Thursday 10 July 2014

බ්ලොග්ද? බොග්ද?



අටමා - පොන්නාලාපයක් ගැන ලියලා තිබුනා

කකා- මම ලියන්නේ මට ඕනි ඒවා කියලා එකකුත් ලියලා තිබ්බා

මාතේ- මහාචාර්ය තුමාට පහුගිය දවස් වල මලේ හොඳම එක පැනලා තිබුනා ඇනෝ වලින් ඇවිත් මොනාද කේස් එකක් ඇදගෙන සිරා එක්ක...ඒත් ලියන ඒවා ගැන....

හැලපෙ ලියලා තිබුනා පහුගිය සතියේම කල්පනා කර කර හිටියා කියලා බ්ලොග් අවකාශේ නීති රීති ගැන...එහෙම හිතලා සෙල්ෆ් සෙන්සර්ෂිප් එකක් දාගෙන වගේ රෙඩ් කාඩ් එක ගැන ලියලා තිබුනා වෙනදා වගේ නැතිව..

විචාරක මහත්තයා තුවක්කු ගැන සටන් ක්‍රම ගැන ලිවීම නවත්තලා පද ගලපන්න පටන් අරන්..

මාතේයි, අටමායි මාලු උයන්න ගිහින් පටන් ගත්ත කථිකාව කොච්චර දුර ගියාද කියනවානම් රංගිගේ ඔරෙන්ජං බාර්ලි ( ක්‍රීම්සෝඩා) කථාව තාම ඉවර නෑ...

අරූ රංගිගේ පෝස්ට් එකට අර පුරුදු විදියට ඉතිහාසේ මතක් කරලා දුන්න කොමෙන්ට් එකක් නිසා මාතේ තාම ඔරෙන්ජං බාර්ලි කථාව ඉවර කලේ නෑ...



!
!
!
!
!
!
!



මම යුද්දේ කාලේ හිටියේ පිට රට නිසා නයිටීඑන් එකවත්, අනික්වාහීනීවල්වත් වලින් නෙමෙයි තොරතුරු දැනගත්තේ. ඔන්ලයින් පත්තර ටිකයි, ටැමිල් නෙට් එකයි, ඩිෆෙන්ස් ඩොට් එල්කේ එකයි යන ඔය ඔක්කොම බලලා ඊට පස්සේ බ්ලොග් එකක් තිබුනා ලෝන්ග් රේන්ජර් කියලා හමුදාවේ ඇතුලේම බුවෙක් ලියන, ඒකත් කියවලා තමයි තෙරුම් ගන්නේ මොනාද වෙන්නේ සහ උනේ කියලා. ඔන්න ඔහොමයි මම බ්ලොග් අවකාශේ කියන එකට අවතීර්ණ උනේ (කියවන්නේක් හෑටියට ). ඒත් එක්කම ඩී බී ඒස් ගෙයි ඉක්බාල් අතාස්ගෙයි ආටිකල් දෙකත් සම්බන්ධයි ඔය උඩ කියපු දෙයට. ඩී බී ඒස් යුද්ධෙන් පස්සේ එයාගේ බ්ලොග් එක හරහා තමයි හම්බ් උනේ.


මම මෙහෙට එන්න ඉස්සර හිටිය ඕමාන් කියන රටේ බ්ලොගක් ලිව්වොත් (ඒ රටේ තියෙන දේවල් ගැන ) හිරේ විලංගුවේ වැටිලා ඩිපොර්ට් වෙලා තමයි ඉවර වෙන්නේ. අපිට තියෙන මේ හියුමන් රයිට්ස් නැතුව ලෝකේ ගොඩාක් මිනිස්සු සත්තු වගේ ජීවත් වෙනවා.


එනිසා මට බ්ලොගක් කියන දෙය හරිම වටිනවා.


එක ඇනෝ කෙනෙක් හැලපෙට පිං අනුමෝදන් කරලා තිබුනාලු අනුන්ගේ මල දානවල් ලියනවාය කියලා...අපි කවුරුත් දන්නවා පහුගිය දවස්වල කකාටත් මාතේටත් දිගට හරහට පෞද්ගලිකව පහර වැදුන බව. කොච්චර දුර දිග ගියාද කියනවා නම් මාතේ ඇනෝ කමෙන්ට්ස් වහලත් තිබුනා කියලා මාතේගේ කමෙන්ට් එකක රිප්ලයි එකක් හැටියට ලියපු දෙයකින් දැනගත්තා.
 
අපි බ්ලොග් ලියන්නේ, ලියන්න කියවන්න තියෙන ආසාවටම නෙමෙයිද කියලා හිතෙනතරමට මේ දේවල් දැන් ඔඩු ගිහින්. මම වගේ වයසක, ඒ උනාට හිතෙන් තරුණ, හැබැයි නොසෑහෙන්න බිසී (අනිත් අය වගේම ) කෙනෙකුට ටිකක් විතර අමාරු‍යි මෙහෙම උනාම මේ අවකාශේ සැරිසරන්න. ඒ හිතේ අමාරුව හින්දයි මෙහෙම ලිව්වේ.

මම මේ දේවල් මෙහෙම ලිව්වේ, බ්ලොග් අවකාශේ නීති රීති සාකච්චා කිරීම කෙසේ වෙතත්, බ්ලොගකින් අපි කරන ප්‍රකාශනය අද දවස වෙනකොට පෞද්ගලිකත්වය කෙලසාගැනීම නැත්නම් කෙලසීම දක්වා යාම හිතකරද කියන එක ගැන කතිකාවකට මග පාදගන්න.




54 comments:

  1. ඔයාට ලියන්න තියෙන දේ ලියල දැම්මම ඉවරයි.

