Saturday 12 May 2018

ටල් අම්මයි අපේ අම්මයි මස් හොද්දයි...!




අපි පුරුදු පුහුනු උන, රස වින්ද දේවල් සමූහයක් අපිට අපේ දෙමව්පියන්ගෙන් දායාද වෙච්ච දේවල් කියලා අපිට තේරුම් යන්නේ හරි අපූරු ක්‍රම වලට...මේත් ඒ වගේ අහිංසක අත්දැකීමක් ගැන කෙටිසටහනක්...!

අපේ තාත්තා, ඒ කියන්නේ රණසිංහ රාළහාමි, අපි පොඩි සංදියේදී බෙල්ල සාක්කුවෙ දාගෙන හැම හැංදෑවෙම ඇසිලින් කුඩම්මාච්චිලාගේ ගේ ගාව වංගුව පහු කොරාන කටුගස් ඇල්ල පාර දිගේ වැනෙන කං මං මග බලාහිටියේ නිකන්ම නෙවෙයි.. රෑට හොඳ මස් හොද්දක් එක්ක බත් ගිලින්න පුලුවන් වෙන නිසා..තාත්තාගේ වම් අතේ ඇඟට තද කරගෙන තඩි බ්‍රවුන් පේපර් බෑග් එකක් පුරෝලා එලොලු එක්ක හැංගිලා හබරල කොලේ ඔතලා තියෙන මස්කුට්ටිය ඩෝප් මරගාතේම එයාම කපලා අම්ම දාලා දෙන තුන පහ බස බස ගාල අතගාලා දුන්නම අම්මා උයන මස් හොද්ද දිව්‍ය රහයි...ඔය මස් කුට්ටිය කිව්වට ඒකේ බ්‍රේස් කටු (තාත්තා එහෙම කිව්වට ඒවා රිබ්ස්) පීකුදු පොඩ්ඩක් එහෙමත් තියෙනවා ඉතිං...! ඒ කාලේ ඉව්වෙ දර ලිපේ..මැටි හට්ටියේ...!

ඔහොම කාල බීලා හැදිච්ච අපිට කෙලෙව්වානේ මේ තලේබාන් බුධු පැටව්..ඔය අනූව දශකයේ ටියුශන් මාස්ටර්ලා ටිකක් පෙව්වා ලමයින්ගෙ ඔලුවලට ඊෂ්වර විංශතියද මොකක්ද අට මගුලක්, ඉතින් කොල්ලො කෙල්ලො මස් නොකා ඉන්න පටන් ගත්තනේ...සිංහලෙන් මස් කියන්නේ හරක් මස් වලට..චිකන් කියන්නේ වෙජිටබල් වගේ එකක්, හාල් මැස්සො ඉස්සො එහෙම නිකන් මුකුනුවැන්න වගේ උන්ට...අනූව දශකයේ ටියුෂන් ගිය අය නොව අද ඉතිං රජ කරන්නේ..නැද්ද..?

මටනං ලෝකේ කොහේ රවුං ගහලා ආවත් මොන ජාතියේ නානාප්‍රකාර කෑම ජාති අනුභව කලත්, හරක් මස් ටිකක් උයාගෙන කනකන් ඉස්පාසුවක් නෑ..ඒ හැටි සහ පුරුද්ද....! තම්බි එක්ක තියෙන ආරෝවට පෝක් කන සිංහලයෙක් නං නෙවෙයි ඕන් මං නං....! ඒ උනාට පෝක් කනව ඉඳලා හිටලා..!

කොහොමෙන් කොහොමහරි මම හරක් මස් හදන්නේ නං අපේ අම්ම හදපු විදියටමයි...ඒ උනාට හරිහමන් මස් කිලෝ එකක් හොයාගන්න එකත් එකතරා විදියක ශාස්ත්‍රයක් වෙලා දැන්...රාජගිරියේ නං ඔබේසේකරපුර පාරේ මැද හරිය තියෙන මස් කඩේ, හැබැයි අර පොල්ගස්මුල්ල හංදියේ තියෙන මස් කඩේ නං නෝ ගුඩ්....තලවතුගොඩ ඉසුරුපාය ගාව තිබ්බ මස් කඩේ ගිය සුමානේ ඉඳන් කොහේ ගියාද නෑ..පන්නිපිටියේ මාකුඹර හංදියට කලියෙන් මහරගම පැත්තට වෙන්න තියෙන මස් කඩෙ ෂෝයි...!

තව කේස් එකක් තියෙනව, ඔය කොළඹ තියෙන මම ඔය උඩින් කිව්ව මස් කඩ බොහෝමයක් මුස්ලිම් එව්වා, ඉතිං හලාල් සීන් එකට තමා අපිට මස් හම්බෙන්නේ..ඒ උනාට වත්තලින් එහා, රාගම, කඳාන, ජාඇල, සීදූව, ලියනගෙමුල්ල, මීගමුව, කොච්චිකඩේ වගේ පැති වල තියෙන්නේ ක්‍රිස්තියානි මස් කඩ..එව්වගේ මස් වල රහ වෙනස් ඉතින් ෂෝක් විදියට...!

