Saturday 2 June 2018

වැරදුනා පෝය...!




වැරදුනා නේන්නං පෝය
මාසෙට දෙක ගානේ මක්කටෙයි පෝය
සිල් රෙද්ද වේලගන්නත් බැරි වැස්ස
අපෙ හාමුදුරුවනේ අදමද පෝය...?

වැරදුනා නේන්නං පෝය
උපාසක දානේ වැරදුනොත් බඩසාය
පන්සලත් යටවෙලා යනතරමට වැස්ස
අපෙ හාමුදුරුවනේ යයිද උඩහ කන්ද නාය..?

වැරදුනා නේන්නං පෝය
ගිලන්පස පූජාවටවත් තියන්නං අත
මඩකලපු සරමටත් උඩින් පිටාර
අපෙ හාමුදුරුවනේ මකර තොරණටත් ගහාවිය හෙන..?

ඉස්සරනං හීන්මැනිකේ වරද්දවන්නේ නෑ පෝය
දැන් එහෙම බෑ නොව ඒකිත් කමතේ අඩි හයක් යට
තනි මට හාංකවිසියක් නැති උනානෙව
අපෙ හාමුදුරුවනේ වැරදුනා පෝය....!




28 comments:

  1. වැරදිලා බෑ පෝය
    වහනව පැන්හල් එදාට
    කලින් ගත්තෙ නැතිදාට
    පලු අරිනව වහන්න කියපු එකාට

    හැක්..

    -Praසන්ன-

    ReplyDelete
    Replies
    1. එහෙමමයි අපෙ හාමුදුරුවනේ ...😂😂

      Delete
  2. උපාසක උන්නැහේ

    උඹේ ඔය කෙහෙල්මල් සිල් රෙද්ද වගේයෑ
    බා...න් මේ අධි පෝය
    ආ...න් ඉබේ වැවුන බෝ ගහක්
    කැපුවටත් මරාගන්නවලු කොහේද

    අපේ උන්ගේ සද්දාව වැඩි වෙන තරමටයි
    පින් කැටේ උනත් පිරෙන්න මෙහෙම
    ඉතින් වැඩි උනාට මොකෑ ඔය
    එක මාසෙකට පෝය

    දැන් දැන් සැතපෙන ගෙයිත් අඩු පාඩු එමට
    දාන සාලාවටත් හයි කරන්නයි හිත ඒ සී ම
    පීතරයගෙ වීල් එකේම ගිහින් දැන් කොන්දටත් ගාය
    අඩුගානෙ ඉන්දියන් ලඩියක්වත් ගන්නයි කල්පනාව හොද පාට

    ඕ..න් ඔය පඩික්කම ගනින් බොල මෙහාට
    හෙටත් තියෙනවා බණක් මේ ළඟ පාත
    ඔය එන්නෙ සීලවතිත් පන්සලට ගාට ගාට
    දැන් නෙව පෝය හඳෙත් මට පේන්නෙ ආවාට

    ReplyDelete
    Replies
    1. එලස්....ඔන්න ඔහොම එපැයි ලියන්න....👍

      Delete
    2. මේ පිස්සු මළ හෝන්තුව කොච්චර ටැලන්ට් එකක්ද
      අනේ උඹෙත් ඔය ප්‍රේම අඳෝනා ලිවිල්ල නවත්තලා
      සමාජය ගැන ලියන කිවිඳියෙක් වෙයන්

      මේන් මගේ උන්ඩුකපුඡ්චෙන්ම එන සුපැතුම්....
      මයෙ අම්මපා ඉස්තරන් මයේ සත්තරන්

      Delete
    3. පිළිතුරත් නියමයි

      Delete
    4. ආකි - ස්තූතියි ඉතින් ලියන්න බෑ අනේ ලියවෙන්න ඕන

      ඉයන් - ගොඩක් ස්තූතියි

      මාතලන් - මේ අගය කිරීමනම් මට ගොඩක් වටිනවා මාතේ අයියණ්ඩි...අවුරුදුම ගානකට පස්සෙද කොහෙද මම ලියපු එකකට මාතලන්ගේ කමෙන්ට් එකක් වැටුනේ.මෙහෙමයි ඉතින් එකක් කියලා නෑ කොයි දේත් ලියවෙන වෙලාවට ලියවෙනවා.ආකිගේ මේක බලල මේ උත්තරේ ෆෝන් එකේ කොටා ගන්න මට විනාඩි පහක්වත් ගියේ නෑ.විඳින දකින දැනෙන කොයි දේ ගැනත් ලියවෙනවා වැඩේ කියන්නෙ ඉතින් වැඩිපුරම දැනෙන්නෙ මලහෝන්තු ප්‍රේමෙ නොවැ. හි හී

