Monday, 3 April 2017

පන්නරය - 01

ජීවිත අත්දැකීම් රාක්කෙක එකතු කලාම මෙහෙම පෙනේවිද...?


සමාව ඉල්ලන්නේ ආදරෙන්..!

හේතුව මා මෙය ලියා තැබිය යුතු උනත්, තේරුම් ගන්න, ඒ කිව්වේ මේ ලියන දෙයින් කාටද වැඩක් වෙන්නේ කියන එක මටත් ප්‍රහේලිකාවක් නිසා...!

මම නැගිටලා තියෙන්නේ, ඒ කිව්වේ ජීවිතේ...කවුරු හරි හිතාමතා මාව වැට්ටුව වෙලාවල් වලය කියන එක දන්නේ මමම විතරක් නිසාත්...මේ ලියන දෙය තේරුම් ගැනීම මාව හොඳට දන්න අයට විතරක් පැහැදිලිවෙන දෙයක් නිසාත්..මේ තවත් කථාවක් විතරක් නොවේවා..නැත්තං ජීවිතේ හරි අසාධාරණයි....!

ඉතිං අවසර....!

1991 මම මෙරටින් පිට උනේ කිසිම අත්දැකීමක්..(ඒ කිව්වේ ජීවිතේ..) නැති කෙනෙක් විදියට යංතං 31ක් උනාම...ඒ උනාට අද 31ක් වෙන අය මීට දශක දෙකකට එහා ජීවත් උන උදවිය වගේ ලාමක නෑ අත්දැකීම් වලින්, හේතුව අද ලෝකේ ගොඩාක් කිට්ටු නිසා අප හැමෝටම.. ඉතින් සාවධානව අසා සිටිවිය කියලයි හිතන්නේ..!

මම විප්‍රවාසයේ පලමුවෙනි අවුරුදු දෙක තුන ගෙව්වේ මදු වැලක් වගේ..ඔහේ ලඟ තියෙන ගහක, අත්තක වෙලිලා යන්න ඇරියා ජීවිතේ, කොහෙද මොනාද කවදාද කියලා නොදැනගෙන හිටි නිසා වෙන්නෝන....!

අවුරුදු තුන ගෙවෙන්නේ 1994 ජුනි මාසේ 12 වෙනිදානන්, 11 වෙනිදා එනවා දුරකථන ඇමතුමක් ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ ඉංජිනේරු සමාගමකින් ඔවුන් හා එක්වෙන්නය කියලා ඕමානයේ ඇති ඔවුන්ගේ ශාඛාවේ ගෘහනිර්මාන ශිල්පියෙක් ලෙස...එම දුරකථන ඇමතුමේ බැක් ස්ටෝරි එක වෙනම ලියන්න ඕනි දෙයක් මොකෝ මෙතනට ඒ පොලිටික්ස් වලින් කිසිම වැඩක් වෙන්නේම නැති නිසා.....එය වෙනම ලියමි...!

එම දුරකථන ඇමතුම එන අවධිය වෙද්දි, හද්දා පිටිසර හැදීවැඩී, ජීවිතේ පළමුවෙනිම වතාවට විශ්ව විද්‍යාල ගමන නිසා කොළඹ පැමිනි මා, විජාතිකයෙකුට මුල්නමින් ඇමතීම දක්වා පරිණාමනය වී තිබුනා....

දුරකථන ඇමතුම දුන්නේ මාර්කො මල්පේඩි (Marco Malpiedi ), ඔහු එවකට COWI Consult (කොවි කන්සල්ට්) නමින් වු ඩෙන්මාර්ක් ඉංජිනේරු සමාගමේ නේවාසික කළමණාකරු ඕමානයේ...ඉතා සුහදශීලීව මා ඇමතු ඔහු, ඔවුන් හා එක්වන්නය කියා ඉල්ලුම් කළා...ඒ අවදිය වනවිට, මා එකතුවී සිටි ඕමානි සමාගම වැනි සමාගම් වල සේවය කරන්නන්ගේ එකම ප්‍රාර්ථනය ජාත්‍යන්තර සමාගමකට බැඳීමයි. එයට හේතු රාශින් විවිධයි..ඉහල වේතන, ඉහල පහසුකම් ආදියත්, සමාජමීය වශයෙන්  ආභරණයක් වූ සුද්දන්ට (ඉන්ටර්නැශනල් කොම්පැනියකට) වැඩකිරීමත් එයින් සමහරක් විය හැක.

