Tuesday, 26 July 2016

රට ගිහින් ඇවිත් කරපුවා....!



මම ජීවිතේ බෙදාහදාගෙන ජීවත්වෙන කෙනෙක්..එහෙම කිව්වේ උයන මවන අඳින කියන තුන්වැදෑරුම් කාරනා කටයුතු කරන නිසා..
අද තවත් එක අලුත්ම අලුත් කාරනාවකට අතගහන්න අවස්ථාවක් ලැබුනා...
අවුරුද්දක් තිස්සේ හිතලා, මවලා ඇඳලා අද උදේ 9.17ට නැගෙනසිර දිශාව බලාගෙන සමන් දෙවියො සිහිකරලා කලානේ හොඳ වැඩක්...
ලංකාවට ආවාට පස්සේ කරපු තුන්වෙනි ව්‍යාපෘතියේ පළමුවෙනි පස් පිදැල්ලනං කැපුවෙ මැයි මාසේ..


ඔය උඩින් තියෙන පොටෝ වල ඉන්න සමහර චරිත මේ පෝස්ට් එක කියවන අය දන්නව ඇති..අනේ මම නං ඒ ගොල්ලො එක්ක කිසිම ආස්‍රයක් එහෙම නැහැ....

ඊට පස්සේ අද උදේ තමයි ඒ ව්‍යාපෘතියේ පයිල් ෆවුන්ඩේෂන් කටයුතු පටන් ගන්න නැකැත තිබුනේ...

නමෝවිත්තියෙන් කියලා පලමුවෙනි පයිල් එක ඩ්‍රිල්කරන්න කියාපි ආකිටෙක්ට් වන මට..වම් කකුල තාම නොන්ඩිනේ ගිය මාසේද කොහෙද වෙච්ච අලකලංචියක් නිසා..බෑ කියන්ඩයැ..නැග්ගා හතර පස්දෙනෙක්ගේ ආධාරයෙන් පයිලින් රිග් එකට..පුදනකොටම කාපි යකා කියලා ජරමර අස්සේ


මම අත තියලානේ ඉමර්ජන්සි ස්ටොප් බටන් එකට...හුචෑස් ගාලා රිග් එක නැවතුනානේ..තව විනාඩි පහක් තියෙනවා බයවෙන්න එපා කියලා ඔපරේටර් මල්ලි ආයෙත් ස්ටාර්ට් කරලා කියලා දුන්නා වැඩේ කරන්න ඕනි ආකාරය...දකුනු අතින් රිග් එක කරකවන ජෝයි ස්ටික් එක වම්පැත්තට තල්ලු කරන ගමන්, වම් අතට තියෙන ජෝයි ස්ටික් එක පහලට තල්ලු කරනකොට ඩ්‍රිල් එක කැරකෙමින් පහලට තල්ලු වෙන ආකාරය පොඩි රිහසල් පාරක් දාලා එහෙම සමන් දෙයි හාංදුරුවනේ කියලා 9.17ට (උදේ හොඳේ ) වැඩේ කොලා..






