Saturday 21 January 2017

චන්ද්‍රිකා


I tell myself I don't need anyone but the truth is, they don't need me.

හතේ පන්තියේ ඉන්නකොට
හැන්දෑවට රබර් ගස් වලින් මුවා නොවුන
තරු පිරිච්ච අහස දිහා
ගේට්ටු කනු දෙක ගාව බෙල්ල උලුක් වෙනකන්
උඩ බලාගෙන චන්ද්‍රිකාවක් අහසේ යනකොට
කොච්චර කෑ ගහලා කිව්වත්
ගෙදර හිටි කිසිකෙනෙක් නාව වෙලාවෙවත්
නොතේරිච්ච ඇත්ත....!

හිතේ ඇඳිච්ච ඔක්කොම වගේ හීන හැබවින්ම සැබෑවෙච්ච
අද දවසෙදිවත්
තනියම අර අහසේ පාවෙන ඒ තිතක්වන් එළිය
පෙන්නන්න ඇයි කවුරුවක්වත් නැත්තේ...!

කෑ ගහලා කිව්වත් ඇහෙනතෙක් මානෙක කිසිවෙක් නැති
මේ අඳුරු රාත්‍රියේ
තනිවම ඔබ පසුපස යමි
ලොව වටා රවුමක් ගොස් නැවතත්
මා සොයා එනතුරු...!

තනිතරුවක් නොවී ඔබ
චන්ද්‍රිකාවක්ම
වීමයි තනි ඇත්ත...!

34 comments:

  1. චන්ද්‍රිකා ඔහොමමයි අනේ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මෙයා....!!!

      Delete
  2. තරුවට කුඩා කල කවුරුත් රැවටෙනවා
    තනියට හිටිය උදවිය වෙන් වී යනවා
    වයසට යද්දි ඔය වගෙ දේවල් වෙනවා
    ළඟකට එන්න කොයි කවුරත් මැලි වෙනවා......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තාම නමයයි...වයසට ගුහින් නෑ...ඒත් කාත් කවුරුවත් නෑ නං තමයි...!!!

      Delete
  3. තනි අලියා.......

    ReplyDelete
  4. කෑ ගැහුවට වඩක් නෑ... චන්ද්‍රිකා එන්නේ ගොඩාක් පරක්කු වෙලා...

    ReplyDelete
    Replies
    1. නාවත් කමක් නෑ පුතී....එයා නං....මේ වෙන එක්කෙනෙක්..කක්ෂයක් නැතුව භ්‍රමනය වෙන අයාලේ යන වස්තුවක්...!!

      Delete
    2. අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
      අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

      රාග ගිනි ජාලාවේ
      ප්‍රේමයේ උණුසුම් සුසුමේ
      වෙනස ඔබෙනි දැනුනේ
      අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

      ආදරය යන වදනේ
      මනු‍ලොවේ මිනිසත් භවයේ
      මහිම ඔබෙනි හැඟුනේ
      අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

      ගායනය - ගුණදාස කපුගේ

      Delete
    3. ඉතිං ඒපාර කඩෙන් ගන්නත් එපාද....?

      Delete
    4. ලේසිම ක්‍රමය ඒක තමයි... පරිභෝජනවාදය...

      Delete
  5. ඔය අතේ තියන ෆෝන් එකෙං ලාවට සූම් කරල විඩියෝ කරගන්නවා ....ඊටපස්සේ ...යන යන තැන ...බොන බොන තැන ... ඉන්න එවුන්ට ...එතන පරිසරේ මොකක් උනත් බල්ලට දාල ...ඔය චන්ද්‍රීකාව පෙන්වනවා ...අනේ මන්දා කවද ඉගන ගනීද කියල ..ඔව්වා

    ReplyDelete
    Replies
    1. ඔයාගේ oppo එකෙන් කරන ඔයවගේ හපන්කං අපි ගාව තියෙන මේ දෙකයි පනහේ ෆෝන් කෑලි වලින් කරන්න බෑ අටම් අයියේ...!
      ඊලඟසැරේ හම්බුනාම පෙන්නනවැයි oppo එකෙන් ලාවට සූම් කරපු වීඩියෝ කෑල්ල අපිටත් බලන්න ඔයාගේ චන්ද්‍රිකාවේ...??

