Monday, 3 April 2017

පන්නරය - 01

ජීවිත අත්දැකීම් රාක්කෙක එකතු කලාම මෙහෙම පෙනේවිද...?


සමාව ඉල්ලන්නේ ආදරෙන්..!

හේතුව මා මෙය ලියා තැබිය යුතු උනත්, තේරුම් ගන්න, ඒ කිව්වේ මේ ලියන දෙයින් කාටද වැඩක් වෙන්නේ කියන එක මටත් ප්‍රහේලිකාවක් නිසා...!

මම නැගිටලා තියෙන්නේ, ඒ කිව්වේ ජීවිතේ...කවුරු හරි හිතාමතා මාව වැට්ටුව වෙලාවල් වලය කියන එක දන්නේ මමම විතරක් නිසාත්...මේ ලියන දෙය තේරුම් ගැනීම මාව හොඳට දන්න අයට විතරක් පැහැදිලිවෙන දෙයක් නිසාත්..මේ තවත් කථාවක් විතරක් නොවේවා..නැත්තං ජීවිතේ හරි අසාධාරණයි....!

ඉතිං අවසර....!

1991 මම මෙරටින් පිට උනේ කිසිම අත්දැකීමක්..(ඒ කිව්වේ ජීවිතේ..) නැති කෙනෙක් විදියට යංතං 31ක් උනාම...ඒ උනාට අද 31ක් වෙන අය මීට දශක දෙකකට එහා ජීවත් උන උදවිය වගේ ලාමක නෑ අත්දැකීම් වලින්, හේතුව අද ලෝකේ ගොඩාක් කිට්ටු නිසා අප හැමෝටම.. ඉතින් සාවධානව අසා සිටිවිය කියලයි හිතන්නේ..!

මම විප්‍රවාසයේ පලමුවෙනි අවුරුදු දෙක තුන ගෙව්වේ මදු වැලක් වගේ..ඔහේ ලඟ තියෙන ගහක, අත්තක වෙලිලා යන්න ඇරියා ජීවිතේ, කොහෙද මොනාද කවදාද කියලා නොදැනගෙන හිටි නිසා වෙන්නෝන....!

අවුරුදු තුන ගෙවෙන්නේ 1994 ජුනි මාසේ 12 වෙනිදානන්, 11 වෙනිදා එනවා දුරකථන ඇමතුමක් ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ ඉංජිනේරු සමාගමකින් ඔවුන් හා එක්වෙන්නය කියලා ඕමානයේ ඇති ඔවුන්ගේ ශාඛාවේ ගෘහනිර්මාන ශිල්පියෙක් ලෙස...එම දුරකථන ඇමතුමේ බැක් ස්ටෝරි එක වෙනම ලියන්න ඕනි දෙයක් මොකෝ මෙතනට ඒ පොලිටික්ස් වලින් කිසිම වැඩක් වෙන්නේම නැති නිසා.....එය වෙනම ලියමි...!

එම දුරකථන ඇමතුම එන අවධිය වෙද්දි, හද්දා පිටිසර හැදීවැඩී, ජීවිතේ පළමුවෙනිම වතාවට විශ්ව විද්‍යාල ගමන නිසා කොළඹ පැමිනි මා, විජාතිකයෙකුට මුල්නමින් ඇමතීම දක්වා පරිණාමනය වී තිබුනා....

දුරකථන ඇමතුම දුන්නේ මාර්කො මල්පේඩි (Marco Malpiedi ), ඔහු එවකට COWI Consult (කොවි කන්සල්ට්) නමින් වු ඩෙන්මාර්ක් ඉංජිනේරු සමාගමේ නේවාසික කළමණාකරු ඕමානයේ...ඉතා සුහදශීලීව මා ඇමතු ඔහු, ඔවුන් හා එක්වන්නය කියා ඉල්ලුම් කළා...ඒ අවදිය වනවිට, මා එකතුවී සිටි ඕමානි සමාගම වැනි සමාගම් වල සේවය කරන්නන්ගේ එකම ප්‍රාර්ථනය ජාත්‍යන්තර සමාගමකට බැඳීමයි. එයට හේතු රාශින් විවිධයි..ඉහල වේතන, ඉහල පහසුකම් ආදියත්, සමාජමීය වශයෙන්  ආභරණයක් වූ සුද්දන්ට (ඉන්ටර්නැශනල් කොම්පැනියකට) වැඩකිරීමත් එයින් සමහරක් විය හැක.

ඩෙන්මාර්කයේ ලුන්ග්බි (Lyngby) නගරයේ කොවි (COWI) ප්‍රධාන කාර්‍යාලය

මාර්කෝ මාහට සම්මුඛ පරීක්ෂනයට එන්නට කියූ දා මා ඇත්තටම චකිතයෙන් යුතුවය ඔහු මුනගැසුනේ..එයට හේතුව සමහර විට ඒ මා සුදුජාතියෙකුගේ සම්මුඛ පරීක්ෂනයකට මුහුන්දුන් මුල් වතාව වීමත්, හදපිරුණු බලාපොරොත්තු ගොන්නත් අතර තරඟයක්ම වියයුතුයැයි දශක දෙකකට පසු අතීත ආවර්ජනයේ යෙදෙන මේ මොහොතේ හිතට එන හැඟීමය...!

