Thursday 19 January 2017

අවසර මා හට...!


abandon- two lesbian friends - a painting by French Painter Henri De Toulouse-Lautrec



ඔබ මා වෙන් කල
සයුර මැව්වේ අපමද
මොහොතින් මොහොත මාහට
ආදරයේ විස පෙව්වේ ඔබමද !

දුරබනුව විතරමද
අප ලංකලේ නෑ නොවේද...?
මා ඔබ දකින්නේ
යතාර්ථයේම
නොවන්නේ නම්
කෙසේ අප එක්වෙම්ද 
මේ භවයේ සොඳුරිය...!

ඉසුරු යැයි හිතා
අප ලංවූ මොහොතක්
සදාකාලිකයැයි සේ ඇයි මා සිතුවේ 
දැනෙනා තුරු මා සිතට
අප දෙදෙන එකෙකුම වීම හීනයක්ම වෙන තුරු !

සැමදා පතනෙමි
මේ සෙනෙහසේ අවසානය
ඔබ මා දෙදෙනෙකු නොව
ඔබද මා වී මාද ඔබම වී
දිගෑලෙන කවියක පදවැල් සේ
රිද්මයෙන් ඇසේවි යැයි
පතනෙමි සොඳුරිය,,,!

අවසර මා හට
රිසිසේ විඳිනට
දෝරේ ගලනා
ඔබ සෙනෙහස් නදියේ 
උඩුගම් බලා පිහිනා
ගිලී මියෙන්නට...!

අවසර මා හට...!



Inspired by Lyrics of Oceans Apart - Richard Marx
We all have a sexual orientation and a gender identity, and this shared fact means that discrimination against members of the Lesbian, Gay, Bisexual and Transgender (LGBT) community, based on sexual orientation and/ or gender identity, is an issue that transcends that community and affects all of us.

65 comments:

  1. සෙනෙහසකට
    අරුත් සොයනට
    සම්මතයේ සිට
    අසම්මතයට
    ඉතිං දෙපෙති හිතකට
    හිතක හැඟුමකට
    පමණි අවසර සබදෙනි...

    හරි අපුරූ කවියක් Chef-Archi...

    ReplyDelete
    Replies
    1. සෙනෙහසකට කොහේද සම්මතයක්...!
      වැරදුනේ එතනයි...!!

      Delete
    2. ඒකම තමයි මාත් කිව්වේ :)

      Delete
    3. හුටා ....තේරුනේම නෑනේ ඉතිං...!

      Delete
  2. සමලින්ගිකයන් ව කොන් කිරීම වැරදිය.. ඔවුන්ට සම තැන දිය යුතුය...
    ඒ වගේම සමලින්ගිකයන් ට වැඩියෙන් සැලකීමත් වැරදිය...

    ඤාති සන්ග්‍රහය මෙන් ම සමරිසි සන්ග්‍රහයද හෙලාදකිමු හිටන්!

    ReplyDelete
    Replies
    1. සංග්‍රහ වලට අපි නම් හාය...ඒත් ඉතිං කේස් නං බෑය..!
      කැබිනෙට්ටුවෙන් එලියට එන්නට දුන් ඉඩ ප්‍රස්තාව කෑ අහුලාගත් කැබිනෙට්ටුවට හෙනම ගහපිය ඉඳං...!

      Delete
  3. This was never the way I planned, not my intention.
    I got so brave, drink in hand, lost my discretion
    It's not what I'm used to, just wanna try you on.
    I'm curious for you, caught my attention.


    I kissed a girl and I liked it,
    the taste of her cherry chapstick.
    I kissed a girl just to try it,
    I hope my boyfriend don't mind it.
    It felt so wrong,
    it felt so right.
    Don't mean I'm in love tonight.
    I kissed a girl and I liked it (I liked it).


    No, I don't even know your name, it doesn't matter.
    You're my experimental game, just human nature.
    It's not what good girls do, not how they should behave.
    My head gets so confused, hard to obey.