ඩෙන්මාර්කයේ ලුන්ග්බි (Lyngby) නගරයේ කොවි (COWI) ප්‍රධාන කාර්‍යාලය

මාර්කෝ මාහට සම්මුඛ පරීක්ෂනයට එන්නට කියූ දා මා ඇත්තටම චකිතයෙන් යුතුවය ඔහු මුනගැසුනේ..එයට හේතුව සමහර විට ඒ මා සුදුජාතියෙකුගේ සම්මුඛ පරීක්ෂනයකට මුහුන්දුන් මුල් වතාව වීමත්, හදපිරුණු බලාපොරොත්තු ගොන්නත් අතර තරඟයක්ම වියයුතුයැයි දශක දෙකකට පසු අතීත ආවර්ජනයේ යෙදෙන මේ මොහොතේ හිතට එන හැඟීමය...!

මාර්කෝ මල්පේයිඩි (Marco Malpiedi)


අපි කථාවට නැවතත් යමු...!

හිතේ දෙගිඩියාවෙන් මෙන්ම හද පිරි අනාගත බලාපොරොත්තු ඉහලින්ම දරාගෙන කුරුම් හයිට්ස් (Qurum Hieghts) නැමැති මස්කට් ආසන්නයේ ඇති උප නගරයේ, ලෙබනන් ජාතික ගෘහනිර්මාන ශිල්පියෙකු නිර්මානය කල වෘතාකාර ජනේලයන්ගෙන් සැදි, තරමක් විවාදයට භාජනයවූ පල්ලියක් අද්දරින් පහලට නෙරා ඇති අතුපාරක තිබූ මහල් දෙකකින් යුත් නිවසක පවත්වාගෙන ගිය එම කාර්යාලය මගේ ජීවිතය අමුතුම මගකට හරවාවීයැයි යන්න මට හීනෙකින් වත් ආ හැඟීමක් නොවීය...!

මාර්කෝ මා සාදරයෙන් පිළිගත්තා පමනක් නොව ඉතාමත් ගරුසරු ඇතිව මාව මෙහෙව්වාය කීවොත් මා නිවරදියි...ආගිය කථාවලින් පසු ඔහු මාගේ පඩිනඩිද වාහනය සම්බන්ධවූ ගැටලුද විසඳා, පසෙක ඇති දුරකථනය ගෙන යමෙකුට ඔහු සහ මා සිටි ඔහුගේ කාර්‍යාලයට පැමිනෙන ලෙස දැන්වූවා අද මෙන් මාහට මතකය....!

දුරකථනයෙන් කථා කල තැනත්තා අමතා මාකෝ කීවේ " පීටර් ප්ලීස් කම් ටු මයි ඔෆිස්, අයි වෝන්ට් ටු ඉන්ට්‍රොඩියුස් යූ ටු අවර් නිව් ආර්කිටෙක්ට් " කියායි.

මා වාඩි වී සිටියේ මාකෝට මුහුන දෙමින් ඔහුගේ කන්තෝරු කාමරේ දොරට පිටුපා නිසා දුරකථනයෙන් අමතා කථා කෙරූ තැනත්තා දොර ලඟටම එනතුරු ම මා දැක්කේ නැහැ...හයි පීටර් ( හායි නෙවෙයි හොඳේ...ඩේනිෂ් අය හායි කියන්නේ හයි..කියලා...දෙපාරක් හයි හයි කියන්නේ ගුඩ්බායි කියන එකට ) කියා මාකෝගේ කටින් පිටවෙනකොටයි මා පිටුපස හැරී බැලුවේ...!