    ලොකු ජාතයක් කොටල ඔක්කෝම මැකුවා මොකද අන්තිමට මම මගේම වල කපාගත්ත වගේ වේවි කියල හිතිල..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි මචං මම කියන්නේ.. මේ වෙඩින් එක කරන්න බැහැ කියලා...මෙතනට අපිට එන්න උනේ ඔය අවුරුදු උත්සව අරවා මේවා හින්දාද කියලත් දැන් හිතෙනවා...

      Delete
  2. //""අපි බ්ලොග් ලියන්නේ, ලියන්න කියවන්න තියෙන ආසාවටම නෙමෙයිද කියලා හිතෙනතරමට මේ දේවල් දැන් ඔඩු ගිහින්. ""// අන්න ඒක මටත් හිතුනා , මම මේක පටන් ගත්තේ විනෝදාංශයක් හැටියට ඒත් දැන් මේක නවත්තන්න හිතෙන තරමට කලකිරිලා

    ReplyDelete
    Replies
    1. ඔඩු දුවපු තුවාලවලටත් බෙහෙත් ඇති මයෙ හිතේ...කකුල කපන්න කලින් බෙහෙත් තියෙනවද කියලා බලන්නයි මේක දැම්මේ...

      Delete
  3. නැට්ට පිටිං අලි මැරෙන එගේ ඕව ඒ තරං මායිං කොරන්න යන්ඩ එපා මචං. හිතට එන දේ ලියා දාපං. කියවන අය කියවාවි.

    ReplyDelete
    Replies
    1. කියවන් නැත්තං හොඳයි කියලා හිතෙනවා නලියෝ....

      Delete
  4. ශෙපාකි, ලෝන්‍ රේන්ජර් මිලිටරි බුවෙක් නෙමෙයි. ඒ ක්ලබ් එල් කේ එකේ අපිත් එක්ක හිටිය බුවෙක්. හොඳ එකා. හොඳ විශන් එකක් තිබුනා. ඇත්තෙන්ම ඌ මෙඩ්ඩෙක්. ඒ කාලේ බර ගණන්වල 2002 ඉඳන් අපේ නෙට් ඉතිහාසේ හොඳම කතිකා ගිය සයිට් දෙකක් තමා ක්ලබ් එල් කේ හා සිංහලයා ඩොට් කොම්.

    ReplyDelete
    Replies
    1. හැබෑවට..ඌ ලියන්නේ (ලිව්වේ ) ඒ වගේනේ...

      Delete
    2. මේ පෝස්ට් එකේ කියන කතාව ගැන
      අමුතුවෙන් හිතන්න එපා කියලායි මට නම් කියන්න ඕනේ. බ්ලොග් ලියන්නෙත් සාමාන්‍ය ලෝකේ ජීවත්වෙන මිනිස්සු. අද ලංකාවේ හැබෑ සමාජේ පැතිකඩක්. එහෙම හිතලා ඒවයින් හිමීට ඈත් වෙලා යන එක තමයි අපි නම් කරන්නේ. එහෙම කලාම අන්තිමට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්.

      Delete
    3. හේ හේ. එහෙම කරන්න හැබෑ හේතු තිබුනා. දැන් මෙතන කියන්න බැරි බොහෝ දේවල් තියෙනවා. යුද්ධකාලේ මේ ඉන්ටර්නෙට් ෆෝරම් අස්සෙන් බොහෝ හොඳ දේවල් වුනා. ඒ කාලේ ඉන්ටර්නෙට් ආවේ වයිඩ් රේන්ජ් එකක හිටපු මිනිස්සු. බොහෝ අය තමන් පිටරටක හිටියාට වෙන්න ඕනේ යම් දේවල් තමන්ට හැකි පමණින් කලා. අද වගේ එකිනෙකා බෙදාහදාගෙන පිල් බෙදිලා පුරසාරම් කීවෙ නෑ. කීව අයත් හිටියා. මධ්‍යස්තව අඩුයි. මගේ ආමි එකේ යාළුවෙක් ඉන්නවා. ඌ මේ ළඟදි සෙට් වෙච්ච වෙලේත් කීවේ යුද්ධේ ජයග්‍රහණය කිසිම දවසක කාටවත් තනියෙන් දෙන්න පුළුවන් එකෙක් නෙමෙයි කියලා.

      Delete
    4. -ඒ කාලේ ඉන්ටර්නෙට් ආවේ වයිඩ් රේන්ජ් එකක හිටපු මිනිස්සු. -

      ඔන්න බළලා මල්ලෙන් පැන්නා. මාරයට ඇනෝනිමස්ලා ගහගෙන යද්දි මට ඉතාමත් විශ්වාසවන්ත පුද්ගලයෙක් කිව්ව දෙයක් තමා ඔය ගැහිල්ලේ පිටිපස්සේ ඉන්නේ රංගි කියලා. රංගිගෙන් කාපු බීපුවගේ හිලව්වට ලියන තඩි ඇඟකුත් පොඩි මොලයකුත් තියෙන එකෙක් රංගි කියන විදියට වැඩේ කලා කියලා කියද්දි මම ඒක විශ්වාස කලේ නැති උනත් පස්සේ මම මේ ගැන කාලයක් තිස්සේ හෙව්වා. එහෙම හොයනකොට තවත් කෙනෙක් කිව්වා රංගිට තියෙනවා පොඩි අමාරුවක් එයාලා බදු අරං හිටිය නෙට් එකට මාරයාගේ පන්නේ උන් ආව එක කාලා ඉවසන්න බැරි උනා කියලා.

