Monday 4 December 2017

(සේපාලිකා) - Nilwella Blues






සිඹින්නට බැරි දුරක පිපුණු 
නිල්කටරොල්ල...
කිමද ඔච්චම්පපා
මේ හැටිම දැඟලිල්ල...

සේපාලිකා මලක්වී
අද හැන්දෑවට
පිපෙන්න මගේ කවුළුව ඇද්දර
සුවඳට...

පිපුණ කටරොළු මලෙක සුව අහිමි
මැදියමක...
නිවාලයි මහද ගිනි
සුවඳ සේපාලි
 කුසුම...


හිමිදිරි පාන්දරින් අහුලමි
එගිනි නිවු
සේපාලි කුසුමන්
නැමුනු 
සිතින්....


22 comments:

  1. කලර් බ්ලයින්ඩ් නම් ප්‍රස්නයක් නෑනේ.
    දැන් දැන් කලර් සයිටඩ්වේගෙන එනව නම් න මල් ඩයි කරලා ගන්න බැරියෑ බොස්

    ReplyDelete
    Replies
    1. ෆුල් ට්‍රයි ඉතිං අපි...කමක් නෑ නේ...😀

      Delete
  2. මම නම ඉතිං සේපාලිකා විතරමයි ඉඹින්නෙ, ( මොකෝ ගෙදර මල මිසක් වෙන මල් මට මොකටද )

    ReplyDelete
    Replies
    1. වැට දිගට කටරොලු...අපරාදේ...ඒ උනාට සේපාලිකා මල් සුවඳයි...!

      Delete
  3. නිල් කටරොලු ‍මල් ගොමුවේ පැණි උරනා සමනලයෙක්.....

    ReplyDelete
    Replies
    1. සමනලයෙක්.....හෑ....!!!"

      Delete
    2. නිල් කටරොලු ‍මල් ගොමුවේ පැණි උරනා සමනලයෙක්...
      මිදුලේ දුව පැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්...
      කුරුමානම වැරදුනාට කමක් නැහැ පුතේ...
      සතුනට හිංසා වධ දී නොවෙන් පුතේ දඟ ළමයෙක්...

      https://www.youtube.com/watch?v=_og_DOUbsGg

      Delete
  4. නිල්කට්රොට් මොකක්ද ලෙඩකට බෝම හොදයි කියල මං අහල තියේ..

    ReplyDelete
    Replies
    1. නෝටි කථා නොකියනු....😀...!

      Delete
  5. සෙහ්.. රෑ කොච්චර ගිනි නිවල හිටියත් උදේ පාන්දරට 'නැවූනු සිතින්' ඉන්න එක හරි නෑ නෙව..

    ReplyDelete
    Replies
    1. පාන්දරින්ම නවා ගන්නවනේ ඉතිං අපි...!

      Delete
  6. සේපාලිකා මලට තියෙන්නෙ සෙක්සි ලුක් එකක් නේද අයියෙ.

    ReplyDelete
  7. හ්ම්ම්ම්.. සේපාලිකා විතරද හැඩට පේන්නේ? කටරොල් මලට දුක හිතේවි හිතුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කටරොල් ලස්සනයි..සේපාලිකා සුවඳයි...!
      දැන් හරිනේ...!

      Delete
  8. කටරොල් නිල්පාටට සේපාලිකා තැඹිලි පාට පට්ට මැචිං ...

    ReplyDelete
    Replies
    1. හොඳට ලංවෙලා බලන්නකෝ සේපාලිකා මලකට...පෙති එකතුවෙන තැන තියෙන්නෙ ලස්සන තැඹිලි පාට නේද කියලා...
      මට ඉතිං පේන්නේ එහෙම වෙන්නත් ඇති...:)

      Delete
    2. ඒක තමා කිව්වෙ... ඒ තැඹිලි පාටයි.. කටරොල් නිල් පාටයි පට්ට මැචිං කියල ... ඒක ඕන කලර් බ්ලයින්ඩ් එකෙක්ට පේන්ඩ ඕනෙ ...

      Delete
  9. නිල්වැල්ලෙ පිපුණු නිල් පාට මල් කටරොලී
    නෙලන්නටමයි හිතුනෙ පැහැයටම ලොබ බැඳී
    පැහැය ඇති මල් කුමට සුවඳ නැතිනම් රැඳී
    සුවඳ මලටයි මගේ ස්නේහය නම් නිතී

    ReplyDelete
    Replies
    1. සුවඳ පැහැය කෙසේ වෙතත්..!!!
      නෙලා නොගත්තේ මගේ බෝසත් කමට...!!!
      😂😂😂😂

      Delete
    2. මොකෝ නැත්තෙ ඔය නෙලලා තියෙන්නෙ දෙවෙනි පින්තූරෙ

      Delete
    3. ඒ නැමුනු සිතින් අහුලපුව දරුවෝ....!
      😂😂😂

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....