ඊයේ මාතර බතූතා පාරේ මුස්ලිම් ගෙවල් අස්සෙන් ගිහින් ගංජා ගන්නව වගේ බෝම අමාරුවෙන් මස් කිලෝ එකක් හොයාගත්ත...! නැත්තං ඉතින් තංගල්ලේ බස්ටෑන්ඩ් එක ගාව මස් කඩේට යන්න ඕනී..දික්වැල්ලේ වීදියේ යෝනකපුරේ මොහොමඩ්ගේ චිකන් කඩෙනුත් මම ගියාම පොඩ්ඩක් ඉන්නය කියලා මස් කිලෝ එකක් ගෙනත් දෙනව ඉතිං...!

රත්නපුරේ නං මාර්කට් එකේ කෙරෝලේ මාලු කඩේට අල්ලපු මස් කඩේ හොඳයි..අනික් කෙලවරේ මස් කඩේට ගියාම..ආ අප්පෝ ..කියලා එහෙන් මෙහෙන් වහලා අමුනපු මස් ටිකක් ඔතලා දෙනව..!

ඇති දැං අරහේ මෙහෙ ගියා...මේ ලියන්න හිතුවෙ අපේ අම්මගේ මස් හොද්ද මම හදන විදිය..අම්මා හැදුවෙත් මෙහෙමමයි, අම්මා අද ගියත් (ගියොත්) හදල දෙන්නෙත් මෙහෙමයි....!

එකක් මතක තියාගන්න, හැමෝටම මස් කඩේකින් නියමාකාරයට මස් ලබා ගන්න බැරි බව..හරිහමන් මස් ටිකක් ගන්න සෑහෙන කාලයක් මස් කඩ මුදලාලි සමග සම්බන්ධකං පවත්තන්න ඕනි..මම කෙටි ක්‍රමයක් හොයාගත්තා, හැබැයි ඒ ක්‍රමේ ටිකාක් වෙන්න එක්ස්පෙන්සිව්..කන බොන වෙලාවට කව්ද ඔව්වා බලන්නේ...!

මෙහෙමයි...!

මට මස් කිලෝ එකක් නම් ඕනි මම කියන්නේ මට මස් කිලෝ දෙකක් දෙන්න කියලා..ඉතිං නාන්නාදුනන මස් මුදලාලි දන්න ජාති දාලා අරහෙන් මෙහෙන් කපලා මස් කිලෝ දෙකක් දෙනවා...කපන කොට මම නෙවෙයි කියන්නෙ ඔය කෑල්ල එපා අර කෑල්ලෙන් දාන්න, තෙල් කෑලි දාන්න එපා වගේ ඕනේ නැති කථා...මුදලාලි අහනවා කටු ඕනිද කියලා..අන්න එතකොට කියන්න ඕනි මට රිබ්ස් වලින් රුපියල් දෙසීයක විතර දෙන්න කියලා..එතකොට මුදලාලි පොඩි හිනාවක් දානවා...සමහර විට ටික දවසක් යාවි ඒ හිනාව දැකගන්න.. ඒ හිනාව ආව දවසෙ ඉඳන් ඔබට හොඳ මස් ලැබේවි...කිලෝ දෙක ගෙදර ගෙනත් අනවශ්‍ය දේවල් අයින් කලාම මස් කිලෝ එකක් හරි ඊට ටිකාක් වැඩියෙන් හරි උයන්න ගන්න පුලුවන්...!

උයන්න ඉස්සරවෙලා පොඩි වැඩ ටිකක් තියෙනව කරන්න.!

මස් අරන් ගෙදර ආව ගමන් රතුලූනු ගෙඩි හයක් හතක්, සුදුලූණු බික් හතරක්, අමු මිරිස් කරල් හයක්, සේර ගහක්, රම්පා ඉත්තක්, ඉඟුරු අඟලක විතර කෑල්ලක්, කරපිංචා ඉති දෙකක්, දෙහි ගෙඩි තුනක්, ලොකු අර්තාපල් අලයක්, වතුර තියෙන භාජනයකට දාන්න...ඒ පෙඟෙන්න,දෙහි පෙඟෙන්න ඕනි නෑ, ඒ උනාට දාන්නකෝ....!

ඊලඟට මස් ටික කටු වෙනමයි මස්වෙනමයි අරන් ලොකු කෑල්ල පිටින් හෝදන්න..කටු වෙනම හොඳට හෝදලා උයන භාජනයට දාන්න..ඊටපස්සෙ මස් ටික කපන්න...කපනකොට එකම හැඩේට නොහිටින්න එක එක හැඩ වලට හැබැයි හතරැස් කියුබ්ස් වගේ නොහිටින්න, පිරමිඩ් වගේ හැඩේ හිටින්න කපන්න බලන්න...එහෙම තමයි... කරන ඕන මගුලක් ආදරෙන් ආසවෙන් කරන්න ඕනි හරිය...කපලා ඉවර උන මස් ටික තව එක පාරක් හොඳට හෝදලා අර කටු ටික දාපු මස් උයන භාජනේටම දාන්න..මම නම් පාවිච්චි කරන්නේ මැටි හට්ටි..පුරුද්ද...!!

