Saturday 7 May 2016

බ්ලොග් බ්ලූක් අරූ සහ මූ.....!

බ්ලොග් බ්ලූක් අරූ සහ  මූ.....!

බ්ලොග් අවකාශය ආශ්චර්යමත් කලවුන්, අතර මා උසම කඳු මුදුනෙහි තබන්නන් අතර සිටිනා පෘතග්ජනයෙකි, අප අතහැර දමා ගිය බ්ලොග් කරුවෙකු වූ, දැන් කමෙන්ට් කරුවෙකු බවට පරිවර්තනය වී ඇත්තාවු අරූගෙ අඩවිය අප හට ගෙනා අරුණ පෙරේරා නම් වියත් ලියන්නා....!
අද ඔහු රසිකලොජිස්ට් ගේ බ්ලොගයේ යම් තරමක අසාර්ථක සංවාදයකට මුල පිරීමට දැරූ ප්‍රයත්නයක් මෙම ලිපිය ලිවීමට මා පෙළඹුවා විය හැකිය...එහෙම නොවෙන්නත් තියෙන්නාවූ ඉඩ වැඩිය...!
අරුණ පෙරේරා සංවාදයට මුල පුරන්නේ මෙවැනි ප්‍රශ්න සමුදායකයිනි..

කොළඹ ගමයා ලඟදි පත්තරයකට කියලා තිබුනා "අපි බ්ලොග් අවකාශයෙන් මහ පොලවට බැස්සා " කියලා. අපි පොඩ්ඩක් මේක සාකච්ඡා කරමුද..පෞද්ගලික මඩගැසීමෙන් වලකිමු.

මෙතනදි අජිත් කියන්නට ඇත්තේ මහපොලවේ සමාජ සත්කාරක වැඩ සටහන් ගැන යැයි මම සිතමි. එය පසකින් තබමු. නමුත් බ්ලොග්ස් තිබිය යුත්තේ සයිබරයෙ මිස මහ පොලවේ නොවන බව මගේ අදහසයි. බ්ලොග් කරුවා නම් ස්වාධීන මත පලකරන්නා හෝ ලේඛකයා , නැවතත් ඒ අදහස් හෝ සිතුවිලි සාම්ප්‍රදායික මාධ්‍ය හරහා පාඨකයාට ලබාදීම තුලින් බලාපොරොත්තුවෙන්නේ කුමක්ද? බ්ලොග්ස් යනු පොතක් ලියා පලකරගැනීමට අවශ්‍ය තවානක්ද? එසේ නොමැතිනම් බ්ලොග්ස් යනු අනන්‍ය මාධ්‍ය භාවිතයක් නොවේද?

බ්ලොග්කරුවා මහපොලව හා බද්ධවීමෙන් (චැරිටි කතා නොවේ) ඇතිකරගන්නා සම්බන්ධතා තුලින් ඔහුගෙ නිදහස් චින්තනයට බැරියර්ස් වැටීම් ඇති නොවේද?

ඒ තුලින් විවේචනයට ඇති ඉඩ අහුරා පිට කසා ගැනීම්, කඩේ යෑම් වැනි ජාතියට උරුමවූ රෝග හරහා කල්ලි ගැසීම් වැලැක්විය හැකිද? (මහ පොලවේ සම්බන්දකම් යනුවෙන් අදහස් කරේ එකතුවී අඩියක් පුඩියක් ගැසීම, මිත්‍ර ඇසුර වැනි දේ නොවේ )

බ්ලොග්කරුවා, බ්ලුක් කරුවෙක් බවට පරිවර්තනය වන්නේ බ්ලොග්ස් තුලින් ගොඩනගා ගන්නා ජනප්‍රියත්වය පිලිබඳ තක්සේරුවකින් පසුවද?

බ්ලොග්කරුවාගේ ජනප්‍රියත්වය හෝ අගය, බ්ලුක් කරුවෙක් වීමෙන් පවත්වා ගත හැකිද? බ්ලුක්ස් කියවන්නෙත් බ්ලොග්ස් කියවන පාඨකයා පමනක්ද?

මෙය සංවාදයකට ගත යුතු යැයි මට සිතුනි.
මෙම ලියවුම අරුණගේ කමෙන්ටුවට ප්‍රතිඋත්තර ලියනාකාරයට ලිවීමට මට සිත්වේ..ඒ මන්ද යත්, මෙහි යටි අරමුණ, අරුණ විසින් පටන් ගන්නා ලද, ඔහුගේ පිවිසුම තව දුරටත් රසිකලොජිස්ට් බ්ලොගයේ කමෙන්ටු කරුවන් ගෙන යන බවක් නොපෙනන නිසාම නොව...මා අදහස් මෙහි පලකිර්‍රිමට ලයිසොම බ්ලොගර් විසින් දී ඇති නිසාමත් නොව...නිකන් ඔහේ හිතුන නිසාවෙනි...

මෙහෙම පටන් ගමු..අපි.....!

අරුණ..මම හිටියෙ ඔතන..අද ඉන්නෙ වැට උඩ...මචං..රසික කියල තිබුනා වගේ බ්ලූක් එකක් එලියට දාන්නේ බ්ලොග් නොකියන අයට කියවන්නය කියලා නම්, බ්ලොග් කරුවන් පොලොවට බාන්නේ මොකටද කියන එක ප්‍රශ්නයක්...මොකද අරමුණ තම අදහස් විකාශණය කිරීම විතරක්ම නම් බ්ලොග් බ්ලූක් නැත්නම් කයි කොලයකින් හරි ඒක කරන්න පුලුවන්...ඒ වගේම බ්ලොග් කරුවන්ට අයුතු ජනරාශියක් වී චැරිටි කරන්න ඕනි නම් ඒක කරන්නත් පුලුවන් සාමන්‍ය මිනිසුන් හැටියට...මම ඉන්න වැට උඩ පොසිෂන් එකේ ඉඳන් බලනකොට නම් බ්ලොග් කරුවා (ඒ කියන්නේ ඔහුගේ නිර්මාන ) සිටිය යුත්තේ සය්බර් අවකාශයේ..නමුත් සිංහල බ්ලොග් කරුවා නම් වෙනස්..මොකෝ මචං හිංගලෙන් කෙටුවාම සයිබරේ උනාට වැඩිදෙනෙක් ඉන්නේ ලංකාව ඇතුලේ නිසා වෙන්ටැති..

අරුණ සංවාදයට භාජනය කිරීමට තැත් කෙරූ අංග එක එක ගත්තොත්...!


  • බ්ලොග් කරුවා නම් ස්වාධීන මත පලකරන්නා හෝ ලේඛකයා , නැවතත් ඒ අදහස් හෝ සිතුවිලි සාම්ප්‍රදායික මාධ්‍ය හරහා පාඨකයාට ලබාදීම තුලින් බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?
 මෙයට එක්තරා අන්දමක උත්තරයක් අරුණ ගේ තුන්වෙනි ප්‍රශ්නයේ ගැබ්වී ඇත්තේද? එනම් බ්ලොග් යනු අනන්‍ය මාධ්‍ය භාවිතයක් නොවේද යන්නයි...බ්ලොග් යනු සියයට සීයක් අනන්‍ය මාධ්‍ය භාවිතයක්ද යන්නම පුලුල් මාථෘකාවක් නොවේද...?

මටත් කළහැක්කේ ප්‍රශ්න ඇසීම පමනක්මයි..නමුත් සංවාදය ගෙන යාම අප සැමගේම බැඳීමයි..

  • බ්ලොග්ස් යනු පොතක් ලියා පලකරගැනීමට අවශ්‍ය තවානක්ද?

