Wednesday 9 September 2015

50 plus එක



ගමයා කියයි මා බීම ගැනම ලියයි කියා
අටමා ලියයි මගේ කවියේ ගැට්ට නැතය කියා
ප්‍රාජේ කීවේ මා පොලිටිකලි බ්ලයින්ඩ් කියා
මාතේ කීවේ කින්ඩියට මට ලොකු සෑර් කියා

පව්ලුසා පව් දුක් විඳිනවා මා නිසා
පත්තරේ අඬයි අක්කයි අයියයි පව් නිසා
හැලපේ කියයි ඕවා නම් හයිකු කියා
ඒ ගැන දන්නේ මං නේද ලිව්ව නිසා

Ciroc Snap Frost Vodකා නැති තැන
Marlboro lights වෙනුවට Switch ඇති තැන
Depressed උනෙමි උපේක්ශා ලමාතැනීගේ
අලුත් වැස්සක ආදීනව කියවූ තැන


අනේ දෙවියනේ
අනේ සාමිනේ
සමන් දෙවි හාංදුරුවනේ
මොකටද මෙවන්නන් නොමැති බඹලොව

බස්සියේ
මල්මී හායි
සමග ලොකු පුතේ
ඔබාපන්
මෙන්ඩා ගේ කුරුවල් හිත් පොඩ්ඩට
මදාවියාගේ පන්නරේ
බැරිනම් නලියාගෙ චක්කරේ

බනින්නෙපා
ගහන්නෙපා
අඬන්නෙපා
අම්මපා

මම නම් මේ නරුමයා බොලාට හරිම ආදරෙයි....





124 comments:

  1. මම දන්නේ නැතුව පනහක්ම පොස්ට් දාලා කියල දැක්ක පාර වෙච්ච සංගදියක් මේ..එච්චර ගනන් කරන්න කාරි නැතුවා....

    ReplyDelete
    Replies
    1. මට අහුවුණා වැඩේ. මොකද ඔය වැරදි හෙවිල්ල අපේ තනතුරේම කෑල්ලක්නෙ.

      Delete
  2. හා 50ට ලියැවුනු එක කවියද මේ? සරි, සරි. අර මදුවගෙ කලගුන වගේ එකකට ට්‍රයි කරලා මුං ඔක්කොටම නිකං ඇඬෙන්න දෙන්න තිබුනෙ ෂෙෆ්

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙම ටැලන්ට් එකක් තිව්නනං කසුන් අපි ගොඩ..ඌ තරං මම මදාවි නෑ...

      Delete
    2. කසුනා, ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා බං. මං හෙන ආසයි වෙනස් දේවල් කරන්න. උඹට කියන්න ගෑනියි ළමයියි නැත්තං මං වෙන රස්සාවල් සීයක් විතර කරලා මෙළහට.
      අනේ පල ෂෙෆාකියා යන්න කියා කීමට හිත හදාගත නොහැක.

      Delete
  3. මොකද අනේ ගිණි පෙට්ටියක් :(
    බෝතලෙයි සිගරැට් එකයි බාගෙයක් ඉවරයි,,

    50 ට සුබ පැතුම්,,

    ReplyDelete
    Replies
    1. ගිණි පෙට්ටියෙ සොමිය දැනගත්තේ මෙහේ ආවට පස්සෙ...තාත්තා සිගරට් බිබී පත්තරේ බලනකොට දුම් සුවඳ ( ෆෝ ඒසස් වල ) ගන්න බොරුවට පත්තරේ බලල තමයි අකුරු ඉගෙනගත්තේ අවුරුදු තුනෙන් ස්කෝලෙ යන්න ඉස්සරවෙලා....ඒකනේ තාම ඕව කරන්නේ...ලය්ටරේකින් හම්බවෙන්නෙ නෑ ගිනිකූරක සොමිය...අර බස්සි කිව්ව ඇමෙන්ඩාගේ ඇක්සන්ට්කේස් එක වහේ...හහ් හහ්...

      Delete
    2. කොහෙද කෙල්ලෙ බෝතලේ බාගයක් ඉවර? කාලයි ඉවර. හුහ්... බෝතල් ගැන කියන්න එනවා මෙතන මේ අපි එක්ක! නැද්ද ෂෙෆාකි?
      (ඔන්න මං පටං ගත්තානං ඔමා කියපු එක හරි)

      Delete
    3. දුකේ බැරැවා බෝතලේ දකිද්දි..

      Delete
  4. //මම නම් මේ නරුමයා බොලාට හරිම ආදරෙයි....//

    හා එහෙනං සිංගල් මෝල්ට් එකක් ගෙනැත් කෝල් එකක් දෙන්ඩ .එතකොට පිළිගන්නං :D ඔහොම කීවට බෑ.හැක් හැක් එ

    ReplyDelete
    Replies
    1. හිටහං ගිහින් එනකන්...