දැන් අර වතුරට දාපු රතුලූනු, සුදුලූනු, අලගෙඩිය එහෙම සුද්ද කරල අරගෙන අලගෙඩිය අටකට කපලා, ලූනු ලියලා, සුදු ලූනූ, ඉඟුරු, සේර, කරපින්චා රම්පේ ඔක්කොම කපලා මස් වලට එකතු කරන්න...ඒකටම අඟලක විතර කුරුඳු කෑල්ලක් අතින් පොඩි කරලා දාන්න, උලුහාල් තේ හැන්දකින් භාගයක්, එනසල් ඇට තුනක්, කරාබු නැට්ටක්, අබ කුඩු තේ හැඳි බාගයක්, කහ කුඩු තේහැඳි බාගයක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක් සහ ලුනු තේ හැඳි දෙකක් එකතු කරන්න...ඊට පස්සේ අර දෙහි ගෙඩි තුන කපලා, මස් එක උඩට මිරිකලා හොඳින් අනාගන්න...!

අනපු මස් භාජනේ පැත්තකින් තියලා, පොඩි සාස්පානක් ලිපේ තියලා කොත්තමල්ලි මේස හැන්දක් දාලා පුච්චගන්නේ නැතුව බැදගන්න..!

ඊට පස්සේ සූදුරු තේ හැන්දකුයි මාදුරු ඇට දහයක් විතරයි ,ගම්මිරිස් ඇට දහයක්, කරපිංචා කොල දෙකතුනක් හීනියට කඩලා ඒ වගේම බැදගන්න...ඒ බැදගත්ත දේවල් ගර්යින්ඩර් එකට දාන්න, මිරිස් කුඩු මේස හැඳි හතරක් අර සාස්පානෙම පුච්චගන්නේ නැතුව බැදගෙන ඒවත් ග්‍රයින්ඩර් එකට දාලා හොඳට කුඩු වෙනකන් අඹරගෙන මස් වලට එකතු කරගන්න, ඊට පස්සෙ බැදපු නැති මිරිස් තේ හැන්දකුත් මස් එකට එකතු කරලා,  අපේ තාත්තා අනනවා වගේ හොඳට අනලා පැත්තකින් අරන් තියන්න..!

දැන් හොඳ ලොකු පොල් ගෙඩියක් අරන් කාට හරි කියලා ගා ගන්න....:)..මොනා කලත් මට පොල් නං ගාන්න බැරිය...දැන් ගාපු පොල් ටික බ්ලෙන්ඩර් කරගෙන, මිටි කිරියි දිය කිරියි හදාගෙන කිරි ජාති දෙකම එක පාරට මස් භාජනේට එකතු කරලා හොඳට හැඳිගාලා ලිපේ තියන්න....!

ඉස්සරවෙලා විනාඩි දහයක් විතර වැඩි ගින්නේ ඉදෙන්න ඇරලා, බොස බොස ගාලා හොද්ද පැහීගෙන එනකොට මද ගින්නට අඩු කරලා තව විනාඩි වීස්සක් විතර ඉදෙන්න අරින්න..ඊට පස්සේ හොඳටම ගින්දර අඩු කරලා තෙල් පෑදිලා හොද්ද බොර වෙනකන් තියලා බාගන්න...!

ඔය මස් හොද්ද බත් එක්කත්, රොටී එක්කත්, පාන් එක්කත් කන්න ඇහැකි..අද රෑ උයපු මස් හොද්ද හෙට දවල්ට තමා ඉතින් රහම....!

මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ ඔය කියපු විදියට මස් හොද්ද හදලා කැමට දුන්නම අපේ බ්ලොග් මස්තාන්, අටම් අයියා කියපි,  ටල් අම්මගේ මස් හොද්ද කෑවාට පස්සෙ මස් හොද්දක් කෑවෙ අද අයියේ කියලා...!

ඉතින් කව්ද මේ ටල් අම්මා.....!

අටමා කියන්නේ මෙන්න මෙහෙම....!