මේ ප්‍රොජෙක්ට් එක මට හම්බ උනේ ඒ කියන්නේ මාව ආකිටෙක්ට් හැටියට තෝරගෙන තිබුනේ හරිම අපූරු විදියකට..මේ වගේ සංකීර්ණ වැඩ රාජකාරි පෞද්ගලික අංශයේ ආයෝජකයො කරන්නේ දන්න හඳුනන ආකිටෙක්ට්ලායි ඉංජිනේරු මහත්තුරුයි කොන්ත්‍රාත් කරුවොයි එක්ක සාමාන්‍යයෙන්...ඒ උනාට දශක දෙකක් මේ රටේ ඉදිකිරීම් කර්මාන්තයෙන් ඉවත්වෙලා පිටරටක හිටපු මාව දන්නේ කොහොමෙයි මෙහේ ඉන්න ආයෝජක උන්නැහේලා...
මේකේ අයෝජක උන්නාන්සේ එක දවාලක මගේ ගඟ අයිනේ තියෙන පුංචි ඔෆීසියට ආවා මගේ නමත් කියාගෙන..එයාට මගේ ගැන කියලා තියෙන්නේ මගේ ගාව වැඩ කරන්න ආසාවෙන් හිටිය සැලසුම් ශිල්පියෙක්..මම ඔහුව, ඒ කියන්නේ ඒ සැලසුම් ශිල්පියාව, මම සම්බන්ධ උන එයාපොර්ට් ප්‍රොජෙක්ට් එකේ ඉන්ටර්වීව් එකකට ආවාම තෝරගත්තේ නෑලු එක්ස්පීරියන්ස් මදි කියලා..ඊට පස්සේ මම ලංකාවට ඇවිත් ඉස් ඉස්සෙලාම සහභාගි උන ආංඩුවේ තාම කචල් ප්‍රොජෙක්ට් එකේ වැඩට ආවාම (එතකොට සෑහෙන කල් ගිහින් නිසා) එයාව තොරගත්තාලු වැඩ කරන්න...එයාගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් තමාලු මගේ ගැන විස්තර මේ ආයෝජක උන්නාන්සෙට ගිහින් තියෙන්නේ..මොනා හරි හොඳක් කියන්න ඇතිනේ ඉතින්..
මාව දැකපු ගමන් ආයෝජක උන්නාන්සේ කිව්වේ මචං මම සිගරට් එකක් බිව්වට කමක් නැද්ද කියලා...හප්පේ මගේ ජාතියේම උන්නාන්සේ කෙනෙක්..ඊට පස්සේ ලංකාවෙ වැඩ කරන ආකියොන්ගේ රෙදි ගැලැව්වා මේ උන්නාන්සේ සුද්ධ හිංගලෙන්...එහෙම කියල කිව්වා මචං මගේ ඊලඟ බිල්ඩිම උඹ කරපාන්ය කියලා..හනේ ඉතින් මමත් හාය කිව්වා...එදා ඉඳන් ඒ උන්නාන්සේ මගේ හොඳම යාලු වහන්සෙත් උනා..
අවුරුද්දක් විතර කොළඹ මියුනිසිපැලිටියේයි, ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තිවුන අර නාගරික සංවර්ධන අධිකාරියයි, ඒවියෙෂන් එකයි අරකයි මේකයි එක්ක හෙට්ටු කරලා කරලා යන්තං තට්ටු 12කට අවසර ගත්තා..
ඒ ඔක්කොම ඉවර උනාට පස්සේ මේ ආයෝජක උන්නාන්සේ කියපි මචං මට තට්ටු පහක උසට ඔටෝමේටඩ් කා පා‍ර්ක් සිස්ටම් එකක් ඕනිය කියලා, කොරියන් කොම්පැනියක් ගෙනත් දාපි මගේ ඇඟට..බෑ කියන්ඩයැ..ආයෙත් මුල ඉඳන් එහෙට මෙහෙට අරවා මේවා තල්ලු කොරලා දැම්ම අර ඉබේ ගිහින් පා‍ර්ක් වෙන කාර් පා‍ර්ක් කරන සිස්ටම් එක..කාර්ම 100ක් දාතෑකි, මොකෝ එලවගෙන යන්න ඕනි නෑනේ..කාර් ලිෆ්ට් දෙකක් තියෙනවා, කාර් එක ලිෆ්ට් එක ඉස්සරහට ගිහින් පා‍ර්ක් කලාම ඉබේම ලිෆ්ට් එක ඇතුලෙන් එන ට්‍රේ එකකින් කාර් එක අරන් ගිහින් කොහේ හරි පාක් කරනවා, ආයෙත් ඕනි උනාම එයාම ගිහින් හොයලා ගෙනත් දෙනවා...එහෙම උනොත් හොඳයි ඉතින්, නැත්තං මාව කාවි ඔතනට එන කස්ටමර්ලා..

මේ බිල්ඩිම ඉන්ටර්නැෂනල් බැංකුවකට හදලා දෙන්නේ, කොළඹ 02 යූනියන් ප්ලේස් එකේ හදන්නේ, තව මාස 24කින් ආවනම් කාර් එක ඒ විදියට පාර්ක් කරගන්න ඇහැකි කැමති අයට, අනේ මට නම් ඒකට බයයි, අර කොරියන් ටෙලිනාට්ටිවත් බලන්නේ නැති මට ඔය ගැජට් හරි යන එකක් නැහැ..
ඒ පැත්තේ යනකොට බලන්න පුලුවන් පයිලින් රිග්ස් වැඩ කරනවා දිවා රාත්‍රී මොකෝ මාස තුනයි පයිල් ෆවුන්ඩෙෂන් වලට ඉඩ දීලා තියෙන්නේ...!


