කොවිඩ් වසංගතේට පිහිට වෙන්න මගේ ගෙදර ඈයොන්ගෙන් වෙන්න ඕනී වෙඩිමෙන් බේරුනා පහුගිය කාලේ...
මම වෙඩිමවල් බිස්නස් එකක් හැටියට කරන කෙනෙක් වෙච්චි, හෝල්සේල් අකමැතියි වෙඩිමවල් අපේ මේ සූටි රටේ කෙරෙන සහ කරන විදිය ගැන ඉතින්...
මගේ ලඟම බොක්කක් අවුරුද්දක් විතර ඉඳන් ප්ලෑන් කොලා උගෙ එකම කොල්ලගෙ වෙඩිම...ඌයි මායි VX ශොට් එකක් දාන ගමන්, ඌ ආසම දික්වැල්ලේ අශ්‍රොෆ් ගේ රෝස්ට් චිකන් බයිට් වලින් ඉතිරි වෙන බෝන්ස් මගේ නයිට් ෆ්‍රෙන්ඩ් සින්ඩාට කවන ගමන් ඔය වැඩේ ගැන උඩ පල්ලෙහා කතා කොලා, විශ්ලේෂණය කොලා..මගේ එකම ඉල්ලීම උනේ අනේ සුදෝ උඹ මටනං ඉනවයිට් නොකරහංය කියල...සින්ඩා හරි කුලෑටියි ටිමිඩ්...එහෙම කුලෑටියට ඉඳල ටිකෙන් ටික හරි හරියට
හීලෑ උනා ඔය අල්ල පනස්සෙ...ඌ මං හදපු එකෙක් නොවුනාට මං නිල්වැල්ලේ ගේට්ටුවෙන් ඇතුල්වෙලා දොර ජනෙල් ඇරලා එහෙට මෙහෙට වෙලා සෙට් වෙන්න පලවෙනි වඩිය නවනකොටම මතුවෙනව ඉස්සරහා දොරෙන්...පෙනුමට ශෙපර්ඩ් උනාට මොනා හරි මික්ස් එකක් තියෙනව සින්ඩගේ...අර මගුල් ගෙවල්වල බුෆේ එක තියෙන කෑම ජාති වගේ...ලංකාවෙ අපිට කන්නය කියල ඉව්වට, ලංකාවෙ හැදෙන වැවෙන මස් මාලු කිරි බිත්තර එලෝලු ජාති දාල හැදුවට, මොනා හරි තුප්පහි සෝස් එකක් හරි පේස්ට් එකක් හරි එකතු කොරාම කන එකෙකුටවත් නොතේරෙන නමකුයි රහකුයි එනෝ ඔය හැම කෑම එකකම....ඔව්ව නැතුව වෙඩින්ග් බුෆේ දුන්නාම සංහතියට බුදු පෙනුම තියෙන ටෝක්ස් දෙන්න බෑ නිසා මැජෝරිටි එක අර වෙඩින්ග් මෙනු එකට කිසිම රිවිසමක් නැතිව හාය කියලා මිලියනකට එහා ගෙවනෝ..ඒ වංසේ කබල් ගාන්න ඕනී නිසා මිස එන ඈයොන්ට කටට රසට කන්න දෙන්න තීන ඕනකම නිසා වෙන්න බෑ...
සින්ඩා හරි කුලෑටි ගතියට හිටියේ..ටික ටික මට කිට්ටු උනා...දැන් ආවම කූං කූං ගගා ඇඟේ එතෙනව...
දන්න අඳුනන කාත් කවුරුත් නැති, ඒ උනාට ජෝඩුවෙන් එක පාර්සවයක අම්ම තාත්ත විතරක් හොඳින් දන්න මගුල් වලට යන්න වෙනෝ රට රාජ්ජ වල වැඩ කොලාම..ඉතින් කුලෑටි කමට ඉඳලා, වැටිච්ච ටේබල් එකේ එහා ඉන්නෙක්කෙනාගෙ විස්තරේ අහගෙන ඉන්නකොට කුලෑටිකම හීන් වෙනෝ...කියන දේවල් වලින් සීයට පහක් ඇහුනම හින්දි පිච්චැර් බලනෝ වගේ ශේප්...ඉතිරි 95% බෑන්ඩ් එක හරි ඩී ජේ මල්ලි හරි උස්සනව...පහුවෙනිද උදේට උගුර අර අරගලේ කාලේ වගේ කෑගහලම බැරැන්ඩි වෙනෝ...