ඕක  මතක  නැද්ද හත් දෙයියනේ  , ටල්  අම්මා ගුනරත්න ගොයියගේ  අඹුව  , සීකුදුමරික්කාර්ගේ   ගෝලයගේ  ගෑණී  ,   සීකුදු මරික්කාර්  ජේ ආර්ගේ    බාප්පගේ පුතා  ,  ඌගේ  හොදම  ගෝලයගේ   ලොකු  කෙල්ල  අපේ  අම්මාඅපේ  අම්මගේ  .........  තාත්ත  ගූණරත්න බාසුන්නැහේ  ,..  එයාගේ  පවුල  පියසීලි   හාමිනේ  ........ එ් ඇවිල්ලා  කේ  , වී  රත්නපාලගේ  ගෑණිගේ  අම්මා  , කේවී රත්න පාලගේ ගෑණි  තමයි  චන්දාවති  ...... අන්න  එයාගේ  අම්මා ගේ  බාල මල්ලි  .......  ටල්ලා  ........  ටල්ලගේ  අම්මා ......... තමයි .............  අපිට  ......... ටල්අම්මා උනේ.....!

ජයවේවා....!

ප.ලි. 
අත්ගුනේ කියල දේකුත් තියෙනවනෙ..ඒක පුරුද්දෙන් එන දෙයක්..ඉතිං ඔය තේ හැඳි  මේස හැඳි වගේ ප්‍රමාන දාන එක මැනැලා කිරලා කරනකොට එන රහයි, අතේ පුරුද්දට වැටෙන ප්‍රමානයි අනුව ටල් අම්මගේ සහ අපේ අම්මගේ මස් හොද්දේ රහට කිට්ටුවෙන එක හරි ඈත්වෙන එක හරි වේවී...!
ආ...තව දෙයක් අර බ්ලොග් පත්තරයක් කරන මාතලන් එහෙම කෑමට එනව නං ලුණු වැඩියෙන් දාන්න...එයා හම්බන්තොට ලේවාය ගාව ගොඩාක් කල් ඉඳලා තියෙන්නේ..!

53 comments:

  1. අපිත් ගෙදර බීෆ් පෝක් දෙකම උයන ලංකාවේ දුර්ලභ පවුලක් ඇත්තෙන්ම ලංකාවෙ ඔය කියන බැරෑරුම් මන්දපෝෂණය නැතිකරගන්නටත් හොඳම විසදුම බීෆ්

    ReplyDelete
    Replies
    1. අනූව දශකයේ තරුණ හිත්වලට අනවශ්‍ය ලෙස කෑ වැද්දූ මනස්ගාත නිසා අද ආසියාවේ මන්දපෝෂණයෙන් පෙලෙන නොම්මර එකේ රට වෙලා තියෙන්නේ නිකම්ම නෙවෙයි..ගොඩාක් අය නොදන්න තව දෙයක් තමා කිරිගොවියා ඉතා අන්ත අසරණ තත්වයකට පත්වෙලා තියෙනව මස් වෙළඳාමට ලයිසන් නොදීම නිසා...!
      කාට කියන්නද...!

      Delete
  2. මේක කියෙව්වම ඉතින් නොකන මසුත් කන්නම නොවැ හිතෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. මාගේ ඒකායන ප්‍රාර්ථනයද එයමය....!

      Delete
  3. ‌ඔය ක්‍රමයට බැටළුවා හදල බලන්නම්.

    ReplyDelete
    Replies
    1. බැටලුවා හදනකොට එකම වෙනස තමා තෙල් ටිකක් ලිපේ තියලා තුනපහ වැදුන මස් ටික තෙලේ තැම්බෙන්න ඇරලා ඊට පස්සේ පොල් කිරි ටික දාන එක....හදල බලන්නකෝ...!👍

      Delete
  4. මස් කන්ඩ ආසයි , අපායෙ යයි කියල බයයි.

    ReplyDelete
    Replies
    1. අපායේ යන්නේ මැරුනාම නේද..? ඒ නිසා කාලම මැරෙන්නකෝ....😂

      Delete
  5. මස් හබරල කොලයේ එතුවහමත් මොනවහරි මගුලක් වෙනවා .... දැං වගේ නෙමෙයි .. ඉස්සර මස් ඇරං ගෙදර එනකොට පැයක් දෙකක් යනවා ....එතකොට ඉතින් හබරල කොලයේ තියන මොනවාහරි හින්දා මස්වලට මොනවහරි වෙනවා ... හරක්මස් ටිකක් හබරල කොලයක ඔතලා තියලා බලපල්ලා ........ අනික තමයි දැං හරක් කන්නේ ජරාව ...

    ඌරු මස් ගන්ඩ ගියහම හරක් මස් ගන්ඩ ගියහම කවදාවත් අර කෑල්ල මේ කෑල්ල ඉල්ලන්ඩ එපා ...

