශබ්ධාලංකාරය
Deleteගහට ගහක් හමුවෙලා.
ReplyDeleteලෝකෙ අවසාන දැව මේසය වෙන්දේසි කරන දැන්වීමක් ගියා මතකද ඉස්සර ටී.වී. එකේ. මට මතක පරිසර හානිය ගැන වගේ.
ඩිස්කවරි චැනල් එකේ ගියේ.WWF එකේ ඇඩ් එකක්.
Deleteතව තව තේරුම් තියෙන්නත් පුලුවන් නේ...!
Deleteඔයාගේ ඔය වයිරමත් ලස්සනයි..
ReplyDeleteඅහා.. ස්තූතියි.. ඒක ලැබෙන්නැත්තේ පරම්පරාවෙන්..
වැස්සත් සමහරවිට ගෙට ගන්නෙකක් නෑ.. හ්ම්ම්..
ඇයි එහෙම කියන්නේ?
ඇයි අමතකද.. අපිට අන්දල තියෙන්නේ වෙදර් ශීල්ඩ් නේ..
අහ්.. ඇත්තටම.. ඔයාටත් හිතෙන්නේ මාර දේවල්නේ..
මුහුද අයිනේ මෙච්චර ලස්සන තැනක් හදාපු
අපිව මෙහාට ගෙනාපු පිස්සු රැවුලට වගේ.. හැක් හැක්..
වෙලාවක ගිහින් බලන්න කළණ...ලකීගේ මරු නිර්මානයක් තියෙනවා මේකේ ස්ටෙයාර් කේස් රේලින්ග් එකේ..
Deleteප්‍රදීපාගරෙට නම් කීපසැරයක් ගොඩවෙලා තියෙයි.. අර ලොබි එකත් එක්ක තියෙන කැරකෙන ස්ටෙයාර් වේ එකේ ඉන්න යුද්ධ හෙවායෝ වගේ සීන් එකනම් මතකයි හැබැයි ඔය කියන රේලින් සීන් එකනම් මීටර් නෑ.... අවුරුදු නිවාඩුවේදීවත් ආයි ගිහින් බලන්නෝනෙ.. ලකී කිව්වේ DCL ද?
Deleteඔව් මචං..මම කිව්වේ ඒ හේවායො ස්ටෙයාර්වේ එක ගැන තමයි. ලංදේසි ආක්‍රමණය හරි ක්‍රීයේටිව් විදියට පාවිච්චිකරලා තියෙනවා ස්ටෙයාර් රේලින්ග් එකක් හැටියට...
Deleteනෑ ඩිසයින් කොන්සෝර්ටියම් අල්විස් මහත්තයා නේවී..ලකී සේනානායක තමයි ඒ ආර්ට් වර්ක් එක වගේම ජෙෆ්‍රිගේ ගොඩාක් ප්‍රොජෙක්ට්ස් වල ඔය වගේ නිර්මාන වලින් දායක වෙලා තියෙන්නේ..පාර්ලිමන්ට් එකේ මේන් චේම්බර් එකේ එල්ලලා තියෙන ෆාර්ම්ලීෆ් චැන්ඩ්ලියර් එකත් ලකීගේ නිර්මානයක් ජෙෆ්‍රිගේ ප්‍රොජෙක්ට් එකක...
ආයේත් ගියාම සිහියෙන් බලමු....
Laki Senanayake- A master of many arts.. දඹුල්ල කිට්ටුව තිබ්බ දියබුබුල අයිති 'ලකී'ද මේ? දැන්නම් ගොඩාක් වයසයි වෙන්නෝනෙ.. තාම ප්‍රැක්ටිස් කරනවද? රැවුලා යි කියු එක එහෙනම් ගැලපෙනව.. :)
Deleteසිතුවිල්ල නියමයි
ReplyDeleteහ්ම්..
Deletenext jat weather shield advertisement.
ReplyDeletesuperb....
JATලගේ තියෙන්නෙ වෙදර් ගාර්ඩ් කටුසු..වෙදර් ෂීල්ඩ් පාවිච්චි කරන්නෙ පිටත බිත්ති ආලේපයක් හැටියට...
Deleteචැහ්....නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගනවත්ද මම.....?????
Delete(රහසෙන්) අවුලක් නෑ කටුසු.... එහෙම හරි දෙයක් ඇහෙන කොට අපි හොරෙන්ම දෙයක් ඉගෙනගන්නවා.
Deleteඅද නං මොනවහරි වෙයි වගේ නේද??