ගෝටියක් (ඒ කිව්වේ එළු  රැවුලක් ) තිබ්බ උස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු යැයි සිතිය හැකි මට වඩා වයස කෙනෙක් තමදෑත් දොර උලුවහු දෙකේ තියාන මා දිහා බලා..."සෝ යූ ආර් ලුකින්ග් ෆොර් වර්ක්.." යැයි කියනවාත් සමගම මා හැරී බැලුවේ මාකෝ ගේ නෙත් දිහා...ගිනියම් වු ඇස්දෙකින් පීටර් දිහා බැලූ මාකෝ ඉතාමත් බැගෑපත් මුහුනක් මට පෙන්නා නැවතත් පීටර් දිහා බලාගෙන.."නෝ පීටර්..හී ඊස් නොට් ලුකින් ෆොර් වර්ක්..වී ආර් ආස්කින්ග් හිම් ටු ජොයින් අස්..ජස්ට් ටේක් අ සීට් විල් යූ..."ය‍යි පවසා හිස දෙපැත්තට වනා මා දෙස සිනහ පිරි මුහුනකින් බලා තම අසුනේ හරි බැරි ගැහුනේ සුසුමකුත් හෙලමින්....!

මම කව්ද, දැනැට වැඩකරන ආයතනය කුමක්ද, දැනට මම එම ආයතනයේ ප්‍රධාන ගෘහනිර්මාන ශිල්පියාය ආදිය මාකෝ විසින් පීටර්ට තේරුම් කරද්දී මම කිව්වේ, මා දැනැට වැඩ කරනායතනයේ ගෘහ නිර්මාන ශිල්පීන් සිටින්නේ මම පමනක් නිසා මම ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පියා බවයි. එය අප අතර තිබූ දෘඩ බව නැතිකරන්නට උදව්වක් උනා තිදෙනාම සිනහවෙන් එය පිළිගත් නිසා...එයින් පසු සෙන්නාගෙන් ගොන් ප්‍රශ්න අහන සංඛ සේ, පීටර් කිසිසේත් අදාල නැති ගොන් ප්‍රශ්න වැලක් අහන්නත්, මම ඒවාට කිසිම පැකිලීමක් නැතුව උත්තර දෙන්නටත් උනේ, ඒ වෙනකොටත් මාර්කෝ මා එම සමාගමට බඳවා ගැනීමේ මුල් කාර්යයන් හමාර කොට තිබූ නිසාවෙනි.


ඉන් සුමාන දෙක තුනකට පසු මම අලුත් ඔෆීසියේ වැඩට ගියේ අලුතෙන් ගත් මෝටර් රථයේ නැගී සෑහෙන සතුටකිනි. මා පිලිගත් අමරනාත් (ඔහු ගැන වෙනම ලියමි ) මාකෝ වෙත මා ගෙනගියේ සෑහෙන සතුටකිනි. එයට හේතුව අමරනාත් ගැන ලියනාවිට ලියවේවි.

මාකෝ මා රැගෙන ගොස් උඩ තට්ටුවේ වාඩි වී සිටි ඩෙන්මාක ජාතික ඉංජිනේරුවන්ටත්, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාන ශිල්පියෙකුවූ ඩග්ලස් ලෑන්ග්ද්මේඩ්, කේරළ ජාතිකයෙකු වූ ජේම්ස් ජෝන්ස් සහ ඉන්දියන් ජාතික ගෘහනිර්මාන ශිල්පිනියක් වු ස්වතී හල්දන්කර් සහ ශ්‍රී ලාංකික ගෘහනිර්මාන ශිල්පී මා මිත්‍ර සරත් බන්ඩාරයන් සහ අනෙකුත් සැලසුම් ශිල්පීන් හටත් හදුන්වා දුනි.

