Tuesday 1 July 2014

අමර ගී රසෝඝය


පින්තූරය ගත්තේ මම













 ලංකාවට ආවට පස්සේ ගෙවිච්ච, අමතක නොවන, සොඳුරු සැඳෑවක් උනා ගිය 29 වෙනිදා හැන්දෑව..
අමරදේව මාස්ටර්ගේ සසර වසන තුරු ප්‍රසංගය විඳින්න අගනා අවස්ථාවක් පහල උනා ගෙදරකෙනාගේ අනුග්‍රහයෙන්...
මයෙස්ට්‍රොගේ සොඳුරු මිනිසා නම් සීඩී තැටිය මිලදීගැනීමටත්, තුන්හෝරාවක් දැහැනක ගිලී තනිවෙන්නත් මග සරසා දුන් ඒ ඇත්තිට බොහෝ පින්..

අවුරුදු 86ක් තරුණ මේ සොඳුරු මිනිසා මා නෙත් බොඳකලා ඔහුගේ සුරම්‍ය මියැසියෙන්...

1999 අවුරුද්දේ (මට දිනවකවානු නම් මතකයේ නොමැත )මා සහ මා සහෘද බන්ඩාරයන්ගේ මූලිකත්වයෙන් අමරදේව මාස්ටර් පලමු වරට  (බලධරයා (අරූ මහතා ) විසින් කපා හරින ලදි) ඕමාන් රාජ්‍යයේ මස්කට් නගරයේ බාර් අල් ජිසා පැලස් රාජකීය රඟහලේ ඔහුගේ මියැසියෙන් දෙස් විදෙස් රසිකයන් පිනවූ  අයුරුත්, දින දහයක් පුරා මා සහ මාගේ පවුලේ අයත්, යහලු යෙහෙලියනුත් සමග මාස්ටර් ගත කල ඒ සොඳුරු සැදෑවනුත් මා වෙත නැවත ගෙන ඒමට මේ සැඳෑව ආයෙත් සමත් උනා.

ඉතාම අහිංසක මිනිසෙක්වන, එහෙත් ජාතියේ අග කරඬුව වන් එතුමා මා හට අතුල සෙනෙවි යයි අමතන්නටත්, මීවිත, මියැසිය සහ මිත්‍ර සමාගම යනු ජීවිතය යයි කියා, හෝරා ගනන් අපව පිනවන්නටත්, කාලයගත කල අයුරු කිසිදා මතකයෙන් ගිලිහී නොයනු ඇත.