      අද මේ රංගිම කියන කතාව ඇතුලේ රංගිගේ කැරැට්ටුව ගැන මට කියාපු අය කියපු කාරණා හරි කියලා හිතන්න පුළුවන් දේවල් තියෙනවා.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. රංගී, උඹව මම කවදාවත් මුන ගැහිලා නැති උනත්. මම තෙරුම් ගත්ත විදියට උඹ ගැන මේ දේ මට කියන්නම වෙනවා උඹ අකමැති උනත්. මම හිතන්නේ, අර ඇනොනිමස්ට උඹ ඉත්තර නොදී උන්නා නම් මීට වඩා හොඳයි. මොකෝ උඹ කව්ද කියලා අපි තේරුම් අරගෙන තියෙන නිසා. ආකිටත් දෙයක් කිව යුතුමයි. මම නම් මචෝ මේ වගේ කොමෙන්ට්ස් දුටු විගසින් ඉවත් කරනවා. හේතුව මෙතන තුන්වන පාර්ෂවයකට මඩ ගැසීමක් සිඳු වෙලා තියෙන්නේ. ඒකම තමයි උඹ මේ බ්ලොග් සටහන ලියන්නත් හේතුව. ආකි උඹ හිතන්න එපා හැමෝම උඹ වගේ වැදගත් මිනිස්සු කියලා. වැදගත් මිනිස්සු අම්මට සිරි ලංකාවේ බොහෝම අල්පයි. අන්න ඒ දේ විතරක් තෙරුම් ගනින් මචෝ. මේවලින් සැලෙන්න එපා. උඹලගේ කොමෙන්ට් වලින් පේන්නේ. මේ කාළකනින්ට අවශ්‍ය දේ උඹලා ඉත සිති ඉටු කරනා බව පමණයි. මම නම් කොන්දේසී විරහිතව මගේ බ්ලොග් මිතුරන් වෙනුවෙන් පෙනී සිටිනවා. මම දන්නවා ඒකෙන් මට පාඩුයි කියලා. ඒත් මට මේකෙන් ලබා ගන්න දෙයක් නෑ. මොකා මොන බයිලා ගැහුවත් මම නම් ලියනවා. දිගටම ලියනවා. කී බෝඩ් එකට කොටන්න පුළුවන් කාළයක් මම ලියනවා.

      Delete
    7. මම අයින් කලා මචන්. වැඩ ඇරිලා ආව ගමන් එහෙම එකක් දැක්ක ගමන් ටිකක් හොල්මන් වුනා.
      ඇත්ත මේ මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද අපි අපිට නෙමෙයි වගේ ඉමු.

      Delete
    8. මේ කට්ටියටම කියන්න තියෙන්නේ.. පිං සිද්ධ වෙයි මේ අහක ඉන්න මට ඉන්න ඇරහල්ලා...

      ඔය රංගි මට ගැහුව එක පිටි පස්සේ ඉන්නවාය.. මට ගැහුවේ රංගිගෙන් කාලා ඒ හිලව්වට රචින්තයි ලසිතයි හරේයි කියලා මට කියාපු අය ඕන තරං හිටියා. ඒ වගේම තව සමහරු රචින්තත් එක්ක හිටලා රචින්ත මෙහෙම දෙයක් කිව්වා. එයින් පස්සේ උඹට ඒ විදියටම ගැහුවාය කියලත් මට කියලා තියෙනවා. ආයේ තව කට්ටියක් කියලා තියෙනවා කතන්දර මට ගැහුවාය කියලත්.

      ඔය වගේ අහපු දේවල් වලට අනුව මේ වෙද්දි මට ගහලා තියෙනවා රංගි/රචින්ත/චමිල/ලසිත/හරේ/කතන්දර/අභීත/නඳුන් රණවීර/වරුණ සුදන්ත/මීගොඩයා/දුකා/ටීජී/චානුක වත්තේගම/මකරා/සෝඩා ගුණේ/කණියා/රනා/සුදු පූසා/සිහින/ආනන්ද වර්ධන/ලොහාන්/ටැබූ/මාලන්/චාර්මි/කාමරේ සිරා....... හප්පා මං මේ මතක් කලේ.. තව දිගයි ලයිස්තුව...

      නම් වශයෙන්ම මේ ලයිස්තුව මෙහෙමවත් ලියන්න උනාට ඒ ඒ අය අමනාප වෙන්න එපා.. ඒත් මං මේ උදාහරණයක් හැටියට කිව්වේ... ඔය හුග දෙනෙක්ගේ නම් කාලෙන් කාලෙට මට අහන්න ලැබුණු ඒවා.. ඒ අතරින් විශ්වාස කරන්න පුළුවන් අයත් සමහර දේවල් මට කියලා තියෙනවා. ඒත් හැබැයි මට ඔය මෙලෝ දේකින් වැඩක් නැහැ. මොකද ඇනෝලා කෙනෙක් කියන දේකට ප්‍රොෆයිල් එහෙකින් ඉන්න එකෙක් පස්සේ පන්නං ගියා කියලා හම්බ වෙන ලබ්බක් මට නැහැ. ඒ මට කාරණා කියපු අය කියපු දේවල් අතර සමහර විට ඇත්ත දේවල් තියෙන්නත් පුළුවන්.. නැති වෙන්නත් පුළුවන්... ඒ කොහොම උනත් ඒ එකක්වත් මට හරියටම ඔප්පු වෙනකල් ඒ මිනිස්සු එක්ක පැටලෙන්න යන්නෙවත්.. කාටවත් බනින්න යන්නෙවත් ඇඟිල්ල දික් කරන්න යන්නෙවත් නැහැ මම.

      මේ වෙනකල් ඔය කියාපු ලයිස්තුවෙන් මට ගහලා අතටම අහු උන සහ හැමෝම දැක්ක එකම කෙනා ටීජී විතරයි. ඒක ඉතිං ලොවෙත් නැති වෙන්න ඔප්පු උනා. ඒ වගේම මං අනිත් පැත්තටත් නෙළුවා. ඒ ඇර තව කෙනෙක් ගැහුව වග මං ඔප්පු කරගත්තා.. ඒත් ඒක සම්බන්ධ සාක්ෂි මට දීපු දෙදෙනෙක් හින්දා අදටත් මං ඒ කෙනාට නෙළුවේ නැහැ. හැබැයි දවසක නෙලාවි. ආ තව ඉතිං අපේ නදුන් මල්ලියා සම්බන්ධ විස්තරනං තියෙනවා.. ඒවා ඉතිං කාටවත් ඒ හැටි වැදගත් දේවල් නෙවෙයි.

