Monday 1 June 2015

ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා - Scruffy & Stella










ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා...

ටුක් ටුක් එකෙන්
රාගම ඉඳන්
මාරි බිස්කට් පෙට්ටියෙන්
පහුරු ගගහා ආපු
ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා...

ඇයි එකට තුරුලුවෙලා..
දුකෙන් වගේ බලන්නේ...
අම්මියාට කියලද ආවේ...

ඉන්ජෙක්ෂන් කටු හීනි මදිද...
පනු බෙහෙත් තිත්තයිද..
XERX ට බයයිද...
චූටිත් අම්මියා වගේම නේද...

ඉක්මනට ඇහරෙන්න
බයි කන්න කුක්කු බොන්න
දෙන්න එක්ක බෝල ගහන්න
ගෙනියන්න දෙන්නේ නම් නැහැ
නිල්වැල්ල බලාගන්න...












ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා...


40 comments:

  1. හම්බේ! ෂෝක්, බීගල් ද?
    අපේ ගෙදර ඉන්නවා සුදු හාවෙක්. පොඩි උන් මැරෙන්න හදනවා. ඒ උනාට ජැනිටෝරියල් වැඩේදි අපිට පෝරියල්! ඔබතුමාටත් එසේම වේවා!

    ReplyDelete
    Replies
    1. බීගල්..පිස්සුද මස්සිනා..මේ මොන්ග්‍රල් (mongrel)....බොරු නම් අටමගෙන් අහපං..ඌ බලු විශාරද..!

      Delete
    2. ප.ලි. - ජැනිටෝරියල් වැඩේට වෙනමම ඩිපාර්ට්මන්ට් එකක් පිහිටුවා ඇත..හෙක්..

      Delete
    3. mangy mongral? :D

      Delete
    4. http://en.wikipedia.org/wiki/Mongrel#/media/File:Terrier_mixed-breed_dog.jpg

      Delete
  2. මං මස් මාළු නොකන හින්දා හොඳයි නැත්නම් මුන් දෙන්නවම මං ගිලිනවා.

    ReplyDelete
  3. රාගම පැත්තේ උන් නම් බලාගෙන. එච්චර ෂුවර් නෑ......

    ඔන්න කැළණිය වගේ පූජනීය පැත්තකින් ගෙනාවනම් බයක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඔය කොහෙන් ආවත් මොකෝ මචෝ... උන්දෙන්නගේ සෙල්ලම් ටික දැක්කම ඔක්කොම අමතක වෙනවා...!

      Delete
    2. අපි දෙන්නගෙ සෙල්ලම් දැක්කම අපේ හාවටත් ඔක්කොම අමතක වෙනවා.

      Delete
  4. not fair. ඔහෙලට බල්ලෝ ගොඩක් ඉන්නේ? අපිට එක්කෙනෙක්මවත් නැ. අසාධාරණයි...

    ReplyDelete
    Replies
    1. බල්ලෝ ඇතිවත් බෑ..නැතිවත් බෑ..හරියට.........

      Delete
  5. අන්න අපේ ගෙදර එකොලහක්... කොහෙදෝ ඉන්න බැල්ලියො දෙන්නෙක් පැටවු දාලා.. අම්ම මේ දවස් වල උන්ට බත් බ්ලෙන්ඩර් කරලා ඉඳුල් කට ගානවා..
    මෙයාලත් හෙන හුරතල් පාටයි.

    ReplyDelete
    Replies
    1. ටෙරියර් කෙනෙක් මිළදීලා ගෙන එන්නේ
      විටමින් දීලා ගානට ඇග ලොකු වෙන්නේ
      ඇස් දෙක නොපෙනෙන්න ලොම් ටික දික්වෙන්නේ
      ටෙඩියෙක් වගේ ටෙරියර් දැන් දිස්වෙන්නේ

      කාලය එන්නේ බල්ලන් දැන් රැලේ යන
      කෙල්ලට වයස හරි මාසය මාරුවන
      අහරට බෙහෙතටත් වියදම් බොහොම උන
      සරිකරගන්න විදිහක් දැන් විවිරවන

      බැල්ලිගෙ දොස්තරට අමතා කරුණු අසා
      කලයුතු නොකයුතු දේ ගැන තතු විමසා
      අමතර කෑම විටමින් දි කුස සනසා
      මගුලක් කරල දෙන්නේ දැන් කුමන ලෙසා

      මනමාලයෙක් ඉන්නව දඩුගං පැත්තේ
      තුන් දහසක්ම දෑවැද්දක් දිය යුත්තේ
      ඒකත් කෝඩු හන්දා දිරි දියයුත්තේ
      අල්ලල තියන අයියා දාහයි ගත්තේ