ReplyDeleteඇයි එහෙම අහන්නේ…
ඇයි අද රැවුලා මීගමු ගියානේ වෙල් කක්කුට්ටො ඇරං එන්න
ආ එහෙනං එනගමන් කාගිල්ස් එකටත් යන්න ඇති …
එහෙනං කොටයක්වත් ඉතුරුවෙයි නේද අපිටත්
කොයිල්ද ??? අද එන්නේ අටම් කියල පොරක්ලු
එහෙනං මංඥොක්ක කෑල්ලක් වත් ??
මගුලක් කියනවා.. අන්න ඉවානුත් එනවලු
පුටු පුටු යකෝ..
Deleteඌ අදත් වාඩිවෙයිද?
DeleteThis comment has been removed by the author.
Deleteකියන්න හිතෙන දේ තනි වචනෙන් කියන්නම්.. "පට්ට"......
ReplyDeleteජයවේවා...!
Deleteයතාර්ථය.........? ඔව් යතාර්ථය.
ReplyDeleteඑපමණයි.
එපමනමයි..
Deleteමයිකල් ජැක්සන්ගේ "ෆීල් ද වර්ල්ඩ්" මතක් උනා...
ReplyDeleteඅනික පොටෝ එක මාර වටින්නේ දෙන්නා මැද්දේ බාධකයක් නැති නිසා..
Deleteඒකයි පින්තූරේ වෙනස.. නැත්නම් මේසයක් මේ දෙන්නගේ කතාවට බාධා කරනවා නේ...
මාතේ..මටත් ඔය පුටු දෙක මූනට මූන බලාන ඉන්න එක (මැද ටීපෝව නැතුව ) තමයි මේ අදහස එන්න මූලික උනේ..
Deleteමල් නිසාම හොඳයි මචෝ.
්‍මට හරියට තේරුම් ගන්ඩ බැ , අරුත් දෙකතුනක් තියනව වගේ
ReplyDeleteනෑ මචං...මල් හීන...
Deleteමටත් මල් ගැන හීනයක් තියෙනවා...
Deleteකාලෙකින් විඳින්න බැරි උනා.. හෙක්
මරු බං.. ලෙසටම ඇත.. හරිම අපුරුයි..
ReplyDeleteආ...මල් මල්...
Deleteමුලින් කියවගෙන එනකොට තේරුනේ නෑ. අන්තිමටයි තේරුනේ. කොහොමද ඔය ඵොටෝ එක දාල ඔය වගේ දෙබසක්, ඔය විදියට ලියන්න කල්පනා වුනේ? ජීනියස්!
ReplyDeleteපොටෝ එක ගත්තේ මීට දෑවුරුද්දකට කලියෙන්...පොටෝ සර්ච් එකක් කරනකොට රැල්ල බිඳෙන හඬයි කරිජ්ජ සුවඳයි ආවානේ...
Deleteඔලුව පාවෙන වෙලාවට ඔහොම දේවල් ලියවෙන එක නෝමල්...
මේ හෝටලේ හදපු ලොකු ආකි මහත්තය මෙච්චර මුහුද ලගට වෙන්න අපිව තිබ්බෙ නෑ , දැන් මේ අලුත් කෙනෙක් ඇවිත් ගල් ටිකක් මෙතන අල්ලල, අපිව වේලෙන්ඩ දාල, ඉස්සර අපි හිටියෙ අර උඩ පේන බැල්කනියෙ. දැන් කරිජ්ජ හුලග වදිනෙ කනට. අනේ ඒ මහත්තය මලාට පස්සෙ අපිට වෙච්ච දේ.
ReplyDeleteඑයාගෙ ගෝලයෙක්නේ මෙහෙම කලේ...ඒ නිසා ගනන් ගන්න එපා..
Deleteගෝලය චෙෆාකිද ? මමයි හාමිණෙයි ආසම හෝටලයක්. කාමර වල දොරවල් දොරවල්, ජනෙල් පේන්ට් කරල තියන විදිහ නියමයි. ලොක්කගෙන් ඩිස්කවුන්ට් එකක් ඉල්ලන් ආපහු යන්න ඕනෙ කාලෙකින් ගියේ නෑ.
Delete"හිරිගල් දේවාලෙ බිම පෙරළෙමින් වඳින ගැමි ගැහැනියගේ භක්තිමත් සිතෙහි අපූරු හැඟීම විඳින්නට දැණුමින් කුරුවල් වු මගේ මනසට බැරිය" කියල මාර්ටින් වික්‍රමසිංහ කියල තීනව.