      Delete
    2. පත්තරයා
      මම උඔට ණයගැතියි මේ මනුස්සයාව සහ ප්‍රා මට අදුන්නලා දුන්නට..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ලව්පූස් මහත්තයත් කියනව පත්තර උන්නාන්සෙට පරණ ණයක් තියනව ගෙවා ගන්න අල්ලගන්න අමාරුයි කියල.

      Delete
    5. හිංගල් මෝල්ට් මට හරිගියේ නැහැ බං...

      ///මම උඔට ණයගැතියි මේ මනුස්සයාව සහ ප්‍රා මට අදුන්නලා දුන්නට..///
      ඇයි උඹ අපිට ණයගැති නැද්ද අපි අපිවම උඹට අඳුන්වල දුන්නට...

      Delete
    6. ඔව්.ඔව්...වෙලාවක බෝතලයක් අරගෙන එන්නම් ණය ගෙවන්න

      Delete
  5. බීල ලියලද? ලියල බීලද?

    ReplyDelete
    Replies
    1. බොමින් ලියල හිටං...! කරුමේ තනි පංගලමේ...!
      පව්ලූසා කියන්නෙ කරුමෙ ඩබල් පින සිංගල් කියලා..ඉතින් ඩබල් දෙකක් දා ගත්තා නොව...

      Delete
  6. ඒ ඒ තැන ඒ ඒ සොමිය දන්නේ ඒ ඒ අය. නියම මහත්මයෙකුගේ වියමනක්. වදනින් නොව ක්‍රියාවෙන්ම ඔබ කවුරුන්ද යන්න දනිමි.

    ReplyDelete
    Replies
    1. තව තවත් ක්‍රියාවන් කිරීමට තනියම බලා ඉමි....!!!

      Delete
    2. තනිකම මටද හොඳට හුරුය.

      Delete
    3. ඇයි මට... හෙහ් හෙහ්...

      Delete
  7. පණහ සමරපු ආකාරය නියමයි.කවියෙන් මධු සුවඳ වහනය වෙනවා.සුබ පැතුම් සමග ඔතන ඉන්නට බැරිවීම ගැන මගේ ශෝකය පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. සැමරීම කෙසේ වෙතත් මැරුවා.....සයිබරේ නැත්නම් හැලපේ, කොච්චරක් පාලුද කියලයි හිතුනේ...
      එච්චර ගනන් ගන්න එපා බං....අර කියනවනේ මුනිවත හොඳයි දෙබසින් මොකක්ද වැඩි හන්දා කියලා...

      Delete
    2. ඇයි හිට්යනං ‍ෙබෙොන්ඩද .අ‍ෙනෙේ උඹයි මායි ‍ෙබෙොන අරක්කු

      Delete
    3. ඔන්න තව බියර්නං.............................................

      Delete
  8. පනහක් දානව කියන්නේ සෙල්ලං ගේම් එකක් නෙවෙයි..
    තව 500යකට ට්‍රයි කරමු

    ජ ය ව්ව ා!!!

    ReplyDelete
    Replies
    1. ආ.. මං මෙච්චර දවස් කල්පනා කරා කවුද කියලා..
      මට ඔහේ දැක්කම මහින්ද දේශ්‍රපියව මතක් වෙනෝ...

      Delete
    2. ඌ කොන්ඩෙ කපනකොට මම කොන්ඩේ වවනවා...එයැයි කන්නාඩි දානකොට මම කන්ටෑක්ට්ස් දානවා...
      පහුගිය කාලේ මෑන්ස් TV එකේ ලයිව්නේ...ඉතින් සුපර් මාර්කට්, හයිවේ එන්ට්‍රි වගේ තැන්වල මාර කට්ටක් කෑවා..අහන්නකෝ පවුලූසාගෙන්...හෙක් හෙක්

      Delete
    3. හා හැක ...මාර්ග නීති , කහ ඉරි, ඩබල් ඉරි තනි ඉරි සත පහකට ගණන් නොගෙන මම යන්නේ ,මොකට බය වෙනවද poll chief එක්ක යනකොට , හැබැයි කන් දෙක පිරිලා ....මොකද දන්නවද .... එක්කෝ ඕන නෑ.......... හැක හහ්ක් හක

      Delete
    4. විිදානේ
      චෙෆා
      ඉවාන්
      එල ද බ්‍රා

      Delete
    5. ඉවානයා ++++++++++++++++++++++++++

      Delete
    6. පවුලූෂා.....මල්ලී උඹ ඉතින් ගේම ඉල්ලනවනේ පාරේ ඉන්න ඔක්කොම මාතලීලගෙන්....කියනවා සුදු වෑන් කථාව වැඩිය කෑ ගැහුවොත්...!!!!