    Us girls we are so magical,
    Soft skin, red lips, so kissable.
    Hard to resist, so touchable.
    Too good to deny it.
    Ain't no big deal, it's innocent.

    ReplyDelete
    Replies
    1. හම්මේ..හිරිගඩු ආයෙත් පිපුනා ඕං..!

      Delete
  4. මේ මිනිස්සු වැඩිවෙන වේගෙ හැටියට ස්වභාවික වරණයද මක්කද වෙනවයි කියන්නෙ ඔහොම වෙන්ටැ...
    උෂ්ණ ශිරෝමි
    මේ විදිහට නොවෙනවා නම් අපට මොටෝ අනුන්නෙ පොටෝ කියල ඉන්ටෑකි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කාන්තා විමුක්තිය වෙනුවෙන් සක්‍රියව වැඩ කටයුතු කරන අය දැනගන්න ලැබීමත් සතුටක්. ඔබට ජය..වනිතා හඬ....:)

      Delete
    2. ලබ්බා යමක් ලියන්නකො අපිටත් කියවන්න මේ ගැන.

      Delete
    3. අරූ අයියෙ,ඔය උඩින් 'උෂ්ණ ශිරෝමි' කියල තියෙන්නෙ... කියෝලා කියන්ටකො මක්කෙයි හිතෙන්නෙ කියලා

      Delete
    4. අනිත් සීන් එක තමයි මචං...අපි ආදරයයි, අනුකම්පාවයි පටලවගෙන. මේ වචන අස්සේ තියෙන්නේ උන් වෙනුවෙන් අනුකම්පාව. මම ශෙෆාගේ කවිය ගැන නෙමෙයි කියන්නේ. කාටවත් කාගෙවත් අනුකම්පාවට වඩා අවශ්‍යවෙන්නේ ආදරය. අපි කොහොමද තව එකෙක් දිහා බලන්න ඕන කියන එක ධර්මයක් බං. වැඩේ තියෙන්නේ, මිනිස්සු හිතන්නේ ඒකේ අනිත් පැත්ත. තමන් දිහා අනුන් කොහොමද බලන්නේ කියන එක. මේ ලෙඩ අපි සුවපත් කර ගත යුතුයි.

      Delete
    5. /////උෂ්ණ ශිරෝමි' කියල තියෙන්නෙ... කියෝලා කියන්ටකො මක්කෙයි හිතෙන්නෙ/////
      මම කියෙව්වා.....අපි ශෙෆාට වනේ වෙමුද....

      Delete
    6. එකඟයි.
      LGBT ල ගැන කතා කරන ගොඩ දෙනෙක් එයාල ගැන අනුකම්පාවෙන් බලන්නෙ.ඒකට එක හේතුවක් සමහරක් එයාලගෙ හැසිරීමත්.
      අනික් ප්‍රධානම දේ තමා සමරිසි සීන් එකේ ඉන්න අය නව යෞවන වියේදි හැඟීම් හිරකරගෙන ඉඳලා මොන විදිහට හරි මුදාහරින්න බලන් හිටපු අය තමයි බහුතරයක් ඉන්නෙ.කාලයත් එක්ක එයාල එයාලවම අඳුන ගනිද්දි වෙනස් වෙනවා.නමුත් ඕක විලාසිතාවක් උනාම අතරමං වෙන පිරිස වැඩියි කියන එකයි මගේ මතය.

      Delete
    7. උඹ ඔය "විලාසිතාවක්" කියලා පාවිච්චි කරන වචනේ හරියට හරි. අපි හැමදෙයක්ම විලාසිතාවක් කරගන්න හුකන්නලා. ඒ නිසා උඹ කියන දේ හිතන්න පුලුවන්. නුගේගොඩ හන්දියේ තොලක් දාගෙන ඉන්න කොල්ලො-කොල්ලොත් ආවොත් මාර වනයක් වෙනවා. මොකද කෙල්ලෙකුයි, කොල්ලෙකුයිවත් , හංදියෙ තොලක් දාගෙන ඉන් නැහැනේ. ඒවා බටහිර වැඩ. ඒත් මේවා අපේ සංස්කෘතික ලිමිට්ස් ඇතුලේ හසුරුවා ගන්න එක විනය පිලිබඳ ප්‍රශ්නයක්.