      කෙල්ලගේ කැමැත්තක් කොල්ලට නැති හැඩකි
      කන්නට පනින හැටියට කොල්ලට ලෙඩකි
      අල්ලල තියන අයියට රජ මගුල්සකී
      බෙල්ල මුලින් බැදලා දැං චිකිං චිකි

      කෙල්ලගේ මදුසමය ඉවරයි මොහොතකට
      රථයෙන් බැස්සුවා ගෙන මහමෙර ලෙසට
      චූචී අම්මනා ඉන්නකෝ දග නොකොට
      උකුවට කුක්කුවක් බැස්සුව බංඩියට

      ගේ දොර වැඩ එක්ක කෙල්ලව මතක නැති
      හොයනා විටදි රිංගන අස්සකත් නැති
      අම්මෝ දැගලිල්ල මේකිට හැදිලි ඇති
      අයියෝ බලන්ඩකෝ පාරට පැනල ඇති

      ගේ අහලකත් නැ කෝ වත්තෙත් නැනේ
      පාරට ගිහින් නං යන එන මං නැනේ
      අල්ලල බදිනව මිස වෙන දැං මග නැනේ
      පාරට එනව දෙමහල්ලෝ දැන් රැනේ

      පාරෙන් අනිත් පැත්තේ කානුව මුල්ලේ
      දුඹුරුයි කළුයි ටොමියගේ එල්ලිල වල්ලේ
      දෙපසට අදිමිනුයි ඉන්නේ දැන් ලොල්ලේ
      ඇයි උඹ කලේ මේ ලෙස අප වෙත කෙල්ලේ

      ඔහොමයි මල්ලියේ මේ පැටවුන් ලැබුනේ
      අයියත් ළමයිනුත් මටමයි ගොරවන්නේ
      කඩයේ ඒකා දාහකටයි ඉල්ලන්නේ
      කෙල්ලන් සනසන්න උස්සාගන යන්නේ

      මං හරි හිතයි බල්ලන් හට සුදු අක්කේ
      අරගන ගියොත් ගහගනුවෙයි මගේ දොක්කේ
      ඉඩකඩ නොමැත බල්ලන් රැකුමට අක්කේ
      දෙන්නට ෂුවර් බඩුවක් නං මං දැක්කේ

      මිතුරෙක් ඉන්නව දෑ බලු හිතකාමී
      බල්ලන් රකිනව දී අමරස රස සිය මදුමී
      බිරිදත් දරුවනුත් අනුපානයටමී
      කුක්කං පුරස්නය අහවර කරනේමී

      Delete
    2. හෙහ්... මෙන්න කොල්ලො...
      ජයවේවා අයියෙ..!

      Delete
    3. අපේ ගෙදර ඊට එහා...මේ දෙන්නත් එක්ක හතරයි...හතර දෙනා කන්නේ හතර විදියකට....කියන්න ඕනි නැහැනේ ඉතින් වදේ..හැබැයි කරන දේවල් දැක්කම අපේ බඩ නිකන්ම පිරෙනවා...

      Delete
  6. හෑ.....................අටමද දුන්නේ එදා විවුර්තෙට සහබාගි වීමේ පිරීතිය වෙනුවෙන්?

    මමත් මේ දවස්වල අපේ සැබී ට මහත්තයෙක් හොයනවා. බී ගල් බැරිනම් කළු ගල් වුණත් කමක් නෑ හැඩකාර එකෙක්.

    මේ ඉන්නේ සැබී

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර නම් සැබී ට සරිලන හබී කෙනෙක් ඉන්නවා..ජෝඩු කරලා බලමුද?

      Delete
    2. හයියෝ සංසාරේ .....අර පිස්සු යකා ගැනද ඔය කියන්නේ, .. අනේ කවුරුහරි ලග ඉන්න එකෙක් කැබ් එකක් අරගන ඇවිත් හරි මගේ කට තලහල්ලා .....තරහ අවසර බෝයි හාංදුරුවනේ ඔය මනමාලයට හරියන තැනක් තියනව , පරසිද්දියේ කියන්න බැ.. මේල් එකක් දාන්නං

      Delete
  7. ටෙරියර් කෙනෙක් මිළදීලා ගෙන එන්නේ
    විටමින් දීලා ගානට ඇග ලොකු වෙන්නේ
    ඇස් දෙක නොපෙනෙන්න ලොම් ටික දික්වෙන්නේ
    ටෙඩියෙක් වගේ ටෙරියර් දැන් දිස්වෙන්නේ

    කාලය එන්නේ බල්ලන් දැන් රැලේ යන
    කෙල්ලට වයස හරි මාසය මාරුවන
    අහරට බෙහෙතටත් වියදම් බොහොම උන
    සරිකරගන්න විදිහක් දැන් විවිරවන