      ඒ ඇර අනිත් අය සම්බන්ධව මගේ තියෙන්නේ මැදිහත් තත්වයක් විතරයි. කොහොමත් මම කර්මය කියන දේ විශ්වාස කරන මනුස්සයෙක්.. මට කාගෙන් හරි වචනයක් අහන්න උනේ මොනවා නමුත් මම කරපු කරුමයක් හින්දා කියලා වගේම.. නිරපරාදේ මට මොනවා හරි කිව්ව කෙරුව අයටත් ඒ ඒ දේවල්වල පලාඵල නිසි වෙලාවට ඒ ඒ අයට හම්බ වෙනවා කියලා දන්න හින්දා... මගේ ඇස් පනාපිටම ඒ වගේ මට නිරපරාදේ වැරදි කල අය කිහිප දෙනෙක්ම අද වෙද්දි කිසිම හේතුවක් නැතිව අසනීප කරදර ආදියට මුහුණ දීපු හැටි මං දැකලා තියෙනවා. මට කලා වගේම දේවල් ඒ අයටත් වෙන අයගෙන් උන විදියත් මං දැකලා තියෙනවා. ඒ හින්දා තම තමන් කල කී දේ තම තමන් අරං යයි කියන තැන මම ඉන්නවා. ඒ ඇර මේ මගුල්වල ඕවා කිය කිය ඇවිදින්න තරං මට අමාරුවක් නැහැ.

      අනිත් කාරණේ තමයි මට මොනවා හරි කියන්න තියෙනවනං මට මගේ ප්‍රොෆයිල් එක භාවිතා කරලා කියන්න හොඳටම හැකියාව තියෙනවා. මෙච්චර කාලයක් මං එහෙම ඕන දෙයක් කියලා තියෙනවා වගේම එහෙම කියාපු දේ හින්දා අදටත් සමහරු මගේ පස්සේ පන්න පන්න ඉන්නවා කියලත් මම දන්නවා. හැබැයි ඕනම තැනක මට උවමනා දේ මට කියන්න ඕනනං මං කියනවා. මගේ දේශපාලන මතය වේවා.. මිනිහෙක් ගැන තියෙන යම් වරදක් වේවා.. ඕන මගුලක් මං ප්‍රසිද්ධියේ කියන්න බය නැහැ. ආයේ ඒක කිව්වා කියලා පස්සේ මට කට්ටිය නෙලයිද.. මගේ අහවල් මෙව්වා එකට හානියක් වෙයිද වගේ මගුල් හිත හිත කවදාවත් කියන්න තියෙන දේ නොකියා ඉන්නෙත් නැහැ. ඒ හින්දා කියන්න තියෙන්නේ ඔය ඇනෝ කමෙන්ට් එක සම්බන්ධව කරුණාකරලා මාව ගාව ගන්න එපා... මට ඔහොම එකක් කියන්න ඕනනං මං ඒක මෙහෙමම ඇවිත් කෙලින්ම කියනවා.. මම ඔය කවුරු හරි තරහා වෙයිද නැද්ද කියලා හිත හිත සෙවල න්‍යාය පාවිච්චි කරන ජාතියේ එකෙක් නෙවෙයි. එ් හින්දා රංගි උනත් ඇනෝලට උත්තර බැඳ ගද්දී මාව ගාව නොගෙන ඒක කරනවනං වඩාත් හොදයි.

      මේ ටික උනත් කියන්න උනේ.. මේ සම්බන්ධව රංගි මට මැසේජ් එකක් එවලා ඔය මකලා තියෙන කමෙන්ටුවත් මට එවාපු හින්දයි.. නැත්තං මේ බ්ලොග් එක මගේ රීඩරේවත් තියෙන බ්ලොග් එකකුත් නෙවෙයි...

      ස්තූතියි.

      Delete
    9. හවස 5.30ට කමෙන්ට් වලට රිඇක්ට් කර කර ඉන්න කොට මගේ අම්මයි තාත්තයි ආවා රත්නපුරේ ඉඳන් ඊයේ මගේ උපන් දිනය නිසා. ඒ ගිය ගමන් හවස 7 වෙනකන් කථා කර කර ඉඳලා අම්මටයි තාත්තටයි රෑට කන්න උයලා දීලා දැන් තමයි වෙලාවක් හම්බ උනේ ලැප ලඟ වාඩිවෙන්න.
      ඉතින් බලපල්ලා මචංස්ලා වෙලා තියෙන දේ......රංගිගේ කොමෙන්ටුව මම දැක්කේ නැහැ, රංගිම ඒක මකලා. මාතේ ඔය කේස් එකමයි මචෝ මේ පෝස්ටුව දාන්නත් හේතුව.
      මොනවා හරි ලියලා ඒක රැක රැක ඉන්න පුලුවන් තරම් වෙලාවක් තියෙන බුවාල නෙමෙයි අපි ඔක්කෝම.
      දැන් මම තුන්වන පාර්ශවයකට ඇදපු කේස් එකක දෙවෙනි විත්තිකරු...
      ඒ අස්සේ මාරයා මට කෙලලා මේ උගේ රීඩරේ තියෙන සයිස් එකේ බ්ලොග් එකක්වත් නෙවෙයිය කියලා. ඒකටනම් කමක් නැහැ, සමහර විට මාරයා උගේ පොයින්ට් එක කනවින්ස් කරන්න ලියපු දෙයක් වෙන්නැති...