      Delete
    7. ශ්......ශ්............ශ්............ මම ????????/ නෑ.........?????????

      Delete
    8. බලාගෙන ගියාම මුගේ කැරැට්ටුව ගන්නම දෙයක් නැහැනේ...
      ඉවානයා මාතලිලාගෙන් ගේම ඉල්ලලා වැඩි කමටද කොහෙද කැබ් එක නතර කරගෙන ඉඳිද්දී ලොරි තඩියක් ඉබේම ඇවිත් ඕකව ගලකට තියල තද කරලා කැබ් එක කුඩු උනේ...
      මු එක්ක වාහනේක යන්නත් බයයිනෙ ආයිබෝං...

      Delete
    9. හෑ.....හම්බෝ.....මට රංජිත්ගේ පිහිටයි...!

      Delete
  9. චෙෆා ගේ පනහට උනුෂුම් ශුබ පැතුම්....
    -----------

    සමරන්නත් කලින්ම වැඩ පටන් අරන් වගේ නේ....

    ReplyDelete
    Replies
    1. අපි වැඩ විතරයිනේ විභීෂ්.....එකම දුක එක්කෙක්වත් ලඟපාතක නෑ නොව....!
      මෙව්වට සුබ පතන එක තේරුමක් නෑ මයේ හිතේ...ඒත් තැන්කූ...

      Delete
  10. අපිත් බොට ආදරෙයි. පණහ සමරන්න එනවා .ජය !!

    ReplyDelete
    Replies
    1. ඇඩ්‍රස් එක එවන්නෙයි....උඹ හැමදාම කනු....මස් රොටී හදලම දෙන්නං බිස්මිල්ලා එකටත් වඩා රහට...

      Delete
    2. ඇඩ්‍රස් එක කිව්වනම් අපි එනවා

      Delete
    3. රාජගිරිය හංදියට ඇවිත් ඕන කෙනෙක්ගෙන් අහපං..කියයි පාර....

      Delete
    4. ඇයි අපි කළුද කෝ අපිට මස් රොටී එතකොට?
      අසාධාරණයි.

      Delete
    5. මෙන්ඩෝ මොකද කියන්නේ හෙට යමුද...

      Delete
    6. රාජගිරියේ සෙට් වෙලා වැඩක් නෑ බං කොළඔින් එලියට යමු

      Delete
  11. එතකොට උඹ ඇත්තටම පෝස්ට් කීයක් ලියලද?

    ඕකට හොඳ වැඩක් තියෙනවා මස්සිනා. මෙහෙම කරපං. ආපහු Posts වලට ගිහින් පළවෙනි එකේ ඉඳලා නමට කලින් අංකය දාලා update කරපං. එතකොට අලුතෙන් දාන ඒවත් ඒ විදියටම පවත්වගෙන පලයං. ආයෙ වරදින්නේ නෑ කොච්චර බීල හිටියත්.

    ඔන්න ඕකයි මචං ඔය එකෙක් කිව්වේ අරක්කුවල ඊස්ට්‍රජන් තියෙනවා කියලා. ඒ කිව්වේ ගෑණු හෝමෝන් එක. කතාව වැඩි වෙනවා. කාර් එලවන්න බැරුව යනවා.

    ReplyDelete
    Replies
    1. ඊස්ට්‍රජන් නම් කමක් නෑ..වෙන මොනාහරි තිබුනනම්.....
      ආපහු බලන්න බෑ ලැජ්ජයි.....ඔන්න ඔහේ යමු ඩූඩ්...
      බිව්වත් නැතත් කාර් නම් එලවන්නේ නැත මේ ලක් පොලොවේ..හම්මෝ...

      Delete
    2. //බිව්වත් නැතත් කාර් නම් එලවන්නේ නැත මේ ලක් පොලොවේ..හම්මෝ...//
      ඊට ලේසියි ත්‍රීවීලර් එකක් හයර් එකට අරගෙන යනවා. එතකොට අඩුගානේ එක අම්මෙක්වයි මතක් කරන්න වෙන්නේ.

      Delete
  12. හුඟක් මහන්සිවෙලා, යාළුවො ආශ්‍රය කරලා ආව වෙලාවක, මේ බ්ලොග් එක බලන්න වුණානේ අම්මපා...............

    ඔන්න මට පේන දේවල්.

    අර තියෙන්නේ 'ටොට් මෙෂර්' එකක් ද නැත්තං පොඩි උඩැක්කියක් ද

    අර බෝතලේ වෙබ් කැමරාවක් හයිකරලා තියනවද

    අර පොඩි බෝතලේ තියෙන්නේ වීදුරුව ඇතුලෙද

    ෂියැට් පැයට් එකයි 'මැච් ඔෆ් බොකස්' එකයි අහසේ පාවෙනවද

    හරි හරි ඔහොම ලියාගෙන යං........50 නෙවෙයි 43යි නේද වයස?

