Tuesday 5 April 2016

ඩි(ගි )ටල් අවුරුදු

photo credit Daniel Santini RBR



ඕවිටේ නොපිපි
රූප පෙට්ට්යේ පරවෙන
රතට රතේ
එරබදු මල් වැට දිගට

කපුටන්ගේ කූඩුවෙ
කොවුලන්ගේ බිජු
කාක් කාක් උඹ 
කොහෝ කොහෝ මම
එෆ් එම් කෝකිල නාදේ

පුහුලන් නෙක පාටින්
කෑමෙන් බැරැන්ඩි උගුර
කජු කිරි විස උන
වන උන ඇඟිලි

පලාපු කජු මද පදමින්
යූ බටේ රෙසිපියෙන්
හත්මාලුව රසට උයන්
නෑගං යමු ඇඟිලි වහන්

82 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අයියෝ.....

    ReplyDelete
  3. අවුරුද්දට ගමේ ගොහින්
    ගෙදර මිනිස්සුත් එක්කල
    හත්මාලුවක් උයල
    එක මේසෙ ඉඳල කෑවනං
    හිතේ දුක යයි.

    ReplyDelete
    Replies
    1. ගමේ අය මෙහේ එනවැයි කිව්වේ...!

      Delete
  4. Replies
    1. ග්ලවුස් වැඩ කලේම නැත....

      Delete
  5. මම හිතුව ,පුහුලං වටේ ෆොටෝ ගහද්දි

    ReplyDelete
    Replies
    1. අනතුරු ඇඟවීම් දන්නෙම නෑ නේ...!

      Delete
  6. හැමදේම විකාර වෙලා නේද චෙෆෝ............

    ReplyDelete
    Replies
    1. කජු කිරි විතරයි වෙනස්වෙලා නැත්තේ කුරුටු..ඉස්සර වගේම සැරයි....!

      Delete
  7. ඔය කියන සෝ කෝල්ඩ් අවුරුදු තියෙන්නෙ රුප පෙට්ටියෙ විතරයි.ඔහේ අවුරුද්දට ගමේ යන්නෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ගමට වඩා මට කොළඹ සනීපයි හැලපේ..ඒ නිසා ගමේ අයට මෙහේ එන්නය කිව්වා...

      Delete
    2. ///ගමට වඩා මට කොළඹ සනීපයි හැලපේ..ඒ නිසා ගමේ අයට මෙහේ එන්නය කිව්වා...///
      පික්ෂු හැදෙනවා...
      මටනම් ගමේ තරම් කිසි රහක් නැහැ මෙහේ...
      ගමේ එකසිය ගාණට වැඩ...

      Delete
  8. Fatta. . It's far from entertainment; the digital New year. :(

    ReplyDelete
    Replies
    1. ගුටි කන්නේ නැතුව පාඩම් කොරහන්..බොට මේ පාර අවුරුදු නැහැ...රිපීට් කොරගෙන එහෙම එනවා නෙවී ඕන් අර යක්ෂයා වගේ...!

      Delete
  9. වෑසක අයට වෙන වැඩ.. හැක්

    ReplyDelete
    Replies
    1. වෑසට යන එක නවත්තගන්න ක්‍රම සහ විදි ඇත....

      Delete
    2. එලියන්ත වයිට් පිහිටෙන් වෙන්ටෑ....?

      Delete
  10. අමු කජු මාළුවක් කන්න ලැබුණා පහුවුණු සති අන්තෙ ගමේ ගියාම.. අප්පා ඒ රස...

    අවුරුද්දකට වරක් කජුත් එක්ක ලැබෙන අත්දැකීමත් අපූරුයි.... ඒත් පුංචි කාලෙ තරම් කජු පුහුලම්, කජු මද, පැල කජු දැන් රස නැද්ද මන්දා.. ඒක හිතේ දෝෂයක්ද? සොබාදහමේ වෙනසක්ද හිතාගන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. පුංචි කාලේ කෑව මනසින් අද කන්න බැරිවීම නම් හිතේ දෝෂයක්ම තමා....පුංචි කාලෙ කාපු ගහකින්ම අතින් කඩාගෙන පුහුලන් කෑවත් ඒ දවස්වල උගුරට වෙච්ච දේ අද උනාම අමාරු වෙන්නේ නම් සොබාදහමේ වෙනස නිසායි....නැද්ද..?

