Saturday 14 May 2016

මල්වර



හොල්මන් කරද්දි හිත ඇතුලේ
ආදරෙන්
ගොඩාක් .....

හිතින් තරුණයි
ඒ මම...

ලෙන්ගතු කමද
ආලිංගන හැඟීමද ඒ...

මල්වර අහස කියන්න මා හට
දරාගන්න බැරි එවන්
හැඟීම ආදරයම නොවේද යැයි කියා

එනමුදු එවන් හැඟුමට
කිමද නොමැත්තේ මුහුණක්..

69 comments:

  1. // එනමුදු එවන් හැඟුමට
    කිමද නොමැත්තේ මුහුණක්.. //

    මුහුනක් නැතත්
    තිබෙනවා වාගෙයි
    මල් දුන්නක් :D

    ReplyDelete
  2. පෙම්බර හිතකට ලෙන්ගතු ඈරයුම්
    ඈත්තටමද ඔබ කිවේ මේලෙසින්
    ඈස්දෙක ඉඟිකල කතන්දරේ පෙම්
    මට විතරද තව කිවද රහසින්....

    ReplyDelete
    Replies
    1. දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
      නදී නිම්නයේ රුවක් ඉන්නවා
      ඒ රූප නාරී හිඳී නෙත් ඇරන්
      නුඹෙ නාරි ගේන හැඟුම් මත්වෙමින්
      මට තාම සීතයි මගේ රත්තරන්

      Delete
    2. මංමුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ
      මං මුලාවූ සමණළියකගෙනි පාර අසා ඇත්තේ.....!

      Delete
    3. පාර ඇහුවටනම් කමක් නැහැ ...මාර ගහකට හේත්තු කරගන්න එපා.

      Delete
    4. අරූ..පාරෙමාර ගස් ඔක්කොම කපල බං....!!

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  3. \\ එනමුදු එවන් හැඟුමට
    කිමද නොමැත්තේ මුහුණක් //


    අපිට පේන සමාජ සම්බන්ධකම් තියෙන්නේ තුනයි, එක්කෝ ගේ, නැත්තං ලෙස්බියන්, එහෙමත් නැත්තං සමාජ සම්මත පොතේ ලියපු කසාද, එතකොට එතනින් එහාට ගිය දෙයක් තියෙන්ඩ බෑද, මං කියන්නේ පොතේ ලියපු වයිවාහකත්වයේන් එහාට ගිය ආදරයක් තියෙන්ඩ බැරිද,

    මං කියන්නේ පොතේ ලියලා අස්සන් කරලා අයිති කරගන්න කෑදර ආදරෙන් එහාට ගිය අක්මාවෙ ආදරයක්


    හනේ යකෝ ඉඳලා හිටලා බොන අරක්කු ටිකටත් කෙලවෙන්ඩයි යන්නේ

    ReplyDelete
    Replies
    1. කන්දේ විදානේ ..... ලා ..... (ගේ )

      Delete
  4. හ්ම් , අර වෝටර්ස් එජ් ඒගේ බීපු දා කාව ව හරි මුණ ගැහුනා වත්ද?

    ReplyDelete
  5. ආදරය කරන්න සමාජ සම්මත ඕනේ නැහැ.
    මටත් තිබුණා කෙල්ලෝ 1412 කට ආදරය කරපු අතීතයක්

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලන්ටත් මූනු තිබුන්නැද්ද බං.

      Delete
    2. අපේ එවුන් කියන්නේ උන්ට ඇස් නැහැ කියලා

      Delete
    3. අපිලා නම් හැමෝටම ආදරෙයි අයියා...!

      Delete
  6. /////එනමුදු එවන් හැඟුමට
    කිමද නොමැත්තේ මුහුණක්..///

    මූණක් නැති උනාට කමක් නෑ.. හදවතක් තියනවානම්...

    අපූරු සංකල්පනාව..

    ReplyDelete
    Replies
    1. ඒ හැඟුමට සරිලන මූණ ගැනනේ කිව්වේ...
      තැන්කූ...!

      Delete
  7. ඇයි හිතිං විතරක් තරුණවෙන්නෙ
    තරුණ වෙන්නැද්ද ගතිනුත්.

    ReplyDelete
  8. ළඟදි හංස විලක් දෙරණ ටැලිවුසොන් එකේ ගියා..

    ඒකවත් බලලද මේ...

    හෙමින් සැරේ පියා විදා//
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුමි සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    හෝ෴හො෴හෝ හෝ හෝ...
    ආ෴ ආ෴ ආ.......