    ReplyDelete
    Replies
    1. ඇයි ඔච්චර බොන්නේ....?

      Delete
    2. අසමි දකිමි සොයමි කියන්නේ නිකං යැ.

      Delete
  13. හතලිස් හතට, හතලිස් හතක් ආයිබෝවේවා!

    ReplyDelete
    Replies
    1. ඔය ගනන් කරලා තියෙන්නෙ ටක්කෙටම...! මමනම් ඕන් ගනන් දන්නෙ නෑ බ්ලොගර් කියනව 51යි කියල ඔය ඩ්‍රාෆ්ට් අන්පබ්ලිශ්ඩ් ස්ටෆ් ඔක්කොම එක්ක වෙන්ටෑ...ගනන් හැදුවට තැන්කූ...

      Delete
  14. //මම නම් මේ නරුමයා බොලාට හරිම ආදරෙයි....// ඒකනෙ අපි අලුත් පෝස්ට් එකක් දැක්ක ගමන් එන්නේ. සුබ පැතුම් 50න් 100ට යන්නම...

    ReplyDelete
    Replies
    1. මාව බලන්නත් වරෙන් කැමා , පෝස්ට් බලලා ඉතරක් මදි....

      Delete
    2. වෙලාවක එන්නම්කො වදයක් වෙලාම යන්න. ආයෙ නම් එන්න කියන එකක් නෑ.

      Delete
    3. //මාව බලන්නත් වරෙන් කැමා//
      ෂෙෆාකි......................... ඔන්න ඔහෙත් ජීවිතේ දෙවනි වතාවට වැරැද්දක් කරගංටයි තනන්නෙ.

      Delete
    4. යන දවසක් මටත් කෝල් එකක් දීපි.

      Delete
    5. ඔය තියෙන්නේ...
      තව අත් උස්සන්න

      Delete
    6. හ්ම්ම්... හ්ම්ම්...
      අපිත් ඉන්නවා...

      Delete
  15. සෑර්.... පනහටයි පනස් හතරටයි දෙකටම සුබ පැතුම් , අපි ලොකූඌඌඌඌඌඌඋ කේක් එකක් හදමු .

    තව පොස්ට් තුන් හාරසීයක් ලියන්නට හැකි වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් බොලා හොඳ ලමයි වගේ වැඩ කොරනවා නම් හාර පන්සීයක් ලියන්න වෙලාව නම් තියෙයි..ඒත් ......

      Delete
    2. බලාගෙන ෂෙෆාකි, අර මකබාස්ද මොකාද ක්ලියෝපැට්රාට යවපු කේක් එක මතක්වුණා මට.

      Delete
    3. ///අර මකබාස්ද මොකාද ක්ලියෝපැට්රාට යවපු කේක් එක මතක්වුණා මට.///
      අන්න ඒ වගේ එල කේක් එකක් හදලා ඉවානයට කවන්න ඕනේ...
      ඕකා හරි පෙරේතයි වගේ කේක් කන්න...

      Delete
  16. ගාන වරද්දල හින්ද සුභ පතල වැඩක් නෑනෙ. ෆොටෝ එකේ තියන පානෙ ගහපුවහම කයි ලියන්ඩ පුළුවන් වෙනව වගේ.
    ඕම ආදරෙයි කිවුවට විශ්වාස නෑ, මේ අමුවෙ ඉන්න වෙලාවට මොකුත් කිවුවට විශ්වාසනෑ.

    ReplyDelete
    Replies
    1. ගනන් පුලුවන් උනානම් මා අනාථය.....ඉංජෙක් වී කට්ට කමි....මෙවන් සැපැතක් .....අපි මවන ඒවාට උන් බැන බැන කම්බි දාන කොට ඇතිවෙන සංතෝසය කියා නිම කොල හැක්කක් නොවේ....!

      Delete
    2. //අපි මවන ඒවාට උන් බැන බැන කම්බි දාන කොට ඇතිවෙන සංතෝසය කියා නිම කොල හැක්කක් නොවේ....!//
      හෙක්....හෙක් අහිංසක ඉන්ජො පවු. අර නෙළුම් පොකුන රගහල දැක්ක දවසෙත් මට ඕක හිතුන.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ///අපි මවන ඒවාට උන් බැන බැන කම්බි දාන කොට ඇතිවෙන සංතෝසය කියා නිම කොල හැක්කක් නොවේ....!///
      අඩු ගානේ මේක දැනගෙන ඉන්න එකෙක් හරි ඉන්න එක ලොකු දෙයක්, අපි හිතාගෙන හිටියේ මොකක්හරි මොංගල් කමකට එහෙම කරනවා කියලා...
      බොලා ඉතරක් නම් මදෑ, අර ඉස්ට්‍රක්චරල් ඩිසයින් කරන උන්දැලත් සමහර වෙලාවට දෙනවා දීමනාවක්, කම්බි ගහන්න හිතෙනවා අම්මපා උන්ගේ xකේ...