තවානක් නොවුනත්..පොතක් ලිවීම ගත් කතුවරයෙක්ගෙ කර්තව්‍යයයි අප සිතනා බැවින්, අපි වැනි දෙකේ කොළ වලට කල හැක්කේ (මාතලන්ගෙන් ටියුෂන් ගෙන අටම්ගෙන් ගුරුහරුකම් ලබා ) බ්ලොගක් අමුනා ගැනීම පමනි.
ඊලඟ ප්‍රශ්නය වන්නේ බ්ලොග් කරුවන් පොත් එලිදැක්වීම පඩ ෂෝ ගනයට වැටීමද යන්නය..පොත් පලකල බ්ලොග් කරුවන් පිළිතුරු දේවි...( මාව මරාගෙන කෑම සපුරා තහනම්..)...පෘතග්ජන මිනිසුන් ලෙස අප ඇදගෙන යන කාලකන්නි නියොරොසියාවන් නිසා අප හට උදේ සිට පඩ ෂෝ දැමීමට සිදුවීම නෝමල් යයි උපකල්පනය කරමි..මම නම්...
එනිසා පඩ ෂෝ උනාට පොත් එළි දැක්වීම අරහං නොවිය යුතුය..මාතලන් කියනාකාරයට කමෙන්ට් සමග උවද මාගල් වැනි පෝස්ට් එකතුවක් එළිදක්වීම ෂෝක්ය..ඔහුට..ඌ මදාවියා නිසා කෙළවෙන එකකුත් නැතිය...
ඒත් රසිකලොජිස්ට් විසින් ප්‍රධානය (කෙලින්ම ගෙදරටම ) කරන ලද "සිව් වසරක් මරදානේ "කියෙව්වම නං හිතුනේ, සඟරා ලිපි එකතු, පත්තර කොළම, බ්ලූක් වගේ ඒවා පල කොරන්න කලියෙන් කම්මැලි කම් කුස්සියෙ මුල්ලෙ ඉන්න බැළළිට දමා එඩිට් කරනවා නම් කියවන එකාට මල පනින්නේ නැතිය කියාය...හේතුව එකම දේ හෝ ගාල රිපීට් වෙනකොට ගතිය පල්ලම් බහින නිසාවෙනි...කියවපු ඈයෝ දනී මා කියන්නේ මොකක්ද කියා...

  • බ්ලොග්කරුවා මහපොලව හා බද්ධවීමෙන් (චැරිටි කතා නොවේ) ඇතිකරගන්නා සම්බන්ධතා තුලින් ඔහුගෙ නිදහස් චින්තනයට බැරියර්ස් වැටීම් ඇති නොවේද?
සෑහෙන්න ඇතිවේ....වෙන මොනා කියන්නද...දන්නෝ දනිති...අනාගත්තාට පසු එක්ස්ප්ලනේෂන් පෝස්ට් දැමීමෙන් වැඩක් වෙයි කියා මේ ලියන මට නම් නොතේරේ...( පෞද්ගලික මඩ ගැසීමක් නොවේ....)
  •  තුලින් විවේචනයට ඇති ඉඩ අහුරා පිට කසා ගැනීම්, කඩේ යෑම් වැනි ජාතියට උරුමවූ රෝග හරහා කල්ලි ගැසීම් වැලැක්විය හැකිද? (මහ පොලවේ සම්බන්දකම් යනුවෙන් අදහස් කරේ එකතුවී අඩියක් පුඩියක් ගැසීම, මිත්‍ර ඇසුර වැනි දේ නොවේ )
ජාතියට උරුම වූ රෝග සුව කිරීම බ්ලොග්කරුවන්ට සහ කමෙන්ට්කරුවන්ට තියා ප්‍රභාකරන් මහත්තයාටත් බැරි විය..පැරා කියා තියෙන ආකාරයට ඒ මහත්තයා සහ පැරාගේ ඉස්සෙල්ලා බොස් විසින් මරා දැමීමෙන් පසු ඉතිරිවී ඇති දේශපාලුවන්ටත් බැරිය...ඉතින් කුමන කථාද..?
  • බ්ලොග්කරුවා, බ්ලුක් කරුවෙක් බවට පරිවර්තනය වන්නේ බ්ලොග්ස් තුලින් ගොඩනගා ගන්නා ජනප්‍රියත්වය පිලිබඳ තක්සේරුවකින් පසුවද?

ජනප්‍රිය බ්ලොග් කරුවන් සැවොම බ්ලූක්කරුවන් වී නොමැති නිසා කිය හැක්කේ නියොරොසියාවම හේතුපාදක වෙනවා කියාය..දොස්තර රුවන්ගේ චාරිකාවෙන් පසු වෙලා ඇතොත් ඔහු එය පහදා දේවි..ඔහු මේ දවස් වල පිස්සු චාරිකාවක නිරතව සිටිනා බැව් දන්නෙමි...

  • බ්ලොග්කරුවාගේ ජනප්‍රියත්වය හෝ අගය, බ්ලුක් කරුවෙක් වීමෙන් පවත්වා ගත හැකිද? බ්ලුක්ස් කියවන්නෙත් බ්ලොග්ස් කියවන පාඨකයා පමනක්ද?

දීහල්ලකො ඇහැකි නං උත්තර....!

මෙතනට ප්‍රාජේ ගේ කමෙන්ටුවකුත් අටමාගේ පෝස්ටුවකුත් උදව් කරාවි යයි සිතමි....



තාම දත් කඩාගෙන නැතත්..නල දත් වලට මම හරිම ආදරෙයි කියල ඔබ දන්නවා යැයි උපකල්පනය කරමි...!!!!!

88 comments:

  1. මේක රසිකගේ බ්ලොගයේ දාපු එක . //අරූ යි මායි බෝතලයක් බෙදා ගණන් වෙලාවට මරා ගන්න සබ්ජෙක්ට් එක මෙතනටත් දැම්මට ස්තූතියි. අරුට ප්‍රා ලන්ඩන් ආව වෙලෙත් මේක පැහැදිලි කලා . මගේ කතාවේදීත් ත් පැහැදිලි කලා. අරූ ගේම් ගහනවනේ අපේ ළමයි. ඔය delta force වගේ ගේම් . උඹ දන්නේ නැත්නම් පාරමී ගෙන් අහපන් කියල දෙයි. ඉතින් අපි ළමයින්ට බනිනවා. ඔය වවර්චුවල් ගේම් ගහල කාටද හරි ගියේ . එලියට ගිහින් සෙල්ලම් කරන්න කියල. සය්බර් අවකාශේ ගේම් නුත් තියනවනේ. නමුත් දැන් ඇමෙරිකන්, රසියන් හා එංගලන්ත මිලිටරි වලින් ගේම් ගහන කොල්ලෝ පස්සේ දුවනවා රස්සාවට ගන්න. ද්‍රෝන් පදින්න. සයිබර් වෝ වලට. මචන් ඒක වෙන්නේ මේ මහා පොළොවේ. උඹ කොච්චර සයිබර් අවකාශේ ලිව්වත් මොන කෙලි දැම්මත් ජිවත් වෙන්නේ කන්නේ බොන්නේ ***න්නේ මහා පොළොවේ. අන්න එක තේරුම් ගනින්. මම කිව්වේ බුකියේ පොරවල් ලියනවා කියල "මිරිවැඬි සඟලක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා " කියල ඊට පස්සේ කාගේ හරි දුප්පත් ළමයෙකුගේ පින්තුරයක් දාල ලයික් ටිකක් ගන්නවා. ඊළඟ පින්තූරේ දානවා කොහේ හරි චිකන් කන එකක් KFC හරි එහම. මාත් කෙරුව කාලයක්. ඒක මවා ගත්ත ලෝකයක් බන්. ඔය බුකියේ බ්ලොග් වල වීරයෝ පාරට බැස්ස හම හොයා ගන්න නැහැ. මම දුන්නේ චැලේන්ජ් එකක් . පාරටත් බැහැපල්ලා කියල. එච්චරයි. //

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ පෝස්ට් එක විතරයි තේරුනේ නැත්තෙ කියල බැලුවහම කමෙන්ට් එකත් තේරෙන්නෙ නෑනෙ. බෝතලයක් බෙදාගෙනම කියවල බලන්න වෙයි වගේ

      Delete
    2. අර ඉයන් කියනව වගේ ..ස්තුතියි අජිත්..!

