Tuesday, 31 January 2017

පිස්සෙක් කුස්සියේ


art credit to a-twisted-mind


හෙට දෙකට පලලා
හුළං විස්කෝතු දෙකක් වෙන්න තියෙන
පොඩි බනිසක් අද කෑවාම 

වගේද

වරකා වෙලා ගස් යට වැටෙන්න කලියෙන්
අතින්ම කඩාගෙන හදාගත්ත
පොළොස් ඇඹුල....?

පොඩි ඈයෝ
සෙල්ලම් කඩ දාලා මස් වලට ගන්න කළියෙන්
ඉස්සො ටිකක් දාලා තෙල් දාලා ගත්තම
මොනා වෙනවද කෙහෙල් මුවකට...?

අච්චාරු දානවද මාලුවට උයනවද
රට අඹ තියෙද්දි
කර්තකොළම්බන්...!

ගොටුකොළ දිහා බලාගෙන
මොකට හදනවද සම්බලක්
මිටියකින් මුකුනුවැන්න...!

ෆුඩ්සිටියේ තියෙද්දි ලාබෙට දෙහි
ඇයි වදේ හදන්න කියන්නේ ලුනු දෙහි...!

රෝස පාටට හීනියට දිගට
ඉව්වම සුවඳ හමන අපේ කුඹුරේ වී කොටාපු හාල්
ඇයි වදේ පරදින්නේ 139ක් දීලා ගේන කීරිසම්බාවලට....!

Monday, 23 January 2017

වෙන්වීම..!

එක කෙනියක පීදුන කරාබුනැටි තුනක්.......!


පිරූ පෙරුම්
අයියනායක දෙවි පාමුල..!

පිදූ සල්මල්
වැව් තාවුල..!

කෙකටිය මල් තලාන
අප තිදෙන රැඟූ ආලිංගන
දියකාවුන් රැගෙන ගිය
 සොරාගෙන 

ඒ සොඳූරු මතකය

මතුබවයේ
එක අත්තක හෝ පීදී
එකට මියෙන්න
පැතූ පැතුමන


එක අත්තක රටාවකට
එක මොහොතක ඉපදුන

අප තිදෙන රැවටූ

අප දෙදෙන තනිකලා වූ

ඔබ
 පමනක් තනිව පිපී
අපට කලින්
සුළඟේ ගිලිහී පාවී යන්නට
ඔබැ රේනු
 තැලූ

බඹරානෙනි
 ඇයි රුදුරු
 මෙතරම්...!








Saturday, 21 January 2017

චන්ද්‍රිකා


I tell myself I don't need anyone but the truth is, they don't need me.

හතේ පන්තියේ ඉන්නකොට
හැන්දෑවට රබර් ගස් වලින් මුවා නොවුන
තරු පිරිච්ච අහස දිහා
ගේට්ටු කනු දෙක ගාව බෙල්ල උලුක් වෙනකන්
උඩ බලාගෙන චන්ද්‍රිකාවක් අහසේ යනකොට
කොච්චර කෑ ගහලා කිව්වත්
ගෙදර හිටි කිසිකෙනෙක් නාව වෙලාවෙවත්
නොතේරිච්ච ඇත්ත....!

හිතේ ඇඳිච්ච ඔක්කොම වගේ හීන හැබවින්ම සැබෑවෙච්ච
අද දවසෙදිවත්
තනියම අර අහසේ පාවෙන ඒ තිතක්වන් එළිය
පෙන්නන්න ඇයි කවුරුවක්වත් නැත්තේ...!

කෑ ගහලා කිව්වත් ඇහෙනතෙක් මානෙක කිසිවෙක් නැති
මේ අඳුරු රාත්‍රියේ
තනිවම ඔබ පසුපස යමි
ලොව වටා රවුමක් ගොස් නැවතත්
මා සොයා එනතුරු...!

තනිතරුවක් නොවී ඔබ
චන්ද්‍රිකාවක්ම
වීමයි තනි ඇත්ත...!

Thursday, 19 January 2017

අවසර මා හට...!


abandon- two lesbian friends - a painting by French Painter Henri De Toulouse-Lautrec



ඔබ මා වෙන් කල
සයුර මැව්වේ අපමද
මොහොතින් මොහොත මාහට
ආදරයේ විස පෙව්වේ ඔබමද !

දුරබනුව විතරමද
අප ලංකලේ නෑ නොවේද...?
මා ඔබ දකින්නේ
යතාර්ථයේම
නොවන්නේ නම්
කෙසේ අප එක්වෙම්ද 
මේ භවයේ සොඳුරිය...!

ඉසුරු යැයි හිතා
අප ලංවූ මොහොතක්
සදාකාලිකයැයි සේ ඇයි මා සිතුවේ 
දැනෙනා තුරු මා සිතට
අප දෙදෙන එකෙකුම වීම හීනයක්ම වෙන තුරු !

සැමදා පතනෙමි
මේ සෙනෙහසේ අවසානය
ඔබ මා දෙදෙනෙකු නොව
ඔබද මා වී මාද ඔබම වී
දිගෑලෙන කවියක පදවැල් සේ
රිද්මයෙන් ඇසේවි යැයි
පතනෙමි සොඳුරිය,,,!

අවසර මා හට
රිසිසේ විඳිනට
දෝරේ ගලනා
ඔබ සෙනෙහස් නදියේ 
උඩුගම් බලා පිහිනා
ගිලී මියෙන්නට...!

අවසර මා හට...!



Inspired by Lyrics of Oceans Apart - Richard Marx
We all have a sexual orientation and a gender identity, and this shared fact means that discrimination against members of the Lesbian, Gay, Bisexual and Transgender (LGBT) community, based on sexual orientation and/ or gender identity, is an issue that transcends that community and affects all of us.

Tuesday, 17 January 2017

රස්තියාදු පෙම්බරා


/\
|
|
:)
~
~
කරදර
ජරබර
ගැරහුම්
ගුටිබැට
::::::::::
අස්සේ
|
|
|
<~~~~~~පෙම්බරා හට~~~~~~~~~~>
|
|
|
නැවතත්
මුලසිට
ඇරයුම්
රඟනට
:::::::::::
රිසිසේ
~
~
:)
|
|
|
\/
..............when someone is at crossroads...........

Wednesday, 11 January 2017

හීගඩු


හීන් ඇලේ
හීතල දියෙන්
හේදූ
ඔද්දල් හිත
එල්ලුවෙමි
දෙවැටේ....

හීන් ඇලෙන්
දියනාගෙන
හිරිගඩු පිපෙනා හැන්දෑවේ
විල්ලුව අද්දර පැලට පැද්දෙනා
හීන් නගාගේ දියරෙද්දේවත්
පැටලෙන්නැයි පතාගෙන...



Thursday, 5 January 2017

කෙහෙරැළි





කිතුල් රෑන වගේ වෙන්න ඉස්සරවෙලා.....!

පීදිච්ච හැටියෙම වගේ දැක්කනම් අම්මපා...!

හකුරු උනු කරන්න තෙලිජ්ජ කෙසේ වෙතත්..
පැහෙන්න ඉඩ ඇරලා
පෙරනවා ඇත්තටම රා... !

ඒත් අනුන්ගේ කිතුලක
හැරපට බඳින්න ඇහැක මුන් එක්ක...!