ඉහත කියූ සහෝදර කාර්‍යාල සඟයන් වාඩී වී සිටි අයුරු, ඔවුන්ගේ පුටු මේස තබා තියූ අයුරු මා කැළඹුවේ, මා කළින් වැඩ කල ස්ථානයේ මා හට වෙනම ඉඩක් ද කොම්පුයටරයක්, ඩ්‍රෝවින්ග් බෝර්ඩ් එකක්, ටෙලිෆෝනයක් යනාදිය ද තිබූ බැවිනි. ශ්‍රීලාංකික ගෘහනිර්මාන ශිල්පියා ඩ්‍රෝවින් බෝර්ඩ් එකකද, ඉංදියන් ගෘහ නිර්මාන ශිල්පිනිය කොම්පියුටර මේසයකද වාඩිවී සිටීමත්, ඕස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාන ශිල්පීන් දෙදෙනා කුඩා කියුබිකල් දෙකක වාඩිවී සිටීමද මෙයට හේතුවයි.

හඳුන්වා දීම්වලින් පසු නැවතත් ස්පයිරල් ස්ටෙයාකේස් එකෙන් පහල ඇති මාකෝගේ කාමරයට පැමිනීමෙන් පසු, මෙම ආයතනයේ ප්‍රධාන ගෘහනිර්මාන ශිල්පී ඕලේ බී ලාසන් (Ole B Larsen) මහතා මාස තුනක නිවාඩුවකට ඩෙන්මාකයට ගොස් ඇති වගත්, මා ප්‍රධාන ගෘහ නිර්මාන ශිල්පියා ලෙස කලින් ආයතනයේ වැඩකරමින් සිටි නිසාත් ඕලේ ලාසන් මහතාගේ පහල ඇති කාමරයේ මට මුල් මාස තුන වැඩ කිරීමට අවසර ඇති බවත් මාකෝ පැවසුවේ මාගේ හිත තුල තිබූ අවිනිශ්චිත බව තේරුම් ගිය කෙනෙකු ලෙසයි.

ලාසන් මහතාගේ මේසය උඩ ඇති පෑන් පැන්සල් යනාදිය...!


ලාසන් මහත්තයගේ කාමරයට, (කාමරයක් කිව්වට ඒක අඩි හයක් පලල අඩි දොලහක් විතර දිග තීරුවක්, ස්පයිරල් ස්ටෙයාර් එක යටින් ඇතුල් වෙන්න තියෙන..කාමරේ මුලු දිගෙන් බාගයක් විතර වැහිලා තිබුනේ පැරලල් රූලකින් සමන්විත ඩ්‍රොවින් බෝර්ඩ් එකෙන්..ඒකට පැත්තකින් තිබිච්ච මේසේ පාට පාට පැන්සල් පෑන් වලින් පිරිච්ච ටින්, අනිකුත් ඇඳීමේ උපකරන වලින් ගහන හැබැයි සෑහෙන පිලිවෙලකට තියෙන තැනක් කියන එක මගේ ක්ෂනික අවධානයට යොමු උනා...) ම රැගෙන ගිය මාකෝ..ඔබට මේ කාමරය තාවකාලිකව මාස තුනක් පාවිච්චි කරන්න පුලුවන් ඔහු එනතුරු, නමුත් මෙම කාමරය අතහැර යාමේදී, කාමරයේ ඇති දෑ මේ තියෙනාකාරයටම නැවත තැබීම ඉතාම වැදගත් බවත්, ලාසන් මහතා වෙන කිසිම අයෙකුට ඔහුගේ ආම්පන්න පාවිච්චියට නොදෙන බවත් පැවසුවා....!