මේ ලඟදි මම කොළඹ 5, ෆයිෆ් රෝඩ් එකේ කරපු ට්‍රොපිකල් ආකිටෙක්චර් කන්සෙප්ට් එක පාදක කරගත් ගෙදරකුත් ලස්සනට ඉවර කරලා බාරදෙන්න පුලුවන් උනා මාස හතරක් විතර පරක්කුවෙලාහැබැයි..වහිනවනේ..ඉතින් වැඩ පරක්කු වෙනවා....පරක්කු කරනවනේ මේ කොන්තරත් අයියලා..
මේ මම පාරට පේන ආකාරය මගේ ෆෝන් එකෙන් කොටු කරගත්ත හැටි මගේ ෆයිෆ් රෝඩ් රෙසිඩන්ස් එකේ...



මේ පල්ලෙහා තියෙන පොටෝ එකේ තියෙන්නෙ ඇතුලේ මම ආසාම ස්පේස් එක ඒ ගෙදර තියෙන,
අපේ නෝනා මේ ස්පේස් එක එක්ස්පීරියන්ස් කරපු තරම පොටෝත් ගැහුවනේ ඉතින්..!





මේ දවස්වල මගේ බ්ලොග් යාලුවො තුන්දෙනකුටත් ගොඩනැගිලි නිර්මාණය කරන්න චාන්ස් එකක් දීලා තියෙනවා...ඒකත් හරිම ආස්වාදජනක වැඩක් මටනම්..මොකෝ ඔහේ නිකන් ඉන්න කෙනා වෙච්චි...


Sunday, 17 July 2016

මිරිඟුවට එහා....!







ඈත පෙනෙනා
මෑතකම හැඟෙනා
උසින් හිඳ ඉඟි කරනා
බිමින් මා වෙත ඇදෙනා
ඔබයි මිරිඟුව මා ඇදෙනා...


ඔබයි මිරිඟුව මා වෙත දුවනා....

Friday, 8 July 2016

මැණික්










තනි වෙමු
අපි
අපේ
ලොවේ

හෙටත්
අදත්
ඊයෙත්
පෙර ආත්මෙත්

කාටවත්
කවදාවත්
කොහොමටවත්
නොතේරෙනුත්

ආදර හැඟුමක්
ආදර පැතුමක්
ආදර සිතිවිල්ලක්
සෙනෙහසින් දුන්හාද්දක්

හදපත්ලෙන්
පොදිකරගත්
රැකගත්
ආදර හැඟුමක්

දුන්හිඳ
දියලුම
පිනි පොදින් තෙත්වූ
ඔබ නාඹර දෙතොලේ
රසෝගයෙන් තෙත්වූ
සියොලඟ ගැහෙනා රාවය
තියා යන්න මා අසබඩ
තනිවෙන්නට මගේ ලොවේ
හෙටත්....

55යි ඕයි....!



Wednesday, 6 July 2016

සෝපාක......!

අමාවක

දා

බාප්පා

කී නිසාද

ආසාවටද

වැවට ආවෙ

පිත්තත් අරන්

සෝපාක


මොණර මාලු

අකැප

සෝපාක...!




Monday, 4 July 2016

ඇවිලෙන පොල් අත්තක් කී ඇත්තක්...!




හීන් සීරුවට
වෙලෙමින්
කොඳුල රහසින්
හිනැහෙමින්
ඉන්න තව ආසයි
මේ උණුහුමත්
හරි සීතයි

හීන් හුළගටත්
කොඳුරන්න හැකි නිසා
ඉතිං තව ලං වෙන්න
මගෙන් තව දුර නොයා

මතක  අළු හිත යට තියා
ඇවිලෙන්න ගිණි  පුපුරක් වෙලා
මේ උණුහුමත්
හරි  හීතයි

"Whispering your mind
inspiring my mind
Softly touching words
Secretly blowing wind
Brings your Aroma to me
Till we meet one's Waterloo...."



සිහිනෙන් මෙන් කණට මුමුණා දිවගිය සිතිවිල්ලකි.....


