Monday, 24 September 2018

පිලේ පැදුර...!




ඉරිතලා හඬනා පොළොවට
ඇදවැටෙන්න  මෝරන අර වැහිවලාවට
ඉඩදෙන්නටමදෝ  හැංගෙන්නේ
හිරු අද හැන්දෑවට


පාළොස්වක වඩම්මන්න මෝරන හඳට
ඉඩදෙන්නටමදෝ නිවෙන්නේ
අද අර තරුකැට

හිතේ කහටක් නෑ කියපු අලුගේත්තුරු කථාවලට
ගිරීස්මෙත් ඉවරවේවි හෙටානිද්දාට
කලියෙන් පහුවෙන්නට පාළොස්වක
වහීවි මුරුගසන් වරුසා අප පෙම හේදෙන්නට



හිතුවට පැතුවට මගේමයි කියා හේනක්වත් නැතිකොට
බොරු කියන්නේ මොකට
කොහොමත් එකයි දැන්නං මට



ආඩම්බර කං බෑ නොව තම්බන් කන්නට
හිතුවනං නැවතිලා පෙර පනින්නට
හංගාගෙන හිටියා නොව මං
මහමෙරක් වන් ආලයක් තිට පුදන්නට



තාමත් පිලේ පැදුරෙන් හමන්නේ නුඹේ පුසුඹ
පැල පුරාම මැවෙන්නේ නුඹේ කොමල හිනාව
ගැටපිච්ච පඳුරේ මල් පිරිලා ඉනාව
තුරුල්වෙන්න එනවානේද හෙටානිද්දා නොපමාව


~~~~~~