    හොරෙක් වංචාකාරයෙක් දිහා බලනවා වාගේ ඌ දිහා බලන්ඩ එපා

    ඌ එක්ක වැඩිය කතා කරන්ඩත් එපා

    අපට අවශ්‍ය ප්‍රමානයට වඩා හැමවෙලේම මිලදි ගන්ඩ ඕන

    ටික දවසක් යනකොට ඌම කතා කරන්ඩ ගන්නවා ... වෙනදට එන්නේ සෙනසුරාදටනේ මම මහත්තයට අහවල් කෑල්ල අරං තිබ්බා කියනවා .... ඊයේ මස් උනාට බය නැව ඒක ගන්ඩ ... ඒ කෑල්ල තමයි ඊයේ හරකගේ හොදම කෑල්ල .... ගෙනාපු ගමං කපලා ෆිජ් එකට අරින්නේ

    ඔහොම ටික දවසක් යනකොට 250g ගත්තත් හොදම මස් ලැබෙනවා

    මස්කඩකාරයෝ තමයි මුදලාලිලාගෙන් හොදම අය

    තම්බින්ට මේ කිසිවක් අදාල නොවේ

    ReplyDelete
    Replies
    1. උඹයි මායි එකට අත්දැක්ක දේවල්නේ බං...රාගම මස්කඩේ කථා නොකරන බුවා පවා අපිට හොඳ කෑල්ලක් දෙනවනේ බං...!

      Delete
    2. හබරල කොලේ කතාවත් ඇත්ත වෙන්න ඕනි..ඒකෙන් හොඳට සීල් වෙනව වගේ උනාට පොලිතීන්, පත්තර වගේ නෙවෙයි මොකක් හරි කෙමිකල් රිඇක්ශන් එකකුත් ඇති...ලොකු කොලයක් නිසා පාවිච්චි කරන්න පටන් ගන්න ඇත්තේ ඒත් තව මොනාහරිත් වෙනව...අනික ස්ලෝටරින් මෙතඩ් එකටත් වඩා මස් වලට හරක් වෑන්වල ලොරි වල හොරෙන් කුදලගෙන යන ක්‍රමේ නිසාත් ටොක්සින්ස් ඇතිවෙනව ඇති මස් වල...ඇබටර්ස් වල ඔයිට වඩා හියුමේන් ක්‍රමවලට තමා හරකෙක්ව මස් කරන්නේ...!

      Delete
    3. සමහරවිට පරණ වුන මස් හොඳයි කියනවනෙ. Beef ageing. එන්සයිම් ක්‍රියාකාරීත්වය නිසා
      https://en.wikipedia.org/wiki/Beef_aging

      Delete
  6. ඕක අපි කරන්න ගියාට හරියන එකක් නෑ. අර සත්තපුරේ පැත්තෙ හෝටලයක් තියේලු ඔය විදියට මස් කන්න ඕන අයට. හැක්..

    ReplyDelete
    Replies
    1. එතන මම උයන දවසට වරෙන් ඉතින්...කම්මැලිකම ....!

      Delete
  7. ඉස්සර අපි ඉරිදට පල්ලි ඉවර වෙලා කෙලින්ම යන්නෙ මස් කඩේට. මස් අරගෙන තමා ගෙදර යන්නේ... ඉරිදට හරක් මස් අනිවාර්යයි... කුකුල් මස් කන්නෙ ඉතින් ලොකු පාටියක් වගේ එකක් දවසට තමා..

    හැබැයි සීයලෑ ගෙදර ගියාම හරක් මස් නෑ.. එහෙ හරක්ට වදින්නැති ටික විතරයි..හරක් මස් ගෙනාපුවම උන් අඬනවා කියලා ගේ හරියට ගේන්නෙ නෑ..

    පස්සෙ පස්සේ මට හරක් මස් කන්න බැරුව ගියා, බඩේ රුජාවක් අල්ලන්න ගත්තා නොදැන මස් හොදි ටිකක් කැවුනත්... පෝලිමේ ඉඳලා හරක් මස් අරන් ඇවිත් කාපු අපිටත් එහෙම වුනා කිව්වම ඉතින්...පස්සෙ පස්සේ මස් කෑම කුකුල් මස් වලට විතරක්ම සීමා වුනා.. දැන්නම් කන්න පුළුවන් ඒත් එලවලා ගිහින් හරක් මස් ටිකක් කන්න කියලා විශේෂ ආසාවක් නෑ...

    ReplyDelete
    Replies
    1. අපි රට ඇතුලේ, මූදුකරෙන් එහා හැදුනේ වැඩුනේ..ඉතිං අලුත් මාලු නෑ..බෞද්ධයන් උනාට ඒ දවස්වල හැමෝම මස් කෑවා..කුකුලෙක් ගෙදර මරාගෙන කෑවා උත්සව වෙලාවල් වල...ආතා ගොඩාක් නාකි වෙලා සිල් ගන්න ලෙවල් එකට ආවාම ඕන් උම්බල්කඩවත් නොකා හිටියා..ආතලගේ ගෙදර හතලිහක කිරිපට්ටියක් හිටියත් මස් කනව කියන එක බෝම නෝමල් දෙයක් උනා...!
      දැන් ඒ වගේ නෙවෙයි...මම දන්න බොහොම ටික දෙනයි බීෆ් කන්නේ..ඒ උනාට පෝක් නං ගොඩාක් අය කනවා..කිරිඅම්මය කිව්වට එකෙක්වත් ෆ්‍රෙශ් මිල්ක් බොන්නේ නෑ..කිරිපිටි රොඩු බොන්නේ..ඔලුවලට වද්දපු බොරු ආකල්ප..හැබැයි සෙන්නාට වගේ ඇඟට අජීර්ණ නිසා ඈත්වෙන එක වෙනම දෙයක්..හිතට අජීර්ණ වෙන එක තමා කචල් එක...!

