Wednesday 8 March 2017

අවසරයි....!!







Baby smiling up at her mother impressionism Mothers children by  Mary Cassatt


අතක්
පයක්
ඇසක්
කණක්

ගෙයක්
දොරක්
ගහක්
කොළක්

නොව මා
දන නවාන
දෑස් වසාන
යදින්නේ

අවසරයි
මා 
යදින්නේ

තව එකම එක
සීතල රැයක්
ඔබතුරුලේ
නිදන්න ආයෙත්

තව එකම
එක වතාවක්
සියුමැලි ඔබ දෙතොලින්
සිඹගන්න
ආදරෙන්
ආඩම්බරෙන්
රැලි නැගෙනා
පටු
නළල් තලය
මගේ





25 comments:

  1. සඳ වතුරින් ලොව දුසිරිත් මැ දියකර...
    අමිලවූ සෙනෙහස පුතුට පොවනු මැන..
    සෙනෙහස ගිලිහි වියළුණු පුතු ලොව..
    මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන...

    දිවි ගංගාවේ නොනිමි දියඹ තුල..
    මා තුරුලට ගෙන නිබද සරනු මැන..

    ReplyDelete
    Replies
    1. ලස්සන සිංදුවනේ....!!!

      Delete
    2. මට මෙම සින්දුව ලබාගන්නේ කොහොමද

      Delete
  2. &..අපේ නමට නෙත කඳුළු උනන්නේ
    ඔබට පමණි මේ ක්ශිතිජ වලල්ලේ..&

    අවසරයි...
    ජයවේවා..!!

    ReplyDelete
  3. සිනිඳු කෙහෙ රැළි
    පිරිමැද ඇඟිලි තුඩගින්
    සුවඳ විඳින්න ට ආයෙත්
    හොවා උණුහුමින්
    ගැහෙන තාලයට
    ළැමදේ රිද්මයෙන්
    නළවා නහවා ආදරෙන්

    අම්මා....

    මතක ඇහැරවන කවියක් Archi මේ... හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මටනං එච්චරටම සොඳුරු මතකයන් නැහැ ඔය සබ්ජෙක්ට් එකේ....අපිට ඉතිං තාමත් කුඩම්මාගේ සැළකිලිනේ මිස් එරන්දි. .....!!!

      Delete
  4. සඳක් වෙවී අපෙ ළෝකෙට එළිය දෙතී
    පෙමක් නමින් අපමණ දුක් විඳගණිතී
    හොඳක් කියන්නට මව ගැන වචන නැතී
    නිමක් නොවන සෙනෙහස සිහි කරමි බැතී......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී..ඔය සබ්ජෙක්ට් එක ගැන මගේ පිලෝසොපිය නම් වෙනස් හැබැයි...ඒත් ඒක තනිකරම මට පොදුවෙච්චි සංසිද්ධියක් වෙච්චි...හැමෝම වගේ මම වාසනාවන්ත නැති නිසා වෙන්නැති දෙවෙනියාව ඉපදුනේ...!!

      Delete
  5. අම්මා... අම්මා...
    අම්මා අමා අමොද කරුණා නිධානේ
    ඔබගේ මුවින් පෑදුණා...
    මේ ඔබගෙ පා යුවළ යට පෑගෙනා
    දූවිලි වාගෙයි මගෙ චේතනා...
    පාළුව හා සෝක දුක් වේදනා...
    අම්මා ඔබගෙන් සේදී ගියා
    ආදර සාගරය ඔබගේ තමා
    ජීවිතේ මී විතට ගෙන දුන් අමා...
    මා හදේ මල් යහනා මැවේ...
    අම්මා ඔබගෙ සුවඳ සොයා
    අම්මා... අම්මා... අම්මා...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : මොහමඩ් සාලි
    ගායනය : වී. වර්ධරාජා

    ReplyDelete
    Replies
    1. ඔහේ හරිම ලකී මෙයා...!!

      Delete
  6. අම්මා ....
    අම්මා බලන්න යන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. යන්න යන්න..ඒවා යුතුකම්...!

      Delete
  7. මේ සති අන්තේ ගෙදර යන්න ඉන්නේ... :)

    මම මාස හයයිලු අම්ම ගාව ඉඳල තියෙන්නේ, එතනින් පස්සේ කිරි බොන එකත් නතර කරලා ලොකු අක්ක ගාව තමයි එතනින් පස්සේ ඉඳල තියෙන්නේ... ;(

    ReplyDelete
    Replies
    1. මාස හය වැඩිත් එක්ක....! සති හයක් හිටියම ඇති අම්මා ගාව..හිහිහි....!
      ඉතින් එච්චර දුර නෑනේ බදුරළියට....හයිවේ එකේ ගියාම ඉක්මනට යතෑකි...!
      ගිහින් අම්මා බලලා එන්න..ඒ උනාට මාව බලන්න එන්න නං ඕන් අමතක කරන්න එපා හොඳේ ලොකුපුතේ...!

      Delete
    2. ගමේ ගිහින් ආවට පස්සේ ලොකු පුතා පොඩි පුතාල එක්කම ඇවිත් යන්න එන්නම්...

      Delete
  8. ආයෙමත් මව් සෙනෙහස ලබන්න වෙන්නෙ ලබන ආත්මෙ තමා ඉතිං. ඒක නෙවෙයි චෙෆා මට මේ කවියෙ හරිම අනුවේදනීය යටිපෙළක් පේනව වගේ.

    ReplyDelete
    Replies
    1. යටිපෙළ ප්‍රසිද්ධ කිරීම සදාචාරත්මක නහීහේ...පාලහෙන් පස්සේ මූන බලාගෙන දෙකක් දාලාම කියඤ්ඤං හොඳේ බොස්...!!

      Delete
  9. Replies
    1. මොකක්ද බොස්....!
      මේ කඩේ වහලා වරෙන්බං දියගට...!

      Delete
  10. මේක මේ පින්තූරයක් දාලා අපිව නොමඟ යැව්වට මටනම් මේක කියෙව්වම හිතෙන්නෙ වෙනස් කතාවක් ඒ නිසා ඕන් මමනම් මව් ගුණ කියන්නෙ නෑ මෙතන

    ReplyDelete
    Replies
    1. ඔයා එක්ක බෑ හලෝ...කොහෙන්ද හිත් කියවන්න ඉගෙනගත්තේ ඇත්තටම ඈ...!!!
      :) :)

      Delete
  11. අම්මා....දැන් ඉතින් මතකයක දැවටෙන සොඳුරු මතකයක්ම පමණයි චෙෆ්.....

    ReplyDelete
    Replies
    1. හැමදේම එහෙම නේද...?

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....