    බැල්ලිගෙ දොස්තරට අමතා කරුණු අසා
    කලයුතු නොකයුතු දේ ගැන තතු විමසා
    අමතර කෑම විටමින් දි කුස සනසා
    මගුලක් කරල දෙන්නේ දැන් කුමන ලෙසා

    මනමාලයෙක් ඉන්නව දඩුගං පැත්තේ
    තුන් දහසක්ම දෑවැද්දක් දිය යුත්තේ
    ඒකත් කෝඩු හන්දා දිරි දියයුත්තේ
    අල්ලල තියන අයියා දාහයි ගත්තේ

    කෙල්ලගේ කැමැත්තක් කොල්ලට නැති හැඩකි
    කන්නට පනින හැටියට කොල්ලට ලෙඩකි
    අල්ලල තියන අයියට රජ මගුල්සකී
    බෙල්ල මුලින් බැදලා දැං චිකිං චිකි

    කෙල්ලගේ මදුසමය ඉවරයි මොහොතකට
    රථයෙන් බැස්සුවා ගෙන මහමෙර ලෙසට
    චූචී අම්මනා ඉන්නකෝ දග නොකොට
    උකුවට කුක්කුවක් බැස්සුව බංඩියට

    ගේ දොර වැඩ එක්ක කෙල්ලව මතක නැති
    හොයනා විටදි රිංගන අස්සකත් නැති
    අම්මෝ දැගලිල්ල මේකිට හැදිලි ඇති
    අයියෝ බලන්ඩකෝ පාරට පැනල ඇති

    ගේ අහලකත් නැ කෝ වත්තෙත් නැනේ
    පාරට ගිහින් නං යන එන මං නැනේ
    අල්ලල බදිනව මිස වෙන දැං මග නැනේ
    පාරට එනව දෙමහල්ලෝ දැන් රැනේ

    පාරෙන් අනිත් පැත්තේ කානුව මුල්ලේ
    දුඹුරුයි කළුයි ටොමියගේ එල්ලිල වල්ලේ
    දෙපසට අදිමිනුයි ඉන්නේ දැන් ලොල්ලේ
    ඇයි උඹ කලේ මේ ලෙස අප වෙත කෙල්ලේ

    ඔහොමයි මල්ලියේ මේ පැටවුන් ලැබුනේ
    අයියත් ළමයිනුත් මටමයි ගොරවන්නේ
    කඩයේ ඒකා දාහකටයි ඉල්ලන්නේ
    කෙල්ලන් සනසන්න උස්සාගන යන්නේ

    මං හරි හිතයි බල්ලන් හට සුදු අක්කේ
    අරගන ගියොත් ගහගනුවෙයි මගේ දොක්කේ
    ඉඩකඩ නොමැත බල්ලන් රැකුමට අක්කේ
    දෙන්නට ෂුවර් බඩුවක් නං මං දැක්කේ

    මිතුරෙක් ඉන්නව දෑ බලු හිතකාමී
    බල්ලන් රකිනව දී අමරස රස සිය මදුමී
    බිරිදත් දරුවනුත් අනුපානයටමී
    කුක්කං පුරස්නය අහවර කරනේමී

    ReplyDelete
    Replies
    1. උඹ මේක කලින් එව්වා නම් අටම් අයියේ මට ජාම් බේරගන්න තිබුනනේ...බැරි කයි පද ගොතලා ඇන ගන්නේ නැහැනේ...
      උඹ හරිම සවුත්තුයි...කවියකින් උත්තරයක් දීහං කීවම උඹ කවි කොලයක්ම ගහලනේ...

      Delete
    2. කලින් එවන්ඩ කලින් කියන්ඩ ඕන , ලියන එක කවියකට ගෙවන ගානත් එක්ක , එහෙම උනා නං මං ඩෝල්ටන් ඔයා .ආර් .පී. . හේ හේ

      Delete
  8. ඔය දෙන්නට සැරකරනව හෙම නෙමෙයි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පිච්චුද දමියෝ..සැර කරනවා තියා නිදා ගන්නකන් ලඟින් හෙල්ලෙන්නෙවත් නැහැ....

