|
The Wait and the Reward by Anna Rose Bain - 2014 |
ජූනි මාසේ පස්වෙනිදාට කලියෙන් කරන්න කොච්චර වැඩනං තියෙනවද...( ඇය කුළුඳුලේ දරාගෙන... බෝල ගෙඩියක් වගේ හුරතලේ බෑ...)
සීලිම දිහා බලාගෙන කල්පනාකරන්නේ මේ මාසේ කැම්පස් සීසන් එක කඩි බාප්පගෙන් ගන්න රුපියල් පනස් හයක් කොහෙන්ද හොයාගන්නේ කියලා..
දරුගැබ දරා ඉඳිතෑකි... කොහොමද මේ අහිංසකයාට කියන්නේ තව දවස් දෙක තුනකින් දෙන්නටම වැඩට යා ගන්න සීසන් එකත් නෑය කියලා..
කැම්පස් අවුට් වෙලා අවුරුද්දක් පහු උනත් කඩිබාප්පා ලංගමේ නිසා තාම කැම්පස් සීසන් එක අරන් දුන්නට..ඒ මනුස්සයාත් අපේ බෝට්ටුවේ නිසා සල්ලි නොදී ඒක ඉල්ලනත් බැ..
ගෙදර හරියකට තිබුන ඔක්කොම එකතු කරලා ඇනෙක්සියේ අක්කාට රෙන්ට් එක ගෙව්වේ පෙරේදා...ආපහු විසිපහ පඩි හම්බෙන්නේ...පඩි අරන් දවස් හයක් යනකොට මෙහෙම වෙන්නේ අපේ වැරද්දකට නෙවෙයිනේ..
එයාගේ එක්දාස් එකසීයෙන් තුන්සිය විසිපහක් ඇනෙක්සියට දුන්නාම ඉතිරියයි, මගේ නමසිය තිස්පහෙනුයි අපි දෙන්නා අරපරිස්සමින් ජීවත් වෙන්න ට්‍රයි කලාට,බලාගෙන ඉන්න බැරිම තැන මම පෙරේදා වැඩ ඇරිලා එන ගමන් එයාට එයා ආස අත්කොට උඩින් දාන කමීසෙ අරන් ආවේ....දැන් සීසන් එකට සල්ලි නෑ...
ඇහැරවන්නත් දුකයි පොඩි එකා වගේ පැත්තට හැරිලා අල්ල උඩ මූන තියාගෙන නිදි...!
{}{}{}{}{}{}{}{}{}{}{}{} {}{}{}{}{} [][][][][][][][]
හයිලෙවල් පාරෙන්, නියඳගල පාරට වාහනේ හරවන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට මතක් උනේ සීසන් එක ගන්න සල්ලි නැතුව හිටපු කාලේ මීට රසවත් නේද කියලා..මීට අවුරුදු තිස්පහකට එහා කුළුඳුලේ ගැබ්බරව ජිනන්දගේ කඩේට හයිලෙවල් පාර දිගේ තනියම ඇවිදගෙන ගිහින් රුපියල් පනස් හයක් ඉල්ලුවාම ඒ මනුස්සයා පුදුම වෙලා බලා හිටිය හැටි තාම මතක් වෙනවා...ඊට පස්සේ රුපියල් පනස් හයේ ඒවා කීයක් පහු වෙන්න ඇද්ද අද අපි දෙන්නා ඉන්න තැනට ඒ ගන්න....
{}{}{}{}{}{}{}{}{}{}{} {}{}{}{}{} [][][][][][][][]
පාර වැරදුනා නේද කියල අහන්න වම් පැත්ත බලනකොට, අහිංසකයා කඳුළු පුරෝගෙන මා දිහා බැලුවා......
"ජිනන්දගේ කඩේ එතන නෑ නේද අම්මි දැන්....."
අපි දෙන්නාම හැමදාමත් එකම විදියට හිතන නිසා වෙන්නැති අපි මෙතනට ආවේ...!