Monday 16 February 2015

MCB - මිනියේචර් සර්කිට් බ්‍රේකර්



www.mobizil.com



MCB - මිනියේචර් සර්කිට් බ්රේකර්

හයි කලා මම එම්සීබී එකක්
මගේ නොසන්ඩාල හිතට

හිතුනොත් හිතෙන්නේම
හිතකින්වත් හිතන්න නොහොඳ දේ නිසා..

ඉඳලා හිටලා මගේ හිත
සුටුස් ගාලා බ්ලෑන්ක් වෙන්නේ ඒක මිසක්
ඔයා කියන දේවල් අහන් ඉන්නේ නැති නිසා නෙමෙයි

ඔයා ඔහොම දොස් කියන්නේ නැහැ
දන්නවනම් මම හිතන තරම්

ඉඳලා හිටලා ට්රිප් එක ගියාට
ආයෙත් ලයිට් එනවා ලමයෝ....

ඉඳලා හිටලා මගේ හිත
සුටුස් ගාලා බ්ලෑන්ක් වෙන්නේ ඒක මිසක්
ඔයා කියන දේවල් අහන් ඉන්නේ නැති නිසා නෙමෙයි


ඔයා ඔහොම දොස් කියන්නේ නැහැ
දන්නවනම් මම හිතන තරම්

29 comments:

  1. එක පාරට මහ හයියෙන්
    ටිකක් සැරට කෑ ගහන්නේ
    වෝල්ටේජ් වැඩිවෙලා මිසක්
    ආදරේ අඩුවෙලා නිසානම් නෙමෙයි ළමයෝ......

    ජය වේවා.....

    ReplyDelete
  2. මම හිතුවා ඇස් ඇම් ඇස් එකට ට්‍රිප් එක යයි කියලා..
    හයි වෝල්ටේජ් එකක් එන්න ඇති..
    මගෙත් හිත එහෙ මෙහෙ දුවන නිසා..
    අලි බඳින කඹේකින් බැඳලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. MCB වලින් බේරගන්න බැහැ බං..කාලෙ කම්බියක් දාගන්නයි හිතං ඉන්නේ..

      Delete
  3. Replies
    1. LED එකක් දා ගං..

      Delete
    2. දෑතම ඉන්ෂුවරන්ස් කරලත් පිච්චුවනේ මූ මගෙ වං අත.

      Delete
    3. සල්ලි ගත්තහම මටත් බාගයක් ඕන

      Delete
    4. කෝමාරිකා ටිකක් ඇන්න වරෙන් මාව බලාල යන්න..

      Delete
    5. පළතුරු ඩිංගක් ඇන්න එන්නං :D ??????

      Delete
  4. හ්ම්........................ඊයේ ගෙදර යන්න රෑ වුණාද? මමත් එනකොට ටිකක් රෑ වුණා.

    ඔව්ව ඔහොම තමයි. බත් හැලිය ඉදෙනකල් විතරයි. මමත් දැන් පදම් වෙලා. ගම් ගාලා වගේ කට අලව ගන්නවා. කන් දෙකක් නෑ වගේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කම්මලේ බල්ලා වගේ නේ???

      Delete
    2. ඊයේ වෙච්ච මගුලක් නෙමෙයි බං...දැන් ටික දොහක ඉඳන් එකෙකුට තියෙන සුට්ටං කචල් එකක්.

      Delete
  5. ඔලුවේ කැක්කුමයි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. වතුර ගොඩාක් බොන්න ඕන අර විදියට බඹරු වගෙ පැනි බීවාම..
      මතක තියාගන් මින් පස්සේ..
      ඩෝල මචංට තැන්කූ කීවා කියහං මලේ,

      Delete
    2. ඩෝල මචං නං ටොපේ ටොප් !!! රිදෙන්නම දුන්නා.

      Delete
  6. සුවිච් එකක් විතරක් මදි
    ගව් ගානක් දිග මේන් වයර් එකකුත් ඕනේ.....

    එතකොට
    හිතගිය හැමතැන ... දලුමල් අබරණ
    වසන්ත සමයයි එළැඹෙන්නේ...
    කියලා ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දලු මල් අබරණ තමයි ගම කෑවේ..බිලවත් නොගෙව ඉඳලා බලන්න ඕනි..

      Delete
  7. හයිකරන්න ඕනේ පිටිපස්සේ වයිපරේට ට්‍රිප් ස්විච් එකක්, ඕනේ නැති වෙලාවට වැඩකරනකොට ඔෆ් වෙන්න :P

    කොච්චර හිතුවත් වැඩක් නෑ.
    හිතන බව පෙන්නුවේ නැත්තම් ..
    ඒ නිසා
    නොහිතුවත්
    පෙන්නන්න ඕන නිතරම හිතන බව

    ReplyDelete
    Replies
    1. මේක ඉස්සරහා වයිපරේ කේස් එකක් නම් මොකෑ කොරන්නේ...? ජෝඩුවක්ම තියෙනවනේ පිටිපස්සේ වගේයැ...

      Delete
    2. ඔටෝ පයිලට් දාං ගියේ :D .… ඕ යේස්

      Delete
  8. අපි හිතන තරම්ම හිතන්නේ නැති හන්දනේ නිතරම දොස් අහන්න වෙන්නේ ඉතින් කොහොමත්..

    ReplyDelete
    Replies
    1. පිස්සු කථා කරන්න එපා..හිතලා වැඩිවෙලා වෙච්ච කේස්නේ මේවා...

      Delete
  9. කචල් කචල් කචල්
    ඇහුණ නෑහුන ගානට හිටිය නං ඊට පස්සෙ ඔක්කම ඉවරයි නෙව නැද්ද හා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කනටත් එම්සීබීද?

      Delete
  10. මොනව හයි කරත් වැඩක් නෑ මේන් ලයින් එකේ කරන්ට් එක නැත්නං.. හැක්..

    ReplyDelete
    Replies
    1. ජෙනරේටරයක් ගත්තේ ඕක දැනගෙන හිටිය නිසා තමයි.

      Delete
  11. අපේ එකෙක්ගේ පියුස් එක ගියා, නැත්නම් මමත් එනව මල්පැණි බොන්න. බය හිතුන පාර මමත් යනව වයරින් එක චෙක් කරන්න.

    ReplyDelete
  12. ඕන්නැති සුකුරුත්තං හයි කොලාම ඔහොම තමයි.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....