      Delete
  2. //මම ඉන්න වැට උඩ පොසිෂන් එකේ ඉඳන් බලනකොට නම් බ්ලොග් කරුවා (ඒ කියන්නේ ඔහුගේ නිර්මාන ) සිටිය යුත්තේ සය්බර් අවකාශයේ..නමුත් සිංහල බ්ලොග් කරුවා නම් වෙනස්.// මේක වැරදි කතාවක් මහත්මයා. එංගලන්තේ මිශ්‍ර ක්‍රමයට මේක වෙන්නේ. බ්ලොග් ලියල ඒක ඊබුක් එකක් කරලා ඊට පස්සේ පොතක් ගහන අය හුඟක් ඉන්නවා. ඊළඟට රූප ලාවන්ය බ්ලොග් තියනවා මිනිසුන්ට විශේෂයෙන් ගැහැනුන්ට මොන රෙදිද අඳින ඕනේ , මොන විලවුන්ද පාවිච්චි කරන්න ඕනේ කියන අය. ඒ විලුවුන් හා රෙදි සයිබර් අවකාශේ නෙමේ පවිහ්චි වෙන්නේ . මහා පොළොවේ ඒ ලියන උන් ඒ වට හොඳට හම්බ කරනවා. සමහරුනට හම්බ කරන ඕනේ නැහැ. මම කියවන ඉංග්‍රීසි යෙන් ලියන බ්ලොගයක් තියනවා මා පෙරදිග යුද්ධ ගැන. හොඳ වටින තොරතුරු ඒකෙ ලියවෙනවා. ඒවා බිමේ සංවිධාන භාවිතා කරනවා නොයෙකුත් වැඩ සඳහා. අරූගේ කතාව බොළඳ ටිකක් බොළඳ බවක් තමා මට පෙන්නේ. .

    ReplyDelete
    Replies
    1. අජිත්.....මට තිබුනේ අදහස් දැනගන්න උවමනා ප්‍රශ්න ටිකක්. රසිකට දාමු කමෙන්ට් එක උඹ නිවැරදිව කියවා වටහාගත්තොත් මගේ අදහසක් හැටියට තියෙන්නේ බ්ලොග්ස් තිබිය යුත්තේ සයිබරයේ මිස මහ පොලවේ නොවේ යන අදහස පමනයි.අනික් සියල්ලම මට තේරුම් බේරුම් කරගන්නට අවශ්‍යවූ ගැටලු කිහිපයක්. උඹ බොලඳයි කියන්නේ මගේ ප්‍රශ්නද...එහෙම නැත්නම් මම අදහසක් ලෙස කියු දේද කියා පැහැදිලි නැහැ.

      ප.ලි: මගේ ප්‍රශ්න ඇසීමට ඇති අයිතිය කාගේවත් පෞද්ගලික න්‍යාය පත්‍රා මත සිදුවන්නක්ද නොවන බව වටහා ගැනීම වටි.

      Delete
    2. //බ්ලොග්ස් තිබිය යුත්තේ සයිබරයේ මිස මහ පොලවේ නොවේ ය// දැන් බ්ලොග් තියෙන්නේ කොහෙද මචං ? සයිබරයේ නොවේද? තමන් ලියපු දෙයක් කාට හරි පත්තරේ දාන්න පොතක් ගහන්න සීමා පනවලා තියෙන්නේ කවුද? බ්ලොග් කාරයෝ ටිකක් එකතු වෙලා කට හරි උදව්වක් කිරීමෙන් බ්ලොග් වල නැති වෙන්නේ මොනවාද? මම අර බ්ලොග් ලිපියක කිව්වේ පත්තර නැති වේගන යනවා කියල. පොතුත් බොහෝවිට භාවිතය අඩු වෙයි. මෙතැන බ්ලොග් විතරද තියෙන්නේ? wattpad එකේ තමයි තරුණ අය දැන් වැඩිපුරම ලියන්නේ. ඔය වෙන දියුණුව කිසි කෙනෙකුට වලක්වන්න බැහැ. තමන්ට අනිත් අයට කියවනං දෙන්නේ ඕනේ නැත්නම් වහගෙන ලිව්වම් ඉවරයි. කවුරුත් තහනම් කරලා නැහැ. මෙතන නිදහස තිබෙනවානේ.

      Delete
    3. බස්සිගේ කමෙන්ටුව කියවන්න...!

      Delete
  3. //බ්ලුක්ස් කියවන්නෙත් බ්ලොග්ස් කියවන පාඨකයා පමනක්ද/ මේකට නම් උත්තරය නැත කියය. බ්ලොග් කියවන ය සේරම ලිපි කියව නැත්නම් ඔවුන් පැමිණ පොත ගනිති. අනිත් අය නම විශේෂයෙන් පවුලේ උදවිය කියෙව්වේ ප්‍රථම වතාවටය. එසේ කියවූ (බ්ලොග් නොකියවන) පොළොවේ පාඨකයන් කිහිප දෙනෙක් මා හට සමු විනි.

    ReplyDelete
    Replies
    1. අර ඉයන් කියනව වගේ ..ස්තුතියි අජිත්..!

      Delete
  4. සැටඩේ, සන්ඩේ ඔපීස් වහලා මෙයා. ඔයා ඒකවත් දන්නෙ නැතිවද පනේ බොග දාන්නෙ. ඒ මදිවට සංවාසෙකුත් පටන් අරගෙන. අපි නම් රසිකගෙ එකේදිම අපේ අදහස් කිව්වා මෙයා

    ReplyDelete
    Replies
    1. හුටා...සන්ඩේත් වෙලාද...? මේ දවස්වල දවස තියා මොන ලෝකෙක ඉන්නවද කියලවත් දන්නේ නෑ මෙයා..මලින් පිරි ඇසිඩ් වරුසාවෙන් තෙමී තෙමී හීන දකිනෝනේ....!

      Delete
    2. ඔතන තියෙන්නෙ ඩේටා ප්‍රශ්ණයක් නෙමේ , නිදහස පිලිබද ප්‍රශ්ණයක් මයෙ හිතේ.

      Delete
  5. අප අතහැර දමා ගිය බ්ලොග් කරුවෙකු වූ, දැන් කමෙන්ට් කරුවෙකු බවට පරිවර්තනය වී ඇත්තාවු අරූගෙ අඩවිය ////// we miss Aru

    ReplyDelete
    Replies
    1. අරූ සතර පෙර නිමිති බල බලා ඉඳලා ලියනකොට අපි නිවන් ගිහින්...!

      Delete
    2. අරූ අවුල ලිහාගන්න කොට අපි අවුල් වෙලා තියෙයි බං. හැක්

      Delete
  6. අනේ ඉතිං අපිනං ඔය කොමෙන්ටුවක් කොටාන ඉන්නව මිසක්ක ඔය හරබර දේවල් වලට මැදිහත් වෙන්න යන්නෑනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මේ ඉන්නේ පිටකහන් සෙට් එකේ පට්ට ඒකෙක්.කාපුවා ,බිපුවා විතරක් නම් කමක් නැ රිපුවත් දානවා කවදාකවත් හරියමන් කොමන්ටුවක් දාපු එකෙක් ද පිට කහන් සම්මානේ ට අපුරුවට ගැලපෙනවා

      Delete
  7. මේ කතාබහ පටන් ගත්තු එක හොඳයි. මගේ එකම ඉල්ලීම දැම්ම නිගමනවලට එළඹෙන්න එපා. කලින් වැඩියි

    ReplyDelete
    Replies
    1. සාක්ච්ඡා කලාට කමක් නෑනේ මචං නේ...?

      Delete
  8. පළමුවෙන්ම ලියන්නන්ට: අප ආදරය කරන්නට කැමති දෙය අපත් සමඟ ගෙනයාමේ පුරුද්ද ඇතිවුන් වන අප, තීන්ත සුවඳටත් පෑන්තුඩින් කරදාසියේ ලියවෙන හඬටත් “මුද්‍රණ තීන්ත හා අළුත් කරදාසි සුවඳටත්“ ආදරය කරන්නවුන් විසින් ඔවුන්ගේ මනස්දරුවන් අතථ්‍ය ලොවටත් මහ පොළවටත් බිහිකිරීමේ කිරීමේ වැරැද්දක් දැකිය යුතු නැත. නමුත් ගිරා පැටවා වැටෙන්නේ කොයි පැත්තටදැයි දැන සිටීම යහපති. මන්ද මනස්දරුවන් වැටෙන්නේ සියයට සියයක් සාන්තුවරුන් ඇති ආරාම වලට හෝ සියයට සියයක් සොරුන් ඇති තිප්පොළ වලට නොව සොරුන් සැඟවීගත් ආරාමවලට හා සාන්තුවර හොරුන්ගේ තිප්පොළ වලට බැවිනි.

    දෙවනුව විවේචකයන්ට: “Therefore render to Caesar the things that are Caesar’s, and to God the things that are God’s.” විවේචනයේදී නිවැරදි ආරාමය හෝ තිප්පළ තෝරා ගනිමු.

    ReplyDelete
    Replies
    1. \\විවේචනයේදී නිවැරදි ආරාමය හෝ තිප්පළ තෝරා ගනිමු.///
      එහෙමයි..