මාර්කෝ මල්පේයිඩි (Marco Malpiedi)


අපි කථාවට නැවතත් යමු...!

හිතේ දෙගිඩියාවෙන් මෙන්ම හද පිරි අනාගත බලාපොරොත්තු ඉහලින්ම දරාගෙන කුරුම් හයිට්ස් (Qurum Hieghts) නැමැති මස්කට් ආසන්නයේ ඇති උප නගරයේ, ලෙබනන් ජාතික ගෘහනිර්මාන ශිල්පියෙකු නිර්මානය කල වෘතාකාර ජනේලයන්ගෙන් සැදි, තරමක් විවාදයට භාජනයවූ පල්ලියක් අද්දරින් පහලට නෙරා ඇති අතුපාරක තිබූ මහල් දෙකකින් යුත් නිවසක පවත්වාගෙන ගිය එම කාර්යාලය මගේ ජීවිතය අමුතුම මගකට හරවාවීයැයි යන්න මට හීනෙකින් වත් ආ හැඟීමක් නොවීය...!

මාර්කෝ මා සාදරයෙන් පිළිගත්තා පමනක් නොව ඉතාමත් ගරුසරු ඇතිව මාව මෙහෙව්වාය කීවොත් මා නිවරදියි...ආගිය කථාවලින් පසු ඔහු මාගේ පඩිනඩිද වාහනය සම්බන්ධවූ ගැටලුද විසඳා, පසෙක ඇති දුරකථනය ගෙන යමෙකුට ඔහු සහ මා සිටි ඔහුගේ කාර්‍යාලයට පැමිනෙන ලෙස දැන්වූවා අද මෙන් මාහට මතකය....!

දුරකථනයෙන් කථා කල තැනත්තා අමතා මාකෝ කීවේ " පීටර් ප්ලීස් කම් ටු මයි ඔෆිස්, අයි වෝන්ට් ටු ඉන්ට්‍රොඩියුස් යූ ටු අවර් නිව් ආර්කිටෙක්ට් " කියායි.

මා වාඩි වී සිටියේ මාකෝට මුහුන දෙමින් ඔහුගේ කන්තෝරු කාමරේ දොරට පිටුපා නිසා දුරකථනයෙන් අමතා කථා කෙරූ තැනත්තා දොර ලඟටම එනතුරු ම මා දැක්කේ නැහැ...හයි පීටර් ( හායි නෙවෙයි හොඳේ...ඩේනිෂ් අය හායි කියන්නේ හයි..කියලා...දෙපාරක් හයි හයි කියන්නේ ගුඩ්බායි කියන එකට ) කියා මාකෝගේ කටින් පිටවෙනකොටයි මා පිටුපස හැරී බැලුවේ...!

ගෝටියක් (ඒ කිව්වේ එළු  රැවුලක් ) තිබ්බ උස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු යැයි සිතිය හැකි මට වඩා වයස කෙනෙක් තමදෑත් දොර උලුවහු දෙකේ තියාන මා දිහා බලා..."සෝ යූ ආර් ලුකින්ග් ෆොර් වර්ක්.." යැයි කියනවාත් සමගම මා හැරී බැලුවේ මාකෝ ගේ නෙත් දිහා...ගිනියම් වු ඇස්දෙකින් පීටර් දිහා බැලූ මාකෝ ඉතාමත් බැගෑපත් මුහුනක් මට පෙන්නා නැවතත් පීටර් දිහා බලාගෙන.."නෝ පීටර්..හී ඊස් නොට් ලුකින් ෆොර් වර්ක්..වී ආර් ආස්කින්ග් හිම් ටු ජොයින් අස්..ජස්ට් ටේක් අ සීට් විල් යූ..."ය‍යි පවසා හිස දෙපැත්තට වනා මා දෙස සිනහ පිරි මුහුනකින් බලා තම අසුනේ හරි බැරි ගැහුනේ සුසුමකුත් හෙලමින්....!

මම කව්ද, දැනැට වැඩකරන ආයතනය කුමක්ද, දැනට මම එම ආයතනයේ ප්‍රධාන ගෘහනිර්මාන ශිල්පියාය ආදිය මාකෝ විසින් පීටර්ට තේරුම් කරද්දී මම කිව්වේ, මා දැනැට වැඩ කරනායතනයේ ගෘහ නිර්මාන ශිල්පීන් සිටින්නේ මම පමනක් නිසා මම ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පියා බවයි. එය අප අතර තිබූ දෘඩ බව නැතිකරන්නට උදව්වක් උනා තිදෙනාම සිනහවෙන් එය පිළිගත් නිසා...එයින් පසු සෙන්නාගෙන් ගොන් ප්‍රශ්න අහන සංඛ සේ, පීටර් කිසිසේත් අදාල නැති ගොන් ප්‍රශ්න වැලක් අහන්නත්, මම ඒවාට කිසිම පැකිලීමක් නැතුව උත්තර දෙන්නටත් උනේ, ඒ වෙනකොටත් මාර්කෝ මා එම සමාගමට බඳවා ගැනීමේ මුල් කාර්යයන් හමාර කොට තිබූ නිසාවෙනි.