      Delete
  11. අපේ කජුගහක බෙණේක හිටපු මී මැස්සන්ගෙන් පහර කෑම මතක් වුනා

    ඩිජිටල් , ඩිගිටල් වෙලා තියෙන්නේ පුහුලම් කාලා උගුර අප්සෙට් නිසාද?

    ReplyDelete
    Replies
    1. අවුරුදු චාරිත්‍ර වලට වෙලා තියෙන දේ පෙන්නන්න ඕනි නිසා තමයි digital ඩිගිටල් කරලා තියෙන්නෙ මහත්තයෝ..නැතුව ඩිජිටල් බැරුව නෙවී..හෙක් හෙක්

      Delete
    2. හැක්, අපි නොදන්න යුනිකෝඩ් කිව්වලු. යුනිකෝඩ් වලින් කොටනකොට ඉංගිරිසි වචන කෙටෙන්නේ හිතේ තියන ඉංගිරිසි වචනේ අනුව. ඉතින් digital කියලා කෙටුවම වදින්නේ ඩිගිටල් කියලා. හෙහ් හෙහ්.

      Delete
    3. විචෝ ..එහෙනං මක්කටෙයි අර වරහන් අස්සේ ගි යන්න දාලා තියෙන්නේ හැබෑට...?

      Delete
  12. කියන්ඩ නං දිගට තියේ. ඒත් එහෙම කළොත් ඒක පෝස්ට් එකක් වෙයි.

    දැං අවුරුදු කියන්නෙ විකුණගෙන කන්න පුළුවං සංකල්පයක්. අවුරුදු උස්සව වෙ‍ළෙඳ සමාගම් අතේ. අවුරුදු කුමාරි තර‍ඟෙට ඉදිරිපත් වෙන්නෙ ටෙලිනාට්‍ය නිළියෙක් වෙන්න. ගනුදෙනු කිරීම බැංකු අතේ. සයිකල් තරඟ මීඩියා චැනල් සහ ඩීඑස්අයි ආයතනය මිලට අරං. අන්තිමේ සංගීත සංදර්ශනයක් දානව ප්‍රදේශයෙ දේශපාලකයගෙ ගානෙ.

    අපි පොඩි කාලෙ ගමේ කැපී පෙනෙන චරිත ටික එකතු වෙලා සම්මාදං කරල, පොල් වත්තක පවත්වන අවුරුදු උත්සවේ වගේ නෙමෙයි. මෙව්ව මහාපරිමාණ ප්‍රචාරණ උපක්‍රම.

    බීටීඩබ්ලිව්,

    හොඳ වැඩේ ඇඟිලි ටිකට...! හැක් හැක් හැක්...

    (කවුද දන්නෑ අර "කජු කනව වගේ ලේ්සියි" කිව්වෙ. කජු කන එකේ අමාරුව දන්නෙ කජු කාපු මිනිස්සුම තමා.)

    ReplyDelete
    Replies
    1. මට දුක එදාවේල හරි හම්බකරන ඈයෝ ගැන...මාතර ඩීන් එක ඉස්සරහා ටෙන්ට් ගහන් විකුනන දේවල් දැක්කමයි ඒවා ගන්න එන අයයි දැක්කමයි හිතෙන්නේ අවුරුදු නැත්තං හොඳයි කියල...අනේ සංසාරේ..!

