Tuesday 31 May 2016

සමුදෙන්න අදට මට...!

www.dreamstime.com
දවාලට කන්න යැයි
අහුලා ගෙන එහෙන් මෙහෙන්
අම්මා දුන් සත හැත්තෑපහ
දකුනු සාක්කුවේ

වමත ඔබ අත පිරිමදින නියාවෙන්
දකුනතින් මා කාසි සමග
හීන් කෙඳිරිල්ලක, සිහින් මදහසක
හිත් ඔතන්නට දරන වෑයම්

සුළඟේ පාවෙන ඔබ කෙහෙරැල්
කරන්නේ ඇයි මේ සරදම්
දෙගිඩියාවෙන් පෙලන්නේ
ගැටවර මා කෝල සිතුම්

මිරිඟුවද ඒ සොඳුරු
මා පෙලෙන පිපාසෙන්
ඔබ රැගෙන පාවෙන්න
සාක්කුව බැහැ කියන...



සමුදෙන්න අදට මට...!


RIVER OF TEARS - Eric Clapton
This song was recorded very early in the Pilgrim sessions. Eric Clapton believes this song is as good as anything he’s ever done before. In fact, it became the standard for the rest of the album. “Lyrically, it is about a specific person. My impulse for writing the song was initially very manipulative. I was always toying with the idea that when she’d hear this song there would be a reconciliation or something. It had a purpose. Then it started getting vindictive and at some point I started feeling like the lyrics were becoming too melodramatic. I realized that the way to save it was to bring it back to talking about me and that maybe I’m an unavailable person. Maybe it’s me that’s unavailable. That whole thing in the song about just drifting from town to town and not really being able to fit in, takes the blame off somebody else and places in on myself.” (From May 1998 Guitar World)






40 comments:

  1. When she'd here this song there would be reconciliation or something :)

    ReplyDelete
    Replies
    1. When she'd hear this song there would be reconciliation or something :)

      Delete
  2. Replies
    1. අහෝ ඉරකි තිත් පේලියකි

      Delete
  3. මල්සරා මෙදාපාර කෙලල ඇරල තියෙන්නෙ දුන්නකින් නෙවෙයි කාල තුවක්කුවකිං . ඕ යේස්

    තද තද බ්‍රෝ !!!

    ReplyDelete
    Replies
    1. අපේ වෑසට මල්සරා නෙවෙයි දරුවො කෙලල අරින්නේ ..මාරයා...!

      Delete
  4. මොනා උනත් කවිය නම් පට්ටයි.

    ReplyDelete
    Replies
    1. පට්ට කෙසේ වෙතත්...හිතෙන් අවුරුදු හතලිහක් විතර ආපස්සට යැවුනා...!

      Delete
  5. සිතින් මා නොසැලී සිටිද්දි...
    කවිය නුඹ ඇවිදින්....
    නිවා දැමු ඒ.... සිතේ පීඩා..
    නොවිඳිනූ මැනවී...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මහාචර්‍ය තුමා කියන දේ මේ සම්භාව්‍ය කිවිඳියට නොතෙරෙන හැටි ඇත්තටම....
      ඔය තව වර්ෂන් එකක්..
      නිවපු දුක් පීඩා පුලුවන් නම් ආපහු තෝත් ඒඳපිය කියල කියන වර්ෂන් එක...
      නැද්ද මාතේ..?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ජලා හුටා මළ කෙලියයි...
      ලැටර් බී එක වෙනුවට ලැට වී එක එබිලනේ...

      Delete
    5. සිතින් මා නොසැලී සිටිද්දී
      කඳුල නුඹ ‍ඇවිදින්...
      නිවා දැමුවේ නෙතේ පීඩා
      නොබිදිනූ මැනවී

      තනිව මා හඩනා වෙලාවේ
      සැලි සැලී සිහිනේ..
      වැටුනු මහ වරුසා මතක්වී
      නුඹ රැදී දෑසේ..

      සිතින් මා නොසැලී...

      තවම මා නොදුටූ සිනා කැන්
      හමුනොවූ යාමේ
      කදුල මට කරුණා කරන්නැයි
      අයැදිමී නිබදේ...

      සිතින් මා නොසැලී...

      ගායනය - ටී.එම්. ජයරත්න
      ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය - ස්ටැන්ලි පීරිස්

      Delete
    6. මේ සිංදුවේ වයලින් සිතාර් පාට් වලට ඇඬෙනවා....

      'නිවා දැමු ඒ' නේද? එතනදි මාතලන් ලියලා තියනව විදිහ හරි...

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව....දරු මාල්ලෝ ගෙවල් දොරවල් මතක් වෙනව කොල්ලන්ට කෙල්ලෙ ටොයින් ටොයින් වෙන කොට...

      මේ ඇත්තටම මොකටද ඔය ටොයින් ටොයින් වෙනව කියන්නේ?

      ඔය තරුණ ගැටව්ගේ භාෂා විලාස ගැන අපි එතරම්ම දැනුවත් නැති නිසාවෙන් අහන්නේ...!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. // අම්මා දුන් සත හැත්තෑපහ //

    සිරිමා ආන්ඩුවේ අග හෝ ජේ ආර් ආන්ඩුවේ මුල සිදු වූ කතාවකි...

    ReplyDelete
    Replies
    1. 1985 දිත් අම්ම මට දුන්නෙ ශත 50යි. ඒකෙනුත් ශත 25 සීට්ටුවක් දැම්ම.