ඉන් සුමාන දෙක තුනකට පසු මම අලුත් ඔෆීසියේ වැඩට ගියේ අලුතෙන් ගත් මෝටර් රථයේ නැගී සෑහෙන සතුටකිනි. මා පිලිගත් අමරනාත් (ඔහු ගැන වෙනම ලියමි ) මාකෝ වෙත මා ගෙනගියේ සෑහෙන සතුටකිනි. එයට හේතුව අමරනාත් ගැන ලියනාවිට ලියවේවි.

මාකෝ මා රැගෙන ගොස් උඩ තට්ටුවේ වාඩි වී සිටි ඩෙන්මාක ජාතික ඉංජිනේරුවන්ටත්, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාන ශිල්පියෙකුවූ ඩග්ලස් ලෑන්ග්ද්මේඩ්, කේරළ ජාතිකයෙකු වූ ජේම්ස් ජෝන්ස් සහ ඉන්දියන් ජාතික ගෘහනිර්මාන ශිල්පිනියක් වු ස්වතී හල්දන්කර් සහ ශ්‍රී ලාංකික ගෘහනිර්මාන ශිල්පී මා මිත්‍ර සරත් බන්ඩාරයන් සහ අනෙකුත් සැලසුම් ශිල්පීන් හටත් හදුන්වා දුනි.

ඉහත කියූ සහෝදර කාර්‍යාල සඟයන් වාඩී වී සිටි අයුරු, ඔවුන්ගේ පුටු මේස තබා තියූ අයුරු මා කැළඹුවේ, මා කළින් වැඩ කල ස්ථානයේ මා හට වෙනම ඉඩක් ද කොම්පුයටරයක්, ඩ්‍රෝවින්ග් බෝර්ඩ් එකක්, ටෙලිෆෝනයක් යනාදිය ද තිබූ බැවිනි. ශ්‍රීලාංකික ගෘහනිර්මාන ශිල්පියා ඩ්‍රෝවින් බෝර්ඩ් එකකද, ඉංදියන් ගෘහ නිර්මාන ශිල්පිනිය කොම්පියුටර මේසයකද වාඩිවී සිටීමත්, ඕස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාන ශිල්පීන් දෙදෙනා කුඩා කියුබිකල් දෙකක වාඩිවී සිටීමද මෙයට හේතුවයි.

හඳුන්වා දීම්වලින් පසු නැවතත් ස්පයිරල් ස්ටෙයාකේස් එකෙන් පහල ඇති මාකෝගේ කාමරයට පැමිනීමෙන් පසු, මෙම ආයතනයේ ප්‍රධාන ගෘහනිර්මාන ශිල්පී ඕලේ බී ලාසන් (Ole B Larsen) මහතා මාස තුනක නිවාඩුවකට ඩෙන්මාකයට ගොස් ඇති වගත්, මා ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පියා ලෙස කලින් ආයතනයේ වැඩකරමින් සිටි නිසාත් ඕලේ ලාසන් මහතාගේ පහල ඇති කාමරයේ මට මුල් මාස තුන වැඩ කිරීමට අවසර ඇති බවත් මාකෝ පැවසුවේ මාගේ හිත තුල තිබූ අවිනිශ්චිත බව තේරුම් ගිය කෙනෙකු ලෙසයි.

ලාසන් මහතාගේ මේසය උඩ ඇති පෑන් පැන්සල් යනාදිය...!


ලාසන් මහත්තයගේ කාමරයට, (කාමරයක් කිව්වට ඒක අඩි හයක් පලල අඩි දොලහක් විතර දිග තීරුවක්, ස්පයිරල් ස්ටෙයාර් එක යටින් ඇතුල් වෙන්න තියෙන..කාමරේ මුලු දිගෙන් බාගයක් විතර වැහිලා තිබුනේ පැරලල් රූලකින් සමන්විත ඩ්‍රොවින් බෝර්ඩ් එකෙන්..ඒකට පැත්තකින් තිබිච්ච මේසේ පාට පාට පැන්සල් පෑන් වලින් පිරිච්ච ටින්, අනිකුත් ඇඳීමේ උපකරන වලින් ගහන හැබැයි සෑහෙන පිලිවෙලකට තියෙන තැනක් කියන එක මගේ ක්ෂනික අවධානයට යොමු උනා...) ම රැගෙන ගිය මාකෝ..ඔබට මේ කාමරය තාවකාලිකව මාස තුනක් පාවිච්චි කරන්න පුලුවන් ඔහු එනතුරු, නමුත් මෙම කාමරය අතහැර යාමේදී, කාමරයේ ඇති දෑ මේ තියෙනාකාරයටම නැවත තැබීම ඉතාම වැදගත් බවත්, ලාසන් මහතා වෙන කිසිම අයෙකුට ඔහුගේ ආම්පන්න පාවිච්චියට නොදෙන බවත් පැවසුවා....!