      Delete
    2. ඕකෙනුත් පුලුවං ....ෂොට් එකක් දීලා මදි බයිට් කෑල්ලකුත් කවන්ඩ ඕන

      Delete
    3. හෑ....ඒකත් එහෙමද...අද ට්‍රයි එකක් දීලා බලඤ්ඤං...!!

      Delete
    4. ෂොට් එකක් දීලා මදි බයිට් කෑල්ලකුත් කවන්ඩ ඕන
      සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව මමත් ගන්නවා පෝන් එකක්

      Delete
  6. වැඩක් නෑ ලොක්ක. චන්ද්‍රිකා කියන ඒව වෙලාවට වැඩ කරන ඒව නෙමේනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ අපිටනේ..ඒ උනාට ඔය යස අගේට ලෝකේ වටේ යන්නේ...වෙලාව කෙසේවෙතත් යනවනේ...!!

      Delete
  7. උබ කියන්නේ උඩ යන චන්ද්‍රිකාවක් ගැනම නෙමයි කියලා මගේ පුංචි මොලේට වැටහෙනවා

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා යන්නේ අහසේ විතරයි මෙන්ඩෝ...!

      Delete
  8. ඇත්තෙන්ම ලෝකෙ වටේම ගිහින් එනකල් බලාඉන්නව කියන්නෙත් අපූරුම දෙයක්

    ReplyDelete
    Replies
    1. ඕනි තරං වෙලාව තියෙනවනේ විසිරි අපිට..ඉතිං ඔහේ බලන් ඉන්නවා...!!

      Delete
  9. දිළි දිළි ගැහෙන
    දිශානති
    සම්මත අත්හැර
    ඇහැකි නම් එන්න
    පාර කියන
    තරුනෙතින්
    පාර අසා...

    පොඩි කාලේ මං චන්ද්‍රිකා පෙන්නලා තාත්තට කියනවා , තාත්තේ ඕක නම් Sure UFO එකක් කියලා.
    හීතට දැනෙන ලස්සන නිර්මාණයක් Chef-Archi

    ReplyDelete
    Replies
    1. ඈත් නොදන්නිය ඇය යන මානය ..කියලමයිනේ හිතෙන්නේ අහස දිහා බලාන ඉන්නකොට..ඉතින් කොහොමෙයි දුවන තරුවකින් අහන්නේ පාර එරන්දි...?

      Delete
    2. Chef-Archi ට එහෙම හිතුනට ඔය යස අගේට ආපහු එනවා කියන්නේ දුවන තරු :)

      Delete
  10. මාදින්නාගොඩට මේ ටිකේ හැමදාම පසලොස්වක වගේ

    ReplyDelete
    Replies
    1. එහෙමයි...අපි ඇල්වතුරත් නිවලා බොන්නේ දැන්...අර ඔයා දුන්න නිවනට මග පොත තමා කියවන්නෙත්...!!

      Delete
  11. අහසේ යන චන්ද්‍රිකා දිහා ඇස් උළුක් වෙනකල් බලාගෙන හිටපු අතීතයක් මටත් තිබ්බා...
    රෑ 07:40 ට එකක් යනවා කියල මට හොඳට මතකයි...
    අපි පොඩි කාලේ අපිට කරන්ට් එක තිබුනේ නැති නිසා අපේ ලෝකේ ගොඩක් වටපිටාව එක්ක මුහු වෙලා තිබ්බා...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙලාවට තමයි මමත් පුරුදුවෙලා හිටියේ තරු බලන්න. ...!
      අපිට ලයිට් තිබුනට ටීවී ආවේ පස්සෙනේ ලොකූ, ඉතිං හවසටත් වෙලාව තිබුනා දේවල් වලට...!

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සමහර වැඩ කරන්නේ තාමත්, හතේ පන්තියේ කෙනෙක් වගේ තමයි මම...!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  13. ///////I tell myself I don't need anyone but the truth is, they don't need me.////////////
    මෙන්න තියෙනවා චන්ද්‍රිකාව.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....