    මලක් නමි එය මලක් උව මැන
    සිනිදු සුකොමල ඔආ ආ ආ...
    රැවෙන් සරසන
    විලක් නමි එය විලක් වුව මැන
    නීල ඉදුවර ඔආ ආ ආ...
    දියෙන් උපදින
    හෙමින් සැරේ පියා විදා.....

    නැවුමි වත්සුනු රොනින් මත් වී
    සිහින නිමිනය ඔආ ආ ආ...
    සුපුෂ්පිත වෙයි
    සිහින් හඬකින් මහද අමතයි
    මුදා හැර දා ඔආ ආ ආ...
    පවුරැ සිරි යහනේ
    හෙමින් සැරේ පියා විදා.....


    වර්තමාන ගීත සහ අතීත ගීත සසදා බැලූ කල පැහැදිලි වෙනසක් දැකිය හැකිය. ප්‍රධානම වෙනස නමි වර්තමාන ගීතයේ අර්‍ථය ඍජුවම රසිකයා වෙත එල්ල කිරීමයි. නමුත් අතීත ගීතයේ අර්ථය ඍජුවම ලබා නොදෙයි. එම ගීතය රස විදින විට සිත තුළ මනො රෑප දහසක් මැවෙයි. අපද ඒ රෑප තුළ චරිත බවට මොහොතකට හෝ පත් වෙයි. සුභාවිත ගීතයේ ප්‍රතිපලය මෙයයි.
    “රමිබරි කියපන් උඹෙ නොමිමරේ...“ යනුවෙන් ගැයෙන ගීතය අසන විට ඔබට ඉහත අයුරින් මනෝ රෑප මැවෙයිද? ඒ නිසාවෙන්ම ඔවුන් ඒවාට රෑප රචනා නිර්මාණය කර ඇත. නමුත් එහිද අර්ථයක් නැත.
    “හෙමින් සැරේ පියා විදා...“ ගීතයේ අර්ථය පදයෙන් පදය අරැත් හැර බලන්න. තරැණ යුවලක් රාගයෙන් වෙලී යන ආකාරය මැනවින් මනෝ රෑප තුල මැවෙයි.
    අතීතයේ හා වර්තමානයේ වෙනස මෙයයි.(උපුටා ගැනීම - real-meanings.blogspot.com)

    ReplyDelete
    Replies
    1. මාත් එදා ආයෙමත් කාලෙකට පස්සෙ හංස විලක් බැලුවා.

      Delete
    2. ඒ වගේ තව ගොඩාක් ඒව බැලුව නිසා වෙච්ච ඇබැද්දියක් වෙන්ටෑ...!

      Delete
    3. ගායනය : ටී.එම්.ජයරත්න සමඟින් සුනිලා අබේසේකර
      සංගීතය : ප්‍රේමසිරි කේමදාස
      පද රචනය : ධර්මසේන පතිරාජ

      බොක්කෙ සින්දුවක්!!!!!!!ඔය ෆිල්ම් එකේ නැසීගිය ජී.ඩබ්.සුරේන්ද්‍ර කියන අතිදක්ෂ රංගශිල්පියා හොඳ චරිතයක් කරා.

      Delete
  9. මොකදෑ මේ නොනවතින වැස්ස කියල බැලුවෙ... අහස මල්වර වෙලා ලුනෙ.. ඒ අස්සෙ දරාගන්නට බැරි හැඟීම් එක්කම..
    පමා නොවී වැහැපන් වැහි (නැත්තම්) වලා වේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. \\පමා නොවී වැහැපන් වැහි (නැත්තම්) වලා වේ..///
      ඔන්න ඉතින්...!
      ජයම වේවා..!

      Delete
  10. ඔන්න යාළුවව බන්දන්න ඔක්කොම ලැස්ති කරල තියෙන්නෙ ඒ අව් අස්සෙ පොර ලංකාවට එනවයි කිව්වා බඳින්න කලින්.

    ReplyDelete
    Replies
    1. ඊයේ ආවා මට කුබූස් සහ මාර්ල්බරෝ අරන්...සුක්‍රාන් හබීබී....!

      Delete
  11. සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
    ඇය හාදු දෙන්නෑ.. ඈට තේරෙන්නෑ..
    නෙතුවැල් රැඳෙන්නෑ.. සිතුවැල් බැඳෙන්නෑ..
    පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...