අර්වින් හක්‍රොව් (Ervin Haukrogh)

ඔහු නික්ම ගිය පසු වට පිට හොඳින් පිරික්සා බලා මා පුටුවේ හරිබරි ගැසී වාඩිවෙනවාත් සමගම, ඉතාම ප්‍රියංකර සිනහවකින් නිතරම මුහුන පුරවාගෙන සිටින හීන්දෑරී ඩෙන්මාර්ක් ජාතික ඉංජිනේරුවකු වූ අර්වින් හක්‍රොව් (Ervin Haukrogh) කාමරයට ඇතුල්වුනේ ලිපිගොනුවකුත් ඩ්‍රෝවින් රෝලකුත් සමගින්...කොවි කන්සල්ට් සමාගමේ මගේ පළමුවෙනි ව්‍යාපෘතිය ආරම්භකිරීමට කාලය පැමිනි ඇතිබවත්, මා හට එදා සිට මාස තුනක කාලයක් ඒ සඳහා වෙන්කොට ඇති බවත්, එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ඔහු බවත් ඉතාමත් කුළුපගුව පවසා, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාන ශිල්පියාගෙන් එම ව්‍යාපෘතිය මා හට බාරගන්නා ලෙසත් පවසා, ලිපි ගොනුව මා වෙත තබා ඕනෑම අවස්ථාවක ඔහුව සම්බන්ධ කරගන්නයැයි ටෙලිෆෝනය වෙත ඇඟිල්ල යොමු කොට අර්වින් පිටව ගියා...!

ඉදිරි මාස තුන, ස්ථාන මාරුව සහ ස්වතී හල්දන්කර් ගැන ඊලඟට ලියන්නයි ඉන්නේ...!

ප.ලි. :
මෙය ලියා තැබීමට හේතුපාද වූයේ, ඉහත මා සඳහන් කල, කොවි සමාගමේදී මුලින්ම මුනගැසුනු, මා මිත්‍ර බ්‍රිතාන්‍ය ජාතික පීටර් සැමන්ස් රුදුරු හෘදයාබාදයකට ගොදුරුවී අප සැමගෙන් සමුගත්තායැයි ලැබුන ඊමේලය කියවීමෙන් මා සිත දශක දෙකකටත් එහා අතීතයට දිව යෑමය...! 
මේ දිග කථාව ලිවීමට මට හයිය හත්තිය ලැබේවා යයි පතන්න ඕනි ඉතින්...!

ඔය වෙනම ලියමි, පන්නරය-2 වගේ ඒවා ගැන නම් මගේ කිසිම විශ්වාසයක් ඇත්තේම නැත...!







73 comments:

  1. මාර්කො මල්පේඩි නම ඉන්දියන් වාගේ

    මේ කතාව මෙහෙම ලියන එක හොදයි ....ඒ උනාට මට හිතෙන්නේ මැද්දෙන් පටන්ගත්තා කියලා

    ආ තව එකක් මේක ලියන්නේ මං චෝයි පුතා ක්‍රමයටනං නොලියා ඉන්න එක හොදයි ..හරිද

    ReplyDelete
    Replies
    1. මම සිංදු පටන් ගන්නෙත් මැදින්...ඉතිං කතා ගැන කුමන කතාද අටම් අයියෙ...!
      මම චෝයි පුතා නේන්නං මට..කමෙන්ට් දමාවිනේ මම බොරු ලියනකොට..ඊලඟ කොටහා ලිය උනොත් අටම් අයියට තේරේවි චෝයි පුතා මිනිස්සුන්ගෙන් පලි ගන්න හැටි පොඩ්ඩක් වැරදුන හැටියේ...හැක් හැක්..."

      Delete
    2. අප්පේ ඇති යංතං. ඕනෙතැනකින් පටං ගත්තට කමක් නෑ අටමයියෙ, කවි නොවුන නිසා තේරුනා.

      Delete
    3. Malpiedi ඉතාලි

      Delete
    4. මාකෝ ඉතාලි ජාතික දෙමව්පියන්ට, දකුණු අප්‍රිකාවෙදී ඉපදුන, එංගලන්තයේ ඉගෙනගෙන, ඩෙන්මාර්ක ජාතික බිරිඳක් සිටින දැනට ඩෙන්මාර්කයේ ජීවත්වෙන කෙනෙක්...නියම අච්චාරු බුවෙක්...හිහිහි..!