අර්වින් හක්‍රොව් (Ervin Haukrogh)

ඔහු නික්ම ගිය පසු වට පිට හොඳින් පිරික්සා බලා මා පුටුවේ හරිබරි ගැසී වාඩිවෙනවාත් සමගම, ඉතාම ප්‍රියංකර සිනහවකින් නිතරම මුහුන පුරවාගෙන සිටින හීන්දෑරී ඩෙන්මාර්ක් ජාතික ඉංජිනේරුවකු වූ අර්වින් හක්‍රොව් (Ervin Haukrogh) කාමරයට ඇතුල්වුනේ ලිපිගොනුවකුත් ඩ්‍රෝවින් රෝලකුත් සමගින්...කොවි කන්සල්ට් සමාගමේ මගේ පළමුවෙනි ව්‍යාපෘතිය ආරම්භකිරීමට කාලය පැමිනි ඇතිබවත්, මා හට එදා සිට මාස තුනක කාලයක් ඒ සඳහා වෙන්කොට ඇති බවත්, එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ඔහු බවත් ඉතාමත් කුළුපගුව පවසා, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාන ශිල්පියාගෙන් එම ව්‍යාපෘතිය මා හට බාරගන්නා ලෙසත් පවසා, ලිපි ගොනුව මා වෙත තබා ඕනෑම අවස්ථාවක ඔහුව සම්බන්ධ කරගන්නයැයි ටෙලිෆෝනය වෙත ඇඟිල්ල යොමු කොට අර්වින් පිටව ගියා...!

ඉදිරි මාස තුන, ස්ථාන මාරුව සහ ස්වතී හල්දන්කර් ගැන ඊලඟට ලියන්නයි ඉන්නේ...!

ප.ලි. :
මෙය ලියා තැබීමට හේතුපාද වූයේ, ඉහත මා සඳහන් කල, කොවි සමාගමේදී මුලින්ම මුනගැසුනු, මා මිත්‍ර බ්‍රිතාන්‍ය ජාතික පීටර් සැමන්ස් රුදුරු හෘදයාබාදයකට ගොදුරුවී අප සැමගෙන් සමුගත්තායැයි ලැබුන ඊමේලය කියවීමෙන් මා සිත දශක දෙකකටත් එහා අතීතයට දිව යෑමය...! 
මේ දිග කථාව ලිවීමට මට හයිය හත්තිය ලැබේවා යයි පතන්න ඕනි ඉතින්...!

ඔය වෙනම ලියමි, පන්නරය-2 වගේ ඒවා ගැන නම් මගේ කිසිම විශ්වාසයක් ඇත්තේම නැත...!







Monday, 27 March 2017

සුපිපි පියුම

නෙළුම
ශිව පාර්වතී


විකසිත වූ නෙළුමක් ලෙසැ
දියමත දිදුලන
ආඩම්බරෙයෙන්මැ දිදුලන

පිබිදී හැකිලෙන
හැකිලී පිබිදෙන
ඒ හැම
වාරයක් පාසාම
දියෙහි ගිලී
යලි මතුපිට සරනා
ආඩම්බරයෙන්මැ සරනා
නෙළුමක අසිරිය
ඔබැ රුව පැරදුවේ
සදොස් හැගුමන්ම නොව

මානසවිල  මත නොපිපෙන
නෙළුමක අසිරිය සෙවූ
අවිහිංසක හැඟුමක්ම බැව්
පවසමි සෙනේහෙන්..




Wednesday, 15 March 2017

බෝසත්




සිරකරු මා
මැදිරියක
වීදුරු
බෝසත් කම මා
වසනු බෑ ඒ
මැදිරියට
වීදුරු

කළු මා
සුදු ඔබ 
දෑත
කැමැත්තෙන්ම නොවෙදෝ
අතහැරියේ
සංසාර බියට

මෙතුවක් කල්
අප ගැටී නොසිටියෙමුද
අප දෑත් වෙලී නොතිබුනෙද 
රුකකට පෙම් බැඳි
ලියවැලක් මෙන්...?


බිඳගත්තේ ඇයි ඔබ
බෝසත් ගුන කන්දරාවක්
තනි සතුටක
එල්ලී අහම්බෙන්

හමුනොවෙමු
කිසිදා ආයෙත්
මතු උපදින ආත්මයක් 
ආත්මයක් පුරා...