චිකන් ගෙනාවම කපනකොට ඉතිරි වෙන කෑලි බෑලි අතුනු බහන් ටික දාලා ලුනු ගම්මිරිස් දාල තැම්බුවම සින්ඩා ආසයි බත් එකට අනල දුන්නම කන්න...ගුඩුස් බුඩුස් ගාල ගිලින්නේ...ටිකක් ගැඹුරු භාජනේකට දුන්නම ඕන් ටික වෙලාවක් යනෝ කන්න...චිකන් ඩෙවල් හදනකොට, කුකුලගේ කොන්දේ මස් කෑලි කටු කපල අරන් මූදු කුකුලා මාලු ඒ තරමටම කපල එක තෙලේ බැදල හදන්න ඕනී වගේම කජු කරියට ග්‍රීන්පීස් එකට එක අනුපාතයට දාන්න ඕනී වෙඩින්ග් බුෆේ එකේ...ඇයි ඒම ...කන අය පව්..ගෙවන අයත් පව්...
පහුගිය සති තුනේ වෙඩින්ග් හතරකට සහභාගි උනා...බුෆේ සිස්ටම් එකේ දැක්ක ලොකු වෙනසක් තමයි කෑම අඩුවෙන් නාස්ති වීම...
කොළඹ තරු පහේ හෝටල්වල තියෙන බැන්ක්වේට් හෝල් වල තියෙන ග්‍රැන්ඩ්ජර් එකටත් වඩා ඉහල ඇට්මොස්පියර් එකක් තියෙනව කොළඹින් පිට තියෙන එව්වයේ...හැබැයි ඒවට කියන්නේ වෙඩින්ග් හෝල් නැත්තං රෙසිෆ්ශන් හෝල් කියල...ඒත් වෙන්නේ බැන්ක්වෙටින්ම තමා....!
මේ කළගෙඩිහේන
අපි හරිම පව් කියල හිතෙනව මේව්වට සහභාගි උනාම ඉතින්...අයිලන්ඩ් නේශන් එකක් හින්දද මන්දා අපි අපේ දේවල් ගැන ආලවට්ටමෙන් හිතන්නේ නැත්තේ..මූදෙන් එහා වෙන කටන්ස් මොනාවත් දැකල විඳල නැති හින්දාමද මන්දා අපි හෝල්සේල් අපිට පාත් වෙන ඒව්වා කේස් නැතුවම කරගහනව..ඔය ටයි කෝට්, දිලිසෙන ඉන්දියන් ස්ටයිල් සාරි, හුටං පටං අඩුක කුඩුක ඩාන්ස් කෑලී...චොක්ලට් ෆවුන්ටන්...සැල්ඩ් බාර්ස්...ඇක්ශන් ස්ටේශන්ස්....ඒ මදිවට බුෆේ....හුහ්...
කමකුත් නෑ ඉතින්...ඒත් හරිම කරදර...ඒ වගේම ඒලියන් කන්සෙප්ට් හෝල්සේල් කරගහන්න ගියාම කචල් මට නං...ඒත් ඉවසන්න වෙනව එක ගානකට..ඉවසුව එහෙම කාලයක්..දැන් නං බෑ ඉතින්...
කළගෙඩිහේන වෙඩිමෙ ඒ පිම්ම පන්නල තිබ්බා බයක් සැකක් නැතුවම..ඌට නං පින් ඒම හිතපු එක ගැන...
කෝම හරි මං කෝකටත් සූදානං සරීරෙ කියල මට ඉනවයිට් කොලාම (එපාම්ස් කියල තිබ්බත්) ඇහුව මගේ අතිජාත මිත්‍රයාගෙන් මං දන්න වෙන කවුද ඉතින් එන්නේය කියල...අටමයි, නලිනයයි, නදීශ ඒ කිව්වෙ කොච්චීයයි එනව කිව්ව..කොහෙද උන් ආවෙ නෑනේ ඉතින්...
හැබැයි....උන් නාවත්...අපි සෑහෙන්න සැප ගත්තා ඒ වෙඩිමෙදි...!
මෙතනින් එහාට ලියන්න කම්මැලියි...කියවන්නත් කම්මැලි ඇතිනේ.....කිසිම තේරුමක් නැති ලියමනක් නිසා ඔන්න ඔහේ මෙතනින් නවත්තනව...