      Delete
  2. Architect කෙනෙකු නොවන මම Architect කෙනෙකුගේ වැඩ ගැන හිතා ඉන්නේ මේ විඳිහට, ඒ කිව්වේ වැඩක් ඉවසීමෙන් පිළිවෙලට කරන මිනිසුන් හැටියටය. මේ ලියවිල්ලේ ආරම්භයේ ඉදලාම තිබුණු ඒ අමුතු පිළිවෙල නිසාම එක හිස්මට කියවගෙන ආවා. ඒ නිසාම - ඔය වෙනම ලියමි, පන්නරය-2 ලියවේවා යි ප්‍රාර්ථනා කරමී.

    ReplyDelete
    Replies
    1. වැරදියි...කිසිම ඉවසීමක් නැති මනුස්සයෙක් මේ ආකි නං...දන්නෝ දනිති...!
      හෙටානිද්දානං ලියවෙනකක් නෑ...පොල් කඩන්න එපැයි...!

      Delete
  3. ගැමි මායිමේ සුන්දර විඳ වැඩුණු අපේ චෙෆ්
    හිමි රැකියාව සුහද ලෙසට කරන් හිටිය චෙෆ්
    නිමි වු මිතුරගේ ජීවය නිසා දුකින් චෙෆ්
    ඉමි කියවන්න ඒගැන තව ලියන තුරා චෙෆ්......

    මිතුරු වෙන්වීම දරාගන්න අපහසු තමයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකා එතරම්ම මිතුරෙක් නෙවී...කාර්‍යාල සඟයෙක් මිසක්කා..මැරුන එකා ගැන ලියන්නං ඊලඟට හිතුනොත්...අර අටම් අයියා කියනවනේ මම කරපු නෝටි වැඩත් ලියන්න කියලා...බලමු...!

      Delete
  4. ලියන්න ඉත්රු ටිකත්

    ReplyDelete
    Replies
    1. වෙලාව සම්බන්ධ ගැටලු ඇත....ලියන්න ඕනි තමා ඉතින්..බලමු බලමු...!

      Delete
  5. හොඳ මුලපිරීමක්. දිගටම ලියන්න. කියවන්න බලා සිටිමි

    ReplyDelete
    Replies
    1. කාටම හරි වැඩක් වෙයි කියල මට හිතෙන එව්වා ටිකක් ලියනවාය කියලා හිතුවා...අඩුගානේ මටවත් වැඩක් වෙයි කරපු ගොන්කං ආයේ මතක් වෙනකොට කියලත් හිතෙනවා ලියනකොට..බලමු ..බලමු..!
      :)

      Delete
  6. වානේ පන්නරය ලැබූ හැටි වගේද?
    ශුකාර් සීයෙක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. The task Ostrovsky set himself in his new book was to show
      the young generation, reared in the conditions of a socialist
      society, who their enemies were.
      “I am doing this,” Nikolai Ostrovsky explained his task, “so
      that in the battles to come – if they are thrust upon us – no
      young hand will falter.”

      Delete
  7. මේ තියෙන්නෙ බඩු.. ගස්ලබ්බා පුදුම තරම් ආසයි මේ වගේ එව්ව කියවන්න.අනිවා තව කාට හරි වැඩක් වෙනවමයි.චෙෆාලාගෙ අත්දැකීම් ලියවෙන එක වටින්නෙ ඒකයි.
    අර අර්වින් ව දැක්කම මතක් උනේ ඩොක්ටර් හවුස් ටෙලි සීරීස් එකේ රඟපාපු නළුවා... කවුද... Hugh Laurie.ඒක උච්ඡාරණය කරන විදිහක් නම් දන්නෑ.
    කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එක ගස්ලබ්බා හෙන ආසාවෙන් අඩිය තිබ්බ ෆීල්ඩ් එකක් නෙව.දැන් සයිඩ් ගහල උන්නට.
    ඔය පෑන් පැන්සල් පින්තූරෙත් මතකයි කලින් බුකියෙ හරි කොහෙ හරි දාල තිබුනා.
    හිතවතාගේ වියෝව දුකක්.
    ඉතුරු ටිකත් ලියන්න...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අර්වින්ගේ ඔය පින්තුරේ මීට අවුරුදු හතකට කලියෙන් මට පනහ පිරුනදා වෝටර්ස් එජ් එකේදි ගත්ත එකක්..පොර හැන්ඩියා තමයි...ඒ වගේම මාර හැන්ඩි හිතක් තියෙන එකෙක්..මගේ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් එයාපෝර්ට් ප්‍රොජෙක්ට් එකේ..මේ දවස්වල ලුන්ග්බි හෙඩ් ඔෆිස් එකේ වැඩ මෑන්...!
      මේ ගැම්මට තව ටිකක් ලියන්න ඕනි...මගේ කුහක කං ගැනත් ලියන්න කියලා නොව අටම් අයියා කියන්නේ..ඒක හරිම ලේසියි...!
      :)

      Delete
  8. කතාව කියල ඉවර වෙනකන් ඉන්නේ කමෙන්ට් කරන්න .