      Delete
  9. ස ර ස තුමා ගේ මතය නම් (එම මතයට ඉඩක් ඇත් නම් පමනක්) බ්ලොග් ලියන්නෝ බ්ලොග් වල බ්ලොගර් ලා ලෙස සිටිය යුතුය කියා ය. (ඔන්න ඔහේ ඉඳලා හිටලා සැට් වීම බ්ලොග් පරාජිකා කේස් එකක් නොවේ )

    බ්ලොගෙන් ජනප්‍රිය වෙනවා .. බ්ලූක් ලියනවා.... දොරට වැඩුම් උස්සව... බ්ලොග් කියවන්නන්න්ට ආරාදනා... ඊලඟට???

    ඊලඟට සිරි ලන්කාවේ කලාකාරයෝ සහ ජනමාජ්ජ වේදියෝ වගේ සින්හල බ්ලොගර් ලාත් අනාගතේ කසාදෙට අස්සන් කොරන්න දේසපාලුවෝ හේම සාබාගී වෙන වර්ගයේ වැඩින් අරගෙන දියවන්නාවට යන්න ෆුල් ගේම දෙන්න පුලුවනි!

    දැන්ම කියන්නේ... තොපි එකෙක් වත් දේසපාලනේට ඇවිත් අපෙන් චන්දේ එහෙම ඉල්ලනවා නෙවෙයි ඕන්!

    ReplyDelete
    Replies
    1. යක්සයෝ, මුන්ට තර්ජන කරලා මුන් අපේ දත් ගලවයි....!

      Delete
    2. අර කමියව දියවන්නාවට තල්ලු කරලා බ්ලොගා ඇමතිවරයෙක් හදන ප්‍රොජෙක්ට් එක මේ සරසා නිසා අතේ මාට්ටුය. අනේ සරසෝ ඔය කොමෙන්ට් එක ගලවහන්. දත් ගලවගන්න සෙනග එවන්න ඇඩ් දාන්නම් බං.

      Delete
    3. මාත් සරසගේ ගොඩේ මෙතනදි නම්..

      Delete
    4. //යක්සයෝ, මුන්ට තර්ජන කරලා මුන් අපේ දත් ගලවයි....!//

      බලාගෙන ඉන්න...
      බ්ලොග් කරුවකු වන මගේ මැතිවරන වියාපාරය සඳහා තවත් බ්ලොග් කරුවකු වන ඔබ තුමා ගේ නොමසුරු ආදාරය බ්ලා බ්ලා කියලා ලියුම් එහෙම එනකන් චෙෆාකි තුමෝ!


      //අර කමියව දියවන්නාවට තල්ලු කරලා බ්ලොගා ඇමතිවරයෙක් හදන ප්‍රොජෙක්ට් එක මේ සරසා නිසා අතේ මාට්ටුය. අනේ සරසෝ ඔය කොමෙන්ට් එක ගලවහන්. දත් ගලවගන්න සෙනග එවන්න ඇඩ් දාන්නම් බං.//


      හැම ප්‍රොජෙක්ට් එකට ම කමි තුමා ගිනි පිග් ලෙස බාවිතාව සින්හල බ්ලොග් අවබාවිතාවේ යෙදවීමකි!


      //මාත් සරසගේ ගොඩේ මෙතනදි නම්..//

      එන්න ගොඩේ බයියන් හා එක්වන්න!

      Delete
    5. අනේ බං ඕවත් විශ්වාස කරනවද? කමියා ඔය චරිටි වැඩ කරන්නේ හිතේ සතුටට කියලවත් තේරෙන්නේ නැත්ද? උඹට අපි දැන් විහිළු කලත් පෙන්නේ ඇත්ත වගේද බං ?

      Delete
    6. දැන්ම කියන්නේ... තොපි එකෙක් වත් දේසපාලනේට ඇවිත් අපෙන් චන්දේ එහෙම ඉල්ලනවා නෙවෙයි ඕන්! +1

      Delete
  10. සරස +++++++++++++++ දෙන්න හිතෙනවා හොඳවයින් ටොක්කක්

    ReplyDelete
    Replies
    1. // සරස +++++++++++++++ දෙන්න හිතෙනවා හොඳවයින් ටොක්කක් //

      වයින් ටොකු නම් එපා ය.. වයින් බෝතල් නම් කරුනාවෙන් බාරගනිමු!

      Delete
  11. කතා කරන්නේ මොකක්ද කියලා එහෙමටම අබබෝධයක් නැතත් මාත් ඉන්නේ බ්ලොග් කරුවන් ඉන්න ඕනේ බ්ලොග් වල කියලා. බ්ලොග් එකකින් බ්ලූක් එකක් වෙනවා වගේ ඒවා අතිශය පෞද්ගලිකයිනේද? රචකයා කැමතිනම් ඒක කරගන්න එක අවුලක් නෙමෙයි. ඒත් ඔහේ ගහන්නම් වාලේ ගහන පොත් ගැන (නිසි නිමාවක් නැතිව ) මට පැහැදීමක් නෑ.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලොකු මිස්ට වගේ අපිලටත් අරවා මේවා ලියන්ට පුලුවන්....

      මම පටන් ගත්තෙම ඔහේ හිතුන නිසා ලියමන කරනවය කියලනේ...

      සිංදුව සහ ඊට යටින් හීනියට ලියල තියෙන අකුරු ...මෙතනට සම්බන්ද නැහැ...ඒවත් ඔහේ වෙන දේවල්..
      වැඩේ කියන්නේ කරන්න කිසිම දෙයක් නැතිනිසා උපේක්ශාගේ මහදිග කතා වස්තුව කියවනකොට තමයි මේ කමෙන්ට් එක දැක්කේ...
      තාම කියවල ඉවරනං නෑ...ඒක දිගටම ලියනවද..ලියල ඉවර කලාද...?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. \\ දැන් නම් හෝල් එකත් වහල. කට්ටිය ගල් ගහල ඔලු පැලිලත් ගොඩක් කල්..//
      සම්මාන හම්බ උනේ නැතිය....නැත්තං දුන්නා ගන්න ආවේ නැද්ද...?

      Delete
  13. බ්ලොග්කරුවන් අයිති බ්ලොග් අවකාශයටය.ඒ මගේ මතයයි.කොහොම උනත් මේ සංවාදය තව බොහෝ දුරක් යා යුතුයි.

    ReplyDelete
    Replies
    1. හැලපේගේ මතය හැලපේට....!

      Delete
  14. මට හිතෙන්නේ මේකේ ඔය හැටි කතා කරන්න තරම් දෙයක් නෑ කියල.. බ්ලොග් ලියන අය බ්ලොග් ලියයි... බ්ලුක් ලියන අය ඒවා කරයි..පොත් ලියන අය පොත් ලියයි.. මේ බ්ලොග් වල වැඩි හරියක් කතා වෙන්නේ අපිට නැති නිදහස ගැන නේද.. එහෙව් එකේ ඇයි ඉතින් මේ කල යුත්ත නොකළ යුත්ත ගැන හරි වැරැද්ද හොයන්නේ හෙහ් හෙහ්...

    ReplyDelete
  15. මේව දැකල අපේ ලේ කකියනව යකෝව්. ඒත් මේ රස්සාව හින්දයි ගෙදර හදිසි වැඩ වගයක් නිසයි ඉවරයක් නෑ. උඹලගෙ වෙලාව හොඳකම සහ මගෙ නරක වෙලාව තමා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද සිංහයෝ..එහෙම මාරු වෙන්න දෙන්න බෑ..කියලම යන්න ඕනි මචෝ...

      Delete
  16. බ්ලොග්ස් තීයෙන්නෙ ඕනි ඒකට සුදුසු තැන... කොහොම උනත්

    ReplyDelete
  17. මම නම් බ්ලුක් එකක් ගැහුවේ හේතු කිහිපයක් නිසා. එකක් බ්ලොග් නොකියවන අය සඳහා. ඒ ගැන මට කිහිප දෙනෙක්ම කියූ නිසා. දෙක මගේ ඊබුක් එකට ISBN නොම්මරයක් ගැහීම ලෙහෙසි නිසා. ඊබුක් එක හදල තියෙද්දී ඒක පබ්ලිෂ් නොකෙලෙත් එකයි. තුන පොතක් ලියන්න හැමදාම හිතන් හිටිය නිසා. බ්ලොගය භාවිත කලෙත් ඒක හිතේ තබාගෙන. හැබැයි ඊබුක් එකක් ගහන්න හිතේ තියාගෙන. බ්ලොග් කියන්නේ නිදහස් අවකාශයක් නම් කවුරුත් ඒ ලියන ඒවායින් පොත් ගහන එක ට්ව කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? පොත නොගෙන හිටියම ඉවරයි.