ඕමානයට පැමිනි පළමු සැඳෑවේ, මා නිවහනේදී, තම වාදක මඩුල්ලත් සමගින්, රත්නශ්‍රී විසින් අකුරු කෙරූ….සුවඳ මුව රද ...., එම ගීතය පලමු වරට ගායනා කිරීම මට මහත් ආඩම්බරය ගෙන දෙන තවත් කරුනකි. අමරදේව මාස්ටර්ගේ අතිජාත පුත් (මාස්ටර්ගේම වචනයෙන්) රංජන, ඊගල්ස් ගයන හොටෙල් කැලිෆොර්නියා ගීතය ඇසුරුකරගෙන මාගේ තබ්ලා යුගලය ටියුන් කර, මෙම ගීය ගැයීමට තම පියානන්ට එකතුවූ  අයුරු මන බඳින සුලුය..

~~~~ සුවඳ මුව රද ~~
සුවඳ මුවරද බරිනි ආකුල
යෞවනය දොරකඩ හිඳී
මලක් වී ඔබ පිප්පෙනු නිසැකයි
වසන්තය ළඟ ළඟම එයි

දරුවනේ වන මලක් යනු
එක රැයක අසිරිය නම් නොවේ
ගහත් පොළොවත් වින්ද දුක්ගිනි
මලක රුව ගුණ බිහි කර‍යි

රොන් සලා පිනි බරව හිනැහෙන
කුසුම සතු යුතුකම මෙයයි
උපන් බිම මහ පොළොව දූවිලි
නිබඳ සිහිපත් කළ යුතුයි

පද - රත්න ශ්‍රී විජේසිංහ

තනුව - අමරදේව

සංගීත සංයෝජනය - නාලක අංජන කුමාර


 
මා ඉතාමත් ප්‍රියකරන..මේ මහ කන්ද.... ගීය ඒ වන විට කිසිම සීඩී තැටියකට නගා නොතිබුන හෙයින්, මා කල ඉල්ලීමකට කෘතගුන දැක්වීමක් ලෙසදෝ, ඔහුගේ ඊලඟ සීඩී තැටියට එම ගීය ඇතුලත් කිරීමත්, මස්කට් නගරයේ ශ්‍රී ලංකා අන්තර්ජාතික පාසලේ දරුවන් වෙනුවෙන් අප ඉල්ලිම පිලිගෙන නොමිලයේම ප්‍රසංගයක් පවත්වා ඔවුන් වෙනුවෙන්ම රත්න ශ්‍රී ගේ ....සුවඳ මුව රද.... ගීයත් මා වෙනුවෙන් .....මේ මහ කන්ද.... ගීයත් ගායනා කිරීම මා ජීවිතයේ අමතක නොවන සිදුවීම් මාලාවට එකතු වූවා..

කෙසේ වෙතත්, රෙකෝඩින් මෝරුන්ගේ දැලට හසුවූ මේ ගාන්ධර්වයානන්හට තමන්ගේ අප්‍රමානවූ නිර්මානයන්ගේ, බිඳුවක හෝ අයිතියක් නොමැති බව දැනගැනීම හිරිකිතය. ඔහු මෙයින් ගලවා ගැනීමේ මහා බාරදූර කාර්‍ය්යට අමරදේව පදනම ( www.wdamaradeva.lk)  (amaradevafoundation@gmail.com) අද කරගසා සිටී.

පින්තූරය ගත්තේ මම











ගාන්ධර්වයානෙනි..ඔබට නිවන් සුව පතමි.

18 comments:

  1. හොටෙල් කැලෆෝනියා හින්ගල එක අහලා තියෙනවද?
    https://www.youtube.com/watch?v=BkUXxrnFKtk

    අමරදේව කියන්නේ රත්තරන් මනුස්සයෙක්... ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. මට ඕක බුකියෙන් ආවා..මාරයි මාතේ....
      ප්‍රසංගය ටිකක් වෙන්න පොලිටිකල් උනා විශේෂ අමුත්තා නිසා, ඒත් වටිනවා මචෝ...

      Delete
  2. අමරදේව ශුරින් මමත් ආසම ගායකයෙක්,තවම කොල්ලෙක් ගතින් වයසට ගියාට ...

    ReplyDelete
    Replies
    1. එතුමත් එක්ක ඉන්නකොට අපි ඔක්කොම තරුණ වෙලා වගේ දැනෙන්නේ..නිතරම කියන කථාවක් තමයි, මියැසියේ දුක කියලා රසයක් නැහැ, කරුණා කියන භාවය පමනයි තියෙන්නේ කියලා..හරිම සුංදර මනුස්සයෙක්...

      Delete
  3. අමරදේව කලාකරුවාට දීර්ඝායුෂ පතමි....................

    ReplyDelete
  4. නොමියෙන කටහඬක් අමරදේවයන්ට ඇත්තේ....

    ReplyDelete
  5. සුන්දර අත්දැකීමක්!

    ReplyDelete
    Replies
    1. මලක් අතට ආවම නැතිවම බැරි සහ හොඳම උත්ප්‍රේරකයක්....

      Delete
  6. ශෙෆාකියෝ......ලියන්න බොහෝ දේවල් තියෙනවා. උඹ කෝටියක් දේවල් මතක් කලා.

    1999 ට ඉස්සර 1989දී ලොක්කා ඔමානයට ආවා. එතනදි අපි පිටිපස්සේ ඉඳන් වැඩක් කරා. අපි දන්න වඩු කාර්මිකයෝ ටිකක් ,ඒ දවස්වල අල් නසර්ද මොකක්ද තැනක වැඩ කරා. මමයි මගේ යාළුවා මංජුයි උන්ව සෙට් කරගෙන අපි හරි ලස්සන පලකයක් හැදුවා. මම තමයි ඒකේ වචන ලිව්වේ. මට කිව්වා ඒක ලොක්කාට ගිහිල්ලා දෙන්න කියලා. මම ඒක ඒ හදපු එවුන්ටම ඒ වැඩේ කරන්න කියලා හෝල් එකේ ඉඳන් බලන් හිටියා. පස්සේ ඒ නිර්මාණ කරුවන් එක්ක රෑ බිව්වා.

    මට මේ දේවල් උඹ ලියන එක උතුරා යන සතුටක්. වැරදිනම් හදපන්.

    මම 2001දී ආවා.