Wednesday, 29 June 2016

සුදු පිච්ච මල නුඹ නාඩන්





හතර හමාරේ කනිසමට
දින පහක් සතියකට
උදේට එයා ආස පාන් එක්ක හොද්දකට
පාට පාට පාන් පෙති දෝනිට
මහන්සි නොබලා හැදූ මට

කලු කලිසමට ගැලපෙන කමීසෙට
ටයි පටියට සරිලන මේස් යුගලෙට
සුමානෙ දවස් පහකට
මැද්දේ මම ඇදුම ඔබේ අගේට

දෝනිගේ ඉස්කෝලෙට
එයාගේ ඔෆිස් එකට
එයාගේ අම්මගේ ක්ලිනික් දවසට
මට අකැප .කැබ්, ප්‍රිමියෝ තිබ්බට

යුනියෙදි කෝස් වර්ක් වලට
ට්‍රේනින් එකේදි රිපොර්ට්ස් වලට
අලුත් රස්සාවෙ ප්‍රොජෙක්ට්ස් වලට
එයාට අඩු ඉන්ගිරිසි හැදූ මට

ආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නේ නෑ
අට අවුරුදු කැපකිරීම් එයාට තේරෙන්නේ නෑ
මම ආදරේ විඳින්න දන්නේ නෑ
ඒ නිසාම අත අරින්නේ නෑ.....

මා ඔබේ හතුරියක් නොව
සහකාරිය ලෙස සැලකුව මැන
ඔබගේ ලෙයින් මා මෙලොවට
බිහිකල ඒ සුදු පිච්ච මල වෙනුවෙන්වත්....!.





Saturday, 25 June 2016

යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ වගේ වඳවී යන කෙකි කාරයෝ...

මම එක වතාවක් කියා ඇති පරිද්දෙන් අපේ තාත්තා අම්බ යූ ඇන් පී කාරෙයෙකි..ඒ කියන්නේ කැපුවත් කොලපාට ලෙවල් එකේය.. ඉඳලා හිටලා ගෙදර ගියාම ඉස්සරනම් අපේ තාත්තා මහින්ද මහත්තයාට පන යන කන් බනිනවාය...ටීවී එකේ ඒ දවස්වල පෙන්නුවේ මහින්ද මහත්තයා විතරක්ම නිසා, වැරදිලා හරි ටීවී එක වැටුනොත් තූ නොදකින් කියා කාරලා එලියට කෙල පාරක් ගහලා චැනල් මාරුකරන ගානට අපේ තාත්තා යූ ඇන් පීය..දැන් දැන් එයා ටීවී බලන එක අඩුකරලා වගේ ය කියලා මට තේරුම් ගිහින් ඇත්තේ, ටීවී එක ආපහු මහින්ද මහත්තයා පෙන්නන නිසා නොවේය...යූ ඇන් පී උනත් විලි ලජ්ජාව කියල එකක් තියෙන නිසාය..ඒ අපේ තාත්තාගේ යූ ඇන් පී කමය..

අපේ අයියා ඒ දවස් වල හෙන යූ ඇන් පී කාරයාය..කොල තොප්පි දාගෙන චන්දේ දාන්න යන පොර මට තාම මතකය..ඒත් උගේ මස්තිස්කයේ පොඩි අවුලක් නිසා දැන් හොයාගන්නත් නැතය..ඒ නිසා මෑන්ස් දැන් යූ ඇන් පී ද කියා දන්නේම නෑය.. 

අපේ මල්ලිකාරයාත් අම්බ යූ ඇන්පී කාරයෙකි..කොච්චර යු ඇන් පී ද කියනවා නං සිරිලංගම බස් එලවා එලවා හිටිය පොර යූඇන්පී ආංඩුවෙන් ධාවන කළමණාකාර කලාය...ඒත් රනිල් සර් රට කලේ අවුරුදු දෙක නිසා මහින්ද මහත්තයා දිනුවාමද කොහෙද මෑන්ස් වැඩට යනකොට කවුද ඒ පුටුවේ වාඩිවෙලාය කියලා, අවුරුද්දක් විතර වාත වෙලා රට ගියේය..

අපේ නංගී මහින්ද මහත්තයාගේ උඩු රැවුලට ලව්ද කොහෙද නිසා, මම හිතන්නේ චංදේ දෙන්නේ සිරිලංකා එකටය, එහෙමත් නැත්තං පෙරමුනටය, නැත්තං සංධානෙටය...

අම්මා එක එක්කෙනා ඉස්සරහා පාට වෙනස් කරන නිසා යූ ඇන් පී කාරයෙක්ද, සිරිලංකා කාරයෙක්ද කියලා හොයාගන්න නම් කොහෙත්ම බැරිය...