      Delete
    2. //මට දුක එදාවේල හරි හම්බකරන ඈයෝ ගැන//
      බුදු සෑර්.. ඕං මං නං එදාවේල හොයාගන්න අසරණයා.. යන තැනකට වැඩක් සිද්ද කරගන්නවනං ඕං චෑන්ස් එක .ඕ යේස්

      Delete
    3. ඔය වගේම තැනක් තියනවා අනුරාධපුර පොලේ කෙලවරක වැවු බන්ට් එකට කිට්ටුව. බඩුවිකුනන්නේ අහිකුන්ඨක මිනිස්සු හරි ඒ හා සමාන කුලයකට අයිතිඅය හරි වෙන්න ඕනේ.ඇදුම් තමයි විකුනන්නේ.බැළු බැල්මටනම් පාවිච්චිකරපුවා. ඒවා ගන්නත් මිනිස්සු පොදිකනවා.සාරියක් 200යි.දිග කලිසමක් 150-250යි. පොඩි අයගේ ඇදුම් 30 ඉදන් තියනවා. එහෙම වෙලත් පොඩි එවුන්ට ඇදුම්ගන්න, කෙට්ටුවෙලා කලු ගැහුන අම්මලා දකිනකොට ඔළුව පොලවේ ගහගන්න හිතෙනවා.

      Delete
    4. ඔන්නොය හිඟන ආදාර පත්තර කාරෙයට රුපියලක් විසි කරන්ඩ අප්පා...

      Delete
    5. ඌට මිල්ල එපෑ වීසි කොරන්ඩ..අපිට කොහෙන්ද ඩ්‍රැකී මිල්ල...!

      Delete
    6. හල්මිල්ලවත් නැද්ද?

      Delete
  13. අතේ යහමින් අලු ගාගෙන තැලුවනං ඔහොම වෙන්නෙ නෑ ........

    ReplyDelete
    Replies
    1. අලු කොහෙද නිට්ටෑවො ගෑස් කුකර් එකේ....????

      Delete
    2. මැෂිමක් හැදුව වගේ

      Delete
  14. ඕන් අපි ආවා..

    බැද්ද පුරා සුදු රෙද්ද වගේ නෑ,

    කොව්ලට ලගින්න දවට ගහක් නෑ,
    රබන් ගහන්නට පද දන්නා අය නෑ,

    රූපපෙට්ටියේ අවුරුදු ගමේ කිසිම තැනක නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකට තාමත් දම්පැහැ කහට කජු පුහුලන් හැදෙනෝනේ....!
      වෙල්කම් කිව්වා....!

      Delete
  15. මොනවද හලෝ අපිට කවි එපා කරන්නද යන්නේ?

    ;)
    ඒක නෙමෙයි මගේ කජු පාර්සලෙයි අඹ පාර්සලෙයි නමවෙනිදට ලැබෙන්න සලස්වනවද?

    ReplyDelete
    Replies
    1. කවි..??? කෝ කවි...මේ කටකතා හලෝ....!
      නමේනිදා මම පහල...කාවද එවන්නේ...?

      Delete
    2. ප්‍රා ජේ බොස්.. නම වෙනිදා හෑර් එකක් තියනවා. හැක හැක

      Delete
    3. @PM. ඔතන "පහල" කියන්නේ කොහෙද කියලා දෙයියොයි ආකිටෙක්ට්ලයි විතරයි දන්නෙ.
      රෝමෙට හයර් එක ඔබතුමා දෙනවද?

      Delete
  16. පැනි ඉතිරේවා නව වසරේ.....
    :D

    ReplyDelete
    Replies
    1. පැනි තමයි....අත් දෙකම ඉවරයි....!
      අවුරුදු දාත් දත් ගලවනවැයි..?

      Delete
    2. // අවුරුදු දාත් දත් ගලවනවැයි..? //

      දත් නම් සා රස

      සා රස නම් දත්.....

      (හරියට ජයරත්න මල් සාලාව වගේ... දිවා රාත්‍රී සේවය!)