      Delete
  17. අම්මාපල්ල අයියන්ඩි අපිත් උඔට ආදරෙයි..
    ගෙදර සදු පොඩි මෙන්ඩා පැක්ට්‍රිෙය් කෙල්ලෝ යාලුවෝ බොන තැන දුමක් දානකොට උඔ ගැන කියෙවෙනවා අයියන්ඩි..
    අහන්න එපා ඇයි උඔ මට කැමති කියලා ඒක කියන්න දන්නෙ නෑ ඒත් කියන්න දන්නෙ නැති විශේෂත්වයක් තියනවා..
    මම කැමැතිම..උඔ වාඩිවෙලා බිබි ඉන්නකොට මම එතනට ආවාම උඔ නැගිටලා අත්දෙක දික්කරගෙන ඇවිත්
    “මෙන්ඩා...අපේ බ්‍රා මෙන්ඩා අපේ ඡංගි මෙන්ඩා“ කියලා මාව බදාගෙන
    “කෝ දිපිය අද මට ගෙනාපු පෑන්ටිය“ කියලා ඒක අරගෙන ඉඔලා..පරිස්සම අරන් තියාගන්නවා..
    අයියන්ඩි මම දන්නවා උඔට ඡංගි ලොරියක් ගන්න පුලුවන්කමක් තියනවා ඒත උඔ මට දෙන්නෙ වටිනාකමක්..
    උඔ කවදාවත් වාහනයට නගින්නෙ නෑ අපි යන්නෙ කොහමද කියලා හොයලා බලන්නෙ නැතුව..
    මම කියන විහිලු කතා වලට පොඩි එකෙක් වගේ උඩ පැන පැන හිනාවෙනකොට
    ඔයයි ප්‍රාෙඡ්යි මගේ කරට අත දාගෙන තාත්තෙකුයි අයියාකෙනෙකුයි වගේ අවවාද දෙනකොට..උඔගේ වටිනාකම වැඩි වෙනවා..
    උඔ තුල ඉන්න සරල සුන්දර මනුස්සයට මම හැමදාමත් ආදරෙයි..

    ReplyDelete
    Replies
    1. //ඉඔලා..පරිස්සම අරන් තියාගන්නවා..//
      යකෝ හාමුදුරුවරු පෙන්නන්න බැරි මේ වගේ බෝධිසත්වයෙකුට තෝ ගහන මඩ!

      Delete
    2. //"ඡංගි ලොරියක් ගන්න පුලුවන්කමක් තියනවා"// එහෙම ගෙනාපු එකක් වෙන්ටැති ලොරි තඩියක්නම් තියෙනවා පැත්තක දාලා :D

      Delete
    3. මෙන්ඩෝ..අර නාකි මනමාලයට අයියා කී එක නම් වටින්නේ නෑ ඕං..තොට ඕකා ඉහල උසාවියේ නඩු දායි.....!
      මදාවියා කීව වගේ උන් නම් මට පෙන්නනම බැහැය...හැබැයි පන්සල් නම් ෂෝක්ය....
      පවුලූෂා.....ගන් බර වාහන ලයිසොමක්..එතකොට අපිට ජංගි ගේන්න ලොරියකම යතෑකි....!

      Delete
    4. ඉවානයෝ ඒකේ ඇවිත් අර තඩි මේස දෙක අරගෙන පලෝ....

      Delete
    5. //තාත්තෙකුයි, අයියෙකුයි// ... ඇහුනනේද චෙෆ්ආකි අන්කල් ?
      මෙතන කිසිම විදිහකට බ්ලයින්ඩ් නැති එකෙක් මෙන්ඩා !

      Delete
    6. එහෙමයි ප්‍රාජේ පුතා

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. බර වාහන ලයිසොම තියෙනවා ..