    ReplyDelete
  18. දැන් බුරු බේබි සහ අනිත් අය බ්ලොග් තියෙන්න ඕනේ බ්ලොග් ඇතුලේ විතරයි කියන අය, බ්ලොග් තියෙන බටහිර රටවල් වලත් පොත් පලවෙන බව හා බ්ලොග් සම්මාන කරපු බව නොදන්නවා ඇති. නැත්නම් දැනගෙනත් මේක විතරක් විවේචනය කරනවා කියල මට හිතෙන්නේ. මම දන්නා විධිහට මේක අලුත් දෙයක් නොවේ. මෙන්න යූකේ එක.
    http://www.blogawardsuk.co.uk/
    රංගි ල මිට කලිනුත් ශ්‍රී ලංකාවේ නොයෙකුත් අයට උදව් කලා කියල අහල තියනවා. වෙබ් අවකාශය තුල හඳුනා ගෙන. ඉන්දික උපශාන්ත, මාරය වැනි බ්ලොග් කරුවන් මෙන්ම මම දන්නා තවත් බ්ලොග් කරුවනත් පිරිසකුත් පාසැල් වලටය ආධාර දීම වගේ දේ කරලා තියනවා මිට කලින්. බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012 දුන්න. http://syndi.buzzradio.lk/ හැබැයි ඒක එතනින් ඉවරයි. බක් මහා උළෙලේ දෙකක් තිබ්බ සයිබර් අවකාශය වෙනුවෙන්. මේවා පොලොවට බැහැල නෙමෙයිද කලේ ? අට්ටලෙක ඉඳන්ද? සය්බර් අවකාශයේ විතරමද? මම හිතන්නේ මෙතැන ප්‍රශ්න දෙකක් මතුවුණා කියල අපි කරපු එකට. ඊළඟ කොමෙන්ටුව බලන්න.

    ReplyDelete
    Replies
    1. මගේ නම සඳහන් උන නිසා උත්තරයක් දෙන්නම්. (කොටින්ම මේ පෝස්ට් එක ශෙපෑකි ලීවම කිසිම විස්තරයක් නොදා පැනලා ගියෙත් මේ හින්දමයි )

      මගේ අදහස වෙන්නේ බ්ලොග් තියෙන්න ඕනේ බ්ලොග් අවකාශයේ කියන එක. ඒක මගේ පෞද්ගලික අදහස මිසක් හැමෝම ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ කියලා මම හිතන්නේ නෑ. අපි කොයි කවුරුත් යම් යම් කාලවලදි යාළුමිත්‍ර සමාගම් හදගන්නවා. ඒක බ්ලොග් හරහා වුනත් වෙන්න පුළුවන්. ඒ අස්සේ අපි හදාගන්න සමාජය බ්ලොග් අවකාශෙන් බිමට බහිනවා කියන එක කියලා මට හිතෙන්නේ නෑ.
      මම සාමාන්‍යෙන් ප්‍රසිද්දියට චැරිටි කරන කෙනෙක් නෙමෙයි. මම කවදවාත් මම අහවල් එක කලා මේක කරන්න ෆන්ඩ් කරනවා වගේ කියලා කාටවත් කියලාවත්, කියන්නවෙත් නෑ. මොකද මුල්ම කාලේ ඉගෙනගත් යම් යම් දේවල් වලින් පස්සේ මම මම කාටද උදව් කරන්නේ කියන එක හොඳින් හොයනවා. අවශ්‍ය උදව්ව මොකක්ද කියලා. බහුලවම ලාංකික අවකාශයේ තවම මනිපුලේට්වීමේ අවකාශය වැඩියි. (යුද්ධයක් තිබුන රටක මේක සාමාන්‍යයයි. ) ඒ කිසිම අවස්ථාවක මම කියන පුද්ගලය එලියට එන්න අවශ්‍ය නෑ. (ලෝකෙටම අඬගහලා චැරිටි කරන එක මගේ ස්ටයිල් එක නෙමෙයි. එහෙම කලා කියලා කාටවත් දොස් කියන්නේත් නෑ. )
      මේ අවස්ථාවලදි මතක් කරලාම කියන්න ඕනේ මට බ්ලොග් අවකාශයේ තියෙන හැම සම්බන්දකමක්ම බොහොම පෞද්ගලිකයි. මම අද වෙනකම් කිසිම අවුරුදු උත්සවයකට හෝ වෙනත් කිසිම වර්ගයෙ සාමුහික බ්ලොග්කරුවන්ගේ එක්වීම් වලට ගිහින් නෑ. නමුත් ලිමිටඩ් බ්ලොග්කරුවන් පෞද්ගලිකව හා ග්‍රොඋප් විදියට නිතර හමුවෙලා තියෙනවා. ඉස්සරහටත් හමුවෙයි. ඒ මගේ පෞද්ගලික මතය.
      මගේ රැකියාවටත් චැරිටි, අනුන්ට සේවා සැපයීම වගේ දේවල් සම්බන්දයි. ඒ හින්දම මම මුහුණදෙන කරදරත්, හොඳත් වැඩි. සමාජයට බොහෝ වෙලාවට මාව දෙවියෙක් වගේ පේන්නත් ඒ දෙවියා සියල්ලන්ගේම ප්‍රශ්න විසඳිය යුතුයි කියන අදහසේ ඉන්න අය වැඩි නිසා කාලයක් තිස්සේ මෙහෙම වෙන්න ඇති. ( මැචුවරිටි ) අලුතෙන් එහෙම අමුතු පිළිගැනීමක් අවශ්‍ය නෑ.
      ඒත් කලින් කීවා වගේම බ්ලොග් බ්ලූක් වෙන එක අතිශය පෞද්ගලිකයි. ඒක රචකයාගේ තීරණයක් නේ. ඒක ගැන මම හිතන්නෙ එහෙම.
      මෙතනදි අජිත් හෝ නෙළුම් යාය විවේචනයට ලක්වෙන්නේ නෑ. කරන ඕනේ කෙනෙකුට තමන්ට කැමති විදියට චැරිටි නෙමෙයි ඕනේ දෙයක් කරන්න ඉඩ තියෙනවා. අපි ජීවත් වෙන්නේ නිදහස් අවකාශයකනේ. ඒක විවේචනයක් මගෙන් වෙන්නේ නෑ.
      ඒත් මේ වෙද්දි බහුතරයක් නෙළුම් යායේ සම්මනායකට හෝ ආධාර ලබාගැනීම හෝ දායකවීමේ අවකාශයක් පේනවා. ඒක කොයිතරම් පොසිටිව් ද කියන්න තවම කල් වැඩියි.

      Delete
    2. //බහුලවම ලාංකික අවකාශයේ තවම මනිපුලේට්වීමේ අවකාශය වැඩියි. (යුද්ධයක් තිබුන රටක මේක සාමාන්‍යයයි. ) ඒ කිසිම අවස්ථාවක මම කියන පුද්ගලය එලියට එන්න අවශ්‍ය නෑ. (ලෝකෙටම අඬගහලා චැරිටි කරන එක මගේ ස්ටයිල් එක නෙමෙයි. එහෙම කලා කියලා කාටවත් දොස් කියන්නේත් නෑ. )// මේකට එකඟයි. මෙතන මම විතරක් නෙමේ නේ ඉන්නේ. මම චැරිටි කරන්නේ වෙනම. ඒකට වෙනම වෙබ් අඩවියක් පවත්වා ගෙන යනවා මගේ අතින් ගෙවල. දැන්නම් ටිකක අඩු කරගෙන යනවා වෙන වැඩ නිසා. මෙතන නෙළුම් යායේ චැරිටි වැඩ එක්කෙනෙක්ගේ නෙමේ. තැන් තැන්වල බ්ලොග් සහෝදරවරු එකතු වෙලා කරන දෙයක්. එච්චරයි. ඒක ගැන ඕනවට වඩා කතා කරන්නේ ඕනේ නැහැ වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන නොකිව්වොත් ඒක අසාධාරණයක්. මොකද හුඟක් අය උදව් කරන්න කැමැත්තෙන් ඉන්න නිසා. වැඩේ වෙන්නේ ටික දෙනෙක් එක තැනකට ගොනු කරගෙන. බදුල්ලේ , රත්නපුරේ වුනේ එහෙමයි. ඔයත් එකතු වෙන්න.