      Delete
    2. මගෙ පුතු හරි හපනා
      හෙට කොළඹ ට යනවා
      පනම් තුනක් ලබ ලා
      මටත් එකක් දෙනවා
      මගෙ පුතු හපනා...

      මගේ උකුළු යහනේ
      අද සුව නැති හින්දා
      ඒ නැළවිලි ගීයෙන්
      පුතු නළවන්නට බෑ
      වැවිලා දැලි රැවුලූ
      උරතල වේ පුළුලූ
      කටහඬ මොළකැටි නෑ
      තුරුණු ය මා පුතණූ...

      මගෙ පුතු හරි හපනා
      හෙට කොළඹ ට යනවා...

      ආශා ගී නුහුරූ
      මා පුතු රවටයි දෝ
      සවන් නොදෙනු පුතුනේ
      ඒ ගී නැත මියුරූ..
      පෙර මඟ අද ඔබගේ
      පියතුම නැතැයි කියා
      වෙනස් නොවනු පුතුනේ
      ඔබෙ හද වෙසෙයි පියා...


      ගී සංකල්පනාව : දයා ද අල්විස්
      සංගීත නිර්මාණය : ටී. ෂෙල්ටන් පෙරේරා
      ගායනය : රූපා ඉන්දුමතී

      Delete
  8. remember u were explaining how to continue a chat for a longer period.....hmmm..hmmm...hmmm...!

    ReplyDelete
  9. I remember a demonstration of how to do it..... by giving examples which were longer than the main theme.

    ReplyDelete
  10. as per kamiya "rata gon " examples....hahahaha...!

    ReplyDelete
  11. yas yas cunttree buls eggsampals .

    ReplyDelete
  12. සිතින් මමත් අතීතෙට ගියා.සුන්දර මතකයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල හරිම මිහිරි විදියට විඳපු වේදනාවක් වගේ මතකයක්......වේදනාවකුත් නැති තරම්...
      මගුලේ පොටො දැක්කා අපි....අරකා ටයි පොල්ලක්වත් දාලා නෑ නොව...!

      Delete
    2. කොල්ලොනේ චෙෆාකි.රාත්‍රියේ අපි පොඩි සාදයකට එක්වුනා.

      Delete
    3. අපේ මගුල් ෆොටෝ එකේ නොපෙනෙන තුන්වෙනියෙක් ඉන්නවා. ඒ මතකයත්, ඒ බැඳීමත් හරිම ශක්තිමත් සහ මිහිරියි.

      Delete
  13. දකුණු සාක්කුවේ හිලක් තිබුනේ නැද්ද ශෙෆා...

    ReplyDelete
    Replies
    1. ඒ හිලෙන් කාසි ටික වැටෙයි කියල තියෙන බයට තමයි අත සාක්කුවෙ...කෙල්ලොන්ට ඕව තේරෙන එකක්යැ මචෝ...!

      Delete
  14. දනිමි....
    කියන්නට ඇති
    රහස දනිමී
    දනිමි...
    මිහිරි බව දනිමී
    ඒ නිසා...
    රහස මුවඟින්
    නොපවසනු මැනවී...

    පිපුණු පසු මල්
    පරව යන සේ
    සතුට යයි මැකිලා...
    ඇයි ද හිනැහී
    කැකුළු පරවන්නේ
    ඒ නිසා...
    කැකුළු මල තුළ
    සුවඳ රැකුණාවේ
    සුවඳ රැකුණාවේ...

    මෙතෙක් නොඇසූ
    ගීය මිහිරියි
    නොවිඳි සුව මිහිරෙන්...
    එවන් මිහිරෙක
    මහද සැතපෙනවා
    ඒ නිසා...
    රහස ගොළු කර
    දරා ගත මැනැවී
    දරා ගත මැනැවී...


    ගී සංකල්පනාව : දයා ද අල්විස්
    සංගීතය : තිස්සසිරි පෙරේරා
    ගායනය : මාලිනී බුලත්සිංහල

    ReplyDelete
  15. 'ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී' කියලා, දිවුල්ගනේ තුමා කිව්වේ, ඒක නිසානේ.

    ReplyDelete
    Replies
    1. ඉවසුවා කියන්නේ..තාමත් ඉවසනවනේ...

      Delete
  16. viber whatzapp, hangout, නැති කාලෙක අම්මලා අමාරුවෙන් අරන්දෙන පොත් අස්සේ හදුන්කූරු දාල සුවද කවපු පිටුවල , නහයෙන් අඩලා පංතියේ ලස්සනම වටකුරු අකුරු තියන කෙල්ලට කිරි ටොෆි 5ක අල්ලස් දීලා ලියුම් ලියාගෙන ආදරේ කරපු teenagers ලා හැටියට "river of Tears" එක්ක මේ ලියවිල්ල පුදුම විදිහට දැනෙනවා Chef-Architect

    ReplyDelete
    Replies
    1. එහෙමත් කාලයක් තිබ්බා නේන්නං..වැඩේ කියන්නේ පංතියෙ වටකුරු අකුරු වගේම රොමෑන්ටික් අයිඩියාස් තිබ්බ එකා වෙච්චි මට හෙන ඩිමාන්ඩ් ඒ දවස්වල ගැටවර පෙම්වතුන්ගෙන් ලියුම් රචනාව සඳහා...! කිරි ටොපි වෙනුවට ඉල්ලුවේ ටක්ෂොප් එකෙන් වඩේ එකයි බනිස් එකයි....!!!

      Delete
    2. මාත් කිව්වේ ඒ experience එකෙන් තමයි Chef-architect :)

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....