    ලදුනේ අනුකම්පා.. නැතිලෝ සිතිලා..
    සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
    ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
    ඇය මාව දන්නෑ.. මගේ ස්නේහේ දන්නේ නෑ..
    කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ...

    ඔබ මට ගෙන දෙන වේදනා..
    යලි යලි පාරයි වේදනා චේතනා...
    මා දුක් කඳුලේ නෑවෙනා..
    වසන්තයේ රෑ.........

    ReplyDelete
    Replies
    1. ඔය සිංදුවේ බීට් එකට මම හරිම කැමතියි සර්....රූ ගේ ආසාම එක ...!

      Delete
  12. හිතින් තරුණනම් ඉතින් ආයේ වෙන මොනාද.

    ReplyDelete
    Replies
    1. එහෙමයි...එහෙමයි...!

      Delete
  13. chefaki malwara wela wage, lol

    ReplyDelete
  14. ඒක තමයි ළමයින්ව තනියම ගෙවල් වල දාල අම්මලට ඇවිදින්න යන්න එපා කියන්නේ...

    ReplyDelete
  15. හහ් කඃ කඃ කඃ .... කැස්සක් ආවා හංගන්ඩත් බෑනේ ඉතිං , පස්සේ කමෙන්ට් කරන්නං

    ReplyDelete
    Replies
    1. කැස්සයි ආ.....ඕනි නැහැ එක්කෝ..!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  16. ඉතිරි අන්ඩත් කඩාගන්න වගේ හදන්නෙ ,

    ReplyDelete
    Replies
    1. කෙනෙකුට වෙනත් අයකුගෙ හැඟීමක් ගැන ලියන්නම බැරිද...?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නපුරි...!
      අපි ෆිටෝන් යන්නෙ නෑ මොකෝ රෙඩිමේඩ් ඒව ගන්නෙ නැතිනිසා....කස්ටම් මේඩ් හරිය..!
      රෝහිනි බැන්දලුනේ..!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෝ දෙක දෙක....ඕක බොවෙන ලෙඩක්...මේ මටත් තියෙන එකක්...අන්දිරිස් කේස් එකක් වෙන්නැති..ඔහේ ෆෝන් එකෙන්ය කොටන්නේ...?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඕක හරි සුන්දර ලෙඩක්.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. දෙකක් ? හොඳටම මදි

      Delete
  19. ඕක නං පුතේ කාටහරි කියලා බලාගන්න වෙන ලෙඩක්........... මේ වයසට....?????

    ReplyDelete
    Replies
    1. පෙන්නුවා..බැලුවා..පත්තු බැන්දා....කල් යනවලු හොඳ වෙන්න...!

      Delete
  20. https://www.facebook.com/KDKDharmawardana/videos/776179352527481/

    ReplyDelete
    Replies
    1. අඩෝ කවදාවත් අහලා නැහැ මේ සින්දුව. ඇම් ඇස් අයියා ජාති පොරක්නේ. මේ සින්දුව මෙහෙම හැන්ගිලා තියෙන්නේ ඇයි කියන එක ගැටලුවක්.. තෑන්ක්ස් ඉන්දික!!!!

      Delete
    2. අතීතය ගැන
      හිතන විට දී
      මොහොතකට වේවා
      කල්ප ගණනක්
      අඬන්නට හෝ
      කඳුළු මතු වෙනවා...

      ඒ කඳුළැල් දෙන
      ඒ සිතුවිලි රැස
      මම ලියනෙමි රහසේ
      ඉන්පසු රෑ කල
      එය දිස්වනු ඇත
      රන්තරු මෙන් අහසේ...

      සෙනෙහස රැන්දූ
      සාගර වෙරළයි
      උයනයි අවන්හලයි
      කම්පා වෙනු ඇත
      ඔබ නැති හින්දා
      ඒ ගැන මට ද දුකයි...

      ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
      තනුව, සංගීතය සහ ගායනය : එම්. එස්. ප්‍රනාන්දු

      (ගුවන්විදුලි වෙළඳ සේවා සරල ගීයකි. තොරතුරු ලබාදුන් ඉන්දිකටත් , ගෝපලු වනපෙත අඩවියටත්,සමදරා කෝට්ටගේ මහත්මියටත් තුති!)

      Delete
  21. ඉහල යමි පහල යමි.. අම්මපා කොනක් අල්ලගන්නම බැරි හැටි... ඔලුව රිදෙනව අප්පා.... එක්කො ඕන නෑ...

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....