      Delete
  19. ප්‍රශ්න දෙකින් එකක් තමා 2015 බ්ලොග් උළෙලේ අලුත පවතින රජයට පක්ෂපාති එකක් ලෙස සැලකීම, හිදී බොහෝ අය සැකෙන් බැලුවේ අපි මේක කරයිද කියලත්. නමුත් අපි කලා. බ්ලොග් ලෝකයේ පැහැදිලිවම මහින්දවාදී අය , යුඇන්පී අය , වාමාංශික අය , ස්වාධින අය ඉන්න බව පෙනුන. මින් මහින්ද මහතාට පස්ක්ෂ අය හිතුවේ බ්ලොග් නුත් ආණ්ඩුව පෙරලන්න භාවිතා කලා කියල. නමුත් එහිදී ඒ මහතාට හෝ ඒ රජයට පක්ෂ බ්ලොගුත් තිබුන කියන එක මතක් කලේ නැහැ. මේ දෙවෙනි සම්මාන උළෙලේදී අපිලොකු උත්සහයක් ගත්ත මේ පති කිසිම එහෙකට අපි නැහැ කියන්න. සමහරු පිලි ගත්ත. සමහරු පිලි ගත්තේ නැහැ. වාඩියේ දී කතා අක්රද්දී මම තටම හිතුවේ චෙෆාකි , ලොකු පුතා හෙම මේක පිලි ගත්ත කියල. නමුත් අටමා හැරෙන්නේ එහම පිලි ගත බවක් පේන්න නැහැ.

    ReplyDelete
    Replies
    1. උඹලගේ ඔය සම්මාන දීපු එකේ කතාව ඉවර වෙන්නේ නැද්ද බං. මැක්කගේ කතාව වගේ අන්තිමට ඒකත් ගාවගන්නවා කොනකට :D ඇනෝලා උඹට ඉන්න දෙන්නෙත් නැහැ....උඹ ඇනෝලට ඉන්න දෙන්නෙත් නැහැ.

      Delete
    2. ///උඹලගේ ඔය සම්මාන දීපු එකේ කතාව ඉවර වෙන්නේ නැද්ද බං. මැක්කගේ කතාව වගේ අන්තිමට ඒකත් ගාවගන්නවා කොනකට :D ඇනෝලා උඹට ඉන්න දෙන්නෙත් නැහැ....උඹ ඇනෝලට ඉන්න දෙන්නෙත් නැහැ.///

      මරු කතාව අරූ...

      Delete
    3. ඒක ඇදලානේ උඹත් මට පහර දෙන්නේ අරූ. ලොකු පුතා කියල වෙනසකුත් නැහැ. ඇනෝ එන්නෙත් දන්නා අයගෙන්ම කොටසක්නේ.

      Delete
    4. මම කිසිම විටෙක සම්මාණ වලටවත්, නෙළුම්යායටවත් පහරදී නැත. ඒ මගේ ප්‍රතිපත්තිය නොවේ. විචාරය සහ පහරගැසීම එකක් නොව දෙකකි. ඇනෝ ලෙසින් එන්නේ කවුද කියා උඹ හොදින්ම දන්නවා ඇති කියා මම සිතමි.

      නෙලුම්යායට ගහනවා නම් ඒවා උඹ පෞද්ගලිකව බාර ගත යුතු නොවේ. ඒවාට පිලිතුරු බැඳිය යුත්තේ නෙලුම්යාය නම්වූ ඒ මුලු කංඩායමය. සාමුහික වගකීම් යනු ඒවාය. උඹ පිලිතුරු දිය යුත්තේ නුඹ ගැන පමනක් බව මගේ විශ්වාසයයි.

      Delete
  20. දෙවෙනි හේතුව හැටියට දකින්නේ මේක එන්ජිඕ වැඩක්, සල්ලි ගොඩක් ලැබෙන වැඩක්, හොර වැඩක් හැටියට දැකීම. එහම කියන ගොඩක් අයට කියන්නේ ඇතුලට ඇවිත් සම්බන්ධ වෙලා බලන්න කියල. සංවිධානය කරන්න එන්න කියල. උදව් කරනන් එඅන්න කියල . එච්චරයි. අනික මේක බ්ලොග් වලට විතරක් සිමා කරන්න මගේ නම් අදහසක් නැහැ. ට්විටර්, වට්පෑඩ් වලටත් ගෙනි යන්න දහස් තියනවා. ඊබුක් පල කරනන් අදහස තියෙනව. බ්ලොග් විතරක් නෙමේ ලෝකේ තියෙන්නේ. අනික බ්ලොග් වල ප්‍රබන්ධ වගේම සැබෑ ලෝකේ වෙන දේවලුත් ලියවෙනවා. බ්ලොග් තියෙන්න ඕනේ බ්ලොග් ඇතුලේ කියන කතාවම මිත්‍යාවක් වෙනවා එතැනදී. ඒක තියෙන්නේ සමාජයේ රස වින්දනය උදෙසා කියන එකයි මගේ මතය. පෞද්ගලික බ්ලොග් තියනවා වහගෙන යාළුවන් එක්ක විතරක් කරන. එහෙම ඒවා එහම තියා ගත්තට කමක් නැහැ . මගෙත් එහම එකක් තිබෙනවා. ඒක වෙන කවුරුවත් දකින්නේ නැහැ. මේ හැමෝටම වැඩ වැඩ කරන්න නොමිලේ ලැබෙන නිදහස් එකක්. දැන් ඇනෝ ගෙන ඇවිත් ඕනේ නම් බනින්න.

    ReplyDelete
    Replies
    1. ඉතින් ධර්ම මහත්තයෝ
      දෙවෙනි හේතුව හැටියට දකින්නේ මේක එන්ජිඕ වැඩක්, සල්ලි ගොඩක් ලැබෙන වැඩක්, හොර වැඩක් හැටියට දැකීම. ///////ඉතින් ඕවා කියකියා ඉන්නේ ඔය ඔය බජට් නැති ප්‍රොජෙක්ට් එකේ ඇත්ත කාටත් දැනගන්න එක්ක බජට් එකක් හදලා පල කලහම එනඑකෙක් එයි යන එකෙක් යයි.ඔහේ නේද සංවිධානය කලේ ? ඔය අන්තිම ටිකත් කලහම හිතයි බඩයි දෙකම දෙකම සුද්දයි නේද
      ?

      Delete
    2. /////බ්ලොග් විතරක් නෙමේ ලෝකේ තියෙන්නේ. අනික බ්ලොග් වල ප්‍රබන්ධ වගේම සැබෑ ලෝකේ වෙන දේවලුත් ලියවෙනවා//////////

      අදද දන්නේ? මම හිතන්නේ ඕක කවුරුත් දන්නවනේ.

      Delete
  21. මේ ළඟදි අපෙ මල්ලි ඇවිත් කිව්ව බස් එකේ එනකොට ඉස්සරහා හිටපු එකා පෙරලගෙන හිටපු පත්තරේ පාදුක්ක කියල නම දැකල ටිකක් ඔලුව දාලා බලනකොට හොඳට පුරුදු කතාවක් තියෙන නිසා මොකාද ලිව්වෙ කියල බැලුවාම ඒකෙ මගේ නමලු තියෙන්නෙ... ඒ පාර උෟ පත්තරේකුත් උස්සගෙන ඇවිත්... මම දන්නව ඔය සමහර පෝස්ට් පත්තරවල යනව කියල.. ඒක ගානක් නෑ.. ඒ උනාට අපේ ගෙදර කට්ටියයි, අල්ලපු කඩේ කට්ටියයි, අල්ලපු ගෙදර කට්ටියයි ඔක්කොම එකතු වෙලා ඒ පත්තරේ කියෝනකොට මං වැටුන අපහසුතාවය ගැන විස්තර කරන්න වචන නෑ මට... බ්ලොග් එකේ ලියන දේවල් කියවන්නෙ යම්කිසි විදියකින් බ්ලොග් වල ලියවෙන දේවල් ගැන, ඒ දේවල් ලියවෙන රටාව ගැන තේරුමක් තියෙන අය... මං අරූ මූ යකා බූතය වගේ වචන, කතා කරන භාෂාවෙන් ලියන එක වගේ දේවල් පාවිච්චි කරන්නෙ සහ ලියන දේවල් ලියවෙන්නෙ ඒ පෝස්ට් එක ලියන අවස්ථාවෙදි ඉන්න මානසික තත්වය එක්ක... ඒක හැමතිස්සෙම වගේ දෙතුන් පාරක් කියවල බලල, එඩිට් කරල දාන ලිපියක් නෙවෙයි... ඒක මගේ බ්ලොග් එක බලන කෙනා දන්නව... ( වෙන තැනක දැක්කත් මේක නං ලිව්වෙ හිරුවා තමයි කියන්න තරං සිග්නේචර් එකක් ) ඒත් ඒ පෝස්ට් එකම බ්ලොග් එකෙන් එළියෙදි කියෝන කෙනෙක්ට ඒ තත්වෙ තේරෙන්නෙ නෑ... මේ මොනාද මේ ලියල තියෙන්නෙ කියල කණ පැලෙන්න බැනුං ඇහුවෙ නැත්තෙ එදා හම්බුවෙච්ච සම්මානෙ බ‌ෙලං තමයි.. හි හි

