Monday 4 July 2016

ඇවිලෙන පොල් අත්තක් කී ඇත්තක්...!




හීන් සීරුවට
වෙලෙමින්
කොඳුල රහසින්
හිනැහෙමින්
ඉන්න තව ආසයි
මේ උණුහුමත්
හරි සීතයි

හීන් හුළගටත්
කොඳුරන්න හැකි නිසා
ඉතිං තව ලං වෙන්න
මගෙන් තව දුර නොයා

මතක  අළු හිත යට තියා
ඇවිලෙන්න ගිණි  පුපුරක් වෙලා
මේ උණුහුමත්
හරි  හීතයි

"Whispering your mind
inspiring my mind
Softly touching words
Secretly blowing wind
Brings your Aroma to me
Till we meet one's Waterloo...."



සිහිනෙන් මෙන් කණට මුමුණා දිවගිය සිතිවිල්ලකි.....


38 comments:

  1. ඇවිළුණු පොල්පිති නිවි නිවි යද්දී

    ReplyDelete
    Replies
    1. රෙද්ද මගෙ පිච්චුනා....

      Delete
  2. ඔහේම කිව්ව නේද ඔහේට කවි ලියන්ඩ බෑ කියල ..??

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වේ මම ලිව්වය කියලා..!

      Delete
  3. පොල් අත්තක් විතර දිග කවියක්. අගෙයි.

    ReplyDelete
    Replies
    1. පිච්චෙන පොල් අත්තක්....!

      Delete
  4. රොමාන්තික කවියක්...එහෙම උනාම පිච්චුනාට දැනෙන්නේ නැහැ :)...

    ReplyDelete
    Replies
    1. කවියක්...? ම්හු...සිතිවිල්ලක්....!!!

      Delete
    2. වැරදුනා...නිර්මාණයක් තමයි හරි වචනේ...

      Delete
  5. හීතල නැතිවෙන්න මක්කා හරි ගත්තා නම් හරි..

    ReplyDelete
    Replies
    1. මක්කාවත් නැහැ නොව....ඒකට කියෙව්වම මක්කා හරි ගත්තා වගේ තමයි...!

      Delete
  6. ////මතක  අළු හිත යට තියා
    ඇවිලෙන්න ගිණි  පුපුරක් වෙලා///

    හොඳ කවි සිතුවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. හොඳ අයට එන්නෙ හොඳ සිතුවිලි තමා ඉතින්...අහන්නකෝ ඉයන් ගෙන්...!!!

      Delete
    2. ඒකත් ඇත්ත තමයි....

      අටමයියාගෙන් ඇහුවොත්.....

      Delete
  7. /මේ උණුහුමත්
    හරි හීතයි/
    මේ දුකත් හරිම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. දුකම කොයි තරම් සැපතක් දෝ....

      Delete
  8. ඇවිලෙන පොල්අතු.. වෑසක ඩෑල්.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවද....වෑසක වේලිච්ච පොල් අතු තමයි ඇවිලින්නේ...හැලුනාම...!

      Delete
  9. Chef-Architect, මට විචාරයක් කරන්න තරම් දැනුමක් නැ, අදහසක් හැටියට මේ නිර්මාණය හරියට කාසියක දෙපැත්තක් වගේ.. මේ පින්තුරේ නොවෙන්න හිතෙන්නේ වෙනම අදහසක්. ඒ නිසාම හරි ලස්සනයි.. :)

    ReplyDelete
  10. දැං කවුද සිහිනෙන් ඇවිත් කණට සිංදු කියල දුවපු එකා.

    ReplyDelete
    Replies
    1. හීනෙන් උනාට යාන්තං මතකයි මතකයි වගේ..ඊලඟ දවසෙදි අල්ලගන්න කියලා හිතාගෙන ඉන්නෙ හිටං...

      Delete
  11. මගේ යාලුවෙක් ඉන්නව කට්ටඩියෙක් . පොර කියන්නෙත් සාස්තර එහෙම කියන වෙලාවට කවුදෝ ඇවිත් "කණට කරල කියනවා" කියල. හ්ම්ම් හ්ම්ම්... කවි ලියවෙන එක මරු..

    ReplyDelete
    Replies
    1. ලියවෙන එකට වඩා හීනෙන් ඇවිත් කණට කොඳුරන එකනම් මරේ මරු...

      Delete
  12. ඇවිළෙන ගින්නට පිදුරු දාන එක හොඳ නෑ.. ඔන්න අපි පැත්තකට වෙනවා..

    ReplyDelete
  13. I remembered ABBA's Waterloo.

    ReplyDelete
    Replies
    1. I tried to hold you back, but you were stronger
      Oh yeah
      And now it seems my only chance is giving up the fight
      And how could I ever refuse
      I feel like I win when I lose
      Waterloo I was defeated, you won the war
      Waterloo promise to love you for ever more
      Waterloo couldn't escape if I wanted to
      Waterloo knowing my fate is to be with you
      Oh, oh Waterloo finally facing my Waterloo

      Delete
  14. ඇවිලෙන පොල් අතු නිවී නිවී යද්දී...
    ඈ මට හමු වුවා... කියල සිංදුවක් තියෙනවා නේද...

    ReplyDelete
    Replies
    1. ඔහේට ගිනිදළු සහ පොල් අතු ටැපලිලා ලොකූ....!

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බඩගින්න, හිතේ ගින්න වගේ ඒවයේ දුමගැනනේ එයා ලියල තියෙන්නේ...!
      අවාට ස්තුතියි..කඩදාසිකොලේ https://kadadasikole.blogspot.com ටිකක් කියෙව්වා..දිගටම ලියන්න..

      Delete
  16. පොල් අත්ත යට කජු ඇට දමා
    රසට කමු පුච්ච්ං තලා..
    ජයවේවා..!!

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....