      අජිත් - ස්තූතියි අගය කිරීමට

      Delete
  3. මේ චෙපාංකල් අර මස් කරිය මං හදල බැලුවනෙ.
    අම්මප නියම ඒ රහටම ආව. අමාරස සහතිකයි.
    අයියට අනේක වාරයක් ස්තුතියි ඒ පෝස්ට් එකටනම්.
    ඉතින් මලේ නිවාඩු තියෙන් වෙලාවක ඒ වගේ තවත් රෙසිපි දාහන් හොඳේ, අඩු තරමින් මන් වගේ එකෙක් හරි
    පොරෝජන් නැතෑ .
    එහෙනම් මචන් තැන්ක්ස් අරිගතෝ

    ReplyDelete
  4. This poem is Gold , well done

    ReplyDelete
    Replies
    1. Gold....oops...That will creat tax issues my friend...😂

      Delete
  5. උඹට මේක ලියන්න ගියේ කොයිතරම් පොඩි වෙලාවක්ද කියලා හිතෙන කොට...
    මට උඹ ගැන පට්ට ආඩම්බරයක් එන්නේ...
    අපි ලියන්න ඕන මෙහෙම දේ මචං

    මේක මල් මසුරන්... ඉස්තරන්
    උඹේ අර හරස් පද ප්‍රේම අඳෝනා වලට වඩා..

    ඕන බලහන් ප්‍රා ට උනත් මේක තේරෙනවා...

    ReplyDelete
    Replies
    1. ප්‍රා හට අනුකම්පාවෙන් ලියන ලදි....😂

      Delete
    2. චෙෆාකිවහන්සේගේ මේ පුණ්‍ය කර්මය හේතුකොටගෙන උන්වහන්සේට සකුන්තලාගාමීබව ලැබේවා.

      Delete
    3. PraJay...ඒක ලැබිලා නැතිඋනානේ කාලෙකට කලියෙන්...ආයෙත් නං එපා...වෙන ගාමීබවක් පැතුවනං අගෙයි මෙයා...!
      😂

      Delete
    4. ඒ සකුන්තලාත්, මේ සකුන්තලාත් හැර වෙන සකුන්තලාලත් සිටී ද?

      Delete
    5. ඒවා කොරන්න ගියාම අනා ගමී තමයි. සොරි.. අනාගාමී.

      Delete
    6. /// ප්‍රා හට අනුකම්පාවෙන් ලියන ලදි....😂 ///

      ඇයි ප්‍රා ට විතරද... ;(

      Delete
  6. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_50.html

    ReplyDelete
  7. එහෙමට වැරදිලා කොහොමද මේ පෝය
    දන්සැල් වලින් සම්තින් ෂුඩ් ගෙට් නේද

    ReplyDelete
    Replies
    1. උපාසක දානේ අගෙයි දන්සැල් පෝලිමට වඩා මෙයා...!
      මේ පැත්තේ ආවමයි නේද...?
      තැන්කූ ආවාට...!

      Delete
    2. අපොයි නෑ.හැබැයි ඉස්සරෝම ලිවුවෙ අද...

      Delete
  8. මට අර රත්න ශ්‍රී ගේ සින්දුව මතක් වුනා මේක කියවල.
    https://www.youtube.com/watch?v=aoWRy8JXnMs
    //පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
    හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන
    රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට//

    ReplyDelete
    Replies
    1. ඇහෙන දකින විඳපු දේවල් වලින් අපිව හැඩගැහෙනව නේන්නං....👍

      Delete
  9. ඉවුරු තලා ගංගා බැස යනවා!
    මෙන්න මෙහෙම තේරෙන්ඩ කවි ලියන්ඩ එපායැ, නැද්ද සෑර්
    බලන්ඩකෝ දැන් කවි වලින්ම ඉස්තරං කොමෙන්ට් එන හැටි.
    කවි සිත් 'පුබුදුවන්ඩත්' හැමෝටම බැහැ සෑර්. (එව්වට අත්ගුණේ පිහිටල තියෙන්ඩ ඕනේ)
    ජයවේවා!
    Myself Hattor.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....