      Delete
    10. උඹට කෙලලා නෙවෙයි මචෝ. මං බ්ලොග් වලින් ටිකක් ඈත් වෙලා බුකියේ පදිංචියට ගියාට පස්සේ අළුතින් රීඩරේට එකතු උනේ බ්ලොග් කිහිපයයි... ඒත් ඔය අහම්බෙන් අහුවෙලා දාගත්ත ඒවා.. ඉස්සරනං ඉතිං බ්ලොග් හොය හොය කායෙව්වා.. කමෙන්ට් කලා.. දැන් ඒවා නවත්තලා මගේ වැඩ කරන ගමන් බුකියේ දෛයියනේ කියලා සතුටින් සමාදානයෙන් ඉන්නවා.. ඒකයි මේ බ්ලොග් එක උනත් මට ඒ හැටි මීටර් නොවෙන්න හේතුව.. නැතිව කාගෙවත් බ්ලොග් එකක් පහත් කරන්න හිතලා කිව්ව කතාවක් නෙවෙයි...

      Delete
    11. ආපහු බ්ලොගට වරෙන් බං ඔය බුකිය අඩුවෙන් පාවිච්චිකරලා...චුට්ටක් වෙන්න වැදුනා උඹ ඒ කිව්ව එකට, ඒත් මම සීරියස් පිට හිතුවෙ උඹේ ආගියුමන්ට් එක ජස්ටිෆයි කරන්නම වෙන්නැති එහෙම ලිව්වේ කියලා...මම රංගි ලිව්වේ මක්කද කියලා දැක්කේ නැති නිසා හොල්මන් බොස්...කරකවලා අතඇරියා වගේ ...

      Delete
    12. ශෙපාකි,
      මම මේ බ්ලොග් එක දැක්ක ගමන්ම එවෙලෙම ඒකට රිප්ලයි එකක් දැම්මා. ඒක ඔබට හෝ කාට හරි හැඟෙන විදියට පහත් භාශාවකින් දාපු එකක් නෙමෙයි.
      ඒත් ඒක දැකපු මාතලන් මට කීව කතාව ඔය උඩ තියෙන්නේ. එතකොට මම චැට් එකෙන් ඒ කොමන්ට් එකම මාරයාටත් දාලා තිබ්බේ. ඒ ගමන්ම මම කොමන්ට් එක ඩිලීට් කලා. කොටින්ම මම ඔතන නිදහසට කරුණු කියන්න ඕනේ නෑ කියන එක මට හිතුන හින්දා.
      මාරය කොමන්ට් කරන වෙලාව වෙනකොට මම ආපහු බිසි වෙලා හිටියේ. ඒත් ඔහු මට ඒක චැට් එකෙන්ම කීවා. ඒක මේ වලියක් හෙම නෙමෙයි.
      කාට හරි හිතෙනවා නම් මාත් දෙකොණ පාගගෙන කාට හරි බැනලා කියලා ඒක වැරදීමක්. මේකතාවත් ලියන්නේ යට අරූගේ කතාවත් දැක්ක නිසා.
      මගේ ජීවිතය මේ බ්ලොග්වත්, වීරයෙක් වීම වත් නෙමෙයි. මම මම වීම. ඒක කාටවත් කරදරයක් නැති එකක් විදියට ගෙවන්න පුදුම විදියට මහන්සි වෙන කෙනෙක්. එච්චරයි. ආයේ මේ සම්බන්දව කාටවත් කතා කරනන් අදහසක් නෑ.

      Delete
    13. රංගී........මම මම වෙන්න...නිහඬත්වය සත්‍යයට අඩි පාරය. බැරිම තමයි ලිව්වේ. ක්ලවුන් කෙනෙක්ගේ සහ මෝඩයෙක්ගෙයි වෙනස තේරුම් ගන්න ඕන. මම කාවවත් ටාගට් කරා නෙමේ. මම clownහෝ fool කෙනෙක් විය හැක. ඔබ මෙය තේරුම් ගනී යයි මම විශ්වාස කරමි.

      Delete
  5. ඇත්තම කිව්වොත් මචං මටත් මේ පහුගිය දවස්වල බ්ලොග් සිංහල බ්ලොග් අවකාශේ ඇතිවෙච්ච කුණා‍ටු දැකලා මහා කළකිරීමක් ඇති වුනා

    ReplyDelete
    Replies
    1. මේවා කථා කරලා අපේ ඇද කුද ඇරගත්තාම ගොඩයයි මචං...උඹ, අරූ, මාතේ වගේ අය අපි වගේ අයට දෙන ආදර්ශ හරි වැදගත්...මම ලියන්න දක්ෂකමක් තියෙන බුවෙක් නෙමෙයි. මට දුක දක්ෂයන්ට එලව එලවා තලන එකට...

      Delete
  6. /////අපි කරන ප්‍රකාශනය අද දවස වෙනකොට පෞද්ගලිකත්වය කෙලසාගැනීම නැත්නම් කෙලසීම දක්වා යාම හිතකරද කියන එක ගැන කතිකාවකට මග පාදගන්න.//////

    මම මචං උඹට ලියන්න එපා කියන්නෙත් නැහැ, ලියන්න කියන්නෙත් නැහැ. තමන්ගේ ආත්ම ප්‍රකාශනය අකුරක් නෑර අවංකවම කියන සහ ලියන සම්ප්‍රදායක් සමහර මිනිසුන් අතර තියෙනවා. විශේෂයෙන් මම ඒක යුරෝපයේ දකිනවා. මෙතැන වැරැද්ද තියෙන්නේ මේ කියවන සමහරක් අය මේවා පෞදගලික මති මතාන්තර හරහා ගුටිකෙලි කරගන්න එකයි. ඊයේ පෙරේදා හරීන්-දයාසිරි කෙළිය දකින්න ඇතිනේ. උන්ට හිනාවෙන අපේම බ්ලොග් කාරයෝ ඊට හපන්.