    තව අහපු නැති මග ඇරිච්ච තැනක තියෙනවද බලන්න .

    වැදගත් තැන් "එයා ක්වොට්" කරන්න බලාගෙන ඉන්නේ මම

    ReplyDelete
    Replies
    1. අහුවෙයන්කෝ උඹ..එල්ලනව සැවුලෙන් ඕන්.....!

      Delete
  9. අර දවසක් ඔහේ ලිව්ව නේද ඔය පලවෙනි ගමනෙන් පස්සෙ ලංකාවට දාපු බඩු පෙට්ටිය වතුරෙ ගියපු කතාවක්? මං එදා හිතුව ඔහේ මේව ලියනවනම් කොච්චර හොඳ ද කියල. මං ඒක කිව්වද කියලනම් මතක නෑ. කොහොම උනත් මං මේ වගේ කතාවලට බොහොම කැමතියි. මිනිස්සුන්ගෙ හැබෑම අද්දැකීම්. හැබැයි අර අටම් අයිය කියන්නැහේ හැබෑම ඒව ලියන්නෝනෙ. තේරුනෙයි?

    ReplyDelete
    Replies
    1. හොඳමයි සර්...දිගටම ලියන්නං...හැබැයි ඔන්න කියවලා විතරක් මදි..හැදෙන්නත් ඕනි ඔබතුමා වගේ තරුනයෝ මෙව්වා කියෝලා...ඇත්ත ඇති සැටියෙන්ම තමා ලියන්නේ ඒ නිසා තිත්ත වේවී...!

      Delete
  10. දැන් ගෙදර ආවෙ හරිම ටයඩ්. අනික් කෑල්ලත් කියවලම කමෙන්ට් එකක් දාන්නං ඈ .

    ReplyDelete
    Replies
    1. හපොයි ආපහු ගියාය...හිතා හිටියේ සිදාදියෙදි හම්බෙන්නෙයි කියල නොව..කාරි නෑ ....හෙටවත් හම්බෙමු..!

      Delete
  11. කතාව අම්බානක් මැදින් පටන් ගත්තු එකට මාගේ බලවත් විරෝධය...
    මක් කොරන්නද ඉතිං, අපි වගේ ජනතාවගේ ලැබීම තමයි...

    ReplyDelete
    Replies
    1. නෑ ලොකූ...මැදින් නෙවෙයි..කියවගෙන යනකොට ආපස්සට යන හැටි බලාගතෑකී...!

      Delete
  12. Replies
    1. ඇයි අප්පා වැටවල් බඳින්නේ....:)

      Delete
  13. මෙව්වා ලිව්වට අවුලක් නෑ.... අරවා නොලියා...

    අනේ මේ ආකිටෙක්ට්ගේ ඉවසීම...

    ReplyDelete
    Replies
    1. අරවා අරන් දමා ශික්ෂනයෙන් මෙව්වා ලියමි..හාද..?

      ඉවසීම ගැන නං කියා වැඩක්ම නොමැත...:)

      Delete
  14. මම නම් තවම දන්නේ චෙෆ්ගේ කෑම රස බව විතරයි...ඉට්ටෝරිය ඉන්ටරෙස්ටින්...දිගටම ලියන්න !

    ReplyDelete
    Replies
    1. කෑම එක අංගයක් විතරමත් නෙවෙයි මචෝ...ඉන්ටරස්ටින්ම අංගයක් මර නං කෑම...!!
      අනික කෑම ඉවීම තෙරපියුටික් එක්සර්සයිස් එකක්නේ මේ නට් කේස් එකට...!

      Delete
    2. //කෑම ඉවීම තෙරපියුටික් එක්සර්සයිස් එකක්නේ මේ නට් කේස් එකට...!//
      එහෙනං චෙෆාකි ස්පෙශල් ඩිශ් එකක් කියන්න බලන්න හදාගන්න.මේ දවස් වල කෑම එක්පරිමන්ට් කොරන්න පුළුවන් නිදහසේ.. පූසයි මායි ඕන දෙයක් කනවා.හෙහ් හෙහ්

      Delete
    3. ඉස්සෝ දාපූ කෙසෙල්මුව හදන්න දන්නවද..!
      ඒක මාර රස කෑමක්..මම රෙසිපිය ඉස්සුවෙ තණමල්විල මල් හේනකින්...!
      :)

      Delete
    4. ආයිස් අප්පා... කියන්න බලන්න.
      මම ඊයෙ පෙරේදා ගෝව වලට කූනිස්සො දාල හදල බැලුවා..
      කෙහෙල්මුව වලට කොස් ඇට ඇරෙන්න මුකුත් දාල නෑ..
      කොහොමෙයි හදන්නෙ?