      Delete
  9. මගේ ළමයි දෙන්නත් බලු පැටියෙක් හදාගන්නවා. ඇත්තෙන්ම උන් දෙන්නගේ නිදහස පුදුම විදියට සීමා වෙලා තියෙන්නේ ඒ නිසා. බස් එකේ යන්න පුලුවන් ගමනට වාහනයක් අරන් යන්න වෙලා. සමහර ගමන් අවලංගු කරන්න වෙලා. අහල පහල එවුන්ගේ පැමිණිළි වල ඉවසගෙන ඉන්න සිද්ද වෙලා. ඒත් බලු පැටියා දැක්කාම මේ ඔක්කොම අමතක වෙනවා උගේ හුරතලේට.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා වැඩක් නැත..අපේ ගෙදර අපි හතරයි, චූටියි, සර්ක්සීස් (XERX) සහ මේ දෙපොලයි...ඉතින් අපි හතර දෙනා එකට ගමනක් ගිය කාලයක් මතකයේ නැත...

      Delete
  10. අනේ හොඳයි.දැන් පාලුවකුත් නෑනෙ හුරතල්ලු දෙන්නගෙ දඟකාරකම් දකිද්දී වෙලාව යනව තේරෙන්නේවත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මොනා කියනවද මචං..මුනුබුරු මුනුබිරියො බලන්න ඕනි වයසනේ..ඒත් දැන් හැදෙන ලමයින්ට ඒවා ගැන කිසිම උනන්දුවක් නැතුවා..අපිට ඉතින් බලු සුරතල් පමනමය...!

      Delete
  11. අපේ ගෙදරටත් ඉස්සෙලලම ගෙනාව බල්ලා ආවෙත් මාරි පෙට්ටියෙ හැංගිලා තමයි.. අවුරුදු 12ක්ම අපිත් එක්ක ඉදලයි එයා යන්න ගියේ අන්තිමේ.. සෑහෙන්න මතකයක් අළුත් වුනා..

    ReplyDelete
    Replies
    1. ඕක තමයි අමාරුම දේ සුරතලුන් ඇතිකරනකොට....මතක් වෙනකොටත් මාර දුකයි..!

      Delete
  12. හරි ලස්සනයි පැටව් දෙන්නයි කවියයි.

    ReplyDelete
    Replies
    1. කාරක සබික අටමානම් මට කුනුහබ්බෙන් බැන්නා බැරි වැඩ නොකරන් කියලා...කවි කෙසේ වෙතත් මේ දෙන්නා නම් ගෙදරත් ඔෆීසියේ ඇත්තත්ගෙත් හිත් සුමුදු කෝමල කරල දැනටමත්...

      Delete
  13. ඔයා මාරයි අයියන්ඩි ...මට ඔයා ගැන වෙලාවකට හිතාගන්න බෑ..රැවුලයි කොන්ඩෙයි ඉදුන කිලෝ 80ක් විතර කලු මහත තඩි බඩක් තියන කෙනෙකුට කොහෙමද ඔච්චර පුංචි හිතක් තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. හිත නෙමේ මෙන්ඩෝ..තව තව පුංචි ඒවා තියෙනවා...හෙක්..!

      Delete
  14. අන්තිමට බල්ලෙක්ට ආදරේ කරේ එකදාස් නවසිය අසූ හතරේ.. ඒ ආදරේ නිසාම එයා දාල ගියායින් පස්සේ වෙන කෙනෙකුට ආදරේ කරන්න අදටත් බෑ.. හැබැයි මේ වගේ අනුන්ට අයිති අය දැක්කමනම් ආසා හිතෙනවා.. මෙයාලගේ නම් තමයි ටිකක් කියවන්න ගියාම දිව උළුක් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය මොන නම දැම්මත්, කථා කරන්නේ කුක්කු පැටියො නැත්නම් කෙල්ලේ කොල්ලො කියල නිසා දිව උලුක්වීම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මචෝ...

      Delete
  15. ලස්සන පැටව් දෙන්නෙක්. හුරතල් පෙනුමයි. මාත් එකම එක්කෙනෙක් හැදුවා. එයා අපිව දාල ගියාට පස්සෙ ආයෙ ගෙනාවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Mana...Dogs come into our lives to teach us about love, they depart to teach us about loss. A new dog never replaces old dog; it merely expands the heart. If you have loved many dogs your heart is very big.

      Delete
    2. My earlier dog lived for 16+ years. In fact I had to get him euthanized - just couldn't let him suffer so much at the end. The vet took one look at my face with his body in my arms and refused to charge me. At that time I couldn't even think of rearing another dog and go through the same heart-wrenching emotions at the end.
      But, in three months time.... there I was .....playing with a puppy ! (sometimes I forget and still call him in his predecessor's name - after 5 years ! )
      Dogs are addictive.

      The dogs are there to teach us the unfairness of life too, c-a.
      Some parrots live for over 25 years. The bloody tortoises live for 100 years ! We have to lose a dog every 10-12 years of our lives.

      It is rarely that we outlive our children but we have to outlive several dogs (who get as close as, or closer, than children) in our life time.

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....