      මාතේ අර මේස දෙක ලැස්ති කොරලා තියහන්... ඉක්මනින්ම එනවා

      Delete
  18. චීෆ් ෂෙෆාකි,
    මම උඹ, මචෝ කියන වචනෙ යොදන්නෙ උඹ එහෙම කියනවට කැමතියි කියලා දැණුනු නිසා. ඒ වුණාට ඒ වචනවත් යොදන්න හිතෙන්නෙ නැති අප්‍රමාණ ගෞරවයක් උඹ ගැන මගේ හිතේ තියෙනවා. උඹව මම දකින්නෙ ශරීරයෙන් වගේම සිතිවිලි වලිනුත් දැවැනයෛක් විදිහට. අපි සෙට්වුණු දවස දෙක සම්පූර්ණ කාලයම උඹේ දේශනාව අහං හිටියා මිසක් වෙන කිසිම දෙයක් නොවුණත් ඒ දේශනාව ඉවරවෙලා මම උඹෙන් සමුගන්නේ අළුත් අදහස් ගොන්නක් කරේ පටවගෙන. ඒ වුණත් කරුමෙට මේ ටිකේම එක එක සම්මන්ත්‍රණ අනං මනං මගුල් කොරන්න ඇවිද්ද නිසා උඹේ සොඳුරු ඇසුර මට අහිමි වුණා. (උඹ ඒ ගැන සතුටුද මන්දා)
    හෙට අනිද්දම එන්නංකො ටං ටං ගාගෙන.
    මෙන්ඩා කිව්වා වගේ සරල සුන්දර මනුස්සයින්ට මමත් හැමදාම ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න චෙෆ් තුන් වෙනි වතාවට වැරැද්දක් කරන්න හදන්නෙ...

      Delete
    2. හපොයි මම දේශනා කොරනවද....සක්...!
      මෙහෙමයි මමත් හුඟ කාලෙකින් ඔය පැත්තේ ආවෙ නැහැ මචෝ...කොලොම්පුරේ ශ්‍රියා නිසා..ඒ මදිවට ලබන අඟහරුවාදා රටෙන් පනින්නත් වෙලා පොඩි වැඩකට...
      මාසේ අග වෙනකොට ෂෙෆා ආපහු මෙහේ (ඩෙන්මාර්ක් වලින් රිලීස් කොලොත්..),
      ආවම හමබු වෙමු..මෙන්ඩා, කැමා, නලියා, කම්මලයා, ලොකු පුතා වගේ අපේ ජොයින්ට් එක දැක්ක් නැති සෙට් එකත් එක්ක යමු..
      තෝ ටංටං ගෙනාවට කමක් නෑ අපිම ලුනු දා ගන්නං හොඳේ.....!

      Delete
    3. //චීෆ් ෂෙෆාකි,
      මම උඹ, මචෝ කියන වචනෙ යොදන්නෙ උඹ එහෙම කියනවට කැමතියි කියලා දැණුනු නිසා. ඒ වුණාට ඒ වචනවත් යොදන්න හිතෙන්නෙ නැති අප්‍රමාණ ගෞරවයක් උඹ ගැන මගේ හිතේ තියෙනවා. උඹව මම දකින්නෙ ශරීරයෙන් වගේම සිතිවිලි වලිනුත් දැවැන්තයෙක් විදිහට. අපි සෙට්වුණු දවස දෙක සම්පූර්ණ කාලයම උඹේ දේශනාව අහං හිටියා මිසක් වෙන කිසිම දෙයක් නොවුණත් ඒ දේශනාව ඉවරවෙලා මම උඹෙන් සමුගන්නේ අළුත් අදහස් ගොන්නක් කරේ පටවගෙන.//
      //මෙන්ඩා කිව්වා වගේ සරල සුන්දර මනුස්සයින්ට මමත් හැමදාම ආදරෙයි.//

      එකෙන්ම ,මටත් චෙෆාකි ගැන හිතෙන්නෙ මෙහෙමයි.


      Delete
  19. වෙලාවට මටත් ගණන් බෑ.. පණහ පණහ එකතු කරලා ගල් බෝතලයක් වත් ගහමු හරියටම පණහ ලියුව දාට.. ජය වේවා! ඊයේ අපිත් නං දියේ ගිලුනලු නැවක හිටං.. :)

    ReplyDelete
    Replies
    1. මාර කේස් එකනේ කමියො..බ්ලොගර් පෙන්නුවානේ 50ක්..බලනකොට ලියල තියෙනව 50ක්, පෝස්ට් කරලා තියෙන්න 48යි දැන් වෙනකොට...ඩ්‍රාෆ්ට් දෙකක් තිබිලනේ ඕයි...ඔන්න ඔහේ ඒ දෙකත් පබ්ලිෂ් කරනවා වෙලා තියෙන හැටියට පොඩි එඩිට් පාරක් දාලා...

      Delete
  20. හරි පණහට තව තුනායි එදාට යමු සමරන්න මොකද කියන්නේ. කෝ මේ මාතා එලද බ්‍රා ඉවාන් අටමා

    ReplyDelete
    Replies
    1. බොන්නම ඕනි නම් ඔන්න හිට් 20,000 පැනලා...50 වගේද ඒකනේද නලියෝ...මාතාට කෝල් කරලාබලහං කෝ කොහොමද වීකෙන්ඩ් එක කියල...