    ඒක නිසා මං හිතන්නෙ බ්ලොග් පෝස්ට් තියෙන්න ඕනෙ බ්ලොග් අවකාශෙ තමයි... මේකෙ තියෙන සමහර දේවල් බ්ලොග් අවකාශෙන් එළියට දාන්න පුළුවන්.. කවි පොත්, ජීවිත අත්දැකීම් පොත්, නව කතා, කෙටි කතා වගේ දේවල්.. පොඩ්ඩක් එඩිට් කරල එහෙම... ඒත් හැම එකම බෑ... මම නං ජීවිතේට මගේ බ්ලොග් එකේ ලියන දේවල් පොතක් විදියට එළියට දාන්න හිතන්නෙ නෑ.... කියවන්න ඕනෙ කෙනෙක්ට ප්‍රින්ට් කරගන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කෞශිට පුළුවන්නේ බ්ලොගේ බ්ලොක් කරන්න. තමන් ඉන්වයිට් කරන අයට විතරක් බලන්න. ඒකට නිදහස තිබෙනවානේ. මේක නිදහස් අවකාශයක් හැටියට අපිට කැමැති දේ කරත හැකි. කොපි කරනන් එපා කීවහම කරන්නේ නැහැ. කොමෙන්ට් දාන්න එන්න එපා කිව්වහම කරන්නේ නැහැ. අර එක්කෙනෙක් මාව කෙලින්ම බ්ලොක් කරලා තියෙන්නේ. මේක කැමති අය එකතු වෙලා කරන දෙයක් නේ. දැන් ඔබතුමිය අර බ්ලොග් නිර්දේශ කිරීමට කැමති වුනේ ඇයි ? මට මේක තේරුම් ගන්න අමාරුයි.

      Delete
    4. හා.. කමක් නෑ... ඕකෙ අමාරුවෙන් තේරුං ගන්න තරං දෙයක් නෑ.. හි හි

      ඔව් උපේක්ෂා.. තව චුට්ටෙන් බෙල්ල ගහල යන්නෙ...

      Delete
  22. චෙෆා,
    මේ දේවල් අපට පාලනය කරන්න බැරි දේවල්. අපේ සීම‍ාවෙන් පිටත තියන දේවල් ගැන මම නං කල්පනා කරන්නෙ නෑ. බ්ලොග් කියන්නෙ අසුවල් දේ ය ඒක අසුවල් විදියට පාලනය වියයුතුයි කියල හිතනවනං ඒක වැරදියි. මේක නිදහසේ ගලන ගඟක් වගේ. (මම වගේ)සමහරු ලියයි, සමහරු කියවයි, සමහරු බ්ලුක් ගහයි, පත්තරවලත් ආටිකල් යයි.... මේ අටෝරාසියක් කාරණා මේ නිදහස් අවකාශය ඇතුලෙ සිද්ධවෙයි. ඒවා උපේක්ෂාවෙන් ඉවසීමයි අපි කලයුතු.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ අදහසට එකඟයි රාජ්.

      Delete
  23. මලකෙලියයි!
    මම හිතන් උන්නෙ බ්ලොග් කියන්නෙ නිදහස් අවකාශයක් කියලා!!

    ReplyDelete
  24. අම්මටහුඩු !!
    එන්නං සෑර් …

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට තේරුනානම් නිවාඩු පාඩු වෙලාවක මටත් ට්‍රාන්ස්ලේසන් එකක් කරල දෙනවද?

      Delete
    2. බල නසනා ඉඟි මරණ තුරා
      අපි බාර ගැනීමෙන ආසා
      පාරේ ගියේ මේ ආසා වීලා
      සෝක දේ ඒ රම්‍ය විලාසේ
      ඉන් මර යෝගේ කෝප දුඟදේ
      සෝක සම්ච්චල් දෙන්න උනානේ
      බයෙ බයෙ ඉන්නවා පණ යයි සිතාලා

      (ඩී. ටී. ප්‍රනාන්දු /සල්ලි එපා නමින් දෙබස් කැවුණු මිලාප් නම් හින්දි චිත්‍රපටyen )

      Delete
  25. ශෙෆාකි....මම මේ කොහෙවත් දාපු කමෙන්ට් එකක් මෙච්චර ඈතට ගසාගෙන යයි කියලා මම හිතුවේ නැහැ. හැබැයි ඒක එහෙම වෙච්ච එක හොඳයි. මට උවමනාවුනා මගේ හිතේ තිබුනු අදහස් කීපයක්, එක් එක් කෙනාගෙන් පෞද්ගලිකව අහගන්නවාට වඩා, පොදුවේ බ්ලොග්ස් ලියන කාගෙනුත් දැනගන්න. නොයෙකුත් අදහස් තියෙනවානේ. උඹ ඒ වෙනුවෙන් පෝස්ට් එකක්ම ලියලා උඹේ අදහස් කියනවා. සමහරු මේ අහන එක වරද්දවගෙන සම්මානයි, චැරිටියි මේකට පටලවගෙන ඒ පස්සෙන් දුවනවා. ඒ එක එක්කෙනාගේ ඔලුවේ තියෙන දේවල් නේ. ඒ කොහොම වුනත් මේ ලියන දේවල්වලින් එක් එක් අයට උලුප්ප දක්වන්න උවමනා පෞද්ගලික න්‍යයාපත්‍රත් ඇති. ඒවා මට අදාල නැහැ.අවශ්‍ය සහ වැදගත් අදහස් මගේ ගැටලුත් එක්ක එහා මෙහා කරලා නිවැරදි උත්තරය හොයාගන්න එක තමයි මගේ උවමනාව.

    මොනවා වුනත් උඹ උඩින්ම ලියා ඇති පරිදි මාව 'උස් කඳු මුදුනක' තිබ්බ එක හොඳයි....මොකද මුරුංගා අත්තක තිබ්බනම් මගේ බරට කඩන් වැටෙනවා. ගහට අත්තකුත් නැතිවෙනවා : මටනම් තුවාල වුනත් කමක් නැහැ.
    කවුරුහරි උඹව කොහෙ හරි වාඩිකරවන්න යනවා නම් බලපන් එතන ටිකක් ස්ටෙඩිද කියලා. නැත්නම් හිටගෙන හිටපන්, අතුවලින් වැටුනොත් ඩැමේජස් වැඩියි :D

    ReplyDelete
    Replies
    1. //බ්ලොග් අවකාශය ආශ්චර්යමත් කලවුන්, අතර මා උසම කඳු මුදුනෙහි තබන්නන් අතර //

      ඔක්සිජන් මදිවීමෙන් මවුන්ටන් සික්නස් හැදෙයිද?

      Delete
    2. ඒකත් ලෙඩක් තමයි ප්‍රා මේ නහින දෙහින කාලේ. ඒක නිසා ශෙෆාකි මාව තිබ්බ කඳු මුදුනින් ආපහු පල්ලෙහාට ගනින්.