      Delete
    8. දැං ඔය විනය... සංස්කෘතිය වගේ දේවල් ගැනත් හෙන කතා යනවනෙ.ඔය මක්ක උනත් පොඩි කෙල්ලො කොල්ලො ටිකට නිදහසේ අතින් අල්ලන් ඉන්න,බයියං කටක් කවන්න,උම්ම එකක් දෙන්න තැනක් නැති නිසා සහ අතකිං ඇල්ලුවත් දූශනය කලා වගේ වටේ උන් බලන නිසා වඩා ආරක්ශිත විදිහට (කියල හිතාගෙන.)ළමයි සමරිසි හැසිරීම් වලට පුරුදු වෙනවා.පස්සෙ ඒක ආභරණෙකුත් උනොත්..? ඒ එයාම ද?
      ඔහොම නැතුව ඇත්තටම සමරිසි උදවියත් ඇති.. එයාල ඉතිං එයාලගෙ පාඩුවේ උන්නාවෙ.හැබැයි වාත නොවී.වාත වෙන උන්ට ජැක්සන්ලට,දූශකයන්ට බෙදන හැන්දෙන්ම බෙදුවට වරදක් නෑ.
      බුකිය නිසා කස්ටිය හෝ පට ගාල සෙට් වෙන්න පුළුවන් නෙ.දැං මෙහෙ වෙලාව 3.20යි. එක සමනළයෙක් හෙන වාතයක් උනා චැට් එකට ඇවිත්.12..,1 පනිනකන් ඔන්ලයින් හිටියොත් ඔය කේස් එක තියනවා. ඉතින් කෝමෙයි කොරන්නෙ?

      Delete
    9. නීති ගතකලොත් මක් වෙයිද ගෙදර ඇවිත් පස්ස පැත්තෙ කරල යයි

      Delete
    10. @අටම්....නීතිගත කිරීමෙන් බලාපොරොත්තුවෙන්නේ ප්‍රධාන වශයෙන්ම සමලිංගික විවාහ නීත්‍යානුකූල කිරීම වෙන්න ඕනි..අනික දැනට සමලිංගික හැසිරීම් නීතියෙන දඬුවම් ලැබිය හැකි වරදවල් නිසා එයින් ඔවුන්ව මුදවාගන්නත් එක වෙන්න ඕනි..
      ප්‍රශ්නේ තියෙන්නේ එතනම නෙවෙයි, මේ නීති ගෙනෙන ආකාරය...ඒක සමාජයීය අවශ්‍යතාවයක් හැටියට නෙවෙයි ඉදිරිපත්වෙන්නේ, දේශපාලනික අවශ්‍යතාවයක් හැටි‍යට නිසායි මේ අවුල..
      සමරිසි විවාහ නිසා ඇතිවෙන දරු පරම්පරාව ගැන තවමත් අපි කතා කරන්නේ නෑනේ...එතන විවාදයට පාත්‍රවියයුතුයි...!

      Delete
    11. නීතිගත කිරීම කිව්වට ඔතන ලොකු අවුලක් නෑ කියල කොහෙදෝ දැක්කා.පාදඩ පනත සමරිසියන් විශයෙහි අර්ථ දැක්වීමක් තාම වෙලා නැති කතාවක්.නීති දැණුම ඇත්තෝ පිහිට වෙත්වා..

      Delete
    12. සම ලිංගික විවාහ නීත්‍යානුකූල කරනවා කියන්නේ වෙනම දෙයක්. එය සෑහෙන්න ලිබරල් රටවල්/ප්‍රාන්ත කීපයක විතරයිනෙ තියෙන්නෙ.