      Delete
  21. Replies
    1. චහ්....ඉතින් ලිය උනේ ඔහොමනේ....ලියලම තියෙනව නේද බනින්නෙපා ගහන්නෙපා කියලා...
      උඹේ අර මගුල කියෙව්වම නොබී බෑ......
      ඔරලෝසු බට්ටා වගේ....
      ඉක්මනට ඔන්න ඕක ඉවර කරහං .....
      ඇත්ත කථාවට බොරු අවසානයක් දෙමුකෝ....!

      Delete
    2. මෙන්න කමෙන්ට්...
      උඔ කතා කරහන් නංගෝ...කාපු බිපුවා කියලා අපිවත් මොල් කරනවා...

      Delete
  22. චෙෆාකි එන්න එන්න බොළද වෙනවා නේ..

    ReplyDelete
    Replies
    1. අනේ මේ දේශා බිත්තරේ මයිල් හොයන්නෙ නැතුව හිටු

      Delete
  23. මේක හෙන උණුහුම් පෝස්ට් එකක් නෙව...
    තනිකමින් ඉන්නකොට සයිබරේ නොතිබුනානම් ගස්ලබ්බා මෙලහකට අංගොඩ.පෝස්ට් එකක් දෙකක් කියවපුවාම ෆිට්.ඒ අතරේ චෙෆාකිගෙ පෝස්ට් අමුතු පාටක ඒවා.. ගාන කොහොම උනත් දිගින් දිගටම ලියන්න අයියේ... ඒ උණුහුමට අපි කැමතියි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්, ඔය අමුතු පාට පෝස්ට් ලියවෙන්නේ මොකෝ දන්නවද...? මම කලර්බ්ලයින්ඩ් නිසා...බොරු නම් ප්‍රාජේගෙන් අහල බලන්න....
      තැන්කූ එනිවේ.....!!

      Delete
  24. මල පැන ඇද ගනී ඉඳ හිට තඩි කොක්කක්
    මොහොතින් නිවෙයි කියුකම්බර් වගෙ සත්තක්
    පනහද ලිව්වේ හොඳටම මදි තනි ඇත්තක්
    හමුවූ ජීවිතේ රත්‍රන් හොඳ බොක්කක්

    ReplyDelete
    Replies
    1. බයිට් එක ගැන නොලියා සිටීම තනිකර හෙලා දකිමි...

      Delete
    2. මේක හදිසි වෙසක් කේස් එකක් නිසා.බයිට් එකට හුරුල්ලෙක් බැදගත්තා......ඒකයි ඒක හැලුනේ....අනික මේ පානටේ බයිට් ඕනෙත් නැහැ......!

      Delete
  25. මෙහෙමත් සේඩිසම් එකක් !
    8Mරාෆ්ට්ගේ කාරුණික අවසරෙන් ඩබලක් දාගත්තවෙලාවක දිව පැටලිලා කලටිපොල් බ්ලයින්ඩ් කිවව කියල පොයෙටිකලි ආබාධිත මට කවියෙන් බනින එක හරිද?
    ඩේනිශ් Akvavit එකක් ගෙනල්ල ඉන්වයිට් කරන්න.. මං ඔබතුමාට පොලිටිකල් ස්පෙක්ට්‍රම් එකේ UV සිට IR වෙනකම්ම පේනව කියල දහ අතේ දිවුරන්නං

    ReplyDelete
  26. අර කෙට්ටූ උස.............. බෝතලේ මොකක්ද මාමේ....???

    ReplyDelete
    Replies
    1. Ciroc Snap Frost Vodka පුතේ French Vodka එකක්....දිව්‍යමය පානයක්......හැබැයි ෂුට්ටක් ඉතර ගනන්........!!

      Delete
    2. අනේ කුරැට්ටෝ මේ...කසිප්පු ගහන උඔලට මොන Ciroc Snap Frost Vodka ද?

      Delete
  27. what is the combination? vodka+tonic+ angostura? anything else?
    these days i too badly in need my vodka moments.
    (for me absolute for ever. clear, raspberry, blueberry, mandarin etc.)
    cheers mate.....!

    ReplyDelete
    Replies
    1. Yeah....everything on crushed ice with a dash of sprite........occasionally i add some crushed mint leaves like making a mojito ....hell....cheers mate....!

      Delete
  28. ඔන්න පරක්කු වෙලා ඇවිත් මොකක් හරි එකකට බොක්කෙන්ම සුභ පැතුවා ඕං...

    ReplyDelete
    Replies
    1. ඔන පුකක් ප්‍රිති වෙසක්

      Delete
    2. අදත් හොඳ දවසක්.....බලනකොට බැඳලා අවුරුදු 33ක්ලුනෙ අදට....!
      හැපි ඇනිවසරි මටයි අම්මිටයි...!
      හවසට ආවනම් මේ පැත්තේ..අද සිකුරාදා වෙච්චි.....?