ඉතිං හාය..අපේ මහ ගෙදර යූ ඇන් පී කාරයෝ පිරි ගෙදරකි ...!

ඒකට මගේ ගෙදර පාට පාට ගෙයක් නොවේය..පාවෙන චන්ද වලින් පිරිච්ච ගෙදරකි..ඉතින් යූ ඇන් පී සහ සිරිලංකා කාරයෝ වඳ වෙලා ගිය තැනකි...


මේ පල්ලෙහා පිංතූරේ ඉන්නේ සේන අයියාය..!  සේන අයියාත් ඔය යූ ඇන් පී සහ සිරිලංකා කාරයින් වගේ වඳ වීගෙන යන කාරයෙකි. 

එයා කෙකි කාරයෙකි....!

සේන අයියා


කෙකි කාරයෙක් කිව්වාට එසේ මෙසේ කෙකි කාරයෙක් නොවේය, රංජිත් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් දාගෙන අක්කර හැත්තදෙකක පොල් දවස් හයකින් කඩන කෙකිකාරයෙකි.

මේ පල්ලෙහා පින්තූරෙ ඉන්නේ සේන අයියාගේ ජොයින්ට් වෙන්චර් පාර්ට්නර් නොහොත් රංජිත්ය...

රංජිත්

අහල ගං හතටම පොල් කඩන්න ඉන්නේ මේ කෙකි කාරයො දෙන්නා විතරය...සේන අයියාට දැන් වයස 60කි..රංජිත්ට යංතම් 46 උනා විතරය..උදේ ඉඳන් උඩ බලාගෙන හවස පහමාර වෙනකන් පොල් කෙක්ක සිරස්ව අල්ලගෙන ගහෙන් ගහට යන හැටි බලන් හිටියාම පිස්සු වැටෙන්නේ, හනේ මේ දෙන්නා මේ ජොබ් එක දාලා ගියාම වෙන්නේ වැටෙන පොල් අහුලන්න විතර‍යි නේදය කියලා හිතෙන නිසාය.

ලීඩ්පාර්ට්නර්

ජොයින්ට් වෙන්චර් පාර්ට්නර්ස්


පොල් ගහක් රියන් 40ක් 50ක් විතර උස යනවාය..ඒ කියන්නේ පොල් ගහේ වානිජ වටිනාකම අවුරුදු 60ක් විතර තියෙන නිසා, රියන් 50ක් විතර උස ගස් වලත් ගෙඩි පලදාව හොඳය. ඒත්, මේ කෙකි හදාගන්නේ උණ ගස් එකට අමුනාගෙන නිසා යංතං රියන් 35ක් පමන උසට කෙක්කක් හදාගත හැක..ඊට එහා උස ගස් වල ඉතින් පොල් කඩන්න සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එකට බැරිය..ඒවායෙ කඩන්නේ පාලිත එන්ටර්ප්‍රයිස් ය..මලක් ඔතාගෙන උරලා, පාන් ගෙඩියක් ගිලලා උදේ හතේ ඉඳන් එක දිගට දවල් දොලහ වෙනකන් පාලිත එන්ටර්ප්‍රයිස් ගස් 50ක් හැටක් බඩගායි...ගහකට පනහයි දවසට 2500/- යි..නරකම නැත..ඒකට පනයන ජොබ් එකක්ය..!

මේ තුන්කට්ටුව එක්ක පහුගිය දවස් හයේ මාත් ඔය අක්කර හැත්තාදෙකේ කරක් ගැහුවෙමිය..

කෙකි කාරයෝ ගැන කියනකොට කෙකි ගැන කියන්නම ඕනෑය..!

සාමාන්‍යයෙන් උණගස් දෙකක් එකට අමුනා තමයි ඔය කෙක්ක හදන්නේ. එක කෙක්කකට, උණ ගස් දෙකක් කපලා, අතුබතු රැහැලා පොල්කොල පුච්චලා තවලා ඇද ඇරලා අව්වේ වේලෙන්න දාන්න ඔනාය..මාස දෙකක් තුනක අව්වේ වේලුනාම වතුර බර ගිහින් කෙක්ක උස්සගෙන යන්න පුලුවන් ගානට වේලිලා බර අඩුවෙනවාය. 

උණ කෙකි හදන්න හැම උණ ගස් වලින්ම බැරිය. කහ පාට , යන්තං කොල විහිදෙන්න පටන් ගත්ත හැටියේ වගේ කෙට්ටු හැබැයි දිග උණ ගස් ඕනාය. 