      Delete
    5. ලේසිම ලේසියි...අලුකෙසෙල් හරි ඇඹුල් හරි මුවක් හීනියට ලියලා ලුනුවතුරේ දාලා මිරිකලා අරන්...රතුලූනු සුදුලූනු අමුමිරිස් රම්පෙ කරපිංචා කුරුඳු ලුනු කහ මිරිස්කුඩු තුනපහ කුඩු එක්ක හොඳට අනාගන්න..මීඩියම් සයිස් ඉස්සෝ දහදෙනෙක් විතර පොතු ඇරලා සුද්ද කරගන්න වලිගය ඉතිරි වෙන්න..ඉස්සො ටිකට ගම්මිරිස් කුඩු පොඩ්ඩකුයි කහයි ලුනුයි අතහාලා තියන්න විනාඩි පහක් විතර...ඊට පස්සේ...
      පොල්තෙල් මේස හැඳි දෙකක් ලිප තියලා රත් වෙනකොට අබඇට තේ හැන්දක් දාලා ඊට පස්සෙ ඇට පුඋපුරනකොට වේලිච්ච මිරිස් කරල් දෙකක් කෑලි වලට කඩලා දාන්න..ඊට පස්සේ ඉස්සො ටික දාන්න..ඉස්සෝ යංතං පාටවේගෙන එනකොට ( පාට අහන්න එපෝ) කෙසෙල්මුව ටික දාලා මද ගින්නේ වහලා විනාඩි දහයක් විතර තෙලෙන් තැම්බෙන්න අරින්න..ඊට පස්සේ මිටිකිරි කෝප්පයක් දාලා හොඳට ඉදුනාම මරු කෑමක්...

      Delete
    6. රායිට්... දෙන්නම් වැඩේ.

      Delete
    7. චෙෆාකි කලර් බ්ලයින්ඩ්ද?

      Delete
    8. @ dilruk එහෙමනේ...!

      Delete
  15. මන් හිතන් හිටියේ අර්කිටෙක් වෙන්න මිනිස්සුන්ගේ අදහස් කලින්ම දැන ගන්න ඕන කෙනෙක් කියලා..ඒක ඔකේ වේගෙන යනවා මේක කියවන කොට

    යාලුවට අපි නිවන් සුව පතමු .!!!

    ReplyDelete
    Replies
    1. //මන් හිතන් හිටියේ අර්කිටෙක් වෙන්න මිනිස්සුන්ගේ අදහස් කලින්ම දැන ගන්න ඕන කෙනෙක් කියලා..//
      ඇයි එහෙම හිතුවෙ...අදහස් කියල අදහස් කලේ මොකක්ද කියල මට හිතාගතෑකි...අවුරුදු දහයක් දිග ආර්කිටෙක්චර් කෝස් එක එච්චර දිග වෙලා තියෙන්නෙත් ඒ වගේ දේවල් වලට පුරුදු පුහුනු කරන්නත් එක්ක තමයි...!
      ඩිසයින් ප්‍රොසෙස් එකේදී ක්ලයන්ට් ගේ සිතුම් පැතුම් අදහස් උදහස් ඇනලයිස් කරන්න හැකියාව තියෙන්න ඕනි සක්සස්පුල් ආර්කිටෙක්ට් කෙනෙක්ට...!
      වෙලාවක ප්‍රොජෙක්ට් එකක් මුල සිට අග දක්වා විස්තර කරන්න හිතාගෙන ඉන්නවා පෝස්ට් එකකින්..ඒත් ඕවා මහ බෝරින් සබ්ජෙක්ට්ස් අප්පා...!
      :)

      Delete
  16. වටිනා කොටස් මඟ නොහැරී ලියැවේවා..

    ජය !

    ReplyDelete
    Replies
    1. හිතලා මතලා එහෙම කරන එකක් නක් නැහැ සෑම්...හිත යන යන අතට ලියනවය කියලා හිතානයි පටන් ගත්තේ..!
      බලමුකෝ...!!

      Delete
  17. සැබෑඅද්දැකීම්වලින්ලියන ඒවා කියවන්නබොහොම කැමති... අරපහන්සංවේගයදමොකක්ද එකගැන හිතලා ලියන්නකෝ එහෙනම්... නොහිතුවාට කියවන කාටම හරි වැදගත් වේවි...

    ආ, අර රෙසිපි එකට තැංකු වේවා..



    ReplyDelete
    Replies
    1. ඔව්..එතකොට බොරු ලියන්නත් බෑනේ...නේද..:)
      රෙසිපි එක ට්‍රයි කරලා බලන්න..සෑහෙන්න විවෘතව ඒක ලිව්වේ එතකොට උයන කෙනාගේ සිග්නේචර් එක එනවානේ ඩිශ් එකට...!!

      Delete
  18. seems to be an interesting start up... waiting to see rest of episodes boss.

    ReplyDelete
  19. මිනිහෙක් අමාරුවෙන් නැගිටින එක ගැන ලියැවෙන සටහන් තමයි ලස්සනම. කලබල වෙන්නේ නැතිව වෙලා අරගෙන ලියන්න. මම සමහර පොස්ට් දවස් හත-අට ලියනවා. එහෙම කරන්න. වෙලාව ලැබෙන පරිදි ටික-ටික ලියන්න. මට නොස්ටැල්ජික් විතර කිසි දෙයක් රසවත් නෑ.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න අමතකයි මට දේවල්..ඇත්ත ලියන නිසා පරිස්සමෙන් ලියන්නත් එපැයි...හැබැයි ලියනකොට මතක් වෙනවා...තැන්කූ අවවාද වලට සුදීක බොස්...!!