      සම ලිංගික ක්‍රියාකාරකම් නීති විරෝධී ලෙස දණ්ඩ නීති සංග්‍රහයෙන් අපරාධයක් ලෙස දක්වා ඇති යල් පැන ගිය නීති ඉවත් කිරීම වෙනත් දෙයක්. සමලිංගික නිසා ඔස්කාර් වයිඩ්ලව හිරේ දාපු ඉන්ග්‍රීසි නීතිය මත පදනම් වුන ඉපැරණි නීති තාමත් අපේ පොතේ තියනවා. ඒවා ඉවත් විය යුතුයි. හැබැයි නීති පොතේ දක්වා ඇත්තේ "පුරුෂයන් අතර" කියල. ලෙස්බියනිස්ම් නෑ.

      නීතිගත කරනවා සහ නීතිය අහෝසි කරනවා දෙකක්.
      මං දන්නෙ නෑ යෝජනා තියනවද ඒ මොනවාද කියල. ඒත් මුලින් වියයුත්තේ සමලිංගික විවාහ නීත්යානුකූල කිරීම වගේ අල්ට්‍රා ලිබරල් දෙයක් නෙමෙයි. කල යුත්තේ සමලිංගිකත්වය දඬුවම් දිය හැකි අපරාධයක් ලෙස ඇති යල් පිනූ නීතිය ඉවත් කිරීම වගේ බේසික් දෙයක්

      Delete
    13. ඔය කියන්නේ ප්‍රා...ලිංගික චර්යාවක තියෙන පොඩි වෙනසක් නිසා, ඒ අය වෙනුවෙන් වෙනම නීතියක් ක්‍රියාත්මක නොවිය යුතුයි කියන එකනේ. ජාතියෙන්, ජාතියට, කුළයෙන්, කුළයට නීතිය නොවෙනස් වෙනවා වගේ, මේ අය වෙනුවෙනුත් නීතිය වෙනස් නොවිය යුතුයි. ලොකු දෙයක් නෙමේ තියෙන්නේ. ඇටිටියුඩ් ප්‍රශ්නයක්.

      Delete
    14. ප්‍රා, පුලුවන් නම් දැනට තියෙන ආකයික් ලෝ එකට ලින්ක් එකක් හරි, ඒ ගැන විස්තරයක් දාන්නකෝ...!

      Delete
  5. කෙම්මුර දවස් වල පහනක් දැල්වීම
    කොළ අතු කඩා ගස් දෙබලක එල්ලීම
    (ඉතුරු පදය මතක නැත )
    මම නොකල මුත් නොකලමි ගැරහීම

    ReplyDelete
    Replies
    1. සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
      කෙම්මුර දවස්වල පානින් සැරසී ම
      වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
      මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

      විමලරත්න කුමාරගම කවියගෙ " අයියනායක " කවි පෙලෙන්

      එළකිරි මෙන්ඩා.....

      Delete
    2. මේ කවිය මාත් ලිව්වා වැරදියිද කොහෙද. දන්න කෙනෙක් හරියට ලියන්න...

      Delete
    3. සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
      කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ ණේ
      මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
      දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ

      බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
      මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක ල
      ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
      හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල

      වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
      ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
      සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
      එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත

      දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
      පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
      මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
      මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ

      සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
      කෙම්වර දවස්වල පානින් සැරසී ම
      වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
      මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

      සාගත වසංගත හා එන නියඟ වලින්
      සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
      එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
      පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්

      ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ මැන
      අහුමුලු නෑර සිය අණසක පතුරු වන
      බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
      මේ අය රකිනු මැන යන එන සියලු තැන

      පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
      මීමුන් මදින් මත්වී අං මදින තැන
      වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
      මේ අය රකිනු මැන යන එන සියලු තැන

      මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන
      අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
      නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
      බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
      මේ පබැදුම Asanka Asiri ගේ කවි මුතුමල් බ්ලොග් එකේ තිබුනේ 2012 කරපු පෝස්ට් එකක්...!

      Delete
    4. //සාගත වසංගත හා එන නියඟ වලින්
      සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
      එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
      පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්// ++++++++++

      සුපිරි!