      Delete
  17. අවුරුද්දට හරියන්නෙ "හැළි" !! රට බීම චැහ්

    ReplyDelete
    Replies
    1. පුහුලන් ටිකක් එවන්නං 9 වෙනිදාට..පෙරාගන් හැලි අරක්කු අර ගෝවන් ඈයෝ පෙරනවා වගේ...!

      Delete
  18. කවදත් වෙන්නේ ඕක තමා. කජු පුච්චන එකාගේ අත් කලුවෙනවා. අපි රහ කර කර කජු කනවා. හැබැයි කජුවල මිල ඇහුවම දත්මිටි කැවෙනවා.

    එෆ් එම් නාලිකාවල ඉන්න, කොවුලන් කෙවිලියන් කියලා හිතාගෙන ඉන්න කපුටන් කපුටියන්ගේ, කර්කශ හඬ අහන්නේ නැති නිසා, පිත කෝප වෙන්නේ නැහැ.

    දැන් නම් ගම් වලත්, අවුරුද්ද විද්‍යුත් අවුරුද්දක් වෙලා. මීමුරේ දිහාවේ තවම අවුරුදු ඇති.

    ReplyDelete
    Replies
    1. මී මුරේට ටීවී පේන්නේ නැතෙයි..!

      Delete
  19. කිරිඅම්ම ඉන්න කාලෙ අළු ප්‍රතිකාරෙ තමයි කොලේ.. නැහ් නං කජ්ජෙ පොඩි පුහුලං කෑල්ලෙං අල්ලගන්නව ශොපින් බෑග් එකක් අතේ දාගෙන.. ලොකු ආපදාවක් නැතිව ගොඩ යන්න ඇහැකි.
    අවුරුද්ද නේද.... ඕක ගැන වැඩිය හිතන එක හයානකයි.
    හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කැනක් වලදාලා, මුං ඇට කැවුම්, අතිරහ, කොකිස්, අලුවා එහෙම හදලා නැකතට හත් මාලුවක් එහෙම් ඉව්වේ නැත්තං හිතට කිසි ගතියක් නෑ මලේ...!

      Delete
    2. කෙහෙල් කැන් වලදාන්ඩ එපා අපරාදේ

      Delete
    3. අටම් අයියේ..කැන් දෙකක්ම තියාගෙන හිටියා අවුරුද්දට ඉදේවි කියලා..අද උදේ බලනකොට අන්න දෙකම ඉදිලා..දැන් ඉතින් වලේ දාන්න වෙන්නේ අලේ තමයි..වෙලා තියේ නම් ඇවිත් අරන් ගියානම් පොඩි ඈයෝ දෙන්නා රස කර කර වස විස නැති කෙසෙල් කාවි....!

      Delete
  20. දැන් අවුරුදු නෑ චෙෆාකී..... බොනිකර තරු තමයි හැම තැනම තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මුලු ජීවිතේම බොනිකර තරු වෙලා....යූ ඇම්පියත් ගමගේට ගිය එකේ ඕක මොකක්ද අයියා...!

      Delete
  21. අපිටනම් තාම අවුරුදු තියෙනෝ...
    ඒත් ඒක තියෙන්නේ ගමේනේ, ගෙදර උන්දැට ඕනේ නිසා කොළඹ අවුරුදු කන්න වෙන එක තමයි ලොකුම දඬුවම...
    8 වෙනිදා නිවාඩු ලැබිච්ච ගමන් තනියම දුවනවා ගමේ දවස් දෙකකට, ආපහු 10 ඇවිත් 13 නැකත් අරගෙන 14 උදේ ගමේ දුවනවා...
    ඔන්න මගේ අවුරුදු...
    14 දවසෙම ගමේ ඇලේ දොළේ පැනගෙන පිස්සු කෙලලා රෑ ගෙදර එනවා...
    මෙහෙම දවසක් දෙකක් ගියාට පස්සේ මණ්ඩලේ කචල් වෙන එක හරි යන්නේ ආපහු කොළඹ ඇවිත් දවස් කීපයක් ගියාම. හෙහ් හෙහ්...