    ReplyDelete
    Replies
    1. තව පොඩි වැඩක් වුනා... එයාර් ලංකා බුවා(සිංහලයෙක් ) මෙයාද අමරදේව කියලා ඇහුවා. කවුන්ටරේදී. (මගේ යාළුවෙක් ලාල් )...මම රාවය පත්තරේට ලිපියක් ලිව්වා. ඒ වැරැද්ද ගැන. විනී බංඩාරත් ලිව්වා. මට තාම මතකයි. මගේ යාළුවා වුනත් ලාල්ව ඒ රස්සාවෙන් ඉවත් කලා.

      Delete
    2. හුටා..මම හිතුවේ 99 තමයි මාස්ටර් ඉස්සෙල්ලාම ආවෙ කියලා, මොකද මම ගියේ 92 නිසා. ඔන්න හැදුවා වෙච්ච වැරැද්ද...සමාව භජනය කරමි.

      මට මාස්ටර්ගේ ෂෝ එක බලන්න උනේ තිරයෙන් පිටිපස්සේ ඉදන්....මොකෝ කාරියකරවන වෙලා හිටිය නිසා...

      ලාල්ට වෙච්ච වැඩේ දෙයක් උනා හැබැයි ප්‍රසිද්ධියේ නෙමෙයි. අපිට ෂෝ එක කරන්න ඇපෲවල්/වීසා එහෙම ගන්න සිංහල සංගමයද මොකක්ද මගුලක් හරහා යන්නත් ඒකේ මැනේජ්මන්ට් බෝර්ඩ් එකට යන්නත් උනා ( මම ෂෝ එකෙන් පස්සේ ඒකෙන් අයින් උනා). මාස්ටර් ආපු දවසේ (උදේ ෆ්ලයිට් එකක ආවේ) මට‍යි බන්ඩටයි යන්න උනා හෝටලෙට ගෙනත් බස්සන්න. ඉතින් අර සංගමේ මහ තැන (නම කියන්න ඕනි නෑ දන්නෝ දනිති..අර ගාලු කොටුවේ ඇතුලේ ඌරුමස් විකුනන කත් කාරයා කියනවා වගේ)
      උගේ මර්ක් එක අරගෙන ආවා අරයිවල් එකට. උඹ දන්නවනේ මාස්ටර් ඒ දවස්වල ට්‍රැවල් කරනකොටත් අර අතේ තියන් ඉන්න ලස්සන සංගීත භාණ්ඩේත් අරගෙනමයි යන්නේ කියලා. කාරෙකට නැගලා ටික දුරක් යනකොට මූ කියනවා, මාස්ටර් දිහා පැත්ත හැරිලා බලලා (මාස්ටර් ඉස්සරහා සීට් එකේ ගියේ)
      "ඔයාට අද හැන්දෑවේ අපේ ගෙදර පොඩි සාජ්ජයක දාන්න එන්න පුලුවන්ද?
      මට අර යකාගේ හොම්බට දෙකක් අනින්න හිතුනා...සාජ්ජේ....!
      මාස්ටර් අහිංසක හිනාවක් දාලා කියපි..
      " හා..."
      එතකොට සංගමේ මහතැන කියපි...
      "ඔය ගැජට් එකත් අරගෙනම එන්න" කියලා...
      ඔවැනි දේවල් රාශියක් තියෙනවා මචෝ ලිව්වොත් සෙට් එකකට කෙලවෙනවා...

      Delete
  7. මාස්ටර් තවම තරුණයි.. මේ මහ කන්ද මාත් ආසම ගීයක්.. සීඩි එකකට ගහල නැති වග දැන් තමා දන්නේ

    ReplyDelete
    Replies
    1. 2000දී විතර ආපු සීඩී එකේ මේ මහ කන්ද ඇතුලත් උනා....මම සෑහෙන්න ඒකට ආදරය කල බව එතුමා දන්නවා.

      Delete
  8. මට මතක් වුනේ අපේ සාහිත්‍ය උළෙල වෙනුවෙන් අමරදේව රූකාන්ත එක්ක එකම ස්ටේජ් එකේ එකම සින්දුව කියපු හැටි

    ReplyDelete
  9. ගිය ඉරිදා අමරදේවයන් රූපවාහිනි වැඩසටහනකට ඇවිත් මරු කතාවක් කිව්වා චන්ද්‍රරත්න මානවසිංහයන් ගැන.

    ගීතය...පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ..
    මේ චිත්‍රපටියට සම්මාන ලැබිලා පොඩි සාදයක් තිබුනාලු. අමරදේව, තිස්ස ලියනසූරිය, මානවසිංහ ඔය කට්ටිය සෙට්වෙලා. සින්දුව ලිව්වේ මානවසිංහනේ. එයාට ඒ දවස්වල දොස්තරලා බීම තහනම් කරලා තිබිලා තියෙන්නේ. ඒ නිසා ජෝ අබේවික්‍රමව යැව්වාලු බියර් ගේන්න. ජෝ එන්න පරක්කු නිසා මානවසිංහයන් තිබිච්ච දේවල් ගහලා ඩෝප් එකේ කිව්වාලු...

    පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ...
    අප්‍රමාණ ලෙස ගැසූ සේක අද මානව සිංහයානෝ..... කියලා. වැඩ සටහනට ඇවිත් හිටිය ඔක්කොටම හිනා. රසවත් වැඩ සටහනක්.

    ReplyDelete
  10. වෙන මොකුත් කියන්නේ නෑ පට්ට ඊරිශියායි.
    අහිංසක අපි හුලං පුම්බලා වගේ හිටපල්ලකෝ දැන්
    පිට රටවලදි අවම පහසුකම් යටතෙ අඔය සිංදු අහනවාට වඩා ඒ අයට හුරු පුරුදු වටපිටාවේ ඒ ඒ අයගේ කට්ටියත් එක්ක ඕවා ඇහුවම දිව්‍ය ලෝකේ එහා.

    ReplyDelete
    Replies
    1. These are the merits of returning to your roots....hope one day you will decide to return.....

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....