    මම ලියනවා..අකුරක් නෑර මගේ කතාව. ඒ මගේ හිත මට ලියපන් යැයි බලකරන නිසා. මම එතනදි අනිකුත් බාහිර සාධක සහ බලපෑම් නොසලකා හරිනවා. මට නිර්ව්‍යාජ ආත්ම කථනයක පහසුව දැණෙනවා.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා මචෝ...උඹ මට ලියන්න කියලා කියනවා විතරක් නෙමෙයි උනන්දුත් කරනවා...අපි මෙහෙම කථා කරන්න ඕනි නිසා තමයි අපි ලියන්නේ...

      Delete
  7. ඇනෝ දැනටත් වහලා තියෙන්නේ... පොඩ්ඩක් හරි ඇනෝ ඉඩ දුන්නොත් එන්නේ අපේ පුද්ගලික දෙවල් ඇදගෙන මඩ ගහන්න. අනික කොහොමත් බ්ලොග් වල දැන් හරියට කල්ලි වාදය ගොඩනැගිලා. තමන්ගේ කල්ලියට විතරයි කොමෙන්ටුවක් වුණත් කොටන්නේ. කොච්චර අජ පල් ලිපියක් වුණත් “පට්ට/එල“ කියලා දාන්නේ කල්ලියේ සමාජිකයගේ හිත සුව පිණිස. බ්ලොග් කියන්නේ අපි ජිවත් වෙන්න කරන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ රස වින්දනය සරල බව නිදහස නිර්මාණාත්මක හැකියාව බෙදාගැනිම කියන දෙවල් දැන් ගොඩ දෙනෙක්ට අමතකයි !

    ReplyDelete
    Replies
    1. ඇනෝ වහන්නේ නැතුව දුවන්න වෙච්ච දවසක නේද රස වින්දනය සරල බව නිදහස නිර්මාණාත්මක හැකියාව බෙදාගැනිම කියන දේවල් වලට තව තවත් පන්නරය ලැබෙන්නේ. සමාජය විසමයි තමයි. ඒ විසම කම් නිසාම තමයි ඕනම සමාජයක කල්ලි හැදෙන්නෙත්...

      Delete
    2. ලිපියේ/ නිර්මාණයේ රස විදින්න පුළුවන් පිරිසක් ඉන්න දවසට අපිට පුළුවන් වෙයි ඇනෝ ඉඩ දෙන්න :) 

      Delete
    3. ///අනික කොහොමත් බ්ලොග් වල දැන් හරියට කල්ලි වාදය ගොඩනැගිලා. තමන්ගේ කල්ලියට විතරයි කොමෙන්ටුවක් වුණත් කොටන්නේ. කොච්චර අජ පල් ලිපියක් වුණත් “පට්ට/එල“ කියලා දාන්නේ කල්ලියේ සමාජිකයගේ හිත සුව පිණිස///

      මෙන්න මේ ටික නම් පට්ට ඇත්ත.

      Delete
  8. බුදුහාමුදුරුවො කිව්ව වගේ 'හිත' තමයි අවුල. බ්ලොග් එක ලියද්දි ඕනවට වැඩිය හිතුවොත් කලකිරෙන්න මටත් පුළුවන්. ඒත් බ්ලොග්එක කියන්නෙ මගේ ජීවිතේ ප්‍රමුඛතා ලේඛණයේ ටිකක් යටින් තියන දෙයක්. අපි අපිට කැමති දෙයක් ලියනව. කැමති අදහසක් භාරගන්නව. අකමැති දෙයක් භාර නොගෙන ඉන්නව. ඇනෝ ඇවිල්ල ගහනව නං දැක්කෙ නෑ වගේ ඉන්නව. මම නං ඇනෝ වහන්න අදහසක් නෑ වගේම මේව සංකීර්ණ කරගන්නෙ නෑ. සිම්පල් උනාම ලේසියි පහසුයි. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. උඹයි මායි අයියයි මල්ලිද කියලත් හිතෙනවා... ඔව් ඉදගෙන..

      Delete
    2. ඇයි බං මාත් එහෙමනේ....

      Delete
  9. බ්ලොග් ලියන්නෙ කියවන්නෙත් අපි අපිමනෙ. ඒ කියන්නෙ මේ ලෝකෙම ජීවත් වෙන 'හොද නරක' දෙකම උරුම කරගත්ත සත්ව කොට්ටාසයක්නෙ.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මාතය්යගෙ ,අටම් අය්යගෙ ,බස්සියගෙ,කකාගේ බ්ලොග් කියවීම හින්දා තමයි මටත් බොගක් පටන්ගන්න ඕනි කියලා හිතුනේ.අපේ ජීවත් වෙන ලෝකෙට වඩා බොග් අවකාශෙ හොදයි කියලා හිතුනා ඒවා බැලුවම.ඇත්තටම මේකෙ ඉන්නවා හොද මිනිස්සු ටිකක් මං ජීවිතෙට දැකල කතා කරපු නැති මිනිස්සු මට මාර විදියට උදවු කරා.අර චන්ද්‍රලේඛාගෙ වනසිවුපාවුන් සිංදුව මතක් වෙනවා.හැබයි ඔය ඇනො කතන්දරෙත් එක්ක දැන් හිතෙනවා.අපි ජීවත් වෙන ඒ කුහක සමාජෙ මේ අවකශෙ ඇතුලටත් ගේන්න සම හරක්ට ඕනි වෙලාද කියලා.ඇනෝ කතාව ගැන නම් කියන්න තියෙන්නේ අපිකොච්චර හොදට හයිවේ හදලා තිබ්බත්.කොහේහරි ඉදලා එන බල්ලෙක් ඕක මැද්දෙ රීලා යනවම තමා.ඉතින් තමන් කැමති දේ ලියන්න කවුරුත් බය එන්න ඕනි නෑ කියන 1යි මගේ නම් අදහස.කන්දක් පාමුල බල්ලෙක් රුන්නට කන්ද කඩා පාත් වෙනවැයි ආයිබොවන්ට.බලන්න යන මිනිස්සුත් දැන ගන්න ඕනි ඒක ගූ ගොඩක් මං පාග ගන්නෙ නැතුව යන්න ඕනි කියලා.නැතුව බලු ගූ අවිස්සුවා කියලා අපිට වෙන සෙතක් නෑ අපිවත් ගද ගහන්න ගන්නවා ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. මල්ලි හරි මල්ලි.

