Tuesday, 31 October 2017

ධීවරී

















ඊයේ හවහා වැල්ලේ පිපුන
වැටකෙයියා මල් ගාලම
ලැජ්ජ හිතිලා අහක බැලුවෙ
කොණ්ඩේ පුරා විසේ කරපු
සිප්පි කටුවේ හැඩ නොබලම
වැලි නාගෙන මා නලවන
කළුමිටි ඔය ඇඟ දැකලද..

විසේකාර කළුමිටි ඔබෙ
අනඟ රැගුම් සිහිනෙන් විත්
දෙකකුල් මැද හිරකරාන
නිදාගන්නේ කොහොමෙයි මං
ඒ හින්දම ඇඟපුරාම 
ගෑවුන වැලි තාමත් නැහැ පිස දැමුවේ..

හිරි අරින්න ගත පුරාම
අරන් එන්න පාන්දරම
කරිජ්ජ සුවඳෙන් ඉපිලෙන
මිටි කළු ඇඟ මහමූදෙන්...

Friday, 13 October 2017

දියවන්නා blues




Diego Rivera
(Motherhood, Angelina and the Child Diego),
August 1916, oil on canvas, 






















සිඟිති දූ සුළැඟිල්ලේ එල්ලී
යන්නී පසුපස මව් හා උරනව
දියවන්නාව සූරා එන මද සුළඟෙන් නෑවී
සිඟිත්තී හඩන්නී
මන්ද ගෙදර නොයා මහමග නැවතුනේ යැයි අසමින් මව්ගෙන්...

රාජගිරියේදී ආ දස්කොන්ගේ ඇමතුමට
හිරිවැටුන මව්ගේ සියොලඟ
සනහාලන්නට
ඌබර් මාතලීට නාහෙන් අඬා
අඩක් වූ ගාස්තුව ගෙවා
අප්පච්චීගේ නිවහනට තව දුර නොවේදමැයි සිතමින්
දියවන්නා ඉවුරෙන් පාර පනින්නේ මව්...

දස්කොන්ගෙ දඬුමොනරය
කුමන තව්තිසාවෙකට ගෙනයන්නද මව්...

රාගයෙන් උද්දාමව
හදිසියේ ගත් තීරණ
මොන්ටිසෝරි දෝනිට කියාදෙන්නම ඕනිද...

Saturday, 23 September 2017

දැන නොදැන





රාත්‍රිය මෙතරම්ම අඳුරු බැව්
රාත්‍රිය මෙතරම්ම රුදුරු බැව්
රාත්‍රිය මෙතරම්ම ගැඹුරු බැව්


ඒ මදිවට


රාත්‍රිය මෙතරම්ම සොඳුරු බැව්


කියා දුන්
සොඳුරියේ


කිම නිහඬ මේ රාත්‍රියේ

අදත් එදා මෙන් 
බලා සිටිමි.....!


ඔබ නො එනා බැව්
දැන නොදැන..!


Monday, 18 September 2017

නල දත






photo courtesy ~- SSDS 

දඟකාර ජෙට්බ්ලැක් අක්බඹරුන්ගෙන්    (ද )
කාන්‍තියෙන් දිදුලන තුරුණු දෙනෙතින්  (ද )
මල් පීදුන බෝරිච්චි අත් චීත්ත ගවුමෙන් (ද)
පාට පාට කුඩයෙන් (ද)
හැංගු (න)
|
|
|
|
|
|
|

නල දත










~~~~~~

Friday, 1 September 2017

තනිකම...!




තැටියේ ලා ගච්චාමි 
රවුමට හයක්
 රොටී

කෑමට එන්නේම නෑ 
මගෙ පැලට 
ඩොටී

කට්ට කරෝල බැදලා ඇත 
කන්න 
රොටී

ඩොටී නැතුව කුමකට 
මම කම්ද 
රොටී

~~~~~~

Thursday, 24 August 2017

ඇඟිලි මාලේ

   Ca m'étonnerait que Picasso ?

අංගුලිමාල
මා
එනමුදු ඔබ
පටාචාරා

ජයම්පතී නොවුන
මා
කුස වූ දා
ඔබ
පබාවතී

නපුරු උණ කටුව
රුදුරු වූදා
මා
රජසිහ

එනමුදු ඔබ
පෑ සෙනෙහේ
නිසල අහස සේ
මා සනහාලයි

ඉතිං මම
ආදරෙයි
හැමදාමත්....!


Thursday, 3 August 2017

පේළි වැහි





එන පසළොස්වක පෝදා
රෑ අහසේ
මක්කටෙයි
දේවතා එළි

දෙවිනුවරට පේළි වැහි වහිනදා
නොතෙමී ඉන්නෙ
කොහොමෙයි
යහළු යෙහෙළි




මොණර පිහාටු මිටි බැඳන්
එල්ලල තෙල් කිරි ගේ වටේ
පච්ච සරම ඉන බැඳගෙන
නාගසලමේ තාලෙට 
එන්න නටන්න
මිහිඳු පෙරහරේ