කෙක්කට උණ ගස් දෙකක් ඕනිවෙන නිසා වේලෙනකොට ඔය උණ ගස් දෙක පුරුක් දෙකතුනක් එකතු කරගෙන ඔය පහල තියෙන පින්තූරයේ ආකාරයට කූඤ්ඤ දාලා ලනු වලින් අමුනගන්නවාය..මේ කෙකි කාරයන්ට ඔය කෙකි දෙකක් එක පාරට සීනයින්ටියේ තියාගෙන ගමකින් ගමකට ගොඩතරේ පාරවල් වලින් ගෙනියන්නත් ඇහැකිය...

පුරුක් තුන හතරක් අල්ලලා දාන කෙකි ජොයින්ට් එක
පොල් කෙක්ක අග්ගිස්සට, පොල් පිහියක් බැඳලා ඇත. පරන දුනු තලයක් හොයාගෙන කම්මලට ගිහින් අනේ සේදිරිස් පොල් පිහි දෙක තුනක් හදලා දෙන්නකෝ කියා අඬා වැටුනාම හෙන රෙස්පෙට් දාලා සුමානයකින් දෙකකින් පොල් පිහියක් හදා ගත හැක..කම්මල් කාරයෝද වඳ වෙමින් පවතිනවාය. අම්මපා බයේ බැරිය.
කෙක්ක උඩ පොල් පිහිය
පොල් පිහිය හරි මුවාත්..බලාගෙන සෙල්ලං දාන්නේ...!

කොච්චර මහන්සි උනත් ඒ මහන්සියට හරියන්න ගෙවීම් ලැබුනත් මේ කෙකි කාරයෝ වඳවීගෙන යනවාය...මීට අවුරුදු හයකට කලියෙන් මේ ඌරුගමුවෙ කෙකි කාරයින් හයදෙනක් හිටියේය..අද මුලු බඹරැන්දටම ඉතිරි වෙලා ඉන්නේ මේ සේන රංජිත් ජොයින්ට් වෙන්චර් එක පමනක්ය..

හොඳ ආදායමක් ලැබුනත්, ඒ කියන්නේ මේ දෙන්නා, රුපියල් 42,000/- ක් දවස් හයේ පොල් කැඩිල්ලට හම්බකරනවා..තමන්ගේ හැකියාවයි මහන්සියයි විතරමයි ඒ ආදායමට අයත් වෙන්නේ..අමු ද්‍රව්‍ය, පඩිනඩි මොනාවත් නැහැ..වැටුත් නෑ..එතකොට එක්කෙනෙක්ට අඩුම ගානේ දවසට රුපියල් 3500/- ක ආදායමක් තියෙනවා. මාසෙ දවස් තිහේම වැඩ තිබුනත් කරන්නේ නෑ, හැබැයි අඩුම ගානේ දවස් විස්සක්වත් වැඩ කරනවා...හොඳ ජොබ් එක..

සජ්ජා කියලා තිබුනනේ ගුරුවරයෙකුට ලැබෙන්නේ තිස්දාහක් විතර කියල මාසෙකට...!

ඉතින් ඇයි මේ ජොබ් එක කරන්න කවුරුවත් වෙන නැත්තේ..?

ඇයි මේ හැකියාව ඇති අය වඳවෙන්නේ...

බනිමු ආංඩුවට..නැත්තං ගිය ආංඩුවට..!

නැත්තං ඉයන්ට කියමු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකොට මේක ගැනත් හිතන්නය කියලා...!

කාට බැන්නත්, මම නම් බයේ ඉන්නේ තව ටික කාලයක් ගියාම කොහොමද අර ගස් වල තියෙන පොල් ගෙඩි ටික කඩාගන්නේ කියලා..

හෙට අනිද්දාට මිල්ලගස් ආරට ගිහින් රැස්වීමක් තියලා ගම්මු ටික එකතු කරන් එන්න ඕනි ලෝටස් රෝඩ් එකට විරෝධය පලකරන්න..එතකොට රවී කිව්ව වගේ කිතුල් ඇට දාපු පොලිස් වතුර පාරක් දෙකක් කාලා , අය්සීයූ එකේ ඉන්න වෙන්නත් පුලුවන් සමහර විට දැන් යන තාලේට....!

යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ
වගේ
වඳවී යන කෙකි කාරයෝ....................!!