      Delete
    2. ඇනෝවරුන් ලෙස ඇවිත් වැදගත් විදියට කොමෙන්ට් කරන වැදගත් ඇනෝලා පිරිසක් ඉන්නවා. ඒත් මේ කක්කි දාන්නේ එහෙම අය නෙමෙයි. බ්ලොග් එකක් තියෙන, ප්‍රෝෆයිල් එකක් තියෙන වැදගත් කියලා කියන මහත්වරු. එවා අපූරුවට ඔප්පු වෙලත් තියෙනවා.

      Delete
    3. මං බ්ලොග් කියවන්න අරං මාස 6ක් ඇති.බොග පටන් අරන් දවස් 3යි .මං මාතයියගෙ ඔය සම්බන්ධ පොස්ට් එක කියෙව්වා.මං මිනිස්සුන්ගෙ වයසට ගරුකරන්නේ නෑ. ගරුකරන්නේ අත්දැකීමට.ඉතින් ඔයා එහෙම කියනවානම් ඒක එහෙම වෙන්න ඇති.නාලාගිරි ඇත්තු රා බීලා අපි ඉස්සරහට එද්දී මෛත්‍රී කරන්න අපිට බෑ තමා.මොකද අපි බුදු වෙලා නෑනෙ.

      Delete
    4. මල්ලියේ...මම නම් මිනිස්සුන්ගේ වයසට තමයි ගරුකරන්නේ...ප්‍රධානම හේතුව මට වඩා දවසකට හරි කලින් ඉපදිලා හරි ඉස්කොලේ ගිහිල්ලා තියෙන එකා මට වඩා මොනා හරි දන්නව ඇති කියලා හිතෙන නිසා...

      Delete
    5. ඒකම තමා බොලේ මාත් කියන්නේ. මට වැඩිය දන්න මිනිහට මං ගරු කරනවා.දන්න දේ වයස අනුව තීරණය වෙන්නෙ නෑ.මාතලන් අය්යලා අත්දැකීම් බහුල වැඩිහිටියෝ

      Delete
  12. ආකි.. උඹ සිත රිදුනා නම් සමා වෙයන්. ඒත් මම ඒ ගැන පොඩ්ඩක් වත් රිග්‍රෙට් වෙන්නෙ නෑ. පෝස්ට් එකක තිබුන දේකට අදාලව කොමෙන්ට් එකක් දැම්මාම. මගේ අම්මා ගැනයි නෝනා ගැනයි කුණුහබ්බ ලියන කොට මම කිව්වා ඒක නවත්තන්න කියලා. ඔය සිරා ඒ වෙලාවෙ හිටියෙ ඔන් ලයින්. එහෙම නැත්නම් කොහොමද මම දාපු අමු තිත්ත කුණුහරුප කොමෙන්ට් එක එවෙලෙම අයින් උනේ. ඔය මගේ එකේ, කකා කොමෙන්ට් ලින්ක් එකක් දාලා තියෙන්නේ ඒ වගේ අමු තිත්ත කුණුහබ්බ කොමෙන්ට් එකකට. නමුත් ඒවා අද නෑ.

    ආකි. මම මේ බ්ලොග් එක ලියන්නේ මගේ ආසාවට. ඒත් මම කොමෙන්ට්ස් වලට හිවලට කැමතියි. එහෙම අකමැති කිසිම කෙනෙක් බ්ලොග් ලියන්නේ නෑ මයෙ හිතේ. මම දැකපු එකම බ්ලොග් එක මරුවා විතරයි ඒ විදියේ එකකට. එහෙම නැතුව මට මේකෙන් ඉමේජ් බිල්ඩ් කර ගන්නවත්, පොරක් වෙන්නවත් කිසි සේත්ම අවශ්‍ය නෑ. මම කව්ද කියලා මාව පෞදගලිකව මුන ගැසුන මිනිස්සු දන්නවා. මට, මගේ බ්ලොග් එකට කොච්චර ගැහුවත් මම සත පහකට ගනන් ගන්නේ නෑ. මොකෝ විවේචනය ඉවසන්න බැරි නම් මාධ්‍යකරනයේ යෙදෙන එක මෝඩ වැඩක්. ඒත් මම මගේ අම්මටවත් මගේ බිරිඳටවත් කුණුහබ්බ කියනවට කැමති නෑ. මොකෝ එයාලා අහිංසක මිනිස්සු නිසා. ඉතාමත අහිංසක ලෙස කරපු ඉල්ලීමෙන් පසුවත් ඒ දේ ඉවත් කරන්නේ නැත්නම්, ගහන්න ඕන ආයේ ප්‍රභාට ගැහුවා වගේ. කොටින්ම ඊශ්‍රායල් මෙතඩ් එක. ගහන එක ආයේ නෑ ගහනවා කුඩු වෙන්නම. මිනිස් කම් සදාචාරකම් පැත්තක දාලා.. ඊට පස්සෙ ඇලස්කාව වගේ කූල්..

    මේ ටික මෙතන ලිව්වේ. ඒ සිද්දිය ගැන මේ පෝස්ට් එකේ ලියලා තියෙන නිසා.