      Delete
  20. කාලක් කියවල පල්ලෙහාට ආව ත්‍රීවීල් එකක කොමෙන්ට් එකක් දාන්න. ඔක්කොම කියෝල එන්න හිටියොත් හයරෙක වැඩිවෙනව දුර වැඩිවෙලා. පන්නරය කිවුවම එකපාරට ඔලුවට ආවෙ වානේපන්නරය ලබපු හැටි. හෙහ්.. හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියෙව්වනං තමා වටින්නේ...නැත්තං ලියල වැඩකුත් නෑ නොව එක්ස්පෝටර්...
      හොඳ ලමයා වගේ ඔක්කොම කියවලා, ඊට පස්සේ චුට්ටං කොමෙන්ට් එකකුත් දැම්මා නං මරු...!
      :)

      Delete
  21. ඔන්නොහොම ඒවයි ලියන්න ඕන චෙෆා.

    අර මාගල් රවිය වගේ වෙන්නැතුව මේක දිගටම ලියයි කියල බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙමයි...එහෙමයි....!

      මාගල් රවියා විතර උස නෑ බං මම...:) :)

      Delete
  22. අන්න මරු .. අපිත් ආසයි මෙව්වා කියවන්න දැන් ඉතින් 2 ලියන්න්නකෝ ඔහොමම

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නේ නෑ මම මේ 1 කියල හෙඩිම දැම්මේ, දැන් ඉතිං ලියහල්ලකෝ 2...
      අඩුමගානේ කවුරු හරි කියවනවා නං ඒත් කමක් නෑ...!

      Delete
  23. O/ L කරපු හරියෙ ඉදන් වත් පටන් ගනින් රත්තරනේ.
    ලියන කවි තේරුම් ගන්න බැරි මම වගේ මෝඩ වාහෙල කැමති මේ වගේ අතීත කතා කියවන්ඩ.

    ReplyDelete
    Replies
    1. කොහෙද මුල ටික බලධරයා විසින් කපා හරින ලදිනේ කම්මලේ..බොහොම් අමාරුවෙන් මේ ටික ලියන්න ඇපෲවල් ගත්තේ...!

      Delete
  24. රසවත් කතාවක් වගෙයි. ඉතුරු ටිකත් කියවන්න ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සිතූව සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට...!
      ලියන්න හයියක් අලුතෙන් කෙනෙක් එකතුවෙන එක...!
      ජයවේවා...!

      Delete
  25. කියවාගෙන ගියා...කලිනුත් මේකට කොමෙන්ට් කලා..ඒක නෑනෙ දැන්..පෝස්ට් වෙලා නැද්ද මන්ද

    ReplyDelete
    Replies

    1. //කියවාගෙන ගියා..//
      කිසිම වැඩක් නැද්ද ලියපු දේවල් හැබෑට...?
      FB කමෙන්ට්ස් blog එකේ වැටෙන්නේ නෑ විසිරි...!

      Delete
    2. නැහැ...මම මේකෙයි චෙෆ් කොමෙන්ට් කලේ....

      Delete
    3. Spam වලත් චෙක් කලා එතනත් නෑනේ...කොහේ හරි අපිට වරදින්න ඇති..කමක් නෑ...!

      Delete
  26. මේ කතාව තුළ ගත යතුත්තාට ගතයුතු දේබොහෝ තිබේවි. ලියන්න සම්පූර්ණ කතාවම.

    ReplyDelete
    Replies
    1. හෙමින් හෙමින් ලියන්නයි හිතන් ඉන්නේ රටාවකට....:)

      Delete
  27. අපිට කියවන්න ඕනේ තරම් වෙලා තියෙනවා.. ඒක නිසා බය නැතුව ලියන්න.. බොරු නම් කියන්න එපා ලියන්න වෙලා නා වගේ ඒවා.. හැක්.

    කවුරු හරි දිහා බලල අපිත් යමක් ඉගෙන ගන්න හැදෙන්න (උත්සහ කරන්න) ඕනි.. ජයවේවා!

    ප.ලි. මේ නමට මම හරි කැමතියි! පන්නරය.. ටිප් ටොප්..:)

    ReplyDelete
    Replies
    1. හිහිහි....!!
      හෙමින් හෙමින් ලියන්න ඕනි තමයි...මම ඉතින් කම්මැලි හොරා වෙච්චි...!!

      Delete
  28. ජිවිත කතාවේ කොටසක් වගේ. ඔහොම යං. ලස්සනට ලිවිල තියෙනවා.

    ReplyDelete
  29. මේක දිග කතාවක් වෙයි වගේ !

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....