      Delete
    5. උබලා ඔක්කොටම ටන්ක්ව් ....
      මේ කවි පෙළ පොඩි මෙන්ඩ ට

      Delete
  6. 365 සහ 365 ඒ තියෙන තාක් කල්
    මම (කඩුව අතේ තියාගෙන කකුල් තුනෙන් ඉන්න) සිංහයාට බයයි නංගියේ (මල්ලියේ)

    (හැට්ටර්ල නීති ගරුක මිනිෂ්ෂු සෑර් .)

    ReplyDelete
    Replies
    1. හැක්ටර්....අඩෝ ටැට්ටරේ තාම කුඹුරෙද......

      Delete
    2. හාපාං මචාං....ටැට්ටරෙන්......!

      Delete
    3. රෝද දෙක එළියේ ටැට්ටරේ ගරජියේ

      Delete
    4. ටේල් ලයිට් ඕෆ් කරාපාං...!!

      Delete
  7. ඇයි බං මේ සමහරක් මිනිස්සු සමනළයින් පියාඹනවට අප්සට්. උනුත් පියාඹන්න එපැයි, අනිත් හැමෝම වගේ. ඒ අපි වගේම මිනිස්සුනේ. ඕකත් ප්‍රේමයක්ම තමයි. මේක ටිකක් නිදහසේ වාඩිවෙලා කතාකරන්න ඕන මාතෘකාවක් බං. මේ ගැන පොඩි ආතල් කතිකාවක් ඇතිවෙන්න ඕන. මේවා පාටි පොලිටික්ස්වලට ලඝු කරන්න බැහැ. නැද්ද ශෙෆා...

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔය ඉඩ හදල දුන්නේ බොහෝම අන්-පොලිටිකල් තැනක...කරන්න යි තියෙන්නේ කථිකාව...නැද්ද...!

      Delete
    2. ටිකක් නිදහසේ වාඩිවෙලා කතාකරන්න ඕන මාතෘකාවක් බං//
      අඩියකුත් ගහනවනම් මටත් කියහන්

      Delete
    3. මෙන්ඩා...උඹත් සෙට් වෙන්නම ඕන බුවෙක් පුතා.

      Delete
    4. ටන්ක්යු සර් ටෙන්ක්යු ....අරක්කු නම් බර් එකෙන් අරගෙන බොන්න පුලුවන් එත් උබලගේ සමති සමගමෙන් ලැබෙන සතුට කිසිම තරු 7 බාර් එකකින් ගන්න බැහැ ..
      චෙෆා ඉයන් මට උන් එක්ක අඩියක් ගහන්න එන්න කියලා මට දුන්න සහෝදර යාළුකම මම ජිවිතේ බීපු හොදම අරක්කු ටික

      Delete
  8. චෙෆා මට හිතෙන විධිහට වගේ එළියේ පෙනෙන චෙෆා ට වඩා හුඟක් සුමුදු කෙනෙක් ඇතුලේ ඉන්නේ වගේ. සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ලූනු ගෙඩියක් වගේලු..නැත්තං ලේයර් කේක් එකක් වගේලු...කාපු බීපු ඉඹපු අය කියන කථා එහෙමයි.....!

      Delete
    2. අත් දෙකම උස්සලා ඒ ප්‍රක්ෂ්ය්ට ජන්දය දෙනවා

      Delete
  9. ඇසි දිසි ලකේ සිරිබර දේ නැති වෙයිද
    රිසි රිසි දෙයින් සිසිලක් නිති ඇති වෙයිද
    සම රිසි විෂම රිසි තව රිසි දේ සිදු වෙයිද
    නිසි රිසි සිරිය විඳිනට නිදහස දෙයිද.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සම රිසි විෂම රිසි තව රිසි දේ සිදු වෙයිද.......?

      Delete
  10. http://maathalan.blogspot.com/2017/01/strictly-for-adults-only.html

    ReplyDelete
    Replies
    1. ඒක කියෙව්වම තමයි මේක මේ විදියට කරන්න ඕනි කියල හිතුනේ..නන්-පොලිටිකල් වෙන්න....කමක් නෑනේ බොස්....!