      Delete
    3. උණුසුම් සුභ පැතුම් දෙපොළටම...
      වාරුවෙන් පැන ගන්න චෑන්ස් එක තියෙන මේ වගේ වැහිබර දවසක ඇනිවසරි මෙව්වා එකක් සෙට් වෙනවා කියන්නේ...
      හෆොයි...
      මෙන්ඩෝ තෝ කොහේද ඉන්නේ ඇමතුමක් දීපියෝ...
      පුළුවන්නම් දැන් කියහන් හෙට බ්‍රා කන්ටේනර් එකක් යවන්න තියෙනවා, අම්බානක් බිසිය කියලා...

      Delete
  29. චෙෆ් අර්කිටෙක්ට් ඔයාව කව්රුවත් විවෙචනය[විචාරය] කරන්නෙ නැනෙ පිට කසන එකට මම කැමති නැ

    ReplyDelete
    Replies
    1. විවේචනය කියනෙක හා විචාරය කියනෙක පටලව ගන්න එකටනම් මමත් කැමති නෑ..

      ප.ලි. මොනවා හරි ලියුවානම් ඉතින් විචාරයක් කරන්න තිබ්බ.. නොලියන එකයි අවුල.. :)

      Delete
    2. //ඔයාව කව්රුවත් විවෙචනය[විචාරය] කරන්නෙ නැනෙ//

      මොකද නැත්තෙ? ඒත් මේ මං එහෙම කරල විඳින වදයක් ගැන හිතනකොට වෙන කවුරුවත් එහෙම අමාරුවක වැටෙන එක ගැන මට දුකයි

      KM, නොලියන එක ගැන විවේචනයක් තමයි.

      Delete
    3. විවේචනය හා විචාරය.....criticism and review.......
      පිටකැසීමත් එක්තරා ආකාරයක විචාරයක්.....විවේචන මෙතන ලියවිලා නැතුවට වයිබර්වලින් සහ කෝල් වලින් එනවා ගයාන්.....

      Delete
    4. Pra Jay ට KM, නොලියන එක ගැන විවේචනයක් තමයි. ? මට තෙරෙන්නෙ නැ මෙ මොකක්ද කියලා

      කල්‍යාණ මිත්‍ර ට විවෙචනය හ විචාරය කියන්නෙ දෙකක් තමා මම අදහස් කලෙ විචාරය කවදාවත් පිට කසන තැනකට යන්නෙ නැ එතකොට එක අවසාන විග්‍රහයකදී විවෙචනයක් තමයි මගෙ දැනුමෙ අඩුවට සමාවෙන්න

      Delete
  30. සොක් පින්තූර පොඩ්ඩ............. සුබ පැතුම්...........!
    ඔබ වැන්නන් වාර්ථා තියන විට මමනං මේ ගොඩබැස්සා විතරයි.........
    වෙලාවක ඇවිත් යන්න...............
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මේවත් වාර්තා ද අ ආ ......ඔයත් සෝක් පින්තූරු කෑලි එහෙම දාන්න හුදෙකලාවේ සිතුවිලි අකුරු කරනකොට..එතකොට හැඩයි....මේ අපි වගේ නැතුව දිහටම ලියන්න හොඳේ...!

      Delete
  31. අපේ ලොක්කට මාව පේන විදිය කියල මේ පොටෝ කෑල්ල බුකියෙ අර කමියගෙ බිත්තියෙ දාල තිබ්බ එකෙක්. කොහෙද මේ වැඩ එක්ක මේ පැත්තෙ එන්න බැරි උනානෙ.

    කීයට හරි කමන්නෑ දිගට ලිව්වට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. හලෝ මිස්ටර් ඉන්දික හුඟ කාලෙකින්.......ලියමු නේ අලුත් අත් දැකිම් ටිකක්...
      මාත් දැක්කා ඔය පොටෝ කෑල්ල...ඒක දාලා තිබුනෙත් ශෙෆ් ආර්කිටිකෙට් කියල එකෙක් නේ....!

      Delete
  32. මමත් ණයක් වෙලා හරි Ciroc Snap Frost Vodka එකක් ගන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. වැඩිය ගනන් නැහැ..සුපියල්ම දාහතරදාහයි ආන් තියෙනෝ ලිකර් ෂොප් වල..ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නෝනං ඩොලර් 50ක් විතර වේවි...

      Delete
  33. බොන කතා නම් එපා වෙනවා අනේ..ලියන්න ලස්සන,බලන්න ආසා දෙයක්.ලගින් තියගන්න සුවදවත් දෙයක්,ගද ගහන සිගරට්ටුවට වඩා......

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....