      Delete
  8. මොන සෙල්ලම් දැම්මත් පදමට ලුනු ටික නැහ්නන් ඕනම කෑමක් කෑම බොරු..

    හැබයි මම හිතන්නේ මාතලන් හම්බ උනයින් පස්සෙ ඔහේගේ කෑම වල දැන් නම් නියම ලුනු රස තියෙනවා.. ඕක මම ඔහේට කිව්වේ නැතිව... මාර රහයි ඕයි කියලා කාලා ගියා නම්, අදටත්... කාලා ගිහින්... මොනාද බං අර යකා හදන කෑම... පුකේ චෙෆ්.. මෙලෝ රහක් කියලා අදත් අහ ගන්නවා...

    දැන් වෙන දෙයක්...
    අපි දේකට පුරුදු උනාම ඒක අත් අරින්න අමාරුයි...
    අපේ අම්මගෙත් කෑම නොම්මර එකයි..
    ඒත් මම කාපු හොඳම හරක් මස් කරිය කෑවේ යාලුවෙක්ගේ ගෙදරදි..
    එයාගේ හාමිනා තමයි කුක්.. හැබයි එයත් දකුණේ..
    එයා ඕකට මී කිරී දානවා...
    මේක ඉතින් එතිකලි ගත්තොත් කෙලිනම අපායෙ යන වැඩක්..
    අපායේ ගියත් මොකෑ අප්පා මෙහේ දිවිය සැප විඳලා

    පෝඩ්ඩක් දාලා බලහන්කෝ රස...

    ReplyDelete
    Replies
    1. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_72.html

      Delete
    2. තැන්කූ මචෝ එදා දුන් අවවාදෙට..!

      මීකිරි දැමීම ටිකක් අන් එතිකල් නේන්නං අපිට...ඒ උනාට හරක්මස් කාපු දාට මුදෝපු කිරි කන්න දෙන්නේ නෑ ඒ දවස්වල අපේ අම්මත්..දිරවන්නේ නෑය කියලයි ඉතිං කියන්නේ...!

      බුරියානිවලට චිකන් මැරිනේට් කරන්න නං මීකිරි ගන්නව මම..වෙලාවක බීෆ් වලටත් දාලා බලමු, හැබැයි දෙහි අඩුකරන්න වේවි..!
      👍

      Delete
  9. බලු මස් කෑ නොහැක උන් පොඩි කාලේ ඉදන් අති කරපු නිසා.
    හරක් මස් කෑ නොහැක උන් පොඩි කාලේ බලාගත් නිසා. පව් හින්දවත් ටුයුෂන් කාරයො හින්දවත් නම් නෙමෙයි
    ඒ ඇර අනිත් ඕනි ලබ්බක් කනව මම ආසම තාත්ත හදන උෟරු මස් කරියට මාස දෙකකට කලින් ඒ පින නැති උනා අදටත් ගෙදර යද්දි උෟරු මස් ටිකක් එක්ක ලයන් ලාගර් එකක් තමා

    ReplyDelete
    Replies
    1. ඌරුමසුත් මරු...පොල්කිරියි, දෙහියි වෙනුවට වතුරයි පදමට ගොරකයි ගත්තම ඔය උඩින් කියල තියෙන විදියටම ඌරත් රසට හදතෑකී..කලුපොල් හදා ගන්නත් පුලුවන්...😂

      Delete
    2. ටයි එකක් දෙන්ට ඕනාා

      Delete
  10. මස් කෑල්ලක් කන්න පින නැති උනා මේ මුස්ලිම් මඟුලක් නිසා. ඉස්සර නං අපේ ගෙවල්වල මස් ම තමා. කුකුල් මස් දකින්නවත් තිබ්බෙ නෑ. ඒක ඉස්සරහ කෑමක්. දැන් මස් කෑල්ලක් ගන්න හතර අතේ දුවන්න වෙනවනෙ.

    ඒක නෙවෙයි දන්නැති හින්දයි අහන්නෙ. ඔය හලාල් මස්වලයි කතෝලිකයො විකුණන මස්වලයි තියෙන වෙනස මොකක්ද හැබෑටම?

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියටනං හලාල් සිස්ටම් එකේදී ලේ ඔක්කොම යන්න අරිනවා...ඒ නිසා වෙන්නැති රස වෙනස්...!

      Delete
    2. https://en.wikipedia.org/wiki/Dhabihah
      ලේ ඔක්කොමම යවන්නෙ නෑ මං හිතන්නෙ.