      Delete
  11. ඕනේ කෙනෙකුට ප්‍රේම කරන්න අයිතියක් තියෙන්න ඕනේ...තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා ඉද්දි වෙන අයට ප්‍රේම කරන සමාජේක, මිනිහෙක් සමරිසිද, එහෙමත් නැත්නම් මිනිහෙක් ගහකට ගලකට ආදරේ කලත් ඒක ඒ මිනිහගේ අයිතිය...තමන්ගේ හැඟීම් බෙදා ගන්න කැමති කෙනෙක් හොයා ගන්න මිනිහෙක්ට අයිතියක් තියනවා...ඔහොම තමයි ලෝකය අවසානය කරා යන්නේ...

    කවිය රහයි...

    ReplyDelete
    Replies
    1. // තමන්ගේ හැඟීම් බෙදා ගන්න කැමති කෙනෙක් හොයා ගන්න මිනිහෙක්ට අයිතියක් තියනවා...///


      පොකුරු...... මෙතන... //මිනිහෙක්// ...කියන එක මනුස්සයෙක් කියල හරි හැම ගැහැනියකටම සහ පිරිමියෙකුටම...වශයෙන් වෙනස් වෙන්න ඕනි කියලයි මම හිතන්නේ...පොකුරුත් එහෙම හිතාගෙන වෙන්නැති ලියන්නැත්තේ..නේ...?

      Delete
    2. ඔව් ඇත්තෙන්ම, මනුස්සයෙක් කියන එක...ගැහැණියෙක් හෝ පිරිමියෙක්...

      Delete
  12. සමරිසියෙක් වෙන්න මොනවද දන්නෑ කරන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සමරිසියෙක්
      ස... යන්නට පස්සෙන්, ම.... යන්න තියලා රිසි විදියට කලාම සමරිසි ලු...ට්‍රයි කරලා බලහං මම ආවාම....!

      Delete
    2. හපොයි දෙයියනේ උබලා එක්ක අපේ ගමේ වැවේ නාන්න යන්න හිට්යේ දැන් ඉතින් කොරලි තෙප්පිලි ටිකකුත් අල්ලගෙන අවහැකි

      Delete
  13. Replies
    1. මොකෑ උනේ බොස්..වැටුනාවද්ද...?
      බලාගෙන ඔන්න..ඕනි නැති ඒවා කරලා අහුවෙන්න එපා ආයෙත්....!

      Delete
    2. උට හපොයි කියවුනේ කන පැල්ලෙන්න අඩියක් ගහලා උබලා එක්ක වැටිලා නිදාගන්න තිබුන ආසාව මතක් වෙලා දැන් ඉතින් එනකොට පොල් ලෙලි දෙකක් අරන් වර

      Delete
  14. කවිය රහයි... පොටෝව නැත්තන් නොමඟ යන්නත් තිබුනා...

    ReplyDelete
    Replies
    1. අහු උනා නේ මාව....ඕවා ඔහොම එලිපිට කියනවද....දැන් ඉතින් මොකෝ කරන්නේ...?

      Delete
  15. එතකොට සතියට සැරයක් බදුල්ලේ යන්නේ නැතෙයි

    ReplyDelete
  16. මම ආතල් එකට දාන කෙමෙන්ට් කාටවත් රිද්දන්න හිතාගෙන නෙමයි හුදෙක් ආතල් එක සදහම පමණි

    ReplyDelete
  17. කොහොමින් කොහොම හරි සම්මත වුනෙ නැ නෙව ඒ යෝජනාව....කවි පෙල අගෙයි චෙෆ්

    ReplyDelete
    Replies
    1. ඔවැනි දේවල් සමාජ අවශ්‍යතාවන්ට අනුව තීරණය වෙන්න ඕනී දේවල්...පොලිටිකල් වෙලා නොව හැමදේම මේ රටේ අද...!
      තැන්කූ විසිරි...!!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....