    කොහා කෑ ගහනවා ඇහුනේ නැහැනේ මේ අවුරුද්දේ, අර FB එකේ කියනවා වගේ උගේ දෙමළ කෝස් එක තාම ඉවර නැද්ද දන්නේ නැහැ...

    මෙඩිකල් ග්ලවුස් එකක් මේ කජු වැඩේට ගැලපෙන්නේ නැතෙයි...
    අපි ඉස්සර ලැබ් එකේ වැඩ කරද්දී මෙඩිකල් ග්ලවුස් වගේ තුනී, කෙමිකල් වලට ඔරොත්තු දෙන ග්ලවුස් වර්ගයක් පාවිච්චි කලා...
    අන්න ඒක මේ වැඩේට මරු. ග්ලවුස් එකක් දැම්ම කියල තේරෙන්නෙත් නැහැ...

    ReplyDelete
    Replies
    1. මම දන්නෝ උඹ කොහොමත් ගමේ දුවනවාය කියලා කොළඹට හොරෙන් :)...
      ග්ලවුස් දැම්මාම කිසි ගතියක් නෑ බං.. රේන් කෝට් දැම්මා වගේ....:)

      Delete
  22. මටත් මේ සැරේ අවුරුදු අරන් නෑයෝ මෙහෙ එනවා හෙහ් හෙහ්.. කජු පුච්චපු කාලයක් මතක නෑ.. කජු තියා කෝස් ඇටයක්වත් පුච්චන්න බැරි වුණා අවුරුදු බර ගානකින්..

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා මොනා හරි පුච්චන්න ..නැත්තං වැඩක් නෑ මේ ජීවිතෙන්..හෙක් හෙක්...!

      Delete
  23. කජු පුච්චන්න ඉගැන්නුවෙ නැත්ද චෙෆ් කෝස් එකේ??

    ReplyDelete
    Replies
    1. කෝස් එකේ කජු පුච්චන එක උගන්නකොට මම (ටොයි )ලට් එකට ගිහින් ඉඳලානේ ඉයන් සර්....ඒ දවස්වල මට නිතරම එලිබහින අමාරුව තිබුනානේ.. දැන් වගේ නෙවී...!

      Delete
  24. අවුරුදු අලුත් වෙලා.

    ReplyDelete
    Replies
    1. හිතලා බැලුවාම ඒකේ වැරද්දකුත් නෑ අප්පා...ඕවා මොනාද අර වන්නිලැත්තො බර්ත්ඩේ පාටි දාන්නේ..!

      Delete
  25. වැල් මී වැල් හිඹුටු වීර
    වැව් ඉවුරෙන් ඇස නොගැසේ
    නුඹ කොතැනේ මා කොතැනේ
    ගම කොතැනේ කියනු මැනේ...

    ගඟේ ඉහළ රිදී දියේ
    නුඹගේ බඳ තෙමී තෙමී
    හැමූ සුවඳ ගඟේ පහළ
    ඇලේ දොළේ ඉස්මතු වී
    රටින් පුයර නො ගෑ මුවේ
    හඳුන් කැටේ පිරිමැදුනේ
    ඒ රස යුවතිය ම නොවෙද
    රට හැර දා නොරට ගියේ...

    පැල් කවියේ රස තවමත්
    බුලතේ රස සමඟ නොයේ
    පන්සල් බිම ගඳකිළියේ
    ඒ නාමල් සුවඳ නොදේ
    උළු තියලා හදා මොටද
    අපෙ පොල් අතු ඉස්කෝලේ
    ගමේ සුවඳ ගමට හොරෙන්
    ඇයි දුරු රට අරං ගියේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : සෝමපාල රත්නායක
    ගායනය : එඩ්වඩ් ජයකොඩි

    ReplyDelete
    Replies
    1. හරිම පසුගාමී පද වැලක් නේ මලේ....හෙක් හෙක්...!