      Delete
    3. ෂර්පා ධුරය කොහොමවෙතත් වෙනත් ආස්චර්යය වගේ නොවී අරූගේ ආස්චර්යය අන්බීටන් රිටයර්වුනාට ආයිත් අරූ සුලඟක් හමයිද කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්නව

      Delete
    4. \\ කවුරුහරි උඹව කොහෙ හරි වාඩිකරවන්න යනවා නම් බලපන් එතන ටිකක් ස්ටෙඩිද කියලා. නැත්නම් හිටගෙන හිටපන්, අතුවලින් වැටුනොත් ඩැමේජස් වැඩියි :D///
      එච්චර ලක්ෂරි එකක් කොහෙද බං අපිට..අපිව ක්වුරුවත් වාඩි කරවන්නේ නෑ...හිටගෙනම තමයි ඉතින්...!
      කොහොමත් බිම ඉන්න කොට වැටෙන්න තියෙන චාන්ස් එක අඩුයි..පැත්තට පෙරලෙනවා මිසක්....!
      වැට උඩ ඉන්නෙ හිතෙන් නිසා වැටුනොත් ඉතින් හිත තමයි...කාට හරි..ඒත් මේ නහින දෙහින කාලේ..අනේ මන්දා ....!

      Delete
    5. ///කොහොමත් බිම ඉන්න කොට වැටෙන්න තියෙන චාන්ස් එක අඩුයි..පැත්තට පෙරලෙනවා මිසක්....!///
      මේක ලිව්වේ බිම පෙරළෙන්න කලින්ද...

      Delete
  26. කැමති එකා බ්ලොග්ස් ලියයි , බ්ලූක්ස් ලියයි, බුක්ස් ලියයි, පත්තරවලට ලියයි, කමෙන්ට් ලියයි, කොටු ලියයි, ස්මයිලීස් ලියයි, ඔක්කොමත් ලියයි, කිහිපයක් ලියයි, ටිකිරිලියයි, නොලියත් ඉඳියි.

    මේ පුරස්නෙ තේරුන් යන්න මට දැනුම් තේරුම් මදි වගේ ඒත් කාලෙකට පස්සෙ ලියපු එකට ඉස්තුතියි c-a සීයේ

    ReplyDelete
    Replies
    1. අශෝක හඳගමගේ " අක්ෂරය " චිත්‍රපටිය තහනම් වුන් වෙලාවේ ,ඉන්ටවිව් එකකදී හඳගමගෙන් අහනවා
      "අක්ෂරය චිත්රපටිය හරහා oba සමාජයට දෙන්නට උත්සාහ කරන පණිවිඩය කුමක්ද?" කියල.
      හඳගම කියනවා " මොකක්වත් නෑ. මට මොකක්ද තියෙන අයිතිය මිනිස්සුන්ගේ සිතුවිලි ක්‍රියාකාරකම් පාලනය කරන්න ? මිනිස්සුන්ට යකා නටන්න ඕන නම් යකා නටපුදෙන් , සිල්ගන්න ඕනනම් සිල් ගත්තදෙන් ."

      Delete
    2. ///හඳගම කියනවා " මොකක්වත් නෑ. මට මොකක්ද තියෙන අයිතිය මිනිස්සුන්ගේ සිතුවිලි ක්‍රියාකාරකම් පාලනය කරන්න ? මිනිස්සුන්ට යකා නටන්න ඕන නම් යකා නටපුදෙන් , සිල්ගන්න ඕනනම් සිල් ගත්තදෙන්. ///

      බලාගෙන යනකොට ඌ එළ කොල්ලෙක්නේ...

      Delete
  27. සියල්ල අවසානයේ මට කීමට ඇත්තේ ද, මේ ලේඛන වැඩවලට නීති රීති දැමීම, අරක මෙහෙම විය යුතුයි, මේක අරෙහෙම නො විය යුතුයි කීම තේරුමක් නැති බවයි.

    භාෂාවක් අලුත් වචන එකතු වෙමින්, පරණ වචනවලට අලුත් තේරුම් එක් වෙමින් ගලාගෙන යනවා වාගේ, ලේඛන කටයුතුත්, ඒ ඒ වාතාවරණයන්ට මුහුණ දෙමින් හැඩ ගැසෙමින් ඉදිරියට යාවි!

    ReplyDelete
  28. ඉරිගහගෙන කොටු ගහගෙන ඉන්න හදන්නේ නැතුව , නිදහසේ ජීවත් වෙමු, එතකොට blog සයිබරේ හරි කොහේ හරි තිබ්බම අපිට මොකෝ. පොළොවට බහින් එවුන් පොළොවට බස්සවේ , අහසට නගින් එවුන් අහසට නැග්ගාවේ . අපි ඉමු අපේ පාඩුවේ

    ReplyDelete
    Replies
    1. කොහේද කොහේද අපේ ළොවක්...
      කොහේද කොහේද අපේ රටක්...
      මුරකාවල් නැති,
      වැටකොටු බැමි නැති,
      අපේම අපේම අපේ ළොවක්...

      Delete
    2. අපේම අපේම නවාතැනක් ලෙස නිවරදිවිය යුතුයි එය ...:D

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  29. අනේ මං දන්න මගුලක් නැහැ. ඔය ආපු විදියට ලැබිචිචි දෙයක්ජි අරගෙන ජීවත් වෙලා මැරිල යනවා අයියේ. හැක්

    ReplyDelete
    Replies
    1. බය නැතුව ඉඳින් ඉකමනට මැරෙයි කොහොමත්

      Delete
  30. රෙන පුකට මොන රේන්ද්ද කිව්වලු ?
    අපි ඕවට නැහැ

    ReplyDelete
  31. තමන්ගේ දෙයක් දැනුම වේවා, සංවාදාත්මක කාරණා වේවා නිර්මාණ වේවා ප්‍රකාශ කරන්නට භාවිත කරන්න පුළුවන් වියදම් අඩුම ක්‍රමය තමයි බ්ලොග්. ඒ මම දකින විදිය. කාගේ වත් පස්සෙන් යන්න ඕන නෑ. කාටවත් කියල කරවගන්න ඕන නෑ. සල්ලි දෙන්න ඕන නෑ. නොමිලේම තමන්ගේ මතය හෝ නිර්මාණය වෙනුවෙන් මණ්ඩපයක් හැදෙනව. ඔය දේ නිදහසේ භාවිතා කරන්න පුළුවන් වගේම එයින් පරිභාහිරව පොත් පලකරන්න වෙනත් ව්දසටහන් වලට එකතු වෙන්න පුළුවන්. මම නම් ඒ දේවල් වල කිසිම අවුලක් දකින්නෙ නෑ. හැබැයි පිළිගන්න වෙනවා බ්ලොග් අවකාශය පිටතදී හැදෙන පුද්ගලික හිතවත් කම් නිසා සහ වෙනත් සම්බන්ධතා නිසා අර ස්වාදීනත්වයට යම් කිසි බලපෑමක් වෙනව කියල. බ්ලොග් වල ජනප්‍රියතාවය පොතක් පල කිරීම සහ සිංදුවක් ලිවීම වගේම වෙනත් කාරණා වලට යොදාගන්න එක නරකයි කියන්නත් බෑ මගේ මතයේ හැටියට. ඒ මගින් ලැබෙන ප්‍රසිද්ධිය, පුද්ගලයින් දැන හඳුනා ගැනීමැ නිරන්තරව සිදුවන කාරණා. සමහරුන්ට පුළුවන් නිර්නාමිකව ප්‍රධාන ධාරාවට ඔබ්බෙන් ඉඳන් තමන්ගේ අයිඩෙන්ටිටි එක හෙළි නොකරගෙන බ්ලොග් කරණයේ යෙදෙන්න. ඒක එකිනෙකාට සාපේක්ෂයි. කොහොම උනත් වැදගත්ම දේ තමයි බ්ලොග් ලිවීම. ඔය මොන දේ කලත් පොත් ලිව්වත් සිංදු කිව්වත් සිංදු ලිව්වත් මේ ප්‍රවාහයේ තියන වටිනාම කාරනාව තමයි බ්ලොග් ලිවීම සහ ඒ ලියන දේවල් ජනතාව අතරට යෑම. පොත ගැහුවත්, ප්‍රජා සත්කාර කළත් සතුටු සමාගම් පැවැත්වුවත් ප්‍රධාන කාරනාව බ්ලොග් ලිවීම. ලිවිල්ලයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. ලිවිල්ලයි වැදගත්......!!!!

      Delete
    2. දෙදෙනා සමගම එකඟයි. අර ඉයන් කියනවා වගේ ස්තූතියි චෙෆා , ස්තුතියි සජ්ජා

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....