    ReplyDelete
  13. කොහොමත් මට නම් ඔය මොන රෙද්දවත් අදාළ නැහැ.... උඹල දන්නව ඇතිනෙ මම ලියන රෙද්දවල් ගැන.....
    මේකේ එකියල දෙන්නෙකුයි .....තව පොන්නයො දෙන්නෙක් ඉන්නව ....ලියන....
    අර විචාරක තුමා පස්සෙන් එලවන එකා කවුද කියල දැනට හදුනාගෙන ඇත....
    අනිත් පට්ටියො ගැනත් එළිවෙයි....
    ගමන යමං .....

    ReplyDelete
    Replies
    1. එහෙමයි මචෝ...තාත්තත් එක්ක චුට්ටක් වෙන්න සප්පායං උනා..ඉතින් හිතට එන ඒවා ලියන්න ගියොත් සැනකෙලි තමයි....see you later Kenji...

      Delete
  14. මට නං ඇනෝ වහන්න අදහසක් නෑ එහෙම සීමා මායිම් ඇතිකරගෙන මේ බ්ලොග් ලියන එකේ තේරුමක් නෑ.වෘත්තිමය ඇනෝවරු මට කිසිම දවසක මොකුත් කියල නෑ.බලු කතා කිව්වනං කිව්වෙ ඇනෝ ආපු ප්‍රොපයිල් තියෙන පිංවතුන්.ඒ විතරක් නෙවෙයි කුලියට උන් අරගෙනත් බැන්නා.මෙහෙම බ්ලොග් ලියල මොනවටද?කකා මේ ළඟදී රත්තරං වටිනා කතාවක් කියල තිබුණා.
    //කෙනෙක්ව මතවාදීව පරාජය කරන්න බැරි තැන පුද්ගලික දේ කියමින් බොරු කියමින් මඩ ගහන එක මේ අයගෙ සිරිතයි//

    ReplyDelete
    Replies
    1. හැලපේ...උඹ හොඳටම දන්නවා සමහර කන්ට්‍රවර්ෂල් ට්‍රොපික්ස් වලට ඇනෝ රිඇක්ෂන්ෂ් කරන එක සාධාරණයි, තාමත් ලංකාවෙ කියලා. ඒ උනාට ඉතාමත් ලඟදීම ඔක්කෝම හොයාගෙන එන ගානට මෙහෙත් ලෑස්තිවෙනවා. ඇනෝ එන්න ඕනි එහෙම මිසක් පෞද්ගලිකව කෙලින්න නෙමෙයි. මම දැක්කා එහෙම උනාම වෙටරන් බ්ලොග් වල තිබිච්ච රස වෙනස් වෙන ආකාරය..ඒ නිසයි මම මේක ලිව්වේ...

      Delete
  15. තරහා ගන්න එපා කවුරුත් ...මේ තියෙන්නේ බොග් ලෝකය...රජ වරුන්ගේ ලෝකය...බෙදා හදා ගන්න අමාරුම ලෝකය...ගෙදර ගෙනියන්න හදන ලෝකය....පිස්සුයි හලෝ....ලැජ්ජයි හලෝ.....මේ බෙදා හදාගන්න කක්කා පැත්ත උඩ දාගෙන දඟලන්නේ...තම තමන්ගේ ලෝකයයි.


    ශෙෆාකියෝ....උඹ හරි....මේ රෙද්දේ ලියලා වැඩක් නැහැ. නිහඬවීම සුදුසුයි. බල්ලොයි, මැක්කොයි, බලු බෙහෙතුයි පටලගන. මේ කොහෙවත් නැති ආදී කාලේ කතා වර්තමානයට ෂෙල් ගහනවා. මුන් නලියා, හැලපේ කියනවා වගේ භූමි පුත්‍රයෝ සහ දූවරු. තුහ්: නොදෝකින්!! තව කොහෙද බං හරි සංවාදයක් කරන්නේ. 1900 ගනන්වලින් තමයි ටෝක් දෙන්නේ. ලියන්නේ නව සිතුම් පැතුම්, නව ආකල්ප, කීබෝඩ් එක උඩ තියාගෙන ලෙව කකා. නිදිවදින නිර්ව්‍ය්ජත්වය. හැමෙනෙන මානුෂිකත්වය. පුකෙන් යන්න ඕන ඒවා කටින යවන ලෝකයක උඹේ ලිපිය අපරාදයක්.

    ReplyDelete
  16. බ්ලොග් අවකාශය ඔය කුණාටු ගොඩක් පහු කරන් දැන් ඇවිත් තියෙනවා.. තාමත් ඉදලා හිටලා කැළඹිලි ඇති වෙනවා.. ඕනම දෙයක් එහෙම තමයි..

    ReplyDelete
  17. මේ කවුරුවත් ඔය යුද්දෙ කාලෙ www.lankanewspapers.com එකට ආවේ ගියේ නැද්ද?

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ඔව්වා ගැන ලියුවනං අටංපහුර ලියවෙන්නේ මාසයයි

    ReplyDelete
  20. පොඩි ඉල්ලිමක්
    BLOG ARCHIVE බ්ලොග් එකේ උඩින් දානවනම් ,කියවන අයට පරණ පොස්ට් සොයන් කියවන්න ලේසියි.
    මේ ගැන පොඩ්ඩක් සලකා බලා ,මෙතනට අදාල නැති මේ කමෙන්ට් එක අයින් කරන්න.
    :)

    ReplyDelete
    Replies
    1. ඔන්න මල්මීගේ ඉල්ලීම අනුව ලේඅවුට් එක වෙනස් කොලා...
      කොමෙන්ට් එක අදාලයි කොතනටත්..ඉතින් ඔහේ තියෙද්දෙන්...:)

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....