      Delete
  26. හෙක්, අවුරුදුත් ඇවිත් නේ? අපි අවුරුදු කන්න බලන් හිටියට අවුරුදු ඇවිත් අපිව කාල යනෝ වගේ.

    ReplyDelete
    Replies
    1. කාලා යනවනං මොනා කරන්න බැයිද.....ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් එක කැපෙනකොට ආයෙත් අවුරුදු මතක් වෙනෝනේ...!

      Delete
  27. තිස්ස විමලධීර ලියූ කවියක් මතක් වුණා,

    අනේ කොහෝ විහිළු නොකර පලයං බං යන්න..))

    ReplyDelete
    Replies
    1. මතක් වෙච්ච කවිය මෙතන ලිව්වානං මොකෝ වෙන්නේ....!
      කොහා ව්හිලු නෙවී කරන්නේ...අපියි ව්හිලු කරන්නේ උන්ට..!

      Delete
  28. හත්මාලුව විතරක් නෙමෙයි නැන්දම්මාගේ රස අඹ මාළුව, හුරුල්ලෝ ඇඹුල්තියල්, පොළොස් ඇඹුල කන්න අපිනම් සතියක්ම නිවාඩු දාල මාතර යනවා :)

    ReplyDelete
    Replies
    1. මාතර අය හත්මාලුව හදන්නේ නෑ නොව...ඉන්තේරුවෙන්ම උදයලාගෙ නැන්දම්මා සබරගමුවෙන් දකුණට දීග ගියැත්තියෙක් වෙන්න ඕනි....!

      Delete
    2. අපෝ නෑ... අල ගිය තැන් මුල ගිය තැන් ඔක්කොම දකුණේ. ඔය හත්මාලු සීන් එක ඇවිල්ල අපේ වදෙන් බේරෙන්න බැරුව එක පාරක් කරපු වැඩක් :)

      Delete
  29. රෑප පෙට්ටියේ අවුරුද්දත් මාකටින් වෙනවා තව ටික දවසකින්

    ReplyDelete
  30. ඇඟිලි වහං යන්නේ මොකෝ ? අර මුදු සැට් එක පෙනෙයි කියලද? හැක

    ReplyDelete
  31. කොහාගෙ නවතම ගීත ඇතුලත් ඇල්බම් එක නිකුත් කරලා කියලා බුකියෙ දාලා තිවුනා. මේ ගමන තවම කොහා කෑගැහුවෙ නෑනෙ.

    ReplyDelete
  32. හැලපෙ අයියා මුල පුරලා තිබ්බා කොහා ගැන.......
    අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ..
    ෂෙෆා ඇතුළු සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්වා ඕං......

    ReplyDelete
    Replies
    1. ඔබ සැමටත් එසේම වේවා..!

      Delete
  33. සදුගේ අම්මා ඔය කොස් එකට අත ගහන හින්දා මම නිදහස්
    උබ ඉතින් හැම දෙයක්ම අත්හදා බලන මනුස්සයනේ

    ReplyDelete
  34. එල කවි ටික. ලංකාවෙත් මෙහෙම නම් ඉතින් අපි අවුරුදු කරන විධිහත් අවුලක් නැහැ. නිවාඩුත් නැති එකේ. මම සාමන්‍යයෙන් අවුරුදු මේසයක් හදනවා පොඩි එවුන් දෙන්න වෙනුවෙන්. කැවුම් අරව මේවා සැහෙන ගණන් මෙහෙ දෙමල කඩවල. ඒ නිසා හැම ජාතියෙන්ම දහයකට අඩුවෙන් තමා ගන්නේ. මේ පාර නෙලුම් වැඩේට ආපු ගමන් කොකිස් , ආස්මි ගේනවා. කැවුම් ටික කාල ඉවරයි. අද ට්‍රයි එකක් දෙනවා චෙෆාකි කිව්වා හත් මාළුව හදන්න.

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දුක් අජිත් සහ සිය පවුලටම....!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....