      ඔලුවට බෝල්ට් ගන් එකකින් වගේ ස්ටන් කරන ක්‍රමයට වඩා හලාල් ක්‍රමය වේදනාකාරීයි.

      තම්බියි, බුද්දාගමයි අරකයි මේකයි නෙමෙයි. සතුන් අපේ කෑමට මරණ එක යථාර්ථයක් නිසා නවීන ඝාතක ක්‍රමවලින් කරනව නම් හොඳයි. පිං පව් හින්ද නෙමෙයි. මස් අවශ්‍ය දෙයක්. එය අනවශ්‍ය කෲරත්වයක් නැතුව වේදනා අවමයෙන් (තොරව නෙමෙයි අවමව ) කරන එක.

      https://www.gpo.gov/fdsys/pkg/CFR-2000-title9-vol2/pdf/CFR-2000-title9-vol2-part313.pdf

      Delete
  11. බලන විටදි මේ ලිපියෙත් රහ රැඳිලා
    තියෙන නිසා එන්නෙමි මේ ලෙස දුවලා
    කපන මාලු මිරිසුත් තක්කලි යොදලා
    හදන විටදි රස එයි තව තව වැඩිලා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී බීෆ් ඩෙවල් එකක්ද හදන්නේ තක්කලි මාලුමිරිස් කපල දාලා....?
      කොහොමත් රසයි කවි පද....👍

      Delete
  12. යකඩෝ, ගොඩක් පරක්කු වෙලා නොවැ...

    මම නම් හරක් මස් කටේ තියන්නේ නැහැ, ඌරු මස් ඊට එහා, වල් ඌරා ගන්නම දෙයක් නැහැ (ෆ්‍රිජ් එකේනම් ටිකක් තිබ්බ එහා ගෙදර බල්ලට ගහන්න ගෙනාපුවා)
    මටනම් ඔය කොයිකටත් ළාවට විනාකිරි සුට්ටක්, සුදු ලුණු ගමකට, මිරිස් අඩු කරලා ගමමිරිස් වැඩිපුර නැත්තන් නිකං මොකක්ද මොකක්ද වගේ...
    තුනහප එක්ක තරහ වෙලා කොත්තමල්ලි කුඩු එක්ක යාලු වෙන්න ඕනේ...

    පොල් කිරිනම් ඕනෙම නැහැ, ෆ්‍රෙෂ් මිල්ක් හෙමත් නැත්තන් ඇල් වතුරත් මසුරන් වෙලාවකට...

    දැනට පොදුවේ කන උන්ගෙන් කාල නැත්තේ කිඹුල්, තලගොයි, වඳුරු, රිලා, කචල් කුකුල් සහ මොණර පමණයි...

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා මොණර මස් කන්න,වෙන සයිස් එකක් තියෙන්නේ...මුන් එක්ක මොකුත් තියාගන්න බෑ...Hatsan BT65 -Elite එක ඕඩර් කරහන්...sight එකත් එක්කම හොඳේ...!

      Delete
    2. ඒක මගේ එක හීනයක් අෆ්ෆා...
      ඕකට හුළං ගහන්න ස්කුබා ටැංකියක් හරි බයිසිකල් පොම්පයක් වගේ එකක් හරි ඕනේ...
      බයිසි පොම්පේ ගණන්, එක පාරක් පුරවන්න 160 පාරක් වගේ ගහන්නත් ඕනේ...
      හැබැයි ඇඟට හොඳ එක්සර්සයිස් එක...
      ස්කුබා ටැංකිනම් ඔය පළාතේ හොයාගන්න ලේසි ඇති...

      Delete
    3. හෙහ්.. අද ලොක්කගේ කෝල් එකේ අග මුල තේරුනේ දැන්නේ.. හෙහ්..

      Delete
  13. අටමා ආච්චිට හදුන්වා දෙන්න ගිහින් තියන වටයක්!

    ReplyDelete
    Replies
    1. ඔය හොඳයි...එයා මෙගා නාට්ටි කෲ එකකනේ ප්‍රොෆෙශනලි වැඩකලේ..!

      Delete
  14. පොඩි කාලේ ගලේ තුනපහ මිරිස් අඹරලා මැටි හට්ටියේ අම්මා හරක් මස් උයන කොට හතර වටේටම සුවඳ ගහනවා...දැන් ඒක සිහිනෙන්ගෑ සුවඳක් විතරයි. දැන් මස්වල මෙලෝ රහක්වත් සුවඳක්වත් නැත.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතු ගොඩාක් හෑව්..වෙට් ග්‍රයින්ඩින් කරල මිරිස් තුනපහේ දාලා, දර ලිපේ මැටිහට්ටියේ ඉව්වම ඒවි රස..😂

      Delete
  15. අම්මෝ.. මේ වැස්ස වෙලාවේ දුම් දම දමා ඔහොම බීෆ් කරියක් දෙසා බාන්න තියේ නම්!!!