පාරමිථා නොව මා
මේ පුරන්නේ
ගැලවීමමයි
ඒ පුහුදුන් බැඳුමෙන්...

සොඳුරියේ මතු උපදින
ආත්මයේ...!





මීවිත 
මියැසිය
තනිරකීවි
බෝසත් හට....!














Tuesday, 14 March 2017

බාල අපරාධයක නුඹ මාව කොටුකරලා



එල්ලෙන්න වැල් නැතිඋනාට
ගහ පුරාම වැල ඉදිලා

හෙව්වේ බැලුවෙ නැත්තේ
නුඹ තාම පොඩි නිසා

හිතේ දොලදුක නැත්තෙ
අඹගහේ ගැට පිරිලා

මාස පහෙන් ගැබ් ගත්තේ
නොදැනීම වැට පැනිලා

බාල අපරාධයක 
නුඹ මාව කොටුකරලා

තණපිස්සේ දුවන්නෙපා
මේසෙන් පනින්නෙපා

පුරු පුරු ගගා දැවටෙන්නෙපා
පෑගුනොත් මම පව්කාරයා

එල්ලෙන්න වැල් නැතිඋනාට
ගහ පුරාම වැල ඉදිලා

බාල අපරාධයක 
නුඹ මාව කොටුකරලා





Wednesday, 8 March 2017

අවසරයි....!!







Baby smiling up at her mother impressionism Mothers children by  Mary Cassatt


අතක්
පයක්
ඇසක්
කණක්

ගෙයක්
දොරක්
ගහක්
කොළක්

නොව මා
දන නවාන
දෑස් වසාන
යදින්නේ

අවසරයි
මා 
යදින්නේ

තව එකම එක
සීතල රැයක්
ඔබතුරුලේ
නිදන්න ආයෙත්

තව එකම
එක වතාවක්
සියුමැලි ඔබ දෙතොලින්
සිඹගන්න
ආදරෙන්
ආඩම්බරෙන්
රැලි නැගෙනා
පටු
නළල් තලය
මගේ





Sunday, 5 March 2017

ක්ලිප්ස්....!






කැමරා සිත්තම සඳූගේ සත්තලං ගේ....!

තදට තදේ
දිගට දිගේ
වෙලුන දඟේ
රැහැන්පොටේ
කිටිකිටියේ
වෙලුන දඟේ
වෙනකෙකුගේ
දෑඟිලිවලට
තදට තදේ
                   මිරිකෙනවානං
                                         අනේ අපි දෙන්නාවම
                                         එකටම මිරිකෙන්නට
          පතමු අහස බලාන
පොඩ්ඩිගේ සුදු නිල්කැට
බේබි සුවඳ ජංගිකොට ටික
ගෙනෙනකන්
ඈ.....!

Saturday, 4 March 2017

හෙඩිමක්..කෝ...?

අබිජා ආබිජා
කමියා..කාමීයා
පැන්නා ..පැන්නා
වතුරට..
දිල් රුබා..
පූල් එක ඉතිරුවා..
මේ වෙනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා..
Mash up...oops
ඔතනින් ඉවරනන්
ටක් ගාලා ඇඳගනින් ඇඳුම් ආ..
ඒ මාතා...කවුද කවුරුද...
මාතලන් මෙයා...ඔව්..
පොකුරුට නොතේරුනාට
නොදැමුවාට කොමෙන්ට් පොකුරු...
විසිරිට තේරේවි...
ලොකුපුතාගේ
පිස්සු ඩොකාගෙ
ඇයි අපේ අටම් අයියාගේ
සතුටට
බාධාවක් වේවිද
මොනාවත්...
අපේ...

ඔබේ...

නිදහසට
හානියක්..


ඔයුරින් ඔයිරේ...

අද හමුවෙමුද අපි..
හෙට හමු වෙමුද අපි...