ReplyDeleteමේ කතා කරන්නෙ ලී පුටු දෙකක් කියල දකින මටත් අන්න එහෙම වෙලා.
උඹෙ බ්ලොගේ මම දැකපු සුපිරිම නිසඳැස මේක වෙන්න පුළුවන්, ඒත් ඒක උපරිමෙන් විඳින පින මට නැතුවා.
කූල් එකේ බියර් එකක්වත් සිප් කර කර කියවහං...එතකොට දැනෙනවා...
Deleteආවොත් සුනාමියක්
ReplyDeleteකෙලවෙයි බං අපි දෙන්නටම
ඒත් කමක් නෑ බං රජ කරන උන්
හම්බකරගනියි පරම්පරා හතකට
අයියෝ සිරිසේන...
Deleteආයිත් ඇවිත් කියෙව්වා බං.. මරේ මරු. අර පාපී උපයට මේක රස විදින්න පිං නෑලු මොකද දන්නෑ නේද?? පෙර වැරදි.. හැක්
ReplyDeleteපින නෙමෙයි දේශෝ...වැදිලා නෑ...දෙකක් නවා ගත්තනං විඳින්න තිව්නා රස...
Deleteරළ බිඳෙන හැඩ ලස්සනයි මචෝ . අජීවී පුටු දෙකකට පණ දෙන්න වඩුවෙකුට පස්සේ ආර්කියෙක් දැරූ ප්‍රශස්ත වෑයමක් . මට නම් උඹ සාර්ථකයි. කවිය කියවද්දී හිතින් මුහුදු හුළඟ විඳින්න පුලුවන් වුනා මට .
ReplyDeleteසංවේදී ඉංජා....උඹ...
DeleteA Moment to Remember කොරියන් ෆිල්ම් එක බලල තියෙනවාද අයියෙ..?? මට ඕගොල්ලන්ගෙ කතාව දකිනකොට ඒක මතක් උනා.පුලුවන් නම් බලන්න..
Deleteමී කුණක් විකුනලා කෝටිපතියෙක් වෙච්ච කතාව මතක් වුණා.
ReplyDeleteමේ පින්තුරේ දකින සාමන්‍ය කෙනෙක් දර්ශනයේ රසය විඳිනවා මිසක් මේ වගේ නිර්මානෙකට පෙළඹෙන්නේ නෑ,, හරිම ශෝක් හිතක් ඔයාට තියෙන්නේ..
නියමයි ...... මට හිනා අනේ දැන්,,,මේක කියෝලා හීටර් එකයි ෆෑන් එකයි දිහා බැලුවා... දෙන්නට දෙන්නා මොනවා කතා කරනවා ඇද්ද කියලා... හි හි හි දවසක් මං ලිවුවා කවියක් ෆෑන් එක ගැන ,,අද හම්බුනොත් කමෙන්ට් කරන්නම්
ෆෑන් කවිය හොයලා දාන්න...
Deleteමටනම් කවි බැරිය....!
එල ද බ්‍රා අයියන්ඩි..එල ද බ්‍රා
ReplyDeletesalute....
Deleteරෙස්ටොරන්ට් එකේ පුටු හන්දද මන්දා මචං, මුං ඊයෙත් ඔය ආගිය තොරතුරුම කතාකරලා දැන හඳුනා ගත්තා මං අහගෙන.
ReplyDeleteමුං දෙන්නා හරි ඉරිසියයි අර ලොබි එකේ තියෙන ලොකු ඇඳි පුටු එක්ක....මුං දෙන්නත් එක්ක ඉරිසියයි රෙස්ටෝරන්ට් එකේ තියෙන ඔක්කොම පුටු මොකෝ මේසෙ හරස් වෙලා හරියට සෙට් වෙන්න අමාරු නිසා...
Deleteමෙව හිතෙන්නෙ ආකිලටමද මන්ද?
ReplyDeleteහැමෝටම හිතෙනවා ඇති..ආකියෙක්ට විතරක් ඔලුව කචල් නිසා එලියට දාන්න පුලුවන් ඇති....හිහිහි....
Deleteමෙතන වෙන තෙරුමක් තියනවා.... මොකෝ මූඩ් එක අප්සෙට් වෙලාවගේ. මමදන්නවනෙ චෙෆාගෙ තරම
ReplyDeleteNope..just a thought or a reflection of my mind which was stimulated on seeing this pic..that's all vassa...
Delete