    ReplyDelete
    Replies
    1. මම මේ බීෆ් කොත්තුවක් හදන ගමන්...ඕල්ඩ් ඇරැක් උත්ප්‍රේරකයක් සමග...වැස්සට කියාපු ඖසදේ....!!

      Delete
  16. ඇත්තටම අපි පොඩි කාලේ ඔය මස් කෑම ගැන ඒ හැටි අවුලක් තිබ්බේ නෑනේ.. අර නිහාල් නෙල්සන් ගේ සිංදුව තමා උපරිම තිබ්බේ.. වෙන කිසි කතා බහක් මතක නම් නෑ..

    අපේ තාත්තත් මරුවට මස් උයන්න දන්නවා. තාත්තා නැති වුනාට පස්සේ අම්ම හරක් මස්, උරු මස් ගෙදර ඉව්වේ නෑ.. දිගටම කුකුලා තමා. හැබැයි මම ලංකාවට යන හැම සැරේකම නියම රසට ඌරු මස් නම් කනවා.

    ReplyDelete
  17. පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? ඔබේ දරුවනුත් මේ වගේ දක්ෂයන් කරන්න ආසයි නේද. එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

    උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

    ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

    ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

    පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

    ReplyDelete
  18. උදේම කටට කෙල ආව බං
    පෝක් ස්ටූනම් හා අම්මේ !!

    ReplyDelete
  19. මස් කැල්ල කපන්න කලින් පොඩ්ඩක් තලන්න මම නම් කරන්නේ පිහි මිටෙන් ඊලගට ගැරුපුවකිනුත් චුට්ටක් අනිනවා..එතකොට හොදට පහේ රස අල්ලනවා..

    පෝක් නම් තෙල් කෑලි අනිවාර්යෙන් තලා ගන්න ඕනි..

    යෙදගත්ත මස් ටික ඇතිලියට දන්නා කලින් තෙල් චුට්ටක් දාල තලගත්ත ඉගුරු සුදුලුනු පොඩ්ඩක් දාල තමා මම දන්නේ..

    කඩෙන් කනවට වඩා හදන් කනකොට රස වැඩි..

    ReplyDelete
    Replies
    1. මම ස්ටේක් හදනකොට නං මස් තලලා තමා සීසන් කරන්නේ...මේකත් කරල බලන්න ඕනී..
      පෝක් වල තෙල් උඩින් තියෙන හීනි හයිය හම ඉවත්කලාමත් කනකොට හොඳයි...👍

      Delete
  20. ඒ කාලේ හැම සතියකම අපේ තාත්තා අනිවා මස් ගේනවා. අපේ ගෙදර කන්නේ මමයි තාත්තයි අයියයි විතරයි. මට මතකයි අපි පොඩි කාලේ ඉස්කෝලෙත් සතියට දවස් දෙකක් ද කොහෙද දුන්නා. දැන්නම් අවුරුදු ගානකින් නැතුව ඇති. ඉස්කෝලේ. මංනම් තාම කනවා. දැනටත් නිතර ගෙදරට නොගෙනාවත් මං ගෙදර එනව කියල කිව්වම කොයි ලෝකෙන් හරි අරං ඇවිත් හදනව. තාත්ත තමා මස් ජාති ගෙනාවම කපන්නේ. අම්මයි පහේ ඒදන්නෙ. පොල් කිරි දානවනම් දැකල නෑ. දවසක ගෙදර ගියහම මේ විදිහටත් හදවගෙන කන්නෝනෙ. නැත්නම් රත්නපුරේ ආවොත් අර හෝටලේටවත් එන්නම්.

    ReplyDelete
    Replies
    1. පොල්කිරි දාන එක අපේ අම්මගෙන් පුරුදුවුන දෙයක්...!
      එන්න එන්න ..ආවම හදල දෙන්නං..හැබැයි මං ඉන්න වෙලාවක් එන්න...😂

      Delete
  21. හරක් මස් සහ ඌරු මස් රසවත් කෑම...
    ප්‍රොමෝට් කල යුතුය....

    ලඟදිම ඔහෙගෙ රෙසිපිය ට්‍රයි කොරමි හිටං

    ReplyDelete
    Replies
    1. කොහොමත් හිටගෙන තමා උයන්න වෙන්නේ...වෙලාවක එකතු වී රසවිඳීමටත් කැමැත්තෙමි...!

      Delete
  22. කටට නොනවත්වා කෙල උනනවා හිටං. මක්ක හරි ළඟදීම සෙට් කරන්න වෙයි හිටං..

    ReplyDelete
  23. මස් ටිකක් ගෙනැත් උයා ගන්න හදනකොටනේ මේ ලිපිය දැක්කේ වලාමේ😋😋😋යමි යමි බලමු මේ ක්‍රමේට කාලා ගෙදර උන්දා මොනා කියයිද කියලා...........

    ReplyDelete
  24. කියවගෙන යද්දිම කටට කෙළ උනනවා
    👍👍

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....